සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ඕනැම වෙබ් හා බ්ලෝග් සයිට් එකකට , Original හා Quality , Traffic 1000 ක්ම හෝ ඊට වැඩියේන් ඕන නම් , මේ දැන්ම මේක බලන්න. [ How To Get Original & Quality 1000 Traffic For Your Web & Blog Sites. ]


අද වන විට වේ ගොඩාක් වෙබ් හා බ්ලෝග් සයිට් තියේනවා. ඒ කියන්නේ , වෙබ් හා බ්ලෝග් සයිට් ලක්ෂයකට ලන් වෙන්නම තියේනවා. සමහර විට ඊට වඩා වැඩියේනුත් ඇති.

හරි , කොහම වුනත් , හැමෝම කැමතිනේ තමන්ගේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට වැඩියේන් කට්ටිය එනව නම්. ඉතින් , මේ විධියට සයිට් වලට කට්ටිය එන එක හදුන්වන්නේ , හොද Traffic එකක් ලැබේනව කියලයි.


ඉතින් , අපිත් හිතුවා , ඔය හැමෝගේම කැමත්ත ඉටු කර්ල දෙන්න.

ඒ කිව්වේ , ඔයාලගේ ඕනැම වෙබ් හා බ්ලෝග් සයිට් එකකට හෝ කිපයකට Original හා Quality , Traffic 1000ක් හෝ ඊට වැඩියේන් ලබා දෙන්න.

මේ වැඩේ ටිකක් නිකන් නම් කරන්න අමාරුයි.

මේ වැඩේදි , මටත් දේවල් කිපයක් ඕන වෙනවා. ඒ නිසයි , නිකන් කරන්න අමාරු.
ඉතින් , ඒ නිසා පොඩිම පොඩි මුදලක් අය කරන්න සිදු වෙනවා.
ඒකට , ඔයාල කැමති නම් , වැඩේ හරියටම කරල දෙන්න පුලුවන්.

මෙන්න , අපේ මිළ.

* Original හා Quality , Traffic 1000කට - රු 50 /=
* Original හා Quality , Traffic 2000කට - රු 100 /=

මේ මුදල ගොඩාක්ම සාධාරනයිනේ.
හැමෝටම වගේ මේ වගේ ගානක් දෙන්නත් පුලුවන්.
හැමෝම ගැනම හිතලයි , මේ වගේ පොඩි මුදලක් ගන්න හිතුවේ.

* අපේ මේ මිළට , ඔයාලගේ සයිට් වලට Original හා Quality , Traffic 1000ක් හෝ වෙන ඕන ගානක් ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපට Email එකක් දාන්න.



ඒ වගේම , ඔබේ මුදල් Dialog Ez Cash මගින් ගෙවන්න පුලුවන්.

සැ. යු. - Dialog Ez Cash වලින් මුදල් ගෙවන ආකාරය.

* මුලින්ම Dialog Ez Cash කියල Board එකක් ගහල තියේන කඩයකට ගිහින් , මේ කියන දුරකතන අංකයට රු 50ක් Ez Cash කරන්න කියන්න.

* එතකොට , එකේ අයිතිකරු , ඒ ගාන Ez Cash කරාම , ඔයාට , අයිතිකරුට රු 50 දිල එන්න විතරයි තියේන්නේ.

* ඒ විධියට මුදල් Ez Cash කරල , මට Call එකක් දෙන්න , මුදල් එව්වා කියල.

සැ. යු. - මුදල් Dialog Ez Cash කල යුතු දුරකතන අංකය හා මට Call කල යුතු දුරකතන අංකය , ඔබ විසින් මට , මේ උඩ ලින්ක් එක භාවිතා කරල පණිවිඩයක් එව්වට පස්සේ , ඒකේන්ම Reply කරන්නම්. ( මොකද දුරකතන අංක පොදුවේ දාන්න බැනේ. )


ස්තුතියි ,
සෙවන් නෙට්.
Ref_banner 928x90

10 Comments:

ඕනෑම පොස්ටුවක් තත්පර 2කින් හැම Facebook Group එකකම Share කරමු !! [ How To Share Any Post To All Facebook Groups At Once. ]

හායි හායි ඉතින් කොහොමද යාලුවනේ..? ඔන්න ආයෙත් මං ගොඩ කාලෙකට පස්සේ පොස්ටුවක් අරන් ආවා... අද නම් ගෙනාවේ ෆට්ට පොස්ටුවක්..! මට හොදටම විශ්වාසයි මේ පොස්ටුව නම් ගොඩාක් අයට වැදගත් එකක් වෙයි කියලා..



මොකද ඉතින්, Facebook එකේ තමන් ඉන්න  group හැම එකකම තමන්ගේ පොස්ටුවක් තප්පර 2, 3කින් share කරගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක්ද නේ..? ඔය web site කරන කට්ටියට තමන්ගේ post share කරන්න, තව e-money එහෙම කරන අයගේ referral link එහෙම share කරන්න වගේ ගොඩක් දේවල් වලට මේ පොස්ට් එක අනිවා අත්‍යාවශ්‍ය පොස්ටුවක් වන බව මට නොඅනුමානයි!!

මෙහෙමයි, තමන් ඉන්න  group හැම එකකම තමන්ගේ පොස්ටුවක් තප්පර 2, 3කින් share කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා..

එකක් තමයි, මේ ඕන කෙනෙක් දන්න script එහෙම නැත්තම් අපි අර codes කියල කිව්වේ.. දැන් ටික කාලෙකට කලින් මේ codes, Facebook එකේ ගොඩක් ජනප්‍රිය වුනා.. කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් අන්තිමේදී Facebook එකෙන්ම, අපි F12 press කරලා Console එකේ code paste කරනකොට ඒවා scam විදියට පේන්න සැලැස්සුව... ඇත්තම කියනවා නම්, Facebook එකෙන් කරපු ඒ වැඩේට මාත් එකඟයි..මොකද කියනවනම්, මේ code එක ලියන අය, තම අයුතු ප්‍රයෝජනද මේ හරහා ඉටු කරගත් බැවිනි. ඔයාලත් ඒ විදියේ code එකක් use කරලා activity log එකට ගිහින් බැලුව නම් ඔයාලටත් තේරේවි.. ගොඩක් වෙලාවට අපි, මේ code හදපු කෙනාගේ photo වලට එහෙමත් like කරලා අපි දන්නෙවත් නැතුව.. ඉතින් ඒ වගේ code use කරන එක ගොඩක් භයානක වැඩක්!
ඒ නිසා තමයි මං මේ, අලුත් ක්‍රමයක් ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ..

අපි අපේ පොස්ටුවක්, Facebook එකේ හැම group එකකම share කිරීමට මෙහිදී භාවිතා කරන්නේ අපේ Facebook login email එක.. මේ ක්‍රමය Facebook එකේ අවසරය ඇති දෙයක්.. හැබැයි ඉතින් ඕනෑම දෙයක් ඕනවට වඩා එපා කියනවනේ.. ඒ වගේ මේ ක්‍රමයත් ඔයාල ඕනවට වඩා පාවිච්චි කරන්න ගියොත් block වෙයි හොදද... අනිත් කාරණය තමයි, මේ ක්‍රමයට photos එහෙම share කරන්න බෑ.. type කරපු පොස්ට් එකක් සහ link පමණයි මේ ක්‍රමෙන් share වෙන්නේ!

හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු! මේ වැඩේ පටන් ගන්න කලින් මේකත් කියන්න ඕනි, අපි මේ වැඩේ කරන්න කලින් මම මේ පහළ කියල තියෙන දේවල් ඔක්කොම කරන්න ඕනි.. හැබැයි ඒ හැමදේම එක පාරක් විතරයි කරන්න ඕනි.. මොකද මේ කියල තියෙන ටික කරන්න පැය භාගයක් වත් ඔයාලට යයි! ඊට පස්සේ, ඔයාලට ඕන තරම වාර ගානක් Facebook එකේ post share කරන්න පුළුවන් තප්පර 2 , 3කින්..

මේකෙදි අපි යොදාගන්න දේවල් තමයි : chrome browser, notepad++ , ඔයාගේ Facebook login email එක සහ chrome extension එකක්.

මුලින්ම ඔයාල chrome browser එකට මම මේ දෙන extension එක install කරගන්න! chrome නැතුව UC browser වුනත් අව්ලක් නෑ.. Firefox වලට නම් මේ extension එක එනවද කියල කියන්න නම් දන්නේ නෑ.. මේ extension එක ඇවිල්ලා Link Klipper.. මේකෙන් කරන්නේ, යම්කිසි page එකක් තියෙන සියලුම link ක්ෂණිකව copy කරගැනීමයි.
එහෙනම් මෙන්න install කරගන්නකො.. CLICK HERE




ඕක install කරගත්තම ඔය උඩ පින්තූරේ වගේ icon එකක් ඇවිත් තියේවි browser එකේ..
දැන්, ඔයාලා ඉන්න group ටික බලාගන්න ඕනි.. ඒකට fb log වෙලා, මේ link එකෙන් එන්න.. CLICK HERE
ඔය link එකට ගියාම මේ වගේ page එකකට ඔයාලා ඒවි..



දැන් ඔතන ඔය Your Groups කියල තියෙන්නේ, දැනට ඔයා join වෙලා ඉන්න group ටික. හරි එහෙනම් දැන් හැමෝම, ඔය page එකේ පහළට පහළට scroll කරගෙන යන්නකෝ... ඔය page එකේ පහළට ගිහින් page එක ඉවර වෙන තැනක් ඒවි..එතකම්ම පහළට යන්න.. දැන් අර Link Klipper කියන extension එක click කරලා, Options වලට යන්න..එතකොට අලුත් tab එකක් open වෙයි.
ඕකේ,
Export the file as (Extension) කියන තැන TXT කියලා දෙන්න..
Regex කියන තැන https://www.facebook.com/groups කියලා දෙන්න..
Multiple Extensions කියන තැන මොකුත් නැතුව හිස්ව තියලා Save කරලා ඒ tab එක close කරන්න...

ඊට පස්සේ ආයෙත් Link Klipper කියන extension එක click කරලා, Extract All Links කියන එක click කරන්න...එතකොට ඔන්න text file එකක් download වේවි..ඒ file එක open කලාම නිකං මේ වගේ ඇත්තේ..



ඔන්න දැන් තමයි අපි මේකේ වැදගත් ටික පටන් ගන්නේ.. මේකට අපිට notepad++ ඕනි වෙනවා.. කෙටියෙන්ම කිව්වොත්, notepad++  කියන්නේ notepad එක වගේම හැබැයි ඊට වඩා ගොඩක් advance text editor එකක් කියල කියන්න පුළුවන්. මේක මෙතනින් download කරගන්න.. CLICK HERE

දැන් එහෙනම් අපි අර download කරගත්ත text file එක notepad++ එකෙන් open කරගන්න.. ඕකේ සමහරවිට මෙන්න මේ පින්තූරේ තියෙන link වගේ ඒවත් ඇති..



