සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය , සමුළුව හා සමුළුවේ ශ්‍රී ලාංකාවේ තත්වය ඇතුලව තවත් බොහෝ දේ ගැන දැන ගන්න. [ CHOGM 2013 - Sri Lanka ( 2013 Nov 10 To 17 ) ]


මේ දිනවල ශ්‍රී ලාංකාවේ හැමෝම වගේ කතා කරන්නේ CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය හා සමුළුව ගැනයි.
ඒ නිසා , අපිත් හිතුවා මේ CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලය හා සමුළුව ගැන පොඩ්ඩක් කතා කරන්න.


ඒ නිසා , වැඩි කතා මුකුත් නැතුව , අපි කෙළින්ම මාතෘකාවට යමු.

* පොදූ රාජ්‍ය මණ්ඩලය කියන්නේ බ්‍රිතාන්‍යයේ පුරෝගාමිත්වයෙන් බිහිවී ඇති සෙසු ජාත්‍යන්තර සංවිධාන වලට වඩා වෙනස් වූ සුවිශේෂ ගණයේ ජාත්‍යන්තර සමාගමයක් නැතහොත් සංවිධානයකි. 
මෙම සංගමය සමන්විත වන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට යටත්ව පැවති ඩොමීනියන් රටවලින් සහ නිදහස දිනාගත් යටත් විජිත වශයෙන් පැවති රටවලිනි. 

* පොදු රාජ්‍ය මණ්ඩලය ආරම්භ කළේ රටවල් 5කිනි. ( බ්‍රිතාන්‍ය , කැනඩාව , ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , දකුණු අප්‍රිකාව ) එදා මෙම සංවිධානය හැඳින්වූයේ " සුදු මිනිසාගේ සංගමය " ( White Man's Club ) යනුවෙනි. 1948 දී සමූහාණ්ඩුවක් බවට පත්වූ ඉන්දියාවට පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය ලබාදීමත් සමඟ ඒතාක් සුදු මිනිසාගේ සංගමය බවට පත්ව තිබූ පොදු රාජ්‍ය මණ්ඩලය 1949 න් පසුව " විවෘත පොදු රාජ්‍ය මණ්ඩලය " ( Open Commonwealth ) බවට පත්විය. 


* මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියන්නේ අවුරුදු 2න් , 2කට.

ඒ අනුව , මේ 2013 නිසා ඊලග පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියේන්නේ 2015 දියි.

* පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය වඩාත් වේගයෙන් වර්ධනය වන්ට පත්වූයේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස් වූ රටවල් සංඛ්‍යාව ක්‍රමයෙන් අධික වීමත් සමඟමය. 


* 1947ට පෙර රාජ්‍යයන් 5කින් සමන්විත වූ බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය 1950 දශකය තුළදී 12 දක්වාත් 1960 දශකය අගදී 31 දක්වාත් 1970 දශකය අගභාගයේදී 44 දක්වාත් 1980 දශකය අග වනවිට 49 දක්වාත් 1990 දශකය අවසන් වනවිට සාමාජික සංඛ්‍යාව 54 දක්වාත්වර්ධනය වී ඇත. 


* මේ පොදු රාජ්‍ය මණ්ඩලයට රටවල් එකතු වුනා කියල සලකන්නේ , ඒ ඒ රට , බ්‍රිතාන්‍යයයේන් නිදහස් වුන වර්ෂයයි.

ඒ කියන්නේ ශ්‍රී ලාංකාවට නිදහස ලැබුනේ 1948. ඒ වගේම ශ්‍රී ලාංකාව , මේ පොදු රාජ්‍ය මණ්ඩලයට එකතු වුනා කියල සැලකේන්නේත් 1948ම තමයි.


පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජිකත්වය වර්ධනය.

