සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Virtual Private Network ( VPN ) ගැන සරලව සිංහලෙන්. [ What Is VPN And How To Use Free VPN. ]

8 Comments

සාමාන්‍ය අන්තර්ජාල භාවිතයකදී අප විසින් අපගේ සේවා සැපයුම්කරැ හරහා සෘජුව අදාල වෙබ් සේවාව වෙත සම්බන්ධ වුවත් VPN භාවිතයේදී අපගේ දත්ත පළමුව යොමුවන්නේ අප විසින් තෝරාගත් VPN Server එකක් වෙතයි. ඉන් අනතුරැව අපගේ අන්තර්ජාල භාවිතය සිදුවන්නේ ඒ හරහා අදාල VPN Server එක තුළින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයටයි. ඒ හේතුව නිසායි එවන් අවස්ථාවක අපගේ රට ලෙසින් අදාල VPN සේවාව ලබාදෙන රට පෙන්වනු ලබන්නේ.

VPN සේවාව විශ්වාසය තැබියහැකි එකක් නම් මෙහිදී ගැටළුවක් මතුවන්නේ නැහැ. එවන් සේවාවන් සියල්ලක්ම යම්කිසි මුදලක් අය කරනවා මාසික පදනමක් මත. එයට හේතුව වන්නේ එම සේවාව පවත්වාගෙන යාමට ඔවුන්ට පිරිවැයක් දැරීමට සිදුවීමයි. එහෙත් අප විසින් සැළකිය යුත්තේ free VPN සේවාවක් කෙතරම් ආරක්ෂිතද යන්නයි. මෙම සේවාව නොමිලයේ ලබාදෙන්නේ කුමන පරමාර්ථයක් මතද යන්න සැළකිය යුතුයි. ඔවුන් වියදමක් දරමින් එම සේවාව නොමිලයේ ලබා දෙන්නේ කිසියම් පරමාර්ථයක් මතයි. බොහෝවිට  ඔවුන් අපගේ දත්ත එකතු කරනු ලබනවා. ඒ යම්කිසි අයුරකින් ලාභ ඉපයීම සදහා. 
එම දත්ත අතර අපගේ location data, username and passwords, video and audio data, browsing logs, conversation logs, credit card numbers ආදී බොහෝ දේ තිබිය හැකියි. මෙම දත්ත අප විසින් අන්තර්ජාලය හරහා හුවමාරැ කරන ඒවා සේම අපගේ පරිගණකයේ හෝ smartphone තුළ තිබෙන ඒවා විය හැකියි. මෙහිදී බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ අපේ දත්ත ඔවුන්ට මොකටද, අපේ දත්ත ඔවුන්ට වටිනවාද, අපි ජාවාරම් කරනවාද යන්නයි. එසේ සිතමින් හිත හදා ගැනීමක් සිදු කරනවා. එහෙත් අවදානම පවතින්නේ එතන නොවෙයි. ඔවුන්ට හැකියි අපගේ අනන්‍යතාවය භාවිතයෙන් යම්කිසි බරපතල නීතිවිරෝධී කාර්යයක් සිදුකිරීමට. ඔවුන් විසින් සිදුකරනු ලබන දෙය සදහා වගකීම සෘජුවම අප වෙත යොමු විය හැකියි.

දැන් කළයුත්තේ කුමක්ද ?

සන්සන්දනාත්මකව free VPN එකකට වඩා Tor browser ආරක්ෂිතයැයි සිතිය හැකියි. VPN එකක් භාවිතා කළ යුතු අවස්ථාවක premium VPN එකක් භාවිතා කළ හැකිනම් හොදයි. තාවකාලික අවස්ථාවක නම් එවන් වර්තමාන තත්වය වැනි අවස්ථාවකදී premium VPN සේවාවක trial period එකක් භාවිතය තරමක් ආරක්ෂාකාරී පියවරක්. VPN එකක් භාවිතයේදී හැකිතාක් ආරක්ෂාකාරී encrypted, HTTPS සේවාවන් භාවිතා කරන්න. පිටස්තර VPN සේවාවකදී online payments කිසිසේත්ම නොකිරීමයි ආරක්ෂිත. මෙසේ සිදු නොකරනවා නම්, ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන VPN සේවාවේ වියදම මුදල් ලෙසින් නොවුණත් කුමන හෝ ලෙසකින් අපට ගෙවීමට සිදුවේවි.

මේ අතර X - VPN premium VPN සේවාවද දවස් 30ක කාලයක් ලංකාවට ලාබාදීමට එම ආයතනය කටයුතු කර ඇත...

                    

මා ඔබට පහතින් ලබා දෙන IP ඔබේ ජංගම දුරකතනයේ manual VPN එකක් විදිහට Setup කරගත හැකිවේ. පහත සඳහන් කරන IP සමහරක් දින 7ක් සඳහා වලංගු වන අතර, සමහරක් දින 30ක් සඳහා වලංගු වේ ඔබේ ජංගම දුරකථනයේ මාදිලිය අනුව සහ OS එක අනුව VPN setup format එක වෙනස් වේ. මෙහි එන IP සියල්ලම PPTP Protocol සඳහා වලංගු වේ.

Name : Cloud Service Texas
IP: 51.15.151.165
Username : pptp
Password : B5tHqFcCWf

Name : Florida US
IP : IP 69.60.121.29
Username : free
Password : 3680

Name : Illinois 
IP: 216.104.36.238
Username : free
Password : 1885

Name : Cloud UK
IP : 77.92.68.65
Username : free
Password : 9762


එහම නැත්නම් , කිසි කරදරයක් නැතුව Windows 10 වලදි , VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න. 
Windows 7 වලදි , VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න. 
Android ජංගම දුරකතනයේන් VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න.

රජය ඔබ හා තරුණ පිරිස බිය ගැන්වීමට ෆේස්බුක් පිටු කිපයක් හරහා VPN භාවිතා කරන අයට රු. 25,000 දඩයක් රු. 10,000 දඩයක් අය කරන බවට හොර ඡායාරූප සහිත බොරු කට කතා පතුරුවමින් සිටී. එවැනි දඩයක් හෝ නීතියක් රට තුල නැත. VPN භාවිතා කරන්නන්ට එරෙහිව CID එකට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්ද VPN භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් නොවන නිසාය. එම නිසා එවැනි කට කතාවලට හා ප්‍රෝඩා කරුවන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳව අන් අය නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිමි. 
Facebook, Whatsapp, Viber රජයට block කිරීමට හැකිවුනත් ඒවාට සවන්දීමට හෝ ඒවාවල අන්ථර්ගතය නිරීක්ෂණය කිරීමට ලොකේ කිසිම රටක තාක්ෂණයක් නොමැත. WeChat භාවිතා නොකරන්න, මන්ද WeChat චීන රජයට අයිති එකක් නිසා එහි පණිවුවල අන්ථර්ගතය චීන රජය හරහා ශ්‍රීලංකා රජයට ලබා ගත හැක. 

කෙසේ නමුත් රජය මේවන විට Turbo VPN වැනි ප්‍රසිද්ධ VPN සේවා block කරමින් සිටී. මේ නිසා ඉදිරියෙ දී අනෙකුත් VPN සේවා ද block විය හැක. මේ නිසා Android play store වල ඇති Orbot යන VPN ඇප් එකත් ( IOS වල එය Onion Browser ලෙස හැදින්වේ. ) හැකිනම් Signal Private Messenger යන අධි ආරක්ෂිත ඇප් එකත් භාවිතා කිරීමට පුරුදු වන්න. මන්ද Orbot තුල තිබෙනා Bridges හා domain fronting යන තාක්ෂණය භාවිතා කල හැකි නිසා ඒය චීනය වැනි රටවල අධිතාක්ෂණික VPN block කිරීමේ ක්‍රමවලට ද block කර නොහැකිය.....

Read More »

ජල මත ක්‍රිඩා සමග ගාලු සහ හික්කඩු සංචාරය !! [ Galle And Hikkaduwa Tour With Water Sport Called Wakeboarding !! ]

18 Comments

සයිට් එකේ කාලේකට පස්සේ , ඕන්න අයේත් පොස්ට් එකක් දානව. අද නම් පොස්ට් කරන්නේ , වෙනදට සුපිරිදු පරිදි සයිට් එකේ දාන දේයක් නම් නෙමේ.. අපි , මේ අවුරුද්දේ ජනවාරි මාසයේදි ගාල්ල සහ හික්කඩුව නගර වල පොඩි සංචාරයක් කරා.. ඉතින් , අපි හිතුව එහිදි අපි කරපු දේවල් , අපි ලබා ගනිපු අත්දැකිම් ඔයාල හැමෝමත් එක්කත් බෙදා ගන්න.

මුලින්ම මේ දේවල් ගැන කියන්න ඕන. ගාල්ල සහ හික්කඩුව නගර වල අපට බලන්න දේවල් ගොඩාක් තියේනව. 

