සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Showing posts with label Tips And Tricks Of Internet.. Show all posts

Virtual Private Network ( VPN ) ගැන සරලව සිංහලෙන්. [ What Is VPN And How To Use Free VPN. ]

8 Comments

සාමාන්‍ය අන්තර්ජාල භාවිතයකදී අප විසින් අපගේ සේවා සැපයුම්කරැ හරහා සෘජුව අදාල වෙබ් සේවාව වෙත සම්බන්ධ වුවත් VPN භාවිතයේදී අපගේ දත්ත පළමුව යොමුවන්නේ අප විසින් තෝරාගත් VPN Server එකක් වෙතයි. ඉන් අනතුරැව අපගේ අන්තර්ජාල භාවිතය සිදුවන්නේ ඒ හරහා අදාල VPN Server එක තුළින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයටයි. ඒ හේතුව නිසායි එවන් අවස්ථාවක අපගේ රට ලෙසින් අදාල VPN සේවාව ලබාදෙන රට පෙන්වනු ලබන්නේ.

VPN සේවාව විශ්වාසය තැබියහැකි එකක් නම් මෙහිදී ගැටළුවක් මතුවන්නේ නැහැ. එවන් සේවාවන් සියල්ලක්ම යම්කිසි මුදලක් අය කරනවා මාසික පදනමක් මත. එයට හේතුව වන්නේ එම සේවාව පවත්වාගෙන යාමට ඔවුන්ට පිරිවැයක් දැරීමට සිදුවීමයි. එහෙත් අප විසින් සැළකිය යුත්තේ free VPN සේවාවක් කෙතරම් ආරක්ෂිතද යන්නයි. මෙම සේවාව නොමිලයේ ලබාදෙන්නේ කුමන පරමාර්ථයක් මතද යන්න සැළකිය යුතුයි. ඔවුන් වියදමක් දරමින් එම සේවාව නොමිලයේ ලබා දෙන්නේ කිසියම් පරමාර්ථයක් මතයි. බොහෝවිට  ඔවුන් අපගේ දත්ත එකතු කරනු ලබනවා. ඒ යම්කිසි අයුරකින් ලාභ ඉපයීම සදහා. 
එම දත්ත අතර අපගේ location data, username and passwords, video and audio data, browsing logs, conversation logs, credit card numbers ආදී බොහෝ දේ තිබිය හැකියි. මෙම දත්ත අප විසින් අන්තර්ජාලය හරහා හුවමාරැ කරන ඒවා සේම අපගේ පරිගණකයේ හෝ smartphone තුළ තිබෙන ඒවා විය හැකියි. මෙහිදී බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ අපේ දත්ත ඔවුන්ට මොකටද, අපේ දත්ත ඔවුන්ට වටිනවාද, අපි ජාවාරම් කරනවාද යන්නයි. එසේ සිතමින් හිත හදා ගැනීමක් සිදු කරනවා. එහෙත් අවදානම පවතින්නේ එතන නොවෙයි. ඔවුන්ට හැකියි අපගේ අනන්‍යතාවය භාවිතයෙන් යම්කිසි බරපතල නීතිවිරෝධී කාර්යයක් සිදුකිරීමට. ඔවුන් විසින් සිදුකරනු ලබන දෙය සදහා වගකීම සෘජුවම අප වෙත යොමු විය හැකියි.

දැන් කළයුත්තේ කුමක්ද ?

සන්සන්දනාත්මකව free VPN එකකට වඩා Tor browser ආරක්ෂිතයැයි සිතිය හැකියි. VPN එකක් භාවිතා කළ යුතු අවස්ථාවක premium VPN එකක් භාවිතා කළ හැකිනම් හොදයි. තාවකාලික අවස්ථාවක නම් එවන් වර්තමාන තත්වය වැනි අවස්ථාවකදී premium VPN සේවාවක trial period එකක් භාවිතය තරමක් ආරක්ෂාකාරී පියවරක්. VPN එකක් භාවිතයේදී හැකිතාක් ආරක්ෂාකාරී encrypted, HTTPS සේවාවන් භාවිතා කරන්න. පිටස්තර VPN සේවාවකදී online payments කිසිසේත්ම නොකිරීමයි ආරක්ෂිත. මෙසේ සිදු නොකරනවා නම්, ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන VPN සේවාවේ වියදම මුදල් ලෙසින් නොවුණත් කුමන හෝ ලෙසකින් අපට ගෙවීමට සිදුවේවි.

මේ අතර X - VPN premium VPN සේවාවද දවස් 30ක කාලයක් ලංකාවට ලාබාදීමට එම ආයතනය කටයුතු කර ඇත...

                    

මා ඔබට පහතින් ලබා දෙන IP ඔබේ ජංගම දුරකතනයේ manual VPN එකක් විදිහට Setup කරගත හැකිවේ. පහත සඳහන් කරන IP සමහරක් දින 7ක් සඳහා වලංගු වන අතර, සමහරක් දින 30ක් සඳහා වලංගු වේ ඔබේ ජංගම දුරකථනයේ මාදිලිය අනුව සහ OS එක අනුව VPN setup format එක වෙනස් වේ. මෙහි එන IP සියල්ලම PPTP Protocol සඳහා වලංගු වේ.

Name : Cloud Service Texas
IP: 51.15.151.165
Username : pptp
Password : B5tHqFcCWf

Name : Florida US
IP : IP 69.60.121.29
Username : free
Password : 3680

Name : Illinois 
IP: 216.104.36.238
Username : free
Password : 1885

Name : Cloud UK
IP : 77.92.68.65
Username : free
Password : 9762


එහම නැත්නම් , කිසි කරදරයක් නැතුව Windows 10 වලදි , VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න. 
Windows 7 වලදි , VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න. 
Android ජංගම දුරකතනයේන් VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න.

රජය ඔබ හා තරුණ පිරිස බිය ගැන්වීමට ෆේස්බුක් පිටු කිපයක් හරහා VPN භාවිතා කරන අයට රු. 25,000 දඩයක් රු. 10,000 දඩයක් අය කරන බවට හොර ඡායාරූප සහිත බොරු කට කතා පතුරුවමින් සිටී. එවැනි දඩයක් හෝ නීතියක් රට තුල නැත. VPN භාවිතා කරන්නන්ට එරෙහිව CID එකට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්ද VPN භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් නොවන නිසාය. එම නිසා එවැනි කට කතාවලට හා ප්‍රෝඩා කරුවන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳව අන් අය නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිමි. 
Facebook, Whatsapp, Viber රජයට block කිරීමට හැකිවුනත් ඒවාට සවන්දීමට හෝ ඒවාවල අන්ථර්ගතය නිරීක්ෂණය කිරීමට ලොකේ කිසිම රටක තාක්ෂණයක් නොමැත. WeChat භාවිතා නොකරන්න, මන්ද WeChat චීන රජයට අයිති එකක් නිසා එහි පණිවුවල අන්ථර්ගතය චීන රජය හරහා ශ්‍රීලංකා රජයට ලබා ගත හැක. 

කෙසේ නමුත් රජය මේවන විට Turbo VPN වැනි ප්‍රසිද්ධ VPN සේවා block කරමින් සිටී. මේ නිසා ඉදිරියෙ දී අනෙකුත් VPN සේවා ද block විය හැක. මේ නිසා Android play store වල ඇති Orbot යන VPN ඇප් එකත් ( IOS වල එය Onion Browser ලෙස හැදින්වේ. ) හැකිනම් Signal Private Messenger යන අධි ආරක්ෂිත ඇප් එකත් භාවිතා කිරීමට පුරුදු වන්න. මන්ද Orbot තුල තිබෙනා Bridges හා domain fronting යන තාක්ෂණය භාවිතා කල හැකි නිසා ඒය චීනය වැනි රටවල අධිතාක්ෂණික VPN block කිරීමේ ක්‍රමවලට ද block කර නොහැකිය.....

