RAM , ROM , Cache Memory , Registers හා Hard Disk යන සියලුම මතක වර්ග ගැන හා මේවායේ සිදුවන සියලුම ක්‍රියාවලි / සැකස්ම හා මේවායේ දත්ත ගබඩා වන ආකාරය හා පරිගණකය කතා කරන එකම භාෂාව ගැනත් සියලුම දේවල් දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 02 ) [ Learn About RAM , ROM , Cache Memory , Registers , Hard Disk And Binary Language. ]
මුලින්ම කියන්න ඕන , පරිගණක තාක්ෂණය 01 පාඩම , අපි විසින් Update කරා. ඒ නිසා Update කරාට පස්සේ බලන්න බැරි වුනා නම් හෝ තවමත් බැලුවෙම නැත්නම් , මෙතනින් ගිහින් බලන්න.
හරි , අපි ඔන්න පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 2 වන පාඩම තමයි දැන් දෙන්නේ. අපි කලින් පාඩමේදි පරිගණකය ගැනත් , Processors එක ගැනත් ගොඩාක් දේවල් කතා කරා. ඒ වගේම පරිගණක මතකයන් ගැනත් කතා කරා. නමුත් , මතකයන් ගැන සියලුම දේවල් කතා කරේ නැ. තව ගොඩක් දේවල් තියේනව කියන්න.
ඒ නිසා , මේ පොස්ට් එකේදි පරිගණක මතකයන් ක්‍රියාත්මක වෙන්නේ කොහමද , අපි ලබා දෙන දත්ත හා තොරතුරු මතකයන් වල ගබඩා වෙන්නේ කොහමද , ඒ ආකාරය ඇතුලු තවත් දේවල් ගැන බලමු.
අපි 01 පාඩමේදි මතකය ප්‍රධාන කොටස් 2ට බෙදුවා. ඒ ප්‍රාථමික ( Primary ) / ප්‍රධාන ( Main ) හා ද්විතික Secondary ) ලෙසයි.
දැන් , අපි තව දුරටත් මතකය තියේන විධිය / ක්‍රියා කරන ආකාරය අනුව කොටස් 3කට බෙදනවා.
1. සසම්භාවි ප්‍රවේශ මතකය. ( RAM - Random Access Memory. )
2. පටන මාත්‍ර මතකය. ( ROM - Read Only Memory. )
3. චාරක හෙවත් සංචිත මතකය. ( Cache Memory. )
4. රෙජිස්තර. ( Register. )
5. ද්විතික මතකය. ( Secondary Memory - Hard Disk. )
* සසම්භාවි ප්‍රවේශ මතකය. ( RAM - Random Access Memory. ) - මෙය මධ්‍ය සැකසුම් ඒකකයට අවශ්‍ය දත්ත තාවකාලිකව තැන්පත් කිරිමට යොදා ගනි. විදුලිය විසන්ධි වු විට , සියලුම දත්ත මැකි යන නිසා , මෙය න්‍යෂ මතකයක් ලෙසද හදුන්වයි. විදුලිය විසන්ධි වු විට දත්ත මැකි යන නිසා වැදගත් දත්ත හා තොරතුරු , ද්විතික මතකයේ තැන්පත් කරයි. පරිගණකයේ කාර්යක්ෂමතාවයට මෙම RAMහි ධාරිතාව වැදගත් වේ. තමන්ට ඕන විධියට RAM එකේ ධාරිතාව ( 2GB , 4GB , 8GB ලෙස ) වැඩි කිරිමටද හැක.
මෙම මතකයද වර්ග 2ට බෙදේයි.
1. ගතික සසම්භාවි ප්‍රවේශ මතකය. - නුතන පරිගණක වල බෙහෙවින් දක්කට ලැබේ. මෙහි තැන්පත් කර ඇති දත්ත තත්පරයට මිලියන වාර ගණනක් Refresh කරනව.