ගාලු නගරය ගැන කතා කරෝතින් , ගාලු කොටුව හා ඒ ආශ්‍රිත දේවල් , සමුද්‍ර කෞතුකාගාරය ,  ගාලු ජාතික කෞතුකාගාරයHistorical Mansion MuseumDutch Mansion Museum පැරණි ගාලු වරාය සහ ගොඩාක් දේවල් බලන්න තියේනව.

හික්කඩුව නගරය ගැන කතා කරෝතින් , හික්කඩුව වෙරල , කොරල් පර , මුහුදු සාවාරි , මුහුදු හා ජල ක්‍රිඩා සහ ගොඩාක් දේවල් බලන්න සහ කරන්න තියේනව.
ඒ වගේම , හික්කඩුවේ වෙරල අශ්‍රිත සංචාරයට අමතරව , හික්කඩුවේ ඇතුලට වෙන්න හික්කඩුව කලපුව අශ්‍රිතවත් , අපට සංචාරය කරන්න පුලුවන් , ජල ක්‍රිඩා කරන්න පුලුවන්. 
ගොඩාක් දෙනෙක් හික්කඩුව වෙරලේ හ මුහුදේ සංචාරය කරාට , හික්කඩුව කලපුව පැත්තට එන්නේ නැ. කලපුව ගැන ගොඩක් දෙනෙක් දන්නේ නැ. ඒ නිසා , දැන්වත් මේ ගැන දැනුවත් වෙන්න ඇති කියල හිතනව. මේ පහල තියේන විඩියෝ එකේ , අපි Wakeboarding කියල ජල ක්‍රිඩාවක් කරනව. ඒක කරන්නේ හික්කඩුව කලපුවේ. මේකට හික්කඩුව කලපුව කියල කිව්වට , මෙහේ සමහර මිනිස්සු මේකටම මොළපු ඔය කියලත් කියනව.

අපි නම් Wakeboarding කරේ , Spunky Monkey කියල හදුන්වන ආයතනයේන්. ඔයාලටත් wakeboarding හෝ වෙනත් ඕනැම විධියක ජල ක්‍රිඩාවක් කරන්න ඕන නම් , Spunky Monkey සම්බන්ද කරගන්න කියල කියනව. මොකද , අපි Spunky Monkey ආයතනය , Highly Recommended කරනව. අනිවාරේන්ම එතන ඉතාමත්ම හොදයි සහ ඕන කරන සියලුම උපාංගත් වගේම Sport Boat පවා තියේනව.

මේ පහලින් තියේන්නේ සංචාරයට අදාල පොඩි විඩියෝ එකක්. ඔයාල කැමති නම් , මේක බලන්න. මේ පහල විඩියෝ එකේම තමයි හික්කඩුව කලපුවේ , Wakeboarding කියන ජල ක්‍රිඩාව කරන්නේත්.


කැමති නම් හෝ පුලුවන් නම් , මේ පහලින් තියේන Subscribe Button එක ඔබල , මගේ චැනල් එකටත් උදව්වක් දිගෙනම යන්න.



මේ පහලින් තියේන්නේ හික්කඩුව කලපුවේ ( මොළපු ඔයේ ) පින්තුර කිපයක්.
[ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , ඒම පින්තුර මත ක්ලික් කරන්න. ]















Read More »

CSS ගැන සියලුම දේවල් දැනගෙනම , වෙබ් අඩවි නිර්මාණයට හා අලංකාර කරගැනිමට CSS භාවිතා කරන ආකාරය. ( වෙබ් අඩවි නිර්මාණය පාඩම් - 03 ) [ What Is CSS And How To Use CSS In Web Designing. ]

19 Comments

හරි , ඔන්න වෙබ් අඩවි නිර්මාණයට අදාල පාඩමක් තමයි අද අපි ලබා දෙන්නේ. 2 වෙනි පාඩමේන් පස්සේ 3 වෙනි පාඩම , ඒ කිව්වේ මේ පාඩම ලබා දෙන්න පොඩි කාලයක් ගත වුනා තමයි. අපි පුලුවන් උපරිම විධියට අලුත් පාඩම් ලබා දෙන්න උත්සහ කරනව.

අද , මේ පොස්ට් එකේන් කතා කරන්නේ CSS ගැනයි.


CSS කියන එකේ තේරුම තමයි Cascading Style Sheets කියන එක. CSS යොදා ගන්නේ Web Designers ලා. ( අපි 2 වෙනි පොස්ට් එකේ Web Designer හා Web Developer අතරේ තියේන වෙනස්කම් ගැන කිව්ව. ) ඒ කියන්නේ වෙබ් සයිට් එකක් Design කරන වැඩ වලට තමයි CSS යොදා ගන්නේ. 

ඒ කිව්වේ , වෙබ් සයිට් එකේ පළල , Background Color එක තිරණය කරන්න , වෙබ් සයිට් එකේ තියේන පින්තුරයක උස , පළල තිරණය කරන්න. වෙබ් සයිට් එකේ තියේන Texts ස්ථානගත විය යුතු තැන , Font Colors , වාක්‍ය 2ක් අතර පරතරය ඇතුලුව තව ගොඩාක් දේවල් තිරණය කරන්න පුලුවන්. 

මේ දේවල් HTML වලිනුත් කරගන්න පුලුවන් නේද කියල ඔයාලට හිතේවි. නමුත් , හිතන්න Navigation Bar එකක පළල අපට HTML යොදා ගෙන තිරණය කරන්න බැ. ඒක කරන්න පුලුවන් CSS වලින්. අන්න ඒ වගේ CSS වලින්ම විතරක් කරන්න පුලුවන් දේවල් තියේනව. ඒ වගේම Font Color එක වගේ දේවල් HTML වලිනුත් වෙනස් කරන්න පුලුවන්. නමුත් , මේ සදහා CSS යොදා ගත්තාම , අපට ඒ දේවල් පහසුවෙන් කරගන්න පුලුවන්. ඒ සියලුම දේවල් , මේ පොස්ට් එක කියේව්වා දැන ගන්න පුලුවන් වෙවි.

මුලින්ම CSS ලියන විධිය ගැන බලමු.


CSS ලියන්න ඕන මොකක් හරි දේකටනේ. ඒ කිව්වේ , වෙබ් පිටුවේ පාට වෙනස් වෙන්න හෝ අදාල ජේදයක ෆෝන්ට් වල පාට , ප්‍රමාණය වගේ දේවල් වෙනස් කරගන්නයි. එහනම් , අපි ඒ විධියට වෙනස් කරගන්න ඕන කරන දේයට අදාලව , Class එකක් ලියන්න ඕන. නැත්නම් CSS එක දැන ගන්නේ කොහමද , අපි භාවිතා වෙන්න ඕන කොතනටද කියල.


* Class එකක් ලියන්න පුලුවන් ආකාර 2ක් තියේනව.


# එක විධියක් තමයි , CSS යොදා ගන්න ඕන දේයට කලින් Div Class එකක් ලියන්න පුලුවන්. Div කියනේ එකේ තේරුම වෙන්නේ Division කියන එක. ඒ කියන්නේ මොකක් හරි  කොටස්ක් කියන එකයි. අන්න , ඒ නිසා , CSS භාවිතා වෙන්න ඕන තැන කියන්න තමයි , Div Class භාවිතා විය යුතු තැනට කලින් Div Class එකක් ලියන්නේ. අනිවාරේන්ම , ඒ Div Class භාවිතා විය යුතු තැන නවතින්න ඕන තැනින් , Div Class එක වහන්නත් ඕන. ඒ වගේම , Div Class කියන එක වෙනුවට Div Id කියල වුනත් භාවිතා කරන්න පුලුවන්. නමුත් , ටිකක් විතර වැඩිපුර භාවිතා වෙන්නේ Div Class කියල තමයි.


* Div Class එක ලියන ආකරය - <div class="ClassName">

මෙහිදි , ClassName කියන එකට , ඔබට කැමති හා ඔබ CSS භාවිතා කරන දේයට අදාල පහසු නමක් ලබා දෙන්න.

* Div Class එක Close කරන ආකරය - </div>


# ඒ වගේම , අනිත් විධිය තමයි CSS යොදා ගන්න ඕන දේට කෙළින්ම Class එකක් දෙන්න පුලුවන්. හිතන්නකෝ , <p> ටැග් එකත් එක්ක පටන් ගන්න ජේදයක් තියේනව. එහි පාට වෙනස් කරගන්න ඕන කියල. එතකොට අපට <p> එකත් එක්ක , Class එකක් දෙන්න පුලුවන්. මේ පහල Code එක බලන්න.


<p class="ClassName"> </p>

මෙහිදි , ClassName කියන එකට , ඔබට කැමති හා ඔබ CSS භාවිතා කරන දේයට අදාල පහසු නමක් ලබා දෙන්න.

