සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Showing posts with label Any Thing.. Show all posts

ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ]

17 Comments

සයිට් එකේ කාලේකට පස්සේ , ඕන්න අයේත් පොස්ට් එකක් දානව. අද නම් පොස්ට් කරන්නේ , වෙනදට සුපිරිදු පරිදි සයිට් එකේ දාන දේයක් නම් නෙමේ.. අපි , මේ අවුරුද්දේ ජනවාරි මාසයේදි ගාල්ල සහ හික්කඩුව නගර වල පොඩි සංචාරයක් කරා.. ඉතින් , අපි හිතුව එහිදි අපි කරපු දේවල් , අපි ලබා ගනිපු අත්දැකිම් ඔයාල හැමෝමත් එක්කත් බෙදා ගන්න.

මුලින්ම මේ දේවල් ගැන කියන්න ඕන. ගාල්ල සහ හික්කඩුව නගර වල අපට බලන්න දේවල් ගොඩාක් තියේනව. 

ගාලු නගරය ගැන කතා කරෝතින් , ගාලු කොටුව හා ඒ ආශ්‍රිත දේවල් , සමුද්‍ර කෞතුකාගාරය ,  ගාලු ජාතික කෞතුකාගාරය , Historical Mansion Museum , Dutch Mansion Museum පැරණි ගාලු වරාය සහ ගොඩාක් දේවල් බලන්න තියේනව.

හික්කඩුව නගරය ගැන කතා කරෝතින් , හික්කඩුව වෙරල , කොරල් පර , මුහුදු සාවාරි , මුහුදු හා ජල ක්‍රිඩා සහ ගොඩාක් දේවල් බලන්න සහ කරන්න තියේනව.
ඒ වගේම , හික්කඩුවේ වෙරල අශ්‍රිත සංචාරයට අමතරව , හික්කඩුවේ ඇතුලට වෙන්න හික්කඩුව කලපුව අශ්‍රිතවත් , අපට සංචාරය කරන්න පුලුවන් , ජල ක්‍රිඩා කරන්න පුලුවන්. 
ගොඩාක් දෙනෙක් හික්කඩුව වෙරලේ හ මුහුදේ සංචාරය කරාට , හික්කඩුව කලපුව පැත්තට එන්නේ නැ. කලපුව ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ. ඒ නිසා , දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න ඇති කියල හිතනව. මේ පහල තියේන විඩියෝ එකේ , අපි Wakeboarding කියල ජල ක්‍රිඩාවක් කරනව. ඒක කරන්නේ හික්කඩුව කලපුවේ. මේකට හික්කඩුව කලපුව කියල කිව්වට , මෙහේ සමහර මිනිස්සු මේකටම මොළපු ඔය කියලත් කියනව.

අපි නම් Wakeboarding කරේ , Spunky Monkey කියල හදුන්වන ආයතනයේන්. ඔයාලටත් wakeboarding හෝ වෙනත් ඕනැම විධියක ජල ක්‍රිඩාවක් කරන්න ඕන නම් , Spunky Monkey සම්බන්ද කරගන්න කියල කියනව. මොකද , අපි Spunky Monkey ආයතනය , Highly Recommended කරනව. අනිවාරේන්ම එතන ඉතාමත්ම හොදයි සහ ඕන කරන සියලුම උපාංගත් වගේම Sport Boat පවා තියේනව.

මේ පහලින් තියේන්නේ සංචාරයට අදාල පොඩි විඩියෝ එකක්. ඔයාල කැමති නම් , මේක බලන්න. මේ පහල විඩියෝ එකේම තමයි හික්කඩුව කලපුවේ , Wakeboarding කියන ජල ක්‍රිඩාව කරන්නේත්.


කැමති නම් හෝ පුලුවන් නම් , මේ පහලින් තියේන Subscribe Button එක ඔබල , මගේ චැනල් එකටත් උදව්වක් දිගෙනම යන්න.



මේ පහලින් තියේන්නේ හික්කඩුව කලපුවේ ( මොළපු ඔයේ ) පින්තුර කිපයක්.
[ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , ඒම පින්තුර මත ක්ලික් කරන්න. ]















Read More »

අයේමත් Seven Net සයිට් එක කරන්න ඕනද , නැද්ද ?? ඔබම කියන්න , අපට. [ Should We Continue This Seven Net ?? You Can Decide. ]

18 Comments

අද අපි දාන්නේ නම් පොස්ට් එකක් නෙමේයි.. 
2015 කාලයක් සයිට් එක නතර කරල තිබිල 2015 මැද හරියේදි වගේ පටන් ගත්තා. ඒ වගේම අපි මුලු 2016 අවුරුද්දටම පොස්ට් දාල තියේන්නේ 6යි. ඊලගට 2016 , 8 වෙනි මාසේන් පස්සේ මුකුත්ම නැ. දැන් , අයේත් පුලුවන් විධියට පටන් ගත්ත. 

අපේ සයිට් එකේ පොස්ට් දාන්න 10ක විතර සෙට් එකක් හිටියා. දැන් ඒ ඔක්කෝම අය කාර්ය බහුල වෙල. ඒකයි මෙහම තත්වයක් ඇති වෙල තියේන්නේ. ඒ වගේම , අපිට මේ ලගදි අලුත් කතෘ කෙනෙකුත් එකතු වුනා. ඒ Aluth Post සයිට් එකේ ඇඩ්මින්. එයාගේත් සහය මේ වෙද්දි අපට ලැබෙනව.  

/* නමුත් සයිට් එකට තාමත් එක දවසකට සැලකිය යුතු පාඨකයන් පිරිසක් එනවා. ඒ ගැන හිතා ගන්නත් බැ. ඒවගේම ඇත්තටම සතුටුයි. */

මේ ඉහලින් තියේන්නේ 2017 පෙබරවාරි 09 වන දින අපි කියපු දේයක්. නමුත් , දැන් , වෙද්දි මේ කතාව සම්පුර්ණයේන්ම වගේ වෙනස් වෙලයි තියේන්නේ. 
සයිට් එකට එන පාඨකයන් පිරිස හිතා ගන්නවත් බැරි විධියට අඩු වෙලයි තියේන්නේ. ඒකට හේතුව නම් හිතා ගන්න පුලුවන්. අපි එක දිගටම පොස්ට් දාල , සයිට් එක අප්ඩේට් කරේ නැති නිසා වෙන්න ඇති. 

නමුත් , ඔන්න , අයේත් අපි සයිට් එකේ වැඩ පටන් අරන් තියේන්නේ. ඒ නිසා , දැන් දිගටම සෙවන් නෙට් සයිට් එකට එන්න. ඇවිල්ල පොස්ට් බලල , ඔයාලට ප්‍රයෝජනයක් වුනා නම් Comment එකක් එහම දාල යන්න. මොකද , ඔයාලගේ ලැබෙන Comment එක විතරයි අපට තියේන එකම වස්තුව. 

හරි , අපි කෙළින්ම අහන්නම්.. 

අපේ සයිට් එකට එන ඔබගෙනුයි , මේ අහන්නේ , අපි මේ 2017 ඉදන් , ඉදිරි සතිය තුල ඉදන් වගේ නැවතත් අලුත් පොස්ට් දාන්න ඕනද ?? ඔයාලට හිතේන දේ කියන්න.
අපිත් එක්ක අපේ පාඨක පිරිස , අපේ යාලුවෝ ඉන්නව නම් , අපි අනිවාරේන්ම පුලුවන් උපරිම විදියට අලුත් පොස්ට් දාන්නම්. 

මේ දිනවල , අපේ සයිට් එකට අලුතින් සාමාජිකයන් බදවා ගන්නවා. ඒ සෙවන් නෙට් එකේ කර්තෘ ( Author ) කෙනෙක් විධියට. 
ඔබත් කැමති නම් හෝ ඒ පිළිබදව සියලුම විස්තර දැන ගන්න මෙතනින් යන්න.