අපිට ඒ link වැඩක් නෑ.. ඒ නිසා ඒවා select කරලා delete කරලා දාන්න.. මේ වගේ අනවශ්‍ය link ඔයාගේ text file එකේ තියෙනවා නම් ඒවා අනිවා තියෙන්නේ, text file එකේ උඩම හෝ යටම..ඒ නිසා text file එකේ උඩම සහ යටම පොඩ්ඩක් check කරලා බලලා  අනවශ්‍ය link select කරලා delete කරලා දාන්න..  මෙන්න මේ වගේ අනවශ්‍ය ලින්ක් delete කරන්න..
https://www.facebook.com/groups/?category=membership&ref=bookmark_header#newsFeedHeading
https://www.facebook.com/groups/?category=membership&ref=bookmark_header#
https://www.facebook.com/groups/546554668833380/562126460609534/?ref=notif&notif_t=group_activity
https://www.facebook.com/groups/?category=top
https://www.facebook.com/groups/?category=friends
https://www.facebook.com/groups/?category=local
https://www.facebook.com/groups/?category=invited

අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ තියෙන link විතරයි..
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/?ref=browser
https://www.facebook.com/groups/920871764597865/
https://www.facebook.com/groups/920871764597865/?ref=browser

ඇත්තම කිව්වොත් මගේ මේ වගේ lines 783 තියෙනවා..ඒක notepad++ එකේ යටම තියෙන bar එකේ පෙන්නනවා.. දැන් ඔය links ටික දිහා පොඩ්ඩක් බලන්න.. එක වගේ ලින්ක් තියෙනවා නේද? මෙන්න මේ වගේ,
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/?ref=browser

මේ ලින්ක් 2ම එකයි..ඉතින් ඔයාලගෙත් මේ වගේ ඇති..දැන් අපි අන්න ඒ duplicate ලින්ක් එක delete කරන්න ඕනි.. ඒක කරන්නේ මෙහෙමයි.. notepad++ එකේ මෙහෙම icon එකක් ඇති..ඒක click කරන්න..



දැන් අලුතින් ආපු window එකේ Mark කියන tab එක click කරලා , Find what : කියන තැනට ?ref=browser කියලා දෙන්න. ඊට ටිකක් පහලින් තියෙන Bookmark line කියන එකට tik එකක් දාලා Mark All කියන එක click කරන්න..



ඊළගට එන popup window එක OK කරන්න.. දැන් බලන්න ඔයාලගේ text file එක මේ වගේ නිල් පාට රවුම් එක්ක ඇති..



දැන් උඩ තියෙන menu bar එකේ Search කියන එකට ගිහින්, Bookmark වලින් Remove bookmarked lines කියන එක click කරන්න..දැන් අර  නිල් පාට රවුම් තිබුණු lines ඔක්කොම remove වෙලා ඇත්තේ..දැන් බලන්න මුළු file එකේම lines කීයක් තියේද කියලා.. මගේ 392ක් තියෙනවා මේ වෙනකොට..ඒ කියන්නේ මම දැනට Facebook එකේ group 392කට join වෙලයි ඉන්නේ.. ඔයාලත් ඒ විදියට බලාගන්න ඔයාල join වෙලා ඉන්න group ගාන..

මං අර කලින් කිව්වේ notepad++ එකේ icon එකක් click කරන්න කියලා..හරි දැන් එහෙනම් ආයෙත් ඒක click කරලා Replace කියන tab එකට ගිහින්, එකේ Find what : කියන තැනට https://www.facebook.com/groups/ කියලා දෙන්න. Replace with: කියන එක හිස්ව තියලා Replace All කියන එක click කරන්න..

දැන් ඊට පස්සේ ආයෙත් අර icon එකම click කරලා Replace කියන tab එකට ගිහින්, එකේ Find what : කියන තැනට  /  කියලා දෙන්න. Replace with: කියන තැනට @groups.facebook.com, කියල දීලා, Replace All කියන එක click කරන්න..

දැන් ඔය file එකේ යටටම ගිහින් අන්තිමට තියෙන ******@groups.facebook.com, කියන එකේ  ,  එක ඉවත් කරලා ඕක text file එකක් විදියට save කරගන්න.. දැන් ඔය notepad++  ඒකත් close කරලා දාන්න. ඔන්න අමාරුම වැඩ කොටස ඉවරයි.. 90%ක් complete !!

ඊළඟට, ඔයාලා ඔයාලගේ Facebook log වෙන email එකට යන්න..ඒක gmail, yahoo mail වගේ මොකක් උනත් කමක් නෑ..හැබැයි ඔයා Facebook log වෙන email එක වෙන්න ඕනි හොදේ.. email එකට ගිහින් sign in වෙලා, Compose හෝ Compose mail කියන එකට යන්න..ඒ කිව්වේ දැන් අපි ඔන්න mail එකක් යවන්නයි හදන්නේ... ඊට පස්සේ ඕකේ දැන් තියෙනවනේ To: , CC: , BCC: කියලා වගේ ඒවා..
ඒවායින් BCC: කියන එකේ ඔයා අර save කරපු file එකේ තියෙන ඔක්කොම ටික copy paste පාරක් දාන්න..
ඒ කිව්වේ, අර text file එක open කරලා Ctrl+a  press කරලා, Ctrl+c  press කරලා BCC කියන එකේ හිස් කොටුව ඇතුලේ cursor එක තියලා Ctrl+v  press කරන්න..එතකොට අර save කරපු file එකේ තියෙන ඔක්කොම ටික ඔතනට paste වේවි.. Subject කියන තැනට මොකුත් type කරන්න අවශ්‍ය නෑ.. දැන් ඉතින් සාමාන්‍ය විදියට ඔයාට group වල share කෙරෙන්න ඕන post එක, ඔය mail එකේ body එකේ type කරන්න..
ඊට පස්සේ Send කියන එක click කරපු ගමන් Facebook එකේ ඔයා join වෙලා ඉන්න හැම group එකකම ඒ පොස්ටුව share වේවි තප්පර කිහිපයකින්...

අවවාදයයි : ඔබ මං වගේ group 300 ගානක් වගේ හෝ ඊටත් වැඩි ප්‍රමාණයකට join වී ඇත්නම්, එකවර ඒ group 300ම පොස්ටුව share නොකර, ඉන් අඩකට පමණ share කර පසුව නැවත ඉතිරි ටික මද වෙලාවකින් share කරන්න.. තවද, ඔබ group 100 ක් හෝ ඊටත් අඩුවෙන් හෝ ඊටත් වැඩියෙන්  ප්‍රමාණයකට join වී ඇත්නම්, දිනකට දෙතුන් සැරයකට වඩා මෙම ක්‍රමය භාවිතයෙන් වළකින්න! මොකද නැත්තම් block වේවි..ඇත්තම කියනවා නම් group 70කට වඩා, එක දවසකදී පොස්ට් share කරන්න එපා.. මම මේ මොහොත වෙනකොටත් block වෙලයි ඉන්නේ !!

ඔන්න ඔහොමයි group වල පොස්ට් share කරන්නේ..දැන් අපි හිතමු ඔයාට හෙටත් පොස්ටුවක් group වල share කරන්න ඕනි කියල, එහෙනම් ඔය මං අර කියපු විදියට mail එකට ගිහින් BCC වල අර ඔක්කොම paste කරලා , අවශ්‍ය පොස්ටුව type කරලා Send කරන්න විතරයි තියෙන්නේ...අපි අර මුලින්ම කරපු අනිත් කිසිම දෙයක් නැවත කිරීමට අවශ්‍ය නැත..!!

ඔන්න එහෙනම් , කවුරුවත් රහසක් විදියට තියාගෙන හිටපු තප්පර 2, 3කින් Group වලට post share කිරිල්ල , මං ඔන්න හෙළි කළා..

අන්තිම වශයෙන් තව දෙයක් කියන්න ඕනි.. ඒ තමයි, මේ extension එකක් දාගෙන notepad++   use කරලා group හැම එකකම link copy කරගෙන, ඒවායේ duplicate link අයින් කරලා, ඒ හැම group එකකම Group Id එකට පිටිපස්සෙන් @groups.facebook.com, කියලා දාන එක වගේ දේවල් හැම එකක්ම කරන විදිය, මේ තරම් ලේසියට මමම තමයි හොයාගත්තෙ.. නැත්තම් නිකං හිතල බලන්න group 300කට 400කට විතර මේ වැඩේ එකින් එක කරන්න ගියොත් කොච්චර වෙලාවක් යයිද කියලා.. ඒකයි මේ වගේ ක්‍රමයක් මං ඔයාලට ඉදිරිපත් කලේ.. මේ වෙනතුරු මේ දැන් කියපු ටික කරන්න, පහසු ක්‍රමයක් මේ ලෝකේ කිසිම වෙබ් අඩවියක තිබුනේ නෑ.. ඉතින් ඊට වඩා ලේසි ක්‍රමයකින් අපි ඒ කරපු දේවල් ටික කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් හෝ අදහසක් ඔයාලා ළඟ තියෙනවා නම්, මාව අනිවා ඒ පිළිබඳව දැනුවත් කරන්න!

දැන් ඉතින් මෙච්චර දෙයක් කියා දීලත් දැක්කේ නෑ වගේ තමන්ගේ අදහස් comment නොකර යන්න තරම කුහක නොවී, තම අදහස් comment කරලා යන්න.. මොකක් හරි අවුලක් තියේ නම් ඒත් comment කරන්න.. නැත්තම් ඉතින් direct facebook එකෙන් මං contact කරගන්න!
හරි එහෙනම් ඔන්න මං ගියා... කස්ටියටම බුදුසරණයි !! ආයෙත් නොබෝ දිනකින් හමුවීමේ බලාපොරොත්තුව ඇතුව, මම තාවකාලිකව සමුගනිමි!!




2 Comments:

Scanner එකක් මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේන් පෙන්වන හා ගබඩා වන ආකාරය හා ජායාරුප , අන්තර්ජාලයට Upload කරන විට සිදුවන ක්‍රියාවලිය ඇතුලු තවත් බොහෝ දේ දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 04 ) [ Learn About How a Scanner Digitized a Picture & What Happen When We Upload The Pictures To The Internet. ]


හරි , අදත් පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 04 වන පාඩමත් අරන් ආවා. අද කතා කරන්නේ Scanner එකක් ( සුපරික්ෂණයක් ) මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේ ගබඩා වන ආකාරය හා ජායාරුප , අන්තර්ජාලයට Upload කරන විට සිදුවන ක්‍රියාවලිය ඇතුලු තවත් බොහෝ දේ දැන ගන්න පුලුවන්.

තවත් දේයක් තමයි , ඔබලා මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවට කැමතිද දන්නේ නැ. මොකද ලැබෙන Comment ප්‍රමාණයත් පවා අඩු වුනා. ඒ ගැන නම් දුකයි. මොකද , අපට ඔබේ අදහස් ඉතාමත්ම වටිනවා.
දැන් අපි පාඩම ගැන බලමුකෝ..

