සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ලැප්ටොප් එකක් මිළදි ගෙන , ඇනගන්න කලින් , අනිවාරේන්ම මේක කියවල බලන්න. [ How To Buy A Good Quality Right Laptop. ]


අද අපි කතා කරන්නේ , අපේ එදිනෙදා ජිවිතේදි අපේ ලගින්ම තියේන උපාංගයක් ගැනයි. ඒ වෙන මුකුත් නෙමේ ලැප්ටොප් පරිගණක ගැනයි. දැන් වෙද්දි ලැප්ටොප් පරිගණක වල තමයි බෝහෝ දුරට , අපේ සියලුම වැදගත් දේවල් ගබඩා කරල තියාගන්නේ , අපේ එදිනෙදා වැඩ කරගන්නේ.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් එකට අදාල සියල්ලම අපට කියල දුන්නේ Kuppiya.lk එකේ kuppiya transporter අයියයි. ඒ නිසා , kuppiya transporter අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

ඊයේ දිනයේදි Maleesha Weerasekara කියන සහෝ , Seven Net එකේ කතෘ කෙනෙක් විධියට එකතු වුනා. Maleeshaටත් සුභ පතන ගමන් , අපි පොස්ට් එක ගැන බලමු.

නමුත් , අපේ වැදගත් සියලුම දේවල් තියේන ලැප්ටෝප් එකක් හදිස්සියේවත් කැඩුනෝත් , ඒක අපට ගොඩාක් ලොකු පාඩුවක්. නැවතත් ලැප්ටොප් එක හදා ගන්න පුලුවන් වෙවි. නමුත් එකටත් යම්කිසි කාලයක් යනව. ඉතින් යම්කිසි කාලයක් යනව කියන්නේත් , ඒකත් අපට වෙන පාඩුවක්. ඊලගට හදන්න මුදල් වැය වෙනව කියන්නේත් , අපට සිදුවෙන පාඩුවක්. 

* ඒ වගේම , ලැප්ටොප් වල එන ලෙඩ ගැන හිතල බලන්න. 

1. ලැප් එක සැහෙන්න රත් වෙන්න පුලුවන්.
2. ලැප් එකේ DVD එක වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.
3. ලැප් එකේ සමහර Keys වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්.
4. ලැප් එකේ Sound එන්නේ නැ චර චර ගානවා. 
5. ඔන්න එකපාරටම නිල් පාට ස්ක්‍රින් එකක් ඇවිත් යනවා. 
6. දැන් ලැප් එක On වෙන්නෙම නැ. 
7. ඉස්සර නම් පොඩ්ඩක් වෙලා Power එකට ගහල තිබ්බම ON වුනා , පස්සේ පස්සේ එහම ON වෙන්නේත් නැති වුන.
8. USB එකට මොනවා සම්බන්ද කරත් " අපි සම්බන්ද කරල තියේන්නේ High Speed එකක් , අඩු Speed එකක් තියේන USB Port එකකට " කියන එක එනවා.
9. ලැප් එක Charge වෙන්නේ නැ. 

* නමුත් හිතල බලන්න. අපි ලැප්ටොප් එක මිළදි ගන්න කලින් , හරියටම දැනුවත් වෙල , හරි විධියට වැඩ කරන , නියම ප්‍රමිතියක් තියේන ලැප්ටොප් එකක් මිළදි ගත්තෝත් , අපි මේ ඉහලින් කිව්ව සියලුම පාඩු නැතුව , ලෙඩ නැතුව , සැනසිමේ අපේ ලැප්ටොප් එක පාවිච්චි කරන්න පුලුවන්.

* හරි , අපි බලමු ඇයි ලෙඩ තියේන ලැප්ටොප් වෙළදපොලේ තියේන්නේ කියල.

* හොදයි මේක ගැන මෙහෙම බලන්න. අපි පිට රටකින් ලැප් එකක් ගත්තොත් එකට Warranty හම්බෙනවා වගේම , කිසිම ලෙඩක් නැතුව 5 Years විතර පාවිච්චි කරන්න පුළුවන්. එත් ඔයගොල්ලෝ දන්නවා ඇති අපි යුනිටි එකෙන් ගන්න ලැප් වලට වෙන දේ මොකක්ද කියල. ඔය ලැප් මොන වර්ගයේ වුනත් ඕව ඔක්කොම Assemble කරන්නේ චීනේ. එකේ තියන සමාගම් වලින් තම වැඩේ කරන්නේ. ඕනෙම Electronic භාන්ඩයක් හදනකොට QC – Quality Controlling කියල දෙයක් තියනවා. මේක පියවර 10 -100 අතර ගානක් යනවා. ඒ ගැන වැඩි විස්තර පස්සේ වෙනම එකකින් දෙන්නම්. ඔය පියවර ඔක්කොගෙන්ම සමත් වුන ලැප්ස් තමා වෙළද පොලට දාන්න අයිතිය තියෙන්නේ.

* දැන් වැඩේ වෙන්නේ මෙහෙමයි. 