බෝහෝම ස්තුතියි !! :D

Read More »

ලොව හොදම බ්ලැක් හැට් හැකර්වරු 10දෙනා. [ Top 10 Best Black Hat Hackers. ]

5 Comments
ඔන්න මේ විශ්ව ෆට්ට වැදගත් පොස්ටුවක් අරගෙන අදත් ආවා... අදත් ආව කිව්වට අද නම් ආවේ අවුරුදු ගානකට පස්සේ. සමහරවිට මාව කට්ටියට මතකත් නැතුව ඇති. අපි ඉතින් කාලයක් මේ site එක නවත්වලානේ තිබ්බේ. ඔන්න ඉතින් ආයෙත් අපි මේක පටන් ගත්තා.. ඉස්සර හැමදාම වගේ අනංමනං වැඩ කෑලි කියා දීලා , වෙනසකටත් එක්ක අද මම කට්ටියට කියන්නේ Hackersලා  ගැනයි !! අපි කවුරුත් facebook , gmail වගේ ඒවා hack කරන්න try කරනවනේ... අපි ඉතින් ඔය මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් හරි , වෙන කාගේ හරි පිහිටකින් වගේ තමයි hack කලොත් hack කරන්නේ... ඒකට ඉතින් ඇත්තටම hack කියන්නත් බෑ.. අපි නොදන්නවා උනාට ලංකාවෙත් සුපිරි hackersලා ඉන්නවා. ඒ වුනාට , ලෝකයේ වෙනත් රටවල නම් ගොඩක් හැකර්ලා ඉන්නවා... ඇත්තම කියනවා නම් හැකර්ලා වර්ග 3ක් ඉන්නවා... ඒ White Hat Hackers, Black Hat Hackers සහ Grey Hat Hackers.



Black Hat Hackers කියන්නේ සරලව කිව්වොත් නරකම hackersලා... ටිකක් සංකිර්ණව කිව්වොත්, Black Hat Hacker කෙනෙක් කියන්නේ, අන්තර්ජාල ආරක්ෂක විධිවිධාන මගහරින හෝ ඒවා කඩකරන , ඉතාමත් පුළුල් පරිගණක දැනුමක් තියෙන තනි පුද්ගලයෙකුට... ඒ වගේම එයාලව crackers හෝ dark-side hackers කියලත් හදුන්වනවා.. මොකද, hacker කෙනෙක් කරන්නේ යම් දෙයක් හදන එක සහ cracker කෙනෙක් කරන්නේ ඒ දේවල් කඩන එකයි..

 ඉතින් මම අද මේ පොස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ , අන්න ඒ වගේ වැඩ කරන Black Hat Hackers ගැන ඔයාලට කියාදෙන්නයි !! මම අද ඔයාලට , ලෝකයේ මේ වෙනකොට ඉන්න හොදම Black Hat Hackers 10 දෙනා ගැන තමයි කියන්නේ....

 ( 01 ) Jonathan James



 මොහු ගැන කියනවා නම් ඉතින් සුප්පා වැඩ්ඩේක්.. මොහු අවුරුදු 16දී අන්තරජාල අපරාධ හේතුවෙන් සිරගත කරනු ලබනවා.. ඒ අන්තරජාල අපරාධ හේතුවෙන් සිරගත කරනු ලැබූ පළමු බාලකයා වශයෙනි. කොහොමද... දැන් තේරෙනවනේ කොල්ලගේ වැඩ.. මොහු මොහුගේ මෙවැනි අපකීර්තිමත් වැඩ පටන් ගන්නේ, විවිධ පද්ධතීන් වලට අනවසරෙන් ඇතුළු වීමෙනි. මොහු රහසිගත PBS සම්මුඛ සාකච්චාවකදී මෙසේ කියා තිබේ, " I was just looking around, playing around. What was fun for me was a challenge to see what I could pull off. " තවද, මොහුගේ ප්‍රධානම ඉලක්කයන් වූයේ ඉතාමත් ප්‍රබල ගනයේ සංවිධානයයි.. ඒ කිව්වේ, NASA එක, ආරක්ෂක දෙපාර්තමේන්තුව වගේ ඒවා..  ඔහු NASA එකේ පරිගණක crack කරලා  $1.7 million පමණ මෘදුකාංග සොරාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු Defense Threat Reduction Agencyය hack කොට එහි සේවය කරන සේවකයන්ගේ බොහෝ usernames සහ  passwords සොරාගනිමින් 3,000 කට අධික රහසිගත පණිවිඩ හොරෙන් බලා ඇත.. තව කියනවා නම්, මොහු වයස 25දි, එනම් 2008 මැයි 28 වෙනිදා තුවක්කුවකින් සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. ඊට හේතුව ලෙස ඔහු සදහන් කර තිබුනේ, ඔහු නොකළ වැරදි වලට ඔහුව හසු කර ඇත යන්නයි..

 ( 02 ) Gary McKinnon


 වර්ෂ 2002 දී US හමුදා පරිගණක තිර මත අමුතු අපවාදාත්මක පණිවිඩයක් තිබුණි.. ඒ ,  “Your security system is crap, I am Solo. I will continue to disrupt at the highest levels.” ලෙසයි. පසු කාලයේදී මෙය සිදුකලේ ස්කොට් ජාතික system administrator වරෙයෙක් වන Gary McKinnon බව හදුනාගනී. ඒ වගේම මොහු, මෙතෙක් සිදුවූ විශාලතම යුධ හමුදාමය පරිගණක hack කිරීමට වරකරු වූ අයෙකි. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවේ සහ NASA පරිගණක 97ක්, මාස 13ක් කාලයක් ඇතුළතදී " සොලෝ " නම් නම භාවිතා කරමින් hack කිරීම සම්බන්දයෙන්ද වරකරු වී ඇත.

 ( 03 ) Adrian Lamo


  මොහු තම hacking කටයුතු සදහා  coffee shops, libraries සහ internet cafes යොදාගනී. මොහුද ඉතාමත් ප්‍රබල පරිගණක ජාල බිද හෙලීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ අයෙකි. එනම් The New York Times, Microsoft, Yahoo!, සහ MCI WorldCom වැනි ඒවාය.. ඒ වගේම මොහුට අණ කරනු ලැබුවා $65,000 ක් ගෙවන ලෙසට ඔහු The New York Times වෙනුවෙන් සිදුකල අලාභ වලට සහ ප්‍රකාශ  කරලා තියෙනවා මාස 6 ක් ඔහුගේ දෙමව්පියන්ගේ නිවාස අඩස්සියේ තැබීමටත්.. තවද, ඔහු 2010 ජුනි මාසයේදී , 2007 ජුලි 12 සිදු වූ  Baghdad airstrike සම්බන්ධයෙන් Wikileaks වලට නිදහස් වූ video එකක මුලාශ්‍රය වූ  Bradley Manningගේ නම , U.S. හමුදා බලධාරීන් හට අනාවරණය කරන ලදි. එමෙන්ම මේ වනවිට ඔහු, ලාභ අරමුණු නොකරගත් Sacramento නම් සංවිධානයට තම සේවය සපයයි.

 ( 04 ) George Hotz


 George Francis Hotz යනු  iPhone unlock කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඇමරිකානු hacker කෙනෙකි. අපි ගොඩක් අය iPhone වල carrier  unlock කරගන්න කඩවල් වලට යනවනේ. ඉතින් මෙන්න මේ carrier  unlock එක මුලින්ම හොයාගත්තේ මොහු 2007දි. ඒ වගේම මොහු ඔහුගේ බ්ලොග් අඩවියේ සදහන් කරලා තියෙනවා, ඔහු විසින් unlock කළ දෙවන 8 GB iPhone එක, Certicell හි නිර්මාතෘ Terry Daidone විකුණා ඇති බව. ඒ Nissan 350Z රථයකට සහ තවත් 8 GB iPhones තුනකට.. දැන් පේනවනේ මේ unlock කරපු 8 GB iPhone එකේ වටිනාකම කොච්චර වෙන්න ඇත්ද කියල ඒ දවස් වල.. ඒ වගේම  මොහු   Sony PlayStation 3, jailbreak කළ ප්‍රථම  hackersලාගෙන් කෙනෙක්ද වෙනවා..