අපි මුලින්ම Scanner එකක් ( සුපරික්ෂණයක් ) මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේ ගබඩා වන ආකාරය , ජායාරුප - පරිගණකයේන් පෙන්වන ආකාරය ගැන බලමු.

අපි හිතමු එක ජායාරුපයක් තියේනවා. ඉතින්  මේ ඕනැම ජායාරුපයක ගණන් කල නොහැකි තරම් තිත් තියේනවා. මේ තිත් සියල්ලම එකතු වෙලා තමයි ජායාරුපයක් නිර්මාණය වෙන්නේ. අපිට ජායාරුපයක් පරිගණකයට දාන්න නම් , මේ ගණන් කර ගත නොහැකි තිත් සියල්ලම පරිගණකයට පිටපත් කල යුතුයි. නමුත් , මේ කාර්ය ඉතාමත් අපහසු කාර්යක්. ඒ නිසා තමයි , මේ කාර්ය පහසුවෙන් කරගන්න Scanner එකක් යොදා ගන්නේ. Scanner එකකදි ජායාරුපයක් ගණන් කල හැකි වර්ණ කො‍ටු වලට බෙදනවා. මේ එක වර්ණ කො‍ටුවක් , Pixel එකක් ලෙස තමයි හදුන්වන්නේ.

මෙසේ Scanner එක මගින් ගණන් කල හැකි සේ බෙදන ලද වර්ණ කො‍ටු හෙවත් Pixels පරික්ෂා කරමින් පරිගණකයට ලබා දෙනවා. අවසානයට සම්පුර්ණ ජායාරුපයක් , පරිගණකයේන් දැක ගන්න පුලුවන්.

* නමුත් , තව දේයක් තියේනවා. ජායාරුපයක තියේන වර්ණ , පරිගණකයක ගබඩා වෙන්නේත් වෙනස් විධියකටයි.
සියලුම වර්ණ , ප්‍රධාන වර්ණ 3කට බෙදනවා. ඒ රතු , කොළ හා නිල් ( RGB ) ලෙසයි.

ජායාරුපයක Pixel එකක රතු , කොළ හා නිල් පාට තියේන තැන අනුව වර්ණ ගැන්විම තමයි සිදු වෙන්නේ.

ඒ කියන්නේ මෙහමයි. 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් ගැන හිතා ගන්න. ( ඒනම් , දිග 10cm ක් හා පළල 10cm ක් වන සමචතුරස්‍රාකාර ජායාරුපයක්. ) දැන් , ඒ ජායාරුපයේ එක Pixel එකක් ගැන හිතන්න. එක Pixel එකක , අර කලින් කිව්ව වර්ණ 3ම අඩංගු වෙනවා. Pixel එකක් කියන්නේත් කො‍ටුවක්. ඉතින් , මේ කො‍ටුවේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු , කොළ හා නිල් වර්ණ තියේන ප්‍රමාණ අනුව මොනිටරය , ඒම වර්ණ ජායාරුපයට සපයනවා. අපි හිතමු , ජායාරුපයේ පළමු Pixel එකේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු 20ද , කොළ 30 ද හා නිල් 40ක්ද නම් තියේන්නේ , මොනිටරය නිසියාකාරව , ඒම වර්ණ ප්‍රමාණයට අනුකුලව ජායාරුපයට ලබා දෙනවා.

* අපි මෙහිදි , ජායාරුපයේ එක Pixel එකක් ගැන හිතන්න කිව්වේ , මෙය තේරුම් ගැනිමේ පහසුව සදහායි. නමුත් , ජායාරුපයේ මුල් Pixel කො‍ටුවේ ( 1 , 1 ) කියන ස්ථානයේන් පටන් ගෙන අවසන් Pixel එකේ ( 100 , 100 ) කියන ස්ථානය දක්වාම , රතු , කොළ හා නිල් වර්ණ එක සැරේම තමයි මොනිටරය විසින් ලබා දෙන්නේ.

අන්න එහම තමයි , වර්ණවත් ජායාරුපයක් , අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ.
අපි මෙහිදි , ( 100 , 100 ) කියන ස්ථානය යොදා ගත්තේ , මේක 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් නිසයි. ඔබේ ජායාරුපයේ දිග , පළල අනුව අවසන් ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.

ජායාරුපයේ ස්ථාන වලට අදාලව පැය 24ම , මොනිටරය මගින් වර්ණ ලබා දි ගෙනම තියේන්නේ නැ. අපිට ඕන කරන ජායාරුපය ඩබල් ක්ලික් කර , Open වන විටම තමයි , මොනිටරය මගින් ජායාරුපයේ අදාල ස්ථාන වලට අයිති වර්ණ ලබා දෙන්නේ. ඉතින් හිතන්න , මේක මොන තරම් වේගයේන් වන ක්‍රියාවලියක්ද කියලා..

* ඒ වගේම , ජායාරුපයක Pixel ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න , ජායාරුපයේ ගුණාත්මකභාවයද ( Quality ) වැඩි වෙනවා. ඒ නිසාමනේ , අපි හැම තිස්සේම වැඩි Mega Pixel ප්‍රමාණයක් තියේන ස්මාට් ජංගම දුරකතන හා කැමරා ගන්න උත්සහා කරන්නේ.

ඒ වගේම , Pixel 1000 x 1000 = Mega Pixel 1.

දැනට බොහෝ දෙනා ලග Mega Pixel 5 ( 5 MP ) කැමරාවක් තියේන ජංගම දුරකතනයක් තියේනවනේ. එවිට , Mega Pixel 5ක ජායාරුපයක , Pixels 5,000,000 ( මිලියන 5ක් ) තියේනවා. ඒ කියන්නේ ජායාරුපයක් වර්ණ කො‍ටු මිලියන 5කට බෙදනවා. ඉතින් , මෙවැනි ජායාරුපයක තියේන ගුණාත්මකභාවය අයේ කියන්න ඕන නැනේ. Mega Pixel 5ට වැඩි කැමරාවකින් ගත්තු ජායාරුපයක තියේන ගුණාත්මකභාවය ගැනත් , අයේ හිතන්නවත් දේයක් නැනේ එහනම්.. :D

හරි , දැන් අපි බලමු අන්තර්ජාලයට ජායාරුපයක් Upload කරන විට සිදුවන ක්‍රියාවලිය පිළිබදව.

අපේ පරිගණකයේ තියේන 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් ගැන හිතන්න. මේ ජායාරුපය අන්තර්ජාලයට Upload කරන්න ඕන. අපි කිසියම් හෝ සයිට් එකකට ගිහින් , ඒ අදාල ක්‍රමය භාවිතා කරල , පරිගණකයේන් , Upload වෙන්න ඕන ජායාරුපය ‍තෝරල දෙනවා. ‍තෝරල දුන්නට පස්සේ , මොකද වෙන්නේ ??

මෙහිදි , අපි මතුපිටින් ජායාරුපයක් Upload කරාට , ඇත්තටම Upload වෙන්නේ වගුවක්. ඒනම් , මේ ජායාරුපයේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු මෙච්චරයි , කොළ මෙච්චරයි හා නිල් මෙච්චරයි කියන දත්ත වලින් තමයි , ඒ වගුව නිර්මාණය වෙලා තියේන්නේ. ජායාරුපයේ මුල් Pixel එකේ ( 1 , 1 ) ස්ථානයේ සිට අවසන් Pixel එකේ ( 100 , 100 ) ස්ථානය දක්වාම රතු , කොළ , නිල් වර්ණ තියේන විධිය මේ වගුවේ ඇතුලත් වෙනවා.
අපි මෙහිදි , ( 100 , 100 ) කියන ස්ථානය යොදා ගත්තේ , මේක 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් නිසයි. ඔබේ ජායාරුපයේ දිග , පළල අනුව අවසන් ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.

මේ පහල රුපයේන් පෙන්වා තියේන්නේ , අන්තර්ජාලයට ජායාරුපයක් Upload කරන විට , ජායාරුපයට අදාලව Upload වෙන වගුවයි. 
මෙහි ( 1 , 2 ) පස්සේ තිත් 2ක් තියල තියේන්නේ , ( 1 , 2 ) පස්සේ ( 100 , 100 ) දක්වා සියලුම ස්ථාන තියේන බව පෙන්වන්න ඕන නිසයි.


මේ ජායාරුපයේ , මේ ස්ථානයට , මෙච්චර රතු ප්‍රමාණයක් දෙන්න , මෙච්චර කොළ ප්‍රමාණයක් දෙන්න , මෙච්චර නිල් ප්‍රමාණයක් දෙන්න කියලා , මේ සියලු කටයුතු පාලනය කරන්නේ මතක උපාංග මගිනුයි.

අද පාඩමේ කියන්න තියේන්නේ මෙච්චරයි. අපි , මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේදි කතා කරපු දේවල් ගැන ඔබලා දැන ගෙන සිටියද , නැද්ද කියන්න නම් අපි දන්නේ නැ. අපි හිතනවා , ඔබලා මේවා දැන ගෙන ඉන්නත් ඇති කියලා. නමුත් , අපිට ඕන වුනේ පරිගණකයේ ඇතුල් පැත්ත ගැන කතා කරන්නයි.

හරි එහනම් , අපි ඊලග පරිගණක තාක්ෂණය පාඩමේන් තවත් අලුත් දේයක් ගැන බලමු.


---------------------------------------------------------

පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ සියලුම ලින්ක්. 



3 Comments:

ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 03 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]


ඔන්න හුග කාලයකට පස්සෙ මම Post එකක් අරන් ආවා.ඒ තමයි අර PHP Tute Set එකෙ 3 වනි කොටස.මේක අන්තර්ගත කරුනු ගැන කියනව නම් if else statement ගැන තම තියෙන්නෙ. පොඩි pdf එකක් උනාට තියෙන වැඩ ගොඩ එකක් කරන එක ටිකක් අමරුයි. කවුරු හරි PHP දන්නව නම් එයට පුලුවන් මාත් එක්ක Set වෙලා වැඩේ කරන්න. අනික ඔය Code එන්න එන්න ලොකු වෙනවා වෙනම Text Editor එකක Type කරල තමා දාන්න වෙන්න. හරි මේ pdf එකෙ තියෙන පොඩි කරුණු කිහිපය හොට ඔලුවට දාගන්නකෝ. තව සති 2 කින් වගෙ ලග එක දෙන්න Try කරන්න්ම්.

* මේ පහල Download Button එක ක්ලික් කරල , PHP in Sinhala - Part 03 ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහම නැත්නම් ඩවුන්ලෝඩ් කරන් නැතුව බලන්නත් පුලුවන්.


* Google Drive එකේ තියේන පොඩි ගැටලුවක් නිසා , සමහර විට සම්පුර්ණ Pdf එකම පෙන්වන්නේ නැති වුනෝත් , මේ පහල ලින්ක් එකේන් PHP pdf එක ඩවුන්ලෝඩ් කරගන්න.
PHP සිංහලේන් පාඩම් මාලාවට අදාල සියලුම ලින්ක්.



