සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Showing posts with label Computer Technology Lessons.. Show all posts

Unity 3D

0 Comments
Image result for unity






මම අද ඔයාලට දෙන්නේ Unity....Download කරගන්න තැනක් ඔන්න යට තියනවා....

Read More »

ලැප්ටොප් එකක් මිළදි ගෙන , ඇනගන්න කලින් , අනිවාරේන්ම මේක කියවල බලන්න. [ How To Buy A Good Quality Right Laptop. ]

1 Comments

අද අපි කතා කරන්නේ , අපේ එදිනෙදා ජිවිතේදි අපේ ලගින්ම තියේන උපාංගයක් ගැනයි. ඒ වෙන මුකුත් නෙමේ ලැප්ටොප් පරිගණක ගැනයි. දැන් වෙද්දි ලැප්ටොප් පරිගණක වල තමයි බෝහෝ දුරට , අපේ සියලුම වැදගත් දේවල් ගබඩා කරල තියාගන්නේ , අපේ එදිනෙදා වැඩ කරගන්නේ.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් එකට අදාල සියල්ලම අපට කියල දුන්නේ Kuppiya.lk එකේ kuppiya transporter අයියයි. ඒ නිසා , kuppiya transporter අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

ඊයේ දිනයේදි Maleesha Weerasekara කියන සහෝ , Seven Net එකේ කතෘ කෙනෙක් විධියට එකතු වුනා. Maleeshaටත් සුභ පතන ගමන් , අපි පොස්ට් එක ගැන බලමු.

නමුත් , අපේ වැදගත් සියලුම දේවල් තියේන ලැප්ටෝප් එකක් හදිස්සියේවත් කැඩුනෝත් , ඒක අපට ගොඩාක් ලොකු පාඩුවක්. නැවතත් ලැප්ටොප් එක හදා ගන්න පුලුවන් වෙවි. නමුත් එකටත් යම්කිසි කාලයක් යනව. ඉතින් යම්කිසි කාලයක් යනව කියන්නේත් , ඒකත් අපට වෙන පාඩුවක්. ඊලගට හදන්න මුදල් වැය වෙනව කියන්නේත් , අපට සිදුවෙන පාඩුවක්. 

* ඒ වගේම , ලැප්ටොප් වල එන ලෙඩ ගැන හිතල බලන්න. 

1. ලැප් එක සැහෙන්න රත් වෙන්න පුලුවන්.
2. ලැප් එකේ DVD එක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.
3. ලැප් එකේ සමහර Keys වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.
4. ලැප් එකේ Sound එන්නේ නැ චර චර ගානවා. 
5. ඔන්න එකපාරටම නිල් පාට ස්ක්‍රින් එකක් ඇවිත් යනවා. 
6. දැන් ලැප් එක On වෙන්නෙම නැ. 
7. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා Power එකට ගහල තිබ්බම ON වුනා , පස්සේ පස්සේ එහම ON වෙන්නේත් නැති වුන.
8. USB එකට මොනවා සම්බන්ද කරත් " අපි සම්බන්ද කරල තියේන්නේ High Speed එකක් , අඩු Speed එකක් තියේන USB Port එකකට " කියන එක එනවා.
9. ලැප් එක Charge වෙන්නේ නැ. 

* නමුත් හිතල බලන්න. අපි ලැප්ටොප් එක මිළදි ගන්න කලින් , හරියටම දැනුවත් වෙල , හරි විධියට වැඩ කරන , නියම ප්‍රමිතියක් තියේන ලැප්ටොප් එකක් මිළදි ගත්තෝත් , අපි මේ ඉහලින් කිව්ව සියලුම පාඩු නැතුව , ලෙඩ නැතුව , සැනසිමේ අපේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න පුලුවන්.

* හරි , අපි බලමු ඇයි ලෙඩ තියේන ලැප්ටොප් වෙළදපොලේ තියේන්නේ කියල.

* හොදයි මේක ගැන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට Warranty හම්බෙනවා වගේම , කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල. ඔය ලැප් මොන වර්ගයේ වුනත් ඕව ඔක්කොම Assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම Electronic භාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10 -100 අතර ගානක් යනවා. ඒ ගැන වැඩි විස්තර පස්සේ වෙනම එකකින් දෙන්නම්. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් වුන ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

* දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. 

අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට. ඒ QC Fail වුන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “ Factory Fault ” එහම නැත්නම් “ Value goods ” කියල. ඒවා එහෙන් බිල් කරන්නේ ඉතාමත් අඩු ගානකට. ඒවගේම ඔරිජිනල් බොක්ස් එකත් එකෙන්ම දෙනවා. හැබැයි අර එල්ලගෙන යන බෑග් එක දෙන්නේ නැ. එකයි ඔයගොල්ලෝ Dell ලැප්ටොප් එකක් ගත්තාම , සමහර කඩවල් වලින් හයිය වැඩි කියල HP බෑග් එකක් දෙන්නේ. අහුවෙන්න එපා ඕවට.

ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් , සමාගමේ විකුණන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ.

* ලැප්ටොප් එකක් Original කියන්නේ කොහොමද ?? 

1. ) දැන් කොහොමද ඔරිජිනල් කියල අදුරගන්නේ ?? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම Service Tag කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යට පැත්තේ. මේකටම Serial Number එක කියලත් කියනවා. 
* Service Tag එක ( Serial Number එක ) අදාල ලැප්ටොප් Brand එකේ , වෙබ් සයිට් එකේ Register කරන්න පුලුවන් නම් , ඔබේ ලැප්ටොප් එක Value Good එකක් , Factory Fault එකක් නෙමේ , නියම ප්‍රමිතියේන් යුතු හරි ලැප්ටෝප් එකක්.

* මේ පහල තියේන ලින්ක් වලින් , ඔබ භාවිතා කරන ලැප්ටොප් Brand එකට අදාල වෙබ් සයිට් එකට ගිහින් , ඔබේ ලැප්ටොප් එක Register කරන්න.

#. HP Registration.

#. DEll Registration.

#. Asus Registration.

#. Toshiba Registration.

#. Acer Registration.

* මේ පහල ජායාරුප වල පෙන්වා තියේන්නේ , ලැප්ටොප් වල තියේන Serial Number එක හෙවත් Service Tag එක සහ තවත් විස්තර.







2. ) ඔයාල මිළදි ගන්න යන්නේ Toshiba ලැප්ටොප් එකක් නම් , ලැප්ටොප් එකත් එක්ක ලැබෙන Manual එකේ හෝ ඔරිජිනල් වෙබ් සයිට් එකේ තියනවා ලැප්ටොප් එකත් එක්ක එන Packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක , පවර් කේබල් එක , Driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් ඔබ මිළදි ගන්න යන්නේ ඔරිජිනල් ලැප්ටොප් එකක් නෙමේ. ඒ නිසා එපා කියල ආපහු එන්න.

3. ) ඔයා Toshiba ලැප්ටොප් එකක් නම් මිළදි ගන්නේ , නමුත් ලැබෙන්නේ HP ලැප්ටොප් Bag එකක් නම් , ගොඩාක් දුරට ලැප්ටොප් එක හොද එකක් නෙමේ.

4. ) ලැප්ටොප් එක එන Card Board බොක්ස් එකේ තියන Serial Number එකයි , ලැප්ටොප් එකේ Service Tag එකේ තියන Serial Number එකයි , Battery එකේ Serial Number එකයි ගැලපෙනවද කියල බලන්න. සියලුම දේවල් ගැලපෙනව නම් , ලැප්ටොප් එක නිඅයම ප්‍රමිතියේන් යුතු එකක්.

* මේ පහල ලින්ක් වලින් , විවිධ ලැප්ටොප් Brands වලට අදාල අන්තර්ජාතික වෙළදපොලේ සාමාන්‍ය මිළ බලා ගන්න පුලුවන්.

#. HP Laptop Prices.

#. Acer Laptop Prices. 

#. Lenovo Laptop Prices. 

#. Toshiba Laptop Prices. 

#. Asus Laptop Prices. 

* මේ පහලින් තියේන්නේ , ශ්‍රී ලංකාවේ ලැප්ටොප් ඔරිජිනල් ගෙන්නන අයගේ ලිස්ට් එක.

HP - DMS.

DELL - Softlogic.

Acer - Metropolitan.

ASUS - EPSI.

Apple - Future World.

TOSHIBA - John Keells Group.


* හරි , අපි මේ කිව්ව කරුණු වලට පස්සේ , අපි හිතනව ඔයාල තේරේන්නේ ඇති කියල ලෙඩ නැති , නියම ප්‍රමිතියේන් යුතු , හරි ලැප්ටොප් එකක් මිළදි ගන්නේ කොහමද කියල. 
ඒ නිසා ලැප්ටොප් එකක් මිළදි ගනිද්දි , මේ පොස්ට් එකේ කිව්ව දේවල් හොදට මතක තියන් ඉදල , ඒව ගැන මිළදි ගනිද්දිම හොයල බලන්න.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න. 