 ( 05 ) Kevin Mitnick


  මොහු මොහු විසින්ම hacker poster boy ලෙස හදුන්වනු ලබනවා. ඒ වගේම The Department of Justice ප්‍රකාශ කරලා තියෙනවා මොහුව ,  “the most wanted computer criminal in United States history.” ලෙස.. ඔහුගේ දක්ෂතාවයන්  Freedom Downtime සහ Takedown යන චිත්‍රපට වලද විස්තර කර ඇත. මොහු ඔහුගේ ප්‍රථම අනවසර පරිගණක ඇතුළුවීම සිදුකරනුයේ 1979දි. එනම් ඔහුට වයස 16දිය.. එනම්  Digital Equipment Corporation (DEC) හි පරිගණක පද්ධතියට ඇතුළු වී එහි මෘදුකාංග සොරාගැනීමයි. ඒ වගේම මොහු ජංගම දුරකථන ක්ලෝනීකරණය කරමින් ඔහු සිටින ස්ථානය සගවන ලදි.

 ( 06 ) Michael Calce


  මොහු MafiaBoy ලෙස හදුන්වයි. මොහු ඉතාමත් විශාල වානිජමය වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ල කරනලදී. එනම්, Yahoo!, Amazon.com, Dell, eBay, and CNN වැනි ඒවාය.. ඔහු Yahoo! search engine එක hack කිරීම මගින් පැය භාගයකට ආසන්න කාලයක් එය වසා දැමීමට සිදු විය. මොහු මීට අමතර නොයෙකුත් වෙබ් අඩවි hack කරන ලද්දේ ඔහුගේ අභිමානය පෙන්වීමටත් , ඔහුගේ ආධිපත්‍ය පැතිරිමටත්ය...

 ( 07 ) Robert Tappan Morris


  මොහු ඇමරිකාවේ පරිගණක විද්‍යාඥයා වන අතර මොහු ප්‍රසිද්ධ වූයේ 1988 දී පැතිරුණු  Morris Worm එක සෑදීම සම්බන්ධයෙන්ය.. මෙය අන්තර්ජාලයේ තිබූ ප්‍රථම computer worm එක ලෙස සලකනු ලබනවා. මොහු මෙම worm එක සාදනු ලැබුවේ ඔහු  Cornell University එකෙහි උපාධියක් හදාරමින් සිටින විටදීය.. විශේෂත්වය නම් මොහු මෙම worm එක සාදන බව මාස ගණනකට පෙර සිටම අනිත් අයට කියන ලදි. ඔහු මෙය කිසිදු හානියක් කිරීමේ අරමුණින් නොසැදුවත්, එක අන්තර්ජාලයට එක් වීමෙන් පසු $15 million වටිනාකමක පාඩුවක් සිදුකර ඇත. මේ නිසාම  Computer Fraud සහ Abuse Act යන පනත් යටත් වරදකරු වූ පළමු පුද්ගලයාද වේ..

 ( 08 ) Kevin Poulsen


 Dark Dante යන නමින් හදුන්වන මොහු 80 දශකයේ black hat hacker කෙනෙකි. මොහුගේ විශේෂත්වය නම්, මොහුගේ සියලුම hacking සිදු වූයේ දුරකථන වටාය... මොහු වඩාත්ම ප්‍රසිද්ධ වුයේ  LA radio’s KIIS-FM phone lines hack කිරීමෙනි. කෙසේ හෝ පසුව මොහුව මේ වැරදි වලට හසු කරගනී. එවිට ඔහුට, එතෙක් hack කිරීමක් සම්බන්ධයෙන් ලබා දුන් දීර්ඝම දඩුවම ලෙස සලකන අවුරුදු 5ක සිරදඩුවමක් ලබා දුනි. පසුව මොහු Wired News හි journalist කෙනෙක් ලෙසද , මේ වන විට එහි senior editor කෙනෙක් ලෙසද සේවය කරයි.
 

 ( 09 ) Albert Gonzalez

 
 මොහු පරිගණක hacker කෙනක් මෙන්ම පරිගණක අපරාධකරුවෙකි.  වර්ෂ 2005 සිට 2007 දක්වා කාලවකවානුවේදී credit card සහ ATM numbers මිලියන 170කට අධික ප්‍රමාණයක් සොරාගැනීම් සහ නැවත විකිණීම් සම්බන්ධයෙන් මොහු වරදකරුවෙකි. එය එතෙක් ඉතිහාසයේ සිදුවූ විශාලම අපරාධය ලෙස සැලකේ. ඔහු මෙහිදී SQL injection තාක්ෂනය යොදාගනිමින් මැල්වෙයා නිර්මාණය කර, ඒවා අධාරයෙන් අභ්‍යන්තර ඒකාබද්ධ ජාල වලින් පරිගණක දත්ත සොරාගෙන ඇත. මොහු අත්අඩංගුවට පත්වනවිට මොහු ලග තිබී $1.6 million මුදල් සහ ඉන්  $1.1 million මුදලක් ප්ලාස්ටික් කවර වල දමා තම දෙමව්පියන්ගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී හමු වී ඇත.

 ( 10 ) Vladimir Levin


 මොහු රුසියානු ජාතිකයෙක් වන අතර US$10.7 million ක මුදලක්  Citibank හි පරිගණක මගින් transfer කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. මොහු ඉතාමත් කෙටි කාලීන hacker කෙනෙකි. මොහු ඉතාමත් ඉක්මනින් හසු කරගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවිය.

 ඔන්න එහෙනම් Black Hat Hackers 10 දෙනා ගැන කිව්වා... ඉතින් මොකද හිතෙන්නේ දැන් කට්ටියට?? ෆට්ට වැඩ්ඩො නේද..  හරි හරි එහෙනම් කට්ටියට හිතෙන දේ පහලින් comment පාරක් දාගෙනම යන්නකෝ.. එහෙනම් මාත් කැපෙනවා.. තවත් දවසක ආයෙත් හමුවෙමු මේ වගේ අලුත් දෙයක් එක්ක.. !!




Read More »

ලැප්ටොප් එකක් මිළදි ගෙන , ඇනගන්න කලින් , අනිවාරේන්ම මේක කියවල බලන්න. [ How To Buy A Good Quality Right Laptop. ]

1 Comments

අද අපි කතා කරන්නේ , අපේ එදිනෙදා ජිවිතේදි අපේ ලගින්ම තියේන උපාංගයක් ගැනයි. ඒ වෙන මුකුත් නෙමේ ලැප්ටොප් පරිගණක ගැනයි. දැන් වෙද්දි ලැප්ටොප් පරිගණක වල තමයි බෝහෝ දුරට , අපේ සියලුම වැදගත් දේවල් ගබඩා කරල තියාගන්නේ , අපේ එදිනෙදා වැඩ කරගන්නේ.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් එකට අදාල සියල්ලම අපට කියල දුන්නේ Kuppiya.lk එකේ kuppiya transporter අයියයි. ඒ නිසා , kuppiya transporter අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

ඊයේ දිනයේදි Maleesha Weerasekara කියන සහෝ , Seven Net එකේ කතෘ කෙනෙක් විධියට එකතු වුනා. Maleeshaටත් සුභ පතන ගමන් , අපි පොස්ට් එක ගැන බලමු.

