සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


CD , DVD , CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ මොනවද , මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත මේවායේ ගබඩා කර ගන්නේ කෙසේද , මේවා නිර්මාණය වෙන්නේ කොහමද යනාදි දේවල් ඇතුලුව තවත් බොහෝ දේවල් දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 03 ) [ Learn About CD , DVD and Other Every Optical Devices. ]


හරි , අපි මේ දිනවල දිගටම පළ කරන්නේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවට අදාල ලිපියි. ඉතින් , අදත් කතා කරන්නේ පරිගණක තාක්ෂණයේ 3 වන පාඩමයි. :D

මිට කලින් පළ කල පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 02 හා 03 , මේ පහල ලින්ක් වලින් අනිවාරේන්ම කියවන්න.

#. පරිගණක තාක්ෂණය පාඩම් 01. 

#. පරිගණක තාක්ෂණය පාඩම් 02.

අපි , මේ 3 වන පාඩමේදි කතා කරන්නේ CD , DVD , CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ මොනවද , මේවා එකිනෙකින් වෙනස් වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත මේවායේ ගබඩා කර ගන්නේ කෙසේද , මේවා නිර්මාණය වෙන්නේ කොහමද යනාදි දේවල් ගැනයි.

ඔබ හිතනව නම් , මේ සියලුම දේවල් එක හා සමානයි කියල. ඒක එහම නැ. ඒනම් , මේ එකක්වත් සමාන නැ. අපි මේ ඉහලින් කිව්ව දේවල් , මේ හැම එකකම වෙන්නේ පොඩි පොඩි සමානකම් සහිතව වුවත් , එකිනෙකට වෙනස් විධියටයි.

අපි මුලින්ම CD - Compact Disk ( සංයුක්ත තැටි ) හා DVD - Dijital Versatile Disk ( ඩිජිටල් බහුකාර්ය තැටි ) ගැන බලමු.

CD , DVD කියන්නේ දත්ත ගබඩා කිරිමට ගන්න උපාංගයක්. අපි හිතමු , අපි කවුරු හරි ගායකයේක්ගේ සින්දු තියේන CD හෝ DVD එකක් මිළට ගත්ත කියල. මෙන්න මේවට තමයි Original CD හෝ Original DVD කියන්නේ.
එතකොට අපි හිතමු අපි කඩේන් Empty CD හෝ Empty DVD එකක් අරන් ඇවිත් , ඒකට අර ගායකයගේ සින්දු ටික දලා Write කරා කියල. මේවට තමයි CD-R , DVD-R , CD-Rw , DVD-RW කියන්නේ.

දත්ත දාන්න වුනත් , දත්ත තියේන වුනත් CD , DVD හා CD-R , DVD-R , CD-RW , DVD-RW කියන්නේ එකිනෙකට වෙනස් දේවල්.
CD හා DVD නිර්මාණය වන ආකාරය හා CD-R , DVD-R හා CD-RW , DVD-RW නිර්මාණය වෙන ආකාරයන් පවා වෙනස්.

* CD හා DVD නිර්මාණය වෙන්නේ ඉතාමත්ම තුනි ප්ලාස්ටික් කෙදි රවුමට රවුමට එතිම මගිනුයි.  මෙවිට CD හා DVD එක නිර්මාණය වෙන්නේම අදාල දත්ත ප්ලාස්ටික් කෙදි වල ඉහල කොටසේ ගබඩා වෙන ගමන්මයි. ප්ලස්ටික් කෙන්ද කොතරම් තුනි / සිහින් වුනත් , කෙන්දටත් ඉහල , පහල කියල දෙපැත්තක් තියේනව. කෙන්දක තියේන තුනි / සිහින් බව අමතක කරල , CR පොතක් මතක් කරගන්න. CR පොතේ මුල් පි‍ටුව , අන්තිම පි‍ටුව තියේනවනේ. ඒ තියේන්නේ පොතේ ඉහල හා පහල කොටස් වලනේ. අන්න , ඒ වගේම මේ කෙදි වලටත් ඉහල , පහල කියල දෙපැත්තක් තියේනවා. ඉතින් ඉහල කොටසේ තමයි සියලුම දත්ත ගබඩා වෙන්නේ.

