සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


පරිගණකයකවල , Pentium 4 , Dual Core සිට i5 , i7 දක්වා Processorsවල , RAM , Hard Disk වැනි මතකයයන්ගේ ක්‍රියාකාරිත්වය හා සැකස්ම ගැන දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 01 ) [ Learn About Computer , Processor , Memory And Other Things. ]


ලොකු කුඩා කවුරුත් අද වන විට මොන වැඩ කටයුත්ත කරන ගියත් පරිගණකයක් , ජංගම දුරකතනයක්වැනි උපාංගයක් භාවිතා කරනව. මේ ගැන මෙහම කියන්නත් පුලුවන්. දැනට මේ 2015 අවුරුද්ද ඇතුලත පරිගණක 207 , 572 , 300ක් විකුණා තිබේනව. ඒ වගේම , මේ මොහත වන විට 3,240,837,600ක් අන්තර්ජාලය භාවිතා කරනව. ( 2014 අවුරුද්දටම අන්තර්ජාලය භාවිතා කර තියේන්නේ 2,925,249,355ක් විතරයි. ) 

මේ වගේ ප්‍රමාණ වලින් භාවිතා වෙන පරිගණක ගැන , පරිගණකයේ ක්‍රියාකරිත්වය ගැන , පරිගණකයකවල , Pentium 4 , Dual Core සිට  i5 , i7 දක්වා Processorsවල , RAM , Hard Disk වැනි මතකයයන්ගේ ක්‍රියාකරිත්වය හා සැකස්ම ගැන , පරිගණකයට කතා කරන්න පුලුවන් භාෂාව ගැන ඇතුලු තවත් බොහෝ දේවල් ගැන දැන ගන්න ආස නම් , කැමති නම් , මේ පරිගණක - පාඩම් මාලව සමග දිගටම එකතු වෙන්න. 

හරි , අපි මෙහම පටන් ගමු. 

පරිගණකයක් කියන්නේ මොකක්ද ??

මේකට විවිධ පුද්ගලයන් , විවිධාකාරයේ අදහස් කියන්න පුලුවන්. නමුත් , අපි මේකට සරලව මෙහම කියමු. 

පරිගණකයක් යනු වෙනස් විධියක යන්ත්‍රයක්. 
මෙහි , වෙනස් කියන වචනය යටින් ඉරක් ඇදල තියේන්නේ , ඒ වචනය විශේෂ නිසයි. මොකක්ද , මේ වෙනස් විධියක යන්ත්‍රයක් කියන්නේ ??

මෙන්න , මේ විධියට ඒ වෙනස්කම් ගැන කියන්න පුලුවන්. 
තව විධියකට කියනව නම් පරිගණකයටම අදාල , අනිත් යන්ත්‍ර වල නැති , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වන ලක්ෂණ ගැන මෙහම කියන්න පුලුවන්.

1. වේගය. ( Speed ) 
මිනිසේක් යම්කිසි වෙලාවක් අරන් කරන බොහෝ වැඩ කටයුතු , පරිගණකය වේගවත්ව කරනව. 
උදා :- කිසියම් පුද්ගලයේකු දිගු එකතු කිරිම් රාශියක් යම්කිසි වෙලාවක් අරන් කරත් , පරිගණකයකින් ඒවා ඉතාමත්ම සුලු කාලයකදි විසද ගන්න පුලුවන්. 

2. පරිගණකයක විෂයපථය ඉතාමත්ම පුළුල්. ( Scope Can Be Varied )
ඒනම් , පරිගණකයකට එකිනෙකට වෙනස් , ඕනැම වැඩක් කිරිමට පුලුවන්. 
උදා :- Graphic Design , Word Typing හා ක්‍රිඩා සෙල්ලම් කරන්නත් පුලුවන්.