නමුත් , අපේ වැදගත් සියලුම දේවල් තියේන ලැප්ටෝප් එකක් හදිස්සියේවත් කැඩුනෝත් , ඒක අපට ගොඩාක් ලොකු පාඩුවක්. නැවතත් ලැප්ටොප් එක හදා ගන්න පුලුවන් වෙවි. නමුත් එකටත් යම්කිසි කාලයක් යනව. ඉතින් යම්කිසි කාලයක් යනව කියන්නේත් , ඒකත් අපට වෙන පාඩුවක්. ඊලගට හදන්න මුදල් වැය වෙනව කියන්නේත් , අපට සිදුවෙන පාඩුවක්. 

* ඒ වගේම , ලැප්ටොප් වල එන ලෙඩ ගැන හිතල බලන්න. 

1. ලැප් එක සැහෙන්න රත් වෙන්න පුලුවන්.
2. ලැප් එකේ DVD එක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.
3. ලැප් එකේ සමහර Keys වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.
4. ලැප් එකේ Sound එන්නේ නැ චර චර ගානවා. 
5. ඔන්න එකපාරටම නිල් පාට ස්ක්‍රින් එකක් ඇවිත් යනවා. 
6. දැන් ලැප් එක On වෙන්නෙම නැ. 
7. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා Power එකට ගහල තිබ්බම ON වුනා , පස්සේ පස්සේ එහම ON වෙන්නේත් නැති වුන.
8. USB එකට මොනවා සම්බන්ද කරත් " අපි සම්බන්ද කරල තියේන්නේ High Speed එකක් , අඩු Speed එකක් තියේන USB Port එකකට " කියන එක එනවා.
9. ලැප් එක Charge වෙන්නේ නැ. 

* නමුත් හිතල බලන්න. අපි ලැප්ටොප් එක මිළදි ගන්න කලින් , හරියටම දැනුවත් වෙල , හරි විධියට වැඩ කරන , නියම ප්‍රමිතියක් තියේන ලැප්ටොප් එකක් මිළදි ගත්තෝත් , අපි මේ ඉහලින් කිව්ව සියලුම පාඩු නැතුව , ලෙඩ නැතුව , සැනසිමේ අපේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න පුලුවන්.

* හරි , අපි බලමු ඇයි ලෙඩ තියේන ලැප්ටොප් වෙළදපොලේ තියේන්නේ කියල.

* හොදයි මේක ගැන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට Warranty හම්බෙනවා වගේම , කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල. ඔය ලැප් මොන වර්ගයේ වුනත් ඕව ඔක්කොම Assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම Electronic භාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10 -100 අතර ගානක් යනවා. ඒ ගැන වැඩි විස්තර පස්සේ වෙනම එකකින් දෙන්නම්. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් වුන ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

* දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. 

අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට. ඒ QC Fail වුන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “ Factory Fault ” එහම නැත්නම් “ Value goods ” කියල. ඒවා එහෙන් බිල් කරන්නේ ඉතාමත් අඩු ගානකට. ඒවගේම ඔරිජිනල් බොක්ස් එකත් එකෙන්ම දෙනවා. හැබැයි අර එල්ලගෙන යන බෑග් එක දෙන්නේ නැ. එකයි ඔයගොල්ලෝ Dell ලැප්ටොප් එකක් ගත්තාම , සමහර කඩවල් වලින් හයිය වැඩි කියල HP බෑග් එකක් දෙන්නේ. අහුවෙන්න එපා ඕවට.

ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් , සමාගමේ විකුණන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ.

* ලැප්ටොප් එකක් Original කියන්නේ කොහොමද ?? 

1. ) දැන් කොහොමද ඔරිජිනල් කියල අදුරගන්නේ ?? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම Service Tag කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යට පැත්තේ. මේකටම Serial Number එක කියලත් කියනවා. 
* Service Tag එක ( Serial Number එක ) අදාල ලැප්ටොප් Brand එකේ , වෙබ් සයිට් එකේ Register කරන්න පුලුවන් නම් , ඔබේ ලැප්ටොප් එක Value Good එකක් , Factory Fault එකක් නෙමේ , නියම ප්‍රමිතියේන් යුතු හරි ලැප්ටෝප් එකක්.

* මේ පහල තියේන ලින්ක් වලින් , ඔබ භාවිතා කරන ලැප්ටොප් Brand එකට අදාල වෙබ් සයිට් එකට ගිහින් , ඔබේ ලැප්ටොප් එක Register කරන්න.

#. HP Registration.

#. DEll Registration.

#. Asus Registration.

#. Toshiba Registration.

#. Acer Registration.

* මේ පහල ජායාරුප වල පෙන්වා තියේන්නේ , ලැප්ටොප් වල තියේන Serial Number එක හෙවත් Service Tag එක සහ තවත් විස්තර.







2. ) ඔයාල මිළදි ගන්න යන්නේ Toshiba ලැප්ටොප් එකක් නම් , ලැප්ටොප් එකත් එක්ක ලැබෙන Manual එකේ හෝ ඔරිජිනල් වෙබ් සයිට් එකේ තියනවා ලැප්ටොප් එකත් එක්ක එන Packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක , පවර් කේබල් එක , Driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් ඔබ මිළදි ගන්න යන්නේ ඔරිජිනල් ලැප්ටොප් එකක් නෙමේ. ඒ නිසා එපා කියල ආපහු එන්න.

3. ) ඔයා Toshiba ලැප්ටොප් එකක් නම් මිළදි ගන්නේ , නමුත් ලැබෙන්නේ HP ලැප්ටොප් Bag එකක් නම් , ගොඩාක් දුරට ලැප්ටොප් එක හොද එකක් නෙමේ.

4. ) ලැප්ටොප් එක එන Card Board බොක්ස් එකේ තියන Serial Number එකයි , ලැප්ටොප් එකේ Service Tag එකේ තියන Serial Number එකයි , Battery එකේ Serial Number එකයි ගැලපෙනවද කියල බලන්න. සියලුම දේවල් ගැලපෙනව නම් , ලැප්ටොප් එක නිඅයම ප්‍රමිතියේන් යුතු එකක්.

* මේ පහල ලින්ක් වලින් , විවිධ ලැප්ටොප් Brands වලට අදාල අන්තර්ජාතික වෙළදපොලේ සාමාන්‍ය මිළ බලා ගන්න පුලුවන්.

#. HP Laptop Prices.

#. Acer Laptop Prices. 

#. Lenovo Laptop Prices. 

#. Toshiba Laptop Prices. 

#. Asus Laptop Prices. 

* මේ පහලින් තියේන්නේ , ශ්‍රී ලංකාවේ ලැප්ටොප් ඔරිජිනල් ගෙන්නන අයගේ ලිස්ට් එක.

HP - DMS.

DELL - Softlogic.

Acer - Metropolitan.

ASUS - EPSI.

Apple - Future World.

TOSHIBA - John Keells Group.


* හරි , අපි මේ කිව්ව කරුණු වලට පස්සේ , අපි හිතනව ඔයාල තේරේන්නේ ඇති කියල ලෙඩ නැති , නියම ප්‍රමිතියේන් යුතු , හරි ලැප්ටොප් එකක් මිළදි ගන්නේ කොහමද කියල. 
ඒ නිසා ලැප්ටොප් එකක් මිළදි ගනිද්දි , මේ පොස්ට් එකේ කිව්ව දේවල් හොදට මතක තියන් ඉදල , ඒව ගැන මිළදි ගනිද්දිම හොයල බලන්න.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න. 

