සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Data නාස්ති වෙමින් සිදුවන , KM Player එකේ Update එක සම්පුර්ණයේන්ම නවත්වන ආකාරය. [ How To Permanently Stop / Remove Update In KM Player. ]


අපි කවුරුත් භාවිතා කරන , ගොඩක් ජනප්‍රිය මෘදුකාංගයක්  තමයි KM Player කියන්නේ. මේ එකේ තියේන පහසුකම් නිසා තමයි , මේක මෙතරම් ජනප්‍රිය විමට ප්‍රධාන හේතුව වුනේ.
නමුත් , ඔවුන් නිරන්තරයේන්ම KM Player එක Update කරනව. නමුත් , Update කිරිමට හේතුව වෙන්නේ මොකක් හරි අලුත් දේයක් KM Player එකට එකතු කරල තියේන නිසා බව ඇත්ත. නමුත් , මේ විධියට නිරන්තරයන් මොකක් වුනත් Update කරද්දි , අපේ Data ( MB ) වැය වෙනව. Data වැය වෙනව කියන්නේ මුදල් වැය විමම තමයි.

ඒ නිසයි , අපි හිතුවේ KM Player එකේ Update එක සම්පුර්ණයේන්ම නවත්වන ආකාරය , ඔබලාට කියල දෙන්න ඕන කියල.
මේ සදහා කරන්න තියෙන්නේ පොඩි දේයක්.. අපි ඒක කරන විධිය බලමු.

මේ ක්‍රමය Win XP , Vista , 7 , 8 , 8.1 හා 10 යන ඕනැම මෙහයුම් පද්ධතියකදි භාවිතා කරන්න පුලුවන්.

KM Player Update එක සම්පුර්ණයේන්ම නවත්වන්න , මේ කියන විධියට කරන්න.


1. ) ඔබ භාවිතා කරන්නේ Win Vista , 7 , 8 , 8.1 , 10 නම් , මුලින්ම Start Menu එකට ගිහින් , එකේ පහලින් ඇති Search Bar එකේ RegEdit කියල ටයිප් කරන්න. එවිට , Menu එකේ ඉහලින්ම RegEdit කියල දැක ගන්න පුලුවන්. දැන් , ඒ RegEdit එක ක්ලික් කරන්න. 
එවිට , තව Box එකක් විවෘත වෙවි. එහි Yes කියන එක ක්ලික් කරන්න. දැන් , අපි ඉන්නේ RegEdit කියන එකේයි.

* ඔබ භාවිතා කරන්නේ Win XP නම් , මුලින්ම Start Menu එකට ගිහින් , එහි දකුණු පස තියේන RUN කියන එක ක්ලික් කරන්න. එවිට විවෘත වෙන RUN Box එකේ තියේන Search Bar එකේ RegEdit කියල ටයිප් කරල , OK එක ක්ලික් කරන්න. එවිට , මෙහිදිත් තවත් Box එකක් විවෘත වි Yes / No ලබා දෙන ලෙස කිව්වොත් , එයින් Yes එක ක්ලික් කරන්න. දැන් , ඔබත් ඉන්නේ RegEdit එකේයි.

* දැන් Win XP , Vista , 7 , 8 , 8.1 , 10 හැමෝම , මේ විධියටම කරන්න.

2. ) දැන් , මේ RegEdit එකේ වම් පස තියේන HKEY_CURRENT_USER කියන එකට යන්න.

3. ) එවිට , පහලට එන ලිස්ට් එකේ තියේන Software කියන එකට යන්න. 

( 2 හා 3 පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , නැවතත් ලිස්ට් එකක් පහලට එයි. ඒ ලිස්ට් එකේනුත් KM Player කියන එකට යන්න.

5. ) ආපහු , පහලට ලිස්ට් එකක් එයි. එහි තියේන KMP3.0 කියන එකට යන්න.

6. ) ආපහුම පහලට එන ලිස්ට් එකේ තියේන OptionArea කියන එකට යන්න. ( දැන් නම් පහලට එන ලිස්ට් මතු වෙලා ඉවරයි. :D )

( 4 , 5 හා 6 පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



7. ) හරි දැන් , මේ විවෘත වි තියේන RegEdit එකේ දකුණු පැත්ත බලන්න. දකුණු පස පොඩ්ඩක් පහලට වෙන්න Auto Update කියල එකක් තියේනව. අන්න , එක ඩබල් ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



එවිට Box එකක් විවෘත වෙවි. ඒ Box එකේ Value data කියන තැන 1 ලෙස තියේනව දකින්න ඇති. 
අන්න , ඒ 1 මකල , එතනට 0 ටයිප් කරල , OK එක ක්ලික් කරන්න. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් , RegEdit එකත් Close කරන්න. 

ඔන්න , දැන් අයේත් නම් KM Player එක Data නාස්ති වෙමින් Update වෙන්නේ නැ. එහම නැත්නම් Update කරන්න කියල කියන්නේත් නැ. 

හරි , මේ පොස්ට් එකේ කියල තිබුන දේවල් තේරුනේ නැත්නම් හෝ අපැහැදිලි නම් , මේ පහලින් තියේන අපිම හදපු සිංහල Video එක බලන්න. 

ඒ වගේම , ඔබත් , අලුත් , වැදගත් හා වටින දේවල් හැමදාම දැන ගන්න කැමති නම් , Seven Net YouTube Page එකට අනිවා මේ පහලින් තියේන Subscribe එක ක්ලික් කරල , දැන්මම Subscribe කරන්න. 




මේ Video එකට අදාලව , ඔබට මොනයම් හෝ ගැටලුවක් තියේනව නම් , මේ පහලින් Comment එකක් දාන්න. අපි , අනිවාරේන් පුලුවන් උපරිමයේන් උදව් කරන්නම්. 

4 comments:

  1. බොහොම ස්තුති කාලයක් වදදුන්න එකක් අද හදාගත්තා

    ReplyDelete
    Replies
    1. ආචාර්ය Weerakoon - එල , ප්‍රයෝජනයක් ගත්ත එක ගැන අහන්නත් සතුටුයි.

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete

Tweet Now !!