සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ලෝකයේ ඕනැම ස්ථානයක ඇති ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , පරිගණකයකින් සම්පුර්ණයේන්ම පාලනය කරන ආකාරය. [ How Fully Control a Android Phone Or Tab By Using a Computer. ]


හරි , මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ දැනට ලෝකයේ වැඩි ප්‍රතිශතයක් භාවිතා කරන දුරකතන මෙහයුම් පද්ධතියක්. 2014 වන විට 81.5 % පමණ වන තත්වයක් තියේනව.
ඉතින් මේ ප්‍රතිශතය ඇතුලත අනිවාරේන්ම ඔබත් ඉන්න පුලුවන්. ඒ නිසාම තමයි , අද දිනයේදි ඔබේ හෝ වෙන ඕනැම කෙනෙකුගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , ලෝකයේ කොහේ කොතැනක තිබුනත් , ඒයට පරිගණයකින් ඇතුලු වන විධිය කියල දෙන්නේ.

මේ සදහා , අපිට Team Viewer කියන App එක භාවිතා කරන්න වෙනව. අපි හිතන විධියට ඔබ Team Viewer ගැන දන්නව ඇති. නමුත් , මෙලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ ටැබ් එක , සම්පුර්ණයේන්ම පරිගණකයකින් පාලනය කල හැකි Team Viewer App එක නිකුත් කරේ දැනට පොඩි කාලේකට කලිනුයි.

මේ ක්‍රමය මගින් විවිධාකාරයේ දේවල් කරන්න පුලුවන්. ඒවා ගැන හිතල බලල , මෙය භාවිතා කරන්න ඔබට පුලුවන්.

අපි හිතමු , කාගේ හරි ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් කැඩිල නම් , ඒය ඔබට Team Viewer හරහා සම්බන්ධ වි හදන්න පුලුවන්.
ඒ වගේම ටිකක් ලොකු ප්‍රමාණයේ ෆයිල් එකක් පරිගණයකින් , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයකට යවන්න ඕන වුනාම , ඒයට Data Cable , Bluetooth යනාදි එකක්වත් නැත්නම් , මේ ක්‍රමය මගින් පහසුවෙන් හා ඉක්මණින් ෆයිල්ස් හුවමාරු කරගන්න පුලුවන්.

මේ Team Viewer කියන App එක , ඔබට පාලනය කරන්න ඕන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට සේම , පාලනය කිරිමට යොදා ගන්න පරිගණකයටත් Install කරල තියේන්න ඕන.

* මෙය ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

1. ) ඒ නිසා , මේ පහල Play Store ලින්ක් එකේන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට Team Viewer App එක Install කරගන්න.



2. ) මේ පහල ලින්ක් එකේන් , ඔබේ පරිගණකයට නොමිලේ කෙලින්ම Team Viewer මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. ( මෙය Win XP , 7 , 8 , 8.1 හා 10 වල ක්‍රියාත්මක වේ. )
ඩවුන්ලෝඩ් කරගත් පසු , ඔබ කැමති තැනකට Install කරගන්න.



3. ) හරි , දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ තියේන Team Viewer App එක Open කරන්න හෝ වෙනත් තැනක නම් උපාංගය තියේන්නේ , එතන ඉන්න කෙනාට ඒක Open කරන්න කියන්න. එවිට , මේ පහල රුපයේ ලෙස Your ID කියල එකක් දකින්නට ලැබෙවි.
අන්න , ඒ Ypur ID එක පරිගණකයේන් ඔබේ උපාංගයට පැමිනිමට අවශ්‍ය කෙනාට ලබා දෙන්න. ඒ වගේම , පරිගණකයේන් , ඔබේ උපාංගයට Connect වෙනකම් , Team Viewer App එක නම් Close කරන්න එපා. එ Open කරලම තියන්න. Connect වුනාට පස්සේ නම් , ඕන දේයක් කරගන්න. :D
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , ඔබේ පරිගණකයේ ඇති Team Viewer App මෘදුකාංගය Open කරන්න.
මෙහි වම් පසින් ඇති Control Remote Computer කියන එක යටතේ Partner ID කියල එකක් තියේනව. ඒ Partner ID එකට  , ඔබට අර කලින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේන් ලබා දුන්න ID එක ටයිප් කර , පහලින් ඇති Connect to partner කියන එක ක්ලික් කරන්න. ( Remote control කියන එක ඉදිරියේන් ඇති Tic එක , ඒ විධියටම තියන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒ වගේම , ඔබ ඒ අදාල උපාංගයට Connect වන විට , ඒ බව අදාල උපාංගයට පෙන්වනව. එහිදි Message එකේන් අහනව , දැන් කෙනෙක් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට සම්බන්ධ වෙන්න උත්සහ කරනව , ඒයට කැමති නම් ඒය ස්ථිර කරන්න කියල. මේ සදහා , සැම විටම Allow කියන එක ඔබන්න.

ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේන් Allow කියන එක ඔබල , ඒය ස්ථිර කරපු ගමන් , ඔබට ඒ අදාල ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම පාලනය කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒනම්, පරිගණකයේ ඇති Team Viewer මෘදුකාංගය , අදාල උපාංගයේ සම්පුර්ණ රුපයක් , ඔබේ පරිගණකයේ නිර්මාණය කරනව. ඊට පස්සේ ඉතින් , ඒ උපාංගය වෙනදට අතේ තියන් වැඩ කරනව වගේම , ඕන වැඩ ටික කරගන්නයි තියේන්නේ. ඒත් , මෙහිදි අත වෙනුවට භාවිතා වෙන්නේ Mouse Cursor එක තමයි. මොකද ඉතින් අත පාවිච්චි කරන්න බැනේ පරිගණකයකදි.. :D
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඔබට ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සමග පණිවිඩ හුවමාරු කර ගැනිමට ඕන නම් , මේ පහල රුපයේ පෙන්වා තියේන තැන අදාල් දේ ටයිප් කර , Send කරන්න.
එවිට , ඒය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Notification Bar එකේ පෙන්වනව.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




* පරිගණකය හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගය අතර Apps , Videos , MP3 , Documents යනාදි දේවල් Share කරගන්නා ආකාරය.

i. ) පරිගණකය හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සම්බන්ධ වුනාට පසුව , ඒම Box එකේම වම් පස ඉහලින් File Transfer ලෙස එකක් තියේනව. අන්න , එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ii. ) එවිට File Transfer Box එක විවෘත වෙයි.
මෙම Box එකේ වම් පස , ඔබේ පරිගණකයේ ඇති ෆයිල්ස් පෙන්වන අතර , දකුණු පසින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති ෆයිල්ස් පෙන්වනවා.
ඔබට ඕන ෆයිල් එක පරිගණකයේන් ඇදල , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ෆයිල්ස් තියේන පැත්තට දාන්න. ( තමන් කැමති ඕනැම තැනකට දාන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



iii. ) දැන් , පොඩි Load විමකින් පසුව , ඒම ෆයිල් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ දැක ගත හැක.