Read More »

ඔබේ ඕනැම වෙබ් හා බ්ලෝග් සයිට් එකකට , Original හා Quality , Traffic 1000 ක්ම හෝ ඊට වැඩියේන් ඕන නම් , මේ දැන්ම මේක බලන්න. [ How To Get Original & Quality 1000 Traffic For Your Web & Blog Sites. ]

10 Comments

අද වන විට වේ ගොඩාක් වෙබ් හා බ්ලෝග් සයිට් තියේනවා. ඒ කියන්නේ , වෙබ් හා බ්ලෝග් සයිට් ලක්ෂයකට ලන් වෙන්නම තියේනවා. සමහර විට ඊට වඩා වැඩියේනුත් ඇති.

හරි , කොහම වුනත් , හැමෝම කැමතිනේ තමන්ගේ වෙබ් හා බ්ලෝග් සයිට් එකට වැඩියේන් කට්ටිය එනව නම්. ඉතින් , මේ විධියට සයිට් වලට කට්ටිය එන එක හදුන්වන්නේ , හොද Traffic එකක් ලැබේනව කියලයි.


ඉතින් , අපිත් හිතුවා , ඔය හැමෝගේම කැමත්ත ඉටු කර්ල දෙන්න.

ඒ කිව්වේ , ඔයාලගේ ඕනැම වෙබ් හා බ්ලෝග් සයිට් එකකට හෝ කිපයකට Original හා Quality , Traffic 1000ක් හෝ ඊට වැඩියේන් ලබා දෙන්න.

මේ වැඩේ ටිකක් නිකන් නම් කරන්න අමාරුයි.

මේ වැඩේදි , මටත් දේවල් කිපයක් ඕන වෙනවා. ඒ නිසයි , නිකන් කරන්න අමාරු.
ඉතින් , ඒ නිසා පොඩිම පොඩි මුදලක් අය කරන්න සිදු වෙනවා.
ඒකට , ඔයාල කැමති නම් , වැඩේ හරියටම කරල දෙන්න පුලුවන්.

මෙන්න , අපේ මිළ.

* Original හා Quality , Traffic 1000කට - රු 50 /=
* Original හා Quality , Traffic 2000කට - රු 100 /=

මේ මුදල ගොඩාක්ම සාධාරනයිනේ.
හැමෝටම වගේ මේ වගේ ගානක් දෙන්නත් පුලුවන්.
හැමෝම ගැනම හිතලයි , මේ වගේ පොඩි මුදලක් ගන්න හිතුවේ.

* අපේ මේ මිළට , ඔයාලගේ සයිට් වලට Original හා Quality , Traffic 1000ක් හෝ වෙන ඕන ගානක් ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපට Email එකක් දාන්න.



ඒ වගේම , ඔබේ මුදල් Dialog Ez Cash මගින් ගෙවන්න පුලුවන්.

සැ. යු. - Dialog Ez Cash වලින් මුදල් ගෙවන ආකාරය.

* මුලින්ම Dialog Ez Cash කියල Board එකක් ගහල තියේන කඩයකට ගිහින් , මේ කියන දුරකතන අංකයට රු 50ක් Ez Cash කරන්න කියන්න.

* එතකොට , එකේ අයිතිකරු , ඒ ගාන Ez Cash කරාම , ඔයාට , අයිතිකරුට රු 50 දිල එන්න විතරයි තියේන්නේ.

* ඒ විධියට මුදල් Ez Cash කරල , මට Call එකක් දෙන්න , මුදල් එව්වා කියල.

සැ. යු. - මුදල් Dialog Ez Cash කල යුතු දුරකතන අංකය හා මට Call කල යුතු දුරකතන අංකය , ඔබ විසින් මට , මේ උඩ ලින්ක් එක භාවිතා කරල පණිවිඩයක් එව්වට පස්සේ , ඒකේන්ම Reply කරන්නම්. ( මොකද දුරකතන අංක පොදුවේ දාන්න බැනේ. )


ස්තුතියි ,
සෙවන් නෙට්.
Ref_banner 928x90

Read More »

වාහන දුම් පරික්ෂාවට අදාල සියලුම තොරතුරු , ඔබත් දැන්ම දැන ගන්න. [ Learn About Vehicle Emission Test Certificate - Drive Green And Laugfs Eco Sri. ]

3 Comments

මුලින්ම කියන්න ඕන , අපිත් මේ සියලුම තොරතුරු දැන ගත්තේ Zoom.lk සයිට් එකේ S.T.A.L.K.E.R. අයියගේන්. ඒ නිසා S.T.A.L.K.E.R. අයියටත් ස්තුතිවන්ත වන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

* මේ පහලින් තියේන්නේ Drive Green එකේ හා Laugfs Eco Sri එකේ Official Web Sites.
#. Drive Green - Official Web Site. 

#. Laugfs Eco Sri - Official Web Site.

* මේ පහල ලින්ක් එකේන් ගිහින් , Drive Green ආයතනයේදි ඔබේ වාහනයේ දුම් පරික්ෂාවට වැයවන මුදල් ප්‍රමාණය ගැන දැන ගන්න පුලුවන්.
#. Drive Green - Emission Test Price List.

* මේ තියේන්නේ Drive Green ආයතනයේ දුරකතන අංකය - 0117 444 444
Drive Green ආයතනය ගැන තවත් විස්තර දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

* මේ තියේන්නේ Laugfs Eco Sri ආයතනයේ දුරකතන අංකය - 094 11 7770 770
Laugfs Eco Sri ආයතනය ගැන තවත් විස්තර දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත , ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා. 

එයාලගේ රිපෝට් එකේ තියන විශේෂ දෙයක් තමයි ඉන්ධන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. 

ඒවගේම සුහදශීලී සේවාවක් තියනවා. අනිත් හැම තැනමත් එහ්ම වෙන්න ඇති කියල හිතනව. :D
මේ පොස්ට් එකේ කියල තියේන්නේ Petrol කාර් එකකට අදාල විස්තර කිරිම්.

දැන් බලමු මොනවද මේකෙ මේ තියන දේවල් කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් අංක දාලා තියනවා කියලා. මේ අංක වලට අදාල සියලුම විස්තර කිරිම් , මේ පහලින් තියේනව.



මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. 
අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔයාලා දැකල ඇති නේ රේස් කරගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතිං හරස් අතට තියන IDLE හා 2500 RMP කියන තීරු දෙක ඉස්සරහින් තමයි මේ පරීක්ෂා දෙකේ විස්තර දාලා තියන්නේ. 

ඉහලින් තියේන රුපයේ අංක වලට අදාල තොරතුරු , මේ පහලින් විස්තර කරල තියේනව.

1. ) HC - පිටාර වායුවේ ඇති නොදැවුනු පෙට්‍රොල්. ( හයිඩ්‍රොකාබන් )
මේක බලන්නේ පරිමාව අනුව කොටස් මිලියනයකට නොදැවුනු කොටස් කීයක් තියනවද කියලා. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 1200 ට අඩු වෙන්න ඕනි කියලා. ඔයාලට තේරෙනවනේ එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොච්චර ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව අපතෙ යනවද කියලා මෙතනින් පෙන්නව කියන එක ඉතිං ඒ අගය වැඩි වෙනව කියන්නේ දුම් සහතිකේ ෆේල් වෙනව කියන එක විතරක් නෙවෙයි. අපේ පොකට් එකට තට්ටු වෙනව කියන එකයි.

2. ) C0 - පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ්. 
මේක බලන්නේ පිටාර වායුවේ පරිමාව අනුව ප්‍රතිශතයක් විදිහටයි. මේකත් එංජිමේ පෙට්‍රොල් බාගෙට පිච්චෙනව කියල පෙන්වන දෙයක් තමයි. කැටලිටික් කන්වර්ටර් එක හරියට නැත්තං පෙට්‍රොල් වැඩිපුර සිලින්ඩරය ලැබෙනව නම් වගේම එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම්, ප්ලග් හරියට වැඩ න්ත්තං මේ අගය වැඩි වෙන්න පුලුවන්. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 4.5ට අඩු වෙන්න ඕනි කියලා. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා CO හැදෙනව කියලා ඔයාලා දන්නවනේ. මේ CO කියන්නේ අධික විෂ සහිත වායුවක් කියල අමුතුවෙන්න කියන් ඕනි නෑනේ. ඉතිං CO පුලුවන් තරම් අඩුවෙන් පරිසරයට මුදා හරින එක තමයි අපේ යුතුකම. 