Read More »

Java RMI වලින් කරපු Chat Application එකක් නොමිලේ කෙළින්ම Download කරගන්න [ Free Direct Download RMI Chat Application With Source Code. ]

3 Comments

Hi යාලුවනෙ ඔයාලට Java වලින් කරපු RMI Chat Application එකක් එහෙම  ඕනද.. 

Private Chat කරන්නත් පුලුවන්. File යවන්නත් පුලුවන්. RMI Chat Application හොයගන්න අඩු නිසා තමයි මම මේක දාන්නෙ යලුවොන්ට Codes, Ideas හරි ගන්න.. එහෙනම් අරගෙනම බලන්නකො.. මේක එකක් NetBeans Project හොදද..

#. මෙතනින් Download කරගන්න.

1. මුලින්ම Server  එක Run කරන්න අමතක කරන්න එපා..

2. Login එක Run  කරන්න ඊට පස්සෙ Client Side එකේ..

මේ තියෙන්නෙ Screen Shots...




Read More »

පරිගණකය විසින් 0 හා 1 පමණක් භාවිතා කරමින් , සියලුම ගණිතමය කටයුතු සිදු කරන ආකාරය. ( පරිගණක තාක්ෂණය පාඩම් 05 ) [ How Does Computer Do All The Mathematics Works By Using Only 0 & 1. ]

1 Comments

2016 අගෝස්තු 09 වන අද දිනට අපේ මේ Seven Net සයිට් එක ආරම්භ කරලා අවුරුදු 4ක් වෙනවා. මේ දක්වා ගමනක් එන්න අපිට නම් වශයෙන් කියන්න බැරි ලොකු පිරිසක් උදව් කරා. 
සයිට් එක ලංකාවේ Rank වල මුල් 300 - 400 අතරට අරන් එන්න පුලුවන් වුනා. නමුත් , ඒත් එක්කම අපට සයිට් එක Update කරමින් කරන් යන්න බැරි වුනා. ඒ නිසා දැන් වෙද්දි නම් Rank වලින් එහාට මෙහාට වෙලා තියේනවා. 
2012 - 2014 කාලයේ කරා වගේ සයිට් එක දිනපතා Update කරමින් කරන්න යන්න ඉදිරි කාලයේදි පුලුවන් වෙයිද කියන්න නම් බැ. ඒත් පුලුවන් උපරිමයේන් කරන්න බලනවා. 
අද මේ පොස්ට් එක දාන අනිත් හේතුව වුනේ මාස 9කින් කිසිම පොස්ට් එකක් දාල නැතුව තියේද්දිත් , සයිට් එකට හිතා ගන්න බැරි Readersලා පිරිසක් එනවා. ඉතින් එයාල ගැනත් හිතල තමයි මේ පොස්ට් එක දැම්මේ.

සුපුරුදු පරිදි අදත් පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ , අලුත් පාඩමක් ලෙස 05 වන පාඩම අරන් ආවා.
අද අපි කතා කරන්නේ පරිගණකය විසින් සියලුම ගණිතමය කටයුතු කරන ආකාරය ගැනයි. පරිගණකය ඕනැම ගණිතමය කටයුත්තකට භාවිතා කරන්නේ 0 හා 1 පමණයි.

අපි කවුරුත් දන්නව , පරිගණකය දන්න එකම භාෂාව වෙන්නේ 0 හා 1 විතරයි. අපි මේ ගැන මිට කලිනුත් කිව්වා. ඉතින් , ඒ නිසාම අනිකුත් සියලුම කටයුතු වලට වගේම ගණිතමය කටයුතු වලටත් භාවිතා කරන්නේ 0 හා 1 විතරමයි.
ඉලක්කම් වලට , එකතු කිරිම , අඩු කිරිම , ගුණ කිරිම , බෙදිම ඇතුලු අනිකුත් සියලුම ගණිත කටයුතු වලට භාවිතා වෙන්නේ 0 හා 1 විතරමයි.

පරිගණකය ඉලක්කම් භාවිත කරන ආකාර කිපයක් තියේනවා. අපි , ඒවා එකින් එක ඉගෙන ගමු.
මේ සියලුම ක්‍රම වලදි , අපි භාවිතා කරන ඉලක්කම් Binary වලට පරිවර්තනය කරගත යුතුයි. මේ සදහා අදාල ඉලක්කම 2න් බෙදමින් යා යුතියි. මෙය නිවැරදිව තේරුම් ගැනිමට , මේ පහල උදාහරන බලන්න.

හරි , දැන් පරිගණක වල භාවිතා වන ඉලක්කම් වර්ග මොනවද කියල බලමු.

1. ) Binary Coded Decimal - BCD.

මේ ක්‍රමයදි තනිකරම වෙන්නේ , - බවට පරිවර්තනය විමක් පමණයි. නමුත් , මෙහිදි අදාල ඉලක්කම හෝ සංඛ්‍යාව ධනද ( + ) , ඍණද ( - ) කියල පෙන්වන්න හෝ දැන ගන්න ක්‍රමයක් නැ. ඒ නිසා , මේ ක්‍රමය තව දුරටත් දියුණු කර , අලුත් ක්‍රමයක් ආවා. ඒ ගැන අපි 2යට බලමු.



2. ) Zoned Decimal Representation - ZDR.

මේ ක්‍රමයේදිත් අදාල ඉලක්කම් , Binary බවට පරිවර්තනය කල යුතුයි. නමුත් , මෙහිදි අදාල ඉලක්කම ධනද , රිනද කියල පෙන්වන්න පුලුවන්. ඒනම් , ධන ඉලක්කම් වලට 1100 ලෙසද , රින ඉලක්කම් වලට 1101 ලෙසද යොදා ගන්නවා. මෙහිදි , + හෝ - ලකුණ , අදාල ඉලක්කම් පේලියේ අවසන් ඉලක්කමට කලින් පෙන්විය යුතුයි. මේ පහල උදාහරනය බලන්න. ඒ වගේම අදාල සංඛ්‍යාවේ මුල් ඉලක්කමට කලින් Z අකුර දානවා. ඒ වගේම නැවතත් පළමු ඉලක්කමට පසුවත් Z අකුර දානවා.




3. ) Packed Decimal Number Representation - PDNR.

මේ ක්‍රමයේදිත් අදාල ඉලක්කම් , Binary බවට පරිවර්තනය කල යුතුයි. මෙහිදිත් අදාල ඉලක්කම ධනද , රිනද කියල පෙන්වන්න පුලුවන්. ඒනම් , ධන ඉලක්කම් වලට 1100 ලෙසද , ඍණ ඉලක්කම් වලට 1101 ලෙසද යොදා ගන්නවා. මෙහිදි , + හෝ - ලකුණ , අදාල ඉලක්කම් පේලියේ අවසන් ඉලක්කමට පසුව පෙන්වයි. මේ පහල උදාහරනය බලන්න.

මේ පහල ක්‍රම වලදි අදාල ඉලක්කම + ද , - ද කියල පෙන්වන්න යොදා ගන්න පුලුවන් වගේම , එකතු කිරිම් හා අඩු කිරිම් වලට  යොදා ගන්නේත් මේ පහලින් විස්තර කරන ක්‍රම.



4. ) Once Complement Representation - OCR.

අපි මෙහිදි අදාල සංඛ්‍යාව , Bites 8කට හදා ගන්න ඕන. ඒ වගේම , මේ Bites 8න් මුල්ම Bite එක අදාල සංඛ්‍යාව +ද , -ද කිඅයල පෙන්වන්න භාවිතා වෙනවා. ධන ( + ) නම් , මුල් Bite එක 0 ලෙසද , ඍණ ( - ) නම් , මුල් Bite එක 1 ලෙසද පෙන්විය යුතුයි.
හරි , අපි හිතමු +19 හා -10 කියන සංඛ්‍යා 2ක එකතු කරන්න ඕන කියල. එතකොට කරන්නේ මෙහමයි.

+19 Binary වලට පරිවර්තනය කරනවා. ඊට පස්සේ , ඒ එන පිළිතුර Bites 8කට හරියන විදියට හදා ගන්නවා.
19 = 10011 ( Binary කල විට. )
+19 = 00010011 ( 8 Bites වලට සරිලන විධියට සාදා ගත් විට. )

මුලින්ම අපිට -10 කෙලින්ම 8 Bites බවට පරිවර්තනය කරන්න බැ. ඒ සදහා , මුලින්ම +10 Binary කරල , ඒ එන පිළිතුර 8 Bites වලට සරිලන විධියට සාදා ගෙන , 8 Bites එකේ තියෙන සියලුම 1 ඒවා 0 බවටත් , සියලුම 0 ඒවා 1 බවටත් වෙනස් කරන්න ඕන.
10 = 1010 ( Binary කල විට. )
+10 = 00001010 ( 8 Bites වලට සරිලන විධියට සැදු විට. )
-10 = 11110101 ( උඩ තියේන +10ට අදාල 8 Bites පිලිතුරේ තියේන සියලුම 1 හා 0 හුවමාරු කරමින් වෙනස් කල විට. )

දැන් , අපිට ආපු +19 හා -10ට අදාල 8 Bites පිළිතුරු පමණක් භාවිතා කරමින් , සංඛ්‍යාව එකතු කරමු.