අපේ යුනිටි එකේ අය අර සමාගම් එක්ක සම්බන්ද වෙලා අර QC පියවරවල් ඔක්කොගේන්ම් සමත් නොවිච්ච ලැප් අඩුගානට ගේනවා මෙහෙට. ඒ QC Fail වුන කියල නැනේ හදන්න ගියපු ගාන යනවම තමා. ඒ නිසා ඒ සමාගම් කැමති කුණු කොල්ලෙට හරි ඒ බඩුව විකුණලා දාන්න . ඕවට කියනවා “ Factory Fault ” එහම නැත්නම් “ Value goods ” කියල. ඒවා එහෙන් බිල් කරන්නේ ඉතාමත් අඩු ගානකට. ඒවගේම ඔරිජිනල් බොක්ස් එකත් එකෙන්ම දෙනවා. හැබැයි අර එල්ලගෙන යන බෑග් එක දෙන්නේ නැ. එකයි ඔයගොල්ලෝ Dell ලැප්ටොප් එකක් ගත්තාම , සමහර කඩවල් වලින් හයිය වැඩි කියල HP බෑග් එකක් දෙන්නේ. අහුවෙන්න එපා ඕවට.

ඉතුරු ටික කියන්න ඕනේ නැ කියල තමා මට හිතෙන්නේ. ඔන්න ඔහොම තමා අපේ රටේ ලැප්ස් , සමාගමේ විකුණන ගානටත් වඩා අඩුවෙන් දෙන්නේ.

* ලැප්ටොප් එකක් Original කියන්නේ කොහොමද ?? 

1. ) දැන් කොහොමද ඔරිජිනල් කියල අදුරගන්නේ ?? එකට තියනවා ඔය හැම ලැප්ටොප් එකකම Service Tag කියල එකක්. එක තියෙන්නේ ලැප්ටොප් එකේ යට පැත්තේ. මේකටම Serial Number එක කියලත් කියනවා. 
* Service Tag එක ( Serial Number එක ) අදාල ලැප්ටොප් Brand එකේ , වෙබ් සයිට් එකේ Register කරන්න පුලුවන් නම් , ඔබේ ලැප්ටොප් එක Value Good එකක් , Factory Fault එකක් නෙමේ , නියම ප්‍රමිතියේන් යුතු හරි ලැප්ටෝප් එකක්.

* මේ පහල තියේන ලින්ක් වලින් , ඔබ භාවිතා කරන ලැප්ටොප් Brand එකට අදාල වෙබ් සයිට් එකට ගිහින් , ඔබේ ලැප්ටොප් එක Register කරන්න.

#. HP Registration.

#. DEll Registration.

#. Asus Registration.

#. Toshiba Registration.

#. Acer Registration.

* මේ පහල ජායාරුප වල පෙන්වා තියේන්නේ , ලැප්ටොප් වල තියේන Serial Number එක හෙවත් Service Tag එක සහ තවත් විස්තර.







2. ) ඔයාල මිළදි ගන්න යන්නේ Toshiba ලැප්ටොප් එකක් නම් , ලැප්ටොප් එකත් එක්ක ලැබෙන Manual එකේ හෝ ඔරිජිනල් වෙබ් සයිට් එකේ තියනවා ලැප්ටොප් එකත් එක්ක එන Packing ලිස්ට් එක. උදාහරණ ලෙස බෑග් එක , පවර් කේබල් එක , Driver DVD එක වගේ දේවල්. ඒ ඔක්කොම හම්බෙනවද බලන්න. නැත්නම් ඔබ මිළදි ගන්න යන්නේ ඔරිජිනල් ලැප්ටොප් එකක් නෙමේ. ඒ නිසා එපා කියල ආපහු එන්න.

3. ) ඔයා Toshiba ලැප්ටොප් එකක් නම් මිළදි ගන්නේ , නමුත් ලැබෙන්නේ HP ලැප්ටොප් Bag එකක් නම් , ගොඩාක් දුරට ලැප්ටොප් එක හොද එකක් නෙමේ.

4. ) ලැප්ටොප් එක එන Card Board බොක්ස් එකේ තියන Serial Number එකයි , ලැප්ටොප් එකේ Service Tag එකේ තියන Serial Number එකයි , Battery එකේ Serial Number එකයි ගැලපෙනවද කියල බලන්න. සියලුම දේවල් ගැලපෙනව නම් , ලැප්ටොප් එක නිඅයම ප්‍රමිතියේන් යුතු එකක්.

* මේ පහල ලින්ක් වලින් , විවිධ ලැප්ටොප් Brands වලට අදාල අන්තර්ජාතික වෙළදපොලේ සාමාන්‍ය මිළ බලා ගන්න පුලුවන්.

#. HP Laptop Prices.

#. Acer Laptop Prices. 

#. Lenovo Laptop Prices. 

#. Toshiba Laptop Prices. 

#. Asus Laptop Prices. 

* මේ පහලින් තියේන්නේ , ශ්‍රී ලංකාවේ ලැප්ටොප් ඔරිජිනල් ගෙන්නන අයගේ ලිස්ට් එක.

HP - DMS.

DELL - Softlogic.

Acer - Metropolitan.

ASUS - EPSI.

Apple - Future World.

TOSHIBA - John Keells Group.


* හරි , අපි මේ කිව්ව කරුණු වලට පස්සේ , අපි හිතනව ඔයාල තේරේන්නේ ඇති කියල ලෙඩ නැති , නියම ප්‍රමිතියේන් යුතු , හරි ලැප්ටොප් එකක් මිළදි ගන්නේ කොහමද කියල. 
ඒ නිසා ලැප්ටොප් එකක් මිළදි ගනිද්දි , මේ පොස්ට් එකේ කිව්ව දේවල් හොදට මතක තියන් ඉදල , ඒව ගැන මිළදි ගනිද්දිම හොයල බලන්න.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න. 

1 comment:

  1. For quick and effective support you can contact our Support Engineers at Tech Support Experts, They will provide you with an effective solution on phone call only. So you can contact us at our toll-free number. We can also provide you solution on the remote support.

    epson printer support | epson printer support number

    ReplyDelete

Tweet Now !!