3. ) LAMBDA - මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය.
මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ. 

4. ) O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

5. ) CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

6. ) OVERALL RESULT - මේ පරික්ෂණයේන් , ඔබේ වාහනය සමත්ද නැද්ද කියන එක.

7. ) Estimated Fuel Wastage - මේකෙන් එංජිම ඇතුලට ආපු පෙට්‍රල් වලින් කොච්චර නිකරුනේ පිච්චෙන්නේ නැතුව අපතේ යනවද කියලා ප්‍රතිශතයක් විදිහට වගේම රුපියල් සත වලිනුත් බලාගන්න පුලුවන්. හිතන්නකෝ පෙට්‍රල් ලීටරයකින් 20.81% විතර, වැඩක් ගන්නේ නැතුව සයිලන්සරයෙන් එලියට යන වනම් ඒක හැම ලීටරයටම රුපියල් 24.34 විසි කලා වගේ. ඊට වැඩිය හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවාඅඩුම තරමේ පිනක් වත් වෙනවනේ.ඒ නිසා වාහනේ තායන ලෙඩ වහගන්නේ නැතුව ඒවා නිවැරදි කරගෙන දුම් සහතිකේ ගන්නව නම් තමන් වියදම් කරන 1100 නිකරුනේ අපතෙ යන්නෙ නෑ. 

මම මෙතනදි දැම්මේ පැට්‍රල් කාර් එකක තත්වය ගැන විතරයි. බයික් එකක නම් මේ අගයන් වෙනස් වෙනවා. ඒ වගේම ඩීසල් වාහනයක නම් දුම් සහතිකය වෙනස්. 

Read More »

මෙන්න අලුත්ම හා පට්ටම සුපිරි Torrent Downloder එක TIXATI නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Latest & Super Torrent Download Manager - TIXATI. ]

0 Comments

හා යාලුවනේ මම හිතනව මගෙ PHP pdf එක හැමොම බලල එති කියල. ඉතින් මෙන්න තව වැඩ කැල්ලක් අරන් අවා. ඔයාල හැමොම Torrent Download කරනවනේ. ඉතින් ඔයාල Use කරන්නේ Utorrent නැත්නම් Bit Torrent වගේ එවනේ. මෙන්න මම ගෙනාව අලුත් Torrent Downloder එකක්. ඒකෙ නම තමයි TIXATI. මේක ගැන කියනවම් මේක හොද මෘදුකාංගයක්. ඔන්න ඔය පහල තියෙන Featuers තමයි තියෙන්නෙ. 

ඒ වගේම , අද දිනයේදි ( 2015 / 10 / 06 ) , අපේ සෙවන් නෙට් සයිට් එකට තවත් අලුත් සාමාජිකයන් 2ක් එකතු වුනා. ඒ තමයි Sandamal Wijeweera හා Speedy Ace කියන සහෝදරවරුන්. 

ඔබ දෙදෙනාම , සෙවන් නෙට් එකට සාදරයේන් පිළිගන්නවා !! :D


Tixati is far better than the rest:

Simple and easy to use
Ultra-fast downloading algorithms
DHT, PEX, and Magnet Link support
Easy and quick install - no java, no .net
Super-efficient peer selection and choking
RC4 connection encryption for added security
Detailed bandwidth management and charting
UDP Peer Connections and NAT router hole-punching
Advanced features such as RSS, IP Filtering, Event Scheduler
NO Spyware   NO Ads    NO Nonsens

* මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

ඔබ භාවිත කරන්නේ Windows 8 , Windows 7 , Windowds Vista හා Windows XP වල 32 Bit Version නම් , මේ පහල ලින්ක් එකේන් Tixati නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. 
( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. ) 



ඔබ භාවිත කරන්නේ Linux මෙහයුම් පද්ධති නම් , මේ පහල ලින්ක් එකේන් Tixati නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. 
( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. )

* මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න. 

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.


ඒ වගේම , මේ ඉහලින් දිල තියේන්නේ Tixati මෘදුකාංගයේ Setup File එක. මේක ඩවුන්ලෝඩ් කරන් , ඊට පස්සේ පරිගණකයට Install කරන්න ඕන. නමුත් , මේ පහල ලින්ක් එකේන් Tixati මෘදුකාංගයේ Portable Version එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


මේ පහල Video එකේන් Tixati Torrent Download Manager එක භාවිතා කරල , Torrent ඩවුන්ලෝඩ් කරන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.


මේ පහල Video එකේන් Tixati ගැන හොදට පැහැදිලි කරල තියේනව.


Read More »

ඔබ විසින් Ingress ක්‍රිඩා කල යුතු ආකාරය ( උපදෙස් ) හා Ingress වලදි ලැබෙන සියලුම දේවල් ගැන දැන ගන්න. ( Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress. ) [ Real Adventure Game With Real Time GPS Technology - Ingress. ] ( Part - 2 )

0 Comments


ඔන්න , අපි කිව්ව විධියටම Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress , 02 කොටස අද අරන් ආවා. 

ඔබ තවමත් Ingress 01 කොටස කියේවුවේ නැත්නම් , මෙතනින් ලින්ක් එකේන් ගිහින් අනිවාරේන්ම බලන්න.

මේ පොස්ට් එකේදි , ඔබ විසින් Ingress ක්‍රිඩා කල යුතු ආකාරය හා ඔබට මේ Ingress වලදි ලැබෙන Resonators , Weapons , Portal Keys , Power Cubes හා Mods යනාදි දේවල් වල රුපත් සමගම විස්තර කර තිබෙනවා. 

සැලකිය යුතුයි - මේ පොස්ට් එක තව දුරටත් සංස්කරණය කිරිමේ කටයුතු වල පවති.

1. ) Portal Keys.

Ingress වලදි වැඩිපුර ලකුණු ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි Links , Fields , Onions නිර්මාණය කිරිම. ඔබට එක Link එකකින් , එක් වරම සම්බන්ධ කරන්න පුලුවන් Portals 2ක් විතරයි. Portals 2 ගානේ , ඕන තරම් Portals ගනණක් සම්බන්ධ කරන්න පුලුවන්. ඉතින් , මෙසේ $අ හා $බ් ලෙස $පොර්ටල් 2ක් ඇති විට , ඔබට $අ සිට $බ් ට ලින්ක් කල යුතු නම් , ඔබ ලග $බ් Portal එකේ එහමත් නැත්නම් ඔබ ඉලක්ක කරන Portal එකේ Key එක , ඔබ සතුව තිබිය යුතුයි. 
Portal එකක් , කුමන කොටසකින් Capture කරන් හිටියත් කාලයක් යද්දි , Portal එකේ බලය අඩු වෙනව. නැවත බලය වැඩි කරන්න නම් , ඒ Portal එක Capture කරන්න ඉන්න කොටසට අදාල කවුරුන් හෝ Agent කෙනෙකු විසින් Portal එක Recharge කරන්න ඕන. Recharge කිරිම , ඒ Portal එකේ Key එකක් නැතුව , ඒ Portal එක ලගම ඉදන් කරන්නත් පුලුවන්.
ඒ වගේම , ඔබට ඒ Portal එකේ Key එක තිබේ නම් , ඒ Portal එක ඔබ ඉන්න තැනට කිලෝමිටර් සිය ගානක් ඇති තිබුනත් , ඒක Recharge කරන්න පුලුවන්. මේවා තමයි , Portal Key එකේන් කරන්න පුලුවන් වැඩ.

