සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Showing posts with label Web - Blog & SEO Tips & Tricks.. Show all posts

CSS ගැන සියලුම දේවල් දැනගෙනම , වෙබ් අඩවි නිර්මාණයට හා අලංකාර කරගැනිමට CSS භාවිතා කරන ආකාරය. ( වෙබ් අඩවි නිර්මාණය පාඩම් - 03 ) [ What Is CSS And How To Use CSS In Web Designing. ]

19 Comments

හරි , ඔන්න වෙබ් අඩවි නිර්මාණයට අදාල පාඩමක් තමයි අද අපි ලබා දෙන්නේ. 2 වෙනි පාඩමේන් පස්සේ 3 වෙනි පාඩම , ඒ කිව්වේ මේ පාඩම ලබා දෙන්න පොඩි කාලයක් ගත වුනා තමයි. අපි පුලුවන් උපරිම විධියට අලුත් පාඩම් ලබා දෙන්න උත්සහ කරනව.

අද , මේ පොස්ට් එකේන් කතා කරන්නේ CSS ගැනයි.


CSS කියන එකේ තේරුම තමයි Cascading Style Sheets කියන එක. CSS යොදා ගන්නේ Web Designers ලා. ( අපි 2 වෙනි පොස්ට් එකේ Web Designer හා Web Developer අතරේ තියේන වෙනස්කම් ගැන කිව්ව. ) ඒ කියන්නේ වෙබ් සයිට් එකක් Design කරන වැඩ වලට තමයි CSS යොදා ගන්නේ. 

ඒ කිව්වේ , වෙබ් සයිට් එකේ පළල , Background Color එක තිරණය කරන්න , වෙබ් සයිට් එකේ තියේන පින්තුරයක උස , පළල තිරණය කරන්න. වෙබ් සයිට් එකේ තියේන Texts ස්ථානගත විය යුතු තැන , Font Colors , වාක්‍ය 2ක් අතර පරතරය ඇතුලුව තව ගොඩාක් දේවල් තිරණය කරන්න පුලුවන්. 

මේ දේවල් HTML වලිනුත් කරගන්න පුලුවන් නේද කියල ඔයාලට හිතේවි. නමුත් , හිතන්න Navigation Bar එකක පළල අපට HTML යොදා ගෙන තිරණය කරන්න බැ. ඒක කරන්න පුලුවන් CSS වලින්. අන්න ඒ වගේ CSS වලින්ම විතරක් කරන්න පුලුවන් දේවල් තියේනව. ඒ වගේම Font Color එක වගේ දේවල් HTML වලිනුත් වෙනස් කරන්න පුලුවන්. නමුත් , මේ සදහා CSS යොදා ගත්තාම , අපට ඒ දේවල් පහසුවෙන් කරගන්න පුලුවන්. ඒ සියලුම දේවල් , මේ පොස්ට් එක කියේව්වා දැන ගන්න පුලුවන් වෙවි.

මුලින්ම CSS ලියන විධිය ගැන බලමු.


CSS ලියන්න ඕන මොකක් හරි දේකටනේ. ඒ කිව්වේ , වෙබ් පිටුවේ පාට වෙනස් වෙන්න හෝ අදාල ජේදයක ෆෝන්ට් වල පාට , ප්‍රමාණය වගේ දේවල් වෙනස් කරගන්නයි. එහනම් , අපි ඒ විධියට වෙනස් කරගන්න ඕන කරන දේයට අදාලව , Class එකක් ලියන්න ඕන. නැත්නම් CSS එක දැන ගන්නේ කොහමද , අපි භාවිතා වෙන්න ඕන කොතනටද කියල.


* Class එකක් ලියන්න පුලුවන් ආකාර 2ක් තියේනව.


# එක විධියක් තමයි , CSS යොදා ගන්න ඕන දේයට කලින් Div Class එකක් ලියන්න පුලුවන්. Div කියනේ එකේ තේරුම වෙන්නේ Division කියන එක. ඒ කියන්නේ මොකක් හරි  කොටස්ක් කියන එකයි. අන්න , ඒ නිසා , CSS භාවිතා වෙන්න ඕන තැන කියන්න තමයි , Div Class භාවිතා විය යුතු තැනට කලින් Div Class එකක් ලියන්නේ. අනිවාරේන්ම , ඒ Div Class භාවිතා විය යුතු තැන නවතින්න ඕන තැනින් , Div Class එක වහන්නත් ඕන. ඒ වගේම , Div Class කියන එක වෙනුවට Div Id කියල වුනත් භාවිතා කරන්න පුලුවන්. නමුත් , ටිකක් විතර වැඩිපුර භාවිතා වෙන්නේ Div Class කියල තමයි.


* Div Class එක ලියන ආකරය - <div class="ClassName">

මෙහිදි , ClassName කියන එකට , ඔබට කැමති හා ඔබ CSS භාවිතා කරන දේයට අදාල පහසු නමක් ලබා දෙන්න.

* Div Class එක Close කරන ආකරය - </div>


# ඒ වගේම , අනිත් විධිය තමයි CSS යොදා ගන්න ඕන දේට කෙළින්ම Class එකක් දෙන්න පුලුවන්. හිතන්නකෝ , <p> ටැග් එකත් එක්ක පටන් ගන්න ජේදයක් තියේනව. එහි පාට වෙනස් කරගන්න ඕන කියල. එතකොට අපට <p> එකත් එක්ක , Class එකක් දෙන්න පුලුවන්. මේ පහල Code එක බලන්න.


<p class="ClassName"> </p>

මෙහිදි , ClassName කියන එකට , ඔබට කැමති හා ඔබ CSS භාවිතා කරන දේයට අදාල පහසු නමක් ලබා දෙන්න.

# ඒ වගේම , Class එකක් යොදා ගන්නේ නැතුවත් CSS ලියන්න පුලුවන් අවස්ථා තියේනව. ඒ තමයි HTML ටැග් එකක් භාවිතා කරල , CSS ලියන්න පුලුවන්. හිතන්නකෝ , <a href> කියල HTML ටැග් එකක් තියේනව , මේ ලින්ක් එකේ වර්ණය වෙනස් කරගන්න ඕන කියල. එතකොට , අපි කරන්න ඕන <a href> එකේන් , a එක විතරක් CSS එකේ Class Name එක වෙනුවට යොදා ගෙන CSS ලියනව.



මෙහිදි , <p> ටැග් එකක් වුනත් යොදා ගන්න පුලුවන්. නමුත් , මේකේදි තියේන ප්‍රශ්නේ තමයි , එක තැනක විතරක් දේයක් වෙනස් කරගන්න ඕන වෙල , අපි මේක භාවිත කරාට ,  ඒ <p> ටැග් එකේන් පටන් ගන්න සියලුම දේවල් වෙනස් වෙනව. මොකද , CSS එකට බැනේ මේකට විතරයි ඕන කියල තේරුම් ගන්න. හරියටම වෙනස් වෙන්න ඕන දේ පැහැදිලි කරන්න තමයි , අපි Class එකක් යොදා ගන්නේ. ඒ නිසා , HTML ටැග් වලට වුනත් , CSS ලියද්දි , මේ ඉහලින් කියල තියේන ක්‍රම 2න් , එක විධියකට කරන එක ගොඩක් හොදයි.

* මේ පහල උදාහරණයේන් පැහැදිලි කරන්නේ Div Class එකක් යොදා ගන්න ආකාරය.


වෙබ් සයිට් වල දාන දේවල් සාමාන්‍යයේන් මුලු වෙබ් පිටුවේම පැතිරේන විධියට දාන්නේ නැ. දෙපැත්තේන් පොඩි ඉඩක් තියලයි , දාන්නේ. නිකන් අර MS Word වල තියේන Margin එකක් වගේ තමයි. ඒ විධියට ඉඩක් හදා ගන්න , අපි වෙබ් පිටුවේ <body> ටැග් එකට පහලින් සහ ඒම පිටුවේ තියේන අනිත් දේවල් වලට කලින් Class එකක් ලියනව , container කියල. ඒ වගේම , මේක Close කරන්නේ </body> එකට කලින් සහ ඒම පිටුවේ තියේන අනිත් දේවල් වලට පහලින්. මෙහිදි සයිට් එකේ අනිත් දේවල් කියල කියන්නේ , <body> හා </body> ටැග් 2ක අතරේ ලියන ඒවටයි. ඒ කිව්වේ එක එක විස්තර , පින්තුර වගේ දේවල් වලටයි.

මෙහිදි , අපි මේකට container කියල කියන්නේ , සයිට් එකේ සියලුම අන්තර්ගතය මේකට ඇතුලත් වන නිසා , සම්මතයක් වගේ හැමෝම container කියල තමයි භාවිතා කරන්නේ. මේකට වුනත් , ඔයා කැමති නමක් දෙන්න පුලුවන් , නමුත් සම්මතයක් විධියට භාවිතා වෙන නිසා , ඔයාලත් container කියලම භාවිතා කරන එක ගොඩාක් හොදයි.
මේ පහල පින්තුරය බලන්න.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

container වගේ Class එකකට , Div Class එක භාවිතා කිරිම තමයි කරන්න තියේන පහසුම ආකාරය. මොකද අනිත් ක්‍රමයට CSS මේකට යොදා ගන්න බැ. ඒ නිසා , අදාල දේයට අනුව , අදාල විධියට Class එක ලියන්නේ කොහමද කියල ඔබම තිරණය කරන්න ඕන.