* ඒ වගේම , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති ඕනැම App එකක් , පරිගණකයේන්ම Uninstall කරන්නටද පුලුවන්. 
ඒ සදහා , පරිගණකයේ විවෘත වෙල තියේන Team Viewer මෘදුකාංගයේ 3යට තියේන Apps කියන එකට යන්න. එවිට , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති සියලුම Apps දැක ගන්න පුලුවන්. දැන් , ඕන App එකක් Uninstall කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




* ඔබට , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේන් ඉවත් විමට අවශ්‍ය නම් , විවෘත වි ඇති Window එකේ , සුපුරුදු පරිදි දකුණු පස ඉහල ඇති රතු පාට කතිරය ක්ලික් කර , ඉවත් වෙන්න.

14 Comments:

ඔබත් වෙබ් හා බ්ලෝග් සයිට් එකක් කරනව නම් හෝ පාඨකයේක් නම් , අනිවාරේන්ම කියවා දැන ගත යුතු ලෝකයේ හා ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් කලාවේ ඉතිහාසය හා වර්තමානය. [ History & Present Situation Of World And Sri Lankan Webs And Blogs. ]


අපි , වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව පාඩමක් කියල දෙන්නේ නම් ගොඩක් කාලේකට පසුවයි. ඉතින් , මේ පාඩමේදි අපි කතා කරන්න හිතුව බ්ලෝග් කලාවේ ඉතිහාසය හා වර්තමාන තත්වය පිළිබදව. මොකද , මේ වන විට බ්ලෝග් එකක් සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් අතර ප්‍රචලිතව , ප්‍රසිද්ධව පවතිනව. ඒ වගේම , අපි හිතන විධියට ඕනැම දේයක පාදම වෙන්නේ ඉතිහාසය හෙවත් අතිත කතාවයි. ඒ නිස , ඒ ගැන අනිවාරේන්ම දැන ගෙන ඉන්න ඕන. නිකන් ලාවට හරි මතකයේ තියේන්නවත් ඕන. එවිට , ඕන වෙලාවට , ඕන දේ මතක් කර ගන්න පුලුවන්.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 05.


හරි , මෙහම කතාව පටන් ගමු.

අන්තර්ජාලය නිසා තමයි , ලොව සැම දේයක්ම අපේ අතේ දුරකට ඇවිත් තියේන්නේ. කවුරු කොහම කිව්වත් අන්තර්ජාලය නැතුව නම් , ඉන්න කියන එක පහසු වැඩක් නෙමේයි.


1960 දි ARPANET ( The Advanced Research Projects Agency Network ) කියන ඇමරිකානු රජයට අයිති ආයතනයක් මගින් දත්ත කිපයක් , වෙනත් ස්ථානයක තිබුන පරිගණකයක කිපයක් සමග හුවමාරු කර ගැනිම තමයි , අන්තර්ජාලයේ ආරම්භය ලෙස ඉතිහාසයේ සනිටුහන් වෙන්නේ.

නමුත් , 1960 දි අන්තර්ජාලය උපත ලැබුවත් , පොදුවේ ජනයා අතරට එන්න නම් සැලකිය යුතු කාලයක් ගත්තා. ඒ අනුව 1991 අගෝස්තු මස 6 වෙනිදා World Wide Web ( WWW - ලෝක ව්‍යාප්ත වියමන / ලෝක ව්‍යාප්ත පැතුරුම ) කියන , අපි මේ අදටත් භාවිත කරන අන්තර්ජාල සිද්ධාන්තය එළි දකිමින් , අන්තර්ජාලය සාමාන්‍ය ජනයාටත් විවෘත වුනා. මිට කලිනුත් අන්තර්ජාලය වැදගත් පියවරවල් පසු කරා. 
ඒ වගේම , WWW කියන එකේ පියා , එහමත් නැත්නම් අපි මේ නොමිලේ භාවිතා කරන අන්තර්ජාලයේ පියා තමයි Tim Berners-Lee කියන්නේ. මොහු තමන් සොයා ගත්ත දේයට පේටන්ට් බලපත්‍රයක් ගන්න උනන්දු වුනේ නැති නිසා තමයි , අපිට අන්තර්ජාලය නොමිලේ භාවිතා කරන්න පුලුවන් වුනේ. නමුත් , අන්තර්ජාලය සොයා ගත්ත පුද්ගලයා , ඒය නොමිලේම ලබා දෙද්දි , ඔහු සොයා ගත්ත අන්තර්ජාලයේ කටයුතු කරන්න අපි අන්තර්ජාල සේවා සපයන ආයතන වලට මුදල් ගෙවිය යුතුයි.

අන්තර්ජාලයේ පියා ලෙස ඔහු හැදින් විමට තවත් හේතුවක් වන්නේ , ඔහු තමයි ලෝකයේ පළමු වෙබ් සයිට් එක නිර්මාණය කරන්නේ. මේ සදහා අධාර කරන්නේ යුරෝපා සන්විධානයට අයිති - කියන ආයතනයයි. මේ සදහා භාවිත කර තිබෙන්නේ NeXT ලෙස හදුන්වන පරිගණකයයි.

මේක තමයි , ලොව පළමු වෙබ් සයිට් එකේ වෙබ් ලිපිනය ( Web Address ) - http://info.cern.ch/hypertext/WWW/TheProject.html

මෙතනින් ගිහින් ලොව පළමු වෙබ් සයිට් එක ගැන තවත් දේවල් බලන්න පුලුවන්.

ඒ වගේම , 2000 වගේ වෙද්දි අන්තර්ජාලයේ වෙබ් හා බ්ලෝග් සයිට් තිබුනේ 17,087,182ක් පමණයි. නමුත් , 2015 ඔක්තෝබර් මස 20 වන දින රාත්‍රි 8.47 වන විටත් වෙබ් හා බ්ලෝග් සයිට් 943,295,100ක් තිබුනා හා අති සිඝ්‍රගාමිව අලුත් සයිට් අන්තර්ජාලයට එකතු වෙමින් පැවතේනවා. මෙතනින් ගිහින් දැන් වෙද්දි තියේන හා ඇති වෙමින් පවතින සයිට් ගණන බලන්න පුලුවන්.


මේ ඉහලින් කතා කරේ අන්තර්ජාලයේ ඉතිහාසයේන් කොටසක් පමණයි. තවත් බොහෝ දේ කියන්න නම් ඕන. නමුත් , මේ ගැන සියලු කරුණු , අපි වෙනම පොස්ට් එකකින් බලමු.


අන්තර්ජාලය ඔස්සේ වෙබ් සයිට් වලටත් , ඉන් පසුව දැන් අපි එන්න හදන්නේ වෙබ් සයිට් ඔස්සේ බ්ලෝග් සයිට් වලටයි.