# ඒ වගේම , Class එකක් යොදා ගන්නේ නැතුවත් CSS ලියන්න පුලුවන් අවස්ථා තියේනව. ඒ තමයි HTML ටැග් එකක් භාවිතා කරල , CSS ලියන්න පුලුවන්. හිතන්නකෝ , <a href> කියල HTML ටැග් එකක් තියේනව , මේ ලින්ක් එකේ වර්ණය වෙනස් කරගන්න ඕන කියල. එතකොට , අපි කරන්න ඕන <a href> එකේන් , a එක විතරක් CSS එකේ Class Name එක වෙනුවට යොදා ගෙන CSS ලියනව.



මෙහිදි , <p> ටැග් එකක් වුනත් යොදා ගන්න පුලුවන්. නමුත් , මේකේදි තියේන ප්‍රශ්නේ තමයි , එක තැනක විතරක් දේයක් වෙනස් කරගන්න ඕන වෙල , අපි මේක භාවිත කරාට ,  ඒ <p> ටැග් එකේන් පටන් ගන්න සියලුම දේවල් වෙනස් වෙනව. මොකද , CSS එකට බැනේ මේකට විතරයි ඕන කියල තේරුම් ගන්න. හරියටම වෙනස් වෙන්න ඕන දේ පැහැදිලි කරන්න තමයි , අපි Class එකක් යොදා ගන්නේ. ඒ නිසා , HTML ටැග් වලට වුනත් , CSS ලියද්දි , මේ ඉහලින් කියල තියේන ක්‍රම 2න් , එක විධියකට කරන එක ගොඩක් හොදයි.

* මේ පහල උදාහරණයේන් පැහැදිලි කරන්නේ Div Class එකක් යොදා ගන්න ආකාරය.


වෙබ් සයිට් වල දාන දේවල් සාමාන්‍යයේන් මුලු වෙබ් පිටුවේම පැතිරේන විධියට දාන්නේ නැ. දෙපැත්තේන් පොඩි ඉඩක් තියලයි , දාන්නේ. නිකන් අර MS Word වල තියේන Margin එකක් වගේ තමයි. ඒ විධියට ඉඩක් හදා ගන්න , අපි වෙබ් පිටුවේ <body> ටැග් එකට පහලින් සහ ඒම පිටුවේ තියේන අනිත් දේවල් වලට කලින් Class එකක් ලියනව , container කියල. ඒ වගේම , මේක Close කරන්නේ </body> එකට කලින් සහ ඒම පිටුවේ තියේන අනිත් දේවල් වලට පහලින්. මෙහිදි සයිට් එකේ අනිත් දේවල් කියල කියන්නේ , <body> හා </body> ටැග් 2ක අතරේ ලියන ඒවටයි. ඒ කිව්වේ එක එක විස්තර , පින්තුර වගේ දේවල් වලටයි.

මෙහිදි , අපි මේකට container කියල කියන්නේ , සයිට් එකේ සියලුම අන්තර්ගතය මේකට ඇතුලත් වන නිසා , සම්මතයක් වගේ හැමෝම container කියල තමයි භාවිතා කරන්නේ. මේකට වුනත් , ඔයා කැමති නමක් දෙන්න පුලුවන් , නමුත් සම්මතයක් විධියට භාවිතා වෙන නිසා , ඔයාලත් container කියලම භාවිතා කරන එක ගොඩාක් හොදයි.
මේ පහල පින්තුරය බලන්න.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

container වගේ Class එකකට , Div Class එක භාවිතා කිරිම තමයි කරන්න තියේන පහසුම ආකාරය. මොකද අනිත් ක්‍රමයට CSS මේකට යොදා ගන්න බැ. ඒ නිසා , අදාල දේයට අනුව , අදාල විධියට Class එක ලියන්නේ කොහමද කියල ඔබම තිරණය කරන්න ඕන.

හරි , අපි දැන් Class එක හදලයි තියේන්නේ. දැන් , <div class="container"> එකට අදාල CSS ලියන්න ඕන.

ඔයාලට CSS ලියන්න පුලුවන් ක්‍රම 3ක් තියේනව. මේ උදාහරණය , අපි ඒ ක්‍රම වලට , මේ පහලින් කරල තියේන්ව. <div class="container"> එකට භාවිතා කරන්න පුලුවන් , මෙයින් ක්‍රම 2ක් විතරයි. ඒ ඇයි කියල , ඔබටම තේරේවි , මේ පහල උදාහරණ බලද්දි.

<div class="container"> එකේ CSS වලට ප්‍රධාන ලෙසම ලියන්න ඕන Width , Margins කියන ඒවා කොච්චරද කියලයි. මේවට ඔයාටම , නිර්මාණය කරන සයිට් එකට ගැලපෙන විධියට භාවිතා කරන්න පුලුවන්.


තව දේයක් කියන්න ඕන. අපි <div class="container"> එකක් දාන්නේ , වෙබ් සයිට් එකේ Margin එකක් තියා ගන්න , ඒ කිව්වේ වෙබ් පිටු වල දෙපැත්තේන් ඉඩක් තියා ගන්න. ඒ විධියට වෙබ් පිටු වල දෙපැත්තේන් ඉඩක් තියන්න හේතුවක් තියේනව. ඒ තමයි , ඔබේ සයිට් එකට එන පාඨකයන් විවිධ ප්‍රමාණයේ මොනිටර් භාවිතා කරන්න පුලුවන්. ඔයා වෙබ් සයිට් එක හදන්නේ විශාල ප්‍රමාණයේ මොනිටර් එකකින් බලන් නම් , පොඩි මොනිටර් එකකින් ඒම වෙබ් සයිට් එකට එන කෙනෙක්ට වෙබ් සයිට් එක බලද්දි , Scroll Bar එක භාවිත කරමින් , සයිට් එක වමට දකුණට කර කර බලන්න වෙනව. මේක සයිට් එකට එන අයට කරදරයක්. අන්න , ඒ කරදරය අවම කරගන්න තමයි , අපි සයිට් එකට <div class="container"> එකක් භාවිතා කරන්නේ.

<div class="container"> එකක් යොදා ගන්නවද නැද්ද කියන එක තිරණය කිරිම , සයිට් එකට නිර්මාණය කරන ඔබට අදාලයි. අපි නම් කියන්නේ <div class="container"> එකක් භාවිතා කරන එක ගොඩාක් හොදයි කියලයි.

* මේ පහල උදාහරණයේන් පැහැදිලි කරන්නේ වෙනස් කරගන්න ඕන දේත් එක්කම , Class එකක් යොදා ගන්න ආකාරය.


හිතන්නකෝ , ඔයාගේ සයිට් එකේ <p> ටැග් එකේන් පටන් ගන්න ජේදයක් තියේනව කියල. ඒ ජේදයේ වාක්‍ය අතර තියේන පරතරය වෙනස් කරගන්න , Font Colors වෙනස් කරගන්න ඕන කියල. ඒ සදහා , <p> ටැග් එකත් , එක්කම ඔබ කැමති නමකින් Class එකක් ලියන්න පුලුවන්. මේ පහල පින්තුරය බලන්න.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* වෙබ් සයිට් එකකට CSS යොදා ගන්න පුලුවන් , ලියන්න පුලුවන් ක්‍රම 3ක් තියේනව කියල කිව්වනේ. අන්න , ඒව ගැන දැන් බලමු , මේ උඩින් කියල තියේන <div class="container"> හා <p class="SiteText"> හා <a href> උදාහරණයත් එක්කම.
ඒ වගේම , අපි Class එකක් ලියන්න මොන ක්‍රමය භාවිතා කරත් , ඒම Classes වලට අදාලව CSS ලියන්න වෙන්නේ එකම ආකාරයකටයි.

1. ) CSS ෆයිල් එක වෙනම තියන් , වෙබ් සයිට් එක හදන්න පුලුවන්. ( External Style Sheet. )


මෙහිදි , අපි CSS ෆයිල් එකක් මුලින්ම හදා ගන්න ඕන. ඒ කිව්වේ ,  Notepad++ එක හෝ ඔයා භාවිතා කරන Text Editor එක open කරගන්න. ඊට පස්සේ අලුත් පේජ් එකක් අරන් , ඒක MyStyle.css කියල හෝ තමන් කැමති ඕනැම නමකින් Save කරගන්න. අනිවාරේන්ම Extention එක විධියට .css කියල දෙන්න.

මේ විධියට හදාගන්න CSS ෆයිල් එක ඇතුලේ තමයි , අපි CSS ලියන්න ඕන.
ඒ වගේම අනිවාරේන්ම , ඔබ හදා ගන්න CSS ෆයිල් එක Save කරද්දිම , වෙබ් සයිට් එක තියේන ෆෝල්ඩර් එක ඇතුලේම Save කරන්න. මොකද වෙනම තියාගන්නවට වඩා , ඔබ හදන වෙබ් සයිට් එකට අදාල සියලුම දේවල් එකම ෆෝල්ඩර් එක තියේන එක ගොඩාක් හොදයි.