( 1 හා 1 එකතු කල විට 0 ලෙසද , 0 හා 1 එකතු කල විට 1 ලෙසද තමයි අපි ගන්නේ. මේ පහල උදාහරනයේදි නම් , වම් පස ඉදන් පටන් ගත්තාම 1 හා 1 එකතු කල විට 0යි. අපි පිළිතුරට 0 දාලා , 1 අරන් ඊලග තැනට යනවා. ආයේත් අපි අරන් ආපු 1 හා ඒම පේලියේ තියේන 1යි එකතු වුනාම 0යි. ඒ පේලියේම පහල තියේන 0ත් එක්කත් එකතු වුනාම ආයේත් කොහමත් 0ම තමයි. [ නමුත් , හදිසියේවත් පහල පේලියේ 1 එහම තිබුනා නම් , 0 හා 1 එකතු වෙලා පිළිතුරට 1 කියල එනවා. ] )

( එකතු කරන ආකාරය , මේ පහල ජායාරුපයේ දක්වා ඇත. )

00001001 තමයි අවසන් පිළිතුර. මේ පිළිතුර නැවතත් , දශමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරාම අපට හුරු පුරුදු පිළිතුර එනවා. ඒ +9 කියල.

අපිට අවසන් 8 Bites පිළිතුරේ මුල් ඉලක්කම විධියට 1 ආවෝතින් , එයින් කියවෙන්නේ අවසන් පිළිතුර - එකක් බවයි. එහම වුනෝතින් ඒ ආපු පිළිතුරේ තියේන සියලුම 1 හා 0 , වෙනස් කරමින් හුවමාරු කල යුතුයි. ඒනම් 1 , 0 බවට හා 0 , 1 බවටත් වෙනස් කල යුතුයි.
එහම වෙනස් කරාට පස්සේ , අපට අවසන් පිළිතුර ලැබෙනවා.

මේ Once Complement Representation කියන සංඛ්‍යා ක්‍රමයේදි , පරිගණකයේ ගබඩා කරගත හැකි උපරිම සංඛ්‍යාව වන්නේ +127.

+127 = 01111111 ( මුල් ඉලක්කම සැම විටම යොදා ගන්නේ අදාල සංඛ්‍යාව +ද , -ද කියල පෙන්විම සදහාය්. ඒම නිසා Bites 8ටම , 1 ඒවා දාන්න බැ. )

5. ) Two's Complement Representation - TCR.

අපි මෙහිදිත් අදාල සංඛ්‍යාව , Bites 8කට හදා ගන්න ඕන. ඒ වගේම , මේ Bites 8න් මුල්ම Bite එක අදාල සංඛ්‍යාව +ද , -ද කිඅයල පෙන්වන්න භාවිතා වෙනවා. ධන ( + ) නම් , මුල් Bite එක 0 ලෙසද , ඍණ නම් , මුල් Bite එක 1 ලෙසද පෙන්විය යුතුයි.
හරි , අපි හිතමු +18 හා -23 කියන සංඛ්‍යා 2ක එකතු කරන්න ඕන කියල. එතකොට කරන්නේ මෙහමයි.

+18 Binary වලට පරිවර්තනය කරනවා. ඊට පස්සේ , ඒ එන පිළිතුර Bites 8කට හරියන විදියට හදා ගන්නවා.
18 = 10010 ( Binary කල විට. )
+18 = 00010010 ( 8 Bites වලට සරිලන විධියට සාදා ගත් විට. )

මුලින්ම අපිට -23 කෙලින්ම 8 Bites බවට පරිවර්තනය කරන්න බැ. ඒ සදහා , මුලින්ම +23 Binary කරල , ඒ එන පිළිතුර 8 Bites වලට සරිලන විධියට සාදා ගෙන , 8 Bites එකේ තියෙන සියලුම 1 ඒවා 0 බවටත් , සියලුම 0 ඒවා 1 බවටත් වෙනස් කරන්න ඕන.
වෙනස් කරාට පස්සෙ , එන පිළිතුරට 1ක් එකතු කරන්න ඕන.
11101000
              1
------------
11101001 ( මේ ආපු පිළිතුර තමයි -23ට අදාල 8 Bites පිළිතුර වෙන්නේ. මේ පිළිතුර තමයි , +18ට අදාල 8 Bites පිලිතුරත් එක්ක එකතු කරන්න යොදා ගන්න ඕන. )
( එකතු කරන ආකාරය , මේ පහල ජායාරුපයේ දක්වා ඇත. )



ඉහලින් තියේන A , B , C , D වලට අදාල පැහැදිලි කිරිම් , මේ පහලින් තියේනවා.

A - මේක අවසන් පිළිතුර නෙමේ. මෙහිදි අපට කියන්න පුලුවන් වෙන්නේ අවසන් පිළිතුර ඍණ ( - ) පිළිතුරක් කියලයි. මොකද , මෙහි මුල් ඉලක්කම 1 වන නිසා. [ නමුත් මෙහි මුල් ඉලක්කම 0 වුනා නම් , අවසන් පිළිතුර වෙන්නේත් මෙකමයි. අවසන් පිළිතුරේ ලකුණත් +ම තමයි. ]

B - අපි සුපුරුදු පරිදි , ඉහල තියේන පිළිතුරේ සියලුම 1 හා 0 වෙනස් කරමින් හුවමාරු කල විට.

C - අපිට - ආවෝතින් , සැම විටම 1 හා 0 වෙනස් කරමින් හුවමාරු කරාට පසුව , 1ක් එකතු කරන්න ඕන.

D - මෙන්න මේක තමයි අවසන් පිළිතුර. මෙහි මුල් ඉලක්කම 0 වුනාට , අපි සංඛ්‍යාවට අදාල ලකුණ බලා ගන්නේ , අර ඉහලින් කිව්ව පියවරේදියි. මෙහිදි බලා ගන්නේ සංඛ්‍යාව මොකක්ද කියල විතරයි. මේ පියවර එන්නේත් , අපිට ඍණ ( - ) පිළිතුරක් ආවෝතින් විතරයි. ධන ( + ) නම් අර කිව්ව ඉහලින් කිව්ව පිළිතුරේදිම ලකුණ හා අවසන් පිළිතුර ගන්න පුලුවන්.

අද පාඩමේ කියන්න තියේන්නේ මෙච්චරයි. අපි , මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේදි කතා කරපු දේවල් ගැන ඔබලා දැන ගෙන සිටියද , නැද්ද කියන්න නම් අපි දන්නේ නැ. අපි හිතනවා , ඔබලා මේවා දැන ගෙන ඉන්නත් ඇති කියලා. නමුත් , අපිට ඕන වුනේ පරිගණකයේ ඇතුල් පැත්ත ගැන කතා කරන්නයි.

Read More »

Scanner එකක් මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේන් පෙන්වන හා ගබඩා වන ආකාරය හා ජායාරුප , අන්තර්ජාලයට Upload කරන විට සිදුවන ක්‍රියාවලිය ඇතුලු තවත් බොහෝ දේ දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 04 ) [ Learn About How a Scanner Digitized a Picture & What Happen When We Upload The Pictures To The Internet. ]

3 Comments

හරි , අදත් පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 04 වන පාඩමත් අරන් ආවා. අද කතා කරන්නේ Scanner එකක් ( සුපරික්ෂණයක් ) මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේ ගබඩා වන ආකාරය හා ජායාරුප , අන්තර්ජාලයට Upload කරන විට සිදුවන ක්‍රියාවලිය ඇතුලු තවත් බොහෝ දේ දැන ගන්න පුලුවන්.

තවත් දේයක් තමයි , ඔබලා මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවට කැමතිද දන්නේ නැ. මොකද ලැබෙන Comment ප්‍රමාණයත් පවා අඩු වුනා. ඒ ගැන නම් දුකයි. මොකද , අපට ඔබේ අදහස් ඉතාමත්ම වටිනවා.
දැන් අපි පාඩම ගැන බලමුකෝ..

අපි මුලින්ම Scanner එකක් ( සුපරික්ෂණයක් ) මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේ ගබඩා වන ආකාරය , ජායාරුප - පරිගණකයේන් පෙන්වන ආකාරය ගැන බලමු.