7 Comments:

VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ සියලුම දෝෂ ගැන දැන ගෙනම , ඒවා පහසුවෙන් විසදා ගන්නා ආකාරය. [ What Are VGA Card / Video Card Errors & How To Fix VGA / Video Card Errors. ]


VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ මතුවන සියලු දෝෂ කෙළින්ම පෙන්වන්නේ පරිගණකයේ මොනිටරය මගිනුයි. ඒම නිසා , දෝෂ සොයා ගැනිම ආරම්භ කරන්න ඕන මොනිටරය හොද තත්වයේන් තියේනවද කියල බලලයි. මොකද , මොනිටරය වැඩ කරන්නේ නැත්නම් , මොනිටරය මගින් පෙන්වන විඩියෝ කාඩ් එකේ දෝෂ ගැන දැන ගන්නේ කොහමද ??

ඒ වගේම VGA කාඩ් එක කිව්වත් , විඩියෝ කාඩ් එක කිව්වත් , කිසිම ප්‍රශ්ණයක් නැ. නම් 2ම කියන්නේ , එකම දෙයකටයි. VGA කියන එකේ තේරුම තමයි Video Graphics Array කියන්නේ.

* මොනිටරයට විදුලි බලය ලැබෙනවද ??

මොනිටරය වෙත විදුලි බලය ලබා දෙන Power Cable එක නිසි පරිදි සවි වි ඇත්දැයි බලන්න. එසේ සවි වි ඇතත් , ඇතම් විට එය ඇතුලතින් කැඩි තිබිය හැකි බැවින් System Unit එකට බලය ලබා දෙන කේබල් එක තාවකාලිකව මොනිටරයට සවි කර බලන්න. එහිදි මොනිටරයට විදුලිය ලැබේ නම් දෝෂය ඇත්තේ කේබල් එකේ වේ. ඒම නිසා , ඒම කේබල් එක මාරු කරන්න. එමෙන්ම මොනිටරය වෙත සිග්නල් ලබා දෙන , VGA කේබල් එකද හොදින් සවි වී ඇත්දැයි බලන්න. ( නමුත් , සමහර වෙලාවට දැන් එන මොනිටර වලට නම් , - එකේ කේබල් එක සවි කරන්න බැ. ඉතින් එහම වුනෝඅත් නම් කරන්න දේයක් නැ. )

* මොනිටරයේ දිප්තිය ඕනැවට වඩා අඩු කර තිබේද ??

Analog මොනිටරයකදි නම් මොනිටරයේ පහලින් ඇති කුඩා රෝද වැනි කොටස් කරකවා , මොනිටරයක් ක්‍රියා විරහිත කර ඇති විටදි පවා , Brightness හා Contrast වෙනස් කල හැක. Analog වර්ගයේ මොනිටරයක් නම් මෙසේ Brightness හා Contrast වල වෙනස්කම් සිදුවි ඇත්දැයි බලන්න. ඇතම් විට නවින මොනිටරයක වුවද Brightness හා Contrast සැකසුම් වෙනස් විමේන් මෙවැනි දෝෂ ඇති විය හැක. මේ නිසා අදාල සැකසුම් නිවැරදිව අත්දැයි බලන්න.

* පරිගණයක මොනිටරයේ " Power " ලෙස පණිවිඩයක් පෙන්වනවද ??

පරිගණක මොනිටරයට විදුලිය ලැබෙන්නේ නම් " Power " යන වචනය ඇතුලත් පණිවිඩයක් මොනිටරයේ පෙන්වයි. මෙය , Attach Graphic Card Power හෝ No Power To Video Adapter ආදි ලෙසද පෙන්විය හැක. ඒනම් පරිගණකයේ PCI Express කාඩ් එකට හෝ AGA VGA කාඩ් එකට නිසි පරිදි විදුලිය නොලැබෙන බවයි. මේ කාඩ් සදහා විදුලිය ලබා දිමට වෙනමම කනෙක්ටරයක් ( Connector ) ඇත්නම් , එහි බුරුල් විමක් හෝ Power කනෙක්ටරයේ දෝෂයක් පැවතිය හැක. VGA Card එක සවි කරේ අලුතින් නම් , කේබල් එක සවි නොකර තිබෙන්නට පුලුවන. ඒ නිසා , එය සොයා සවි කරන්න.
එසේත් නැත්නම් Power Supply Unit එකේන් ලබා දෙන විදුලිය පරික්ෂා කරන්න. ඇතැම් අලුත් VGA Card , Power Supply Unit එකේන් වැඩි විදුලි බලයක් ගන්නවා. එවිට තුඩු 4ක Power Cable එක නොව , තුඩු 6ක විශේෂිත කේබල් එකක් ඇති Power Supply Unit එකක් ලබා ගත යුතුයි. එසේ නොමැති වුනෝත් , මේ පහල කියල තියේන වගේ දෝෂ මතු වෙන පුලුවන්.

* No Signal Displayed ? පණිවිඩය දිස්වේද ??

බොහෝ අලුත් මොනිටර වලට සිග්නල් නොලැබෙන අවස්ථා වලදි , No Signal Source හෝ Attach Video Signal වැනි දෝෂ පණිවිඩයක් ලබා දෙයි. මොනිටරය ON කර , System Unit එක ක්‍රියාත්මක කිරිමට කලින් , මෙවැනි පණිවිඩයක් දිස්විම සාමාන්‍ය දෙයකි. System Unit එක ක්‍රියාත්මක කල පසු , එය ඉවත් වේ. System Unit එක ක්‍රියාත්මක කිරිමේන් පසුවද , මෙම පණිවිඩය දිස්වේ නම් , VGA කේබල් එක බුරුල් වි තිබිය හැක. ඒය හොදින් සවි කර බලන්න.

* විඩියෝ කේබල් ( VGA Cable ) එක හරියටම සම්බන්ධ වි තිබෙනවාද ??

VGA කාඩ් එකේන් සිග්නල් ලබා දෙන කේබල් එක සුළු ලෙස හෝ බුරුල් විමේන් , මොනිටරය වෙත සිග්නල් නොලැබේ. එම VGA කේබල් එක හොදින් තද කර බලන්න. VGA කේබල් එකේ System Unit එක සමග සම්බන්ධ වෙන කෙළවර , කරකවා තද කල හැකි ඇණ 2ක් තියේනවා. සමහර පිරිස් තමන්ගේ පහසුවට ඇණ 2ක නියම ආකාරයට කරකවා සවි කිරිම නොකලද , පේළි 3ක ඇති තුඩු 15ක VGA Cable එක හරියට හොදින් සම්බන්ධ විමට නම් , ඒම ඇණ 2ක අනිවාරේන්ම හොදින් තද කරන්න ඕන.
සමහර විට , VGA Cable එකේ තුඩු කැඩි හෝ නැමි තිබිම නිසාද මොනිටරයට සිග්නල් නොලැබිමට හැක. ඒම නිසා , VGA Cable එක හොදින් පරික්ෂා කර බලන්න. තුඩු කැඩි හෝ නැමි ඇත්නම් , අලුත් VGA Cable එකක් ගන්න වෙනවා.




* මොනිටරය පරික්ෂා කරන්න.

VGA කේබල් එක නිසියාකාරව සම්බන්ධ කර තිබේ නම් , මොනිටරය වෙනත් System Unit එකකට සම්බන්ධ කර බලන්න. මෙහිදි , මොනිටරය හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය පවතින්නේ මොනිටරයේ නොවන බව නිගමනය කල හැක. මොනිටරය , වෙනත් System Unit එකකට සම්බන්ධ කල විට , හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය තිබේන්නේ ඔබේ System Unit එකේ වේ. ඒම නිසා , ඔබේ System Unit එකේ දෝෂය පරිගණක අලුත්වැඩියා කරන ආයතනයකට ලබා දි , සාදා ගත යුතු වේ.

* VGA කේබල් එකේ දෝෂ සහිත තුඩු තිබේද ??

VGA Cable එකේ කැඩි ඇති හෝ නැමි ඇති තුඩු ඇත්නම් , ඒවා මගින් මොනිටරය වෙත ලබා දෙන සිග්නල් වල විවිධ දෝෂ ඇති කරයි. කේබලය ඇතුලතින් රැහැන් කැඩි යාම නිසාද , මෙවැනි දෝෂ මතු විය හැක. එවැනි වෙලාවක තිබේන VGA කේබල් එක වෙනුවට , වෙනත් කේබල් එකක් යොදා පරික්ෂා කරන්න.

ඇතැම් මොනිටර වල , එම VGA කේබල් එක මොනිටරය වෙත සවි වි ඇති පැත්තද ගලවා , වෙනමම කේබල් එකක් සවි කල හැකි ආකාරයට සකස් කර ඇත. එහෙත් , බොහෝ මොනිටර් වල අදාල VGA කේබල් එකේ මොනිටරයට සවි වන කෙළවර , සවි වෙන්නේ ඇතුළතිනි. එවිට අදාල කේබල් එක සම්බන්ධ කර ඇති ඊයම් කොටස් , රත් කල බවුත් එකක් යොදා ගෙන ප්‍රවේසමේන් ගලවා , වෙනත් කේබල් එකක් යොදා බලන්න.
මෙම කාර්ය අපහසු නම් හෝ අදාල උපකරණ නොමැති නම් , ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් එය කර ගත යුතුයි. 
මේ කරන්න තියේන්නේ පොඩි දේයක් කියල , ඔබ විසින් ඊයම් කොටස් ගලවන විට , කේබල් එකට හානි වුනෝත් මොකද කරන්නේ.. ඒ නිසා , හොදම දේ ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් , මෙය අනිවාරේන්ම කරගන්න.

* බීප් හඩක් ඇසේද ??

බයෝස් ( BIOS - Basic Input Output System ) නිෂ්පාදකයින් , දෝෂ හදුනා ගැනිමට එක් කරනු ලබන " බීප් " නාද , එක් එක් මවුපුවරුවෙන් මවුපුරුවට වෙනස් වුවත් , සාමාන්‍යයේන් VGA කාඩ් එකේ දෝෂයක් නම් " බීප් " නාද / හඩවල් 3ක් හෝ 9ක් එක දිගටම ඇසේනවා.

* VGA කාඩ් එක නිසි පරිදි සවි කර තිබෙනවාද ??

මොනිටරයට වෙත සංඥා ලබා දෙන VGA කාඩ් එක , එම ඇඩැප්ටරයට නිසි පරිදි සවි වි ඇත්දැයි බලා , එය නිවැරදි නොවේ නම් හොදින් සවි කරන්න. එය සවි ඇත්නම්ද , ගලවා අදාල කාඩ් එකේ සම්බන්ධකය හා ස්ලෝට් එක පිරිසිදු කර නැවත සවි කර බලන්න.

* RAM එක නිසි පරිදි සවි කර තිබේද ??