අපි මෙහිදි , වෙබ් සයිට් එක තියේන ෆෝල්ඩර් එක කියල කියන්නේ , Wamp Server එක භාවිතා කරද්දි www ෆෝල්ඩර් එක ඇතුලේ ඔබ වෙබ් සයිට් එකක් නිර්මාණය කරන්න කලින් මුලින්ම නිර්මානය කරන ෆෝල්ඩර් එකටයි. අපි , මේ දේවල් ගැන අපි පළමු පාඩමේදි කතා කරා. 01 පාඩම බලන්න මෙතනින් යන්න.


* වෙනම තියේන CSS ෆයිල් එකක , CSS ලියන්නේ මෙහමයි.


දැන් , අපි අර කලින් Div Class හෝ අනිත් ක්‍රමය භාවිතා කරල ලියල තියේන Class එකේ නමම , අර වෙනම හදා ගත්තු CSS ෆයිල් එකේත් ටයිප් කරන්න. ටයිප් කරල , ඒ නමට ඉස්සරහින් තිතකුත්) ටයිප් කරන්න. මේ තිත අනිවාරේන්ම CSS ලියද්දි , Class Name එකට ඉස්සරහින් ටයිප් කරන්න. අපි කලින් කිව්ව , Div Class වෙනුවට Div Id කියලත් දෙන්න පුලුවන් කියල. ඒ විධියට Div Id කියල දුන්නෝතින් , තිත වෙනුවට Div Id Name එක ඉස්සරහින් අනිවාරේන්ම # ලකුණ ටයිප් කරන්න. 

දැන් , අපි ලිව්ව නමට පහලින් සගල වරහන් 2ක් { } දාගන්න. දැන් , අපිට ඒම Class එකට අදාලව ලියන්න ඕන CSS , මේ සගල වරහන් 2ක අතරේ ලියන්න. ඒ වගේම සගල වරහන් දෙක අතරේ , CSS Codes ලියද්දි , හැම CSS Code එකක්ම ලියල , අන්තිමට අනිවාරේන්ම සෙමිකෝලන් එකක් ( ; ) දාන්න ඕන. 
ඒ විධියට ලියන සියලුම CSS Codes වල අන්තිමට සෙමිකෝලන් ( ; ) එකින් එක අනිවාරේන්ම දාන්න.
මේ කිව්ව දේවල් එක්ක , <div class="container"> එකට හා <p class="SiteText"> එකට හා <a href> එකට අදාල CSS ලියන ආකාරය තමයි , මේ පහල පින්තුරයේන් පෙන්නල තියේන්නේ.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් , අර වෙනම හදා ගත්තු CSS ෆයිල් එක, ඔබේ වෙබ් සයිට් එකට ලින්ක් කරන්න ඕන. ඒ සදහා , CSS ෆයිල් එක යොදා ගන්න ඕන , වෙබ් පිටුවේ </head> එකට ඉහලින් , මේ පහලින් තියේන Code එක ටයිප් කරන්න.

මේ පහල Code එකේ , href කියන තැනට ඔබ හදා ගත්තු CSS ෆයිල් එක තියේන තැනත් ලබා දෙන්න. වෙබ් සයිට් එකත් එක්කම , CSS ෆයිල් එක තියේනව නම් , කෙළින්ම CSS ෆයිල් එකේ නම විතරක් දෙන්න.

<link rel="stylesheet" type="text/css" href="MyStyle.css">



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

අනිවාරේන්ම ඔබට CSS භාවිතා කරන්න ඕන සියලුම වෙබ් පිටු වලට , මේ ඉහලින් තියේන Code එක ලියල , අදාල CSS ෆයිල් එකේ නම හා එය තියේන තැන ලබා දෙන්න ඕන.


මේ විධියට තමයි , CSS ෆයිල් එක පිටින් තියන් , වෙබ් සයිට් එක හදන්නේ.


2. ) අදාල වෙබ් පිටු තුලම CSS ලිවිම. ( Internal Style Sheet. )


මේ ක්‍රමයේදි වෙනම CSS ෆයිල් ලියල Save කරන්න ඕන නැ. ඔබට CSS යොදා ගන්න ඕන වෙබ් පිටුවේ , </head> ටැග් එකට ඉහලින් <style> කියල ටයිප් කරන්න. ඉන් පසුව <style> එකට පහලින් , </style> කියලත් ටයිප් කරන්න. ( අනිවාරේන්ම Open කරපු ටැග් එකක් , Close කල යුතු නිසයි. ) ඔන්න , දැන් <style> හා </style> ටැග් දෙක අතරේ අදාල Class එකේ නම ටයිප් කරල , ඒම Class එකට අදාල CSS ටයිප් කරන්න.


දැන් , අපි අර කලින් Div Class හෝ අනිත් ක්‍රමය භාවිතා කරල ලියල තියේන Class එකේ නමම , අර වෙනම හදා ගත්තු CSS ෆයිල් එකේත් ටයිප් කරන්න. ටයිප් කරල , ඒ නමට ඉස්සරහින් තිතකුත් ( ) ටයිප් කරන්න. මේ තිත අනිවාරේන්ම CSS ලියද්දි , Class Name එකට ඉස්සරහින් ටයිප් කරන්න. අපි කලින් කිව්ව , Div Class වෙනුවට Div Id කියලත් දෙන්න පුලුවන් කියල. ඒ විධියට Div Id කියල දුන්නෝතින් , තිත වෙනුවට Div Id Name එක ඉස්සරහින් අනිවාරේන්ම # ලකුණ ටයිප් කරන්න. 

දැන් , අපි ලිව්ව නමට පහලින් සගල වරහන් 2ක් { } දාගන්න. දැන් , අපිට ඒම Class එකට අදාලව ලියන්න ඕන CSS , මේ සගල වරහන් 2ක අතරේ ලියන්න. ඒ වගේම සගල වරහන් දෙක අතරේ , CSS Codes ලියද්දි , හැම CSS Code එකක්ම ලියල , අන්තිමට අනිවාරේන්ම සෙමිකෝලන් එකක් ( ; ) දාන්න ඕන. 
ඒ විධියට ලියන සියලුම CSS Codes වල අන්තිමට සෙමිකෝලන් ( ; ) එකින් එක අනිවාරේන්ම දාන්න.
මේ කිව්ව දේවල් එක්ක , <div class="container"> එකට අදාල CSS ලියන ආකාරය තමයි , මේ පහල පින්තුරයේන් පෙන්නල තියේන්නේ.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* මේ ක්‍රමයේදි ටයිප් කරන CSS භාවිතා වෙන්නේ , ඒම CSS ලියන වෙබ් පිටුවේම තියේන දේවල් වලට විතරමයි. මේ වෙබ් පිටුවේ ලියන CSS , වෙන වෙබ් පිටු වලට අදාල වෙන්නේ නැ.


* හිතන්නකෝ , <div class="container"> එක ගැන. ඒක එක වෙබ් පිටුවකට විතරක් අදාල දේයක් නෙමේ. වෙබ් පිටු 100ක් තියේනවද , ඒ 100ටම අදාල දේයක්. නමුත් , මේ ක්‍රමය භාවිතා කරෝතින් , වෙබ් පිටු 100ක් තියේනව නම් එම පිටු 100ම <div class="container"> එකට අදාල CSS ලියන්න ඕන. හිතන්නකෝ , <div class="container"> එකේ CSS වල මොකක් හරි වෙනස්කමක් කරන්න ඕන වුනා කියල , එහම වුනෝතින් අයේමත් අර වෙබ් පිටු 100ම වෙනස් කරන්න වෙනව. ඒක කොයිතරම් කරදරකාරිද කියල කියන්න ඕන නැනේ. ඒ නිසා , <div class="container"> එක වගේ සියලුම වෙබ් පිටු වලට අදාල වෙන CSS , මේ ඉහලින් කියල තියේන පළමු ක්‍රමය භාවිතා කරල , අනිවාරේන්ම කරන්න.


* මෙහම දේයක් හිතන්න. වෙබ් පිටු 100න් , 99ම සුදු පාට Background Color එකක් ඕන. නමුත් , එක වෙබ් පිටුවකට විතරක් තැඹිලි පාට Background Color එකක් ඕන. අන්න , ඒ වෙලාවට වෙනම තියේන CSS ෆයිල් එකේ Background Color එක වෙනස් කරෝත් , ඒක පිටු 100ටම බලපානව. ඒ වෙලාවට , මෙන්න මේ 2 වෙනි ක්‍රමය භාවිතා කරන්න පුලුවන්. ඒ කිව්වේ , මේකයි , පුරුදු විධියටම වෙනම CSS ෆයිල් එකකුත් වෙබ් පිටු 100ටම දානව. ඊට පස්සේ , වෙනස් කරන්න ඕන වෙබ් පිටුවට විතරක් <style> හා </style> ටැග් දෙක ලියල , ඒ දෙක අතරට .container { } එක ලියල එකේ Background Color එක විධියට තැඹිලි පාට ලබා දෙනව. මෙහිදි , වෙනම තියේන CSS ෆයිල් එකේ Background Color වෙනුවට , අදාල වෙබ් පිටුවේම ලියපු Background Color එකට මුලිකත්වය දුන්නේ ඇයි කියල , මේ පහලින් පැහැදිලි කරල තියේන්ව.