මෙහමයි අපි හිතමු , යම්කිසි ගායකයකුගේ සින්දු තියේන CD හා DVD නිර්මාණය කරනව කියලා. එවිට CD හා DVD නිර්මාණය වෙන විටම , එක ප්ලාස්ටික් කෙන්දක අදාල සින්දු ගබඩා වෙමින් , එවැනි කෙදි රාශියක් රවුමට රවුමට එතෙමින් CD හා DVD නිර්මාණය වෙනවා. මේ විධියට CD හා DVD නිර්මාණය වන විටම , අදාල දත්ත ගබඩා කරන නිසා තමයි , CD හා DVD සැලකිය යුතු ලෙස මිළ අධික වෙන්නේ.

* අපි කවුරුත් දන්නා පරිදි , සියලුම දත්ත ගබඩා කරන උපාංග වල දත්ත ගබඩා වෙන්නේ 0 හා 1 ඇසුරේන්. ඉතින් , මේ CD හා DVD වලත් සියලුම දත්ත ගබඩා වෙන්නේ 0 හා 1 ඇසුරේන්ම තමයි. CD හා DVD මේ තරම් තුනියට තිබුනට , ඕනැම CD හා DVD එකක ස්ථර හෙවත් Layers 4ක්ම තියේනවා. මේ පහල රුපයේන් පෙන්වා තියේන්නේ ඒම ස්ථර 5 තමයි.
අපි හිතමු , අපිට කිසියම් ෆයිල් එකක් මේකේ ගබඩා කරගන්න ඕන කියල. මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1 0 0 1 ලෙසට කියල හිතමු. එවිට අදාල වලවල් හා තිරස් කොටස් මෙහි නිර්මාණය වෙන ආකාරයත් , මේ පහල රුපයේම පෙන්වා තියේනවා.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



CD හා DVD වල 0 දක්වන්නේ ප්ලස්ටික් කොටසේ උඩින් වලක් නිර්මාණය විමේනුයි. 1 දක්වන්නේ කිසිදු වෙනස් විමක් නැතුව , ස්ථිරව තිරස්ව තිබිම මගිනුයි. ඒ විධියට තමයි , මේ ඉහල රුපයේ වලවල් හා තිරස් කොටස් තියේන්නේ. මේ ප්ලාස්ටික් ස්ථරය නිර්මාණය වෙල තියේන්නේ දත්ත ගබඩා වුන ප්ලාස්ටික් කෙදි රාශියක් එකතු විමේනුයි. මේ ප්ලාස්ටික් කෙදි වල ඉහල කොටසේ දත්ත ගබඩා වෙල තියේන නිසා , දත්ත සහිත ප්ලාස්ටික් ස්ථරය ආරක්ෂා කරගන්න , ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් ඇලුමිනියම් ස්ථරයක් දානවා. මේ ඇලුමිනියම් ස්ථරය දාන්නේත් , පහල ප්ලාස්ටික් ස්ථරයේ හැඩයට අදාලව , ඒම සියලුම 0 හා 1 දක්වන වලවල් හා තිරස් කොටස් , ඒ විධියටම තියේන ලෙසයි. ප්ලස්ටික් ස්ථරයේ පහල කොටසේ දත්ත මුකුත් ගබඩා වෙලා නැති නිසා , ප්ලාස්ටික් ස්ථරයට පහලින් මුකුත් දාන්නේ නැ. අර අපට CD හා DVD එකක මුණ බලන්න පුලුවන් කොටස තමයි , මේ ප්ලාස්ටික් කෙදි වල පහල කොටස වෙන්නේ.