RAM මොඩියුල්ස් නිසි පරිදි සවි ඇත්දැයි බලන්න. ඒ කිව්වේ , RAM එක සම්බන්න්ධ කරන ස්ලෝට් එකට , ඒය හරියට සම්බන්ධ වෙල තියේනවද කියල බලන්න. RAM එක සවි කරගන්න , අර පොඩි කොටස් 2ක් දෙපැත්තේන් තියේනවනේ. අන්න , ඒ කොටස් 2යි , RAM එක සවි කරන ඒ කොටස හෙවත් ස්ලෝට් එකයි සෙමින් පිරිසිදු කර , නැවත RAM එක සවි කර බලන්න. එවිටද , දෝෂ සමනය විය හැක.

* බයෝස් තිරය ( BIOS Screen ) දිස් වේද ??

සාමාන්‍යයේන් පරිගණකයක් ක්‍රියාත්මක කල විගස , මුලින්ම දිස් වෙන්නේ බයෝස් වෙතින් ලබා දෙන තිරයයි. එසේ දිස් වෙන්නේ නම් බොහෝ විට , VGA Card කාඩ් එක නිසි පරිදි සවි වි ඇති බවත් , එය මුලික ක්‍රියාකාරකම් වලට ඕන ආකාරයේන් ක්‍රියාත්මක වන බවත් , ස්ථිර / තහවුරු කරගන්න පුලුවන්.
එම අවස්ථාවේ පරිගණකය ක්‍රියා නොකරයි නම් , වෙනත් කාඩ් එකක ක්‍රියාකාරිත්වය නිසි පරිදි නොතිබෙන්නට පුලුවන්.

* මොනිටරය මාරු කර බැලුවද ??

මොනිටර් එකේ දෝෂයක් ඇතැයි සිතේ නම් , ඒ වෙනුවට වෙනත් මොනිටරයක් යොදා බලන්න. එසේත් , නැත්නම් අදාල මොනිටරය වෙනත් System Unit එකකට සවි කර බලන්න. එහිදිද , මොනිටරය නිසි ආකාරව ක්‍රියා නොකරයි නම් , දෝෂය ඇත්තේ මොනිටර් එකේහිය. මෙහිදි , පරිගණක කාර්මික ශිල්පියේකු මගින්න් මොනිටරය අලුත්වැඩියා කරගන්න.

සමහර විට මොනිටරය අලුත්වැඩියා කරනවාට වඩා , අලුතින් මොනිටරයක් මිළදි ගැනිම ලාභදායක විය හැක. මොනිටරය පරණ එකක් නම් , නවින පන්නයේ මොනිටරයක් අලුතින් මිළදි ගැනිම වඩාත් සුදුසු වේ. වෙනත් System Unit එකකදි , මොනිටරය ක්‍රියාත්මක වේ නම් , දෝෂය ඇත්තේ VGA කාඩ් එකේ විය හැක. එවිට , VGA කාඩ් එක පමණක් එහි ඉතිරි කර , එය ක්‍රියාත්මක නොවේ දැයි බලන්න.

* කුමන හෝ උපාංගයක් අලුතින් සවි කරාද ??

පරිගණකයේ පෙන්වන දෝෂය හටගත්තේ , යම් ඇඩැප්ටරයක් / උපාංගයක් අලුතින් සවි කිරිමේන් අනතුරුව නම් , දෝෂය ඇත්තේ අදාල ඇඩැප්ටරයේ / උපාංගයේ විය හැක.
මෙහිදි දිය හැකි හොදම විසදුම වෙන්නේ , එය ගලවා , නැවත උත්සහ කර බලන්න කියලයි. මෙයද , අසාර්ථක නම් Motherboard එකට සවි කර ඇති Processor , RAM එක හා VGA කාඩ් එක පමණක් ඉතිරි කර අනෙකුත් කාඩ් හා Hard Disk වැනි උපාංග ගලවා , පරිගණකය ක්‍රියත්මක කර බලන්න.

* VGA කාඩ් එක පමණක් පරික්ෂා කරාද ??

අනෙකුත් සියලුම ඇඩැප්ටර ගලවා තැබු පසු බයෝස් ස්ක්‍රින් ( BIOS Screen ) එක වෙත පිවිස එහි සැකසුම් කරන මෙන් දක්වයි. මෙහිදි , අදාල බයෝස් සැකසුම් කල පසු , Hard Disk එකද ගලවා ඇති බැවින් , System Disk එකක් ඇතුලත් කරන ලෙස පණිවිඩයක් ලබා දෙයි. මෙහිදි , Hard Disk එක පමණක් සවි කර උත්සහ කර බැලිය හැක. පරිගණකය ක්‍රියා කරයි නම් , දෝෂය ඇත්තේ වෙනත් ඇඩැප්ටරයේය.

* අලුතින් VGA කාඩ් එකක් සවි කර බැලුවද ??

පරිගණකයේ දැනට ඇති VGA කාඩ් එක් ගලවා , වෙනත් VGA කාඩ් එකක් යොදා බැලිමෙන් දෝෂය තිබෙන්නේ කුමන VGA කාඩ් එකේද යන්න දැන ගත හැක.
මෙසේ කරන විටද , නිසි ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ නැත්නම් බොහෝ විට දෝෂය ඇත්තේ අදාල ස්ලෝට් එකේ විය හැක. මෙහිදි , වයින්ස්ප්‍රීට් හෝ ඇල්කොහොල් වැනි ද්‍රාවකයක් , සිනිදු කෙදි සහිත බුරුසුවකට යොදා , අදාල ස්ලෝට් එක පිරිසිදු කරන්න. එම උත්සහයද අසාර්ථක වේ නම් , PCI Express ස්ලෝට් එකකට , සවි වන වෙනත් VGA කාඩ් එකක් සවි කර බලන්න. එවිට AGP VGA ස්ලෝට් එක හෝ PCI Express ස්ලෝට් එක දෝෂ සහගත නම් , PCI VGA කාඩ් එක භාවිතා කල හැක.

මේ පහල රුපයේන් PCI Express හා AGP VGA පැහැදිලිව පෙන්වා තියේනවා.




මේ පහල රුපයේ තියේන්නේ , අපි කවුරුත් දන්න VGA Cable එක තමයි.




මෙහිදි System Unit එක ගැන කතා කල නිසා , System Unit එක ඇතුලේ තියේන උපාංග වල පිහිටිම පෙන්වන රුපයකුත් , මේ පහලින් දැම්මා.



මේ කරුණු තමයි , VGA හෙවත් විඩියෝ කාඩ් එකට , VGA කේබල් එකට , මොනිටර් එකට අදාලව කියන්න තියේන්නේ.
කාට හරි , මේ පොස්ට් එකත් ප්‍රයෝජනවත් වුනා නම් , එච්චරයි. :D

6 Comments:

CD , DVD , CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ මොනවද , මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත මේවායේ ගබඩා කර ගන්නේ කෙසේද , මේවා නිර්මාණය වෙන්නේ කොහමද යනාදි දේවල් ඇතුලුව තවත් බොහෝ දේවල් දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 03 ) [ Learn About CD , DVD and Other Every Optical Devices. ]


හරි , අපි මේ දිනවල දිගටම පළ කරන්නේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවට අදාල ලිපියි. ඉතින් , අදත් කතා කරන්නේ පරිගණක තාක්ෂණයේ 3 වන පාඩමයි. :D

මිට කලින් පළ කල පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 02 හා 03 , මේ පහල ලින්ක් වලින් අනිවාරේන්ම කියවන්න.

#. පරිගණක තාක්ෂණය පාඩම් 01. 

#. පරිගණක තාක්ෂණය පාඩම් 02.

අපි , මේ 3 වන පාඩමේදි කතා කරන්නේ CD , DVD , CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ මොනවද , මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත මේවායේ ගබඩා කර ගන්නේ කෙසේද , මේවා නිර්මාණය වෙන්නේ කොහමද යනාදි දේවල් ගැනයි.

ඔබ හිතනව නම් , මේ සියලුම දේවල් එක හා සමානයි කියල. ඒක එහම නැ. ඒනම් , මේ එකක්වත් සමාන නැ. අපි මේ ඉහලින් කිව්ව දේවල් , මේ හැම එකකම වෙන්නේ පොඩි පොඩි සමානකම් සහිතව වුවත් , එකිනෙකට වෙනස් විධියටයි.

අපි මුලින්ම CD - Compact Disk ( සංයුක්ත තැටි ) හා DVD - Dijital Versatile Disk ( ඩිජිටල් බහුකාර්ය තැටි ) ගැන බලමු.

CD , DVD කියන්නේ දත්ත ගබඩා කිරිමට ගන්න උපාංගයක්. අපි හිතමු , අපි කවුරු හරි ගායකයේක්ගේ සින්දු තියේන CD හෝ DVD එකක් මිළට ගත්ත කියල. මෙන්න මේවට තමයි Original CD හෝ Original DVD කියන්නේ.
එතකොට අපි හිතමු අපි කඩේන් Empty CD හෝ Empty DVD එකක් අරන් ඇවිත් , ඒකට අර ගායකයගේ සින්දු ටික දලා Write කරා කියල. මේවට තමයි CD-R , DVD-R , CD-Rw , DVD-RW කියන්නේ.

දත්ත දාන්න වුනත් , දත්ත තියේන වුනත් CD , DVD හා CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ එකිනෙකට වෙනස් දේවල්.
CD හා DVD නිර්මාණය වන ආකාරය හා CD-R , DVD-R හා CD-RW , DVD-RW නිර්මාණය වෙන ආකාරයන් පවා වෙනස්.

* CD හා DVD නිර්මාණය වෙන්නේ ඉතාමත්ම තුනි ප්ලාස්ටික් කෙදි රවුමට රවුමට එතිම මගිනුයි.  මෙවිට CD හා DVD එක නිර්මාණය වෙන්නේම අදාල දත්ත ප්ලාස්ටික් කෙදි වල ඉහල කොටසේ ගබඩා වෙන ගමන්මයි. ප්ලස්ටික් කෙන්ද කොතරම් තුනි / සිහින් වුනත් , කෙන්දටත් ඉහල , පහල කියල දෙපැත්තක් තියේනව. කෙන්දක තියේන තුනි / සිහින් බව අමතක කරල , CR පොතක් මතක් කරගන්න. CR පොතේ මුල් පි‍ටුව , අන්තිම පි‍ටුව තියේනවනේ. ඒ තියේන්නේ පොතේ ඉහල හා පහල කොටස් වලනේ. අන්න , ඒ වගේම මේ කෙදි වලටත් ඉහල , පහල කියල දෙපැත්තක් තියේනවා. ඉතින් ඉහල කොටසේ තමයි සියලුම දත්ත ගබඩා වෙන්නේ.

මෙහමයි අපි හිතමු , යම්කිසි ගායකයකුගේ සින්දු තියේන CD හා DVD නිර්මාණය කරනව කියලා. එවිට CD හා DVD නිර්මාණය වෙන විටම , එක ප්ලාස්ටික් කෙන්දක අදාල සින්දු ගබඩා වෙමින් , එවැනි කෙදි රාශියක් රවුමට රවුමට එතෙමින් CD හා DVD නිර්මාණය වෙනවා. මේ විධියට CD හා DVD නිර්මාණය වන විටම , අදාල දත්ත ගබඩා කරන නිසා තමයි , CD හා DVD සැලකිය යුතු ලෙස මිළ අධික වෙන්නේ.