අපි හිතමු එක ජායාරුපයක් තියේනවා. ඉතින්  මේ ඕනැම ජායාරුපයක ගණන් කල නොහැකි තරම් තිත් තියේනවා. මේ තිත් සියල්ලම එකතු වෙලා තමයි ජායාරුපයක් නිර්මාණය වෙන්නේ. අපිට ජායාරුපයක් පරිගණකයට දාන්න නම් , මේ ගණන් කර ගත නොහැකි තිත් සියල්ලම පරිගණකයට පිටපත් කල යුතුයි. නමුත් , මේ කාර්ය ඉතාමත් අපහසු කාර්යක්. ඒ නිසා තමයි , මේ කාර්ය පහසුවෙන් කරගන්න Scanner එකක් යොදා ගන්නේ. Scanner එකකදි ජායාරුපයක් ගණන් කල හැකි වර්ණ කො‍ටු වලට බෙදනවා. මේ එක වර්ණ කො‍ටුවක් , Pixel එකක් ලෙස තමයි හදුන්වන්නේ.

මෙසේ Scanner එක මගින් ගණන් කල හැකි සේ බෙදන ලද වර්ණ කො‍ටු හෙවත් Pixels පරික්ෂා කරමින් පරිගණකයට ලබා දෙනවා. අවසානයට සම්පුර්ණ ජායාරුපයක් , පරිගණකයේන් දැක ගන්න පුලුවන්.

* නමුත් , තව දේයක් තියේනවා. ජායාරුපයක තියේන වර්ණ , පරිගණකයක ගබඩා වෙන්නේත් වෙනස් විධියකටයි.
සියලුම වර්ණ , ප්‍රධාන වර්ණ 3කට බෙදනවා. ඒ රතු , කොළ හා නිල් ( RGB ) ලෙසයි.

ජායාරුපයක Pixel එකක රතු , කොළ හා නිල් පාට තියේන තැන අනුව වර්ණ ගැන්විම තමයි සිදු වෙන්නේ.

ඒ කියන්නේ මෙහමයි. 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් ගැන හිතා ගන්න. ( ඒනම් , දිග 10cm ක් හා පළල 10cm ක් වන සමචතුරස්‍රාකාර ජායාරුපයක්. ) දැන් , ඒ ජායාරුපයේ එක Pixel එකක් ගැන හිතන්න. එක Pixel එකක , අර කලින් කිව්ව වර්ණ 3ම අඩංගු වෙනවා. Pixel එකක් කියන්නේත් කො‍ටුවක්. ඉතින් , මේ කො‍ටුවේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු , කොළ හා නිල් වර්ණ තියේන ප්‍රමාණ අනුව මොනිටරය , ඒම වර්ණ ජායාරුපයට සපයනවා. අපි හිතමු , ජායාරුපයේ පළමු Pixel එකේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු 20ද , කොළ 30 ද හා නිල් 40ක්ද නම් තියේන්නේ , මොනිටරය නිසියාකාරව , ඒම වර්ණ ප්‍රමාණයට අනුකුලව ජායාරුපයට ලබා දෙනවා.

* අපි මෙහිදි , ජායාරුපයේ එක Pixel එකක් ගැන හිතන්න කිව්වේ , මෙය තේරුම් ගැනිමේ පහසුව සදහායි. නමුත් , ජායාරුපයේ මුල් Pixel කො‍ටුවේ ( 1 , 1 ) කියන ස්ථානයේන් පටන් ගෙන අවසන් Pixel එකේ ( 100 , 100 ) කියන ස්ථානය දක්වාම , රතු , කොළ හා නිල් වර්ණ එක සැරේම තමයි මොනිටරය විසින් ලබා දෙන්නේ.

අන්න එහම තමයි , වර්ණවත් ජායාරුපයක් , අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ.
අපි මෙහිදි , ( 100 , 100 ) කියන ස්ථානය යොදා ගත්තේ , මේක 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් නිසයි. ඔබේ ජායාරුපයේ දිග , පළල අනුව අවසන් ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.

ජායාරුපයේ ස්ථාන වලට අදාලව පැය 24ම , මොනිටරය මගින් වර්ණ ලබා දි ගෙනම තියේන්නේ නැ. අපිට ඕන කරන ජායාරුපය ඩබල් ක්ලික් කර , Open වන විටම තමයි , මොනිටරය මගින් ජායාරුපයේ අදාල ස්ථාන වලට අයිති වර්ණ ලබා දෙන්නේ. ඉතින් හිතන්න , මේක මොන තරම් වේගයේන් වන ක්‍රියාවලියක්ද කියලා..

* ඒ වගේම , ජායාරුපයක Pixel ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න , ජායාරුපයේ ගුණාත්මකභාවයද ( Quality ) වැඩි වෙනවා. ඒ නිසාමනේ , අපි හැම තිස්සේම වැඩි Mega Pixel ප්‍රමාණයක් තියේන ස්මාට් ජංගම දුරකතන හා කැමරා ගන්න උත්සහා කරන්නේ.

ඒ වගේම , Pixel 1000 x 1000 = Mega Pixel 1.

දැනට බොහෝ දෙනා ලග Mega Pixel 5 ( 5 MP ) කැමරාවක් තියේන ජංගම දුරකතනයක් තියේනවනේ. එවිට , Mega Pixel 5ක ජායාරුපයක , Pixels 5,000,000 ( මිලියන 5ක් ) තියේනවා. ඒ කියන්නේ ජායාරුපයක් වර්ණ කො‍ටු මිලියන 5කට බෙදනවා. ඉතින් , මෙවැනි ජායාරුපයක තියේන ගුණාත්මකභාවය අයේ කියන්න ඕන නැනේ. Mega Pixel 5ට වැඩි කැමරාවකින් ගත්තු ජායාරුපයක තියේන ගුණාත්මකභාවය ගැනත් , අයේ හිතන්නවත් දේයක් නැනේ එහනම්.. :D

හරි , දැන් අපි බලමු අන්තර්ජාලයට ජායාරුපයක් Upload කරන විට සිදුවන ක්‍රියාවලිය පිළිබදව.

අපේ පරිගණකයේ තියේන 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් ගැන හිතන්න. මේ ජායාරුපය අන්තර්ජාලයට Upload කරන්න ඕන. අපි කිසියම් හෝ සයිට් එකකට ගිහින් , ඒ අදාල ක්‍රමය භාවිතා කරල , පරිගණකයේන් , Upload වෙන්න ඕන ජායාරුපය ‍තෝරල දෙනවා. ‍තෝරල දුන්නට පස්සේ , මොකද වෙන්නේ ??

මෙහිදි , අපි මතුපිටින් ජායාරුපයක් Upload කරාට , ඇත්තටම Upload වෙන්නේ වගුවක්. ඒනම් , මේ ජායාරුපයේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු මෙච්චරයි , කොළ මෙච්චරයි හා නිල් මෙච්චරයි කියන දත්ත වලින් තමයි , ඒ වගුව නිර්මාණය වෙලා තියේන්නේ. ජායාරුපයේ මුල් Pixel එකේ ( 1 , 1 ) ස්ථානයේ සිට අවසන් Pixel එකේ ( 100 , 100 ) ස්ථානය දක්වාම රතු , කොළ , නිල් වර්ණ තියේන විධිය මේ වගුවේ ඇතුලත් වෙනවා.
අපි මෙහිදි , ( 100 , 100 ) කියන ස්ථානය යොදා ගත්තේ , මේක 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් නිසයි. ඔබේ ජායාරුපයේ දිග , පළල අනුව අවසන් ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.

මේ පහල රුපයේන් පෙන්වා තියේන්නේ , අන්තර්ජාලයට ජායාරුපයක් Upload කරන විට , ජායාරුපයට අදාලව Upload වෙන වගුවයි. 
මෙහි ( 1 , 2 ) පස්සේ තිත් 2ක් තියල තියේන්නේ , ( 1 , 2 ) පස්සේ ( 100 , 100 ) දක්වා සියලුම ස්ථාන තියේන බව පෙන්වන්න ඕන නිසයි.


මේ ජායාරුපයේ , මේ ස්ථානයට , මෙච්චර රතු ප්‍රමාණයක් දෙන්න , මෙච්චර කොළ ප්‍රමාණයක් දෙන්න , මෙච්චර නිල් ප්‍රමාණයක් දෙන්න කියලා , මේ සියලු කටයුතු පාලනය කරන්නේ මතක උපාංග මගිනුයි.

අද පාඩමේ කියන්න තියේන්නේ මෙච්චරයි. අපි , මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේදි කතා කරපු දේවල් ගැන ඔබලා දැන ගෙන සිටියද , නැද්ද කියන්න නම් අපි දන්නේ නැ. අපි හිතනවා , ඔබලා මේවා දැන ගෙන ඉන්නත් ඇති කියලා. නමුත් , අපිට ඕන වුනේ පරිගණකයේ ඇතුල් පැත්ත ගැන කතා කරන්නයි.

හරි එහනම් , අපි ඊලග පරිගණක තාක්ෂණය පාඩමේන් තවත් අලුත් දේයක් ගැන බලමු.


---------------------------------------------------------

පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ සියලුම ලින්ක්. 