Read More »

ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , Windows 10 වලදි , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User In Windows 10. ]

3 Comments

අද අපි කතා කරන්නේ ගොඩාක් ලොකු මාතෘකාවක්. මේ මාතෘකාව ගැන අපි මිට කලින් වින්ඩෝස් 7 වලදි කරන විධිය කියල දුන්නා. ඒ එක්කම ගොඩක් දෙනෙක් ඇහුව වින්ඩෝස් 10 වලදි , මේක කරන්නේ කොහමද කියල. නමුත් අපට ඒ ගැන පොස්ට් එකක් දාන්න බැරි වුනා. ඒ නිසා තමයි දැන් මේ පොස්ට් එක දාන්නේ. 

මේ ක්‍රියාවලිය වින්ඩෝස් 7 වලදි කරන ආකාරය දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

ඒ වගේම , මේ ක්‍රියාවලියම ඔබේ ස්මාට් ජංගම දුරකතනයේන් කරන ආකාරය දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න.

* ඒ වගේම , මේ පොස්ට් එකේ ප්‍රධානම වචන 3ක් තමයි IP , DNS හා VPN කියන්නේ. ඒ නිසා , ඒවා ගැන මුලින්ම දැන ගෙන ඉන්නවා නම් ගොඩාක් හොදයි. ඒවා ගැන දැන ගන්න මෙතනින් යන්න.

ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්ණයක් තමයි Block කරල තියේන සයිට් වලට යන්නේ කොහමද කියන එක. මේකට ගොඩක් දෙනෙක් තමන්ගේ IP එක වෙනස් කරගන්න Hotspot Shield කියන මෘදුකාංග භාවිතා කරනවා.
නමුත් , මේ මෘදුකාංග භාවිත කිරිම තරමක් කරදරකාරියි.
ඒ නිසා , අපි කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඔබේ IP එක වෙනස් කරන විධිය කියල දෙන්න හිතුවා.

* හොදයි , ඔබ මේ උඩ ලින්ක් එකේන්  ගිහින් , ඒක කියේව්වා නම් දැන දන්නව ඇති IP , DNS හා VPN කියන්නේ මොනවද කියල.
මේවයින් VPN කියන කොටස තමයි අපේ IP එක වෙනස් කිරිමට යොදා ගන්නේ.
Hotspot Shield ඇතුලුව ලෝකේ තියේන හැම IP වෙනස් කරන මෘදුකාංගයකින්ම කරන්නේ , ඔබේ පරිගණකයට වෙනත් විශේෂිත රටකට අදාල VPN එකක් ලබා දිමයි. එවිට , ඔබේ IP එක වෙනස් වෙලා , ඔබ ඒ VPN එක අයිති රටින් අන්තර්ජාලයට සම්බන්ධ වුනා කියලයි පෙන්වන්නේ.

* මේ විධියට , VPN යොදා ගෙන ඔබ අන්තර්ජාලය පිවිසුණු පසු , ඔබට අන්තර්ජාල සේවාව සපයන් ඒ ඒ අදාල අයතනය දන්නේ නැ , ඔබ දැන් අන්තර්ජාලයේ මොනවද කරන්නේ කියල. නමුත් , ඔබ ඒ භාවිතා කරපු VPN එක අයිති රට දන්නව , ඔබ ඒ වෙලාවට කරන්නේ මොකක්ද කියල.
එයාල , එක දැන ගත්තට අපට මුකුත් කරදරයක් , හිරිහැරයක් නම් කරන්නේ නැ. ඒත් , ඒ VPN එක භාවිතා කරල අන්තර්ජාලයට පිවිසේන විටම , ඔබ ඒ VPN එක යොදා ගෙන අන්තර්ජාලයේ කිසිදු නිතිවිරෝධි වැඩක් නොකරන බවට එකග කරගන්නව. ඒ නිසා , ඔබ ඒ විදියට එකග වුනාට පස්සේ කොයිම විධියකටවත් , නිතිවිරෝධි වැඩක් කරන්න එපා. මොකද , ඔබ භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය නෙමේ , වෙනත් විශේෂිය රටක අන්තර්ජාලයයි. විශේෂිය රටවල , අන්තර්ජාල නිතිරිති ගොඩාක් තද වැඩියි.

* මේ වගේ VPN යොදා ගෙන අන්තර්ජාලයට පිවිසිමේන් ,  පුද්ගලයන් විවිධ වැඩ කර ගන්නවා.
මම , ඒ වැඩ මොනවද කියල හරියටම කියන්නේ නම් නැ. ඒත් , පොඩි ඉගි වගේ ඒවා කිපයක් දෙන්නම්.

1. ) ශ්‍රී ලංකාවේ බලන්න බැරි YouTube Video වගේ ඒවා බලන්න ඕන වුනාම , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
2. ) තමන්ගේ රාජකාරි ආයතන වල Block කරල තියේන වෙබ් හා බ්ලෝග් සයිට් වලට යාමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( උදා - ඔබේ රාජකාරි ආයතනයේ Facebook එක Block කරල තියේනවා නම් , මේ විධියට VPN යොදා ගෙන Facebook එකට යන්න පුලුවන්. )
3. ) E-Money කරන අය විවිධ වෙබ් සයිට් වල ගිණුම් සැදිමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( මේක නම් ඇත්තටම නිතිවිරෝධියි වැඩක් , ඒ නිසා මෙහම කරන්න කලින් ලක්ෂ වාරයක්වත් හිතල බලන්න. නොකර ඉන්න උත්සහා කරන්න. ඒක , අපි හැමෝටම ගොඩාක් හොදයි. )

මේ වගේ දේවල් තමයි කර ගන්න පුලුවන් වෙන්නේ.

* දැන් , අපි බලමු ඔබේ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ කොහමද කියල.
ඒ සදහා , මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

සැලකිය යුතුයි - මේ දේ කරන්න කලින් , ඔබ අන්තර්ජාලයට සම්බන්ද විමට භාවිතා කරන ඕනැම ක්‍රමයකින් , මුලින්ම අන්තර්ජාලයට සම්බන්ද වෙලා , ඊට පසුව මේ පහලින් කියල තියේන පියවරවල් කරන්න.

මුලින්ම , මෙතනින් ගිහින් , ඔබේ දැන් තියේන IP එකට අදාල විස්තර එහම බලා ගන්න. මොකද , මේක ඇත්තටම සිදු වෙනව කියල ඔබත් දැන ගන්න ඕන.

* හරි , එහනම් අපි Windows 10 වලදි , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන ආකාරය බලමු.

මේ පහලින් කියල තියේන පියවරවල් , ඒ විධියටම කරන්න.

1. ) මුලින්ම Start Menu එකේ , පහලට වෙන්න තියේන Settings වලට යන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. ) ඊලගට එන Windows Settings එකේන් , 3 වෙනියට තියේන Network & Internet වලට යන්න. එවිට ඔයාලට Network Status කියල Page එකක් Open වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) දැන් , ඒ Open වුන Page එකේ වම් පැත්තේ Network & Internet කියල ඇති. අන්න ඒ ලිස්ට් එකේ 5 වෙනියට තියේන VPN කියන එක ක්ලික් කරන්න. ගියාට පස්සේ VPN එක Page වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , VPN Page එකේ ඉහලින්ම තියේන Add a VPN Connection කියන එක ක්ලික් කරන්න. ඔන්න දැන් , Add a VPN Connection කියල අලුත් Page එකක් Open වෙවි. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , ඒ ආපු Page එකේ අපි භාවිතා කරන්න යන VPN එකේ විස්තර ලබා දෙන්න ඕන. 
මේ පහල ජායාරුපයේ තියේන විධියට සියලුම විස්තර නිවැරදිව ලබා දෙන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* VPN provider කියන එක ක්ලික් කරාම , Windows built-in කියල පෙන්නාවි. අන්න ඒ Windows built-in එක ක්ලික් කරන්න. 