කාල වකවාණු. රටවල් හා එකතු වුන වර්ෂයන්.
1867 - 1948 දක්වාබ්‍රිතාන්‍ය , කැනඩාව (1867) , ඕස්ට්‍රේලියාව (1900) , නවසීලන්තය (1907) , දකුණු අප්‍රිකාව (1910).
1948 - 1950 දක්වාඉන්දියාව (1947) , පකිස්තානය (1947) , ශ්‍රී ලංකාව (1948).
1950 - 1960 දක්වාමැලේසියාව (1957) , ඝානාව (1957).
1960 - 1970 දක්වානයිජීරියාව (1960) , ටැංසානියාව (1961) , සයිප්‍රස් (1961) , සියරාලියෝන් (1962) ,
ජැමෙයිකා (1962) , ට්‍රිනිඩෑඩ් හා ටොබැගෝ (1962) , කෙන්යා (1963) ,
මෝල්ටා (1964) , මලාවි (1964) , සැම්බියා (1964) , ගැම්බියා (1965) , ලෙසෝතෝ (1966) , ගුයානා (1966) , බොට්ස්වානා (1966) , බාර්බඩෝස් (1966) , ස්වාසිලන්තය (1968) , නාවුරු (1968) , මොරිෂස් (1968).
1970 - 1980 දක්වාටොංගෝ (1970) , සැමෝවා (1970) , බංග්ලාදේශය (1972) , බහබාස් (1973) ,
ග්‍රැනඩා (1974) , පැපුවා නිව්ගිනි (1975) , සී චෙල්ස් (1976) , තුවලු (1978) ,
සොලමන්දූපත් (1978) , ඩොමිනිකා (1978) , ශාන්ත ලුයිසා (1979) ,
ශාන්ත වින්සන්ට් (1979) , කිරිබති (1979).
1980 - 1990 දක්වාසිම්බාබ්වේ (1980) , වනුටු (1980) , බෙලිස් (1981) , ඇන්ටිගුවා සහ බැර්බුඩා (1981) , මාලදිවයින (1982) , ශාන්ත කිට්ස් හා නෙවියා (1983) , බෲනායි (1984) ,
පකිස්තානය (1989) , (1962 දී ඉවත් වී නැවත 1989 දී සම්බන්ධ විය.)
1990 - 2000 දක්වානැම්බියා (1990) , දකුණු අප්‍රිකාව (1994) (1961 දී ඉවත් වී යළි 1994 දී සම්බන්ධ විය) , මොසැම්බික් (1995) , කැමරූන් (1995) , පීජී (1997).
පොදු රාජ්‍ය මණ්ඩලයේ සුවිශේෂී ලක්‍ෂණ.

1. ) එම සංවිධානය සතුව ව්‍යවස්ථාවක් හෝ ප්‍රඥප්තියක් නොමැති වීම.

2. ) එහි කිසිම සාමාජිකයෙකුට සුවිශේෂී වගකීම් හෝ යුතුකම් පවරා නොතිබීම. ( එහෙත් එහි සෑම සාමාජික රටක්ම 1971 පොදු රාජ්‍ය මණ්ඩලීය මූලධර්ම ප්‍රකාශනයෙන් පිළිගත් මූලධර්ම අනුව කටයුතු කිරීමට ස්වේච්ඡාවෙන් වග බලා ගැනීම සාමාජික රටවල් විසින් අපේක්‍ෂා කෙරේ. )

3. ) පොදු රාජ්‍ය මණ්ඩලීය සාමාජික රාජ්‍යයන්ගේ නිදහස් බව හා බැඳීම් විරහිත බව. (මෙම සංවිධානයෙන් ඉවත්ව යාම මෙන්ම යළි සාමාජිකත්වය ලැබීමට ද එම රටවලට නිදහස ඇත.)

උදා:- 1972 දී පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්ව ගිය පකිස්තානය 1989 දී යළිත් වරක් පොදු රාජ්‍ය මණ්ඩලයට සම්බන්ධ වීම.
1961 දී ඉවත්ව ගිය දකුණු අප්‍රිකාව 1994 දී යළි සාමාජිකත්වය ලැබීම. 

4. ) ලෝක ජනගහනයෙන් 1/4 කටත් වඩා වැඩි ප්‍රමාණයක් පොදු රාජ්‍ය මණඩලීය රටවල් තුළ ජීවත් වන අතර මෙම ජනගහන සංයුතියේ ප්‍රකට ලක්‍ෂණයක් වන්නේ ඒවායින් බහුතරය බහුවාර්ගික,බහු ආගමික, බහු භාෂාමය, බහු සංස්කෘතික ජන සමාජයන් වීමයි. 

