සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


෴ Right Click Menu එකට කැමති Shortcut එකක් හෝ Programme එකක් දා ගමු ෴ [ How To Add Shortcuts Or Programmes To Right Click Menu. ]

සුභ දවසක් කස්ටියටම !!!
මම අදත් ඔන්න එල trick එකක් අරගෙන ඔයාල බලන්න ආවා. අද මම කියලා දෙන්නේ, windows 7 වල Right Click එකට, තමන් කැමති Program එකක් add කරගන්නා විදියයි. හරි හරි.. අනංමනං ඕන නෑ...කෙලින්ම වැඩේට බහිමු.



ගොඩක් කස්ටිය තමන් භාවිතා කරන Software හැම එකක්ම වගේ Shortcuts කරගෙන තියාගෙන ඉන්නේ
Desktop එකේ. සමහර අය task-bar එකේ Pin කරගෙන ඉන්නවා. මට නම් සේරම Icons, Desktop එකේ තියෙන කොට ෆට්ට චාටර්...
මගේ Desktop එකේ නම් මුකුත් නැහැ. කස්ටිය ඉතින් සමහර විට මගේ Desktop එක දැකලත් ඇති.
උඩ තිබුණු පින්තූරය දැක්කනේ ?? ඒකේ තියෙන විදියට ඕනෑම විදියටකට ඕනෑම Program එකක්  Add කරගන්න පුළුවන්.
මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ.....

1. මුලින්ම Windows Registry එක Open කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි. Run එක open කරලා (System key + r) Regedit කියල type කරලා OK කරන්න. එතකොට මෙන්න මේ වගේ එකක් එනවා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. දැන් උඩ තියෙන Edit කියන එක උඩ Click කරලා Find කියන එකට යන්න. ඒකේ DesktopBackground කියල type කරලා, ඊට පස්සේ Find Next කියන එක ඔබන්න. දැන් ටික වෙලාවක් Search වුනාට පස්සේ මෙහෙම එකක් එයි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊළගට ඔයාල මේකේ DesktopBackground කියන එක උඩ Double Click කරලා, Shell කියන එක උඩත් Double Click කරන්න. පේනවද ඔයාලට අර Right Click Menu එකේ තියෙන Display, Gadgets, personalize කියන එව්වා ටික. ඔන්න දැන් අපි යන්නේ අපේම එකක් හදාගන්න.

3. මුලින්ම Shell කියන එක උඩ Right Click කරලා,  New එකෙන් Key කියන එක දෙන්න. දැන් ඒක, ඔයා දාන්න යන Program එකේ නමෙන් rename කරන්න. අපි හිතමු Google Chrome එක කියල. මම type කරනවා Google Chrome කියල. ඔයාලා කැමති නමක් type කළාට අවුලක් නෑ.

4. දැන් අපි අර  rename කරපු  Google Chrome එක උඩ Right Click කරලා New එකෙන් Key කියන දෙන්න ඕන. එතකොට තවත් folder එකක් හැදෙනවා. ඒකේ නම අනිවා Command කියල type කරන්න.
දැන් ඔයා,  Command කියන folder එක Select කරගෙන ඉන්නේ. දැන් දකුණු පැත්තේ තියෙන (default) කියන එක උඩ Double Click කරලා open කරගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. දැන් ඔය open වුන එකට දෙන්න ඕන, Open වෙන්න ඕන Program එකේ Path එක. මම Add කරගන්නේ Chrome එකනේ. ඒ නිසා, ඒකේ path එක මම ගන්නේ Google Chrome Icon එක උඩ Right Click Properties ගිහින්.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ තියෙන්නේ Google Chrome Icon එක උඩ Right Click කරලා Properties ගියහම එන එක.
මේකේ Target කියන එක යටතේ තියෙන එක copy කරගෙන, Copy කරගත්ත එක අර path එක දෙන්න ඕන තැනට Paste කරනවා. කරගත්තා නම් OK කරන්න.

6. ඊට පස්සේ, Google Chrome Folder එක උඩ Click කරන්න. ඒක උඩ Click කරලා එහා
පැත්තේ හිස් ව තියෙන තැනක Right Click කරලා, New එකෙන් String Value කියන එක දෙන්න. ඊට පස්සේ ඒක නම් කරගන්න Icon කියල. ඒ විදියටම තව එකක් හදාගන්න. ඒක නම් කරගන්න Position කියල. මතක තියාගන්න, මේ දෙක ම හදන්නේ Google Chrome එක උඩ Click කරලා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් දෙකම හදලා ඉවර නම් Position කියන එක Double Click කරලා open කරගන්න. ඒකේ value data කියන තැනට, Top , Bottom, Middle කියන ඒවායින් කැමති එකක් type කරන්න. Top කියල type කලොත් Shortcut එක Right Click Menu එකේ උඩටම එනවා, Bottom කියල type කලොත් යටටම යනවා, Middle කියල type කලොත් මැද තියෙනවා.
Icon කියන එක open කරලා ඔයාට ඕන කරන Icon එක තියෙන Path එක දෙන්න. Chrome එකේ පාත් එකම දුන්නත් අවුලක් නෑ. එහෙම නැත්තම්, ඔයාල කැමති icon එකක path එකක්, එතනට දෙන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. ඔය ටික හරියට කළා නම්, දැන් ඕක close කරලා desktop එකේ right click කරලා බලන්න හරිද කියලා....
මේ ක්‍රමය අනුගමනය කරලා තව ඔයාලට කැමති තරමක් Programs Add කරගන්න පුළුවන්. අවුලක් එහෙම තියෙනවා නම් comment එකක් දාන්න. නැත්තම් මාව Facebook එකෙන් contact කරගන්න.
මම ....:::: V-­sɧⱳą ⱣɍąßɧąƮɧɨyą ::::.....

එහෙනම් මම ගියා..... ආයෙත් දවසක තවත් අලුත් දෙයක් සමගින් හමුවෙමු !!!

0 Comments:

Tweet Now !!