* Connection name එකට , අපි මෙතනදි දුන්නේ USA VPN කියල. මොකද අපි දැන් භාවිතා කරන්න හදන්නේ USA VPN එකක් නිසා හා අපට ඒක පහසුවෙන් හදුනා ගන්න පුලුවන් වෙන නිසයි. මේකට ඔබ කැමති නමක් , ඔබ භාවිතා කරන VPN එකට අනුව ලබා දෙන්න. UK VPN  එක නම් , ඔබ භාවිතා කරන්නේ , UK VPN කියල ලබා දෙන්න. 

* Server name or address - 

# ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - USL2TP.hotfreevpn.com

# ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - UKL2TP.hotfreevpn.com

* VPN type කියන එක ක්ලික් කරන්න. එවිට එන ලිස්ට් එකේන් 4 වෙනියට තියේන L2TP/IPsec with pre-shared key කියන එක ක්ලික් කරන්න. 

* දැන් , ඔන්න අලුතින් Pre-share key කියල එකක් ආවා. අන්න ඒකට ඔබ භාවිතා කරන VPN එකට අදාල Pre-shared key එක , මේ පහලින් බලල ලබා දෙන්න. 

# ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - hotfreevpn.com

# ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - hotfreevpn.com

* Type of sign-in info කියන එකේ , User name and password කියන එක Autoම Select වෙලයි තියේන්නේ. ඒ නිසා ඒක වෙනස් කරන්න ඕන නැ. හදිස්සියේවත් User name and password කියන එක Auto Select වෙලා නැත්නම් , Type of sign-in info කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Username and password කියන එක ක්ලික් කරන්න.

* එ වගේම , මේ තියේන Username හා Password දෙක විතරක් ලබා දෙන්න එපා. ඒ වගේම පහලින්ම තියේන Remember my sign-in info එකට ඉස්සරහින් තියේන Tic එකත් අයින් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* මේ සියලුම දේවල් නිවැරදිවම පිරේවුව නම් , පහලින් තියේන Save එක ක්ලික් කරන්න. 

6. ) සියල්ලම නිවැරදිම වෙලා නම් , දැන් ඔබ හදපු VPN එක බලා ගන්න පුලුවන්. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , අපි මේ හදපු VPN එකට Connect වෙන්න ඕන. ඒක මෙතන ඉදන්ම කරන්නත් පුලුවන්. නමුත් , අපි මුල ඉදන් හරියටම VPN එකට Connect වෙන්නේ කොහමද කියල බලමු. 

7. ) මේ Open වෙල තියේන VPN Page එක Close කරන්න. දැන් අපි ඉන්නේ , අපේ Desktop එකේ. 

8. ) දැන් , Desktop එකේ පහල තියේන Task Bar එකේ , දකුණු පැත්තේ , පොඩි සලකුණකින් අපේ Network Status එක පෙන්වන තැන ක්ලික් කරන්න. ඔන්න දැන් , අර අපි කලින් හදා ගනිපු VPN එක හෝ ගොඩක් තියේනව නම් සියලුම ඒව පෙන්නාවි. එතනින් ඔබට Connect වෙන්න ඕන VPN එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



9. ) හරි , ඕන්න අපි අයේත් ඉන්නේ අර කලින් හිටපු VPN Page එකේම තමයි. දැන් මෙතනිනුත් ඔබට Connect වෙන්න ඕන VPN එක ක්ලික් කරන්න. එවිට Options 3ක් පෙන්නාවි. එයින් මුලින්ම තියේන Connect එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



10. ) දැන් , Sign in කියල Dialog Box එකක් Open වෙවි. මේකට ඔබ භාවිතා කරන VPN එකට අදාල Username හා Password ලබා දෙන්න. ( ඔබ මුල් වතාවට Connect වෙද්දි , සමහර විට ඔබට 2 වතාවක් Username හා Password ටයිප් කරන්න එවි. ඒක සාමාන්‍ය දේයක්. ) 

අපි භාවිතා කරන්නේ L2TP Server එකක් නිසා , මෙහි Username හා Password නිතරම වගේ වෙනස් වෙනව. ඒ නිසා , Username හා Password , ඒ VPN එකට අදාල වෙබ් සයිට් එකේන්ම නිතරම බලන එක හොදයි. 
ඔබ භාවිතා කරන VPN එකට අදාල , වෙබ් සයිට් එකේ ලින්ක් එක මේ පහලින් දිල තියේනව. ඒ වෙබ් සයිට් වල පොඩ්ඩක් පහලට වෙන්න L2TP Server කියල Username හා Password තියේනව.

# ඔබ , ඇමරිකන් VPN එක භාවිතා කරා නම් , මේ ලින්ක් එකේන් ගිහින් , L2TP Server එකට අදාලව තියේන Username හා Password බලා ගෙන , අර Sign in Dialog Box එකට දෙන්න. - http://us.hotfreevpn.com/


# ඔබ , එංගලන්තය VPN එක භාවිතා කරා නම් , මේ ලින්ක් එකේන් ගිහින් , L2TP Server එකට අදාලව තියේන Username හා Password බලා ගෙන , අර Sign in Dialog Box එකට දෙන්න. - http://uk.hotfreevpn.com/

Username හා Password ලබා දිල , ඊට පහලින් තියේන OK එක ක්ලික් කරන්න. 

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

දැන් , ඔබ සියල්ලම නිවැරදිවම කරා නම් , ඔබ Connect වුන VPN එකට යටින් Connected කියල පෙන්නාවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම , ඔබ මුලින්ම අන්තර්ජාලය පිවිසේන විටම , අර මුලින් කිව්ව වගේ , ඔබ ඒ VPN එක භාවිතා කරල , කිසිදු ආකාරයක නිතිවිරෝධි ක්‍රියාවක් නොකරන බවට එකග විමට සිදු වෙනවා. එකග වෙන්නේ නැතුව නම් ඔබට ඒ VPN එක භාවිතා කරන්න බැ. ( මේක එන්නත් පුලුවන් , එන්නේ නැති වෙන්නත් පුලුවන්. ඒකේ ප්‍රශ්නයක් නැ. )



එකග විමට I Agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ , ඔයාව කෙළින්ම ඒ VPN එක අයිති රටට අදාල වෙබ් සයිට් එකට යාවි.
ඒක , ගනන් ගන්නේ නැතුව , ඊට පස්සේ , ඔබ සුපුරුදු පරිදි , ඔබේ අන්තර්ජාල වැඩ කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම , අර මුලින් වගේ What Is My IP සයිට් එකට මෙතනින් ගිහින් , ඔබේ IP එක ඇත්තටම ඇමරිකන් හෝ එංගලන්ත එකක් ලෙස වෙනස් වෙල තියේනවද කියලත් බලන්න.
දැන් , ඔබටම තේරේන්න ඇති කලින් , What Is My IP , Site එකේන් පෙන්නුවේ ශ්‍රී ලංකාවේ විස්තර , ඒත් දැන් පෙන්වන්නේ ඔබ භවිතා කරපු VPN එකට අදාල රටේ විස්තර.

තව දේයක් කියන්න ඕන. ඒ තමයි , සමහර වෙලාවට ටික වෙලාවක් යද්දි ඉබේම VPN එක Disconnect වෙනව. එහම වෙන්නේ ඇයි කියන්න නම් , දන්නේ නැ. එහම Disconnect වුනාම , නැවතත් Username හා Password දිලා , Connect කරගන්න වෙනව.

* ඒ වගේම , ඒ VPN එක භාවිතා කිරිම නවතා , නැවත ශ්‍රී ලංකීය අන්තර්ජාලයට පිවිසිමට අවශ්‍ය නම් , මේ පහල කියල තියේන විදියට කරන්න.