3. ) HTML ටැග් එකත් සමගම CSS භාවිතා කිරිම. ( Inline Style. )


මේ ක්‍රමය භාවිතා කරන්නේ බොහෝ වෙලාවට HTML ටැග්ස් එක්ක. ඒ කිව්වේ , ඔබ දන්න <p> <img> වගේ ටැග්ස් එක්කයි. මෙහමයි මේක කරන්නේ.

මේකෙදිත් , අපි ඉහලින් කියල දිල තියේන ක්‍රමයටම තමයි CSS ලියන්නේ. නමුත් , පොඩ්ඩක් වගේ යොදා ගන්න ආකරය වෙනස් වෙනව.
ඒ කියන්නේ , අපට CSS යොදා ගන්න ඕන HTML ටැග් එක ඇතුලේ style කියල ටයිප් කරන්න වෙනව. ඒ විධියට ටයිප් කරන style එක ඇතුලේ තමයි , අදාල CSS ලියන්න ඕන. මෙහිදි ලියන CSS , මේ වෙබ් පිටුවේ තියේන අනිත් කිසිම දේයකට භාවිතා වෙන්නේ නැ. මේ විධියට ලියන CSS අදාල වෙන්නේ , මේ HTML ටැග් එකට විතරමයි.

* ඒ නිසා තමයි , අපි කලින් කිව්ව <div class="container"> එක භාවිතා කරන්න පුලුවන් ක්‍රම 2කට විතරයි කියල. මේ ක්‍රමයට <div class="container"> එකට අදාල CSS ලියන්නේ නැ. <div class="container"> එකට අදාල CSS වලට විතරක් නෙමේ , සියලුම වෙබ් පිටු වලට භාවිතා වෙන්න ඕන CSS වලට , මේ ක්‍රමය යොදා ගන්නේ නැ.


* අපි දැන් බලමු , මේ 3 වන ක්‍රමය යොදා ගන්න පුලුවන් ආකරයන්.

<p> ටැග් එකත් එක්ක පටන් ගන්න ජේදයක් තියේනව කියල හිතන්න. අන්න ඒ ජේදයේ පාට හෝ මොනව හරි දේයක් වෙනස් කරන්න ඕන නම් , එකට කරන්න තියේන්නේ , ජේදයට අදාල CSS එක , මේ පහලින් දිල තියේන විධියට වෙනස් කරගන්න ඕන.  කරල තියේන්නේ ජේදයට අදාල <p> ටැග් එක ඇතුලේ style කියල ලියල , style එක ඇතුලේ අදාල CSS ලියල තියේනව.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* මේ ඉහලින් තියේන ක්‍රම 3න් , CSS ලියන්න යොදා ගන්න ඕන ආකරය , ඔබම තිරණය කරන්න ඕන.

සියලුම වෙබ් පිටු වලට අදාල වෙනව නම් , 01 ක්‍රමය යොදා ගන්න. එක වෙබ් පිටුවකට විතරක් නම් 02 ක්‍රමය යොදා ගන්න. එක දේකට විතරක් නම් , ඒ කිව්වේ එක HTML ටැග් එකකට වගේ ඕන නම් 03 ක්‍රමය යොදා ගන්න. ඒ වගේම සියලුම වෙබ් පිටු වලට අදාල ලියල තියේන CSS එකක් , ඕන නම් 02 හෝ 03 කියන ක්‍රම භාවිතා කරල වෙනස් කරගන්නත් පුලුවන්. එහම කරන විධිය , අපි කලින් කිව්ව.
ඒ වගේ , ඔබ තැනට සුදුසු විධියට , නිවැරදිම අදාලම ක්‍රමය යොදා ගන්න. එතකොට තමයි , ඔබට සාර්ථක වෙබ් සයිට් එකක් , පහසුවෙන්ම නිර්මාණය කරගන්නත් පුලුවන් වෙන්නේ.

* ඒ වගේම CSS ඔබේ වෙබ් සයිට් එකට දාන්න පුලුවන් ක්‍රම 3න් , වෙබ් පිටුව CSS වලට ප්‍රමුඛතාව දෙන පිළිවෙලකුත් තියේනව.


03 වන ක්‍රමයට , එහමත් නැත්නම් Inline Style එකකට තමයි , වැඩි ප්‍රමුඛතාවයක් දෙන්නේ. දෙවනුව ප්‍රමුඛතාවයක් දෙන්නේ 02 වන ක්‍රමයට , එහමත් නැත්නම් Internal Style Sheet එකකටයි. තුන්වනුව තමයි 01 වන ක්‍රමයට , එහමත් නැත්නම් External Style Sheet එකට ප්‍රමුඛතාව දෙන්නේ. 


* මෙන්න , මේ ප්‍රමුඛතාවය දිමේ පිළිවෙල නිසා තමයි , අර කලින් කිව්ව විධියට වෙනම තියේන CSS ෆයිල් එකේ Background Color එක වෙනුවට , ඒම අදාල වෙබ් පිටුවේම <style> හා </style> අතරේ තියේන Background Color එක යොදා ගත්තේ.

අපි හිතමුකෝ , MyTest කියල Class එකක් තියේනව. ඒකට අපි මේ ක්‍රම 3ට වෙන වෙනම CSS ලිව්ව කියල. එහිදි , වෙබ් පිටුව භාවිතාවට ගන්නේ , අපි මේ කිව්ව ප්‍රමුඛතාවයට අනුවයි. ඒනම් , HTML ටැග් එකේ තියේන CSS තමයි , වෙබ් පිටුව මගින් භාවිතා කරන්නේ. අනිත් , ඒවා යොදා ගන්නේ නැ.


* ඒ වගේම තව දේයක් කියන්න ඕන. අපිට මොකක් හරි Class එකක CSS වෙනස් කරගන්න ඕන කියල හිතන්න. එතකොට , ඒම Class එක හොයා ගන්න ආමාරු වුනෝතින් , ඒක කරන්න ලේසිම විධිය තමයි , CSS වෙනස් කරගන්න ඕන වෙබ් පිටුවට , Web Browser එකේන් ගිහින් , වෙනස් කරන්න ඕන දේ උඩට ගිහින් , Mouse එකේන් Right ක්ලික් කරන්න. එවිට එන මෙනු එකේ අන්තිමට තියේන Inspect කියන එක ක්ලික් කරන්න. දැන් පහලින් කොටුවක් එවි. එකේ වම් පැත්තේ CSS එකේ තියේන Class එක බලා ගන්න පුලුවන්. ඒ Class එකේ නම බලා ගන්න , එහමත් නැත්නම් ඒම Class එක උඩ ඩබල් ක්ලික් කරන්න. ඊට පස්සේ Copy කරගන්න. දැන් ඔබට වෙනස් කරගන්න ඕන වෙබ් පිටුවට යන්න. දැන් , අපි කියමු ක්‍රම 3න් , සුදුසුම ක්‍රමයක් භාවිතා කරල , ඒ බලන් ආපු නමට අදාලව ඔබේ අතින්ම CSS ලියන්න. 

* හරි , මේ දේවල් තමයි CSS වලට අදාල කියන්න තියේන්නේ. 

ඔයා මේ පොස්ට් එක හරියටම හොදට කියේව්ව නම් , ඔයාට CSS ගැන මුලික දැනුම හොදටම ලැබිලයි තියේන්නේ. දැන් , ඔයාට කරන්න තියේන්නේ පුලුවන් තරම් CSS ප්‍රයෝගිකව යොදා ගෙන , හොදට පුරුදු පුහුණු වෙන එකයි. මේ විධියට පුරුදු පුහුණු වෙද්දි ඔයාට උදව් ගන්න පුලුවන් හොදම වෙබ් සයිට් 2ක් තියේනව. ඒ තමයි W3School හා GuruLk. ඔයාට ඕන කරන සියලුම දේවල් මේ වෙබ් සයිට් දැන ගන්න පුලුවන්. ඒ නිසා , අනිවාරේන්ම පුරුදු පුහුණු වෙද්දි , මේ සයිට් දෙක පරිහරණය කරන්න. ඔයාට , අනිවාරේන්ම CSS වල හොද දක්ෂයේක් වෙන්න පුලුවන්.

ඊලගට අපට තියේන්නේ Bootstrap ගැන බලන්න. Bootstrap කියන්නේ HTML , CSS , Java Script සියල්ලම එකතු කරල නිර්මාණය කරල තියේන Framework එකක්. Bootstrap වලට අත තියන්න කලින් , මුලින්ම CSS එක එක විධියට , එක එක දේවල් වලට ලියල පුරුදු පුහුණු වෙන්න. ඊට පස්සේ , Bootstrap වලට අත තියන්න. මොකද , සමහර වෙලාවට , අපට Bootstrap වලට තියේන CSS පවා වෙනස් කරන්න වෙනව. ඒ කියන්නේ , අපට ඕන කරන දේ , Bootstrap එකේ තියේන CSS වලින් වෙන්නේ නැත්නම් , අපි කැමති විධියට CSS ලියා ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි , CSS හොදටම පුරුදු පූණු වෙලාම , Bootstrap වලට අත තියන්න කිව්වේ. 