3. බුද්ධිමත් බව. ( Intelligent )
පරිගණකයක් , සමහර වෙලාවට තමන් විසින්ම තිරණ ගන්නව. 
ඒ කියන්නේ මෙහමයි , මෙහම තත්වයක් තිබුනෝත් ' A ' කියන දේ කරන්න , එහම නැතුව මේ විධියට වුනෝත් ' B ' කියන දේ කරන්න කියල , පරිගණකයට උපදෙස් ලබා දෙන්නේ මිනිසා තමයි. නමුත් , ඒ ඒ අවස්ථා වලදි , මිනිසා දුන්න උපදෙස් වලට අනුව ක්‍රියා කරමින් , ඉතාමත්ම නිවැරදි තිරණයක් ලබා දෙන්නේ පරිගණකයක් විසින්මයි. 
උදා :- ATM යන්ත්‍රය. ( අපි ඉල්ලන මුදල් ගණන විතරයි අපට දෙන්නේ. අපි ඉල්ලුව මුදල් ප්‍රමාණය ගිණුමේ නැත්නම් , වෙන කොහේන් හරි මුදල් දෙන්නේත් නැ. ඒවා හරියටම මිනිසාගේ උපදෙස් වලට අනුව පරිගණකය විසින්ම කළමනාකරණය / පාලනය කරගන්නවා. )

4. මතකයක් තිබිම. ( Memory )
පරිගණකය කියන යන්ත්‍රයට විශේෂ වුන දේයක් තමයි මතකය කියන්නේ. මොකද අනිත් ඉලෙක්ට්‍රෝනික උපාංග වලට මතකයක් නැ. 
පරිගණකයට මතකයක් තියේන නිආ තමයි අපේ ඕනැම දේයක් ආරක්ෂිතව පරිගණකයක් තුල ගබඩා කරන්න පුලුවන් වෙලා තියේන්නේත්.
උදා :- RAM ( Random Access Memory ) , Hard Disk.

හරි , මේ ඉහලින් කියල තියේන ඒවා තමයි පරිගණකයටම අදාල , අනිත් යන්ත්‍ර වල නැති , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වන ලක්ෂණ. 

හරි , දැන් අපි තව ටිකක් එහාට යමු.

පරිගණකයක් කොටස් 3කට බෙදන්න පුලුවන්.

1. දෘඩාංග. ( Hardware )
2. මෘදුකාංග. ( Software )
3. පරිගණකය භාවිතා කරන්නා. ( Liveware ) [ මේ 2ම තිබිලත් , භාවිතා කරන්න කෙනෙක් නැත්නම් වැඩක් නැනේ. ]

දෘඩාංග ( Hardware ) - ස්පර්ශ කිරිමට හෙවත් ඇල්ලිමට හැකි සියලුම කොටස්. ඉංග්‍රීසියේන් නම් Tangible කියල කියනව.

මෘදුකාංග ( Software ) - ස්පර්ශ කිරිමට හෙවත් ඇල්ලිමට නොහැකි දේවල්. මේකටත් ඉංග්‍රීසියේන් Intangible කියල කියනව.

පරිගණයකට හෝ වෙනත් ඕනැම යන්ත්‍රකට අදාල ස්ථිර සැලස්මක් / අකෘතියක් තියේනව. මේ පහලින් පෙන්වල තියේන්නේ ඒක.

ආදානය ( Input ) ---> සැකසිම / ක්‍රියාවලිය ( Process ) ---> ප්‍රතිදානය ( Output )

අපි මෙහම හිතමු. 
රුපවාහිනි යන්ත්‍රයක නාලිකාවක් මාරු කර ගැනිමට , රිමෝට් එකේ ඒ නාලිකාවට අදාල අංකය ඔබනව. ඉන් පසු සුලු වෙලාවක් ගිහින් ඕන නාලිකාව රුපවාහිනි තිරයේ පෙන්වනව.
මෙහිදි , ආදානය ( Input ) තමයි රිමෝට් එකේන් නාලිකාවට අදාල අංකය එබිම. ඉන් පසු අදාල නාලිකාව ලබා දෙන්න කලින් සුලු වෙලාවක් ගත වෙනව නෙද , එහම පොඩිම වෙලාවක් යන්නේ සර්කිට් මගින් අදාල ක්‍රියාවලිය හෙවත් Process එක සිදු කිරිමටයි. ඊටත් පසුව අදාල නාලිකාව රුපවාහිනි තිරයේ පෙන්වන්නේ ප්‍රතිදානය ( Output ) විධියටයි.