හරි , අපි දැන් Class එක හදලයි තියේන්නේ. දැන් , <div class="container"> එකට අදාල CSS ලියන්න ඕන.

ඔයාලට CSS ලියන්න පුලුවන් ක්‍රම 3ක් තියේනව. මේ උදාහරණය , අපි ඒ ක්‍රම වලට , මේ පහලින් කරල තියේන්ව. <div class="container"> එකට භාවිතා කරන්න පුලුවන් , මෙයින් ක්‍රම 2ක් විතරයි. ඒ ඇයි කියල , ඔබටම තේරේවි , මේ පහල උදාහරණ බලද්දි.

<div class="container"> එකේ CSS වලට ප්‍රධාන ලෙසම ලියන්න ඕන Width , Margins කියන ඒවා කොච්චරද කියලයි. මේවට ඔයාටම , නිර්මාණය කරන සයිට් එකට ගැලපෙන විධියට භාවිතා කරන්න පුලුවන්.


තව දේයක් කියන්න ඕන. අපි <div class="container"> එකක් දාන්නේ , වෙබ් සයිට් එකේ Margin එකක් තියා ගන්න , ඒ කිව්වේ වෙබ් පිටු වල දෙපැත්තේන් ඉඩක් තියා ගන්න. ඒ විධියට වෙබ් පිටු වල දෙපැත්තේන් ඉඩක් තියන්න හේතුවක් තියේනව. ඒ තමයි , ඔබේ සයිට් එකට එන පාඨකයන් විවිධ ප්‍රමාණයේ මොනිටර් භාවිතා කරන්න පුලුවන්. ඔයා වෙබ් සයිට් එක හදන්නේ විශාල ප්‍රමාණයේ මොනිටර් එකකින් බලන් නම් , පොඩි මොනිටර් එකකින් ඒම වෙබ් සයිට් එකට එන කෙනෙක්ට වෙබ් සයිට් එක බලද්දි , Scroll Bar එක භාවිත කරමින් , සයිට් එක වමට දකුණට කර කර බලන්න වෙනව. මේක සයිට් එකට එන අයට කරදරයක්. අන්න , ඒ කරදරය අවම කරගන්න තමයි , අපි සයිට් එකට <div class="container"> එකක් භාවිතා කරන්නේ.

<div class="container"> එකක් යොදා ගන්නවද නැද්ද කියන එක තිරණය කිරිම , සයිට් එකට නිර්මාණය කරන ඔබට අදාලයි. අපි නම් කියන්නේ <div class="container"> එකක් භාවිතා කරන එක ගොඩාක් හොදයි කියලයි.

* මේ පහල උදාහරණයේන් පැහැදිලි කරන්නේ වෙනස් කරගන්න ඕන දේත් එක්කම , Class එකක් යොදා ගන්න ආකාරය.


හිතන්නකෝ , ඔයාගේ සයිට් එකේ <p> ටැග් එකේන් පටන් ගන්න ජේදයක් තියේනව කියල. ඒ ජේදයේ වාක්‍ය අතර තියේන පරතරය වෙනස් කරගන්න , Font Colors වෙනස් කරගන්න ඕන කියල. ඒ සදහා , <p> ටැග් එකත් , එක්කම ඔබ කැමති නමකින් Class එකක් ලියන්න පුලුවන්. මේ පහල පින්තුරය බලන්න.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* වෙබ් සයිට් එකකට CSS යොදා ගන්න පුලුවන් , ලියන්න පුලුවන් ක්‍රම 3ක් තියේනව කියල කිව්වනේ. අන්න , ඒව ගැන දැන් බලමු , මේ උඩින් කියල තියේන <div class="container"> හා <p class="SiteText"> හා <a href> උදාහරණයත් එක්කම.
ඒ වගේම , අපි Class එකක් ලියන්න මොන ක්‍රමය භාවිතා කරත් , ඒම Classes වලට අදාලව CSS ලියන්න වෙන්නේ එකම ආකාරයකටයි.

1. ) CSS ෆයිල් එක වෙනම තියන් , වෙබ් සයිට් එක හදන්න පුලුවන්. ( External Style Sheet. )


මෙහිදි , අපි CSS ෆයිල් එකක් මුලින්ම හදා ගන්න ඕන. ඒ කිව්වේ ,  Notepad++ එක හෝ ඔයා භාවිතා කරන Text Editor එක open කරගන්න. ඊට පස්සේ අලුත් පේජ් එකක් අරන් , ඒක MyStyle.css කියල හෝ තමන් කැමති ඕනැම නමකින් Save කරගන්න. අනිවාරේන්ම Extention එක විධියට .css කියල දෙන්න.

මේ විධියට හදාගන්න CSS ෆයිල් එක ඇතුලේ තමයි , අපි CSS ලියන්න ඕන.
ඒ වගේම අනිවාරේන්ම , ඔබ හදා ගන්න CSS ෆයිල් එක Save කරද්දිම , වෙබ් සයිට් එක තියේන ෆෝල්ඩර් එක ඇතුලේම Save කරන්න. මොකද වෙනම තියාගන්නවට වඩා , ඔබ හදන වෙබ් සයිට් එකට අදාල සියලුම දේවල් එකම ෆෝල්ඩර් එක තියේන එක ගොඩාක් හොදයි.

අපි මෙහිදි , වෙබ් සයිට් එක තියේන ෆෝල්ඩර් එක කියල කියන්නේ , Wamp Server එක භාවිතා කරද්දි www ෆෝල්ඩර් එක ඇතුලේ ඔබ වෙබ් සයිට් එකක් නිර්මාණය කරන්න කලින් මුලින්ම නිර්මානය කරන ෆෝල්ඩර් එකටයි. අපි , මේ දේවල් ගැන අපි පළමු පාඩමේදි කතා කරා. 01 පාඩම බලන්න මෙතනින් යන්න.


* වෙනම තියේන CSS ෆයිල් එකක , CSS ලියන්නේ මෙහමයි.


දැන් , අපි අර කලින් Div Class හෝ අනිත් ක්‍රමය භාවිතා කරල ලියල තියේන Class එකේ නමම , අර වෙනම හදා ගත්තු CSS ෆයිල් එකේත් ටයිප් කරන්න. ටයිප් කරල , ඒ නමට ඉස්සරහින් තිතකුත්) ටයිප් කරන්න. මේ තිත අනිවාරේන්ම CSS ලියද්දි , Class Name එකට ඉස්සරහින් ටයිප් කරන්න. අපි කලින් කිව්ව , Div Class වෙනුවට Div Id කියලත් දෙන්න පුලුවන් කියල. ඒ විධියට Div Id කියල දුන්නෝතින් , තිත වෙනුවට Div Id Name එක ඉස්සරහින් අනිවාරේන්ම # ලකුණ ටයිප් කරන්න. 

දැන් , අපි ලිව්ව නමට පහලින් සගල වරහන් 2ක් { } දාගන්න. දැන් , අපිට ඒම Class එකට අදාලව ලියන්න ඕන CSS , මේ සගල වරහන් 2ක අතරේ ලියන්න. ඒ වගේම සගල වරහන් දෙක අතරේ , CSS Codes ලියද්දි , හැම CSS Code එකක්ම ලියල , අන්තිමට අනිවාරේන්ම සෙමිකෝලන් එකක් ( ; ) දාන්න ඕන. 
ඒ විධියට ලියන සියලුම CSS Codes වල අන්තිමට සෙමිකෝලන් ( ; ) එකින් එක අනිවාරේන්ම දාන්න.
මේ කිව්ව දේවල් එක්ක , <div class="container"> එකට හා <p class="SiteText"> එකට හා <a href> එකට අදාල CSS ලියන ආකාරය තමයි , මේ පහල පින්තුරයේන් පෙන්නල තියේන්නේ.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් , අර වෙනම හදා ගත්තු CSS ෆයිල් එක, ඔබේ වෙබ් සයිට් එකට ලින්ක් කරන්න ඕන. ඒ සදහා , CSS ෆයිල් එක යොදා ගන්න ඕන , වෙබ් පිටුවේ </head> එකට ඉහලින් , මේ පහලින් තියේන Code එක ටයිප් කරන්න.

මේ පහල Code එකේ , href කියන තැනට ඔබ හදා ගත්තු CSS ෆයිල් එක තියේන තැනත් ලබා දෙන්න. වෙබ් සයිට් එකත් එක්කම , CSS ෆයිල් එක තියේනව නම් , කෙළින්ම CSS ෆයිල් එකේ නම විතරක් දෙන්න.

<link rel="stylesheet" type="text/css" href="MyStyle.css">



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

අනිවාරේන්ම ඔබට CSS භාවිතා කරන්න ඕන සියලුම වෙබ් පිටු වලට , මේ ඉහලින් තියේන Code එක ලියල , අදාල CSS ෆයිල් එකේ නම හා එය තියේන තැන ලබා දෙන්න ඕන.