5. ) සමස්තයක් වශයෙන් ගත් කල පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ලෝක දේශපාලනයේ දක්නට ලැබෙන විවිධ බලවතුන් ගෙන් යුක්ත රාජ්‍යයන් ගෙන් සමන්විතය.
උදා:-
මහ බලවතුන්1බ්‍රිතාන්‍යය.
මධ්‍යම බලවතුන්18ඕස්ට්‍රේලියාව , නවසීලන්තය , කැනඩාව. 
කුඩා රාජ්‍යයන්35තුවලු , කිරිබති , ඩොමිනිකා , මාලදිවයින. 
6. ) විවිධ දේශපාලන ක්‍රම අනුගමනය කරනු ලබන රටවලින් සමන්විතය.
ජනරජ33
එංගලන්තයේ රජවූ පුද්ගලයා තම රටේ රජ ලෙස සලකයි.16
වෙනම රජෙක් පත් කරගනී.05
මෙම සමූහාණ්ඩු අතර , 

# විධායක ජනාධිපති ක්‍රමය සහිත ජනරජ
උදා:- ශ්‍රීලංකාව , මාලදිවයින , මැලේසියාව , බංග්ලාදේශය.

# වෙස්මින්ස්ට' ක්‍රමය සහිත ජනරජ.
උදා:- ඉන්දියාව , සිම්බාබ්වේ , ඩොමිනිකා , සිංගප්පූරුව.

# තනි දේශපාලන පක්‍ෂ ක්‍රමයක් ඇති රටවල්.
උදා:- සිංගප්පූරුව.

# දේශපාලන පක්‍ෂ කිසිවක් නොමැති රටවල්.
උදා:- ලෙසෝතෝ , ටොංගෝ.

# බ්‍රිතාන්‍යයේ රජවූ පුදුගලයාම තම රජ ලෙස පිළිගත් රටවල්.
උදා:- ඇන්ටිගුවා.

# දේශීය රජුන් රාජ්‍ය නායකයා ලෙස පිළිගත් රටවල්.
උදා:- ලෙසෝතෝ , බෲනායි.

7. ) පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සබඳතාව සහයෝගීතාව යන මූලධර්මය මත රඳා පවතී.

8. ) වසර 2 කට වරක් පවත්වන රාජ්‍ය නායක සමුළුවාර තවත් සුවිශේෂීත්වයකි. 
( පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු වූකලී පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පොදු ප්‍රශ්න විවෘතව සාකච්ඡා කළ සාකච්ඡා මණ්ඩපයක් මෙන්ම ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳ විවෘතව අදහස් පළ කළ පොදු රාජ්‍ය මණ්ඩලීය වේදිකාවක් ද විය. )

9. ) සමුළුව පවත්වන රටේ රාජ්‍ය නායකයාට ඉදිරි වසර දෙක සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල සභාපතීත්වය හොබවන්න අවස්ථාව ලැබේ. ඒ අනුව වසර 2015 දක්වා ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාව ලැබේ. 


පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය.


* පොදු රාජ්‍ය මණ්ඩලය සුවිශේෂී ජාත්‍යන්තර සමාගමයක් වූ හෙයින් එහි කේන්ද්‍රගත පාලනයක් හෝ ලිඛිත ව්‍යවස්ථාවක් නොවීය. 

* 1965 දී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කාර්යාලය පිහිටුවනු ලබන තෙක් එහි සාමාජික රටවල් අතර සම්බන්ධීකරණය පවත්වා ගනු ලැබුවේ බ්‍රිතාන්‍ය විසිනි. 

* මහ ලේකම්වරයෙකු පත් කිරීම හා කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව 1965 දී ගත් තීරණය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ බෙහෙවින් වැදගත්ය. 
මන්ද යත් එහි සංස්ථා පත්‍රයට අනුව එතැන් පටන් පොදු රාජ්‍ය මණ්ඩලීය සියලුම රටවල් " තත්ත්වය අතින් බ්‍රිතාන්‍ය හා සමාන වීමත් " එහි කළමණාකරණය හා මූල්‍ය කටයුතු සියලුම සාමාජික රටවල් විසින් පොදු අරමුණු සාක්‍ෂාත් කර ගැනීම සඳහාත් පවත්වා ගෙන යෑමේ පදනම ඉන් වැටුණු හෙයිනි. 
ඒ අනුව මහ ලේකම් කාර්යාලය ( ලන්ඩන්හි මාල්බරෝ හවුස් නම් ස්ථානයේ ) පිහිට වූ තැන් පටන් පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු සංවිධාන ව්‍යුහයේ ප්‍රධාන ආයතනය වූයේ එයයි. 

අපි ඒ කලින් කතා කරේ පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ඉතිහාසය හා ලක්ෂණ ගැනයි.



ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව.