Bootstrap ගැන පැහැදිලිව සියලුම දේවල් ඊලග පාඩමේන් කියල දෙන්නම්.

කලින් කිව්ව වගේම , මේ පාඩමේන් කියල දුන්නේ CSS ගැන මුලික දැනුමයි. තවදුරටත් CSS පාඩම් , අපි කරන්න ඕන නම් ඒ ගැනත් කියන්න.


අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න. 


-------------------------------------------------------------------------------------------------------------------



වෙබ් අඩවි නිර්මාණයට අදාල සියලුම පාඩම් වල ලින්ක්.


Read More »

ඔබේ Iphone එකේ Screen එක Lock කරල තියේද්දි , රහසේම විඩියෝ කරන ආකාරය හා තවත් Hacks & Trciks. ( Iphone Hacks , Tips & Tricks පාඩම් - 01 ) [ How To Recorded Secret Videos On Your Iphone While Screen Locked And More Iphone Hacks & Trcks - ios 10.3.2 ]

18 Comments

අපි මෙච්චර කාලේකට කතා කරේ ඇන්ඩ්‍රෝයිඩ් ගැනමනේ. ඇපල් වලට අදාලව මුකුත්ම කතා කරල නැ. නමුත් , ඔන්න අද ඉදන් ඇපල් පැත්තටත් අත තියන්න කියල අපි හිතුව. දැනට ඇපල් Iphone ගැන පොස්ට් දෙන්නම්. ඉදිරියට අනිකුත් ඇපල් නිෂ්පාදන ගැනත් අලුත් දේවල් දෙන්න බලාපොරොත්තු වෙනව. 

මේ ඇපල් නිෂ්පාදන ගැන පොස්ට් හදන්නේ Ashan Anuranga කියන යාලුව. මේ වගේ පොස්ට් ලියල දෙනවට වඩා , විඩියෝ එකකින් කරලම පෙන්වන එක ගොඩක් හොදයි කියල හිතුන. මොකද ප්‍රායෝගිකව කරල පෙන්නුවම , ඔයාලට මේව වැඩ කරන්නේ කොහමද කියල ගොඩාක් හොදට තේරුම් ගන්න පුලුවන්නේ. 

සැලකිය යුතුයි - මේ ක්‍රමය කොහේත්වම කිසිම වැරදි දේයකට යොදා ගන්න එපා.  
මෙහම හිතන්නකෝ , ඔයාට ජිවිත තර්ජනයක් තියේනව. ඔයා එයාව හම්බ වෙන්න යනව , නොයාම බැරිකමට. අන්න , ඒ වගේ වෙලාවක මේ ක්‍රමයේන් , රහසේ විඩියෝ කරන්න පුලුවන් නම් , එකේන් ඔයාට එයා ගැන අදාල නිලධාරින්ට දැනුම් දෙන්න පුලුවන් , සාක්ෂිත් එක්කම. මේ ක්‍රමය , මේ වගේ වැදගත් දේයකට භාවිතා කරන්න.

සැලකිය යුතුයි - මුලින්ම කියන්න ඕන , මේ පහල විඩියෝ එකේ කියල තියේන Hacks , Tips & Tricks කරන්න නම් , ඔබේ Iphone එකේ OS Version එක , ඒ කිව්වේ ios එකේ Version එක , අනිවාරේන්ම 10.3.2 වෙන්න ඕන. ios 10.3.2 තියේනව නම් , මේව සියල්ලම ලස්සනට වැඩ.

මේ විඩියෝ එකේ ප්‍රධාන ලෙසම කියල දෙන්නේ ,  Iphone එකේ Screen එක Lock කරල තියේද්දිම , රහසේම විඩියෝ කරන ආකාරය හා කිසිම සිමාවක් නැතුව ( Unlimited ) , ඕනැම ජායාරුපයක් Zoom කරන ආකාරය ගැනයි.

ඔයාල හිතාවි , මේ වැඩ කරගන්න වෙන මොනව හරි ඇප් එකක් දාගත්ත නම් මිට වඩා ලේසි නේද කියල. ඒත් , ඔයාගේ ෆෝන් එකේ OS එකේන් ඔරිජිනල්ම විධියට ඒ අදාල වැඩේ කරගන්න ක්‍රමයක් දිල තියේද්දි , වෙන ඇප්ස් භාවිතා කරන්න එපා. ෆෝන් OS එකේන් දිල තියේන දේ , ප්‍රයෝජනයකට ගන්න. 

හරි , එහනම් වැඩි කතා නැතුව කෙළින්ම මේ පහල තියේන විඩියෝ එක බලන්න.



මිට වඩා දිගට විඩියෝ කරෝතින් බලන ඔයාලට බලන්නත් කරදරයිනේ. ඒ නිසා තමයි , හොදටම තේරේන විධියට කෙටි වෙලාවකින් මේ දේවල් කියල දෙන්නේ. 

හරි , ඔයාලට මේ පළමු Iphone Hacks , Tips & Tricks පාඩමේන් කිසියම් විධියකින් ප්‍රයෝජනයක් වුනා නම් , Comment එකකුත් දාන්න. 
ඒ වගේම , විඩියෝ එක කරන Ashan Anuranගේ Channael එකටත් අනිවාරේන්ම Subscribe කරල උදව්වක් දෙන්න.




ඔන්න , Online Call Of Duty 4 සෙල්ලම් කරන්න කැමති අයට හොද Server එකක් තියේනව. SLES ( Sri Lanka E-Sport ) එකේන් කරන Server එකක්. Promode ඕන නම් Promode , TDM ඕන නම් TDM , කැමති එකක් සෙල්ලම් කරන්න පුලුවන්. 
Promode හා TDM වලට අදාල IP Address මේ පහල පින්තුර 2කේ තියේනව.



Read More »

අයේමත් Seven Net සයිට් එක කරන්න ඕනද , නැද්ද ?? ඔබම කියන්න , අපට. [ Should We Continue This Seven Net ?? You Can Decide. ]

18 Comments

අද අපි දාන්නේ නම් පොස්ට් එකක් නෙමේයි.. 
2015 කාලයක් සයිට් එක නතර කරල තිබිල 2015 මැද හරියේදි වගේ පටන් ගත්තා. ඒ වගේම අපි මුලු 2016 අවුරුද්දටම පොස්ට් දාල තියේන්නේ 6යි. ඊලගට 2016 , 8 වෙනි මාසේන් පස්සේ මුකුත්ම නැ. දැන් , අයේත් පුලුවන් විධියට පටන් ගත්ත. 

අපේ සයිට් එකේ පොස්ට් දාන්න 10ක විතර සෙට් එකක් හිටියා. දැන් ඒ ඔක්කෝම අය කාර්ය බහුල වෙල. ඒකයි මෙහම තත්වයක් ඇති වෙල තියේන්නේ. ඒ වගේම , අපිට මේ ලගදි අලුත් කතෘ කෙනෙකුත් එකතු වුනා. ඒ Aluth Post සයිට් එකේ ඇඩ්මින්. එයාගේත් සහය මේ වෙද්දි අපට ලැබෙනව.  

/* නමුත් සයිට් එකට තාමත් එක දවසකට සැලකිය යුතු පාඨකයන් පිරිසක් එනවා. ඒ ගැන හිතා ගන්නත් බැ. ඒවගේම ඇත්තටම සතුටුයි. */

මේ ඉහලින් තියේන්නේ 2017 පෙබරවාරි 09 වන දින අපි කියපු දේයක්. නමුත් , දැන් , වෙද්දි මේ කතාව සම්පුර්ණයේන්ම වගේ වෙනස් වෙලයි තියේන්නේ. 
සයිට් එකට එන පාඨකයන් පිරිස හිතා ගන්නවත් බැරි විධියට අඩු වෙලයි තියේන්නේ. ඒකට හේතුව නම් හිතා ගන්න පුලුවන්. අපි එක දිගටම පොස්ට් දාල , සයිට් එක අප්ඩේට් කරේ නැති නිසා වෙන්න ඇති. 

නමුත් , ඔන්න , අයේත් අපි සයිට් එකේ වැඩ පටන් අරන් තියේන්නේ. ඒ නිසා , දැන් දිගටම සෙවන් නෙට් සයිට් එකට එන්න. ඇවිල්ල පොස්ට් බලල , ඔයාලට ප්‍රයෝජනයක් වුනා නම් Comment එකක් එහම දාල යන්න. මොකද , ඔයාලගේ ලැබෙන Comment එක විතරයි අපට තියේන එකම වස්තුව

හරි , අපි කෙළින්ම අහන්නම්.. 

