සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Scanner එකක් මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේන් පෙන්වන හා ගබඩා වන ආකාරය හා ජායාරුප , අන්තර්ජාලයට Upload කරන විට සිදුවන ක්‍රියාවලිය ඇතුලු තවත් බොහෝ දේ දැන ගනිමු. ( පරිගණක තාක්ෂණය පාඩම් 04 ) [ Learn About How a Scanner Digitized a Picture & What Happen When We Upload The Pictures To The Internet. ]


හරි , අදත් පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ 04 වන පාඩමත් අරන් ආවා. අද කතා කරන්නේ Scanner එකක් ( සුපරික්ෂණයක් ) මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේ ගබඩා වන ආකාරය හා ජායාරුප , අන්තර්ජාලයට Upload කරන විට සිදුවන ක්‍රියාවලිය ඇතුලු තවත් බොහෝ දේ දැන ගන්න පුලුවන්.

තවත් දේයක් තමයි , ඔබලා මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවට කැමතිද දන්නේ නැ. මොකද ලැබෙන Comment ප්‍රමාණයත් පවා අඩු වුනා. ඒ ගැන නම් දුකයි. මොකද , අපට ඔබේ අදහස් ඉතාමත්ම වටිනවා.
දැන් අපි පාඩම ගැන බලමුකෝ..

අපි මුලින්ම Scanner එකක් ( සුපරික්ෂණයක් ) මගින් ජායාරුප හදුනා ගන්නා ආකාරය හා හදුනා ගන්නා ජායාරුප , පරිගණකයේ ගබඩා වන ආකාරය , ජායාරුප - පරිගණකයේන් පෙන්වන ආකාරය ගැන බලමු.

අපි හිතමු එක ජායාරුපයක් තියේනවා. ඉතින්  මේ ඕනැම ජායාරුපයක ගණන් කල නොහැකි තරම් තිත් තියේනවා. මේ තිත් සියල්ලම එකතු වෙලා තමයි ජායාරුපයක් නිර්මාණය වෙන්නේ. අපිට ජායාරුපයක් පරිගණකයට දාන්න නම් , මේ ගණන් කර ගත නොහැකි තිත් සියල්ලම පරිගණකයට පිටපත් කල යුතුයි. නමුත් , මේ කාර්ය ඉතාමත් අපහසු කාර්යක්. ඒ නිසා තමයි , මේ කාර්ය පහසුවෙන් කරගන්න Scanner එකක් යොදා ගන්නේ. Scanner එකකදි ජායාරුපයක් ගණන් කල හැකි වර්ණ කො‍ටු වලට බෙදනවා. මේ එක වර්ණ කො‍ටුවක් , Pixel එකක් ලෙස තමයි හදුන්වන්නේ.

මෙසේ Scanner එක මගින් ගණන් කල හැකි සේ බෙදන ලද වර්ණ කො‍ටු හෙවත් Pixels පරික්ෂා කරමින් පරිගණකයට ලබා දෙනවා. අවසානයට සම්පුර්ණ ජායාරුපයක් , පරිගණකයේන් දැක ගන්න පුලුවන්.

* නමුත් , තව දේයක් තියේනවා. ජායාරුපයක තියේන වර්ණ , පරිගණකයක ගබඩා වෙන්නේත් වෙනස් විධියකටයි.
සියලුම වර්ණ , ප්‍රධාන වර්ණ 3කට බෙදනවා. ඒ රතු , කොළ හා නිල් ( RGB ) ලෙසයි.

ජායාරුපයක Pixel එකක රතු , කොළ හා නිල් පාට තියේන තැන අනුව වර්ණ ගැන්විම තමයි සිදු වෙන්නේ.