හරි , ඇලුමිනියම් ස්ථරයට ඉහලින් Acrylic කියල ඝන තත්වයේ තියේන ඇසිඩ් ස්ථරයක් දානවා. මේ ඇසිඩ් ස්ථරයට ඉහලින් තමයි , CD හා DVD එකේ තියේන දේවල් ගැන විස්තර තියේන , Label එක තියේන්නේ.

දැන් බලමු , CD හා DVD පරිගණකයට දැමු පසු , මේ CD හා DVD වල 0 හා 1 ඇසුරේන් තියේන දත්ත හදුනා අරන් , ඒවා අපට පෙන්වන්නේ කොහමද කියල.

දැනට බොහෝ පරිගණක වල CD හා DVD , Run / Read කිරිමට පරිගණක වල තියේන්නේ DVD Rom තමයි. නමුත් , CD හා DVD ධාවනයට / කියවිමට තියේන්නේ CD Rom එකක් වුනත් , DVD Rom එකක් වුනත් , මේ පහලින් කියන ක්‍රියාවලිය සිදු වෙන්නේ එකම ආකාරයටයි.

අපි CD හෝ DVD එකක් , DVD Rom / CD Rom එකට දැමු පසු , DVD Rom / CD Rom එකේන් ලේසර් කිරණ CD හෝ DVD එකේ පහල කොටසට එවනවා. ඒසේ එන ලේසර් කිරණ CD හෝ DVD එකේ කිසිදු වෙනසක් නැතුව - තිරස්ව තියේන පෘෂ්ඨයේ වැදිල , නැවතත් ලේසර් කිරණ ආපු තැනටම යනවා. එවිට ඒ ගිය ලේසර් කිරණ එතනටම නැවත පැමිණි විට පරිගණකය දැන ගන්නවා , එතන තියේන්නේ 1 කියලා. ලේසර් කිරණ එන්නේ පහලින් නිසා , වලවල් පහලට පෙන්නේ රවුම් පෘෂ්ඨ ලෙසටයි. ඒ නිසා , පහලින් එන ලේසර් කිරණ රවුම් පෘෂ්ඨ වල වැදුන පසු , නැවත් ලේසර් කිරණ ආපු තැනටම යන්නේ නැතුව වෙන කොහේ හරි යනවා. එවිට පරිගණකය දැන ගන්නව , එතන තියේන්නේ 0 කියලා. මේ විධියට තමයි ලේසර් කිරණ නිකුත් කරමින් , පරිගණකය විසින් මුළු CD හෝ DVD එකම ධාවනය කරවන්නේ , එහමත් නැත්නම් කියවන්නේ.

ඉතින් මේ CD හා DVD වල ගුණාත්මකභාවය ඉතාමත්ම ඉහලයි. ඒ වගේම මිළත් ඉහලයි. :D

හරි , අපි ඊලගට CD-R හා DVD-R ගැන බලමු.

CD-R හා DVD-R වල තියේන R එකේන් කියන්නේ Recordable කියන එකයි. ඒනම් , අපි කඩේ තියේන Empty CD හෝ Empty DVD වලට තමයි මේසේ CD-R හා DVD-R ලෙස කියන්නේ. CD-R හා DVD-R වල ගුණාත්මකභාවය , CD හා DVD වලට වඩා අඩුයි. ඒ වගේම මිළත් අඩුයි.

මේවත් ප්ලාස්ටික් කෙදි වලින් තමයි නිර්මාණය වෙන්නේ. නමුත් , මේ ප්ලාස්ටික් කෙදි වල කලින් වගේ දත්ත නම් ගබඩා වෙලා නැ. මොකද ඉතින් නිර්මාණය වෙද්දිම දත්ත ගබඩා කරෝත් , අපි කොහමද දත්ත ගබඩා කරගන්නේ.. මේ CD-R හා DVD-R ප්ලාස්ටික් කෙදි වලින්ම නිර්මාණය වුනාට , මේවායේ දත්ත ගබඩා වෙන්නේ CD හා DVD වල වගේ නම් නෙමෙයි. ඒනම් , මේවායේ 0 හා 1 දක්වන්නේ වලවල් හා තිරස් කොටස් මගින් නෙමෙයි.

