සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න. [ How To Save Or Recover Mobile Phone Or Mobile Smart Phone After Fallen To Water. ]


අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.

කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??

අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.

මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.

2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.

3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.





4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න. 
එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. ) 
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]



5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා. 
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා. 
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. ) 
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.


8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.

සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.

සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.


#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.
Ref_banner 928x90

28 Comments:

Softwares මොකුත් නැතුව , Notepad එකෙන් Folders Lock කරමු...!! [ How To Lock Folders Without Using Any Softwares. ]

කලින් පෝස්ටුව දාලා වැඩි දවසක් යන්නත් කලින්, තවත් අලුත් වැඩක් අරගෙන ඔන්න මම ආවා....අද ගෙනාපු trick එක ඕන කෙනෙක්ට වැදගත් වෙන විදියේ එකක්...මොකද කියනවා නම් , හැම කෙනාටම වගේ පුද්ගලික දේවල් තියෙනවනේ....මෙතන පුද්ගලික දේවල් කියලා මම අදහස් කළේ, තමන්ගේ වැදගත්
පුද්ගලික files, videos, data වගේ දේවල්....මේ වගේ දේවල්, අපි සාමාන්‍යයෙන් හංගලා තමයි තියෙන්නේ.... සමහර අය නම් hidden කරනවා..... කස්ටියට මතක ඇතිනේ, මම දවසක් පින්තුරයක් ඇතුලේ ඕනෑම file එකක් හංගන විදිය කියලා දුන්නා.... ඒ විදියටත් පුළුවන් ඕනම දෙයක් හංගලා තියාගන්න. තවත් සමහරක් අය, මොකක් හරි මෘදුකාංගයක් භාවිතා කරලා, පුද්ගලික දේවල් අනිත් අයට ගන්න බැරි වෙන්නේ lock කරනවා....



ඉතින් අද මම කියන්න හදන්නෙත්, අන්න ඒ වගේ අපේම දේවල් කාටවත් ගන්න බැරි වෙන විදියට folder lock කරන හැටි.....මේකේ තියෙන විශේෂත්වය නම්, කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර තමයි, අපි මේක කරන්නේ.... හරි එහෙනම් බලමුකෝ මේක කරන විදිය......
හරි මුලින් ම ඔයාලා, මම මේ දෙන code එක සම්පුර්ණයෙන් ම copy කරගන්න....කිසිම අකුරක් මගහරින්න එපා....ඒ වගේම මේ code එක වෙනස් කරන්නත් එපා හොදද.....මෙන්න code එක...මේක copy කරගන්නකො.....


cls
:End
@ECHO OFF
title Folder Locker by AllSevenNet.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo ...::: V-shwa PraBhaThiya :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Are You Sure , You Want to Lock the Folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Enter Password to Unlock the Folder...
set/p "pass=>"
if NOT %pass%==SevenNet goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End


දැන් notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )


if NOT %pass%==SevenNet goto FAIL

දැන් ඔය පේලියේ ඇති SevenNet කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....


if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි lock කරන folder එකේ password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා password එකක් දුන්නට පස්සේ, ඔය notepad එකේ තියෙන code එක save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් window එකක් open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ save කරගන්න code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....



දැන් ඔය locker.bat කියන එක open කරන්නකෝ...open කළාම මෙන්න මේ වගේ...



කස්ටියට පේනවද මෙහෙම එකක් තියෙනවා... Enter Password to Unlock the Folder... අන්න ඔතන අර ඔයාලා කලින් දීපු password එක type කරලා Enter කරන්න. මම කලින් type කලේ 12345 නිසා, මම ඒක type කරලා Enter කරනවා...



ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර
locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)
ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......

ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ...මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක, ඕනෑම කෙනෙක්ගේ දුර්වලතාවයක් තියෙනවා.... මේකෙත් ඒ වගේ දුර්වලතා ගොඩක් තියෙනවා....අපි ඒ දුර්වලතා පුළුවන් තරම් දැන් අඩු කරගන්න බලමු....ඊට කලින් දුර්වලතා ටික මොනවද කියල ඔයාලා දැනගන්න ඕනනේ....ඔන්න එහෙනම් අහගන්නකෝ....