* අපි කවුරුත් දන්නා පරිදි , සියලුම දත්ත ගබඩා කරන උපාංග වල දත්ත ගබඩා වෙන්නේ 0 හා 1 ඇසුරේන්. ඉතින් , මේ CD හා DVD වලත් සියලුම දත්ත ගබඩා වෙන්නේ 0 හා 1 ඇසුරේන්ම තමයි. CD හා DVD මේ තරම් තුනියට තිබුනට , ඕනැම CD හා DVD එකක ස්ථර හෙවත් Layers 4ක්ම තියේනවා. මේ පහල රුපයේන් පෙන්වා තියේන්නේ ඒම ස්ථර 5 තමයි.
අපි හිතමු , අපිට කිසියම් ෆයිල් එකක් මේකේ ගබඩා කරගන්න ඕන කියල. මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1 0 0 1 ලෙසට කියල හිතමු. එවිට අදාල වලවල් හා තිරස් කොටස් මෙහි නිර්මාණය වෙන ආකාරයත් , මේ පහල රුපයේම පෙන්වා තියේනවා.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



CD හා DVD වල 0 දක්වන්නේ ප්ලස්ටික් කොටසේ උඩින් වලක් නිර්මාණය විමේනුයි. 1 දක්වන්නේ කිසිදු වෙනස් විමක් නැතුව , ස්ථිරව තිරස්ව තිබිම මගිනුයි. ඒ විධියට තමයි , මේ ඉහල රුපයේ වලවල් හා තිරස් කොටස් තියේන්නේ. මේ ප්ලාස්ටික් ස්ථරය නිර්මාණය වෙල තියේන්නේ දත්ත ගබඩා වුන ප්ලාස්ටික් කෙදි රාශියක් එකතු විමේනුයි. මේ ප්ලාස්ටික් කෙදි වල ඉහල කොටසේ දත්ත ගබඩා වෙල තියේන නිසා , දත්ත සහිත ප්ලාස්ටික් ස්ථරය ආරක්ෂා කරගන්න , ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් ඇලුමිනියම් ස්ථරයක් දානවා. මේ ඇලුමිනියම් ස්ථරය දාන්නේත් , පහල ප්ලාස්ටික් ස්ථරයේ හැඩයට අදාලව , ඒම සියලුම 0 හා 1 දක්වන වලවල් හා තිරස් කොටස් , ඒ විධියටම තියේන ලෙසයි. ප්ලස්ටික් ස්ථරයේ පහල කොටසේ දත්ත මුකුත් ගබඩා වෙලා නැති නිසා , ප්ලාස්ටික් ස්ථරයට පහලින් මුකුත් දාන්නේ නැ. අර අපට CD හා DVD එකක මුණ බලන්න පුලුවන් කොටස තමයි , මේ ප්ලාස්ටික් කෙදි වල පහල කොටස වෙන්නේ.

හරි , ඇලුමිනියම් ස්ථරයට ඉහලින් Acrylic කියල ඝන තත්වයේ තියේන ඇසිඩ් ස්ථරයක් දානවා. මේ ඇසිඩ් ස්ථරයට ඉහලින් තමයි , CD හා DVD එකේ තියේන දේවල් ගැන විස්තර තියේන , Label එක තියේන්නේ.

දැන් බලමු , CD හා DVD පරිගණකයට දැමු පසු , මේ CD හා DVD වල 0 හා 1 ඇසුරේන් තියේන දත්ත හදුනා අරන් , ඒවා අපට පෙන්වන්නේ කොහමද කියල.

දැනට බොහෝ පරිගණක වල CD හා DVD , Run / Read කිරිමට පරිගණක වල තියේන්නේ DVD Rom තමයි. නමුත් , CD හා DVD ධාවනයට / කියවිමට තියේන්නේ CD Rom එකක් වුනත් , DVD Rom එකක් වුනත් , මේ පහලින් කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ එකම ආකාරයටයි.

අපි CD හෝ DVD එකක් , DVD Rom / CD Rom එකට දැමු පසු , DVD Rom / CD Rom එකේන් ලේසර් කිරණ CD හෝ DVD එකේ පහල කොටසට එවනවා. ඒසේ එන ලේසර් කිරණ CD හෝ DVD එකේ කිසිදු වෙනසක් නැතුව - තිරස්ව තියේන පෘෂ්ඨයේ වැදිල , නැවතත් ලේසර් කිරණ ආපු තැනටම යනවා. එවිට ඒ ගිය ලේසර් කිරණ එතනටම නැවත පැමිණි විට පරිගණකය දැන ගන්නවා , එතන තියේන්නේ 1 කියලා. ලේසර් කිරණ එන්නේ පහලින් නිසා , වලවල් පහලට පෙන්නේ රවුම් පෘෂ්ඨ ලෙසටයි. ඒ නිසා , පහලින් එන ලේසර් කිරණ රවුම් පෘෂ්ඨ වල වැදුන පසු , නැවත් ලේසර් කිරණ ආපු තැනටම යන්නේ නැතුව වෙන කොහේ හරි යනවා. එවිට පරිගණකය දැන ගන්නව , එතන තියේන්නේ 0 කියලා. මේ විධියට තමයි ලේසර් කිරණ නිකුත් කරමින් , පරිගණකය විසින් මුළු CD හෝ DVD එකම ධාවනය කරවන්නේ , එහමත් නැත්නම් කියවන්නේ.

ඉතින් මේ CD හා DVD වල ගුණාත්මකභාවය ඉතාමත්ම ඉහලයි. ඒ වගේම මිළත් ඉහලයි. :D

හරි , අපි ඊලගට CD-R හා DVD-R ගැන බලමු.

CD-R හා DVD-R වල තියේන R එකේන් කියන්නේ Recordable කියන එකයි. ඒනම් , අපි කඩේ තියේන Empty CD හෝ Empty DVD වලට තමයි මේසේ CD-R හා DVD-R ලෙස කියන්නේ. CD-R හා DVD-R වල ගුණාත්මකභාවය , CD හා DVD වලට වඩා අඩුයි. ඒ වගේම මිළත් අඩුයි.

මේවත් ප්ලාස්ටික් කෙදි වලින් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් , මේ ප්ලාස්ටික් කෙදි වල කලින් වගේ දත්ත නම් ගබඩා වෙලා නැ. මොකද ඉතින් නිර්මාණය වෙද්දිම දත්ත ගබඩා කරෝත් , අපි කොහමද දත්ත ගබඩා කරගන්නේ.. මේ CD-R හා DVD-R ප්ලාස්ටික් කෙදි වලින්ම නිර්මාණය වුනාට , මේවායේ දත්ත ගබඩා වෙන්නේ CD හා DVD වල වගේ නම් නෙමෙයි. ඒනම් , මේවායේ 0 හා 1 දක්වන්නේ වලවල් හා තිරස් කොටස් මගින් නෙමෙයි.

* මේ CD-R හා DVD-R වල ස්ථර 5ක්ම තියේනව. පහලින්ම තියේන්නේ ප්ලාස්ටික් ස්ථරය. ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් දත්ත ගබඩා කරන ස්ථරයක් තියේනවා. මෙහි තමයි 0 හා 1 ඇසුරින් සියලුම දත්ත ගබඩා වෙන්නේ.
ඒනම් , මේ දත්ත ගබඩා වෙන ස්ථරය , විනිවිද පෙනෙන ස්ථරයක්. මෙහි 0 ගබඩා කරන්න ඕන විට , මේ විනිවිද පෙනෙන ස්ථරය , පුච්චල කළු කරනවා. කළු කරනව කිව්වේ , නිකන් අදුරු කරනව වගේ දේයක් කරනවා. 1 ගබඩා කරන්න ඕන විට , මුකුත් කරන්නේ නැතුව ඒ විනිවිද පෙනෙන ස්ථරය ඒ විධියටම තියේන්නේ දෙනවා. මේ පුච්චල කළු කරනව කිව්වේ , ගිණිමැලයකින් පුච්චනව වගේ නෙමේ , ලාවට පොඩ්ඩක් DVD Writing Rom එකේ තියේන ලේසර් කිරණ මගින් පුච්චනවා.
දත්ත ගබඩා වෙන ස්ථරයට ඉහලින් ඇලුමිනියම් ස්ථරයක් තියේන අතර මෙයටත් ඉහලින් ඝන ඇසිඩ් ස්ථරයක් තිබේන අතර මෙයටත් ඉහලින් CD-R හෝ DVD-R එකේ නම යනාදි විස්තර ඇති Label එක තියේනවා.

අපි හිතමු , අපිට කිසියම් ෆයිල් එකක් මේකේ ගබඩා කරගන්න ඕන කියල. මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1 0 0 1 ලෙසට කියල හිතමු. එවිට අදාල විනිවිද පෙනෙන කොටස් හා පිච්චුනු අදුරු කොටස් මෙහි නිර්මාණය වෙන ආකාරයත් , මේ පහල රුපයේම පෙන්වා තියේනවා.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් අපි බලමු CD-RW හා DVD-RW ගැන.

මෙහි RW එකේන් කියන්නේ ReWritable කියන එකයි. ඒනම් නැවත නැවත දත්ත ගබඩා කල හැකි බවයි. මෙසේ නැවත නැවත දත්ත ගබඩා කරන්න නම් , කලින් තිබුන දත්ත මකා දැමිමට පුලුවන් වෙන්නත් ඕන. මොකද අලුත් ෆයිල්ස් Write කරන්න ඕන ඉඩ ප්‍රමාණය නැත්නම් , දැනටමත් තියේන ෆයිල්ස් මකන්න වෙනවා. එහමනම් මේවා කරන්නේ කොහමද..

* මේවායේත් පහලම ස්ථරය වෙන්නේ ප්ලාස්ටික් ස්ථරයම තමයි. ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් දත්ත ගබඩා වෙන ස්ථරය තියේනවා. මේ දත්ත ගබඩා වෙන ස්ථරයත් , විනිවිද පෙනේන ස්ථරයක්ම තමයි. මේ ස්ථරය ඝන ස්ථරයක් බව ඔබ කොහමත් දන්නවනේ. මේවායේ 0 ගබඩා කිරිමට ඕන විට , අදාල ඝන කොටස් මෘදු කරනවා. මෙසේ මෘදු කරන්නේ සෙන්ටිග්‍රේට් අංශක 80කට පමණ උණුසුම් කරනවා.  1 ගබඩා කරන්න ඕන නම් , මුකුත් කරන්නේ නැතුව ඒ ඝන විනිවිද පෙනෙන ස්ථරය ඒ විධියටම තියනවා.