1. ) මුලින්ම , Desktop එකේ පහල තියේන Task Bar එකේ , දකුණු පැත්තේ , පොඩි සලකුණකින් අපේ Network Status එක පෙන්වන තැන ක්ලික් කරන්න. මෙතනින් Connected ලෙස පෙන්වන VPN එක ක්ලික් කරන්න. එවිට , ඔබව නැවතත් VPN Page එකට යාවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


2. ) දැන් , මෙම VPN Page එකේන් , ඔබ Connect වි ඇති , එහමත් නැත්නම් අදාල VPN එකට යටින් Connected ලෙස සදහන් වෙල තියේන VPN එක ක්ලික් කරන්න. එවිට , එන Options 2න් Disconnect කියන එක ක්ලික් කරන්න. දැන් , VPN එක Disconnect වෙලයි තියේන්නේ. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* මෙතනින් , එහාට ඔබ ඒ VPN එක භාවිතා කරන්නේ නැ.
අයේත් , ඔබට ඇමරිකන් හෝ එංගලන්ත VPN එකක් භාවිතා කිරිමට අවශ්‍ය නම් , මේ උඩින් කියල තියන විධියටම කරන්න.

* අනිවරේන්ම , මේ පොස්ට් එකේ කියල නැති මුකුත්ම කරන්න නම් එපා.

* ඒ වගේම , ඔබේ පරිගණකය Restart කරන විට හෝ Shutdown කරන විට , මේ VPN , Autoම Disconnect වෙනවා.
ඔබේ පරිගණකය Restart කිරිමට හෝ Shutdown කිරිමට කලින්ම , මේ VPN අනිවාරේන්ම , මේ උඩින් කියල තියේන විධියට , ඔබ විසින්ම Disconnect කරල , ඊට පස්සේ කරන දෙයක් කරන්න.

* ඔබ SLT , WiFi , Dongle හෝ වෙන මොන ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , මේ පොස්ට් එකේ කියල තියේන විධියට VPN එකක් භාවිතා කරලා , ඔබේ IP Address එක ඇමරිකන් හෝ එංගලන්ත එකක් විධියට වෙනස් කරගන්න පුලුවන්.

හරි , මේ විධියට ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ පෙන්වන්නේ තමයි මෙහම තමයි.

ඒ වගේම , මේ පොස්ට් එකේ කියල තියේන දේවල් වලින් මොකක්ම හරි තේරුනේ නැත්නම් , මේ පහල විඩියෝ එක බලන්න.



ඔන්න , දැන් ඉතින් ඒ වැඩෙත් හරි.
ඕන්න , ඔහම තමයි ඇමරිකන් හෝ එංගලන්ත විධියට අන්තර්ජාලයට පිවිසිල , තමන්ගේ වැඩ කරගන්නේ.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

Read More »

සුපිරියට පින්තුර හදන්න.. PhotoShop [ Top Secret Full Collection ]

3 Comments





ඔයාලට වටින කියන Tutorials set එකක් අරන් මම අවේ..මෙක නමින් Photoshop Top Secret..මෙය ඉතාමත් වටිනා Tutorials set එකක් වන අතර ඔයාලා Download කරගෙනම බලලා Comment එකක් දාලා යන්නකෝ... මෙකෙ සයිස් එක නම් පොඩ්ඩක්   වැඩියි..එහෙම උනත් මෙක මාර වටිනා  Tutorial සෙට් එකක්.. Photoshop දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් මෙක මුල ඉදන් බැලුවොත්  සුපිරි දැනුමක්  ලබාගන්න පුලුවන්..මෙකෙ මුල ඉදන් අවසානය දක්වා  Photoshop Tutorials පිලිවෙලට තියනවා..



           වැඩිදුර විස්තර මෙන්න Web Site එකට ගිහින් බලන්න.








#. මෙතනින් Download කරගන්න.



Read More »

ලොව හොදම බ්ලැක් හැට් හැකර්වරු 10දෙනා. [ Top 10 Best Black Hat Hackers. ]

5 Comments
ඔන්න මේ විශ්ව ෆට්ට වැදගත් පොස්ටුවක් අරගෙන අදත් ආවා... අදත් ආව කිව්වට අද නම් ආවේ අවුරුදු ගානකට පස්සේ. සමහරවිට මාව කට්ටියට මතකත් නැතුව ඇති. අපි ඉතින් කාලයක් මේ site එක නවත්වලානේ තිබ්බේ. ඔන්න ඉතින් ආයෙත් අපි මේක පටන් ගත්තා.. ඉස්සර හැමදාම වගේ අනංමනං වැඩ කෑලි කියා දීලා , වෙනසකටත් එක්ක අද මම කට්ටියට කියන්නේ Hackersලා  ගැනයි !! අපි කවුරුත් facebook , gmail වගේ ඒවා hack කරන්න try කරනවනේ... අපි ඉතින් ඔය මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් හරි , වෙන කාගේ හරි පිහිටකින් වගේ තමයි hack කලොත් hack කරන්නේ... ඒකට ඉතින් ඇත්තටම hack කියන්නත් බෑ.. අපි නොදන්නවා උනාට ලංකාවෙත් සුපිරි hackersලා ඉන්නවා. ඒ වුනාට , ලෝකයේ වෙනත් රටවල නම් ගොඩක් හැකර්ලා ඉන්නවා... ඇත්තම කියනවා නම් හැකර්ලා වර්ග 3ක් ඉන්නවා... ඒ White Hat Hackers, Black Hat Hackers සහ Grey Hat Hackers.



Black Hat Hackers කියන්නේ සරලව කිව්වොත් නරකම hackersලා... ටිකක් සංකිර්ණව කිව්වොත්, Black Hat Hacker කෙනෙක් කියන්නේ, අන්තර්ජාල ආරක්ෂක විධිවිධාන මගහරින හෝ ඒවා කඩකරන , ඉතාමත් පුළුල් පරිගණක දැනුමක් තියෙන තනි පුද්ගලයෙකුට... ඒ වගේම එයාලව crackers හෝ dark-side hackers කියලත් හදුන්වනවා.. මොකද, hacker කෙනෙක් කරන්නේ යම් දෙයක් හදන එක සහ cracker කෙනෙක් කරන්නේ ඒ දේවල් කඩන එකයි..

 ඉතින් මම අද මේ පොස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ , අන්න ඒ වගේ වැඩ කරන Black Hat Hackers ගැන ඔයාලට කියාදෙන්නයි !! මම අද ඔයාලට , ලෝකයේ මේ වෙනකොට ඉන්න හොදම Black Hat Hackers 10 දෙනා ගැන තමයි කියන්නේ....

 ( 01 ) Jonathan James



 මොහු ගැන කියනවා නම් ඉතින් සුප්පා වැඩ්ඩේක්.. මොහු අවුරුදු 16දී අන්තරජාල අපරාධ හේතුවෙන් සිරගත කරනු ලබනවා.. ඒ අන්තරජාල අපරාධ හේතුවෙන් සිරගත කරනු ලැබූ පළමු බාලකයා වශයෙනි. කොහොමද... දැන් තේරෙනවනේ කොල්ලගේ වැඩ.. මොහු මොහුගේ මෙවැනි අපකීර්තිමත් වැඩ පටන් ගන්නේ, විවිධ පද්ධතීන් වලට අනවසරෙන් ඇතුළු වීමෙනි. මොහු රහසිගත PBS සම්මුඛ සාකච්චාවකදී මෙසේ කියා තිබේ, " I was just looking around, playing around. What was fun for me was a challenge to see what I could pull off. " තවද, මොහුගේ ප්‍රධානම ඉලක්කයන් වූයේ ඉතාමත් ප්‍රබල ගනයේ සංවිධානයයි.. ඒ කිව්වේ, NASA එක, ආරක්ෂක දෙපාර්තමේන්තුව වගේ ඒවා..  ඔහු NASA එකේ පරිගණක crack කරලා  $1.7 million පමණ මෘදුකාංග සොරාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු Defense Threat Reduction Agencyය hack කොට එහි සේවය කරන සේවකයන්ගේ බොහෝ usernames සහ  passwords සොරාගනිමින් 3,000 කට අධික රහසිගත පණිවිඩ හොරෙන් බලා ඇත.. තව කියනවා නම්, මොහු වයස 25දි, එනම් 2008 මැයි 28 වෙනිදා තුවක්කුවකින් සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. ඊට හේතුව ලෙස ඔහු සදහන් කර තිබුනේ, ඔහු නොකළ වැරදි වලට ඔහුව හසු කර ඇත යන්නයි..