2. ස්ථිතික සසම්භාවි ප්‍රවේශ මතකය. - පරිගණකයේ දෙවන වර්ගයේ ප්‍රධාන මතකය ලෙස හදුන්වන්න පුලුවන්. මෙහි අඩංගු දත්ත නිතරම Refresh නොකරයි. නමුත් , දැනට පවතින දත්ත මත වෙනත් යමක් ලියන තෙක් හෝ විදුලිය විසන්ධි වන තෙක් , දත්ත ස්ථිරව පවති. මේවා ඝනත්වයේන් අඩු බැවින් හා මෙය භාවිතා නොකරන විට විදුලි බලය වැය විම අඩු නිසා , ගතික සසම්භාවි ප්‍රවේශ මතක වර්ගයට වඩා Processor එකේ ඇති Cache Memory සදහා වඩා හොද තෝරා ගැනිමක් ලෙස ස්ථිතික මතක දැක්විය හැක. තව ලෙසකින් ගතික මතක වල දත්ත ඝනත්වය වැඩි නිසා මේ ස්ථිතික මතක , ප්‍රධාන මතකයට ගොඩක් දුරට සුදුසු වේ.
* පටන මාත්‍ර මතකය. ( ROM - Read Only Memory. ) - පරිගණකයේ විදුලිය විසන්ධි විමේන් දත්ත හා තොරතුරු මැකේන්නේ නැත. නවින පරිගණක වල මෙම මතකය යාවත්කාලින ( Upgrade ) කල හැක. මෙසේ යාවත්කාලින කරන ආකාර 4ක් ඇත.
1. ක්‍රමලේඛනය කල හැකි පටන මාත්‍ර මතකය. ( PROM - Programmable Read Only Memory. )
2. මකා දමමින් නැවත නැවත ක්‍රමලේඛනය කල හැකි පටන මාත්‍ර මතකය. ( EPROM - Erasable Programmable Read Only Memory. )
3. විද්‍යුතය භාවිතයේන් මකා දමිමේන් නැවත නැවත ක්‍රමලේඛනය කල හැකි පටන මාත්‍ර මතකය. ( EEPROM - Electrically Erasable Programmable Read Only Memory. )
4. සැනෙලි මතකය. ( Flash Memory. )
* චාරක හෙවත් සංචිත මතකය. ( Cache Memory. ) - මෙය Processor එක තුල පවතින තාවකාලික මතකයකි.
මධ්‍ය සැකසුම් ඒකකයට ඕන දත්ත ගමන් කරන්නේ RAM එක හරහායි. වේගයේන් දත්ත ලබා ගැනිමේ හැකියාව RAM එකට නැ. ඊට හේතුව RAM එකේ වේගය , CPU ( Central Processing Unit ) එකේ වේගයට වඩා අඩු විමයි.
Processor එක වෙත , එක විට වැඩි උපදෙස් ප්‍රමාණයක් ලබා දුන් විට හෙවත් එකවර කාර්යයන් කිහිපයක් කරන සමහර අවස්ථාවලදී Processor එකට එය දරා ගත නොහැකිව ක්ෂණිකව ක්‍රියා විරහිත වෙනවා. මේකට තමයි Stuck වෙනව කියන්නේ. වැඩි Cache Memory එකක් , Processor එකට තියේනව නම් Stuck වෙන්නේ නැ. එහමත් නැත්නම් Stuck වෙන්න තියේන ඉඩකඩ අඩුයි. එවිට එක විට ලබා දෙන උපදෙස් Cache Memory එක තුළ මතකයේ තබාගෙන ( Buffer ) , ඒවා එකින් එක පිළිවෙලට Processor එකට ලබා දෙනව.
Cache Memory 3ක් තියේනව.
1. Level 1 Cache Memory.
ඉතාමත් වේගවත්ම මට්ටම වන්නේ , මෙම මට්ටමයි. ඒ නිසා මෙහි දත්ත Processor එකට ගමන් කිරීමට දත්ත බසය ( Data Bus ) භාවිතා නොකරයි. මෙමගින් Processor එකට ඕන දත්ත පමණක් සපයනවා. ඒ වගේම , මෙය ප්‍රධාන මතකයට වඩා වේගවත්.