* අපි හිතමු , අපි Write කරපු දේයක් මකන්න ඕන කියල. ඒක කරන්නේ මෙහමයි. ඒ සදහා , අර අපි මෘදු කරපු කොටස් , නැවතත් ඝන තත්වයට පත් කරන්නයි ඕන. මෙසේ කරන්නේ අදාල කොටස් වලට විතරයි. මේ සදහා , CD-RW හෝ DVD-RW එක සෙන්ටිග්‍රේට් අංශක 40ක පමණ උණුසුමකට ලක් කරනවා. එවිට මෘදු කොටස් , ඝන තත්වයට පත් වි , ඒම ඝන කොටස් මගින් 1 දක්වනවා. අනිකුත් මෘදු කොටස් මගින් 0 දක්වනවා.

අපි හිතමු ඝන තත්වයේ තිබි , මෘදු කල කොටසක් , සාමාන්‍යයේන් කාමර උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේට් අංශක 25 වගේ උෂ්ණත්වයකට ලක් වුනා කියල , ඒ තියේන මෘදු ගතිය නැති වෙලා , ඝන තත්වයට කොහේත්වම පත්වෙන්නේ නැ.

VCD කියන්නේ මොනවද , මොකක්ද ??

VCD කියන්නේ සංකල්පයක් විතරයි. ඒ කියන්නේ මෙහමයි. CD නිර්මාණය වුන මුල් කාලයේ , රුපවාහිනිය මගින් ඒම CD වල තියේන දේවල් බලන්න පුලුවන් Video Players - LG , Panasonic වැනි සමාගම් වලින් නිපද වුවා. නමුත් LG වල ධාවනය වෙන CD , Panasonic වල ධාවනය වුනේ නැ.  Panasonic එකේ ධාවනය වෙන ඒවා , LG එකේ ධාවනය වුනේ නැ. ඉතින් , මේක ගොඩාක් ලොකු ප්‍රශ්ණයක් වුනා. ඒ නිසා සමාගම් සියල්ලම එකම ක්‍රමයකට / සංකල්පනාවකට , තමන්ගේ Video Players නිපදවන්න එකග වුනා. ඒ ක්‍රමයට තමයි VCD කියල කියන්නේ. VCD කියන එකේ තේරුම් වෙන්නේ Video Compact Disk කියන එකයි.

දැන් නම් , බොහෝ විට භාවිතා වෙන්නේ DVD Players තමයි. ඉතින් , මේ DVD Players පවා සියලුම සමාගම් විසින් නිපද වන්නේ එකම ක්‍රමයකටයි / සංකල්පනාවකටයි. මේ DVD Players වල භාවිතා වෙන ක්‍රමයට කියන්නේ DVD-Video කියල තමයි.

හරි , ඉතින් මේ කරුණු තමයි මේ 3 වන පාඩමේදි කියන්න තියේන්නේ.

අපි තවත් අලුත් දේයක් , පරිගණක තාක්ෂණය 04 වන පාඩමේදි බලමු. 



1 Comments:

RAM , ROM , Cache Memory , Registers හා Hard Disk යන සියලුම මතක වර්ග ගැන හා මේවායේ සිදුවන සියලුම ක්‍රියාවලි / සැකස්ම හා මේවායේ දත්ත ගබඩා වන ආකාරය හා පරිගණකය කතා කරන එකම භාෂාව ගැනත් සියලුම දේවල් දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 02 ) [ Learn About RAM , ROM , Cache Memory , Registers , Hard Disk And Binary Language. ]


මුලින්ම කියන්න ඕන , පරිගණක තාක්ෂණය 01 පාඩම , අපි විසින් Update කරා. ඒ නිසා Update කරාට පස්සේ බලන්න බැරි වුනා නම් හෝ තවමත් බැලුවෙම නැත්නම් , මෙතනින් ගිහින් බලන්න.

හරි , අපි ඔන්න පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 2 වන පාඩම තමයි දැන් දෙන්නේ. අපි කලින් පාඩමේදි පරිගණකය ගැනත් , Processors එක ගැනත් ගොඩාක් දේවල් කතා කරා. ඒ වගේම පරිගණක මතකයන් ගැනත් කතා කරා. නමුත් , මතකයන් ගැන සියලුම දේවල් කතා කරේ නැ. තව ගොඩක් දේවල් තියේනව කියන්න.
ඒ නිසා , මේ පොස්ට් එකේදි පරිගණක මතකයන් ක්‍රියාත්මක වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත හා තොරතුරු මතකයන් වල ගබඩා වෙන්නේ කොහමද , ඒ ආකාරය ඇතුලු තවත් දේවල් ගැන බලමු.

අපි 01 පාඩමේදි මතකය ප්‍රධාන කොටස් 2ට බෙදුවා. ඒ ප්‍රාථමික ( Primary ) / ප්‍රධාන ( Main ) හා ද්විතික Secondary ) ලෙසයි.

දැන් , අපි තව දුරටත් මතකය තියේන විධිය / ක්‍රියා කරන ආකාරය අනුව කොටස් 3කට බෙදනවා.

1. සසම්භාවි ප්‍රවේශ මතකය. ( RAM - Random Access Memory. )
2. පටන මාත්‍ර මතකය. ( ROM - Read Only Memory. )
3. චාරක හෙවත් සංචිත මතකය. ( Cache Memory. )
4. රෙජිස්තර. ( Register. )
5. ද්විතික මතකය. ( Secondary Memory - Hard Disk. )

* සසම්භාවි ප්‍රවේශ මතකය. ( RAM - Random Access Memory. ) - මෙය මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත තාවකාලිකව තැන්පත් කිරිමට යොදා ගනි. විදුලිය විසන්ධි වු විට , සියලුම දත්ත මැකි යන නිසා , මෙය න්‍යෂ මතකයක් ලෙසද හදුන්වයි. විදුලිය විසන්ධි වු විට දත්ත මැකි යන නිසා වැදගත් දත්ත හා තොරතුරු , ද්විතික මතකයේ තැන්පත් කරයි. පරිගණකයේ කාර්යක්ෂමතාවයට මෙම RAMහි ධාරිතාව වැදගත් වේ. තමන්ට ඕන විධියට RAM එකේ ධාරිතාව ( 2GB , 4GB , 8GB ලෙස ) වැඩි කිරිමටද හැක.

මෙම මතකයද වර්ග 2ට බෙදේයි.

1. ගතික සසම්භාවි ප්‍රවේශ මතකය. - නුතන පරිගණක වල බෙහෙවින් දක්කට ලැබේ. මෙහි තැන්පත් කර ඇති දත්ත තත්පරයට මිලියන වාර ගණනක් Refresh කරනව.

2. ස්ථිතික සසම්භාවි ප්‍රවේශ මතකය. - පරිගණකයේ දෙවන වර්ගයේ ප්‍රධාන මතකය ලෙස හදුන්වන්න පුලුවන්. මෙහි අඩංගු දත්ත නිතරම Refresh නොකරයි. නමුත් , දැනට පවතින දත්ත මත වෙනත් යමක් ලියන තෙක් හෝ විදුලිය විසන්ධි වන තෙක් , දත්ත ස්ථිරව පවති. මේවා ඝනත්වයේන් අඩු බැවින් හා මෙය භාවිතා නොකරන විට විදුලි බලය වැය විම අඩු නිසා , ගතික සසම්භාවි ප්‍රවේශ මතක වර්ගයට වඩා Processor එකේ ඇති Cache Memory සදහා වඩා හොද තෝරා ගැනිමක් ලෙස ස්ථිතික මතක දැක්විය හැක. තව ලෙසකින් ගතික මතක වල දත්ත ඝනත්වය වැඩි නිසා  මේ ස්ථිතික මතක , ප්‍රධාන මතකයට ගොඩක් දුරට සුදුසු වේ.

* පටන මාත්‍ර මතකය. ( ROM - Read Only Memory. ) - පරිගණකයේ විදුලිය විසන්ධි විමේන් දත්ත හා තොරතුරු මැකේන්නේ නැත. නවින පරිගණක වල මෙම මතකය යාවත්කාලින ( Upgrade ) කල හැක. මෙසේ යාවත්කාලින කරන ආකාර 4ක් ඇත.

1. ක්‍රමලේඛනය කල හැකි පටන මාත්‍ර මතකය. ( PROM - Programmable Read Only Memory. )
2. මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කල හැකි පටන මාත්‍ර මතකය. ( EPROM -  Erasable Programmable Read Only Memory. )
3. විද්‍යුතය භාවිතයේන් මකා දමිමේන් නැවත නැවත ක්‍රමලේඛනය කල හැකි පටන මාත්‍ර මතකය. ( EEPROM - Electrically Erasable Programmable Read Only Memory. )
4. සැනෙලි මතකය. ( Flash Memory. )



* චාරක හෙවත් සංචිත මතකය. ( Cache Memory. ) - මෙය Processor එක තුල පවතින තාවකාලික මතකයකි.
මධ්‍ය සැකසුම් ඒකකයට ඕන දත්ත ගමන් කරන්නේ RAM එක හරහායි. වේගයේන් දත්ත ලබා ගැනිමේ හැකියාව RAM එකට නැ. ඊට හේතුව RAM එකේ වේගය , CPU ( Central Processing Unit ) එකේ වේගයට වඩා අඩු විමයි.
Processor එක වෙත , එක විට වැඩි උපදෙස් ප්‍රමාණයක් ලබා දුන් විට හෙවත් එකවර කාර්යයන් කිහිපයක් කරන සමහර අවස්ථාවලදී Processor එකට එය දරා ගත නොහැකිව ක්ෂණිකව ක්‍රියා විරහිත වෙනවා. මේකට තමයි Stuck වෙනව කියන්නේ. වැඩි Cache Memory එකක් , Processor එකට තියේනව නම් Stuck වෙන්නේ නැ. එහමත් නැත්නම් Stuck වෙන්න තියේන ඉඩකඩ අඩුයි. එවිට එක විට ලබා දෙන උපදෙස් Cache Memory එක තුළ මතකයේ තබාගෙන ( Buffer ) , ඒවා එකින් එක පිළිවෙලට Processor එකට ලබා දෙනව.

Cache Memory 3ක් තියේනව.

1. Level 1 Cache Memory.
          ඉතාමත් වේගවත්ම මට්ටම වන්නේ , මෙම මට්ටමයි. ඒ නිසා මෙහි දත්ත Processor එකට ගමන් කිරීමට දත්ත බසය ( Data Bus ) භාවිතා නොකරයි. මෙමගින් Processor එකට ඕන දත්ත පමණක් සපයනවා. ඒ වගේම , මෙය ප්‍රධාන මතකයට වඩා වේගවත්.

2. Level 2 Cache Memory.
          මෙය Motherboard එකේ පිහිටා ඇති විට , දත්ත යැවීමට දත්ත බසය භාවිතා කරන අතර තරමක් වේගය අඩු වෙයි. ඒත් , මෙයත් ප්‍රධාන මතකයට වඩා වේගවත් වෙයි. මෙමගින් Level 1 Cache Memory එකට ඕන දත්ත ලබා දෙනව.