මේ විධියට තමයි , CSS ෆයිල් එක පිටින් තියන් , වෙබ් සයිට් එක හදන්නේ.


2. ) අදාල වෙබ් පිටු තුලම CSS ලිවිම. ( Internal Style Sheet. )


මේ ක්‍රමයේදි වෙනම CSS ෆයිල් ලියල Save කරන්න ඕන නැ. ඔබට CSS යොදා ගන්න ඕන වෙබ් පිටුවේ , </head> ටැග් එකට ඉහලින් <style> කියල ටයිප් කරන්න. ඉන් පසුව <style> එකට පහලින් , </style> කියලත් ටයිප් කරන්න. ( අනිවාරේන්ම Open කරපු ටැග් එකක් , Close කල යුතු නිසයි. ) ඔන්න , දැන් <style> හා </style> ටැග් දෙක අතරේ අදාල Class එකේ නම ටයිප් කරල , ඒම Class එකට අදාල CSS ටයිප් කරන්න.


දැන් , අපි අර කලින් Div Class හෝ අනිත් ක්‍රමය භාවිතා කරල ලියල තියේන Class එකේ නමම , අර වෙනම හදා ගත්තු CSS ෆයිල් එකේත් ටයිප් කරන්න. ටයිප් කරල , ඒ නමට ඉස්සරහින් තිතකුත් ( ) ටයිප් කරන්න. මේ තිත අනිවාරේන්ම CSS ලියද්දි , Class Name එකට ඉස්සරහින් ටයිප් කරන්න. අපි කලින් කිව්ව , Div Class වෙනුවට Div Id කියලත් දෙන්න පුලුවන් කියල. ඒ විධියට Div Id කියල දුන්නෝතින් , තිත වෙනුවට Div Id Name එක ඉස්සරහින් අනිවාරේන්ම # ලකුණ ටයිප් කරන්න. 

දැන් , අපි ලිව්ව නමට පහලින් සගල වරහන් 2ක් { } දාගන්න. දැන් , අපිට ඒම Class එකට අදාලව ලියන්න ඕන CSS , මේ සගල වරහන් 2ක අතරේ ලියන්න. ඒ වගේම සගල වරහන් දෙක අතරේ , CSS Codes ලියද්දි , හැම CSS Code එකක්ම ලියල , අන්තිමට අනිවාරේන්ම සෙමිකෝලන් එකක් ( ; ) දාන්න ඕන. 
ඒ විධියට ලියන සියලුම CSS Codes වල අන්තිමට සෙමිකෝලන් ( ; ) එකින් එක අනිවාරේන්ම දාන්න.
මේ කිව්ව දේවල් එක්ක , <div class="container"> එකට අදාල CSS ලියන ආකාරය තමයි , මේ පහල පින්තුරයේන් පෙන්නල තියේන්නේ.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* මේ ක්‍රමයේදි ටයිප් කරන CSS භාවිතා වෙන්නේ , ඒම CSS ලියන වෙබ් පිටුවේම තියේන දේවල් වලට විතරමයි. මේ වෙබ් පිටුවේ ලියන CSS , වෙන වෙබ් පිටු වලට අදාල වෙන්නේ නැ.


* හිතන්නකෝ , <div class="container"> එක ගැන. ඒක එක වෙබ් පිටුවකට විතරක් අදාල දේයක් නෙමේ. වෙබ් පිටු 100ක් තියේනවද , ඒ 100ටම අදාල දේයක්. නමුත් , මේ ක්‍රමය භාවිතා කරෝතින් , වෙබ් පිටු 100ක් තියේනව නම් එම පිටු 100ම <div class="container"> එකට අදාල CSS ලියන්න ඕන. හිතන්නකෝ , <div class="container"> එකේ CSS වල මොකක් හරි වෙනස්කමක් කරන්න ඕන වුනා කියල , එහම වුනෝතින් අයේමත් අර වෙබ් පිටු 100ම වෙනස් කරන්න වෙනව. ඒක කොයිතරම් කරදරකාරිද කියල කියන්න ඕන නැනේ. ඒ නිසා , <div class="container"> එක වගේ සියලුම වෙබ් පිටු වලට අදාල වෙන CSS , මේ ඉහලින් කියල තියේන පළමු ක්‍රමය භාවිතා කරල , අනිවාරේන්ම කරන්න.


* මෙහම දේයක් හිතන්න. වෙබ් පිටු 100න් , 99ම සුදු පාට Background Color එකක් ඕන. නමුත් , එක වෙබ් පිටුවකට විතරක් තැඹිලි පාට Background Color එකක් ඕන. අන්න , ඒ වෙලාවට වෙනම තියේන CSS ෆයිල් එකේ Background Color එක වෙනස් කරෝත් , ඒක පිටු 100ටම බලපානව. ඒ වෙලාවට , මෙන්න මේ 2 වෙනි ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. ඒ කිව්වේ , මේකයි , පුරුදු විධියටම වෙනම CSS ෆයිල් එකකුත් වෙබ් පිටු 100ටම දානව. ඊට පස්සේ , වෙනස් කරන්න ඕන වෙබ් පිටුවට විතරක් <style> හා </style> ටැග් දෙක ලියල , ඒ දෙක අතරට .container { } එක ලියල එකේ Background Color එක විධියට තැඹිලි පාට ලබා දෙනව. මෙහිදි , වෙනම තියේන CSS ෆයිල් එකේ Background Color වෙනුවට , අදාල වෙබ් පිටුවේම ලියපු Background Color එකට මුලිකත්වය දුන්නේ ඇයි කියල , මේ පහලින් පැහැදිලි කරල තියේන්ව.


3. ) HTML ටැග් එකත් සමගම CSS භාවිතා කිරිම. ( Inline Style. )


මේ ක්‍රමය භාවිතා කරන්නේ බොහෝ වෙලාවට HTML ටැග්ස් එක්ක. ඒ කිව්වේ , ඔබ දන්න <p> <img> වගේ ටැග්ස් එක්කයි. මෙහමයි මේක කරන්නේ.

මේකෙදිත් , අපි ඉහලින් කියල දිල තියේන ක්‍රමයටම තමයි CSS ලියන්නේ. නමුත් , පොඩ්ඩක් වගේ යොදා ගන්න ආකරය වෙනස් වෙනව.
ඒ කියන්නේ , අපට CSS යොදා ගන්න ඕන HTML ටැග් එක ඇතුලේ style කියල ටයිප් කරන්න වෙනව. ඒ විධියට ටයිප් කරන style එක ඇතුලේ තමයි , අදාල CSS ලියන්න ඕන. මෙහිදි ලියන CSS , මේ වෙබ් පිටුවේ තියේන අනිත් කිසිම දේයකට භාවිතා වෙන්නේ නැ. මේ විධියට ලියන CSS අදාල වෙන්නේ , මේ HTML ටැග් එකට විතරමයි.

* ඒ නිසා තමයි , අපි කලින් කිව්ව <div class="container"> එක භාවිතා කරන්න පුලුවන් ක්‍රම 2කට විතරයි කියල. මේ ක්‍රමයට <div class="container"> එකට අදාල CSS ලියන්නේ නැ. <div class="container"> එකට අදාල CSS වලට විතරක් නෙමේ , සියලුම වෙබ් පිටු වලට භාවිතා වෙන්න ඕන CSS වලට , මේ ක්‍රමය යොදා ගන්නේ නැ.


* අපි දැන් බලමු , මේ 3 වන ක්‍රමය යොදා ගන්න පුලුවන් ආකරයන්.

<p> ටැග් එකත් එක්ක පටන් ගන්න ජේදයක් තියේනව කියල හිතන්න. අන්න ඒ ජේදයේ පාට හෝ මොනව හරි දේයක් වෙනස් කරන්න ඕන නම් , එකට කරන්න තියේන්නේ , ජේදයට අදාල CSS එක , මේ පහලින් දිල තියේන විධියට වෙනස් කරගන්න ඕන.  කරල තියේන්නේ ජේදයට අදාල <p> ටැග් එක ඇතුලේ style කියල ලියල , style එක ඇතුලේ අදාල CSS ලියල තියේනව.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* මේ ඉහලින් තියේන ක්‍රම 3න් , CSS ලියන්න යොදා ගන්න ඕන ආකරය , ඔබම තිරණය කරන්න ඕන.

සියලුම වෙබ් පිටු වලට අදාල වෙනව නම් , 01 ක්‍රමය යොදා ගන්න. එක වෙබ් පිටුවකට විතරක් නම් 02 ක්‍රමය යොදා ගන්න. එක දේකට විතරක් නම් , ඒ කිව්වේ එක HTML ටැග් එකකට වගේ ඕන නම් 03 ක්‍රමය යොදා ගන්න. ඒ වගේම සියලුම වෙබ් පිටු වලට අදාල ලියල තියේන CSS එකක් , ඕන නම් 02 හෝ 03 කියන ක්‍රම භාවිතා කරල වෙනස් කරගන්නත් පුලුවන්. එහම කරන විධිය , අපි කලින් කිව්ව.
ඒ වගේ , ඔබ තැනට සුදුසු විධියට , නිවැරදිම අදාලම ක්‍රමය යොදා ගන්න. එතකොට තමයි , ඔබට සාර්ථක වෙබ් සයිට් එකක් , පහසුවෙන්ම නිර්මාණය කරගන්නත් පුලුවන් වෙන්නේ.