බ්ලෝග් සයිට් ගැන කතා කරද්දි ගොඩක් දෙනේක් බ්ලෝග් සයිට් හදුන්වන්නේ තමන්ගේ හෝ කිසියම් ආයතනයක පුද්ගලික විස්තර  , අනිත් අයත් සමග බෙදා ගැනිමට කරගෙන යන සයිට් එකක් විධියටයි. ඒ වගේම , බ්ලෝග් සයිට් නොමිලේ ලබා දෙන ආයතන වලිනුත් , මේ ලබා දෙන්නේ මේ අරමුණ බොහෝ දුරට මුලික කරගෙනම තමයි. නමුත් , බ්ලෝග් කියන දේ ආරම්භ වුන මුල් කාලේම ඒවා වානිජමය තත්වයට පත් වුනා.

ඒයට හොදම නිදසුන තමයි ලොව මුල්ම වතාවට බ්ලෝග් සයිට් වලින් මුදල් ඉපයු  පුද්ගලයින් දෙදෙනා වන Darren Rowse හා John Chow කියන්නේ. මේ Problogger.net , Digital-Photography-School.net හා John Chow.com කියන්නේ මුල්ම වතාවට මුදල් ඉපයිමට භාවිත කල බ්ලෝග් සයිට් 3යි.

ලෝකයේ මුල්ම බ්ලොග් සයිට් එක ලෙස Links.net කියන බ්ලෝග් එක 1994 දි Swarthmore විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදි Justin Hall කියන පුද්ගලයා විසින් ආරම්භ කරා. ඒ කාලයේ නම් බ්ලෝග් කියන නම තිබුනේ නැ.  ඒ වෙනුවට , ඔහු කිව්වේ මේක මගේ පුද්ගලික තොරතුරු ඇති පිටුවක් කියලයි.

1997 දි , Web Log කියන නම භාවිත වෙන්න ගත්ත. 1999 දි , Web Log කියන එක කෙටි කරමින් Blog කියන එක භාවිතා වෙන්න ගත්ත. Blog කියන වචනය හදුන්වා දුන්නේ පරිගණක භාෂා ශිල්පියේක් වන Peter Merholz විසිනුයි.

දැනට ලෝකයේ සේම ලංකාවෙත් වැඩිපුර පවතින බ්ලෝග් වර්ගය වන Blogger Platform එක 1999දි , Evan Williams හා Meg Hourihan කියන පුද්ගලයන් 2නා විසින් ආරම්භ කරමින්, බ්ලෝග් කලාවේ විප්ලයව ආරම්භ කරනවා. ඉතින් , එදා ආරම්භ වුන විප්ලවයේ අද පවතින තැන අයේත් කියන්න දේයක් නැනේ. බලන බලන පැත්තේම ගොඩාක් දුරට තියේන්නේ Blogger බ්ලෝග් සයිට්. මොවුන් 2නා දැනටත් , Google ආයතනයට අයිති 1999දිම පටන් ගත්ත Pyra Labs කියන ආයතනයේ තමයි රැකියාව කරන්නේ.

ඒ වගේම , දැනට Blogger සමග කරට කර සටනක් දියත් කර තියේන WordPress එක 2003දි තමයි ආරම්භ වුනේ. කොහම නමුත් , ඉතා කෙටි කාලයක් තුල තමයි WordPress මේ තරම් ප්‍රචලිත වුනේ.

ඉතින් , මේව තමයි අන්තර්ජාල්යේ , වෙබ් සයිට් වල , බ්ලෝග් සයිට් වල ඉතිහාසය. මේ කිව්ව විධියට ආරම්භ වුන දේවල් තමයි , අද වන විට ලෝකයම ආක්‍රමණය කරල තියේන්නේ.


දැන් අපි , මේ විධියට ලෝක ඉතිහාසයේන් ඔස්සේ ආපු ගමනින්ම ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ඉතිහාසය ගැන බලමු.


මම ලංකාවේ පුද්ගලයේකු විසින්ම නිර්මාණය කරපු මුල්ම වෙබ් හෝ බ්ලෝග් සයිට් එක හෙව්වත් , මට ඒ ගැන නම් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා , ලාංකික පුද්ගලයේකු විසින්ම නිර්මාණය කරන ලද පළමු වෙබ් හෝ බ්ලෝග් සයිට් එක ගැන දන්නව නම් , ඒ ගැන අනිවාරේන්ම මේ පහලින් Comment එකකින් කියන්න.


ලංකාවේ වෙබ් සයිට් ඉතිහාසය ගැනත් ඒතරම් දේයක් හොයා ගන්න බැරි වුනා. නමුත් , දැකපු විධියට 2007 , 2008 වෙද්දි ලංකාවේ බ්ලෝග් කලාව නම් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නව. සමහරට විට මිට කලින් වෙන්නත් පුලුවන්. නමුත් සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙන්නේ , මේ කාල වකවානුවේ තමයි.

2010 වෙද්දි ලංකාවේ බ්ලෝග් කලාව ඉතාමත් හොදින් මුල් බැසගෙන ව්‍යාප්ත වුනා.
කාලයත් සමග ලබා ගන්න සියලු අත්දැකිම් එක්ක , අද වන විට ලංකාවේ බ්ලෝග් සයිට් කියන දේ පුදුමාකර ලෙස ප්‍රසිද්ධයි. ලංකාවේ ඉතාමත්ම හොද වෙබ් හා බ්ලෝග් සයිට් පවා ක්‍රියාත්මක වෙනව. බ්ලෝග් සයිට් වර්ගිකරන පවා ඉතාමත් පුළුල් පරාසයක විහිදි පවතිනව.
තාක්ෂණිකද , ජිවිත කතාද , ඉතිහාසය ගැනද , විහිළු ද , විචාරද යනාදි ලෙස එකි මෙකි නොකි සියලුම වර්ග වලට අයිති වෙබ් හා බ්ලෝග් සයිට් තියේනව.

අපි මේ වෙද්දි ලාංකිකයන් විසින් මෙහෙයවන බ්ලෝග් සයිට් විතරක් 185ක් දත්ත සහිතව දැකල තියේනවා. නමුත් , අනිවාරේන්ම 1000කට ( මිට වඩා වැඩි වෙන්නත් පුලුවන් ) වැඩි බ්ලෝග් සයිට් ප්‍රමාණයකටවත් අපි උරුමකම් කියන්න පුලුවන්. නමුත් , මේ ගැන ස්ථිර පිළිතුරක් නම් දැනට කොහේන්වත් හොයා ගන්න බැ.


ලංකාව තුල දැනට දත්ත සහිතව වෙබ් හා බ්ලෝග් සයිට් 131,308කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනව. නමුත් , මේ ගණන මිට වඩා වැඩි වෙන්නත් පුලුවන්. නමුත් , ඒ ගැන කොහේවත් ලිඛිත දත්ත නම් නැ. ඒ වගේම , මේ ක්‍රියාත්මක වන සයිට් 131,308ම ලාංකිකයේකු විසින් කරන ඒවත් නෙමේ. දේශිය හා විදේශිය සයිට් සියල්ලම මෙහි අන්තර්ගතයි. මේ ගැන Alexa එකේන් හා SimilarWeb කියන සයිට් වලින් බලා ගන්න පුලුවන්.