Read More »

VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ සියලුම දෝෂ ගැන දැන ගෙනම , ඒවා පහසුවෙන් විසදා ගන්නා ආකාරය. [ What Are VGA Card / Video Card Errors & How To Fix VGA / Video Card Errors. ]

6 Comments

VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ මතුවන සියලු දෝෂ කෙළින්ම පෙන්වන්නේ පරිගණකයේ මොනිටරය මගිනුයි. ඒම නිසා , දෝෂ සොයා ගැනිම ආරම්භ කරන්න ඕන මොනිටරය හොද තත්වයේන් තියේනවද කියල බලලයි. මොකද , මොනිටරය වැඩ කරන්නේ නැත්නම් , මොනිටරය මගින් පෙන්වන විඩියෝ කාඩ් එකේ දෝෂ ගැන දැන ගන්නේ කොහමද ??

ඒ වගේම VGA කාඩ් එක කිව්වත් , විඩියෝ කාඩ් එක කිව්වත් , කිසිම ප්‍රශ්ණයක් නැ. නම් 2ම කියන්නේ , එකම දෙයකටයි. VGA කියන එකේ තේරුම තමයි Video Graphics Array කියන්නේ.

* මොනිටරයට විදුලි බලය ලැබෙනවද ??

මොනිටරය වෙත විදුලි බලය ලබා දෙන Power Cable එක නිසි පරිදි සවි වි ඇත්දැයි බලන්න. එසේ සවි වි ඇතත් , ඇතම් විට එය ඇතුලතින් කැඩි තිබිය හැකි බැවින් System Unit එකට බලය ලබා දෙන කේබල් එක තාවකාලිකව මොනිටරයට සවි කර බලන්න. එහිදි මොනිටරයට විදුලිය ලැබේ නම් දෝෂය ඇත්තේ කේබල් එකේ වේ. ඒම නිසා , ඒම කේබල් එක මාරු කරන්න. එමෙන්ම මොනිටරය වෙත සිග්නල් ලබා දෙන , VGA කේබල් එකද හොදින් සවි වී ඇත්දැයි බලන්න. ( නමුත් , සමහර වෙලාවට දැන් එන මොනිටර වලට නම් , - එකේ කේබල් එක සවි කරන්න බැ. ඉතින් එහම වුනෝඅත් නම් කරන්න දේයක් නැ. )

* මොනිටරයේ දිප්තිය ඕනැවට වඩා අඩු කර තිබේද ??

Analog මොනිටරයකදි නම් මොනිටරයේ පහලින් ඇති කුඩා රෝද වැනි කොටස් කරකවා , මොනිටරයක් ක්‍රියා විරහිත කර ඇති විටදි පවා , Brightness හා Contrast වෙනස් කල හැක. Analog වර්ගයේ මොනිටරයක් නම් මෙසේ Brightness හා Contrast වල වෙනස්කම් සිදුවි ඇත්දැයි බලන්න. ඇතම් විට නවින මොනිටරයක වුවද Brightness හා Contrast සැකසුම් වෙනස් විමේන් මෙවැනි දෝෂ ඇති විය හැක. මේ නිසා අදාල සැකසුම් නිවැරදිව අත්දැයි බලන්න.

* පරිගණයක මොනිටරයේ " Power " ලෙස පණිවිඩයක් පෙන්වනවද ??

පරිගණක මොනිටරයට විදුලිය ලැබෙන්නේ නම් " Power " යන වචනය ඇතුලත් පණිවිඩයක් මොනිටරයේ පෙන්වයි. මෙය , Attach Graphic Card Power හෝ No Power To Video Adapter ආදි ලෙසද පෙන්විය හැක. ඒනම් පරිගණකයේ PCI Express කාඩ් එකට හෝ AGA VGA කාඩ් එකට නිසි පරිදි විදුලිය නොලැබෙන බවයි. මේ කාඩ් සදහා විදුලිය ලබා දිමට වෙනමම කනෙක්ටරයක් ( Connector ) ඇත්නම් , එහි බුරුල් විමක් හෝ Power කනෙක්ටරයේ දෝෂයක් පැවතිය හැක. VGA Card එක සවි කරේ අලුතින් නම් , කේබල් එක සවි නොකර තිබෙන්නට පුලුවන. ඒ නිසා , එය සොයා සවි කරන්න.
එසේත් නැත්නම් Power Supply Unit එකේන් ලබා දෙන විදුලිය පරික්ෂා කරන්න. ඇතැම් අලුත් VGA Card , Power Supply Unit එකේන් වැඩි විදුලි බලයක් ගන්නවා. එවිට තුඩු 4ක Power Cable එක නොව , තුඩු 6ක විශේෂිත කේබල් එකක් ඇති Power Supply Unit එකක් ලබා ගත යුතුයි. එසේ නොමැති වුනෝත් , මේ පහල කියල තියේන වගේ දෝෂ මතු වෙන පුලුවන්.

* No Signal Displayed ? පණිවිඩය දිස්වේද ??

බොහෝ අලුත් මොනිටර වලට සිග්නල් නොලැබෙන අවස්ථා වලදි , No Signal Source හෝ Attach Video Signal වැනි දෝෂ පණිවිඩයක් ලබා දෙයි. මොනිටරය ON කර , System Unit එක ක්‍රියාත්මක කිරිමට කලින් , මෙවැනි පණිවිඩයක් දිස්විම සාමාන්‍ය දෙයකි. System Unit එක ක්‍රියාත්මක කල පසු , එය ඉවත් වේ. System Unit එක ක්‍රියාත්මක කිරිමේන් පසුවද , මෙම පණිවිඩය දිස්වේ නම් , VGA කේබල් එක බුරුල් වි තිබිය හැක. ඒය හොදින් සවි කර බලන්න.

* විඩියෝ කේබල් ( VGA Cable ) එක හරියටම සම්බන්ධ වි තිබෙනවාද ??

VGA කාඩ් එකේන් සිග්නල් ලබා දෙන කේබල් එක සුළු ලෙස හෝ බුරුල් විමේන් , මොනිටරය වෙත සිග්නල් නොලැබේ. එම VGA කේබල් එක හොදින් තද කර බලන්න. VGA කේබල් එකේ System Unit එක සමග සම්බන්ධ වෙන කෙළවර , කරකවා තද කල හැකි ඇණ 2ක් තියේනවා. සමහර පිරිස් තමන්ගේ පහසුවට ඇණ 2ක නියම ආකාරයට කරකවා සවි කිරිම නොකලද , පේළි 3ක ඇති තුඩු 15ක VGA Cable එක හරියට හොදින් සම්බන්ධ විමට නම් , ඒම ඇණ 2ක අනිවාරේන්ම හොදින් තද කරන්න ඕන.
සමහර විට , VGA Cable එකේ තුඩු කැඩි හෝ නැමි තිබිම නිසාද මොනිටරයට සිග්නල් නොලැබිමට හැක. ඒම නිසා , VGA Cable එක හොදින් පරික්ෂා කර බලන්න. තුඩු කැඩි හෝ නැමි ඇත්නම් , අලුත් VGA Cable එකක් ගන්න වෙනවා.




* මොනිටරය පරික්ෂා කරන්න.

VGA කේබල් එක නිසියාකාරව සම්බන්ධ කර තිබේ නම් , මොනිටරය වෙනත් System Unit එකකට සම්බන්ධ කර බලන්න. මෙහිදි , මොනිටරය හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය පවතින්නේ මොනිටරයේ නොවන බව නිගමනය කල හැක. මොනිටරය , වෙනත් System Unit එකකට සම්බන්ධ කල විට , හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය තිබේන්නේ ඔබේ System Unit එකේ වේ. ඒම නිසා , ඔබේ System Unit එකේ දෝෂය පරිගණක අලුත්වැඩියා කරන ආයතනයකට ලබා දි , සාදා ගත යුතු වේ.

* VGA කේබල් එකේ දෝෂ සහිත තුඩු තිබේද ??

VGA Cable එකේ කැඩි ඇති හෝ නැමි ඇති තුඩු ඇත්නම් , ඒවා මගින් මොනිටරය වෙත ලබා දෙන සිග්නල් වල විවිධ දෝෂ ඇති කරයි. කේබලය ඇතුලතින් රැහැන් කැඩි යාම නිසාද , මෙවැනි දෝෂ මතු විය හැක. එවැනි වෙලාවක තිබේන VGA කේබල් එක වෙනුවට , වෙනත් කේබල් එකක් යොදා පරික්ෂා කරන්න.

ඇතැම් මොනිටර වල , එම VGA කේබල් එක මොනිටරය වෙත සවි වි ඇති පැත්තද ගලවා , වෙනමම කේබල් එකක් සවි කල හැකි ආකාරයට සකස් කර ඇත. එහෙත් , බොහෝ මොනිටර් වල අදාල VGA කේබල් එකේ මොනිටරයට සවි වන කෙළවර , සවි වෙන්නේ ඇතුළතිනි. එවිට අදාල කේබල් එක සම්බන්ධ කර ඇති ඊයම් කොටස් , රත් කල බවුත් එකක් යොදා ගෙන ප්‍රවේසමේන් ගලවා , වෙනත් කේබල් එකක් යොදා බලන්න.
මෙම කාර්ය අපහසු නම් හෝ අදාල උපකරණ නොමැති නම් , ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් එය කර ගත යුතුයි. 
මේ කරන්න තියේන්නේ පොඩි දේයක් කියල , ඔබ විසින් ඊයම් කොටස් ගලවන විට , කේබල් එකට හානි වුනෝත් මොකද කරන්නේ.. ඒ නිසා , හොදම දේ ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් , මෙය අනිවාරේන්ම කරගන්න.