* ඒ වගේම CSS ඔබේ වෙබ් සයිට් එකට දාන්න පුලුවන් ක්‍රම 3න් , වෙබ් පිටුව CSS වලට ප්‍රමුඛතාව දෙන පිළිවෙලකුත් තියේනව.


03 වන ක්‍රමයට , එහමත් නැත්නම් Inline Style එකකට තමයි , වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ. දෙවනුව ප්‍රමුඛතාවයක් දෙන්නේ 02 වන ක්‍රමයට , එහමත් නැත්නම් Internal Style Sheet එකකටයි. තුන්වනුව තමයි 01 වන ක්‍රමයට , එහමත් නැත්නම් External Style Sheet එකට ප්‍රමුඛතාව දෙන්නේ. 


* මෙන්න , මේ ප්‍රමුඛතාවය දිමේ පිළිවෙල නිසා තමයි , අර කලින් කිව්ව විධියට වෙනම තියේන CSS ෆයිල් එකේ Background Color එක වෙනුවට , ඒම අදාල වෙබ් පිටුවේම <style> හා </style> අතරේ තියේන Background Color එක යොදා ගත්තේ.

අපි හිතමුකෝ , MyTest කියල Class එකක් තියේනව. ඒකට අපි මේ ක්‍රම 3ට වෙන වෙනම CSS ලිව්ව කියල. එහිදි , වෙබ් පිටුව භාවිතාවට ගන්නේ , අපි මේ කිව්ව ප්‍රමුඛතාවයට අනුවයි. ඒනම් , HTML ටැග් එකේ තියේන CSS තමයි , වෙබ් පිටුව මගින් භාවිතා කරන්නේ. අනිත් , ඒවා යොදා ගන්නේ නැ.


* ඒ වගේම තව දේයක් කියන්න ඕන. අපිට මොකක් හරි Class එකක CSS වෙනස් කරගන්න ඕන කියල හිතන්න. එතකොට , ඒම Class එක හොයා ගන්න ආමාරු වුනෝතින් , ඒක කරන්න ලේසිම විධිය තමයි , CSS වෙනස් කරගන්න ඕන වෙබ් පිටුවට , Web Browser එකේන් ගිහින් , වෙනස් කරන්න ඕන දේ උඩට ගිහින් , Mouse එකේන් Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේ අන්තිමට තියේන Inspect කියන එක ක්ලික් කරන්න. දැන් පහලින් කොටුවක් එවි. එකේ වම් පැත්තේ CSS එකේ තියේන Class එක බලා ගන්න පුලුවන්. ඒ Class එකේ නම බලා ගන්න , එහමත් නැත්නම් ඒම Class එක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ Copy කරගන්න. දැන් ඔබට වෙනස් කරගන්න ඕන වෙබ් පිටුවට යන්න. දැන් , අපි කියමු ක්‍රම 3න් , සුදුසුම ක්‍රමයක් භාවිතා කරල , ඒ බලන් ආපු නමට අදාලව ඔබේ අතින්ම CSS ලියන්න. 

* හරි , මේ දේවල් තමයි CSS වලට අදාල කියන්න තියේන්නේ. 

ඔයා මේ පොස්ට් එක හරියටම හොදට කියේව්ව නම් , ඔයාට CSS ගැන මුලික දැනුම හොදටම ලැබිලයි තියේන්නේ. දැන් , ඔයාට කරන්න තියේන්නේ පුලුවන් තරම් CSS ප්‍රයෝගිකව යොදා ගෙන , හොදට පුරුදු පුහුණු වෙන එකයි. මේ විධියට පුරුදු පුහුණු වෙද්දි ඔයාට උදව් ගන්න පුලුවන් හොදම වෙබ් සයිට් 2ක් තියේනව. ඒ තමයි W3School හා GuruLk. ඔයාට ඕන කරන සියලුම දේවල් මේ වෙබ් සයිට් දැන ගන්න පුලුවන්. ඒ නිසා , අනිවාරේන්ම පුරුදු පුහුණු වෙද්දි , මේ සයිට් දෙක පරිහරණය කරන්න. ඔයාට , අනිවාරේන්ම CSS වල හොද දක්ෂයේක් වෙන්න පුලුවන්.

ඊලගට අපට තියේන්නේ Bootstrap ගැන බලන්න. Bootstrap කියන්නේ HTML , CSS , Java Script සියල්ලම එකතු කරල නිර්මාණය කරල තියේන Framework එකක්. Bootstrap වලට අත තියන්න කලින් , මුලින්ම CSS එක එක විධියට , එක එක දේවල් වලට ලියල පුරුදු පුහුණු වෙන්න. ඊට පස්සේ , Bootstrap වලට අත තියන්න. මොකද , සමහර වෙලාවට , අපට Bootstrap වලට තියේන CSS පවා වෙනස් කරන්න වෙනව. ඒ කියන්නේ , අපට ඕන කරන දේ , Bootstrap එකේ තියේන CSS වලින් වෙන්නේ නැත්නම් , අපි කැමති විධියට CSS ලියා ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි , CSS හොදටම පුරුදු පූණු වෙලාම , Bootstrap වලට අත තියන්න කිව්වේ. 


Bootstrap ගැන පැහැදිලිව සියලුම දේවල් ඊලග පාඩමේන් කියල දෙන්නම්.

කලින් කිව්ව වගේම , මේ පාඩමේන් කියල දුන්නේ CSS ගැන මුලික දැනුමයි. තවදුරටත් CSS පාඩම් , අපි කරන්න ඕන නම් ඒ ගැනත් කියන්න.


අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න. 


-------------------------------------------------------------------------------------------------------------------



වෙබ් අඩවි නිර්මාණයට අදාල සියලුම පාඩම් වල ලින්ක්.


Read More »

වෙබ් අඩවියේ මුලික ආකෘතිය සාදමින් , Header , Navigation , Body , Footer හා PHP සමගින් වෙබ් අඩවි නිර්මාණයේ මුල්ම පියවර තබන ආකාරය. ( වෙබ් අඩවි නිර්මාණය පාඩම් - 02 ) [ How To Create a Web Site In Sinhala - With Header , Navigation , Body , Footer , CSS , Bootstrap And PHP. ]

10 Comments

හරි , අපි ගිය සතියේ ඉදන් වෙබ් අඩවි නිර්මාණය කිරිම පිළිබදව පාඩම් මාලවක් පටන් ගත්තා. අද එකේ 02 පාඩම තමයි කියල දෙන්නේ. මුලින්ම තාමත් වෙබ් අඩවි නිර්මාණයේ 01 පාඩම බැලුවේ නැත්නම් , මෙතනින් ගිහින් ඒක බලල එන.

අපි පලවෙනි පාඩමේදි කිව්ව , අපි භාවිතා කරන්නේ Notepad++ හා Wamp Server කියන මෘදුකාංග 2ක කියල. එහනම් අපි 02 පාඩම මෙතැන් සිට පටන් ගමු.

* වෙබ් අඩවි නිර්මාණය කරද්දි අපට වචන 2ක් අහන්න ලැබෙනව. එකක් තමයි Web Designing හා අනිත් එක තමයි Web Developing. Web Designing කියන්නේ වෙබ් අඩවියක Design එක , ඉදිරිපස ( Front End එක ) , එහමත් නැත්නම් වෙබ් අඩවිය භාවිතා කරන කෙනාට ( Admin හෝ User ) පෙන ටික. මේ Web Designing එක හදන්න HTML , CSS , Bootstrap වගේ Languages භාවිතා කරනවා. 
ඊලගට Web Developing කියන්නේ අදාල වෙබ් අඩවියේ පසුපස ( Back End එක ). අපි හිතමු , වෙබ් සයිට් එකක Contact එකක් තියේනව. ඒකට නම , ලිපිනය වගේ විස්තර ලබා දිල , ෆෝම් එකේ තියේන Submit එක ක්ලික් කරාම , වෙන්න ඕන දේවල් Code කරන එකට තමයි , Web Developing කියල කියන්නේ. Web Developing වලට PHP , ASP.Net වගේ Languages භාවිතා කරනව. 

ඒ නිසා , මේ වචන 2ක පටලව ගන්න එපා. සමහර වෙලාවට Web Designing කරන කෙනෙක් , Web Developing කරන්නේ නැ. Web Developing කරන කෙනෙක් , Web Designing කරන්නේ නැ. නමුත් , මේ හැමෝටම Web Designing හා Web Developing කියන 2මත් පුලුවන්. නමුත් , වැඩ කරද්දි , ඒ දෙක වෙන වෙනම තමයි කරන්නේ.