2. Level 2 Cache Memory.
මෙය Motherboard එකේ පිහිටා ඇති විට , දත්ත යැවීමට දත්ත බසය භාවිතා කරන අතර තරමක් වේගය අඩු වෙයි. ඒත් , මෙයත් ප්‍රධාන මතකයට වඩා වේගවත් වෙයි. මෙමගින් Level 1 Cache Memory එකට ඕන දත්ත ලබා දෙනව.
3. Level 3 Cache Memory.
මෙයද Motherboard එකේ පිහිටා ඇති විට දත්ත යැවීමට දත්ත බසය භාවිතා කරනව. ඒ වගේම ටිකක් විතර වේගය අඩුයි. නමුත් මෙය පවා , ප්‍රධාන මතකයට වඩා වේගවත්. Level 2 Cache Memory එකට ඕන දත්ත මෙයින් ලබා දෙනව.
* රෙජිස්තර. ( Register. ) - මේවා ඉතා කුඩා ධාරිතාවයකින් යුතු මතකයන් වේ.මෙහි ඇති දත්ත , වෙනත් ඕනැම තැනක ඇති දත්ත වලට වඩා ඉතා වේගයේන් Processor එකට ලබා දිමට හැක. මෙය , රෙජිස්තර වල ඉතා වැදගත් ලක්ෂණයකි.
* ද්විතික මතකය. ( Secondary Memory - Hard Disk. ) - විදුලිය විසන්ධි වු විට පවා , දත්ත ස්ථිරව තියේන නිසා , අපේ ස්ථිරව ගබඩා කරගන්න ඕන දත්ත තැන්පත් කරන්න තමයි , මෙය යොදා ගන්නේ.
මේ Hard Disk හැදිල තියේන්නේ Platters ලෙසින් හදුන්වන තැටි කිපයක් මත , Arm එකක් සහිත Reading Head එකක් පතිත කර විමේන් වේ. ඒ වගේම , Hard Disk එකට අදාල සියලු උපදෙස් අඩංගු කොටසකුත් , මෙහිම අඩංගු වේ. මේ කිව්ව Reading Head එක , Platters වල කේන්ද්‍රයේ සිට Platters වලම අයිනට හෙවත් පරිධියට ගමන් කරනව. මෙසේ ගමන් කරන වේගය 7200 ( RPM - Revolution Per Minute ) හෝ ඊට වඩා වැඩි වෙන්න පුලුවන්. Reading Head එක , Platters වල කේන්ද්‍රයේ සිට පරිධියට 50 වාරයක්වත් ගමන් කරනවා.
අපි , පළමු පොස්ට් එකේදි කිව්වා Hard Disk එතරම්ම මිළ අධික නැ කියල. ඒකට හේතු වෙන්නේ , අපි 500GB Hard Disk එකක් භාවිතා කරද්දි , එහි Platters 3ක් තිබුන නම් , 1TB Hard Disk එකකට ඕන වෙන්නේ Platters 4ක් වගේ විතරයි. ඒ කියන්නේ Hard Disk එකක ධාරිතාව වැඩි කරන්න ඕන නම් , කරන්න තියේන්නේ Platters ගණන වැඩි කරන එක විතරයි.
ඒ වගේම , Platter එකක දෙපැත්තේම දත්ත තැන්පත් වෙනව. ඒනම් , Platters 3ක් තියේන Hard Disk එකක , 6 පැත්තකම දත්ත තැන්පත් කරන්න පුලුවන්.
මේ Hard Disk වල Tracks හා Sectors කියන වචන 2 භාවිතා වෙනව. Hard Disk එකක් මත රවුම් රවුම් තියේනව දැකල තියේනවද.. අන්න එවැනි , එක රවුමකට තමයි Track එකක් කියන්නේ.
Hard Disk එක හරහට තියේන ඉරි කැලි කිපයකින් බෙදල තියේනව. එවැනි ඉරි කැලි 2ක් අතර තියේන , පොඩි Track කොටසකට , Sector එකක් කියල කියනව. මේ Tracks හා Sector වල තමයි , අපි තැන්පත් කරන සියලුම දත්ත ගබඩා වෙන්නේ.