මේ ගැන මෙහම කෙටියෙන් කියන්න පුලුවන්. 

ආදානය ( Remote ) ---> සැකස්ම / ක්‍රියාවලිය ( Circuit ) ---> ප්‍රතිදානය ( Display Channel 

හරි , මේ ඉහලින් අපි කතා කරේ පරිගණකයකට වගේ අනිත් ඕනැම යන්ත්‍රයකට පොදු ආකෘතිය ගැනයි. 
නමුත් , අපි කලින් කිව්ව , පරිගණකයක් අනිත් යන්ත්‍ර වලින් වෙනස් වෙන්නේ එහි මතකයක් තිබිම නිසා කියල. ඒ නිසා පරිගණකයකටම අදාල ආකෘතිය , පොදු ආකෘතියේන් පොඩ්ඩක් වෙනස් වෙනව. ඒනම් , මේ ආකෘතියට මතකය කියන දේ එකතු වෙනව. ඒය , මේ පහලින් පෙන්වා තියේනව.

                                          මතකය. ( Memory ) 
                                                       |
                                                      V
ආදානය. ( Input ) ---> සැකස්ම / ක්‍රියාවලිය. ( Process ) ---> ප්‍රතිදානය. ( Output )

අනිත් යන්ත්‍ර වගේ නෙමේ පරිගණකයක් ක්‍රියාත්මක වෙන්නේ , එහි මතකයේ ඇති උපදෙස් වලට අනුවයි. මතකයේ තියේන උපදෙස් වෙනස් කරමින් අපට විවිධාකරයේ ප්‍රතිදාන ( Output ) ලබා ගන්න පුලුවන්. 

ආදාන උපාංග - යතුරු පුවරුව ( Key Board ) , සුපරික්සනය ( Scanner ) , මුසිකය ( Mouse ) , ඩිජිටල් කැමරාව ( Digital Camera ) , මයික්‍රොපෝනය / මයික් එක ( Microphone ) , Barcode Reader.

ප්‍රතිදාන උපාංග - මොනිටරය ( Monitor ) , ශබ්දවාහිනි ( Speakers ) , මුද්‍රණ යන්ත්‍රය ( Printer ) , Plotter.

ආදාන හා ප්‍රතිදාන කියන 2ටම Touch Screen එක භාවිතා වෙනව.

ඊලගට පරිගණක Processors ගැන බලමු. 

පරිගණයක සියලුම උපදෙස් හා අනිකුත් කටයුතු පාලනය කරන්නේ Processor එකක් මගින්. ඒ වගේම , පරිගණක කොටස් වලින් මිළ වැඩිම වෙන්නේත් Processor එකම තමයි. 
Intel හා AMD වැනි සාමාගම් වලින් දැනට බහුලව  නිපදවනවා. 

ලෝකයේ මුල් කාලයේ ආපු Processors හැදින් වුනේ Intel 4004 වගේයි. ඒ කියන්නේ සාමාගමේ නමත් එක්ක ඉලක්කම් පේලියකින්. 
ලෝකයේ පළවෙනිම Processor එක තමයි Intel 4004 කියන්නේ. ඊට පස්සේ Intel , AMD ආයතනයේන් විවිධ Processors නිපද වුවා. 