ලංකාවේ මිනිසුන් අතර ඉතාමත්ම හොදින් වෙබ් හා බ්ලෝග් කලාව පැතිරි පවතිනව. වෙබ් හා බ්ලෝග් සයිට් පවත්වන් යන පිරිස් සේම , ඒවාට පැමිණේන පාඨකයන්ද ඉතාමත්ම හොද තත්වයක තියේනව. මෙහමයි , තමන් ලබා දෙන දේ අනුව තමයි පාඨකයන් ඔබලා වටා එක් රැස් වෙන්නේ. ඒනම් , සැම විටම නැවුම් , වැදගත් , වටින , හිතට වදින දේවල් පළ කරන සයිට් වලට තමයි පාඨකයන් ඇදිල එන්නේ.


දැන් වන විට ලංකාවේ බ්ලෝග් කියන එක්තරා විධියක විද්‍යුත් මාධ්‍යය ඉලක්ක කරගෙන , පාදක කරගෙන , ඉතාමත්ම හොද ශ්‍රී ලාංකික බ්ලෝග් සාමාජයක් නිර්මාණය වෙල තියේනව. මේ බ්ලෝග් සමාජයේ බ්ලෝග් සයිට් කරන අය සේම , පාඨකයන්ද සිටිනව.

මේ අපි කතා කරන්නේ පරිගණකය මුලික කරන් ක්‍රියාත්මක වන සාමාජයක් ගැන නෙමේ. මේ බ්ලෝග් සමාජයේ ඉන්න සියලුම දේන තමන්ගේ එදිනෙදා ජිවිතයේදි හමු වෙනව , උදව් කර ගන්නව , ඒනම් සාමාජය තුලම ඇත්තටම ක්‍රියාත්මක එකක්.

මේ ශ්‍රී ලාංකික බ්ලෝග් සාමාජය 2011 වසරේ තමයි ආරම්භ කරේ. ( මම සොයා ගත්ත දත්ත අනුව. වැරදි නම් , ඒ ගැන කියන්න. )

2011 සිට 2015 දක්වා ආපු කෙටි ගමන් මග තුල සැලකිය යුතු ක්‍රියාකාරකම් කරන්න , මේ බ්ලෝග් සාමාජයට පුලුවන් වුනා.
2011 සිට 2015 දක්වා සයිබර් අවුරුදු සැණකෙලියක් ද , 2014 දි ගාලු සාවාරියක්ද , 2013 දි Mega Beach Party එකක්ද , 2012 දි බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනද යනාදි ලෙස විවිධාකරයේ වැඩසටහන් පවත්වා තියේනව. ( මිට අමතරව තවත් දේවල් කරල තියේනව. ඒ හැම දේම මෙතන කියන්න ආමාරුයි. ) 
දැන් , තේරේනව ඇති නේද ලංකාවේ බ්ලෝග් කලාව , බ්ලෝග්කරුවන් හා පාඨකයන් කොයි තරම් සුපිරි මිනිසුන්ද කියල. මම මේ බ්ලෝග් සාමාජය ගැන 2013 දි තමයි දැන ගත්තේ. ඒත් , මේ වෙන සියලුම දේවල් බැලුව / කියේව්ව ඇරේන්න , අපිට ආසාවටවත් එකකටවත් සහභාගි වෙන්න බැරි වුනා. ඒ ගැන නම් අපිටත් දුකයි. :/

ඒ වගේම , අලුතින් හා සමහර බ්ලෝග්කරුවන් මේ සාමාජය ගැන දන්නේ නැ. ඉතින් ඒ නිසා තමයි , නොදන්න අයට දැන ගන්න මේ ගැන කිව්වේ.


ඒ වගේම , මෙවැනි සාමාජයක ඉන්න නිසා , තමන් පොස්ට් එකක් පළ කරන වාරයක් වාරයක් ගානේ , ඒවට ඒ ඒ සාමාජිකයන් Comments දානවා. ඉතින් , මේ නිසාම ඔබේ සැලකිය යුතු පොස්ට් ප්‍රමානයකට හොද Comments ප්‍රමානයකුත් ගන්න පුලුවන්.


අපේ මේ ලංකාවේ ක්‍රියාත්මක බ්ලෝග් සාමාජය ගැන සියලුම තොරතුරු මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඒ වගේම , මෙහි සාමාජිකත්වය ලබා ගන්න ඕන නම් මෙතනින් යන්න. 


මේ පහලින් තියේන්නේ සයිබර් අවුරුදු සැණකෙලියකදි ලබා ගත් බ්ලෝග් සාමාජයේ සමුහ ජායාරුපයකි.



අපි දැනට විද්‍යුත් මාධ්‍යයක් මුලික කරගෙන නිර්මාණය වුන දැවැන්ත සාමාජ 2ක් දැක්කා. එකක් තමයි , මේ බ්ලෝග් සාමාජය හා Ingress කියන ඇන්ඩ්‍රොයිඩ් හා Apple OS ක්‍රිඩාව මුලික කරගෙන හැදුන සාමාජය. මේ සාමාජ 2ම , තමන්ට සේම අන් අයටත් පුලුවන් උපරිමයේන් සේවය කරන කොට්ඨාස 2ක්. Ingress සාමාජය ගැන දැන ගන්න ඕන නම් මෙතනින් යන්න. 

මේ පහලින් තියේන InfoGraphic වලිනුත් බ්ලෝග් ගැන පැහැදිලි කිරිමක් කරගන්න පුලුවන්.





එදිනෙදා ජිවිතයේදි මේවා තමන්ගේ සාමාන්‍ය දැනිමට පවා අවශ්‍ය වෙනවා. :D

මේ පොස්ට් එකේ කිසියම් හෝ දේයක් නිවැරදි වෙන්න ඕන නම් හෝ අලුතින් දේයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැනත් අනිවාරේන්ම කියන්න.


-------------------------------------------------------------------------------------------------------------------


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.



0 Comments:

ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How to get more Likes on your Facebook Posts 2015 ]

This post was updated in 19th October 2015 by Vishwa Prabhathiya

හායි යාලුවනේ.. !! මම කවුද කියල කියන්න ඕන නෑනේ..කවුරුත් දන්නවනේ ඉතින් මේ වගේ ට්‍රික්ස් දෙන්නේ විශ්ව විතරයි කියලා.. !! හි හී... ඔන්න අද මං ගෙනාවේ එසේ මෙසේ ට්‍රික් එකක් නම් නෙවෙයි ඕං. මේක ඇවිල්ලා ගින්දර වගේ වැඩක්.. ඒ කිව්වේ පෙනුමෙන් ලස්සනට තිබුනට ටිකක් විතර භයානකයි !! බය වෙන්න එපා.. මම හෙමීට හැමදේම ගැන කියන්නම්කො.. හරි එහෙනම් අපි පොස්ටුව පැත්තට යොමු වෙමු !!