 ( 02 ) Gary McKinnon


 වර්ෂ 2002 දී US හමුදා පරිගණක තිර මත අමුතු අපවාදාත්මක පණිවිඩයක් තිබුණි.. ඒ ,  “Your security system is crap, I am Solo. I will continue to disrupt at the highest levels.” ලෙසයි. පසු කාලයේදී මෙය සිදුකලේ ස්කොට් ජාතික system administrator වරෙයෙක් වන Gary McKinnon බව හදුනාගනී. ඒ වගේම මොහු, මෙතෙක් සිදුවූ විශාලතම යුධ හමුදාමය පරිගණක hack කිරීමට වරකරු වූ අයෙකි. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවේ සහ NASA පරිගණක 97ක්, මාස 13ක් කාලයක් ඇතුළතදී " සොලෝ " නම් නම භාවිතා කරමින් hack කිරීම සම්බන්දයෙන්ද වරකරු වී ඇත.

 ( 03 ) Adrian Lamo


  මොහු තම hacking කටයුතු සදහා  coffee shops, libraries සහ internet cafes යොදාගනී. මොහුද ඉතාමත් ප්‍රබල පරිගණක ජාල බිද හෙලීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ අයෙකි. එනම් The New York Times, Microsoft, Yahoo!, සහ MCI WorldCom වැනි ඒවාය.. ඒ වගේම මොහුට අණ කරනු ලැබුවා $65,000 ක් ගෙවන ලෙසට ඔහු The New York Times වෙනුවෙන් සිදුකල අලාභ වලට සහ ප්‍රකාශ  කරලා තියෙනවා මාස 6 ක් ඔහුගේ දෙමව්පියන්ගේ නිවාස අඩස්සියේ තැබීමටත්.. තවද, ඔහු 2010 ජුනි මාසයේදී , 2007 ජුලි 12 සිදු වූ  Baghdad airstrike සම්බන්ධයෙන් Wikileaks වලට නිදහස් වූ video එකක මුලාශ්‍රය වූ  Bradley Manningගේ නම , U.S. හමුදා බලධාරීන් හට අනාවරණය කරන ලදි. එමෙන්ම මේ වනවිට ඔහු, ලාභ අරමුණු නොකරගත් Sacramento නම් සංවිධානයට තම සේවය සපයයි.

 ( 04 ) George Hotz


 George Francis Hotz යනු  iPhone unlock කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඇමරිකානු hacker කෙනෙකි. අපි ගොඩක් අය iPhone වල carrier  unlock කරගන්න කඩවල් වලට යනවනේ. ඉතින් මෙන්න මේ carrier  unlock එක මුලින්ම හොයාගත්තේ මොහු 2007දි. ඒ වගේම මොහු ඔහුගේ බ්ලොග් අඩවියේ සදහන් කරලා තියෙනවා, ඔහු විසින් unlock කළ දෙවන 8 GB iPhone එක, Certicell හි නිර්මාතෘ Terry Daidone විකුණා ඇති බව. ඒ Nissan 350Z රථයකට සහ තවත් 8 GB iPhones තුනකට.. දැන් පේනවනේ මේ unlock කරපු 8 GB iPhone එකේ වටිනාකම කොච්චර වෙන්න ඇත්ද කියල ඒ දවස් වල.. ඒ වගේම  මොහු   Sony PlayStation 3, jailbreak කළ ප්‍රථම  hackersලාගෙන් කෙනෙක්ද වෙනවා..

 ( 05 ) Kevin Mitnick


  මොහු මොහු විසින්ම hacker poster boy ලෙස හදුන්වනු ලබනවා. ඒ වගේම The Department of Justice ප්‍රකාශ කරලා තියෙනවා මොහුව ,  “the most wanted computer criminal in United States history.” ලෙස.. ඔහුගේ දක්ෂතාවයන්  Freedom Downtime සහ Takedown යන චිත්‍රපට වලද විස්තර කර ඇත. මොහු ඔහුගේ ප්‍රථම අනවසර පරිගණක ඇතුළුවීම සිදුකරනුයේ 1979දි. එනම් ඔහුට වයස 16දිය.. එනම්  Digital Equipment Corporation (DEC) හි පරිගණක පද්ධතියට ඇතුළු වී එහි මෘදුකාංග සොරාගැනීමයි. ඒ වගේම මොහු ජංගම දුරකථන ක්ලෝනීකරණය කරමින් ඔහු සිටින ස්ථානය සගවන ලදි.

 ( 06 ) Michael Calce


  මොහු MafiaBoy ලෙස හදුන්වයි. මොහු ඉතාමත් විශාල වානිජමය වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ල කරනලදී. එනම්, Yahoo!, Amazon.com, Dell, eBay, and CNN වැනි ඒවාය.. ඔහු Yahoo! search engine එක hack කිරීම මගින් පැය භාගයකට ආසන්න කාලයක් එය වසා දැමීමට සිදු විය. මොහු මීට අමතර නොයෙකුත් වෙබ් අඩවි hack කරන ලද්දේ ඔහුගේ අභිමානය පෙන්වීමටත් , ඔහුගේ ආධිපත්‍ය පැතිරිමටත්ය...

 ( 07 ) Robert Tappan Morris


  මොහු ඇමරිකාවේ පරිගණක විද්‍යාඥයා වන අතර මොහු ප්‍රසිද්ධ වූයේ 1988 දී පැතිරුණු  Morris Worm එක සෑදීම සම්බන්ධයෙන්ය.. මෙය අන්තර්ජාලයේ තිබූ ප්‍රථම computer worm එක ලෙස සලකනු ලබනවා. මොහු මෙම worm එක සාදනු ලැබුවේ ඔහු  Cornell University එකෙහි උපාධියක් හදාරමින් සිටින විටදීය.. විශේෂත්වය නම් මොහු මෙම worm එක සාදන බව මාස ගණනකට පෙර සිටම අනිත් අයට කියන ලදි. ඔහු මෙය කිසිදු හානියක් කිරීමේ අරමුණින් නොසැදුවත්, එක අන්තර්ජාලයට එක් වීමෙන් පසු $15 million වටිනාකමක පාඩුවක් සිදුකර ඇත. මේ නිසාම  Computer Fraud සහ Abuse Act යන පනත් යටත් වරදකරු වූ පළමු පුද්ගලයාද වේ..

 ( 08 ) Kevin Poulsen


 Dark Dante යන නමින් හදුන්වන මොහු 80 දශකයේ black hat hacker කෙනෙකි. මොහුගේ විශේෂත්වය නම්, මොහුගේ සියලුම hacking සිදු වූයේ දුරකථන වටාය... මොහු වඩාත්ම ප්‍රසිද්ධ වුයේ  LA radio’s KIIS-FM phone lines hack කිරීමෙනි. කෙසේ හෝ පසුව මොහුව මේ වැරදි වලට හසු කරගනී. එවිට ඔහුට, එතෙක් hack කිරීමක් සම්බන්ධයෙන් ලබා දුන් දීර්ඝම දඩුවම ලෙස සලකන අවුරුදු 5ක සිරදඩුවමක් ලබා දුනි. පසුව මොහු Wired News හි journalist කෙනෙක් ලෙසද , මේ වන විට එහි senior editor කෙනෙක් ලෙසද සේවය කරයි.
 