ඒ කියන්නේ මෙහමයි. 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් ගැන හිතා ගන්න. ( ඒනම් , දිග 10cm ක් හා පළල 10cm ක් වන සමචතුරස්‍රාකාර ජායාරුපයක්. ) දැන් , ඒ ජායාරුපයේ එක Pixel එකක් ගැන හිතන්න. එක Pixel එකක , අර කලින් කිව්ව වර්ණ 3ම අඩංගු වෙනවා. Pixel එකක් කියන්නේත් කො‍ටුවක්. ඉතින් , මේ කො‍ටුවේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු , කොළ හා නිල් වර්ණ තියේන ප්‍රමාණ අනුව මොනිටරය , ඒම වර්ණ ජායාරුපයට සපයනවා. අපි හිතමු , ජායාරුපයේ පළමු Pixel එකේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු 20ද , කොළ 30 ද හා නිල් 40ක්ද නම් තියේන්නේ , මොනිටරය නිසියාකාරව , ඒම වර්ණ ප්‍රමාණයට අනුකුලව ජායාරුපයට ලබා දෙනවා.

* අපි මෙහිදි , ජායාරුපයේ එක Pixel එකක් ගැන හිතන්න කිව්වේ , මෙය තේරුම් ගැනිමේ පහසුව සදහායි. නමුත් , ජායාරුපයේ මුල් Pixel කො‍ටුවේ ( 1 , 1 ) කියන ස්ථානයේන් පටන් ගෙන අවසන් Pixel එකේ ( 100 , 100 ) කියන ස්ථානය දක්වාම , රතු , කොළ හා නිල් වර්ණ එක සැරේම තමයි මොනිටරය විසින් ලබා දෙන්නේ.

අන්න එහම තමයි , වර්ණවත් ජායාරුපයක් , අපිට දැක ගන්න පුලුවන් වෙන්නේ.
අපි මෙහිදි , ( 100 , 100 ) කියන ස්ථානය යොදා ගත්තේ , මේක 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් නිසයි. ඔබේ ජායාරුපයේ දිග , පළල අනුව අවසන් ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.

ජායාරුපයේ ස්ථාන වලට අදාලව පැය 24ම , මොනිටරය මගින් වර්ණ ලබා දි ගෙනම තියේන්නේ නැ. අපිට ඕන කරන ජායාරුපය ඩබල් ක්ලික් කර , Open වන විටම තමයි , මොනිටරය මගින් ජායාරුපයේ අදාල ස්ථාන වලට අයිති වර්ණ ලබා දෙන්නේ. ඉතින් හිතන්න , මේක මොන තරම් වේගයේන් වන ක්‍රියාවලියක්ද කියලා..

* ඒ වගේම , ජායාරුපයක Pixel ප්‍රමාණය වැඩි වෙන්න වැඩි වෙන්න , ජායාරුපයේ ගුණාත්මකභාවයද ( Quality ) වැඩි වෙනවා. ඒ නිසාමනේ , අපි හැම තිස්සේම වැඩි Mega Pixel ප්‍රමාණයක් තියේන ස්මාට් ජංගම දුරකතන හා කැමරා ගන්න උත්සහා කරන්නේ.

ඒ වගේම , Pixel 1000 x 1000 = Mega Pixel 1.

දැනට බොහෝ දෙනා ලග Mega Pixel 5 ( 5 MP ) කැමරාවක් තියේන ජංගම දුරකතනයක් තියේනවනේ. එවිට , Mega Pixel 5ක ජායාරුපයක , Pixels 5,000,000 ( මිලියන 5ක් ) තියේනවා. ඒ කියන්නේ ජායාරුපයක් වර්ණ කො‍ටු මිලියන 5කට බෙදනවා. ඉතින් , මෙවැනි ජායාරුපයක තියේන ගුණාත්මකභාවය අයේ කියන්න ඕන නැනේ. Mega Pixel 5ට වැඩි කැමරාවකින් ගත්තු ජායාරුපයක තියේන ගුණාත්මකභාවය ගැනත් , අයේ හිතන්නවත් දේයක් නැනේ එහනම්.. :D

හරි , දැන් අපි බලමු අන්තර්ජාලයට ජායාරුපයක් Upload කරන විට සිදුවන ක්‍රියාවලිය පිළිබදව.