Processor එකක් හැදිල තියේන්නේ සිලිකන් හෝ වෙනත් අර්ධ සන්නායක මතුපිටක් මත සකසපු විද්‍යුත් පරිපථ සමුහයක එකතුවකින්. මේ විද්‍යුත් පරිපථ සමුහය චිපයක් ( Chip ) ලෙස හෝ Core එකක් ලෙස හදුන්වනවා. 
මේ චිප් හෙවත් Cores , ඩිජිටල් තර්කයකට ඒනම් උපදෙස් වලට අනුව ක්‍රියාත්මක වෙනව. ඉස්සර නම් Pentium 4 Processor වගේ ඒවායේ තිබුනේ එක චිපයක් හෙවත් එක Core එකක් විතරයි. නමුත් Dual Core Processor එකේ ඉදන්ම චිප් හෙවත් Cores කිපයක් , එක Processor එකක් තුල අඩංගු වෙනවා. 
තව විධියකට කියනව නම් Core කියන්නේ , Processor එකක් තුල තියේන , එක වැඩසටහනක් පාලනය කරන්න පුලුවන් , එක කොටසකටයි.

මේ විධියට , එක Processor එකක් තුල චිප් හෙවත් Cores කිපයක් තියේන විට , අපිට ඕනැම කාර්යක් වේගවත්ව , හිර වෙන්නේ නැතුව කරගන්න පුලුවන්.

මේ පිළිබදව , මේ පහලින් හොදටම පැහැදිලි කරල තියේනව.

මේ Processors , මේ විධියට වෙනස් වෙන්න හේතුව වුනේ Processor එකකට කල හැකි කාර්ය අනුව හා Processor එක ලබා ගන්න ශක්තිය අඩු කර ගනිමින් , චිපය ක්‍රියාත්මක විමේදි පිට වන උෂ්ණත්වයද අඩු කරගත යුතු නිසයි. 
Processor එකක් ක්‍රියාත්මක වන විට 60°C පමණ උෂ්ණත්වයක් ඇති වෙනව. මෙවැනි සැලකිය යුතු ලෙස විශාල උෂ්ණත්වයක් තියේද්දි , Processor එකේ කාර්යක්ෂමතාවය අඩු වෙනව. ඒ නිසා තමයි , මේ උෂ්ණත්වය අඩු කරගන්න , Processor එකට ස්පර්ශ වෙන විධියට තාප සන්නායක තහඩු ( Heat Sink ) තබා , ඒයට අධිවෙගි සිසිලන පංකාවක් ( Cooling Fan ) එක් කර ඇත. මෙමගින් Processor එක මගින් නිපදවන තාපය , තාප සන්නායක තහඩු මගින් පිටතට කාන්දු වන අතර සිසිලන පංකාවෙන් ලැබෙන සුළං වලින් ඒම තාපය ඉවත් කරමින් , තහඩු සිසිල් කරනවා.

Processor එකකට කල හැකි කාර්ය අනුව , Processors වෙනස් වෙන්නේ මෙහමයි.
ඒනම් , Pentium 4 Processor එකකට , එක් වරකදි පාලනය කරන්න පුලුවන් , එක වැඩසටහනක් විතරයි. ඒනම් , එක වැඩසටහනක් පාලනය කර අවසන් වුනාට පසුව තමයි , 2වෙනි වැඩසටහන පාලනය කරන්න පටන් ගන්නේ.
ඒ නිසා තමයි Pentium 4 Processor එකකදි වැඩසටහන් කිපයක් සමග වැඩ කරන වෙලාවට , ඒවා සෙමින් සිදු වෙන්නේ.  
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


Pentium 4 Processor එකට පසුව ආව , Hyper-Threading Processor එකට බොහෝ විට වැඩසටහන් 2ක් එකවර පාලනය කරන්න පුලුවන්. Hyper-Threading කියල කියන්නේම එක වරකදි වැඩසටහන් 2ක් පාලනය කරන්න පුලුවන් කියන එකයි. ඒකවරම කිව්වට , වැඩසටහන් 2ම එක පාරින් පාලනය කරන්නම බැ. 
පළමු වැඩසටහනට වඩා පියවර 2,3ක් වගේ පස්සේන් තමයි 2වෙනි වැඩසටහන පාලනය කරන්න පුලුවන්. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


ඊටත් පසුව පැමිණි Dual Core Processor එක තමයි නියමාකාරව වැඩසටහන් 2ක් , එකවරම පාලනය කරන්න පුලුවන් වුනේ. මේ නිසා බොහෝ කටයුතු ඉතාමත්ම ඉක්මණින් කරගන්නත් පුලුවන්. 
මේ Dual Core Processor වෙන්නේ මෙහමයි. මෙහි Dual Core කියල තියෙන්නේ මෙහි Cores 2ක් තියෙන නිසයි. Cores 2ක් තියේන නිසා තමයි , වැඩසටහන් 2කම එක්වරම පාලනය කරන්න පුලුවන් වෙන්නේ. 