මං අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල fb එකේ ; එකේක status , photoes වගේඒවා upload හෝ share කරනවා... ඉතින් මේ විදියට ඔයාල fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට.. සමහර අයගේ post වලට තියෙන්නේ  LIKE 1ක් හෝ 2ක් වගේ පොඩි ගානක්. තවත් සමහරක් අයට LIKE 200ක් 300ක් හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අදමේ කියන්නේ යන්නේ , අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි.. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් අරගන්න විදියයි !!

මේ පොස්ටුව කියවනකොට , ඔයාලට අලුතින් අහන්න ලැබෙන වචන 2ක් තියෙනවා.. ඉස්සරවෙලාම මම , ඒ වචන 2 පැහැදිලි කරන්නම්.

Access token = Access token කියන්නේ , එක් එක් fb account එකට වෙන වෙන ම තියෙන පොඩි code එකක්. ඔයාල මේක අහල නැති වුනාට, මේක අපේ account එකට ගොඩක් වැදගත් දෙයක්. මොකද , මේ Access token එකෙන් තමයි, ඔයාල LIKE හෝ COMMENT කරන ඒවා රඳා පවතින්නේ. අපි මෙහෙම හිතමුකෝ , නිකමට වත් මම ඔයාලගෙන් කෙනෙක්ගේ Access token එක දන්නවා නම් , මට පුළුවන් ; මේ fb එකේ ඔයා වගේ පෙනී සිටින්න. ඒ කිව්වේ, ඔයා fb ආවේ නැතත්, මට පුළුවන් ඔයා විදියට fb ඇවිත් ඕන දෙයකට LIKE හෝ COMMENT කරන්න.. හැබැයි මට ඔයාලගේ password වෙනස් කරන්න නම් බෑ.. මට පුළුවන් ඔයා වගේ පෙනී සිටින්න විතරයි. දැන් තේරෙනවා නේද මේ Access token කියන එක කොච්චර වැදගත් දෙයක් ද කියලා.. අන්න ඒ නිසා, ඔයාලගේ Access token එක වෙන කිසිම කෙනෙක්ට දෙන්න එපා.. ඔයාගේ Access token එක මොකක්ද කියලා දැනගන්න විදිය මම තව ටිකකින් කියන්නම්.....

Post ID = මේකත් ටිකක් විතර වැදගත් එකක්... ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමු මම දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ... හරියට මේ වගේ..
February 25
1 hour ago
a few seconds ago

දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙද බලන්න....
https://www.facebook.com/photo.php?fbid=448899025237842
ඔය රතු පාටින් තියෙන්නේ Post ID එක. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..

විශේෂයෙන් කියන්න ඕන , ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

ඔන්න දැන් අපි ආයෙත් පොස්ටුව පැත්තට එනවා... දැන් තමයි ඔන්න වැඩ පටන් ගන්නේ !!

මුලින්ම ඔයාල, facebook වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි ,  https://www.facebook.com/settings?tab=followers කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybody කරන්න..දැන් හරි !!

දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Official-Liker

දැන් ඔය open වුන tab එක ඔහොමම තියාගෙන, මේ link එකටත් යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Access Token

ඔය ලින්ක් එකට ගියාම, ඒ page එකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.



එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි...



ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.


ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.



දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරලා... දැන් අර මම මුලින්ම යන්න කියපු link එක තියෙන tab එකට යන්න.. ඒ කිව්වේ Official Liker කියලා තියෙන tab එකට. දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න... දැන් අපි ඔය copy කරගත්ත link එකේ , Access token = xxxxxxxxxxxxxxxxxx
මෙන්න මෙහෙම අංක වගයක් තියෙනවා... අන්න ඒ අංක ටික තමයි, ඔයාගේ account එකේ Access token එක... හරි, ඔයාල  Submit කියන එක click කළාම අලුත් page එකකට යනවා..


ඔන්න ඔය කියපු තැන click කරලා , captcha එක හරියට type කරලා Continue කරන්න. එතකොට එන page එක skip ad කරන්න.. ඊට පස්සේ එන page එකෙන් USE OFFICIAL LIKER කියන එක click කරලා, එතකොට එන page එකේ Set Number Of Likes: කියන එක උපරිම වැඩි කරලා Apply කරන්න.
ඒ page එකේ ටිකක් පහළට ආවම, Use Official Liker කියලා button එකක් තියෙනවා. අන්න ඒක click කරන්න.
දැන් ඔයාලට පෙනේවි, ඔයාලගේ account එකේ ඔයාලා දාපු status ඔතන තියෙනවා.. දැන් ඔය Navigation tab වගයක් තියෙනව ඔයාලට පේනවා ඇතිනේ..



තමන්ට ඕන ;      photo එකකට LIKE ගන්න නම්, photo කියන tab එකට ගිහින් අදාළ photo එක තෝරන්න.. ඒ විදියට තමන්ට ඕන දේ තෝරන්න. එහෙම නැත්තම් Custom id කියන එකට ගිහින් කෙලින් ම, අර මම කලින් කියපු විදියට post id එක හොයාගෙන, ඒක ඔතන තියෙන පොඩි box එකේ paste කරලා submit button එක click කරන්න...

දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එකට LIKE කීයක් ලැබිල ද කියලා.....

දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම් , App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඔන්න ඔහොමයි ගින්දර වගේ LIKE ගන්නේ... මේ විදියට පුළුවන්, ඔයාලට comments අරගන්න සහ ඔයාලගේ followers ලා ප්‍රමාණය වැඩි කරගන්නත්..

පොස්ටුව ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ... දැන් කට්ටියද දන්නවද මේ විදියට එක පාරට LIKE ලැබුනේ කොහොමද කියලා?? මැජික් එකක්ද?? මර්ලින්ගේ වැඩක්ද?? නෑ නෑ එහෙම එකක් නෙවෙයි... මෙතන වෙන්නේ පොඩි හුවමාරුවක්... ඉන්නකෝ තේරුම් කරලා දෙනකම් !!

Access token කියන්නේ මොකක්ද කියල මම කලින් කිව්වනේ.. මම මේක කාටවත් දෙන්න එපා කියලත් කිව්වා මතක ඇතිනේ. ඉතින් ඔය දැන්, මේ web site එකට ඔයාගේ Access token එක දීලනේ !!! ඔන්න දැන් සමහරවිට කට්ටියට තේරෙන්න ඇති.. ඉන්නකෝ තව පැහැදිලි කරනකම්...