* බීප් හඩක් ඇසේද ??

බයෝස් ( BIOS - Basic Input Output System ) නිෂ්පාදකයින් , දෝෂ හදුනා ගැනිමට එක් කරනු ලබන " බීප් " නාද , එක් එක් මවුපුවරුවෙන් මවුපුරුවට වෙනස් වුවත් , සාමාන්‍යයේන් VGA කාඩ් එකේ දෝෂයක් නම් " බීප් " නාද / හඩවල් 3ක් හෝ 9ක් එක දිගටම ඇසේනවා.

* VGA කාඩ් එක නිසි පරිදි සවි කර තිබෙනවාද ??

මොනිටරයට වෙත සංඥා ලබා දෙන VGA කාඩ් එක , එම ඇඩැප්ටරයට නිසි පරිදි සවි වි ඇත්දැයි බලා , එය නිවැරදි නොවේ නම් හොදින් සවි කරන්න. එය සවි ඇත්නම්ද , ගලවා අදාල කාඩ් එකේ සම්බන්ධකය හා ස්ලෝට් එක පිරිසිදු කර නැවත සවි කර බලන්න.

* RAM එක නිසි පරිදි සවි කර තිබේද ??

RAM මොඩියුල්ස් නිසි පරිදි සවි ඇත්දැයි බලන්න. ඒ කිව්වේ , RAM එක සම්බන්න්ධ කරන ස්ලෝට් එකට , ඒය හරියට සම්බන්ධ වෙල තියේනවද කියල බලන්න. RAM එක සවි කරගන්න , අර පොඩි කොටස් 2ක් දෙපැත්තේන් තියේනවනේ. අන්න , ඒ කොටස් 2යි , RAM එක සවි කරන ඒ කොටස හෙවත් ස්ලෝට් එකයි සෙමින් පිරිසිදු කර , නැවත RAM එක සවි කර බලන්න. එවිටද , දෝෂ සමනය විය හැක.

* බයෝස් තිරය ( BIOS Screen ) දිස් වේද ??

සාමාන්‍යයේන් පරිගණකයක් ක්‍රියාත්මක කල විගස , මුලින්ම දිස් වෙන්නේ බයෝස් වෙතින් ලබා දෙන තිරයයි. එසේ දිස් වෙන්නේ නම් බොහෝ විට , VGA Card කාඩ් එක නිසි පරිදි සවි වි ඇති බවත් , එය මුලික ක්‍රියාකාරකම් වලට ඕන ආකාරයේන් ක්‍රියාත්මක වන බවත් , ස්ථිර / තහවුරු කරගන්න පුලුවන්.
එම අවස්ථාවේ පරිගණකය ක්‍රියා නොකරයි නම් , වෙනත් කාඩ් එකක ක්‍රියාකාරිත්වය නිසි පරිදි නොතිබෙන්නට පුලුවන්.

* මොනිටරය මාරු කර බැලුවද ??

මොනිටර් එකේ දෝෂයක් ඇතැයි සිතේ නම් , ඒ වෙනුවට වෙනත් මොනිටරයක් යොදා බලන්න. එසේත් , නැත්නම් අදාල මොනිටරය වෙනත් System Unit එකකට සවි කර බලන්න. එහිදිද , මොනිටරය නිසි ආකාරව ක්‍රියා නොකරයි නම් , දෝෂය ඇත්තේ මොනිටර් එකේහිය. මෙහිදි , පරිගණක කාර්මික ශිල්පියේකු මගින්න් මොනිටරය අලුත්වැඩියා කරගන්න.

සමහර විට මොනිටරය අලුත්වැඩියා කරනවාට වඩා , අලුතින් මොනිටරයක් මිළදි ගැනිම ලාභදායක විය හැක. මොනිටරය පරණ එකක් නම් , නවින පන්නයේ මොනිටරයක් අලුතින් මිළදි ගැනිම වඩාත් සුදුසු වේ. වෙනත් System Unit එකකදි , මොනිටරය ක්‍රියාත්මක වේ නම් , දෝෂය ඇත්තේ VGA කාඩ් එකේ විය හැක. එවිට , VGA කාඩ් එක පමණක් එහි ඉතිරි කර , එය ක්‍රියාත්මක නොවේ දැයි බලන්න.

* කුමන හෝ උපාංගයක් අලුතින් සවි කරාද ??

පරිගණකයේ පෙන්වන දෝෂය හටගත්තේ , යම් ඇඩැප්ටරයක් / උපාංගයක් අලුතින් සවි කිරිමේන් අනතුරුව නම් , දෝෂය ඇත්තේ අදාල ඇඩැප්ටරයේ / උපාංගයේ විය හැක.
මෙහිදි දිය හැකි හොදම විසදුම වෙන්නේ , එය ගලවා , නැවත උත්සහ කර බලන්න කියලයි. මෙයද , අසාර්ථක නම් Motherboard එකට සවි කර ඇති Processor , RAM එක හා VGA කාඩ් එක පමණක් ඉතිරි කර අනෙකුත් කාඩ් හා Hard Disk වැනි උපාංග ගලවා , පරිගණකය ක්‍රියත්මක කර බලන්න.

* VGA කාඩ් එක පමණක් පරික්ෂා කරාද ??

අනෙකුත් සියලුම ඇඩැප්ටර ගලවා තැබු පසු බයෝස් ස්ක්‍රින් ( BIOS Screen ) එක වෙත පිවිස එහි සැකසුම් කරන මෙන් දක්වයි. මෙහිදි , අදාල බයෝස් සැකසුම් කල පසු , Hard Disk එකද ගලවා ඇති බැවින් , System Disk එකක් ඇතුලත් කරන ලෙස පණිවිඩයක් ලබා දෙයි. මෙහිදි , Hard Disk එක පමණක් සවි කර උත්සහ කර බැලිය හැක. පරිගණකය ක්‍රියා කරයි නම් , දෝෂය ඇත්තේ වෙනත් ඇඩැප්ටරයේය.

* අලුතින් VGA කාඩ් එකක් සවි කර බැලුවද ??

පරිගණකයේ දැනට ඇති VGA කාඩ් එක් ගලවා , වෙනත් VGA කාඩ් එකක් යොදා බැලිමෙන් දෝෂය තිබෙන්නේ කුමන VGA කාඩ් එකේද යන්න දැන ගත හැක.
මෙසේ කරන විටද , නිසි ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ නැත්නම් බොහෝ විට දෝෂය ඇත්තේ අදාල ස්ලෝට් එකේ විය හැක. මෙහිදි , වයින්ස්ප්‍රීට් හෝ ඇල්කොහොල් වැනි ද්‍රාවකයක් , සිනිදු කෙදි සහිත බුරුසුවකට යොදා , අදාල ස්ලෝට් එක පිරිසිදු කරන්න. එම උත්සහයද අසාර්ථක වේ නම් , PCI Express ස්ලෝට් එකකට , සවි වන වෙනත් VGA කාඩ් එකක් සවි කර බලන්න. එවිට AGP VGA ස්ලෝට් එක හෝ PCI Express ස්ලෝට් එක දෝෂ සහගත නම් , PCI VGA කාඩ් එක භාවිතා කල හැක.

මේ පහල රුපයේන් PCI Express හා AGP VGA පැහැදිලිව පෙන්වා තියේනවා.




මේ පහල රුපයේ තියේන්නේ , අපි කවුරුත් දන්න VGA Cable එක තමයි.




මෙහිදි System Unit එක ගැන කතා කල නිසා , System Unit එක ඇතුලේ තියේන උපාංග වල පිහිටිම පෙන්වන රුපයකුත් , මේ පහලින් දැම්මා.



මේ කරුණු තමයි , VGA හෙවත් විඩියෝ කාඩ් එකට , VGA කේබල් එකට , මොනිටර් එකට අදාලව කියන්න තියේන්නේ.
කාට හරි , මේ පොස්ට් එකත් ප්‍රයෝජනවත් වුනා නම් , එච්චරයි. :D

Read More »

CD , DVD , CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ මොනවද , මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත මේවායේ ගබඩා කර ගන්නේ කෙසේද , මේවා නිර්මාණය වෙන්නේ කොහමද යනාදි දේවල් ඇතුලුව තවත් බොහෝ දේවල් දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 03 ) [ Learn About CD , DVD and Other Every Optical Devices. ]

1 Comments

හරි , අපි මේ දිනවල දිගටම පළ කරන්නේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවට අදාල ලිපියි. ඉතින් , අදත් කතා කරන්නේ පරිගණක තාක්ෂණයේ 3 වන පාඩමයි. :D

මිට කලින් පළ කල පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 02 හා 03 , මේ පහල ලින්ක් වලින් අනිවාරේන්ම කියවන්න.