Link එකක් නිර්මාණය කරාම ලකුණු එහමත් නැත්න්ම් Ingress වලින්ම කියනව නම් AP 313ක් ද , Portal 3ක් ත්රිකෝණාකාරව Link කිරිමේන් නිර්මාණය කරන Field එකකට ලකුණු හෙවත් AP 1500ක් ලැබෙනවා. සමහර ක්රිඩකයන් නිසි සැලස්මක් නැතුව Links හා Fields නිර්මාණය කරල 313 හා 1500ක් පමණක් ලබාගෙන , ලකුණු හෙවත් AP 30,000 / 50,000 වගේ විශාල ලකුණු ප්‍රමාණයන් නැති කර ගන්න අවස්ථා තියේනවා. සමහර විට 50,000ට වැඩියේන් නැති කරගන්න අවස්ථාවනුත් තියේනවා. ඉතින් ඔයාලත් හිතල බලන්න , නිසි සැලස්මක් නැතුව ක්‍රිඩා කරල , AP 313ක් , 1500ක් විතරක් ගන්නවද , එහම නැත්නම් සුපිරි සැලස්මක් ඇතුව ක්‍රිඩා කරල , AP 30,000 / 50,000 හො ඊට වැඩියෙන් ගන්නවද කියල. 

2. ) Resonators.

කලින් කියු පරිදි Resonators කියල කියන්නේ , Portal එකක් ආරක්ෂා කිරිමට ඉන්න සෙබලුන්ට. Resonators Level 1 ( L1 ) සිට Level 8 ( L8 ) දක්වා වර්ග තියේනවා. L1 සිට L8 දක්වා , Level එක වැඩි වෙන්න වෙන්න , Resonatorsලගේ ප්‍රභලතාවය වැඩි වෙනවා. අපි හිතමු , ඔබ දැනට Level 6 කියල , ඒ නිසා ඔබට L1 සිට L6 දක්වා Resonators භාවිතා කරන්න පුලුවන්. නමුත් , L7 හා L8 Resonators භාවිතා කරන්න නම් බැ. L7 හා L8 ඒවා භාවිත කරන්න නම් , Level 7 හෝ Level 8 වෙල ඉන්න ඕන.

මේ Ingress ක්‍රිඩා කරන විට , ඔබට Level Up වෙන්න වෙනවා. ඒනම් , මුලින්ම Ingress ක්‍රිඩා කරන්න පටන් ගනිද්දිම , ඔබ ඉන්නේ Level 1. ඒතැන් සිට ඔබට Level 2 , Level 3 යනාදි ලෙස Level 8 හා Level 16 දක්වා Level Up වෙන්න ඕන. Level Up වෙන තරමට , ඔබේ ප්‍රභලතාවය වැඩි වෙනවා.
මෙහිදි , Level 8 ( L8 ) වෙනව කියන්නේ , ඔබ Ingress වල ස්ථිරභාවයක් ලබා ගෙන , මෙහි ප්රභල Agent කෙනෙක් බවට පත් වු බවයි. මේ Ingress වල ලබා දෙන Resonators , Weapons යනාදි සියලුම දේවල් , L8 Agent කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. L8 වෙන්න නම් , ඔබට AP 1,200,000 ඕන වෙනවා.
නමුත් , මේ සියල්ල භාවිතා කරන්න පුලුවන් වුන නමුත් , ඔබට L16 දක්වාම Level Up වෙන්න පුලුවන්. ඔබට L16 වෙන්න ඕන නම් , ඔබට AP 40,000,000 ඕන වෙනවා. L16 වලින් පස්සේ නම් , අයේ Level Up වෙන්න දේයක් නැ.
L1 සිට L8 දක්වා , ඒ ඒ Level එකට අදාලව ඔබට Resonators , Weapons යනාදි දේවල් ලැබෙනවා. නමුත් , ඔබ L9 වුනාම , අයේ L9 Resonators , Weapons ලැබෙන්නේ නැ. ලැබෙන්නේ L8 Resonators , Weapons තමයි. මේ සියලු දේවල් ගැන ඔබට Ingress ක්රිඩා කරද්දි දැන ගන්න , තේරුම් ගන්න පුලුවන්.

3. ) Weapons.

කලින් පොස්ට් එකේ කියු පරිදි Neutral Portals , Resistance මගින් Capture කරා නම් , Enlightened , ඒ Portals තමන්ගේ පාලනයට ගන්න ආපහු උත්සහ කරනව. ඒ සදහා ඔවුන් ආයුධ යොදා ගන්නවා. මේ ක්‍රිඩාවේදි , අපට ආයුධ වර්ග කිපයක් ලැබෙන්වා. ඒවා , XMP Bursters හා Ultra Strike ලෙස හදුන්වනවා.
Enlightenedලා , Portal එකක් Capture කරාම , Resistanceලා කරන්නේත් Fire කරන එක තමයි. මේ ආයුධ යොදා ගෙන පහර දෙනවට , මේ ක්‍රිඩාවේදි කියන්නේ Fire කරනව කියලයි.

ඒ වගේම , ඔබ Portal එකක් Capture කර ගැනිමට Fire කරන විට පුලුවන් තරම් ඒ ඉතල හිස , පදුරක් ලෙස පෙන්වන Portal එක උඩටම එහමත් නැත්නම් මැදටම ගිහින් Fire කරන්න. එවිට අඩු කාලයක් හා Weapons ප්‍රමාණයක් වැය කරමින් Portal එක Destroy කර , ඒය Capture කර ගන්න පුලුවන්.

මෙහිදිත් , ඔබ දැනට ඉන්නේ L6 නම් , ඔබට භාවිත කරන්න පුලුවන් වෙන්නේ L1 සිට L6 දක්වා Weapons විතරයි. L7 හා L8 Weapons භාවිත කරන්න පුලුවන් වෙන්නේ , ඔබ L7 හා L8 වු පසුවයි.

ඒ වගේම , ADA Reflector හා Jarvice කියල ඉතාමත් කලාතුරකින් ලැබෙන Weapons 2කුත් තියේනවා. මේවා හැම තිස්සේම භාවිතා කරන්නේ නැ. ඒ නිසා ඔබත් , මේවා Missions 2වලඩ්ගි වැනි අවස්ථා වලශි තමයි ගොඩාක් භවිතා කරන්නේ.
ADA Reflector මගින් , Englightenලට අයිති Portal එකක් , ක්ෂණිකව Resistanceලට අයිති කර ගන්න භාවිත කරන්න පුලුවන්.
Jarvice මගින් , Resistanceලට අයිති Portal එකක් , ක්ෂණිකව Englightenලට අයිති කර ගන්න භාවිත කරන්න පුලුවන්.

4. ) Mods.

Mods කියල කියන්නේ , ඔබේ වර්ගයට ( Resistance හෝ Englighten ) අයිති Portals ආරක්ෂා කර ගැනිමට හා විවිධ හේතු වලට භාවිත කරන්න පුලුවන් උපාන්ග කිපයක්. අපි එකින් එක , ඒවා ගැන බලමු.
මේ සැම උපාන්ගයක්ම Common , Rare හා Very Rare ලෙස වර්ග 3ක් තියේනවා. මෙහිදි අදහස් වන්නේ , ඔබේ Hack කිරිම් වලදි Common ගොඩක් අවස්ථා වලදිත් , Rare ඒයට වඩා අඩු වෙනුත් , Very Rare අනිත් 2ටම වඩා අඩුවෙනුත් ලැබිමයි. ඒ වගේම , Common , Rare හා Very Rare වන විට , ඒම Mods වලට අදාල කර්යන් වල ප්‍රභලතාවය වැඩි වෙනවා.
මේ Mods දාන්න පුලුවන් වෙන්නේ , ඔබේ වර්ගයට අයිති Portals වලට විතරයි.