මෙහෙමයි , ඔයා දැන් ඔයාගේ Access token එක,මේ servers වලට දුන්නම, එයාල එයාලගේ web site එකට ඔයාල වගේ log වෙලා ඉන්න අනිත් අයගේ post වලට LIKE දානවා.. ඒ කිව්වේ , ඔයා වගේම තව අය මේ web site එකට ඇවිත් Post ID එක දීල, ඒකට LIKE ගන්න අය ඉන්නවනේ.. අන්න එයාලට LIKE දෙන්නේ ඔයාලා.. ඔයාලා දන්නේ නැති වුනාට , Access token එක මේ servers වලට දුන්නම, ඒවායින් කරන්නේ ඔයාට හොරෙන් අනිත් අයගේ ඒවට LIKE දාන එක...

තවත් හොදට මේක තේරෙන්න නම් , ඔයාලගේ Activity log එකට ගිහින් බලන්න... ( FB එකේ දකුණු පැත්තේ උඩම තියෙන settings icon එක click කරලා , Activity log කියන එක click කරන්න ) ඒකට ගියාම ඔයාලට පෙනේවි, ඔයාල නොදැනුවත් ව , කිදෙනේක්ගේ post වලට LIKE , COMMENT වැටිලද කියලා... අන්න එකයි මම මේ පොස්ට් එකේ මුලින් කිව්වේ, මේක ටිකක් භයානකයි කියලා... එකයි ගින්දර වගේ කිව්වේ... හොද පැත්ත සහ නරක පැත්ත යන දෙකම තියෙනවා... ඉතින් ඔයාලා කැමති නම්, මේක දිගට ම try කරලා මේ විදියට LIKE පෝලිමක් ම අරගන්න... අකමැති අයට නම් ඉතින් කරන්න දෙයක් නෑ.... ගොඩක් වෙබ් අඩවි වල මේ වගේ LIKE ගන්න ක්‍රම තිබුනට, ඒකෙ අයහපත් පැත්ත ගැන එයාලා කියලා නෑ... ඉතින්
ඔන්න මම දෙපැත්ත ගැන ම කිව්වා...ඉතුරු ටික ඉතින් ඔයාලගේ අතේ... ඔන්න දැන් පොස්ටුව ඉවරයි !!

මං එහෙනම් යනවා... සුභ දවසක් කස්ටියට ම.... මේ වගේ වැඩ කෑල්ලක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... එතෙක් , මතු සම්බන්ධයි !!




66 Comments:

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ , Pattern Lock එක අමතක වු විට , Reset කරන්නේ නැතුවම , Pattern Lock එක ඉවත් කරන ආකාරය. [ How To Remove Pattern Lock In Android Phone Or Tab Without Data Reset. ]


ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මේ වන විට ලොව පුරා ව්‍යාප්තව පවතින ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක්. ඒ නිසා , මේවාට සොර සතුරන්ගෙන් වන කරදරද වැඩි වෙමින් පවතිනවා. ඒ නිසාම , තමන් ලග තියේන ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනත් ඕනැම වර්ගයක ජංගම දුරකතන වලට හා Tab වලට විවිධ ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න , අපි පුරුදු වෙලයි ඉන්නේ. මෙයින් ප්‍රධාන ආරක්ෂක ක්‍රම තමයි Pin , Password හා Pattern Lock කියන්නේ.

නමුත් හදිස්සියේවත් , අපේ ආරක්ෂාවට යොදපු ඒ ආරක්ෂක ක්‍රමය අමතක වුනෝත් මොකද කරන්නේ ??
එහම නැත්නම් , ඔබේ ජංගම දුරකතනයට හෝ Tab එකට , වෙන කවුරුන් හෝ විසින් මොකක් හරි ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරලා , ඒ අදාල පුද්ගලයව සොයා ගන්නවත් නැත්නම් මොකද කරන්නේ ??

මෙන්න , මෙවැනි අවස්ථාවක හෝ මොනකම් හෝ අවස්ථාවක යොදන ලද ආරක්ෂක ක්‍රමය ඉවත් කරගන්න ඕන වුනෝත් , ඒය කරන ආකාරය තමයි අද කියල දෙන්නේ.

ඒත් , අද අපි මේ කියල දෙන ක්‍රමයේන් ඉවත් කරගන්න පුලුවන් වෙන්නේ යොදා තියේන Pattern Lock එකක් විතරයි. මේ ක්‍රමයට Pin හා Password නම් ඉවත් කරන්න දැනට බැ.

Pattern Lock එක ඉවත් කරගන්න , ආකාර කිපයක් තියේනව. නමුත් , ඒවායින් බොහෝ ක්‍රම වලදි , ඔබේ ජංගම දුරකතනය හෝ Tab එක , Reset කරන්න වෙනව. ඒනම් , ඔබ සතු පින්තුර , ෆයිල්ස් , විඩියෝ , සින්දු යනාදි සියලුම දේවල් නැති වෙනව.

නමුත් , දැන් අපි මේ කියල දෙන ක්‍රමයේදි , කිසිසේත්ම ඔබේ ජංගම දුරකතනය හෝ Tab එක , කිසිසේත්ම Reset කරන්න ඕන නැ. ඒ නිසා ඔබේ සියලුම දේවලුත් ආරක්ෂා වෙනව. අනිවා , මේ ක්‍රමය බොහෝ දෙනේක් දන්නව ඇති , ඒත් කොකටත් කියල හැමෝටම දැන ගන්නත් එක්කම කියල දෙන්නම්.

* නමුත්  , මේ ආකාරයට යොදා තියේන Pattern Lock එක ඉවත් කරන්න නම් , අනිවාරේන්ම ඒම ජංගම දුරකතනය හෝ Tab එක , අන්තර්ජාලයට සම්බන්ධව තිබිය යුතුයි. ඒනම් , Data On වෙලාම තියේන්නේ ඕන. මේක තමයි ලොකුම ප්‍රශ්නයකට තියේන්නේ. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ හැම විටම Data On කරල තියන්නේ නැ තමයි. නමුත් කරන්න දෙයක් නැ.
මේ ක්‍රමයේන් , ඒ යොදා තියේන ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න නම් , අනිවාරේන්ම Screen එක Lock වෙන්න කලින් ඉදන්ම Data On වෙල තියේන්න ඕන. Data On වෙලා නැත්නම් කරන්න දෙයක් නැ.

* අපි අනිවාරේන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ගත්තාම , ඒකට Email හා Password එකක් ලබා දිල Google Account එකක් හදා ගන්නව. එහම නැත්නම් දැනටමත් තියේන Google ගිණුමක තොරතුරු ලබා දි , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට , අපේ ගිණුම Add කරනව.
මෙන්න , මේ විධියට Add කරන Email එක හා Password එකත් , මේ ක්‍රමයේදි අපට ඕන වෙනව. මොකද , ඒවා ලබා දුනට පස්සේ තමයි , අපිට ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න අවසර ලැබෙන්නේ.
මේ නිසාම , මේ ක්‍රමය භාවිතා කරල , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ හෝ Tab එකේ ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න , ඒ අදාල අයිතිකරුට හැර වෙන කාටවත්ම බැ.