Core කියන්නේ , Processor එකක් තුල තියේන , එක වැඩසටහනක් පාලනය කරන්න පුලුවන් , එක කොටසකටයි. ( Cores ගැන , මිට ඉහලින් අපි පැහැදිලි කරලම තියේනවා. )

( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


Core 2 Duo Processor කියන්නේ , Dual Core එකේ එක්තරා Version / Generation එකක් විතරයි. එහි Dual Core Processor එකට වඩා. සැලකිය යුතු වෙනසක් වුනේ නැ.

මිලගට ආවේ Quad Core Processor එක. මේකට වැඩසටහන් 4ක්ම , එක පාරින් පාලනය කරන්න පුලුවන්. මේකේත් , Cores 4ක් තියේනව. ඒ නිසා තමයි කරදරයක් නැතුව වැඩසටහන් 4ක් එක පාරින් පාලනය කරන පුලුවන් වෙන්නේ. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


මිලගට Core i3 Processor එක ගැන කතා  කරද්දි , එහි Cores 2ක් තියේනව. මේ Cores 2ටම , වෙන වෙනම Hyper-Threading කියන අර කලින් කිව්ව තාක්ෂණය තියේනව. ඒනම් , Hyper-Threading කියන්නේ එක වරකදි වැඩසටහන් 2ක් පාලනය කරන්න පුලුවන් කියන එකයි. මෙහිදි කලින් කිව්ව වගේ වැඩසටහන් 2ම එක පාරින්ම නෙමේ , පළමු වැඩසටහනට වඩා පියවර 2,3ක් වගේ පසු පසින් තමයි 2 වැඩසටහන පාලනය වෙන්නේ. නමුත් මෙහිදි Cores 2ක් භාවිතා වෙන නිසාත් , එක Core එකකට වැඩසටහන් 2ක් පාලනය කල හැකි නිසාත් , මේ i3 Processor එකකට එකවරකදි වැඩසටහන් 4ක් පාලනය කරන්න පුලුවන්. 

Core i5 Processor එකේ , Cores 4ක් තියේනව. නමුත් , මෙහි Hyper-Threading තාක්ෂණය නැ. ඒ නිසා Cores 4ට , එකවරකදි පාලනය කරන්න පුලුවන් වැඩසටහන් 4යි. 

Core i7 Processor එක තමයි දැනට තියේන ප්‍රභලම Processor එක. මෙහි Cores 4ක් තියේනව. ඒ Cores 4ටම Hyper-Threading තාක්ෂණයත් තියේනව. ඒ නිසා එක Core එකකට එකවරකදි වැඩසටහන් 2 බැගින් , Cores 4ටම එකවරකදි වැඩසටහන් 8ක්ම පාලනය කරන්න පුලුවන්. 
දැනටම ඉතින් මේ වගේ තාක්ෂනයක් තියේනව. ඉස්සරහට එන Processor මොන වගේ වෙවිද කියල නම් හිතා ගන්න බැ. ඒව ඉතින් ආවාවම බලමුකෝ. :D

මිලගට පරිගණයකට විශේෂ වුන මතකය ගැන බලමු.

ප්‍රධන ලෙස මතකයන් වර්ග 2ක් තියේනව.