* වෙබ් අඩවි වර්ග 2ක් තියෙනව. ඒනම් Static හා Dynamic . Static කියන්නේ , යම්කිසි වෙබ් සයිට් එකක තියේන තොරතුරු වෙනස් නොවන ඒවා. මෙවැනි වෙබ් සයිට් එකක් HTML වගේ Language එකක් භාවිත කරල හදන්න පුලුවන්.
Dynamic කියන්නේ යම්කිසි වෙබ් සයිට් එකක තියේන තොරතුරු වෙනස් වන ඒවායි.  මෙවැනි වෙබ් සයිට් එකක් PHP , ASP.Net වගේ Languages භාවිතා කරල හදන්න පුලුවන්. නමුත් , දැන් වන විට Static වෙබ් සයිට්ස් අඩුයි. මොකද කවදාවත් වෙනස් නොවන තොරතුරු දාල වෙබ් සයිට් හදන්නේ නැ. ඒ නිසා දැන් තියේන බෝහෝමයක් වෙබ් සයිට්ස් Dynamic ඒවායි. අපි මේ සම්පුර්ණ පාඩම් මාලාවෙදිම ඉගෙන ගන්නේ Dynamic වෙබ් සයිට්ස් හදන්න තමයි.

ලෝකේ ඕනැම වෙබ් සයිට් එකකට , පොදු ආකෘතියයක් තියේන්ව. ඒ තමයි Header , Navigation , Body හා Footer කියන කොටස්.



* මේ ඉහල ජායාරුපයේන් පෙන්වා ඇති සියලුම කොටස් වල තේරුම , මේ පහලින් පැහැදිලි කර ඇත.

01 - Header.

Header කියන්නේ ඕනැම වෙබ් සයිට් එකක ඉහල කොටස , එහමත් නැත්නම් මුල් කොටස. වෙබ් සයිට් එකේ නම එහම දාන්නේ , Header එකේ. සමහර වෙලාවාට Header එකේම Navigation එක දාන අවස්ථාත් තියේන්ව. නමුත් Header හා Navigation කියන්නේ එක කොටසක් විධියට ගනත් පුලුවන් , කොටස් 2ක් විධියට ගන්නත් පුලුවන්.  

02 - Navigation. 

Navigation කියන්නේ , අපේ වෙබ් සයිට් එකේ තියේන වෙබ් පිටු අතරේ යන්න පුලුවන්කම ලබා දිල තියේන කෙටි මාර්ග. මේ පහල ජායාරුපයේන් පෙන්නල තියේන්නේ , අපේ සෙවන් නෙට් එකේ Navigation එක.

03 - Body. 

මේ Body කියන කොටසේ තමයි , වෙබ් සයිට් එකේ සියලුම පොස්ට් , තොරතුරු , ලිපි පළකරන්නේ. ඒ වගේම සාමාන්යේන් සම්මත ක්‍රමේට Slide Show එකක් එහම වෙබ් සයිට් එකට දානව නම් , ඒක දාන්නේත් , මේ Body කියන එකේ උඩුන්ම තමයි. 

04 - Footer.

මේ වෙබ් සයිට් එක හැදුවේ කවුද , කොයි අවුරුද්දේද හැදුවේ , Copyright Credits තියේනව නම් ඒව ගැන කියන්නේ , තව Contact Details එහම පොඩියට දාන්නේත් , මේ Footer එකේ තමයි. 

ඒ වගේම , වෙබ් සයිට් එකක් නිර්මාණය කරද්දි , ඒක Responsive එකක් වෙන ඕන. Responsive කියන්නේ , අපි ඒ අදාල වෙබ් සයිට් එකට එන උපාංගයේ Screen එකේ Size එකට , වෙබ් සයිට් එකේ මුකුත් අඩු නැතිව පෙන්විමයි. මේකට හොදම උදාහරණය තමයි Facebook එක. අපි පරිගණකයකින් Facebook එද්දි පෙන්වන්නේ ලොකුවට , නමුත් ජංගම දුරකතනයකින් Facebook එද්දි පෙන්වන්නේ වෙනස් විධියකට පොඩියට. ඒ වගේම මුකුත් අඩු වෙලත් නැ. 
දැන් වෙද්දි , වෙබ් සයිට් එකක් Responsive නැත්නම් ඒකට මිනිස්සු එනව අඩුයි. මොකද පරිගණකයේන් පෙන්වන ලොකු වෙබ් සයිට් එකම , ජංගම දුරකතනයේනුත් පෙන්නුවොත් ඒක අපට කරදරයි. ඒ නිසා , Responsive වෙබ් සයිට් එකක් අනිවාරේන්ම නිර්මාණය කල යුතුයි. අපි , මේ පාඩම් මාලාවේදි කියල දෙන්නේ Responsive වෙබ් සයිට් එකක් නිර්මාණය කරන ආකාරය ගැනයි.  

හරි , මුලිකව දැන ගන්න ඕන දේවල් ටිකක් අපි කතා කරා. දැන් , වෙබ් සයිට් එකක් නිර්මාණය කිරිමේ පළමු පියවර තියමු. 

* සැලකිය යුතුයි - මේ පහල තියේන දේවල් , ඔබ විසින් වෙබ් සයිට් එක නිර්මාණය කරන්න කලින් අනිවාරේන්ම කියවන්න.

1. අපි නිර්මාණය කරන වෙබ් සයිට් එකට අදාලව ලියන සියලුම වෙබ් පිටු අනිවාරේන්ම PHP ටයිප් එකේන්ක Save රගන්න. මොකද ඒක අපට ඉදිරියට ඕන වෙනව. 

2. PHP ඒවා නිකන්ම Open වෙන්නේ නැ. ඒ සදහා Server එකක් ඕන වෙනව. ඒකට තමයි අපි Wamp Server එක ඉන්ස්ටෝල් කරගත්තේ. අපි වෙබ් සයිට් එකේ Codes ලියන්න කලින් , හැම තිස්සේම Wamp Server එක Open කරගන්න ඕන. 
ඒ වගේම , Wamp Server එක C Drive එකටම ඉන්ස්ටෝල් කරගන්න. ඒක අපට ලේසියි. ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ , මේ " C:\wamp\www " කියන Path එකට යන්න. 
මේ www කියන Folder එක ඇතුලේ තමයි , අපේ වෙබ් සයිට් එක හදන්න ඕන. ඒ සදහා මුලින්ම ඔබ හදන්න වෙබ් සයිට් එකට ගැලපෙන නමක් දිල , අලුත් Folder එකක් , www Folder එක ඇතුලේම හදා ගන්න. 
දැන් , Notepad++ එක Open කරන්න. ඊට පස්සේ අලුත් පිටුවක් අරන් , ඒක අර www Folder එක ඇතුලේ , ඔබ හදපු අලුත් Folder එක ඇතුලේ Save කරගන්න. මෙතනින් එහාට , මේ වෙබ් සයිට් එකට අදාලව හදන සියලුම වෙබ් පිටු , මේ අලුත් Folder එක ඇතුලේම Save කරන්න. 

අපි වෙනත් , අලුත්ම වෙබ් සයිට් එකක් හදනව නම් , www Folder එක ඇතුලේ නැවතත් අලුත් Folder එකක් ඔබ කැමති නමක් දිල හදල , ඒක ඇතුලේ ඉදන් වැඩ පටන් ගන්න.


3. Wamp Server එක හරියටම වැඩ කරනව නම් , Task Bar එකේ තියේන Wamp Server Icon එක කොළ පාට වෙල තියේන්න ඕන.
කොළ පාටට නැතුව , Wamp Server Icon එක රතු පාට වෙල තියේනව නම් Wamp Server එක හරියට වැඩ කරන්නේ නැ. එහනම් , මේ පහලින් කියල තියේන දේ කරන්න.

*  Task Bar එකේ තියේන Wamp Server Icon එක රතු පාට නම් හෝ Wamp Server එක Open කරල තියේද්දි , වෙබ් සයිට් එකට අදාල PHP ෆයිල්ස් වැඩ කරන්නේ නැත්නම් , Task Bar එකේ තියේන , පොඩි ඊතලය ක්ලික් කරන්න. එවිට , W අකුරත් එක්ක තියේන Wamp Server Icon එක උඩට ගිහින් , Right ක්ලික් කරන්න. එවිට එන Menu එකේ අවසානයට තියේන Put Online කියන එක ක්ලික් කරන්න.


4. ඒ වගේම HTML වලදි , Open කරන ඕනැම ටැග් එකක් , ඒම Open කරපු වෙබ් පිටුව තුලදිම අනිවාරේන්ම Close කරන්නත් ඕන. 
හිතන්න <head> ටැග් එක Open කරා කියල , අනිවාරේන්ම ඒක </head> කියල , ඒම වෙබ් පිටුව තුලදිම Close කරනව. 

5. අපි නිර්මාණය කරන වෙබ් සයිට් එකට අනිවාරේන්ම Bootstrap දාන්න ඕන. මොකද Bootstrap භාවිත කරල තමයි අපට Responsive වෙබ් සයිට් එකක් නිර්මාණය කරගන පුලුවන් වෙන්නේ. ඒ වගේම ලස්සන වෙබ් සයිට් එකක් නිර්මාණය කරගන්නත් පුලුවන් වෙන්නේ. 

ඔබ නිර්මාණය කරන වෙබ් සයිට් එකට Bootstrap දාන්න , මේ පහල කියල තියේන විධියට කරන්න. 