#. පරිගණක තාක්ෂණය පාඩම් 01. 

#. පරිගණක තාක්ෂණය පාඩම් 02.

අපි , මේ 3 වන පාඩමේදි කතා කරන්නේ CD , DVD , CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ මොනවද , මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත මේවායේ ගබඩා කර ගන්නේ කෙසේද , මේවා නිර්මාණය වෙන්නේ කොහමද යනාදි දේවල් ගැනයි.

ඔබ හිතනව නම් , මේ සියලුම දේවල් එක හා සමානයි කියල. ඒක එහම නැ. ඒනම් , මේ එකක්වත් සමාන නැ. අපි මේ ඉහලින් කිව්ව දේවල් , මේ හැම එකකම වෙන්නේ පොඩි පොඩි සමානකම් සහිතව වුවත් , එකිනෙකට වෙනස් විධියටයි.

අපි මුලින්ම CD - Compact Disk ( සංයුක්ත තැටි ) හා DVD - Dijital Versatile Disk ( ඩිජිටල් බහුකාර්ය තැටි ) ගැන බලමු.

CD , DVD කියන්නේ දත්ත ගබඩා කිරිමට ගන්න උපාංගයක්. අපි හිතමු , අපි කවුරු හරි ගායකයේක්ගේ සින්දු තියේන CD හෝ DVD එකක් මිළට ගත්ත කියල. මෙන්න මේවට තමයි Original CD හෝ Original DVD කියන්නේ.
එතකොට අපි හිතමු අපි කඩේන් Empty CD හෝ Empty DVD එකක් අරන් ඇවිත් , ඒකට අර ගායකයගේ සින්දු ටික දලා Write කරා කියල. මේවට තමයි CD-R , DVD-R , CD-Rw , DVD-RW කියන්නේ.

දත්ත දාන්න වුනත් , දත්ත තියේන වුනත් CD , DVD හා CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ එකිනෙකට වෙනස් දේවල්.
CD හා DVD නිර්මාණය වන ආකාරය හා CD-R , DVD-R හා CD-RW , DVD-RW නිර්මාණය වෙන ආකාරයන් පවා වෙනස්.

* CD හා DVD නිර්මාණය වෙන්නේ ඉතාමත්ම තුනි ප්ලාස්ටික් කෙදි රවුමට රවුමට එතිම මගිනුයි.  මෙවිට CD හා DVD එක නිර්මාණය වෙන්නේම අදාල දත්ත ප්ලාස්ටික් කෙදි වල ඉහල කොටසේ ගබඩා වෙන ගමන්මයි. ප්ලස්ටික් කෙන්ද කොතරම් තුනි / සිහින් වුනත් , කෙන්දටත් ඉහල , පහල කියල දෙපැත්තක් තියේනව. කෙන්දක තියේන තුනි / සිහින් බව අමතක කරල , CR පොතක් මතක් කරගන්න. CR පොතේ මුල් පි‍ටුව , අන්තිම පි‍ටුව තියේනවනේ. ඒ තියේන්නේ පොතේ ඉහල හා පහල කොටස් වලනේ. අන්න , ඒ වගේම මේ කෙදි වලටත් ඉහල , පහල කියල දෙපැත්තක් තියේනවා. ඉතින් ඉහල කොටසේ තමයි සියලුම දත්ත ගබඩා වෙන්නේ.

මෙහමයි අපි හිතමු , යම්කිසි ගායකයකුගේ සින්දු තියේන CD හා DVD නිර්මාණය කරනව කියලා. එවිට CD හා DVD නිර්මාණය වෙන විටම , එක ප්ලාස්ටික් කෙන්දක අදාල සින්දු ගබඩා වෙමින් , එවැනි කෙදි රාශියක් රවුමට රවුමට එතෙමින් CD හා DVD නිර්මාණය වෙනවා. මේ විධියට CD හා DVD නිර්මාණය වන විටම , අදාල දත්ත ගබඩා කරන නිසා තමයි , CD හා DVD සැලකිය යුතු ලෙස මිළ අධික වෙන්නේ.

* අපි කවුරුත් දන්නා පරිදි , සියලුම දත්ත ගබඩා කරන උපාංග වල දත්ත ගබඩා වෙන්නේ 0 හා 1 ඇසුරේන්. ඉතින් , මේ CD හා DVD වලත් සියලුම දත්ත ගබඩා වෙන්නේ 0 හා 1 ඇසුරේන්ම තමයි. CD හා DVD මේ තරම් තුනියට තිබුනට , ඕනැම CD හා DVD එකක ස්ථර හෙවත් Layers 4ක්ම තියේනවා. මේ පහල රුපයේන් පෙන්වා තියේන්නේ ඒම ස්ථර 5 තමයි.
අපි හිතමු , අපිට කිසියම් ෆයිල් එකක් මේකේ ගබඩා කරගන්න ඕන කියල. මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1 0 0 1 ලෙසට කියල හිතමු. එවිට අදාල වලවල් හා තිරස් කොටස් මෙහි නිර්මාණය වෙන ආකාරයත් , මේ පහල රුපයේම පෙන්වා තියේනවා.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



CD හා DVD වල 0 දක්වන්නේ ප්ලස්ටික් කොටසේ උඩින් වලක් නිර්මාණය විමේනුයි. 1 දක්වන්නේ කිසිදු වෙනස් විමක් නැතුව , ස්ථිරව තිරස්ව තිබිම මගිනුයි. ඒ විධියට තමයි , මේ ඉහල රුපයේ වලවල් හා තිරස් කොටස් තියේන්නේ. මේ ප්ලාස්ටික් ස්ථරය නිර්මාණය වෙල තියේන්නේ දත්ත ගබඩා වුන ප්ලාස්ටික් කෙදි රාශියක් එකතු විමේනුයි. මේ ප්ලාස්ටික් කෙදි වල ඉහල කොටසේ දත්ත ගබඩා වෙල තියේන නිසා , දත්ත සහිත ප්ලාස්ටික් ස්ථරය ආරක්ෂා කරගන්න , ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් ඇලුමිනියම් ස්ථරයක් දානවා. මේ ඇලුමිනියම් ස්ථරය දාන්නේත් , පහල ප්ලාස්ටික් ස්ථරයේ හැඩයට අදාලව , ඒම සියලුම 0 හා 1 දක්වන වලවල් හා තිරස් කොටස් , ඒ විධියටම තියේන ලෙසයි. ප්ලස්ටික් ස්ථරයේ පහල කොටසේ දත්ත මුකුත් ගබඩා වෙලා නැති නිසා , ප්ලාස්ටික් ස්ථරයට පහලින් මුකුත් දාන්නේ නැ. අර අපට CD හා DVD එකක මුණ බලන්න පුලුවන් කොටස තමයි , මේ ප්ලාස්ටික් කෙදි වල පහල කොටස වෙන්නේ.

හරි , ඇලුමිනියම් ස්ථරයට ඉහලින් Acrylic කියල ඝන තත්වයේ තියේන ඇසිඩ් ස්ථරයක් දානවා. මේ ඇසිඩ් ස්ථරයට ඉහලින් තමයි , CD හා DVD එකේ තියේන දේවල් ගැන විස්තර තියේන , Label එක තියේන්නේ.

දැන් බලමු , CD හා DVD පරිගණකයට දැමු පසු , මේ CD හා DVD වල 0 හා 1 ඇසුරේන් තියේන දත්ත හදුනා අරන් , ඒවා අපට පෙන්වන්නේ කොහමද කියල.

දැනට බොහෝ පරිගණක වල CD හා DVD , Run / Read කිරිමට පරිගණක වල තියේන්නේ DVD Rom තමයි. නමුත් , CD හා DVD ධාවනයට / කියවිමට තියේන්නේ CD Rom එකක් වුනත් , DVD Rom එකක් වුනත් , මේ පහලින් කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ එකම ආකාරයටයි.

අපි CD හෝ DVD එකක් , DVD Rom / CD Rom එකට දැමු පසු , DVD Rom / CD Rom එකේන් ලේසර් කිරණ CD හෝ DVD එකේ පහල කොටසට එවනවා. ඒසේ එන ලේසර් කිරණ CD හෝ DVD එකේ කිසිදු වෙනසක් නැතුව - තිරස්ව තියේන පෘෂ්ඨයේ වැදිල , නැවතත් ලේසර් කිරණ ආපු තැනටම යනවා. එවිට ඒ ගිය ලේසර් කිරණ එතනටම නැවත පැමිණි විට පරිගණකය දැන ගන්නවා , එතන තියේන්නේ 1 කියලා. ලේසර් කිරණ එන්නේ පහලින් නිසා , වලවල් පහලට පෙන්නේ රවුම් පෘෂ්ඨ ලෙසටයි. ඒ නිසා , පහලින් එන ලේසර් කිරණ රවුම් පෘෂ්ඨ වල වැදුන පසු , නැවත් ලේසර් කිරණ ආපු තැනටම යන්නේ නැතුව වෙන කොහේ හරි යනවා. එවිට පරිගණකය දැන ගන්නව , එතන තියේන්නේ 0 කියලා. මේ විධියට තමයි ලේසර් කිරණ නිකුත් කරමින් , පරිගණකය විසින් මුළු CD හෝ DVD එකම ධාවනය කරවන්නේ , එහමත් නැත්නම් කියවන්නේ.