 ( 09 ) Albert Gonzalez

 
 මොහු පරිගණක hacker කෙනක් මෙන්ම පරිගණක අපරාධකරුවෙකි.  වර්ෂ 2005 සිට 2007 දක්වා කාලවකවානුවේදී credit card සහ ATM numbers මිලියන 170කට අධික ප්‍රමාණයක් සොරාගැනීම් සහ නැවත විකිණීම් සම්බන්ධයෙන් මොහු වරදකරුවෙකි. එය එතෙක් ඉතිහාසයේ සිදුවූ විශාලම අපරාධය ලෙස සැලකේ. ඔහු මෙහිදී SQL injection තාක්ෂනය යොදාගනිමින් මැල්වෙයා නිර්මාණය කර, ඒවා අධාරයෙන් අභ්‍යන්තර ඒකාබද්ධ ජාල වලින් පරිගණක දත්ත සොරාගෙන ඇත. මොහු අත්අඩංගුවට පත්වනවිට මොහු ලග තිබී $1.6 million මුදල් සහ ඉන්  $1.1 million මුදලක් ප්ලාස්ටික් කවර වල දමා තම දෙමව්පියන්ගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී හමු වී ඇත.

 ( 10 ) Vladimir Levin


 මොහු රුසියානු ජාතිකයෙක් වන අතර US$10.7 million ක මුදලක්  Citibank හි පරිගණක මගින් transfer කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. මොහු ඉතාමත් කෙටි කාලීන hacker කෙනෙකි. මොහු ඉතාමත් ඉක්මනින් හසු කරගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවිය.

 ඔන්න එහෙනම් Black Hat Hackers 10 දෙනා ගැන කිව්වා... ඉතින් මොකද හිතෙන්නේ දැන් කට්ටියට?? ෆට්ට වැඩ්ඩො නේද..  හරි හරි එහෙනම් කට්ටියට හිතෙන දේ පහලින් comment පාරක් දාගෙනම යන්නකෝ.. එහෙනම් මාත් කැපෙනවා.. තවත් දවසක ආයෙත් හමුවෙමු මේ වගේ අලුත් දෙයක් එක්ක.. !!




Read More »

ඕනෑම පොස්ටුවක් තත්පර 2කින් හැම Facebook Group එකකම Share කරමු !! [ How To Share Any Post To All Facebook Groups At Once. ]

2 Comments
හායි හායි ඉතින් කොහොමද යාලුවනේ..? ඔන්න ආයෙත් මං ගොඩ කාලෙකට පස්සේ පොස්ටුවක් අරන් ආවා... අද නම් ගෙනාවේ ෆට්ට පොස්ටුවක්..! මට හොදටම විශ්වාසයි මේ පොස්ටුව නම් ගොඩාක් අයට වැදගත් එකක් වෙයි කියලා..



මොකද ඉතින්, Facebook එකේ තමන් ඉන්න  group හැම එකකම තමන්ගේ පොස්ටුවක් තප්පර 2, 3කින් share කරගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක්ද නේ..? ඔය web site කරන කට්ටියට තමන්ගේ post share කරන්න, තව e-money එහෙම කරන අයගේ referral link එහෙම share කරන්න වගේ ගොඩක් දේවල් වලට මේ පොස්ට් එක අනිවා අත්‍යාවශ්‍ය පොස්ටුවක් වන බව මට නොඅනුමානයි!!

මෙහෙමයි, තමන් ඉන්න  group හැම එකකම තමන්ගේ පොස්ටුවක් තප්පර 2, 3කින් share කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා..

එකක් තමයි, මේ ඕන කෙනෙක් දන්න script එහෙම නැත්තම් අපි අර codes කියල කිව්වේ.. දැන් ටික කාලෙකට කලින් මේ codes, Facebook එකේ ගොඩක් ජනප්‍රිය වුනා.. කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් අන්තිමේදී Facebook එකෙන්ම, අපි F12 press කරලා Console එකේ code paste කරනකොට ඒවා scam විදියට පේන්න සැලැස්සුව... ඇත්තම කියනවා නම්, Facebook එකෙන් කරපු ඒ වැඩේට මාත් එකඟයි..මොකද කියනවනම්, මේ code එක ලියන අය, තම අයුතු ප්‍රයෝජනද මේ හරහා ඉටු කරගත් බැවිනි. ඔයාලත් ඒ විදියේ code එකක් use කරලා activity log එකට ගිහින් බැලුව නම් ඔයාලටත් තේරේවි.. ගොඩක් වෙලාවට අපි, මේ code හදපු කෙනාගේ photo වලට එහෙමත් like කරලා අපි දන්නෙවත් නැතුව.. ඉතින් ඒ වගේ code use කරන එක ගොඩක් භයානක වැඩක්!
ඒ නිසා තමයි මං මේ, අලුත් ක්‍රමයක් ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ..

අපි අපේ පොස්ටුවක්, Facebook එකේ හැම group එකකම share කිරීමට මෙහිදී භාවිතා කරන්නේ අපේ Facebook login email එක.. මේ ක්‍රමය Facebook එකේ අවසරය ඇති දෙයක්.. හැබැයි ඉතින් ඕනෑම දෙයක් ඕනවට වඩා එපා කියනවනේ.. ඒ වගේ මේ ක්‍රමයත් ඔයාල ඕනවට වඩා පාවිච්චි කරන්න ගියොත් block වෙයි හොදද... අනිත් කාරණය තමයි, මේ ක්‍රමයට photos එහෙම share කරන්න බෑ.. type කරපු පොස්ට් එකක් සහ link පමණයි මේ ක්‍රමෙන් share වෙන්නේ!

හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු! මේ වැඩේ පටන් ගන්න කලින් මේකත් කියන්න ඕනි, අපි මේ වැඩේ කරන්න කලින් මම මේ පහළ කියල තියෙන දේවල් ඔක්කොම කරන්න ඕනි.. හැබැයි ඒ හැමදේම එක පාරක් විතරයි කරන්න ඕනි.. මොකද මේ කියල තියෙන ටික කරන්න පැය භාගයක් වත් ඔයාලට යයි! ඊට පස්සේ, ඔයාලට ඕන තරම වාර ගානක් Facebook එකේ post share කරන්න පුළුවන් තප්පර 2 , 3කින්..

මේකෙදි අපි යොදාගන්න දේවල් තමයි : chrome browser, notepad++ , ඔයාගේ Facebook login email එක සහ chrome extension එකක්.

මුලින්ම ඔයාල chrome browser එකට මම මේ දෙන extension එක install කරගන්න! chrome නැතුව UC browser වුනත් අව්ලක් නෑ.. Firefox වලට නම් මේ extension එක එනවද කියල කියන්න නම් දන්නේ නෑ.. මේ extension එක ඇවිල්ලා Link Klipper.. මේකෙන් කරන්නේ, යම්කිසි page එකක් තියෙන සියලුම link ක්ෂණිකව copy කරගැනීමයි.
එහෙනම් මෙන්න install කරගන්නකො.. CLICK HERE




ඕක install කරගත්තම ඔය උඩ පින්තූරේ වගේ icon එකක් ඇවිත් තියේවි browser එකේ..
දැන්, ඔයාලා ඉන්න group ටික බලාගන්න ඕනි.. ඒකට fb log වෙලා, මේ link එකෙන් එන්න.. CLICK HERE
ඔය link එකට ගියාම මේ වගේ page එකකට ඔයාලා ඒවි..