* <head> ටැග් එකට පස්සේ හා <title> ටැග් එකට කලින් , මේ " <link href="https://maxcdn.bootstrapcdn.com/bootstrap/3.3.4/css/bootstrap.min.css" rel="stylesheet"> " ටැග් එක දාන්න. 

* ඉන් පසුව , Footer ටැග් එකට පසුව හා </body> එකට කලින් , මේ " <script src="https://ajax.googleapis.com/ajax/libs/jquery/1.12.4/jquery.min.js"></script> " හා " <script src="https://maxcdn.bootstrapcdn.com/bootstrap/3.3.7/css/bootstrap.min.css"></script> " ටැග්ස් 2ම දාන්න.

Bootstrap ගැන දැන ගන්න ඕන නම් මෙතනින් යන්න. 

6.වගේම , අපි ඉදිරියේදි Div Classes භාවිතා කරනව. මේවත් අනිවාරේන්ම , ඒ අදාල Div Class එක Open කරපු වෙබ් පිටුවේදිම , Close කරන්නත් ඕන. මේ පහල පින්තුරයේ පෙන්වා තියේන්නේ , එක උදාහරනයක්.



* මේ ඉහල පින්තුරයේ නිල් පාට ඊතලයේන් පෙන්නල තියේන්නේ Div Container Class එකේ ආරම්භය වේ. ඒ වගේම , නැවතත් පහලින් නිල් පාට ඊතලයේන්ම පෙන්නල තියේන්නේ Div Container Class එක එතනින් අවසන් කියලයි. 
කොළ හා රෝස පාට ඊතල වලිනුත් පෙන්නල තියේන්නේ ආරම්භයන් හා අවසානයන් වේ.

7.වගේම , ඔබේ වෙබ් සයිට් එකට දාන්න ඕන පින්තුර , අර අපි කලින් , www Folder එක ඇතුලේ හදා ගනිපු අලුත් Folder එක ඇතුලේ , Images කියල Folder එකක් අලුතින් හදල , ඒකට දාන්න. ඊට පස්සේ වෙබ් සයිට් එකේ අදාල වෙබ් පිටුවේ ජායාරුපය පෙන්විය යුතු තැන ජායාරුපයේ Location එක ලබා දෙන්න. 
මෙන්න , මේ විධියට - href="img/SLSOC.jpg" - තමයි Location එක ලබා දෙන්නේ. 


* මේ පහල ජායාරුපයේන් පෙන්වා ඇති සියලුම කොටස් වල තේරුම , මෙම ජායාරුපයට පසුව පැහැදිලි කර ඇත. 




01 - <!doctype html>

<!doctype html> කියන්නේ Document Type Declaration එකක්. ඒ කියන්නේ අපි නිර්මාණය කරන වෙබ් සයිට් එක ලියල තියේන භාෂාවේ , Version එක ගැන , Web Browser එකට උපදෙස් දිමක් තමයි මේකේන් වෙන්නේ. මේක HTML Tag එකක් නෙමේ. නමුත් , <html> එකට කලින් , මේක අනිවාරේන්ම උඩින්ම ලියන්න ඕන. 

02 - <html>

මේක නැතුව මුකුත් කරන්න බැ. ඕනැම වෙබ් සයිට් එකක් පදනම ( Base එක ) වෙන්නේ මේක තමයි. 

03 - <head>

මෙහි තමයි , ගොඩක් වෙබ් සයිට් එකට අදල උපදෙස් එහම ගබඩා කරල තියේන්නේ. <head> එකට පහලින් හා <title> එකට කලින් , අපි සාමාන්යේන් තව Tags කිපයක් ලියනව. ඒ Tags ටික තමයි , මේ පහලින් පෙන්නල තියේන්නේ. 

* <meta charset="utf-8"> - මෙයින් , වෙබ් පිටුවේ තියේන අක්ෂර ගැන පැහැදිලි කරන්න භාවිතා කරනව. 

* <meta name="viewport" content="width=device-width, initial-scale=1"> - මෙයින් , වෙබ් සයිට් එකක් ජංගම දුරකතනයක් පෙන්විය යුතු ප්‍රමාණය තිරණය කරනව. මේක නැති වුනෝතින් , පරිගණකයේ පෙන්වන වෙබ් සයිට් එකම , ජංගම දුරකතනයේත් පෙන්වනවා. ඒ නිසා , මේ Tag එක අනිවාරේන් භාවිතා කල යුතුයි.

* <link rel="icon" href="img/SLSOC.jpg"> - ඔබේ සයිට් එකට Favicon එකක් දාන්න , මේ Tag එක භාවිතා කරන පුලුවන්. Web Browser එකේන් Facebook , Open කරල තියේන ටැබ් එකේ වම් පැත්තේන් F අකුර තියේන නිල් පාට පොඩි පින්තුරයක් දැකල තියේනව නේද , අන්න ඒකට තමයි Favicon එක කියන්නේ. 
මෙහි , href කියන තැනට , ඔබට Favicon එක විධියට දාන්න ඕන පින්තුරය තියේන තැන Location එක දෙන්න. 

* <link href="https://maxcdn.bootstrapcdn.com/bootstrap/3.3.4/css/bootstrap.min.css" rel="stylesheet"> - අපිට Responsive වෙබ් සයිට් එකක් නිර්මාණය කරන්න උදව් ලබා දෙන හොදම කෙනා තමයි Bootstrap කියන්නේ. ඒ සදහා අපි <head> එක යටතේ , මේ " <link href="https://maxcdn.bootstrapcdn.com/bootstrap/3.3.4/css/bootstrap.min.css" rel="stylesheet"> " කියන ටැග් එක දාන්න ඕන. 

04 - <title>
       </title>

වෙබ් සයිට් එකේ නම දාන්න ඕන මෙතනට. Web Browser එකේ , වෙබ් සයිට් එක Open වෙල තියේන ටැබ් එකේ Favicon එකත් එක්ක පෙන්වන්නේ , මෙතනට ලබා දෙන නම තමයි. 
<title> කියන්නේ ටැග් එකේ ආරම්භය. </title> කියන්නේ , ඒ Tag එක එතනින් අවසන් කියලයි. 

මෙහිදි , නම ලබා දෙන්න පුලුවන් ක්‍රම 2ක් තියේනව. 

i - <title>
    Seven Net
     </title>

මෙහිදි , <title> හා </title> ටැග් 2ක අතරට , ඔබේ වෙබ් සයිට් එකට අදාල නම දෙන්න පුලුවන්. නමුත් හිතන්න , ඔබේ වෙබ් සයිට් එකට වෙබ් පිටු 100ක් තියේනව කියල , කවද හරි දවසක අපිට වෙබ් සයිට් එකේ නම වෙනස් කරන්න ඕන වෙනව. එතකොට , අපි මේ 1 ක්‍රමේ විධියට නම් නම ලබා දුන්නේ , අපට වෙබ් පිටු 100ම , <title> එකට ගිහින් , 100 වතාවක්ම නම වෙනස් කරන්න වෙනව. ඒක ලේසි වැඩක් නෙමේ. ඒ නිසා තමයි 2 වෙනි ක්‍රමය තියේන්නේ. 

ii - <title>
     <?php
     include("title.php")
     ?>
     </title>

මෙහිදි අපි , අපේ වෙබ් සයිට් එකේ නම වෙනම ලියල , ඒක අපට ඕන නමක් දිල , PHP ෆයිල් එකක් විධියට Save කරගන්න. අපි නම් Save කරගත්තේ title කියලයි. මේ පහල පින්තුරයේ විධියට නිකන්ම වෙබ් සයිට් එකට දාන්න ඕන නම විතරක් ලිව්වාම ඇති. 



ඊට පස්සේ , වෙබ් සයිට් එකේ නම පෙන්වන්න ඕන , වෙබ් පිටු වලට , මේ 
" <title>
<?php
include("title.php")
?>
</title> " ටැග් එක දැම්මාම ඇති. 

දැන් හිතන්න , අපි මේ ටැග් එක වෙබ් පිටු 100කට දැම්ම කියල. ඊට පස්සේ , අපට නම වෙනස් කරන්න ඕන වෙනව , දැන් කරන්න තියේන්නේ අර title.php කියන ෆයිල් එකේ තියේන නම විතරක් වෙනස් කරන එක විතරයි. එතන වෙනස් කරපු ගමන් , අර වෙබ් පිටු 100ම නමුත් වෙනස් වෙනව. කොච්චර ලේසිද කියල තේරේනව නේද. කාලය , ශ්‍රමය සියල්ලම ඉතුරුයි. 

අපි ඔයාලට කලින් කිව්ව , වෙබ් නිර්මාණය කරන සයිට් එකට අදාලව හදන සියලුම වෙබ් පිටු PHP වලින් Save කරගන්න කියල. ඒ මෙන්න මේ වගේ අවස්ථා වලදි ඕන වෙන නිසයි. මොකද මේ වගේ ලින්ක් එකක් හදන්න පුලුවන් PHP වලටයි. 