CHOGM 2013 - Sri Lanka. )


* දැන් , අපි වර්තමානයට එමු. 
ඒ කියන්නේ මේ 2013 අපේ ශ්‍රී ලාංකාවේ පැවත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලය ගැන කතා කරමු.
මේ ශ්‍රී ලාංකාවේ පැවත් වෙන්නේ 22 වන පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවයි.

* මෙම පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුව නම් කර තිබෙන්නේ CHOGM 2013 - Sri Lanka ලෙසයි.

* මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ ප්‍රධානම කොටස වන පොදු රාජ්‍ය නායක සමුළුවට තිබ්බේ 2013 නොවැම්බර් මස 15 වන සිකුරාදයි. ඒත් ,  ඒ නායක සමුළුවට කලින් තවත් වැදගත් සමුළු කිපයක් පැවත් වුනා.

* පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් මුලින්ම ආරම්භ වුනේ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුවයි. ඒ 2013 නොවැම්බර් මස 10 වන ඉරිදා , හම්බන්තොට , මාගම්පුර රුහුණු සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදියි.
මේ තරුණ සමුළුව පැවත් වුනේ 9 වන වතාවටයි. මේ සදහා රටවල් 53කින් , තරුණ තරුණියන් 106ක් පැමිණියා.
සියලුම මාධ්‍ය වලින් වාර්තා කරන අන්දමට , මේ පොදු රාජ්‍ය තරුණ සමුළුව සාර්ථකව තිබිල තියේනවා.
ඒ වගේම , මේ පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළු කාර්ය මණඩලයට නවක සාමාජිකයන් තෝරා ගැනිමේදි , 3න් දෙනෙකුටත් , එහිදි තනතුරු හිමි වුනා.
මේය 2013 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දිනයේදි අවසන් වුනා.

මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල තරුණ සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.

* ඒ වගේම , පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් 2නියට ආරම්භ වුනේ Peoples' Forum එකයි. ඒ 2013 නොවැම්බර් මස 10 වන ඉරිදායි.
මෙහි සමාරම්භක උළෙල ගාල්ල නගරයේ , කොටුවේදි පැවත් වුන අතර සමුලුවේ ඉදිරි වැඩ කටයුතු ගාල්ලේන් විනාඩි 30ක් පමණ දුරින් තිබේන හික්කඩුව නගරයේ , Chaya Tranz ( Coral Gardens ) හෝටලයේදි සිදු කෙරුනි.
මෙම සමුලුවත් , ඉතා හොදින් වුනා. ඒ වගේම සමුළුව නිසා මිනිස්සුන්ට වෙනම දැඩි ආරක්ෂාවක් තිබුනේත් නැ. සමුළුව සාමාන්‍ය විධියට තිබුනා.
මෙය 2013 නොවැම්බර් මස 13 වන බදාදා දින අවසන් වුනා.

මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල Peoples' Forum එක සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.

* පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් 3 වෙනියට ආරම්භ වුනේ වෙළද සමුළුවයි. මෙය 2013 නොවැම්බර් මස 11 වන සදුදා , කොළඹ සිනමන් ග්‍රැන්ඩ් හෝටලයේදි පැවත් වුනා.
මෙහිදි , පොදු රාජ්‍ය සමුළුවක ප්‍රථම වතාවට රටව 84කින් ආයෝජකයන් 1000කට වැඩි ප්‍රමාණයක් ලබා ගැනිමට , ශ්‍රී ලාංකාවට හැකි වුනා.
මේ වගේ ආයෝජකයන් 1000කට වැඩි ප්‍රමාණයක් එකවර සොයා ගන්නව කියන්නේ , එක රටකට ගොඩාක් හොද වටිනා තත්වයක්.
මෙය 2013 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින අවසන් විය.

* මේ ආදි වශයේන් තවත් සමුළු කිපයක්ම පොදු රාජ්‍ය නායක සමුළුවට කලින් පැවත් වුනා. ඒ සැම සමුළුවකින්ම , ශ්‍රී ලාංකාවට වටිනා වැදගත් දේයක් එකතු වුනා කියල අපි හිතනවා.
ඒ ගැන හරියටම බලා ගන්න පුලුවන් වෙන්නේ තව අවුරුදු කිපයකින් තමයි.