* Portal Shield - එක්තරා කොටසකට අයිති Portal එකක් , අනිත් කොටසින් අයිති කර ගැනිමට Fire කරන විට , ඒවායින් Portal එක යම්තාක් දුරකට හරි ආරක්ෂා කර ගන්න යොදන්න පුලුවන්.
ඒ වගේම , එක්තරා කොටසකට අයිති Portal එකක් , අනිත් 2කොටාඉන් Hack කරන විටත් , ඒ Portal එකේ බලය ( Life එක ) පොඩ්ඩක් විතර අඩු වෙනවා. මෙවැනි හානි වලිනුත් Portal එක ආරක්ෂා කරගන්න පුලුවන්.
ඒ වගේම , AXA Shield කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන Mod එකක්.

* Link AMP - ඔබ Portals Link කරන විට , ඒම Link වල දුර ප්‍රමාණය වැඩි කර ගැනිමට භාවිත කරන්න පුලුවන්.
ඒනම් , ඔබ ගාල්ල හා යාපනය වගේ විශාල දුර ප්‍රමාණයක් තියේන Portals 2ක් Link කරන විට , Link AMP භාවිත කරන්න පුලුවන්.
මෙහිදිත් , SoftBank Link AMP  කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන Mod එකක්. SoftBank Link AMP දාන්නේ රටවල් 2ක වගේ Portals Link කරන විටයි.

* Heat Sink - ඔබ Portals එකක් , එක පාරක් Hack කරාට පසුව 2නුව Hack කරන්න පුලුවන් වෙන්නේ , පළමු Hack එකේන් විනාඩි 5කට පසුවයි. ඒ නිසා , මෙවැනි Hack කිරිම් අතර තියේන විනාඩි 5ක , කාල පරතරය අඩු කරගන්න , මේ Heat Sink භාවිත කරන්න පුලුවන්.

* Multi Hack - ඔබට Portal එකක් , විනාඩි 5 කාල පරතර තියන් ( මම දන්න විධියට ) , 4 වතාවක් සාමාන්යය පරිදි Hack කරන්න පුලුවන්. නමුත් , ඔබට 4 වතාවට වැඩිය Portal එකක් Hack කරන්න ඕන නම් , මේ Multi Hack දාන්න ඕන. නමුත් , මේවායින් Hack කිරිම් අතර තියේන කාල පරතරය අඩු වෙන්නේ නැ.

* Force AMP - ඔබේ වර්ගයට අයිති Portal එකකට , අනිත් කොටසින් Hack හෝ Fire කරන විට , Portal එකේ බලය ( Life එක ) ඉබේටම වැඩි වේ.

* Turret. 

Mods  වර්ග නම් , අපි දැනට දන්න තරමින් තියේන්නේ මෙපමණයි.

5. ) Power Cubes.

Ingress වලදි තමන්ට ජිවයක් ( Life එකක් ) තියේනව. මෙහිදි , ජිවය ( Life එක ) හදුන් වන්නේ XM ලෙසයි. අපි Portal Hack කරාම , Link කරාම , Fields නිර්මාණය කරාම යනාදි අවස්ථා වලදි , ඒ ඒ කාර්යට අදාලව , XM යම් කිසි ප්රමාණයක් අඩු වෙනවා.
නමුත් , අපි Ingress ක්රිඩා කරන්න තැනින් තැනින් තැනට යන විට මහමග හා Portals අසල තියේන XM එකතු වි , අපේ XM ප්රමාණය වැඩි වෙනවා.
ඒ වගේම , ඔබ මහමග හෝ Portals අසල නැති වෙලාවටත් , ඔබේ XM ප්රමාණය වැඩි කර ගැනිමට භාවිත කරන්න පුලුවන් දේයක් තමයි , Power Cubes කියන්නේ.

ඔබේ කොටසට අයිති Portal එකක් , අනිත් කොටසින් අයිති කර ගැනිමට Fire කරන විට , ඒම Portal එකේ බලය අඩු වෙනවා. අන්න ඒවන් වෙලාවක , ඔබ ලග ඒ Portal එකේ Key එකත් තියේනව නම් ගෙදර ඉදන්ම එක Recharge කරන්න පුලුවන්. Key එක නැතුව Recharge කරන්න නම් , ඔබ Portal එක ඔබේ Range එක ඇතුලේ තිබිය යුතුයි.
ඔබ Level Up වෙන්න වෙන්න , ඔබට එකතු කර ගන්න පුලුවන් XM ප්රමාණයත් වැඩි වෙනවා. ඕනම විටක ජිවය ( Life එක ) වැඩියේන් එකතු කර ගන්න පුලුවන් එක ගොඩක්ම ලොකු වාසියක්නේ.
මේ පහලින් තියේන රුපයේ , Ingress Level වලට අදාලව එකතු කර ගන්න පුලුවන් XM ප්රමාණයන් දක්වා ඇත.

6. ) Capsule.

Capsule වල ඔබේ Portal Keys , Resonators , Weapons යනාදි දේවල් ගබඩා කර තබන්න පුලුවන්. අපි අර මුලින් කිව්ව වගේ ඔබට Links , Fields , Onions ගහන්න Keys ගොඩක් සමහර වෙලාවට ඕන වෙනවා. එවිට , ඔබ ලග ඒ අදාල Portals වල Keys තිබේ නම් , ඒවා Capsule එකට දමා , Portal එක Hack කරන්න. Capsule එක තැන රැදි නොසිට වාහනයක , බයික් එකක එහම යන ගමන් Hack කරන අයට ඉතාමත් වැදගත් වෙනවා.

 ඒ වගේම , MUFG Capsule කියල Capsule එකකුත් තියේනවා. මේ Capsule එකට දාන දේවල් , යම්කිසි කාලයක් යද්දි වැඩි වෙනවා. ඒනම් , එකක් දැම්ම නම් කාලයක් ගියට පස්සේ ඒවා 2,3ක්ම ගන්න පුලුවන්.

7. ) Media.

ඔබ Portals Hack කරද්දි , ඔබට Ingress Videos ලැබෙනවා. මේවා තමයි Media කියන්නේ.

Ingress වල Passcode කියල දේයක් තියේනවා. Passcode කියන්නේ ඉලක්කම් හෝ අංක පේලියකටයි. Passcode වලින් ඔබට Hack කිරිමකින් තෝරව Resonators , Weapons , Power Cubes යනාදි ශේවල් ගන්න පුලුවන්. මේ Passcode තියේන්නේ , අපි Portals Hack කරාම ලැබෙන Videos වලයි. ඒ ලැබෙන Videos බලා , හරියටම ඉලක්කම් හෝ අංක පේලිය හෙවත් Passcode හදුනා ගත යුතුයි. ඒසේ හදුනා ගන්න Passcode , Ingress App එකේ තියේන Passcode කියන කොටසට ගොස් ටයිප් කර , OK කල විට , ඔබට ඒ Passcode එකට අදාල දේවල් ලැබෙනවා.

* මේ දේවල් තමයි , Ingress වලට අදාලව කියන්න තියේන්නේ. මේ පොස්ට් එකේ තියේන දේවල් හරියටම තේරුම් අරන් කියවලාම , Ingress ක්‍රිඩා කරන්න පටන් ගත්ත නම් , අනිවාරේන්ම ඔබ Ingress පට්ටම සුපිරිම සුපිරි Agent කෙනෙක් වෙනවා.

* Ingress ගැන තව මොනව හරි දැන ගන්න තියේනව නම් හෝ Ingress කියන එලියට බැහල , පරිසරය එක්ක කරන්න තියේන , මේ ක්‍රිඩාව ගැන ඔබලාට හිතේන දේවලුත් , මේ පහලින් Comment කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------

මේ පහලින් තියේන්නේ Ingress ක්‍රිඩාවට අදාලව පළ වුන පොස්ට් 2ම Links. 


Read More »

Tweet Now !!