අපේ සයිට් එකට එන ඔබගෙනුයි , මේ අහන්නේ , අපි මේ 2017 ඉදන් , ඉදිරි සතිය තුල ඉදන් වගේ නැවතත් අලුත් පොස්ට් දාන්න ඕනද ?? ඔයාලට හිතේන දේ කියන්න.
අපිත් එක්ක අපේ පාඨක පිරිස , අපේ යාලුවෝ ඉන්නව නම් , අපි අනිවාරේන්ම පුලුවන් උපරිම විදියට අලුත් පොස්ට් දාන්නම්. 

මේ දිනවල , අපේ සයිට් එකට අලුතින් සාමාජිකයන් බදවා ගන්නවා. ඒ සෙවන් නෙට් එකේ කර්තෘ ( Author ) කෙනෙක් විධියට. 
ඔබත් කැමති නම් හෝ ඒ පිළිබදව සියලුම විස්තර දැන ගන්න මෙතනින් යන්න.

බෝහෝම ස්තුතියි !! :D

Read More »

එදා මෙදා තුර නිකුත් වි ඇති හොදම , වටිනා හා වැදගත් Android Apps හා Games 10 ගැන දැන ගෙනම , ඒවා නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. ( පළමු කොටස ) [ Free Direct Download Best Android Best And Latest Apps And Games.]

7 Comments

අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්.

අපි මිට කලින් 2013දි , නිකුත් වුන සුපිරිම ඇප්ස් 10 ලබා දුන්නා. ඒවා මෙතනින් ගිහින් බලන්න.

ඒ නිසා , අපි හිතුවා එදා මෙදා තුර නිකුත් වි ඇති පට්ටම සුපිරි Android Apps හා Games 10ක් ගැන ඔයාලට කියන්න ඕන කියල. මේ සියලුම ඒවා නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් , Apps හා Games.

ඉතින් , ඒ අනුව තමයි මේ පොස්ට් එක දැම්මේ.

මේ පහලින් දිල තියේන සියලුම Apps හා Games , ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයයක් හෝ ටැබ් එකක් සමග වැඩ කරයි.

* සැලකිය යුතුයි - ඔබට ජංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් , මේ දිල තියේන ඒවා ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , ඒම අදාල App එකේ හෝ Game එකේ නමට පහලින් තියේන Download From Play Store කියන එක ක්ලික් කරන්න. එවිට , අදාල App එකේ හෝ Game එකේ Play Store පේජ් එකට යවි. එතනින් ඔබට සුපුරුදු පරිදි ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.

* සැලකිය යුතුයි - ඔබට පරිගණකයක් මගින් , මේ දිල තියේන ඒව ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , අදාල App එකේ හෝ Game එකේ නමට පහලින් තියේන Download From Computer කියන ලින්ක් එක ක්ලික් කරන්න. එවිට , APK Pure කියල සයිට් එකක් New Tab එකකින් Open වෙවි. ඒකේ තියේනව DOWNLOAD APK කියන Button එක ක්ලික් කරල , නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඊට පස්සේ , ඒ ඩවුන්ලෝඩ් වුන App එක හෝ Game එක , ඔබේ ජංගම දුරකතනයට හෝ ටැබ් එකට දාගෙන , ඉන්ස්ටෝල් කරගන්න. 

1. ) Beat Racer. ( 56.2 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



Beat Racer කියන්නේ Car Racing Game එකක්. මේකේ විශේෂත්වය තමයි , මේ Game එක පුරාම තියේන්න හිතා ගන්නවත් බැරි Sounds , Music. Game එක Play කරද්දි , ඒ Music එකත් එක්ක මාරම හැගිමක් එනව. පට්ටයි. අනිවාරේන්ම , මේ Game එක Play කරද්දි , Music ලස්සනටම අහන්න ඕන නම් , Headphone එකක් භාවිතා කරන්න. 

2. ) Telegram.

#. Download From Play Store.     |     #. Download From Computer.



Telegram කියන්නේත් Whats App , Viber වගේම Messenger ඇප් එකක්. නමුත් , මේක අනිත් ඒවට වඩා විශේෂයි. ඒකට හේතු කිපයක් තියේනව. 

* මේක Stuck වෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. 
* මෙහි ඕනැම ආකාරයක Stickers තියේන්ව. ඒ වගේම අපි ඕනැම කෙනෙක්ට ඉතාමත්ම පහසුවෙන් Stickers හදල , ඒව Publish කරන්නත් පුලුවන්. 
* ගොඩාක් Bots තියේනව. ඒ කිව්වේ Group Message එකක් ගැන හිතුවෝත් , ඒකේ ඉන්න කවුරු හරි සාමාජිකයේක් , මේ මේ දේවල් කරෝත් එයාට ඒව කරන්න එපා කියල අවවාද කරන්න පුලුවන්. ඒත් , එයා ඒ දේවල් අහන්නේ නැතුව දිගින් දිගටම ඒ දේවල් කරොත් , එයාව Group Message එකේන් අයින් කරන්නත් පුලුවන්. මේ සියල්ලම , ඉබේමයි වෙන්නේ. ඒ කිව්වේ , අපි කලින් Bot කෙනෙක් දාල , Botට ඕන කරන උපදෙස් ටික දුන්නාම , Bot එක එතන ඉදන් සියලුම දේවල් තනියේම බලා ගන්නව. 
මේ Bots වලින් වෙන එක දේයක් විතරයි. තව ගොඩාක් දේවල් කරන්න පුලුවන්. එක එක දේවල් කරන්න , විවිධාකාරයේ Botලා ඉන්නව.
* ඒ වගේම , මේ ඇප් එක ඇතුලේ එක එක Games තියේනව. කම්මැලිකමක් ආවෝත් Play කර කර ඉන්න පුලුවන්.
* ඒ වගේම , අපිට අපි එක්කම Message කරන්න පුලුවන්. අපි නම් , මේක භාවිතා කරන්නේ , මට මොකක් හරි දේයක් Store කරල තියා ගන්න ඕන නම් , ( ඒ කිව්වේ , පින්තුරයක් හෝ Text එකක් වගේ දේයක්ම ) ට පුලුවන් ඒක මටම යවා ගන්න. එතකොට ඒක පස්සේ ඕන වෙන වෙලාවක අයේ ගන්න පුලුවන්. 
* Whats Ap වගේ ඇප් වල , Web App එක හරහා Message කරන්න ගියෝත් අපට , ඒ ගිණුම තියේන , ජංගම දුරකතනයේ Mobile Data ON එකේ තියා ගන්න වෙනව. නමුත් , Telegram Web App එකේ එහම දේයක් නැ. එක පාරක් Telegram Web App එකට Log වෙද්දි , දුරකතන අංකයක් එකක් ඉල්ලනව. ඒක දුන්නාම , එකට Confirmation Code එකක් එවනව. ඊට පස්සේ , ඒ Confirmation Code එක Telegram Web App එකට දිල Log වෙන්නයි තියේන්නේ. අයේ ඉතින් , අර අපි දුන්න දුරකතන අංකය තිබ්බත් එකයි , නැතත් එකයි. නමුත් , අපි Telegram Web App එකේන් Logout වෙලා , ආපහු එද්දි , අර අපේ කලින් ගිණුමටම යන්න නම් , ඒ කලින් ලබා දුන්න දුරකතන අංකයම , ආයේ දෙන්න ඕන. 

3. ) Traffic Tour. ( 74.4 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



මේකත් Racing Game එකක්ම තමයි. නමුත් , මේකේ Oneway , Endlessway වගේ Modes කිපයක් තියේනව. මේක Play කරන්න ඕන නම් , ඊට කලින් Mobile Data ON කරන් හෝ WiFi එකකට Connect වෙන්න වෙනව.
මෙහි Multiplayer Mode එකත් තියේනව. Multiplayer Mode එකේදි , ඒ වෙලාවේම Gameඑකේ Online ඉන්න තව කෙනෙක් එක්ක තරග කරන්න පුලුවන්. තරග කරන අතරතුරදි , අනිත් කෙනා එක්ක පොඩි චැට් එකක් දාන්නත් පුලුවන්. මේකේ වාහන වල ශබ්ද එහම නියමේටම ෆීල් වෙන්න තියේනව. 