ඒ නිසා , ඒ අවුරුදු කිහිපය ගෙවි ගිහින් , මේ 2013 පැවති පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවේන් ශ්‍රී ලාංකාවට , ලැබුන , එකතු වුන දේවල් නිසා ශ්‍රී ලාංකාව ඉන්නේ ලොව මොන වගේ ස්ථානයකද කියල අපටම බලා ගන්න පුලුවන්.

* හරි.
මේ වේ ප්‍රධානියා වෙන්නේ යේ එලිසබේත් රැජින. ඒත් , එතුමියගේ නොපැමිනිම නිසා , මෙවර ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවක් , එතුමියගේ පුතු වන චාල්ස් කුමරු විසින් මෙහයවනවා.
ඒ නිසා , 2013 නොවැම්බර් මස 14 වන බ්‍රහස්පතින්දා දින සවස 4න් පසුව චාල්ස් කුමරු හා කැමිලා පාකර් ආදිපාදිවරිය ශ්‍රී ලාංකාවට පැමිණියා.
ඒ වගේම 2013 නොවැම්බර් මස 14 වන දිනයේදි චාල්ස් කුමරුගේ 65 වන උපන් දිනය යෙදි තිබුනා. චාල්ස් කුමරු , උපන් දිනය සැමරුවේත් ශ්‍රී ලාංකාවේ දිමයි.
* ඒ වගේම චාල්ස් කුමරු , තම 65වන උපන් දිනය නිමිත්තේන් , කුමරුගේ අප්‍රකට කරුණු 65ක් ගැන කිව්ව. ඒ කරුණු 65 ගැන දැන් ගන්න මෙතනින් යන්න. 

* මේ , පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුවේ ප්‍රධානම කොටස වන පොදු රාජ්‍ය නායක සමුළුවේ සමාරම්භක උළෙල 2013 නොවැම්බර් මස 15 වන සිකුරාදා දිනයේදි , කොළඹ මහින්ද රාජපක්ෂ නෙළුම් පොකුණ රන්ග ශාලාවේදි පැවත් වුනා.
ඉන් පසුව , මෙහි ඉදිරි වැඩ කටයුතු කොළඹ , බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදි පැවත් වෙනවා. 

* මේ පොදු රාජ්‍ය මණ්ඩලිය සමුළුව ශ්‍රී ලාංකාවේ තියේන එක ගැන ගොඩක් දෙනෙක් එක එක කතා කියනවා.
ඒ සමුළුවේ හොද පැත්ත වගේම නරක පැත්ත ගැනත්.

නමුත් , හැම තිස්සේම නරක පැත්ත ගැන හිතන්නේ නැතුව හොද පැත්ත ගැන හිතුවෝත් අපට ලැබෙන ප්‍රයෝජන ගොඩයි.

* ඔයාල දන්නව ඇති , දැනට අවුරුදු ගොඩක් කාලේකට පෙර ශ්‍රී ලාංකාවට , සිංගප්පුරුවේ ජනාධිපති ආපු වෙලාවේ ඒ කාලේ ලාංකාවේ තිබුන දියුණුව දැකල , කවද හරි දවසක සිංගප්පුරුවත් , මේ ශ්‍රී ලාංකාවේ දියුණු තරමට දියුණු කරනව කියල කිව්වා.
අපේ රටට ඇවිත් , සිංගප්පුරුව දියුණු කිරිමේ සැලස්ම හිතේ තියන් ගියපු ජනපතිට , ඒ දියුණුව  හරියට ආරම්භ කරන්න පුලුවන් වුනේ 1972 දි සිංගප්පුරුවේදි පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව පැවත් වුනාට පසුවයි. මොකද , සිංගප්පුරුව දියුණු කිරිමට අවශ්‍ය සැලස්ම  ශ්‍රී ලාංකාවෙන් ගත්තත් , ඒ සදහා අවශ්‍ය කරපු සම්පත් සියල්ලම සොයා ගැනිමට හැකි වුනේ 1972 පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේන් පසුවයි.

* මම කලින් කියපු විධියට පොදු රාජ්‍ය මණ්ඩල සමුළු ඉතිහාසයේ ප්‍රථම වතාවට පොදු රාජ්‍ය මණ්ඩලිය වෙළද සමුළුවකට සහභාගි වුන රටවල් 84කින් , අපේ රටේ අලුතේන් ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න ආයෝජකයන් 1000කට වැඩි ප්‍රමාණයක් ලැබිම ම , ගොඩාක් ලොකු දෙයක්.