හරි , මේක කරන්නේ මෙහමයි.

1. ) මුලින්ම , Pattern Lock එක යොදපු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ Tab එක අර ගෙන , එහි තමන්ට හිතේන හිතේන විධියට Pattern Lock එක 5 වතාවක් අදින්න.
මෙසේ , 5 වෙනි වතාවේ Pattern Lock එක ඇදල ඉවර වෙනවත් සමගම , ඔබට මේ පහල රුපයේ තියේන පණිවිඩය පෙනේවි.
දැන් , එහි ඇති OK එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. ) දැන් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Screen එකේ දකුණු පස පහලින් තියේන Forgotten Pattern කියන එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) දැන් , අපි අර කලින් කියු පරිදි , දැනටමත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට යොදා තියේන Email එක හා Password එක හරියටම ටයිප් කරන්න. නිවැරදිව ටයිප් කල පසුව , එහිම ඇති Sign In කියන එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) හරි , එවිට විවෘත වෙනව Unlock Selection කියන කොටස.

මෙතනදි , අපේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ආරක්ෂක ක්‍රමයක් නැවතත් දානවද , නැද්ද කියන එක තිරණය කල යුතුයි.

* ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට කිසිදු ආරක්ෂක ක්‍රමයක් අවශ්‍ය නැත්නම් , None කියන එක ඔබන්න.

* ඔබට Pin , Password , Pattern Lock වැනි ටයිප් කරමින් , අදිමින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඇතුලු විය යුතු ආරක්ෂක ක්‍රම කරදරකාරි නම් , Swipe එක ඔබන්න. ( මෙහිදි උපාංගයේ Power Button එක එබුවා , Screen එක Touch කරගෙන කොයි පැත්තකට හරි නිකන්ම ඇද්දා , උපාංගයට ඇතුලු වුනා. ) 

* නමුත් , ඔබේ උපාංගයට තව දුරටත් ආරක්ෂක ක්‍රමයක් ඕනම නම් , Pin , Password , Pattern Lock වැනි ක්‍රම වලින් එකක් ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. ) හරි , මෙච්චරයි කරන්න තියේන්නේ.
දැන් , නැවතත් සාමාන්‍ය පරිදි , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයා හා Tab එක භාවිතා කරන්න.

* ඒ වගේම , ඔබ නැවතත් කිසියම් ආරක්ෂක ක්‍රමයක් යෙදුව නම් , ඒ ක්‍රමයට අදාල වචන හෝ ඉලක්කම් හෝ රටාව , අනිවාරේන්ම ඉතාමත්ම හොදින් මතක තබා ගන්න.

මේ පොස්ට් එකේන් , අලුත් දේයක් දැන ගත්ත නම් , මේ පහලින් Comment එකකුත් දා ගෙනම යන්න.

2 Comments:

Gmail එකේ Tab එකක තියෙන Emails එක පාර මකලා දාන ආකාරය. [ How To Delete All The Gmails At Once. ]

ඉතින් යාලුවනේ ඔයලට කොහොමද ? කාලෙකින් POST එකක් දන්නත් බැරි වෙච්ච එක ගැන ගොඩක් දුකයි.ඉතින් මම අද ඔයාලට වැදගත් වේවි කියල හිතපු දෙයක් කියන්නයි අවෙ.

ඔයාලට ඔයාගෙ GMAIL එකට එන SOCIAL , PROMOTION Emails නිසා ගොඩක් කරදර ඇතින් නේද INBOX එක පිරිල.DELETE කරන්න ගියාම DELETE වෙන්නෙත් එකපරාට EMAILS 50ක් වගෙ පොඩි ප්‍රමානයක් නේද.?

ඉතින් මම අද ඔයලට කියන්නම් එක පාරට කොහොමද TAB එකක තියෙන EMAILS ටික ඔක්කොම කපාරට මකලා දාන්නෙ කොහොමද කියල.


1. ) ඔයාලගෙ  GMAIL එකට LOG වෙන්නකෝ මුලින්.


2. ) ඊටෙ පස්සෙ මෙන්න මෙහෙම SEARCH කරන්නකො EMAIL ඇතුලෙ තියෙන SEARCH BAR එකේ මේ විදියට.


ඊට පස්සෙ ඒ CATEGORY එකට අදාල Emails ටික ඔක්කොම ඔයාලට පෙන්නවි.

SOCIAL TAB එකේ ඒව මකන්න ඕනනම් CATEGORY:SOCIAL තමයි TYPE කරන්න ඕන.


3. ) දැන් මේ විදියට කරන්න.


EMAILS ටික ඔක්කොම SELECT කරල Select all conversations that match this search කියන එක CLICK කරන්න.

4. ) දැන් DELETE කරන්න. 

වැඩි විස්තර ඕනනම් මෙතනින් යන්න.



0 Comments:

Data නාස්ති වෙමින් සිදුවන , KM Player එකේ Update එක සම්පුර්ණයේන්ම නවත්වන ආකාරය. [ How To Permanently Stop / Remove Update In KM Player. ]


අපි කවුරුත් භාවිතා කරන , ගොඩක් ජනප්‍රිය මෘදුකාංගයක්  තමයි KM Player කියන්නේ. මේ එකේ තියේන පහසුකම් නිසා තමයි , මේක මෙතරම් ජනප්‍රිය විමට ප්‍රධාන හේතුව වුනේ.
නමුත් , ඔවුන් නිරන්තරයේන්ම KM Player එක Update කරනව. නමුත් , Update කිරිමට හේතුව වෙන්නේ මොකක් හරි අලුත් දේයක් KM Player එකට එකතු කරල තියේන නිසා බව ඇත්ත. නමුත් , මේ විධියට නිරන්තරයන් මොකක් වුනත් Update කරද්දි , අපේ Data ( MB ) වැය වෙනව. Data වැය වෙනව කියන්නේ මුදල් වැය විමම තමයි.

ඒ නිසයි , අපි හිතුවේ KM Player එකේ Update එක සම්පුර්ණයේන්ම නවත්වන ආකාරය , ඔබලාට කියල දෙන්න ඕන කියල.
මේ සදහා කරන්න තියෙන්නේ පොඩි දේයක්.. අපි ඒක කරන විධිය බලමු.

මේ ක්‍රමය Win XP , Vista , 7 , 8 , 8.1 හා 10 යන ඕනැම මෙහයුම් පද්ධතියකදි භාවිතා කරන්න පුලුවන්.

KM Player Update එක සම්පුර්ණයේන්ම නවත්වන්න , මේ කියන විධියට කරන්න.