ඉතින් මේ CD හා DVD වල ගුණාත්මකභාවය ඉතාමත්ම ඉහලයි. ඒ වගේම මිළත් ඉහලයි. :D

හරි , අපි ඊලගට CD-R හා DVD-R ගැන බලමු.

CD-R හා DVD-R වල තියේන R එකේන් කියන්නේ Recordable කියන එකයි. ඒනම් , අපි කඩේ තියේන Empty CD හෝ Empty DVD වලට තමයි මේසේ CD-R හා DVD-R ලෙස කියන්නේ. CD-R හා DVD-R වල ගුණාත්මකභාවය , CD හා DVD වලට වඩා අඩුයි. ඒ වගේම මිළත් අඩුයි.

මේවත් ප්ලාස්ටික් කෙදි වලින් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් , මේ ප්ලාස්ටික් කෙදි වල කලින් වගේ දත්ත නම් ගබඩා වෙලා නැ. මොකද ඉතින් නිර්මාණය වෙද්දිම දත්ත ගබඩා කරෝත් , අපි කොහමද දත්ත ගබඩා කරගන්නේ.. මේ CD-R හා DVD-R ප්ලාස්ටික් කෙදි වලින්ම නිර්මාණය වුනාට , මේවායේ දත්ත ගබඩා වෙන්නේ CD හා DVD වල වගේ නම් නෙමෙයි. ඒනම් , මේවායේ 0 හා 1 දක්වන්නේ වලවල් හා තිරස් කොටස් මගින් නෙමෙයි.

* මේ CD-R හා DVD-R වල ස්ථර 5ක්ම තියේනව. පහලින්ම තියේන්නේ ප්ලාස්ටික් ස්ථරය. ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් දත්ත ගබඩා කරන ස්ථරයක් තියේනවා. මෙහි තමයි 0 හා 1 ඇසුරින් සියලුම දත්ත ගබඩා වෙන්නේ.
ඒනම් , මේ දත්ත ගබඩා වෙන ස්ථරය , විනිවිද පෙනෙන ස්ථරයක්. මෙහි 0 ගබඩා කරන්න ඕන විට , මේ විනිවිද පෙනෙන ස්ථරය , පුච්චල කළු කරනවා. කළු කරනව කිව්වේ , නිකන් අදුරු කරනව වගේ දේයක් කරනවා. 1 ගබඩා කරන්න ඕන විට , මුකුත් කරන්නේ නැතුව ඒ විනිවිද පෙනෙන ස්ථරය ඒ විධියටම තියේන්නේ දෙනවා. මේ පුච්චල කළු කරනව කිව්වේ , ගිණිමැලයකින් පුච්චනව වගේ නෙමේ , ලාවට පොඩ්ඩක් DVD Writing Rom එකේ තියේන ලේසර් කිරණ මගින් පුච්චනවා.
දත්ත ගබඩා වෙන ස්ථරයට ඉහලින් ඇලුමිනියම් ස්ථරයක් තියේන අතර මෙයටත් ඉහලින් ඝන ඇසිඩ් ස්ථරයක් තිබේන අතර මෙයටත් ඉහලින් CD-R හෝ DVD-R එකේ නම යනාදි විස්තර ඇති Label එක තියේනවා.

අපි හිතමු , අපිට කිසියම් ෆයිල් එකක් මේකේ ගබඩා කරගන්න ඕන කියල. මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1 0 0 1 ලෙසට කියල හිතමු. එවිට අදාල විනිවිද පෙනෙන කොටස් හා පිච්චුනු අදුරු කොටස් මෙහි නිර්මාණය වෙන ආකාරයත් , මේ පහල රුපයේම පෙන්වා තියේනවා.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් අපි බලමු CD-RW හා DVD-RW ගැන.

මෙහි RW එකේන් කියන්නේ ReWritable කියන එකයි. ඒනම් නැවත නැවත දත්ත ගබඩා කල හැකි බවයි. මෙසේ නැවත නැවත දත්ත ගබඩා කරන්න නම් , කලින් තිබුන දත්ත මකා දැමිමට පුලුවන් වෙන්නත් ඕන. මොකද අලුත් ෆයිල්ස් Write කරන්න ඕන ඉඩ ප්‍රමාණය නැත්නම් , දැනටමත් තියේන ෆයිල්ස් මකන්න වෙනවා. එහමනම් මේවා කරන්නේ කොහමද..

* මේවායේත් පහලම ස්ථරය වෙන්නේ ප්ලාස්ටික් ස්ථරයම තමයි. ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් දත්ත ගබඩා වෙන ස්ථරය තියේනවා. මේ දත්ත ගබඩා වෙන ස්ථරයත් , විනිවිද පෙනේන ස්ථරයක්ම තමයි. මේ ස්ථරය ඝන ස්ථරයක් බව ඔබ කොහමත් දන්නවනේ. මේවායේ 0 ගබඩා කිරිමට ඕන විට , අදාල ඝන කොටස් මෘදු කරනවා. මෙසේ මෘදු කරන්නේ සෙන්ටිග්‍රේට් අංශක 80කට පමණ උණුසුම් කරනවා.  1 ගබඩා කරන්න ඕන නම් , මුකුත් කරන්නේ නැතුව ඒ ඝන විනිවිද පෙනෙන ස්ථරය ඒ විධියටම තියනවා.

* අපි හිතමු , අපි Write කරපු දේයක් මකන්න ඕන කියල. ඒක කරන්නේ මෙහමයි. ඒ සදහා , අර අපි මෘදු කරපු කොටස් , නැවතත් ඝන තත්වයට පත් කරන්නයි ඕන. මෙසේ කරන්නේ අදාල කොටස් වලට විතරයි. මේ සදහා , CD-RW හෝ DVD-RW එක සෙන්ටිග්‍රේට් අංශක 40ක පමණ උණුසුමකට ලක් කරනවා. එවිට මෘදු කොටස් , ඝන තත්වයට පත් වි , ඒම ඝන කොටස් මගින් 1 දක්වනවා. අනිකුත් මෘදු කොටස් මගින් 0 දක්වනවා.

අපි හිතමු ඝන තත්වයේ තිබි , මෘදු කල කොටසක් , සාමාන්‍යයේන් කාමර උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේට් අංශක 25 වගේ උෂ්ණත්වයකට ලක් වුනා කියල , ඒ තියේන මෘදු ගතිය නැති වෙලා , ඝන තත්වයට කොහේත්වම පත්වෙන්නේ නැ.

VCD කියන්නේ මොනවද , මොකක්ද ??

VCD කියන්නේ සංකල්පයක් විතරයි. ඒ කියන්නේ මෙහමයි. CD නිර්මාණය වුන මුල් කාලයේ , රුපවාහිනිය මගින් ඒම CD වල තියේන දේවල් බලන්න පුලුවන් Video Players - LG , Panasonic වැනි සමාගම් වලින් නිපද වුවා. නමුත් LG වල ධාවනය වෙන CD , Panasonic වල ධාවනය වුනේ නැ.  Panasonic එකේ ධාවනය වෙන ඒවා , LG එකේ ධාවනය වුනේ නැ. ඉතින් , මේක ගොඩාක් ලොකු ප්‍රශ්ණයක් වුනා. ඒ නිසා සමාගම් සියල්ලම එකම ක්‍රමයකට / සංකල්පනාවකට , තමන්ගේ Video Players නිපදවන්න එකග වුනා. ඒ ක්‍රමයට තමයි VCD කියල කියන්නේ. VCD කියන එකේ තේරුම් වෙන්නේ Video Compact Disk කියන එකයි.

දැන් නම් , බොහෝ විට භාවිතා වෙන්නේ DVD Players තමයි. ඉතින් , මේ DVD Players පවා සියලුම සමාගම් විසින් නිපද වන්නේ එකම ක්‍රමයකටයි / සංකල්පනාවකටයි. මේ DVD Players වල භාවිතා වෙන ක්‍රමයට කියන්නේ DVD-Video කියල තමයි.

හරි , ඉතින් මේ කරුණු තමයි මේ 3 වන පාඩමේදි කියන්න තියේන්නේ.

අපි තවත් අලුත් දේයක් , පරිගණක තාක්ෂණය 04 වන පාඩමේදි බලමු. 



Read More »

Tweet Now !!