දැන් ඔතන ඔය Your Groups කියල තියෙන්නේ, දැනට ඔයා join වෙලා ඉන්න group ටික. හරි එහෙනම් දැන් හැමෝම, ඔය page එකේ පහළට පහළට scroll කරගෙන යන්නකෝ... ඔය page එකේ පහළට ගිහින් page එක ඉවර වෙන තැනක් ඒවි..එතකම්ම පහළට යන්න.. දැන් අර Link Klipper කියන extension එක click කරලා, Options වලට යන්න..එතකොට අලුත් tab එකක් open වෙයි.
ඕකේ,
Export the file as (Extension) කියන තැන TXT කියලා දෙන්න..
Regex කියන තැන https://www.facebook.com/groups කියලා දෙන්න..
Multiple Extensions කියන තැන මොකුත් නැතුව හිස්ව තියලා Save කරලා ඒ tab එක close කරන්න...

ඊට පස්සේ ආයෙත් Link Klipper කියන extension එක click කරලා, Extract All Links කියන එක click කරන්න...එතකොට ඔන්න text file එකක් download වේවි..ඒ file එක open කලාම නිකං මේ වගේ ඇත්තේ..



ඔන්න දැන් තමයි අපි මේකේ වැදගත් ටික පටන් ගන්නේ.. මේකට අපිට notepad++ ඕනි වෙනවා.. කෙටියෙන්ම කිව්වොත්, notepad++  කියන්නේ notepad එක වගේම හැබැයි ඊට වඩා ගොඩක් advance text editor එකක් කියල කියන්න පුළුවන්. මේක මෙතනින් download කරගන්න.. CLICK HERE

දැන් එහෙනම් අපි අර download කරගත්ත text file එක notepad++ එකෙන් open කරගන්න.. ඕකේ සමහරවිට මෙන්න මේ පින්තූරේ තියෙන link වගේ ඒවත් ඇති..



අපිට ඒ link වැඩක් නෑ.. ඒ නිසා ඒවා select කරලා delete කරලා දාන්න.. මේ වගේ අනවශ්‍ය link ඔයාගේ text file එකේ තියෙනවා නම් ඒවා අනිවා තියෙන්නේ, text file එකේ උඩම හෝ යටම..ඒ නිසා text file එකේ උඩම සහ යටම පොඩ්ඩක් check කරලා බලලා  අනවශ්‍ය link select කරලා delete කරලා දාන්න..  මෙන්න මේ වගේ අනවශ්‍ය ලින්ක් delete කරන්න..
https://www.facebook.com/groups/?category=membership&ref=bookmark_header#newsFeedHeading
https://www.facebook.com/groups/?category=membership&ref=bookmark_header#
https://www.facebook.com/groups/546554668833380/562126460609534/?ref=notif&notif_t=group_activity
https://www.facebook.com/groups/?category=top
https://www.facebook.com/groups/?category=friends
https://www.facebook.com/groups/?category=local
https://www.facebook.com/groups/?category=invited

අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ තියෙන link විතරයි..
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/?ref=browser
https://www.facebook.com/groups/920871764597865/
https://www.facebook.com/groups/920871764597865/?ref=browser

ඇත්තම කිව්වොත් මගේ මේ වගේ lines 783 තියෙනවා..ඒක notepad++ එකේ යටම තියෙන bar එකේ පෙන්නනවා.. දැන් ඔය links ටික දිහා පොඩ්ඩක් බලන්න.. එක වගේ ලින්ක් තියෙනවා නේද? මෙන්න මේ වගේ,
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/?ref=browser

මේ ලින්ක් 2ම එකයි..ඉතින් ඔයාලගෙත් මේ වගේ ඇති..දැන් අපි අන්න ඒ duplicate ලින්ක් එක delete කරන්න ඕනි.. ඒක කරන්නේ මෙහෙමයි.. notepad++ එකේ මෙහෙම icon එකක් ඇති..ඒක click කරන්න..



දැන් අලුතින් ආපු window එකේ Mark කියන tab එක click කරලා , Find what : කියන තැනට ?ref=browser කියලා දෙන්න. ඊට ටිකක් පහලින් තියෙන Bookmark line කියන එකට tik එකක් දාලා Mark All කියන එක click කරන්න..



ඊළගට එන popup window එක OK කරන්න.. දැන් බලන්න ඔයාලගේ text file එක මේ වගේ නිල් පාට රවුම් එක්ක ඇති..



දැන් උඩ තියෙන menu bar එකේ Search කියන එකට ගිහින්, Bookmark වලින් Remove bookmarked lines කියන එක click කරන්න..දැන් අර  නිල් පාට රවුම් තිබුණු lines ඔක්කොම remove වෙලා ඇත්තේ..දැන් බලන්න මුළු file එකේම lines කීයක් තියේද කියලා.. මගේ 392ක් තියෙනවා මේ වෙනකොට..ඒ කියන්නේ මම දැනට Facebook එකේ group 392කට join වෙලයි ඉන්නේ.. ඔයාලත් ඒ විදියට බලාගන්න ඔයාල join වෙලා ඉන්න group ගාන..

මං අර කලින් කිව්වේ notepad++ එකේ icon එකක් click කරන්න කියලා..හරි දැන් එහෙනම් ආයෙත් ඒක click කරලා Replace කියන tab එකට ගිහින්, එකේ Find what : කියන තැනට https://www.facebook.com/groups/ කියලා දෙන්න. Replace with: කියන එක හිස්ව තියලා Replace All කියන එක click කරන්න..

දැන් ඊට පස්සේ ආයෙත් අර icon එකම click කරලා Replace කියන tab එකට ගිහින්, එකේ Find what : කියන තැනට  /  කියලා දෙන්න. Replace with: කියන තැනට @groups.facebook.com, කියල දීලා, Replace All කියන එක click කරන්න..

දැන් ඔය file එකේ යටටම ගිහින් අන්තිමට තියෙන ******@groups.facebook.com, කියන එකේ  ,  එක ඉවත් කරලා ඕක text file එකක් විදියට save කරගන්න.. දැන් ඔය notepad++  ඒකත් close කරලා දාන්න. ඔන්න අමාරුම වැඩ කොටස ඉවරයි.. 90%ක් complete !!

ඊළඟට, ඔයාලා ඔයාලගේ Facebook log වෙන email එකට යන්න..ඒක gmail, yahoo mail වගේ මොකක් උනත් කමක් නෑ..හැබැයි ඔයා Facebook log වෙන email එක වෙන්න ඕනි හොදේ.. email එකට ගිහින් sign in වෙලා, Compose හෝ Compose mail කියන එකට යන්න..ඒ කිව්වේ දැන් අපි ඔන්න mail එකක් යවන්නයි හදන්නේ... ඊට පස්සේ ඕකේ දැන් තියෙනවනේ To: , CC: , BCC: කියලා වගේ ඒවා..
ඒවායින් BCC: කියන එකේ ඔයා අර save කරපු file එකේ තියෙන ඔක්කොම ටික copy paste පාරක් දාන්න..
ඒ කිව්වේ, අර text file එක open කරලා Ctrl+a  press කරලා, Ctrl+c  press කරලා BCC කියන එකේ හිස් කොටුව ඇතුලේ cursor එක තියලා Ctrl+v  press කරන්න..එතකොට අර save කරපු file එකේ තියෙන ඔක්කොම ටික ඔතනට paste වේවි.. Subject කියන තැනට මොකුත් type කරන්න අවශ්‍ය නෑ.. දැන් ඉතින් සාමාන්‍ය විදියට ඔයාට group වල share කෙරෙන්න ඕන post එක, ඔය mail එකේ body එකේ type කරන්න..
ඊට පස්සේ Send කියන එක click කරපු ගමන් Facebook එකේ ඔයා join වෙලා ඉන්න හැම group එකකම ඒ පොස්ටුව share වේවි තප්පර කිහිපයකින්...