1. ) ඔබ භාවිතා කරන්නේ Win Vista , 7 , 8 , 8.1 , 10 නම් , මුලින්ම Start Menu එකට ගිහින් , එකේ පහලින් ඇති Search Bar එකේ RegEdit කියල ටයිප් කරන්න. එවිට , Menu එකේ ඉහලින්ම RegEdit කියල දැක ගන්න පුලුවන්. දැන් , ඒ RegEdit එක ක්ලික් කරන්න. 
එවිට , තව Box එකක් විවෘත වෙවි. එහි Yes කියන එක ක්ලික් කරන්න. දැන් , අපි ඉන්නේ RegEdit කියන එකේයි.

* ඔබ භාවිතා කරන්නේ Win XP නම් , මුලින්ම Start Menu එකට ගිහින් , එහි දකුණු පස තියේන RUN කියන එක ක්ලික් කරන්න. එවිට විවෘත වෙන RUN Box එකේ තියේන Search Bar එකේ RegEdit කියල ටයිප් කරල , OK එක ක්ලික් කරන්න. එවිට , මෙහිදිත් තවත් Box එකක් විවෘත වි Yes / No ලබා දෙන ලෙස කිව්වොත් , එයින් Yes එක ක්ලික් කරන්න. දැන් , ඔබත් ඉන්නේ RegEdit එකේයි.

* දැන් Win XP , Vista , 7 , 8 , 8.1 , 10 හැමෝම , මේ විධියටම කරන්න.

2. ) දැන් , මේ RegEdit එකේ වම් පස තියේන HKEY_CURRENT_USER කියන එකට යන්න.

3. ) එවිට , පහලට එන ලිස්ට් එකේ තියේන Software කියන එකට යන්න. 

( 2 හා 3 පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , නැවතත් ලිස්ට් එකක් පහලට එයි. ඒ ලිස්ට් එකේනුත් KM Player කියන එකට යන්න.

5. ) ආපහු , පහලට ලිස්ට් එකක් එයි. එහි තියේන KMP3.0 කියන එකට යන්න.

6. ) ආපහුම පහලට එන ලිස්ට් එකේ තියේන OptionArea කියන එකට යන්න. ( දැන් නම් පහලට එන ලිස්ට් මතු වෙලා ඉවරයි. :D )

( 4 , 5 හා 6 පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



7. ) හරි දැන් , මේ විවෘත වි තියේන RegEdit එකේ දකුණු පැත්ත බලන්න. දකුණු පස පොඩ්ඩක් පහලට වෙන්න Auto Update කියල එකක් තියේනව. අන්න , එක ඩබල් ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



එවිට Box එකක් විවෘත වෙවි. ඒ Box එකේ Value data කියන තැන 1 ලෙස තියේනව දකින්න ඇති. 
අන්න , ඒ 1 මකල , එතනට 0 ටයිප් කරල , OK එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , RegEdit එකත් Close කරන්න. 

ඔන්න , දැන් අයේත් නම් KM Player එක Data නාස්ති වෙමින් Update වෙන්නේ නැ. එහම නැත්නම් Update කරන්න කියල කියන්නේත් නැ. 

හරි , මේ පොස්ට් එකේ කියල තිබුන දේවල් තේරුනේ නැත්නම් හෝ අපැහැදිලි නම් , මේ පහලින් තියේන අපිම හදපු සිංහල Video එක බලන්න. 

ඒ වගේම , ඔබත් , අලුත් , වැදගත් හා වටින දේවල් හැමදාම දැන ගන්න කැමති නම් , Seven Net YouTube Page එකට අනිවා මේ පහලින් තියේන Subscribe එක ක්ලික් කරල , දැන්මම Subscribe කරන්න. 




මේ Video එකට අදාලව , ඔබට මොනයම් හෝ ගැටලුවක් තියේනව නම් , මේ පහලින් Comment එකක් දාන්න. අපි , අනිවාරේන් පුලුවන් උපරිමයේන් උදව් කරන්නම්. 

4 Comments:

ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් එකේ ඇති ජායාරුපයකට , Mouse එකේ ඊතල කොටස ගෙන ගිය විටම , ඒම ජායාරුපය වෙනස් වෙන විධියට සාදන ආකාරය. [ How To Create a Rollover Image Effect. ]


හරි , අද අපි කියන්නේ බ්ලෝග් සයිට් කරන අයට වැදගත් වෙන දේයක්.

ඒ තමයි , ඔයාගේ සයිට් එකේ තියේන පින්තුරයක් උඩට , Mouse එකේ ඊතල කොටස අරන් ගියාම , ඒ පින්තුරය වෙනස් වෙන විධියට හදන්නේ කොහමද කියලයි , අද කියල දෙන්නේ.

මේ වගේ දේයක් , ඔබට ඕනැම දේයකට  භාවිතා කරන්න පුලුවන්. ඔබේ සයිට් එකේ විවිධ දැන්විම් පළ කරද්දි වැනි අවස්ථා වලදි වගේ , ඕනැම දේයකට ගන්න පුලුවන්.

මේක ක්‍රියාත්මක වන ආකාරය බලන්න ඕන නම් , මේ පහල පින්තුරයට Mouse එකේ ඊතල කොටස අරන් ගිහින්ම බලන්න.


දැක්කා නේද ?? අන්න , ඒක තමයි අපි දැන් හදන්නේ.

1. ) මේ පහලින් තියේන Code එක Copy කරගන්න.

<a href="Link" target="_blank"><img src="First Picture Link" onmouseover="this.src='Second Picture Link'" onmouseout="this.src='First Picture Link'" /></a>

මේ දිල තියේන Code එකේ , පහලින් කියල තියේන දේවල් ටික , ඔබට අදාලව ලබා දෙන්න.

* Link කියන තැනට , ඒ පින්තුරය ක්ලික් කරාම , මොකක් හරි පොස්ට් එකකට හෝ සයිට් එකකට යවන්න ඕන නම් , ඒ අදාල ලින්ක් එක ලබා දෙන්න.

* First Picture Link කියන තැනට , උඩින්ම ( පළමුව ) තියේන්න ඕන පින්තුරයේ Link එක ( Image URL එක ) ලබා දෙන්න.

* Second Picture Link කියන තැනට , එකේ ඊතල කොටස රැගෙන ගිය විට පෙන්විය යුතු , පින්තුරයේ Link එක ( Image URL එක ) ලබා දෙන්න.

2. ) දැන් , Blogger Dashboard එකේ Layout එකට ගිහින් , එතනින් Add a Gadget කියන එක ක්ලික් කරන්න.
එවිට එන Box එකේ HTML/Java Script කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේ Content කියන තැනට , අර අපි කලින් Copy කර ගත්ත Code එක , Paste කරන්න. ඒ වගේම , ඒ Box එකේම තියේන Tittle කියන එකට කැමති නම් පමණක් නමක් ලබා දි හෝ නොදි , Save කරන්න.
( අර , අපි ඉහලින් කිව්ව දේවල් , මේ Code එකට මුලින්ම දාල තියේන්න ඕන. )

3. ) දැන් , ඔබේ සයිට් එකට ගිහින් බලන්න. වැඩේ හරි නේද !!

0 Comments:

Tweet Now !!