* මේ CD-R හා DVD-R වල ස්ථර 5ක්ම තියේනව. පහලින්ම තියේන්නේ ප්ලාස්ටික් ස්ථරය. ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් දත්ත ගබඩා කරන ස්ථරයක් තියේනවා. මෙහි තමයි 0 හා 1 ඇසුරින් සියලුම දත්ත ගබඩා වෙන්නේ.
ඒනම් , මේ දත්ත ගබඩා වෙන ස්ථරය , විනිවිද පෙනෙන ස්ථරයක්. මෙහි 0 ගබඩා කරන්න ඕන විට , මේ විනිවිද පෙනෙන ස්ථරය , පුච්චල කළු කරනවා. කළු කරනව කිව්වේ , නිකන් අදුරු කරනව වගේ දේයක් කරනවා. 1 ගබඩා කරන්න ඕන විට , මුකුත් කරන්නේ නැතුව ඒ විනිවිද පෙනෙන ස්ථරය ඒ විධියටම තියේන්නේ දෙනවා. මේ පුච්චල කළු කරනව කිව්වේ , ගිණිමැලයකින් පුච්චනව වගේ නෙමේ , ලාවට පොඩ්ඩක් DVD Writing Rom එකේ තියේන ලේසර් කිරණ මගින් පුච්චනවා.
දත්ත ගබඩා වෙන ස්ථරයට ඉහලින් ඇලුමිනියම් ස්ථරයක් තියේන අතර මෙයටත් ඉහලින් ඝන ඇසිඩ් ස්ථරයක් තිබේන අතර මෙයටත් ඉහලින් CD-R හෝ DVD-R එකේ නම යනාදි විස්තර ඇති Label එක තියේනවා.

අපි හිතමු , අපිට කිසියම් ෆයිල් එකක් මේකේ ගබඩා කරගන්න ඕන කියල. මේ ෆයිල් එක ගබඩා වෙන්නේ 1 0 0 1 ලෙසට කියල හිතමු. එවිට අදාල විනිවිද පෙනෙන කොටස් හා පිච්චුනු අදුරු කොටස් මෙහි නිර්මාණය වෙන ආකාරයත් , මේ පහල රුපයේම පෙන්වා තියේනවා.
( පහල පින්තුරේ පෙන්වා ඇත. [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් අපි බලමු CD-RW හා DVD-RW ගැන.

මෙහි RW එකේන් කියන්නේ ReWritable කියන එකයි. ඒනම් නැවත නැවත දත්ත ගබඩා කල හැකි බවයි. මෙසේ නැවත නැවත දත්ත ගබඩා කරන්න නම් , කලින් තිබුන දත්ත මකා දැමිමට පුලුවන් වෙන්නත් ඕන. මොකද අලුත් ෆයිල්ස් Write කරන්න ඕන ඉඩ ප්‍රමාණය නැත්නම් , දැනටමත් තියේන ෆයිල්ස් මකන්න වෙනවා. එහමනම් මේවා කරන්නේ කොහමද..

* මේවායේත් පහලම ස්ථරය වෙන්නේ ප්ලාස්ටික් ස්ථරයම තමයි. ප්ලාස්ටික් ස්ථරයට ඉහලින් දත්ත ගබඩා වෙන ස්ථරය තියේනවා. මේ දත්ත ගබඩා වෙන ස්ථරයත් , විනිවිද පෙනේන ස්ථරයක්ම තමයි. මේ ස්ථරය ඝන ස්ථරයක් බව ඔබ කොහමත් දන්නවනේ. මේවායේ 0 ගබඩා කිරිමට ඕන විට , අදාල ඝන කොටස් මෘදු කරනවා. මෙසේ මෘදු කරන්නේ සෙන්ටිග්‍රේට් අංශක 80කට පමණ උණුසුම් කරනවා.  1 ගබඩා කරන්න ඕන නම් , මුකුත් කරන්නේ නැතුව ඒ ඝන විනිවිද පෙනෙන ස්ථරය ඒ විධියටම තියනවා.