4. ) Subwoofer Bass. ( 3.1 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



Subwoofer Bass කියන්නේ , Subwoofers වලින් එන ශබ්දය හරියටම ඔබේ ජංගම දුරකතනයේන් හෝ ටැබ් එකේන් ලබා දෙන ඇප් එකක්. මේ ඇප් එක නම් සුපිරියටම වැඩ කරනව. ඒ එන Sound එක ගැන අයේ කියන්න දේයක් නැ , සුපිරියි. 
මෙහමයි , මේක ක්‍රියාතමක කරන්නේ. මුලින්ම මේ ඇප් එක ඉන්ස්ටෝල් කරගන්න. ඊට පස්සේ , මේ ඇප් එක Open කරගන්න. දැන් , Speaker එකක පින්තුරයක් ඇති. අන්න , ඒකට පහලින් තියේන ශබ්දය වැඩි කරන්න තියේන ලයින් එකේ , ශබ්දය උපරිමේටම ( 100%ටම ) වැඩි කරන්න. 
දැන් , ඔබ වෙනද සින්දු අහන Music Player එකට ගිහින් , කැමති සින්දුවක් අහල බලන්න. ඔබටම වෙනස තේරේවි. සුපිම විධියට Bass අහන්න ඕන නම් , ඔබේ Headphone එක භාවිතා කරන්න. ඒ වගේම , ඕන නම් , හොද Quality එකක් තියේන Speaker එකක් ඔබේ දුරකතනයට හෝ ටැබ් එකට සෙට් කරල තියේද්දි , සින්දුවක් Play කරල බලන්න , එන Bass එක කොහමද කියල.  

5. ) BombSquad. ( 53.2 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



BombSquad කියන්නේ Fighting Game එකක්. පට්ටම ෆන් එකක් ගන්න පුලුවන් , කම්මැලිකමේ ඉන්නකොට , මහන්සි වෙලා වගේ ඉන්නකොට සෙල්ලම් කරන්න පුලුවන් , සෙල්ලම් කරද්දි හිනා වෙවිම සෙල්ලම් කරන්නත් පුලුවන් සුපිරි Game එකක්. මේකෙත් Multiplayer Mode එකක් තියේනව. මේ Multiplayer Mode එකේදි වෙන්නේ , එකම WiFi Network එකකට Connect වෙලා ඉන්න අයට , එක Ground එකකට ඇවිත් Fight කරන්න පුලුවන්. එතකොට හිතන්නකෝ , අපි දන්න කියන ඔක්කොම සෙට් එක , එක තැනක ඉදන් Game එකක් Play කරද්දි තියේන ෆන් එක ගැන. Mobile Hotspot එකක් වුනත් දාගෙන Play කරන්න පුලුවන්. Single Player Mode එක නම් , Mobile Data හෝ WiFi නැතුව , Play කරන්න පුලුවන්. නමුත් , Multiplayer Mode එකේදි නම් Play කරන්න කැමති සියලුම දෙනා , එකම WiFi එකකට හෝ එකම Mobile Hotspot එකකට Connect වෙන්නම වෙනව. 

6. ) DigiHUD. ( 3.1 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



DigiHUD කියන්නේ , ඕනැම වාහනයක් යන වේගය බලා ගන්න පුලුවන් ඇප් එකක්. හිතන්නකෝ , අපි බස් එකක යද්දි , අපට ස්පිඩෝමිටර් එක බලන්න අමාරුයිනේ. ඒ වගේ වෙලාවට , මේ ඇප් එකේන් බස් එක යන වේගය හරියටම බලා ගන්න පුලුවන්. මේ ඇප් එක වැඩ කරන්නේ GPS වලින්. ඒ නිසා ඇප් එක Open කරන්න කලින් GPS ON කරන්න ඕන. අනිවාරේන්ම , අපට වේගය බලාගන්න ඕන වාහනය ඇතුලේ අපි ඉන්න ඕන. අපිට එලියේන් ඉදන් යන වාහන වල වේගය බලාගන්න බැ , මොකද අපේ GPS එක නැවතිල තියේන නිසා. මේ ඇප් එකත් එක්ක , පොඩි Widget ඇප් එකකුත් ලැබෙනව. එතකොට , අපට ඕන දේයක් ෆෝන් එකේන් කරන අතරතුරදිම , අර Widget එකේන් ස්ක්‍රින් එකේන් එක තැනකට වෙලා අදාල වේගය පෙන්නනවා.

7. ) Tic Tac Toe. ( 18.1 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



Tic Tac Toe කියන්නේ , අපිට එදා ඉදන්ම හුරු පුරුදු Game එකක්. මේ පහල පින්තුරය දැක්ක ගමන් , ඔයාලට වුනත් ඒක අනිවාරේන්ම මතක් වෙවි. කම්මැලිකමේ ඉන්නකොට , මහන්සි වෙලා වගේ ඉන්නකොට සෙල්ලම් කරන්න හොද සුපිරි Game එකක්. 

8. ) I Care Health Monitor. ( 11 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



මේ ඇප් එකේන් වෙන්නේ , ඔබේ ශරිර සෞඛ්‍යයට අදාල ගොඩක් තොරතුරු ලබා දෙන එකයි. ඒ කිව්වේ , Blood Pressure , Heart Rate වගේ ඒවා ගැන විස්තර දෙන එකයි. මේ ඇප් එක Open කරාම තියේන Quick Check එක ඔබන්න. ඊට පස්සේ එන පේජ් එකේ තියේනව , ඔබට ශරිර සෞඛ්‍යය ගැන දැන ගන්න කරන්න ඕන දේවල් ටික. 
මුලිකවම මෙහි වෙන්නේ , එක අතකින් ෆෝන් එකේ ස්ක්‍රින් එක Touch කරන් ඉන්න ගමන්ම , ඔබේ දබරැඟිල්ල ෆෝන් එකේ පිටුපස කැමර් එක වැහෙන විධියට තියා ගෙන ඉන්න විට , ඕන කරන විස්තර ගන්නව. විස්තර අරන් ඉවර වුනාට පස්සේ , කෙළින්ම ඒ විස්තර ටික පෙන්නනවා. ගොඩක් Reviews වලින් කියල තිබුනේ , මේ ඇප් එකේන් ගොඩක් නිවැරදි තොරතුරු ලබා දෙනව කියලයි. ඒ නිසා තමයි , අපිත් මේ ඇප් එක භාවිතා කරන්නේ සහ අද මේ විධියට ඔබලාට කිව්වේත්. 

9. ) Shadow Fight 2. ( 88.3 MB )

#. Download From Play Store.     |     #. Download From Computer.



මේක Fighting එකක්. නින්ජා විධියට Fight කරන්න තියේන Game එකක්. සෙල්ලම් කරද්දි ත්‍රාසජනක හැගිමක් හිතට දැනේනව. සුපිරිම Game එකක්, මහන්සි වෙලා ඉදිද්දි , කම්මැලිකමේ ඉදිද්දි සෙල්ලම් කරන්න හොද තවත් Game එකක්. ඒ වගේම , මේක Mobile Data හෝ WiFi භාවිතා නොකරම , සෙල්ලම් කරන්න පුලුවන් Game එකක්.

10. ) Yonder Music. 

#. Download From Play Store.     |     #. Download From Computer.

මේ ඇප් එකේ Download From Computer ලින්ක් එකට දිල තියේන්නේ Dialog එක මගින් දිල තියේන ලින්ක් එකක්. 



මුලින්ම කියන්න ඕන , Yonder Music කියන්නේ ශ්‍රී ලාංකිය ඇප් එකක්. මේ ඇප් එක Music Player එකක්. Yonder ඇප් එකේ Music ගබඩා කරල තියේන්නේ Online. අපිට ඒවා අහන්න නම් , අපේ Mobile Data ON කරන් හෝ WiFi එකකට Connect වෙන්න ඕන. නමුත් , මේකේ තියේන විශේෂත්වය හා වාසිය තමයි , අපි කැමති ඕනැම සින්දුවක් Offline අහන්න , ඒ කිව්වේ Mobile Data ON කරන්නේ නැතුව හෝ WiFi එකකට Connect වෙන්නේ නැතුව අහන්න පුලුවන් විධියට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. මේක ගොඩක් ලොකු වාසියක් අපට. මොකද අලුත් සින්දුවක් ගැන දැන ගත්තම , ඒක අන්තර්ජාලයේන් හොයා ගෙන , ඩවුන්ලෝඩ් කරන්න කරදර වෙන්න ඕන නැ. කෙළින්ම මේ ඇප් එකට ඇවිත් සින්දුව Search කරල , ඩවුන්ලෝඩ් කරගත්ත. පට්ටම ලේසියි. 

ඔබ පරිගණකයේ නම් , මේ පොස්ට් එක බලන්නේ. මේක ඩවුන්ලෝඩ් කරගන්න ඕන නම් , මේ පහල තියේන QR Code එක , ඔබේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ QR Code Scanner එකක් මගින් ස්කැන් කරන්න. එවිට , අදාල Yonder Music Play Store Page එක Open වෙවි.


හරි , මේ Apps හා Games 10 ගැන තමයි කියන්න තිබුනේ. සමහර විට , මේ 10 අතරේ ඔයාල දැනටමත් භාවිතා කරන ඒවත් තියේන්නත් ඇති. 

මිට අමතරව , ඔයාලත් මේ වගේම වටින Apps හා Games ගැන දන්නව නම් , අනිවාරේන්ම ඒවා අපිත් එක්කත් බෙදා ගන්න. මොකද අපිත් ආසයි අලුත් ඒව ගැන දැන ගන්න. ඒ නිසා අනිවාරේන්ම Comment එකක් දාල , ඒවා ගැනත් කියන්න.

Read More »

Tweet Now !!