* ඒ නිසා , අපේ ශ්‍රී ලාංකාවේ පැවත් වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවෙත් හොද පැත්ත දැකල , පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන සුභවාදි ආකල්ප ගොඩනගා ගන්න.

* දැන් , මේ CHOGM හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලයට හා සමුළුවට සහ 2013 CHOGM - Sri Lanka හෙවත් ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට අදාල විශේෂ සලකුණු කිපයක් ගැන බලමු.

* මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.



* පොදු රාජ්‍යය මණ්ඩලීය , රාජ්‍යය නායක සමුළුවේ නිල කොඩිය.



* මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල වෙබ් සයිට් එක 

www.chogm2013.lk

මේ වෙබ් සයිට් එක හදන්න රුප්යල් මිලියන 15ක් ගියා කියල ගොඩක් දෙනෙක් කියනවා.

ඒත් , එහමස කියන කිසි කෙනෙක්ට , මේ සයිට් එක හදන්න රුපියල් මිලියන 15ක් ගියා කියන එක ඔප්පු කරන්න තියා , ඒය ඔප්පු කිරිමට ඕන එක සාක්ෂියක්වත් ඉදිරිපත් කරන්න බැරි වුනා.
ඒ නිසා , මමත් , මේ සයිට් එක හදන්න රුපියල් මිලියන 15ක් ගිය කියන කතාව , කවදාවත්ම පිළිගන්නේ නැ.

මොකද , මේ සදහා කිසිම සාක්ෂයක්වත් නැ. සාක්ෂි දුන්නෝත් , මම එක අනිවා පිළිගන්නවා.

* මේ ඉන්නේ පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ ප්‍රධානියා වන 2 වන එලිසබෙත් රැජිනයි.




* 2 වන එලිසබෙත් රැජිනගේ පුත් චාල්ස් කුමරු.



මේ තියේන්නේ චාල්ස් කුමාරයගේ තරුණ කාලේ පින්තුරයක්.



* පොදු රාජ්‍ය මණ්ඩලයේ හා සමුළුවේ මහ ලේකම් කමලේශ් ශර්මා මහතා.

මෙතුමා පස් වැනි මහ ලේකම්වරයාය පත් වුයේ 2008 දීය. 
මහා බ්‍රිතාන්‍යයයේ හිටපු ඉන්දියා මහ කොමසාරිස්වරයාය. ඔහු පොදු රාජ්‍යය මණ්ඩල ලේකම් කාර්යාලයයේ හා පොදු රාජ්‍යය මණ්ඩල පාලක මණ්ඩලයේ සාමාජිකයෙකි.

මෙතුමා ඉපදුණේ 1941- 09- 31 වැනිදාය. 
1965 - 2001 දක්වා මෙතුමා ඉන්දියා විදේශ සේවයේ සේවය කළේය. නවදිල්ලි හා කේම්බ්‍රිජ් විද්‍යාර්ථියෙකි.



* ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපති , ශ්‍රී ලාංකාවේ ජනපති මහින්ද රාජපක්ෂ මහතා.





* මේ තියේන්නේ ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ නිල ගිතයයි.
# මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියන්නේ අවුරුදු 2න් , 2කට.
ඒ අනුව , මේ 2013 නිසා ඊලග පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව තියේන්නේ 2015 දියි.
නමුත් , මිට අවුරුදු 2කට කලින් 2011 ඔක්තෝබර් මාසයේදි , මේ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ඕස්ට්‍රේලියාවේ , පර්ත් ( Perth ) නගරයේදි පැවත් වුනා.

* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල ලාංඡනය.



* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල වෙබ් සයිට් එක 

www.CHOGM2011.org

* ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේ සභාපති , 20011 දි හිටපු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ජුලියා ගිලඩ් මහත්මියයි.




* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල කාසි.




* මේ තියේන්නේ ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සදහා නිර්මාණය කරපු නිල මුද්දර.




* මේ තියේන්නේ 2011 දි , ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට අදාල බැනර් එකක්.





* චාල්ස් කුමරු ගැන තවත් විස්තර හා ජායාරුප මෙතනින් ගිහින් බලන්න.

* ශ්‍රී ලාංකා පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව - 2013 ගැන තවත් විස්තර හා ජායාරුප මෙතනින් ගිහින් බලන්න.