* අපි හිතමු , අපි Write කරපු දේයක් මකන්න ඕන කියල. ඒක කරන්නේ මෙහමයි. ඒ සදහා , අර අපි මෘදු කරපු කොටස් , නැවතත් ඝන තත්වයට පත් කරන්නයි ඕන. මෙසේ කරන්නේ අදාල කොටස් වලට විතරයි. මේ සදහා , CD-RW හෝ DVD-RW එක සෙන්ටිග්‍රේට් අංශක 40ක පමණ උණුසුමකට ලක් කරනවා. එවිට මෘදු කොටස් , ඝන තත්වයට පත් වි , ඒම ඝන කොටස් මගින් 1 දක්වනවා. අනිකුත් මෘදු කොටස් මගින් 0 දක්වනවා.

අපි හිතමු ඝන තත්වයේ තිබි , මෘදු කල කොටසක් , සාමාන්‍යයේන් කාමර උෂ්ණත්වය වන සෙන්ටිග්‍රේට් අංශක 25 වගේ උෂ්ණත්වයකට ලක් වුනා කියල , ඒ තියේන මෘදු ගතිය නැති වෙලා , ඝන තත්වයට කොහේත්වම පත්වෙන්නේ නැ.

VCD කියන්නේ මොනවද , මොකක්ද ??

VCD කියන්නේ සංකල්පයක් විතරයි. ඒ කියන්නේ මෙහමයි. CD නිර්මාණය වුන මුල් කාලයේ , රුපවාහිනිය මගින් ඒම CD වල තියේන දේවල් බලන්න පුලුවන් Video Players - LG , Panasonic වැනි සමාගම් වලින් නිපද වුවා. නමුත් LG වල ධාවනය වෙන CD , Panasonic වල ධාවනය වුනේ නැ.  Panasonic එකේ ධාවනය වෙන ඒවා , LG එකේ ධාවනය වුනේ නැ. ඉතින් , මේක ගොඩාක් ලොකු ප්‍රශ්ණයක් වුනා. ඒ නිසා සමාගම් සියල්ලම එකම ක්‍රමයකට / සංකල්පනාවකට , තමන්ගේ Video Players නිපදවන්න එකග වුනා. ඒ ක්‍රමයට තමයි VCD කියල කියන්නේ. VCD කියන එකේ තේරුම් වෙන්නේ Video Compact Disk කියන එකයි.

දැන් නම් , බොහෝ විට භාවිතා වෙන්නේ DVD Players තමයි. ඉතින් , මේ DVD Players පවා සියලුම සමාගම් විසින් නිපද වන්නේ එකම ක්‍රමයකටයි / සංකල්පනාවකටයි. මේ DVD Players වල භාවිතා වෙන ක්‍රමයට කියන්නේ DVD-Video කියල තමයි.

හරි , ඉතින් මේ කරුණු තමයි මේ 3 වන පාඩමේදි කියන්න තියේන්නේ.

අපි තවත් අලුත් දේයක් , පරිගණක තාක්ෂණය 04 වන පාඩමේදි බලමු. 



1 comment:

  1. ඉතා වැුදගත් කරුණු රාශියක් මෙහි තිබෙනවා.සිංහලෙන් මෙම පාඩම් ලියා ඇති නිසා ඔිනෑම කෙනෙකුට අධ්‍යනය කරන්න පහසුයි.ස්තූතියි.
    There are many important points here. These lessons are written in Sinhala so it is easy for anyone to study. Thank you.

    ReplyDelete

Tweet Now !!