05 - <style>
       </style>

මෙතන ලියන්නේ , නිර්මාණය කරන වෙබ් සයිට් එකට අදාල සියලුම CSS ( Cascading Style Sheets ) ටැග්ස් ටික. CSS වලින් තමයි වෙබ් සයිට් එකක් ලස්සන කරන්නේ. ඒ කියන්නේ ඉතාමත්ම ලේසියේන්ම වෙබ් සයිට් එකේ Background Colors , Font Size , Font Colors , Web Page Sizes ඇතුලු තව ගොඩක් දේවල් හදන්න පුලුවන්. 
සියලුම CSS ටැග්ස් , Java Script එකතු කරල තමයි , Bootstrap හදල තියේන්නේ. අපි කොහමත් වෙබ් සයිට් එකට Bootstrap දානව. ඊට අමතර ඔබට වෙන ඕන විධියකට වෙබ් සයිට් එක වෙනස් කරගන්න ඕන නම් , CSS භාවිතා කරන්න පුලුවන්. 

CSS , මේ විධියට <head> එක ඇතුලේ දාන්නත් පුලුවන්. එහම නැත්නම් , අපි ලියන HTML ටැග් එකත් එක්කම දාන්නත් පුලුවන්. එහමත් නැතිනම් , වෙනම CSS ෆයිල් එකකින් ලියල , ඒවා අදාල වෙබ් පිටුවට ගන්නත් පුලුවන්. CSS කියන්නේ , වෙනම භාෂාවක්. අපි ඒක ගැන වෙනම පොස්ට් එකකින් කතා කරමු. දැනට මතක තියා ගන්න , CSS , වෙබ් පිටුවකට දාන්න පුලුවන් ආකාර 3ක් තියේනව කියල , මේ කිව්ව විධියට.

06 - </head>

</head> එක මෙතනින් අවසන් කියල තමයි කියන්නේ. 

07 - Navigation.

මෙතනදිත් , Navigation එක දාන්න පුලුවන් ක්‍රම 2ක් තියේනව. 

i - මෙහිදි <body> ටැග් එකට ඉහලින් , නිකන්ම Navigation එකට අදාල Codes ටික දාන්න පුලුවන්. නමුත් හිතන්න , ඔබේ වෙබ් සයිට් එකට වෙබ් පිටු 100ක් තියේනව කියල , කවද හරි දවසක අපිට වෙබ් සයිට් එකේ Navigation එක වෙනස් කරන්න ඕන වෙනව. එතකොට , අපි මේ 1 ක්‍රමේ විධියට නම් Navigation එක ලබා දුන්නේ , අපට වෙබ් පිටු 100ම , Navigation එකට ගිහින් , 100 වතාවක්ම Navigation එක වෙනස් කරන්න වෙනව. ඒක ලේසි වැඩක් නෙමේ. ඒ නිසා තමයි 2 වෙනි ක්‍රමය තියේන්නේ. 

ii - <?php
     include("nav.php")
     ?>

මෙහිදි අපි , වෙබ් සයිට් එකේ Navigation එක වෙනම ලියල , ඒක අපට ඕන නමක් දිල , PHP ෆයිල් එකක් විධියට Save කරගන්න. අපි නම් Save කරගත්තේ nav කියලයි. මේ පහල පින්තුරයේ විධියට නිකන්ම වෙබ් සයිට් එකට දාන්න ඕන Navigation එක විතරක් ලිව්වාම ඇති. 
ඊට පස්සේ , වෙබ් සයිට් එකේ Navigation එක පෙන්වන්න ඕන , වෙබ් පිටු වලට , 
මේ " <?php
        include("nav.php")
        ?> " ටැග් එක දැම්මාම ඇති. 
දැන් හිතන්න , අපි මේ ටැග් එක වෙබ් පිටු 100කට දැම්ම කියල. ඊට පස්සේ , අපට Navigation එක වෙනස් කරන්න ඕන වෙනව , දැන් කරන්න තියේන්නේ අර nav.php කියන ෆයිල් එකේ තියේන Navigation එක විතරක් වෙනස් කරන එක විතරයි. එතන වෙනස් කරපු ගමන් , අර වෙබ් පිටු 100ම Navigation එකත් වෙනස් වෙනව.  
සරල Navigation එකක Code එකක් , මෙතනින් ගිහින් ගන්න. ඒ කිව්වේ , අපි nav.php කියල Save කරන ෆයිල් එක තමයි , මේ විධියට දෙන්නේ.

08 - <body>

වෙබ් සයිට් එකේ ලිපි , පින්තුර දාන්නේ මේ කොටසේ. 

<body> එකේ නිකන්ම අපිට ඕන ලිපිය ලියන්නේ නැ. මොකද එහම ලිව්වාම Responsive වෙබ් සයිට් එකක් හදා ගන්න ආමාරුයි. අපි , මෙහිදි එක්තර ක්‍රමයකට තමයි , ලිපිය ලියන්න පටන් ගන්නේ. එහම නැත්නම් තොරතුරු දාන්න පටන් ගන්නේ. 

අපිට ඕන ලිපිය ලියන්න කලින් , අපි container කියල Class එකක් හදුනවා දෙනව. මේ container Class එක කොයි වගේ Class එකක්ද කියල දැනටමත් , Bootstrap වලින් පැහැදිලි කරල තියේනව. 
මෙහමයි , container Class එක කියන්නේ CSS Class එකක්. වෙබ් සයිට් එකේ පළල , දිග , Background Color එක මොන වගේ වෙන්න ඕනද කියල වගේ ඇතුලුව තව ගොඩක් දේවල් හදන්න පුලුවන්. නමුත් , අපි Bootstrap වෙබ් සයිට් එකට දැම්මට පස්සේ , container Class එක ලියන්නේ නැ , මොකද ඒක දැනටමත් Bootstrap වල ලියල තියේන නිසා. 

අපට කරන්න තියේන්නේ Bootstrap වල දැනටමත් ලියල තියේන container Class එක , වෙබ් සයිට් එකට දාන එක විතරයි. ඒ සදහා , මේ " <div class="container"> " ටැග් එක , <body> ටැග් එකට පහලින් දාන්න. 

ඒ වගේම , මේ ඉහලින් කිව්ව ටැග් එකට පස්සේ , මේ " <div class="row text-center"> " හා " <div class="col-md-12 col-sm-6 hero-feature"> " කියන ටැග් 2ම දාන්න. 
මොකද , මේ ටැග් 2න් තමයි වෙබ් සයිට් එකේ තියේන ලිපි එහම Responsive කරල තියා ගන්නේ. ඒ කියන්නේ , වෙබ් සයිට් එකට එන උපාංගයට අදාල ප්‍රමාණයට වෙබ් සයිට් එක හදල පෙන්වන්නේ. 

* සැ.යු. - මේ පොස්ට් එකේම මැද හරියේ , සැලකිය යුතුයි කියන එක යටතේ 5 වෙනියට තියේන එක නැවතත් කියවන්න.

මෙහම හිතන්න , වෙබ් සයිට් එකේ පළල අතට එක ලිපියක්ම දානව නම් , 3 වෙනියට තියේන " <div class="col-md-12 col-sm-6 hero-feature"> " Tag එකේ , col-md- කියන තැනට 12 කියල දෙනව. col-sm- කියන තැනට , අර කලින් දුන්න ඉලක්කමේන් භාගයක් දෙනව. ඒනම් කලින් දුන්නේ 12 නිසා , මෙහිදි col-sm- එකට දෙන්නේ 6 කියල.
මේ Col-md එකට , අපි සමහර වෙලාවට Grid View එක කියලත් කියනව.

හිතන්නකෝ , වෙබ් සයිට් එකේ පළල අතට ලිපි 2ක් දානව කියල. එතකොට <div class="col-md-12 col-sm-6 hero-feature"> එකේ , col-md- එකට 6 කියල හා col-sm- එකට 3 කියල දෙන්න. 

මෙහිදි , අපි දැන ගන්න ඕන දේවල් තමයි , <div class="col-md-12 col-sm-6 hero-feature"> එකේ , col-md- එකට දෙන්න පුලුවන් උපරිම ගණන 12 හා col-sm- එකට දෙන්න පුලුවන් උපරිම ගණන 6 කියල. ඒ වගේම වෙබ් සයිට් එකේ පළල අතට ලිපි දාන ගණන අනුව , col-md- එක බෙදෙනව. col-md- එකට අනුව , col-sm- එකට දාන්න ඕන. 
ලිපි 1යි නම් , col-md-12 හා col-sm-6
ලිපි 2යි නම් , col-md-6 හා col-sm-3
ලිපි 3යි නම් , col-md-4 හා col-sm-2

මේ Col-md එක ගැන , එහමත් නැත්නම් Grid View එක ගැන තව හොදට තේරුම් ගන්න ඕන නම් , මෙතනින් ගිහින් , මේ විඩියෝ එක බලන්න. මේකේ හොදට පැහැදිලි කරල තියේනව.

09 - Footer.