* අපේ රටට ආවත් , තවමත් එංගලන්තයේ වත්මන් අගමැති ඩේවිඩ් කැමරන් , අපේ රටට කොයි මොහතේ හරි , මොනව හරි විධියක ගේමක් දෙන්න තමයි බලන්න ඉන්නේ. මොකද තාමත් එංගලන්ත අගමැති අපේ රටේ තිබුන යුද්ධය සම්භන්ධව ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න ඉඩ දෙන්න කියලයි , ඊයේ පැවති මාධ්‍යය සාකච්චා වලදි නොකියා කිව්වේ.

* අපිට මොනව හරි ගේමක් දෙන්න බලන්න ඉන්න අනිත් රටවල් 2ක තමයි කැනඩාව හා මුරුසි දිවයින.

මම හිතනව , ඔයාලත් දකින්න ඇති , 2013 නොවැම්බර් 16 වෙනිදා මුරුසි ජනපති Channel 4 සගම තිබ්බ සාකච්චාවකදි , අපේ රටේ තිබුන යුද්ධය සම්භන්ධව ජාත්‍යන්තර පරික්ෂණයක් කරන්න ඉඩ නොදුන්නෝත් , අපේ රටේ පොදු රාජ්‍ය මණ්ඩලිය සාමාජිකත්වය අහෝසි කල යුතු බවට කිව්වා. ඒ වගේම තව ගොඩක් දේවල් , මේ සාකච්චාවේදි කතා වුනා.
මේ මිනිස්සුන්ට තියේන්නේ මහ පුදුම ආශාවන්. හිතා ගන්නත් බැ.

* ඒ වගේම CNN නාලිකාවත් , අපේ රටේ තිබුන යුද්ධය ගැන ජාත්‍යන්තර පරික්ෂණයක් පිළිබදව , වත්මන් ශ්‍රී ලාංකානු - එංගලන්ත මහ කොමසාරිස්වරයාගේන් විමසා සිටියා.
එහිදිති CNN එකට ගොඩාක් හොද පිළිතුරක් , අපේ ශ්‍රී ලාංකා මහ කොමසාරිස්වරයාගේන් ලැබුනා.

* මේ තරම් විශාල මුදලක් වියදම් කරල තිබ්බ පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවේන් අපට ලැබේන දේවල් ගැන අද ( 2013/11/17 ) සමුළුව අවසන් විමේන් පසුව , අපේ ජනාධිපතිතුමා කිව්වා.
ඒ කිව්ව දේවල් ඒ විධියටම ලැබේනව නම් අපේ රට ඉදිරියේදි ලොකයේ දියුණුම රටවල් අතරට ලේසියේන්ම එකතු වෙන්න පුලුවන්.
අපි බලමු , ඒ දේවල් කිව්ව විධියටමද , එහම නැත්නම් කිව්ව දේවල් සංස්කරණය කර කර කරාවිද කියලා.


* කොහම වුනත් , අපේ මේ ශ්‍රී ලාංකාවට , ඉදිරි අවුරුදු 2 , 3 ඇතුලත ලෝකයේ දියුණුම රටවල් අතරට එකතු වෙන්න පුලුවන් නම් ඇත්තටම එක අති විශිෂ්ටයි.

* මොනව වුනත් අපේ රටට , විශේෂිය රටවල් 54ක නියෝජිතයෝ ඇවිත් , අපේ රටේ තාක්ෂණය ගැන ( වාරි , පරිගණක ආදි ) , සොබා දහම ගැන , ලික ජනතාව ගැන , කාලගුණය ගැන ආදි බොහෝ දේවල් ගැන දැන ගන්න ඇති.
මේ කිව්ව දේවල් ගැන දැන ගත්තාම , අපේ රට ගැන කලින් හිතන් හිතපු විධියවල් නැති වෙල , වෙනස් වෙලා අපේ රට ගැන අලුත් ආකල්ප හිතේන්න ඇති.
අන්න , ඒ අලුත් ආකල්ප අපට වටිනවා.

* මේ , අපේ ශ්‍රී ලාංකාවේ පැවත් වෙන පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව ගැන ඔබට හිතේන දේවල් හා මෙම සමුළුව මගින් ශ්‍රී ලාංකාවට ලැබිය හැකි යහපත් ප්‍රතිපල ගැන ද , අනිවාරේන්ම කියන්න.

3 comments:

  1. Replies
    1. Hamesh - Niyama Athpodiyak !! :>)

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  2. Individuals who can expend money to do this to get cheap twitter followers might easily get exposure for their goods over night. buy twitter followers

    ReplyDelete

Tweet Now !!