* ඒ වගේම , Hard Disk එක මොන තරම් කළු ගලක් වගේ වුනත් , එක ඇතුලේ තියේන Reading Head එක නම් , එහම නැ. Hard Disk එක පොඩ්ඩක් බිමට වැටුනත් ඇති , ඇතුලේ තියේන Reading Head එක කැඩෙන්න. Reading Head එක කැඩුනට පස්සේ , අයේත් Reading Head එකක් දාන්නත් බැ. ඒ වගේම , Hard Disk එක ඇතුලේ තියේන කිසිදු දත්තයක් ආපහු ගන්නත් බැ , මම දන්න විධියට. ඒ නිසා , Hard Disk එක කළු ගලක් වගේ කියල සැහැල්ලුවේන් නම් හිතන්න එපා. Hard Dik එකත් , විදුරු වගේ දේයක් කියල හිතාගෙන ඉතාමත්ම හොදින් පරිස්සම් කරන්න.
* Hard Disk එකක තියේන Tracks හා Sectors ගණන දන්නව නම් , ඒ ඒ දේයට ඇති ප්‍රමානය ( Capacity ) කියන්නත් පුලුවන්. මේ පහල ගණන බලන්න.
* Hard Disk එකක Platters 10ක් තියේනව. Tracks 40,000ක් හා Track එකකට Sectors 200ක් තියේනව. Sector එකක ප්‍රමාණය 2KB වේ. මේවා සොයන්න.
1. එක Track එකක ප්‍රමානය = ( 2 x 200 ) KB
2. එක පෘෂ්ඨයක ප්‍රමානය = ( 2 x 200 x 40,000 ) KB
3. සිලින්ඩ ප්‍රමානය ( රවුම් Platters කිපයක් එකට එකතු වුනාම , එතන පොඩි සිලින්ඩරයක් වගේ හැදෙනව. එහි ප්‍රමානය තමයි , මේ අහල තියේන්නේ. ) = ( 2 x 200 x 20 ) KB
4. සම්පුර්ණ Hard Disk එකේම ප්‍රමානය = ( 2 x 200 x 40,000 x 20 ) KB
දැන් අපි බලමු පරිගණකය කතා කරන භාෂා ගැන හා අපි ලබා දෙන දත්ත මතකයන් විසින් ගබඩා කර ගන්න ආකාරය.
පරිගණකයකට අපි කතා කරන මොනව භාෂාවක්වත් කතා කරන්න බැ. ඒ වගේම දන්නේත් නැ. පරිගණකය දන්න එකම භාෂාව Binary කියන භාෂාව විතරයි. Binary කියන භාෂාවේ තියේන්නේ 0 හා 1 විතරමයි. ඒනම් , අපි මොන දේ මොන විධියට කරත් කිව්වත් , පරිගණකයට ඒය පෙන්නේ 0 හා 1 ඇසුරේන් වේ.
අපි මෙහම හිතපු , අපි Notepad එකේ A අකුර ටයිප් කරනව. නමුත් , පරිගණකය , ඉරි කැලි 3ක් මේ විධියට එකතු වුනාම හැදෙන්නේ A කියල දන්නේ නැ. අපි , උඩින් A අකුර ටයිප් කරාට , පරිගණකයට ඒක පෙන්නේ 0 හා 1 ඇසුරේන්. ඒනම් , A = 01000001 වේ. මේ විධියට අකුරු , ඉලක්කම් වලට අදාල නියමිත 0 හා 1 විවිධ විධියට හැදිල තියේනව. ඉතින් , තව විධියකින් කියනව නම් සැම අකුරකටම අදාල ASCII කියල Code එකක් තියේනව. සියලුම අකුරු හා ඉලක්කම් වලට අදාල ASCII Codes , මෙතනින් ගිහින් බලන්න පුලුවන්.
A අකුරේ ASCII Code එක තමයි 065 කියන්නේ. [ A = 01000001 = 065 ( ASCII Code ) ]
දැන් බලමු , අපි ලබා දෙන දත්ත පරිගණකය විසින් ගබඩා කර තබා ගන්නේ කොහමද කියල.