ඔයාල මේ විදියට folder එක lock කරලා තියෙනකොට, password එක දන්නේ නැතුව ඕක open කරන්න බෑනේ..... නෑ පුළුවන්....අන්න ඒක තමයි මේකේ තියෙන එක දුර්වල කමක්.... ඒ කොහොමද දන්නවද? මෙහෙමයි....
locker.bat කියන එක උඩ right click කරලා Edit කියන එකට යන්නකෝ....අන්න දැක්ක නේද?? අපි අර කලින් notepad එකට දාගෙන හිටපු code එක නේද මේ open වුනේ....දැන් ඉතින් ඔය code එකේ තියෙන if NOT %pass%==SevenNet goto FAIL කියන පේලියේ SevenNet කියන වචනෙට කැමති password එකක් ගහලා, ඕක ආයෙත් save කළාම , වැඩේ ඉවරයි...එතකොට locker.bat කියන එක open කළාම අපෙන් අහන්නේ, අපි අර කලින් දීපු password එක නෙවෙයි...ඒකෙන් අහන්නේ අලුත් password එක... ඉතින් මේ විදියට ඕන කෙනෙක්ට පුළුවන්, ඔයා lock කරපු file ටික ලස්සනට බලන්න.....

දැන් බලමු මේ දුර්වලතාවය හදාගන්නේ කොහොමද කියලා.....ඒකට නම් පොඩි software එකක් ඕන වෙනවා....මෙතනින් download කරගන්නකො... 300 KB විතරයි.
මෙහෙමයි, මේ මෘදුකාංගයෙන් කරන්නේ, අපි අර හදාගත්තු locker.bat කියන bat file එක, exe file එකකට convert කරන එකයි. exe file එකකට convert කරගත්තම, අර විදියට එක උඩ right click කරලා edit කරලා, අපි හංගපු දේවල් කාටවත් බලාගන්න බෑ...එහෙනම් දැන් අපි බලමු මේ software එකෙන් කොහොමද අපිට ඕන වැඩේ කරගන්නේ කියලා....මුලින්ම ඔයා දැනගන්න ඕන, ඔයාගේ computer එක 32 bit ද , 64 bit ද කියලා... ඒක බලන විදිය දන්නේ නැත්තම් මෙහෙමයි... My Computer උඩ right click කරලා properties වලට යන්න. දැන් ඔතනින් ඒක බලාගන්න....හරි දැන් එහෙනම් ඔයාල download කරපු Bat_To_Exe_Converter.rar කියන එක open කරගන්නකො. දැන් ඔයාලගේ computer එක 32 bit නම්, ඔතනින් Windows (32 bit) කියන folder එක open කරන්න. 32 bit නෙවෙයි නම් අනිත් එක open කරන්න. දැන් Bat_To_Exe_Converter.exe කියන file එක open කරගන්න. ඒක මේ වගේ....



Batch file: කියන එක ඉස්සරහා තියෙන බට්න් එක click කරලා, locker.bat කියන file එක තියෙන තැන දීලා open කියන එක click කරන්න. දැන් ඉතින් Compile කියන එක click කළාම වැඩේ ඉවරයි.... වැඩි ආරක්ෂාවට ඕන නම්, මේ exe file එකටත් password එකක් දෙන්න පුළුවන්. එක කරන්නේ, ඔතන ඔය තියෙන Encrypt the program කියන එකට tick එකක් දාලා password කියන තැනට කැමති password එකක් දෙන්න. තව ඕන නම්, ඔතන ඔය උඩ තියෙන Versioninformations කියන tab එකට ගිහින් කැමති icon එකක්, මේ exe file එකට දෙන්නත් පුළුවන්... ඔය හැමදේම කරලා Compile කියන එක click කළාම වැඩේ හරි.... locker.bat කියන file එක තිබුණු තැනම locker.exe කියලා file එකක් ඇති...දැන් locker.bat
කියන එක delete කරලා දාන්න.



 දැන් ඉතින් ඔයාලට ඕනෑම වෙලාවක Locker කියන folder එක ගන්න ඕන නම්, locker.exe කියන file එක open කරලා, password එක type කරලා Enter කරපු ගමන් ම Locker කියන folder එක පෙනේවි..... ඔන්න එහෙනම්, ඔයා සම්පුර්ණ පොස්ට් එක ම කියවලා ඉවරයි....මේ විදියට එහෙනම් හංගන්න තියෙන දේවල් හංග ගන්නකො.....

මොකක් හරි අවුලක් වුනොත් comment එකක් දාන්නකෝ..... !!!
ඕං මං ගියා ඈ....කස්ටියට ම බුදු සරණයි !! දෙවි පිහිටයි !!




Ref_banner 928x90

12 Comments:

Tweet Now !!