අවවාදයයි : ඔබ මං වගේ group 300 ගානක් වගේ හෝ ඊටත් වැඩි ප්‍රමාණයකට join වී ඇත්නම්, එකවර ඒ group 300ම පොස්ටුව share නොකර, ඉන් අඩකට පමණ share කර පසුව නැවත ඉතිරි ටික මද වෙලාවකින් share කරන්න.. තවද, ඔබ group 100 ක් හෝ ඊටත් අඩුවෙන් හෝ ඊටත් වැඩියෙන්  ප්‍රමාණයකට join වී ඇත්නම්, දිනකට දෙතුන් සැරයකට වඩා මෙම ක්‍රමය භාවිතයෙන් වළකින්න! මොකද නැත්තම් block වේවි..ඇත්තම කියනවා නම් group 70කට වඩා, එක දවසකදී පොස්ට් share කරන්න එපා.. මම මේ මොහොත වෙනකොටත් block වෙලයි ඉන්නේ !!

ඔන්න ඔහොමයි group වල පොස්ට් share කරන්නේ..දැන් අපි හිතමු ඔයාට හෙටත් පොස්ටුවක් group වල share කරන්න ඕනි කියල, එහෙනම් ඔය මං අර කියපු විදියට mail එකට ගිහින් BCC වල අර ඔක්කොම paste කරලා , අවශ්‍ය පොස්ටුව type කරලා Send කරන්න විතරයි තියෙන්නේ...අපි අර මුලින්ම කරපු අනිත් කිසිම දෙයක් නැවත කිරීමට අවශ්‍ය නැත..!!

ඔන්න එහෙනම් , කවුරුවත් රහසක් විදියට තියාගෙන හිටපු තප්පර 2, 3කින් Group වලට post share කිරිල්ල , මං ඔන්න හෙළි කළා..

අන්තිම වශයෙන් තව දෙයක් කියන්න ඕනි.. ඒ තමයි, මේ extension එකක් දාගෙන notepad++   use කරලා group හැම එකකම link copy කරගෙන, ඒවායේ duplicate link අයින් කරලා, ඒ හැම group එකකම Group Id එකට පිටිපස්සෙන් @groups.facebook.com, කියලා දාන එක වගේ දේවල් හැම එකක්ම කරන විදිය, මේ තරම් ලේසියට මමම තමයි හොයාගත්තෙ.. නැත්තම් නිකං හිතල බලන්න group 300කට 400කට විතර මේ වැඩේ එකින් එක කරන්න ගියොත් කොච්චර වෙලාවක් යයිද කියලා.. ඒකයි මේ වගේ ක්‍රමයක් මං ඔයාලට ඉදිරිපත් කලේ.. මේ වෙනතුරු මේ දැන් කියපු ටික කරන්න, පහසු ක්‍රමයක් මේ ලෝකේ කිසිම වෙබ් අඩවියක තිබුනේ නෑ.. ඉතින් ඊට වඩා ලේසි ක්‍රමයකින් අපි ඒ කරපු දේවල් ටික කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් හෝ අදහසක් ඔයාලා ළඟ තියෙනවා නම්, මාව අනිවා ඒ පිළිබඳව දැනුවත් කරන්න!

දැන් ඉතින් මෙච්චර දෙයක් කියා දීලත් දැක්කේ නෑ වගේ තමන්ගේ අදහස් comment නොකර යන්න තරම කුහක නොවී, තම අදහස් comment කරලා යන්න.. මොකක් හරි අවුලක් තියේ නම් ඒත් comment කරන්න.. නැත්තම් ඉතින් direct facebook එකෙන් මං contact කරගන්න!
හරි එහෙනම් ඔන්න මං ගියා... කස්ටියටම බුදුසරණයි !! ආයෙත් නොබෝ දිනකින් හමුවීමේ බලාපොරොත්තුව ඇතුව, මම තාවකාලිකව සමුගනිමි!!




Read More »

IDM Download Speed එක දෙගුණයකින් වැඩි කරගමු !! [ How To Double IDM Download Speed. ]

1 Comments
ඔන්න ෆට්ට කාලෙකට පස්සේ මමත් බ්ලොග් එක පැත්තේ ආවා... Internet Download Manager (IDM) එක ගැන දැන් ඕන පොඩි එකෙක් දන්නවනේ.. ඉතින් මං අද මේ කියන්න යන්නේ IDM එකේ download speed එක දෙගුණයකින් වැඩි කරගන්න ආකාරයයි!
මෙහෙමයි, IDM අලුත්ම version එක තවම දාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් full activated latest IDM එක install කරගන්නකො...



වැඩි කතාබහ නැතුව මම කෙලින්ම පොස්ට් එක ගැන කතා කරන්නම්..මොකද මටත් මේ දවස් වල වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ...

IDM එකේ speed එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.. එකක් තමයි IDM Optimizer එක.. මේකෙන් IDM speed එක වැඩි කරගන්න විදිය, මම කලින් පොස්ට් එකකින් කියලා දුන්නා... එතකොට මේ අද කියන්න හදන්නේ වෙන ක්‍රමයකට වෙනත් කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර IDM Speed එක වැඩි කරගන්න විදියයි..!!

හරි මුලින්ම එහෙනම් ඔයාලගේ Internet Download Manager (IDM) එක open කරගෙන, එකේ තියෙන Downloads කියන tab එක click කරලා, Speed Limiter කියන එක click කරන්නකෝ.. අනිවා එතන ඇත්තේ, Speed Limiter කියන එක Turn off වෙලා... ඉතින් දැන් ඔයාල ඒ Speed Limiter කියන එක Turn on කරන්න.



ඊට පස්සේ, ඔය Speed Limiter කියන එකේ තියෙන Settings කියන එකට යන්න. එතකොට පොඩි pop-up box එකක් open වේවි.. එකේ Maximun download speed for one file 100 Kbytes/sec කියලා ඇති...



ඔන්න ඔය 100 කියන එක 1000 කියලා type කරලා, ඊට පල්ලෙහා තියෙන box එකටත් ටික් එකක් දාලා OK කරන්න... දැන් මෙහෙමයි, ඔයාට සාමාන්‍යයෙන් තියෙන download speed එක 500Kbytes/sec වගේ නම් ඔතන 1000 කියල හෝ ඊට වැඩියෙන් දාල OK කරන්න.. 1000Kbytes/sec කිව්වේ 1MB කියන එකයි.. ඔයාට සාමාන්‍යයෙන් තියෙන download speed එක 2 or 3Mbytes/sec වගේ නම් ඔතන 4000 කියල හෝ ඊට වැඩියෙන් දාල OK කරන්න.. 4000Kbytes/sec කිව්වේ 4MB කියන එකයි.. ඒ වගේ, තමන්ගේ download speed එකට අදාලව ඕක වෙනස් කරගන්න හොදේ...

එහෙනම් දැන් ඔන්න ඒකත් හරි... ඊළඟට ආයෙත් IDM එකේ Downloads කියන tab එක click කරලා එකේ option වලට යන්න.. දැන් පොඩි pop-up box එකක් open වේවි.. ඒකෙ Connection කියන tab එකට යන්න. දැන් ඕකේ Connection Type/Speed කියන තැනට ඔයාගේ Internet Connection එක අනුව Low Speed ද, Medium speed ද, High speed ද කියලා තෝරලා OK කරන්න...



ඔන්න වැඩේ හරි... දැන් ඉතින් මොකක් හරි file එකක් download කරලා බලන්නකෝ , කලින් වගේමද නැත්තම් ඇත්තටම IDM එක speed වෙලාද කියලා... මේ trick එක windows 7 සහ 8 වල එළකිරි වගේ වැඩ කරනවා..10 වල නම් කොහොමද කියලා දන්නේ නෑ.. එහෙනම් ඔන්න try කරලා බලන්න හොදේ.... !!

මේ වගේ තවත් පෝස්ටුවකින් නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතුව, මම එහෙනම් තාවකාලිකව සමුගනිමි..!!



Read More »

Tweet Now !!