* මුලින්ම බලමු , RAM එක කොහමද මේක කරන්නේ කියල.
RAM එකක් නිර්මාණය වෙල තියේන්නේ Capacitors හා Transistors වලින්. අපි කිව්වනේ , අපි කරන සියල්ම දේවල් පරිගණකය ගන්නේ 0 හා 1 ඇසුරින් විතරයි කියල. අපි ලබා දෙන දේයට අදාල 0 හා 1 අඩංගු ප්‍රකාශය , මේ Capacitors හා Transistors වල ගබඩා කරනව. 0 නම් , Capacitors නිකන්ම හිස්ව තියේන්න දෙනව. 1 නම් , Capacitors ඉලේක්ට්‍රෝන වලින් පුරවනව. මේ ගැන , අපි කලින් කතා කරපු A අකුරේ උදාහරනයේන්ම බලමු.
ඉතින් , අපි ලබා දෙන සියලුම දේවල් 0 හා 1 ඇසුරින් , RAM එකේ Capacitors වල ගබඩා කරගන්නව.
* දැන් බලමු , Hard Disk එකේ මේක වෙන්නේ කොහමද කියල.
Hard Disk එකේ Capacitors හෝ Transistors නැ. ඒ වෙනුවට එකේ තියෙන්නේ කලින් කිව්ව විධියට Tracks හා Sectors විතරයි. අපි ගබඩා කරන සියලුම දේවල් , ස්ථිරව ගබඩා වෙන්නේ මේ Tracks හා Sectors වලයි. අපි කලින් කිව්ව Notepad එකේ තියේන A එක ගැන. දැන් අපි හිතමු , අපි ටයිප් කරපු A අකුර ස්ථිරව ගබඩා කරගන්න ඕන වුනා කියල. Hard Disk එකේ , A අකුර ගබඩා කරන්නේත් 0 හා 1 ඇසුරේන්මයි. මෙහිදි , 0 නම් Reading Head එක වම් පැත්තට ( Platters වල පරිධියේ සිට ක්‍රේන්ද්‍රයට ) යන අතර , 1 නම් Reading Head එක දකුණු පැත්තට ( Platters වල කේන්ද්‍රයේ සිට පරිධියට ) ගමන් කරනවා. ( මේ විධියට , Reading Head එක වමට / දකුණට යන්නේ චුම්භක ක්‍රියාවලියක් නිසයි. වමට චුම්භක ගතිය වැඩි වි - වමටත් , දකුණට චුම්භක ගතිය වැඩි වි - දකුණටත් ගමන් කරනවා. මේ සියල්ල ඉතාමත්ම වේගයේන් සිදු වෙනවා.
ආහපු , කලින් කතා කරපු A අකුර ගැනම බලමු. Reading Head එක වමට / දකුණට යමින් , A අකුර , Hard Disk එකේ ස්ථිරව ගබඩා වෙන ආකාරය , මේ පහල රුපයේ පෙන්වා ඇත.
හරි , අපි මේ 2 වන පාඩමේදි මතකයන් ගැන හා මතකයන් වල දත්ත ගබඩා වන ආකාරය ගැන හා පරිගණකය කතා කරන එකම භෂාව වන Binary ගැනත් දැන ගත්තා. මේ ටික තමයි කියන්න නම් තියේන්නේ.
ඊලග 3 වන පාඩමේදි පරිගණකය හා මෙයට අදාල ලක්ෂණ හා තවත් බොහෝ දේ කතා කරමු.
---------------------------------------------------------
පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ සියලුම ලින්ක්.
Niyamai.
ReplyDeletePramesh - Ela , Niyamai !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
Elaa digatama karagena yanna.. All the best!
ReplyDeleteAnuja - Ela , Niyamai !! :D
DeleteOyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D
ela machan apita meka godak wdagath . good luk
ReplyDeleteela...
ReplyDeleteAththatama hoda watina informations thyna web page ekak. Godak hodai. Thanx
ReplyDeleteFtta bosa🤗
ReplyDeletedownload karana thanata giyama rightside eke corner eke skip add kiyala pennan nane
ReplyDelete