1. ප්‍රාථමික හෙවත් ප්‍රධාන මතකය. ( Primary Memory / Main Memory )
2. ද්විතික මතකය. ( Secondary Memory )

ප්‍රාථමික හෙවත් ප්‍රධාන මතකය ( Primary Memory / Main Memory ) - Processor එකට කෙළින්ම සම්බන්ධ වෙලා තියේන මතකය මෙලස හදුන්වනවා.
මෙය ඉලේක්ට්‍රෝනික මතකයක් ලෙස කියන්නත් පුලුවන්. වේගවත් නමුත් මෙහි තියේන දත්ත හා තොරතුරු ස්ථිරවම ගබඩා කර තබා ගන්න බැ. පරිගණකයේන් වැඩ කරමින් සිටින විට විදුලිය විසන්ධි විමක් වගේ සිදු වුනෝත් , මෙහි තිබුන දත්ත හා තොරතුරු නැති වෙනව. මෙලස විදුලිය විසන්ධි වු විට , දත්ත නැති වන නිසා මේවා න්‍යෂ  මතක ලෙසද හදුන්වනවා.
උදා :- සසම්භාවි ප්‍රවේශ මතකය - RAM ( Random Access Memory ) , චාරක මතකය හෙවත් සංචිත මතකය - Cache Memory.

ද්විතික මතකය ( Secondary Memory ) - Processor එකට කෙළින්ම සම්බන්ධ වෙලා නැති මතකය මෙලස හදුන්වනවා.
මේක ඉලේක්ට්‍රෝනික මතකයක් නෙමේ. සෙමින් තමයි කාර්යන් වෙන්නේ නමුත් මෙහි ඕනැම දේයක් ස්ථිරව ගබඩා කර තබන්න පුලුවන්.
මෙලස විදුලිය විසන්ධි වුවද , දත්ත ස්ථිරවම පවතින නිසා , මේවා න්‍යෂ නොවන මතක ලෙසද හදුන්වනවා.
ඒ වගේම මේවා ටිකක් ලාබයි සහ ටිකක් විශාලයි. ලාබයි කිව්වට එහමම ලාබයක් නැ තමයි. නමුත් , අනිත් අනිත් පරිගණක කොටස් වලට සාපේක්ෂව ටිකක් විතර ලාබයි.
උදා :- දෘඩ තැටි - Hard Disk.

ඊලග පාඩමේදි සියලුම මතක වර්ග ගැන හා ඒවායේ සම්පුර්ණ ක්‍රියාවලිය ගැන බලමු.

Processor , Mother Board , RAM , Hard Disk , Power Supply කියන කොටස් එකතු කරල පරිගණකය හදනව. හැදුවට පස්සේ , අපි ඒක ON කරනවනේ. 

මේ පහල Video එකේ පියවරේන් පියවර පරිගණකයේ කොටස් සවි කරගනිමින් , සාර්ථකව පහසුවෙන් පරිගණකයක් සදා ගන්නා ආකාරය ඉතාමත්ම හොදින් පෙන්වා තියේනවා. 


පරිගණකයක් ON කරද්දි මොකද වෙන්නේ ?? 
නිකන්ම ස්විච් එක ගැහුව ON කරා , එච්චරයි.. 
නැ නැ , පරිගණකයක් ON වෙද්දිත් ක්‍රියාවලියක් වෙනව. ඒක මේ විධියට කියන්න පුලුවන්. 

1. පරිගණකය ON කිරිම. 
2. POST. ( Power On Self Testing )
මෙහිදි වෙන්නේ Mother Board එකේ තියේන ROM Chips මගින් පරිගණකය සාර්ථකව ක්‍රියාත්මක වෙන්න ඕන දෘඩාංග සියල්ලම තියේනවද කියල බලනව. 
ඕන දේවල් වලින් එකක් හරි අඩු නම් Error Message එකක් එනවා. ඒ Error Message එකට අදාල දේ නැවත හරියට හැදුවට පස්සේ තමයි , ඊලග 3 වන පියවර යන්නේ.
3. BIOS. ( Basic Input Output System )
මෙහිදි ROM Chips මගින් මුලික ආදාන ප්‍රතිදාන පද්ධතියක් යොදා ගෙන Hard Disk එක ක්‍රියාත්මක කරවනවා.
4. Bootstrap Loader.
පරිගණක මෙහයුම් පද්ධතියේ පළමු කොටස වන මෙය Hard Disk එකේන් Load වි , මෙහයුම් පද්ධතියට අදාල අනිත් දේවල් ක්‍රියාත්මක කරවනවා. 
5. මේ කිව්ව සියල්ල සාර්ථකව සිදු වි , අපිට වැඩ කල හැකි පරිගණකයක් ක්‍රියාත්මක වෙනවා.