අපේ පරිගණකයේ තියේන 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් ගැන හිතන්න. මේ ජායාරුපය අන්තර්ජාලයට Upload කරන්න ඕන. අපි කිසියම් හෝ සයිට් එකකට ගිහින් , ඒ අදාල ක්‍රමය භාවිතා කරල , පරිගණකයේන් , Upload වෙන්න ඕන ජායාරුපය ‍තෝරල දෙනවා. ‍තෝරල දුන්නට පස්සේ , මොකද වෙන්නේ ??

මෙහිදි , අපි මතුපිටින් ජායාරුපයක් Upload කරාට , ඇත්තටම Upload වෙන්නේ වගුවක්. ඒනම් , මේ ජායාරුපයේ ( 1 , 1 ) කියන ස්ථානයේ රතු මෙච්චරයි , කොළ මෙච්චරයි හා නිල් මෙච්චරයි කියන දත්ත වලින් තමයි , ඒ වගුව නිර්මාණය වෙලා තියේන්නේ. ජායාරුපයේ මුල් Pixel එකේ ( 1 , 1 ) ස්ථානයේ සිට අවසන් Pixel එකේ ( 100 , 100 ) ස්ථානය දක්වාම රතු , කොළ , නිල් වර්ණ තියේන විධිය මේ වගුවේ ඇතුලත් වෙනවා.
අපි මෙහිදි , ( 100 , 100 ) කියන ස්ථානය යොදා ගත්තේ , මේක 10cm x 10cm ප්‍රමාණයේ ජායාරුපයක් නිසයි. ඔබේ ජායාරුපයේ දිග , පළල අනුව අවසන් ස්ථානය වෙනස් වෙන්න පුලුවන්.

මේ පහල රුපයේන් පෙන්වා තියේන්නේ , අන්තර්ජාලයට ජායාරුපයක් Upload කරන විට , ජායාරුපයට අදාලව Upload වෙන වගුවයි. 
මෙහි ( 1 , 2 ) පස්සේ තිත් 2ක් තියල තියේන්නේ , ( 1 , 2 ) පස්සේ ( 100 , 100 ) දක්වා සියලුම ස්ථාන තියේන බව පෙන්වන්න ඕන නිසයි.


මේ ජායාරුපයේ , මේ ස්ථානයට , මෙච්චර රතු ප්‍රමාණයක් දෙන්න , මෙච්චර කොළ ප්‍රමාණයක් දෙන්න , මෙච්චර නිල් ප්‍රමාණයක් දෙන්න කියලා , මේ සියලු කටයුතු පාලනය කරන්නේ මතක උපාංග මගිනුයි.

අද පාඩමේ කියන්න තියේන්නේ මෙච්චරයි. අපි , මේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේදි කතා කරපු දේවල් ගැන ඔබලා දැන ගෙන සිටියද , නැද්ද කියන්න නම් අපි දන්නේ නැ. අපි හිතනවා , ඔබලා මේවා දැන ගෙන ඉන්නත් ඇති කියලා. නමුත් , අපිට ඕන වුනේ පරිගණකයේ ඇතුල් පැත්ත ගැන කතා කරන්නයි.

හරි එහනම් , අපි ඊලග පරිගණක තාක්ෂණය පාඩමේන් තවත් අලුත් දේයක් ගැන බලමු.


---------------------------------------------------------

පරිගණක තාක්ෂණය පාඩම් මාලාවේ සියලුම ලින්ක්. 



3 comments:

  1. Aththatama godak wadagath post...okkoma...tawat karagena yanna shakthiya dairyaya labenna oni.budu saranai...dos code gana post ekak danna..

    ReplyDelete
  2. Godak hoda page ekak.puluwan nm storge devises gana pulul information tikak denne...thanks a lot...

    ReplyDelete
  3. Godak hoda page ekak.puluwan nm storge devises gana pulul information tikak denne...thanks a lot...

    ReplyDelete

Tweet Now !!