මෙතනදිත් , Footer එක දාන්න පුලුවන් ක්‍රම 2ක් තියේනව. 

i - මෙහිදි </body> ටැග් එකට ඉහලින් , නිකන්ම Footer එකට අදාල Codes ටික දාන්න පුලුවන්. නමුත් හිතන්න , ඔබේ වෙබ් සයිට් එකට වෙබ් පිටු 100ක් තියේනව කියල , කවද හරි දවසක අපිට වෙබ් සයිට් එකේ Footer එක වෙනස් කරන්න ඕන වෙනව. එතකොට , අපි මේ 1 ක්‍රමේ විධියට නම් Footer එක ලබා දුන්නේ , අපට වෙබ් පිටු 100ම , Footer එකට ගිහින් , 100 වතාවක්ම Footer එක වෙනස් කරන්න වෙනව. ඒක ලේසි වැඩක් නෙමේ. ඒ නිසා තමයි 2 වෙනි ක්‍රමය තියේන්නේ. 

ii - <?php
     include("footer.php")
     ?>

මෙහිදි අපි , අපේ වෙබ් සයිට් එකේ Footer එක වෙනම ලියල , ඒක අපට ඕන නමක් දිල , PHP ෆයිල් එකක් විධියට Save කරගන්න. අපි නම් Save කරගත්තේ footer කියලයි. මේ පහල පින්තුරයේ විධියට නිකන්ම වෙබ් සයිට් එකට දාන්න ඕන Footer එක විතරක් ලිව්වාම ඇති. 
ඊට පස්සේ , වෙබ් සයිට් එකේ Footer එක පෙන්වන්න ඕන , වෙබ් පිටු වලට , 
මේ " <?php
        include("footer.php")
        ?>"  ටැග් එක දැම්මාම ඇති. 
දැන් හිතන්න , අපි මේ ටැග් එක වෙබ් පිටු 100කට දැම්ම කියල. ඊට පස්සේ , අපට Footer එක වෙනස් කරන්න ඕන වෙනව , දැන් කරන්න තියේන්නේ අර footer.php කියන ෆයිල් එකේ තියේන Footer එක විතරක් වෙනස් කරන එක විතරයි. එතන වෙනස් කරපු ගමන් , අර වෙබ් පිටු 100ම Footer එකත් වෙනස් වෙනව.  

සරල Footer එකක Code එකක් , මෙතනින් ගිහින් ගන්න. ඒ කිව්වේ , අපි footer.php කියල Save කරන ෆයිල් එක තමයි , මේ විධියට දෙන්නේ.

10 - </body>

</body> එක මෙතනින් අවසන් කියල තමයි කියන්නේ. 

11 - </html>

</html> එක මෙතනින් අවසන් කියල තමයි කියන්නේ. ඒ කියන්නේ , අපි නිර්මාණය කරමින් ආපු වෙබ් සයිට් එකේ සියලුම කටයුතු මෙතනින් නවත්තන්න ඕන. 

* හරි , මේ ටික තමයි මුලිකව කියන්න තියේන්නේ. මේ කියපු දේවල් භාවිතා කරල නම් , අනිවාරේන්ම වෙබ් සයිට් එකක් හදා ගන්න පුලුවන්. අපි මෙතනින් දුන්නේ ආරම්භයක්. මේ පොස්ට් එකේ කියපු දේවල් එක්ක , ඔබට හිතේන දේවලුත් එකතු කරන් , හොද නිර්මාණත්මක වෙබ් සයිට් එකක් නිර්මාණය කරන්න , දැන් ඔබට අනිවාරේන්ම පුලුවන්.

* මේ පොස්ට් එකේ කියල තියේන දේවල් කරන්න. අනිවාරේන්ම සැලකිය යුතුයි යටතේ කියල තියේන දේවල් කියවන්න. මේ පොස්ට් එකේ කියල තියේන දේවල් එක්ක ඔබට හිතේන දේවල් දාල අත්හදා බැලිම් කරන්න. අනිවාරේන්ම ගොඩාක් හොද වෙබ් සයිට් එකක් හදා ගන්න පුලුවන්.

* මේ පොස්ට් එකට අදාලව , මේ දේවල් තමයි කියන්න තියේන්නේ. ඊලග පොස්ට් එකේන් PHP හා MySQL එක්ක Contacts Forms , Event Forms වගේ ඒවා නිර්මාණය කරන්නේ කොහමද , Forms වලින් ගන්න දත්ත PhpMyAdmin වගේ ඒවායේ ගබඩා කරල තියන්නේ කොහමද , ගබඩා කරල තියේන දත්ත ඕන වෙලාවට නැවත ගන්නේ කොහමද කියල බලමු. 

* මේ පොස්ට් එකේන් ඔබට මොනවම හරි දේයක් ඉගෙන ගන්න පුලුවන් වුනා නම් , Comment එකකුත් දාන්න.

-------------------------------------------------------------------------------------------------------------------

වෙබ් අඩවි නිර්මාණයට අදාල සියලුම පාඩම් වල ලින්ක්.


Read More »

වෙබ් සයිට් එකක් සාදන ආකාරය , පියවරේන් පියවර සරල සිංහලේන් - හැදින්විම. ( වෙබ් අඩවි නිර්මාණය පාඩම් - 01 ) [ How To Create a Web Site In Sinhala - Step By Step - Introduction. ]

2 Comments

හරි , ඔන්න අපි 2017 අවුරුද්දේ පළවෙනි පොස්ට් එක තමයි , මේ විධියට ලබා දෙන්නේ. ඊයේ අපි පොස්ට් එකක් දැම්ම තමයි , නමුත් ඒක පාඨක ඔබලාගේ අදහස් දැන ගැනිමට දැම්ම පොස්ට් එකක්. ඒකට හිතපු තරම් නම් ප්‍රතිචාර ලැබුනේ නම් නැ ඉතින්.. 😕 ඊයේ දාපු පොස්ට් එක මෙතනින් බලන්න.

දැන් , අපි පොස්ට් එක ගැන බලමු. අද ඉදන් පටන් ගන්න යන්නේ තව ලොකු වැඩක්. ඒ තමයි වෙබ් සයිට් එකක් නිර්මාණය කරන ආකාරය සරල සිංහලේන්  පියවරේන් පියවර කියල දෙන්නයි හදන්නේ. මේ පිළිබදව දැනටමත් දන්න හෝ මේ පිළිබදව මුකුත් නොදන්න සියලුම දෙනාට , මේ පාඩම් මාලාව සමග එකතු වෙල , ඉගෙන ගන්න පුලුවන්.

මම අද පළමු පාඩමේන් කියල දෙන්නේ වෙබ් අඩවි නිර්මාණය පිළිබදව හැදින්විමක්. මේක විඩියෝ එකකින් තමයි මම කියල දෙන්නේ , මොකද සම්පුර්ණ පොස්ට් එක ටයිප් කර කර ඉන්න වෙලාවක් නැති නිසා. විනාඩි 9ත් 10ත් අතර වගේ සුලු කාලයක් තමයි මේ විඩියෝ එක තියේන්නේ. ඒ නිසා , ඔබ සියලු දෙනාට මේක ඉක්මණට බලල , ලේසියේන්ම තේරුම් ගන්න පුලුවන්.
නමුත් , ඉදිරි පොස්ට් ටයිප් කරල , හොද උදාහරන එක්ක දෙන්න බලාපොරොත්තු වෙනව. 

එහනම් , මේ පහලින් තියේන වෙබ් අඩවි නිර්මාණය පිළිබදව හැදින්විම තියේන විඩියෝ එක බලන්න.


හරි , අපි හිතනව , ඔබ සියලු දෙනාම මේ විඩියෝ එක බලන ඇති කියල. ඒ වගේම මේ විඩියෝ එකේ කියල තියේන සියලුම දේවලුත් හොදින් තේරුම් ගන්න ඇති කියලත් හිතනවා. 

මේ විඩියෝ එකට කියල තියේන Wamp Server එක , මේ පහල ලින්ක් එකේන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 
ඔබේ පරිගණකයේ තියේන්නේ 32 Bit නම් , ඒයට අදාල Version එකද , ඔබේ පරිගණකයේ තියේන්නේ 64 Bit නම් , ඒයට අදාල Version එකද ඩවුන්ලෝඩ් කරගන්න.


ඒ වගේම , අපි මේ විඩියෝ එකේදි කිව්ව , ඔබට ඕනැම ආකාරයක Text Editor එකක් පාවිච්චි කරන්න පුලුවන් කියල. එක ඔබේ කැමත්තට අනුව සිදුවන දේයක්. ඒ වගේම , මම නම් භාවිතා කරන්නේ Notepad++ කියන Text Editor එක. Notepad++ එක , මේ පහල ලින්ක් එකේන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 




හරි , ඕවා තමයි කියන්න තියේන්නේ. ඔබට විඩියෝ එකේ මොනයම් හෝ විධියකින් නොතේරුන තැනක් හෝ තැන් කිපයක් හෝ තිබුන නම් , මේ පහලින් Comment එකක් විධිඅයට දාන්න. අපි පුලුවන් උපරිම විධියට උදව් කරනම්. ඒ වගේම ඔබට වෙනත් මොනයක් දේයක් හෝ දැන ගන්න ඕන නම් , මේ පහලින් Comment එකක් විධියට දාන්න. 😃

Read More »

Tweet Now !!