පරිගණක මෙහයුම් පද්ධතියක් ( OS - Operating System ) හා මෘදුකාංග හෙවත් යෙදවුම් මෘදුකාංග ( Software / Applications ) කියන්නේ මොනවද ??

පරිගණක මෙහයුම් පද්ධතියක් යනු පරිගණකයක සියලුම ක්‍රියාකාරම් පාලනය කිරිමට තියේන පද්ධතියක්. නැත්නම් පරිගණකයේ ප්‍රයෝජනයට තියේන පද්ධතියක්.
එහමත් නැත්නම් තව විධියකින් කියනව නම් පරිගණකය භාවිතා කරන්නා හා පරිගණක Hardware එක අතර තියේන අතුරු මුහුණතක්. 
අපිට කෙළින්ම පරිගණක Hardware එක්ක වැඩ කරන්න වුනෝත් , ඒක අපහසුයි. DOS කියන්නේ , චිත්‍රක අතුරු මුහුණතක් ( GUI ) නැති මෙහයුම් පද්ධතියක්. හරියටම ඒක , ඔය අපේ පරිගණක වල තියේන Command Prompt එක වගේ. 
ඒ නිසා තමයි ලස්සන රුප , ලාංජන , චිත්‍ර තියේන අතුරු මුහුණතක් එක්ක මෙහයුම් පද්ධතියක් තියේන්නේ. මෙවැනි අතුරු මුහුණත් වලට GUI හෙවත් Graphical User Interface කියලයි කියන්නේ. Windows , Linux , Mac කියන්නේ GUI OS තමයි. 

මෘදුකාංග හෙවත් යෙදවුම් මෘදුකාංග කියන්නේ පරිගණක මෙහයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන අනිත් සියලුම වැඩසටහන් වලට තමයි. 
මේවා තියේන්නේ මිනිසාගේ ප්‍රයෝජනයටයි. යෙදවුම් මෘදුකාංග කියල කියන්නේ මොනව හරි වැඩකට ඒවා යොදා ගන්න නිසයි. MS Word , Photoshop , Paint කියන්නේ මෘදුකාංග / යෙදවුම් මෘදුකාංග තමයි.

දැනට අපි මේ මාඩම මෙතනින් නවත්වමු. අපි හිතනව , මේ කිව්ව සියලුම දේවල් ඔබලාට හොදින් පැහැදිලි වෙන්න ඇති කියලා. 

මේ පළමු පාඩමේදි අපි ගොඩක් කතා කරේ පරිගණකයේ ලක්ෂණ , පරිගණකයට අදාල තවත් දේවල් හා Processors ගැනයි. 

ඊලග පාඩමේදි සියලුම මතක වර්ග ගැන හා ඒවායේ සම්පුර්ණ ක්‍රියාවලිය ගැන බලමු.



14 comments:

  1. Replies
    1. Nazeel - Ela Ela !! :D

      Oyage Comment Ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  2. Replies
    1. Shanuka - Ela , Niyamai !! :D

      Oyage Comment Ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  3. Replies
    1. Unknown - Great Bro !! :D

      Thank U Very Much For Your Comment Bro !! :D

      Delete
  4. Replies
    1. Pramesh - Ela , Niyamai !! :D

      Oyage Comment Ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  5. Replies
    1. Chathu - Ela , Niyamai !! :D

      Oyage Comment Ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  6. Replies
    1. Chathu - Ela Ela !! :D

      Oyage Comment Ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  7. දන්නැති ගොඩක් දෙවල් දැන ගත්තා සතුතියි

    ReplyDelete
  8. ethama watina karunu pahadiliwa wistarakarala tiyenawa... thanks

    ReplyDelete

Tweet Now !!