3. Level 3 Cache Memory.
          මෙයද Motherboard එකේ පිහිටා ඇති විට දත්ත යැවීමට දත්ත බසය භාවිතා කරනව. ඒ වගේම ටිකක් විතර වේගය අඩුයි. නමුත් මෙය පවා , ප්‍රධාන මතකයට වඩා වේගවත්. Level 2 Cache Memory එකට ඕන දත්ත මෙයින් ලබා දෙනව.



* රෙජිස්තර. ( Register. ) - මේවා ඉතා කුඩා ධාරිතාවයකින් යුතු මතකයන් වේ.මෙහි ඇති දත්ත , වෙනත් ඕනැම තැනක ඇති දත්ත වලට වඩා ඉතා වේගයේන් Processor එකට ලබා දිමට හැක. මෙය , රෙජිස්තර වල ඉතා වැදගත් ලක්ෂණයකි.

* ද්විතික මතකය. ( Secondary Memory - Hard Disk. ) - විදුලිය විසන්ධි වු විට පවා , දත්ත ස්ථිරව තියේන නිසා , අපේ ස්ථිරව ගබඩා කරගන්න ඕන දත්ත තැන්පත් කරන්න තමයි , මෙය යොදා ගන්නේ.
මේ Hard Disk හැදිල තියේන්නේ Platters ලෙසින් හදුන්වන තැටි කිපයක් මත , Arm එකක් සහිත Reading Head එකක් පතිත කර විමේන් වේ. ඒ වගේම , Hard Disk එකට අදාල සියලු උපදෙස් අඩංගු කොටසකුත් , මෙහිම අඩංගු වේ. මේ කිව්ව Reading Head එක , Platters වල කේන්ද්‍රයේ සිට Platters වලම අයිනට හෙවත් පරිධියට ගමන් කරනව. මෙසේ ගමන් කරන වේගය 7200 ( RPM - Revolution Per Minute ) හෝ ඊට වඩා වැඩි වෙන්න පුලුවන්. Reading Head එක , Platters වල කේන්ද්‍රයේ සිට පරිධියට 50 වාරයක්වත් ගමන් කරනවා.



අපි , පළමු පොස්ට් එකේදි කිව්වා Hard Disk එතරම්ම මිළ අධික නැ කියල. ඒකට හේතු වෙන්නේ , අපි 500GB Hard Disk එකක් භාවිතා කරද්දි , එහි Platters 3ක් තිබුන නම් , 1TB Hard Disk එකකට ඕන වෙන්නේ Platters 4ක් වගේ විතරයි. ඒ කියන්නේ Hard Disk එකක ධාරිතාව වැඩි කරන්න ඕන නම් , කරන්න තියේන්නේ Platters ගණන වැඩි කරන එක විතරයි.
ඒ වගේම , Platter එකක දෙපැත්තේම දත්ත තැන්පත් වෙනව. ඒනම් , Platters 3ක් තියේන Hard Disk එකක , 6 පැත්තකම දත්ත තැන්පත් කරන්න පුලුවන්.

මේ Hard Disk වල Tracks හා Sectors කියන වචන 2 භාවිතා වෙනව. Hard Disk එකක් මත රවුම් රවුම් තියේනව දැකල තියේනවද.. අන්න එවැනි , එක රවුමකට තමයි Track එකක් කියන්නේ.
Hard Disk එක හරහට තියේන ඉරි කැලි කිපයකින් බෙදල තියේනව. එවැනි ඉරි කැලි 2ක් අතර තියේන , පොඩි Track කොටසකට , Sector එකක් කියල කියනව. මේ Tracks හා Sector වල තමයි , අපි තැන්පත් කරන සියලුම දත්ත ගබඩා වෙන්නේ.



* ඒ වගේම , Hard Disk එක මොන තරම් කළු ගලක් වගේ වුනත් , එක ඇතුලේ තියේන Reading Head එක නම් , එහම නැ. Hard Disk එක පොඩ්ඩක් බිමට වැටුනත් ඇති , ඇතුලේ තියේන Reading Head එක කැඩෙන්න. Reading Head එක කැඩුනට පස්සේ , අයේත් Reading Head එකක් දාන්නත් බැ. ඒ වගේම , Hard Disk එක ඇතුලේ තියේන කිසිදු දත්තයක් ආපහු ගන්නත් බැ , මම දන්න විධියට. ඒ නිසා , Hard Disk එක කළු ගලක් වගේ කියල සැහැල්ලුවේන් නම් හිතන්න එපා. Hard Dik එකත් , විදුරු වගේ දේයක් කියල හිතාගෙන ඉතාමත්ම හොදින් පරිස්සම් කරන්න.

* Hard Disk එකක තියේන Tracks හා Sectors ගණන දන්නව නම් , ඒ ඒ දේයට ඇති ප්‍රමානය ( Capacity ) කියන්නත් පුලුවන්. මේ පහල ගණන බලන්න.

* Hard Disk එකක Platters 10ක් තියේනව. Tracks 40,000ක් හා Track එකකට Sectors 200ක් තියේනව. Sector එකක ප්‍රමාණය 2KB වේ. මේවා සොයන්න.

1. එක Track එකක ප්‍රමානය = ( 2 x 200 ) KB

2. එක පෘෂ්ඨයක ප්‍රමානය = ( 2 x 200 x 40,000 ) KB

3. සිලින්ඩ ප්‍රමානය ( රවුම් Platters කිපයක් එකට එකතු වුනාම , එතන පොඩි සිලින්ඩරයක් වගේ හැදෙනව. එහි ප්‍රමානය තමයි , මේ අහල තියේන්නේ. ) = ( 2 x 200 x 20 ) KB

4. සම්පුර්ණ Hard Disk එකේම ප්‍රමානය = ( 2 x 200 x 40,000 x 20 ) KB

දැන් අපි බලමු පරිගණකය කතා කරන භාෂා ගැන හා අපි ලබා දෙන දත්ත මතකයන් විසින් ගබඩා කර ගන්න ආකාරය. 

පරිගණකයකට අපි කතා කරන මොනව භාෂාවක්වත් කතා කරන්න බැ. ඒ වගේම දන්නේත් නැ. පරිගණකය දන්න එකම භාෂාව Binary කියන භාෂාව විතරයි. Binary කියන භාෂාවේ තියේන්නේ 0 හා 1 විතරමයි. ඒනම් , අපි මොන දේ මොන විධියට කරත් කිව්වත් , පරිගණකයට ඒය පෙන්නේ 0 හා 1 ඇසුරේන් වේ. 

අපි මෙහම හිතපු , අපි Notepad එකේ A අකුර ටයිප් කරනව. නමුත් , පරිගණකය , ඉරි කැලි 3ක් මේ විධියට එකතු වුනාම හැදෙන්නේ A කියල දන්නේ නැ. අපි , උඩින් A අකුර ටයිප් කරාට , පරිගණකයට ඒක පෙන්නේ 0 හා 1 ඇසුරේන්. ඒනම් , A = 01000001 වේ. මේ විධියට අකුරු , ඉලක්කම් වලට අදාල නියමිත 0 හා 1 විවිධ විධියට හැදිල තියේනව. ඉතින් , තව විධියකින් කියනව නම් සැම අකුරකටම අදාල ASCII කියල Code එකක් තියේනව. සියලුම අකුරු හා ඉලක්කම් වලට අදාල ASCII Codes , මෙතනින් ගිහින් බලන්න පුලුවන්. 
A අකුරේ ASCII Code එක තමයි 065 කියන්නේ. [ A = 01000001 = 065 ( ASCII Code ) ]

දැන් බලමු , අපි ලබා දෙන දත්ත පරිගණකය විසින් ගබඩා කර තබා ගන්නේ කොහමද කියල.

* මුලින්ම බලමු , RAM එක කොහමද මේක කරන්නේ කියල.

RAM එකක් නිර්මාණය වෙල තියේන්නේ Capacitors හා Transistors වලින්. අපි කිව්වනේ , අපි කරන සියල්ම දේවල් පරිගණකය ගන්නේ 0 හා 1 ඇසුරින් විතරයි කියල. අපි ලබා දෙන දේයට අදාල 0 හා 1 අඩංගු ප්‍රකාශය , මේ Capacitors හා Transistors වල ගබඩා කරනව. 0 නම් , Capacitors නිකන්ම හිස්ව තියේන්න දෙනව. 1 නම් , Capacitors ඉලේක්ට්‍රෝන වලින් පුරවනව. මේ ගැන , අපි කලින් කතා කරපු A අකුරේ උදාහරනයේන්ම බලමු. 



ඉතින් , අපි ලබා දෙන සියලුම දේවල් 0 හා 1 ඇසුරින් , RAM එකේ Capacitors වල ගබඩා කරගන්නව.

* දැන් බලමු , Hard Disk එකේ මේක වෙන්නේ කොහමද කියල.

Hard Disk එකේ Capacitors හෝ Transistors නැ. ඒ වෙනුවට එකේ තියෙන්නේ කලින් කිව්ව විධියට Tracks හා Sectors විතරයි. අපි ගබඩා කරන සියලුම දේවල් , ස්ථිරව ගබඩා වෙන්නේ මේ Tracks හා Sectors වලයි. අපි කලින් කිව්ව Notepad එකේ තියේන A එක ගැන. දැන් අපි හිතමු , අපි ටයිප් කරපු A අකුර ස්ථිරව ගබඩා කරගන්න ඕන වුනා කියල. Hard Disk එකේ , A අකුර ගබඩා කරන්නේත් 0 හා 1 ඇසුරේන්මයි. මෙහිදි , 0 නම් Reading Head එක වම් පැත්තට ( Platters වල පරිධියේ සිට ක්‍රේන්ද්‍රයට ) යන අතර , 1 නම් Reading Head එක දකුණු පැත්තට ( Platters වල කේන්ද්‍රයේ සිට පරිධියට ) ගමන් කරනවා. ( මේ විධියට , Reading Head එක වමට / දකුණට යන්නේ චුම්භක ක්‍රියාවලියක් නිසයි. වමට චුම්භක ගතිය වැඩි වි - වමටත් , දකුණට චුම්භක ගතිය වැඩි වි - දකුණටත් ගමන් කරනවා. මේ සියල්ල ඉතාමත්ම වේගයේන් සිදු වෙනවා.
ආහපු , කලින් කතා කරපු A අකුර ගැනම බලමු. Reading Head එක වමට / දකුණට යමින් , A අකුර , Hard Disk එකේ ස්ථිරව ගබඩා වෙන ආකාරය , මේ පහල රුපයේ පෙන්වා ඇත. 



හරි , අපි මේ 2 වන පාඩමේදි මතකයන් ගැන හා මතකයන් වල දත්ත ගබඩා වන ආකාරය ගැන හා පරිගණකය කතා කරන එකම භෂාව වන Binary ගැනත් දැන ගත්තා. මේ ටික තමයි කියන්න නම් තියේන්නේ. 
ඊලග 3 වන පාඩමේදි පරිගණකය හා මෙයට අදාල ලක්ෂණ හා තවත් බොහෝ දේ කතා කරමු.



9 Comments:

Tweet Now !!