සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


කැමති Softwares යන යන තැන අරන් යන්න - Portable Apps. ( Part 01 ) [ How To Get & Use Portable Apps. ]

       


            කොහොමද යාළුවනේ? මම මාස දෙකකට විතර පස්සෙ තමයි post එකක් දාන්න කියලා ආවේ.ඕගොල්ලෝ මම කලින් දාපු Virus Guard එක 100% ක් වැඩ කරනවද ? කියල බලාගන්න හැටි කියලදීපු post එක බැලුවා නේද?
   
       අද මම කියලා දෙන්න යන්නේ අපි machine එකේ install කරලා භාවිතා කරන softwares , install නොකර ඒ කියන්නේ portable app එකක් විදියට පාවිච්චි කරන විදිය ගැනයි.  

මොනව‍ද මේ portable apps කියන්නේ ?
     
        ඕන‍ම සොෆ්ට්වෙයාර් එකක් ගත්තම ඒක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරන එක 99% ක්ම අනිවාර්යයි.ඒත් ලෝකයේ ජීවත් වන මිනිස්සු ගොඩක් කාර්යබහුල වෙන්න පටන් ගත්ත නිසා එක තැනකට වෙලා එකම computer එකක වැඩ කරන එක අඩු වෙන්න පටන් ගත්තා.මොකද මිනිස්සුන්ට සිද්දවුනා එදිනෙදා වැඩ කරනකොට එකඑක තැන්වලට යනගමන් වෙන machine වලත් වැඩ කරන්න.
          ඉතින් මේකට පිලියමක් හොයන්න කියලා John T.Haller ඇතුළු 100ක විතර software designers, developers හා translators  කට්ටියක් එකතු වෙලා තමයි මේ කියන portable apps සංකල්පය බිහි කලේ.ඒගොල්ලෝ මුලින්ම හදපු පෝර්ටබල් ඇප් එක තමයි Mozilla Firefox(2004March) බ්‍රව්සරය.ඊටපස්සේ Mozilla Thunderbird, OpenOffice යන දෙකේත් portable versions නිර්මාණය කිරීමට සමත් වුනා.
         මේකියන portable apps වල තියෙන වාසිය ත‍මයි මේවා machine එකේ හෝ pen drive එකක copy කරල තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් වීම.ඒ වගේම මේවා delete කරන කොට Windows Registry එක modify කරන්න ඕන වෙන්නෙත් නෑ.
         
     එහෙනම් ඉතින් වැඩි කතා මොකුත් නැතුව වැඩේට බහිමුකෝ!
   
       දැන් අපි මේ portable apps පාවිච්චි කරනකොට ඒක Platform’ එකක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන එක ගොඩක් ලේසියි.මොකද? නැත්තම් app එකේ files, launcher එක හොයාගන්න ටිකක් වෙලා යයි.
       ඒහින්දා මුලින්ම Portable Apps  site එකෙන් නොමිලේ දෙන PortableApps.com_Platform_Setup එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න!

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

       
     මේක ඩවුන්ලෝඩ් කරගත්තයින් පස්සේ සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න.ඒවගේම මේකෙ Destination folder(ඉන්ස්ටෝල් කරන තැන) එක දෙන කොට ඉන්ස්ටෝල් කරන්නෙ pen එකක නම් pen එකේ නම දෙන්න !
     
    
     දැන් උඩ පෙන්නලා තියෙන විදියෙ window එකක් ඕගොල්ලන්ට පේනවා ඇති.(එහෙම window එකක් එන්නැත්තම් Portable Apps Software එක Install කරපු තැනට ගිහිල්ල Start කියන එක ඩබල් ක්ලික් කරන්න.)හැබැයි අපිට සිද්ද වෙනවා apps  install කරගන්න.ඒකට Apps කියන tab එක click කරලා Get more apps’ කියන එකට ගියාම Portable Apps Store එකේ තියෙන ඕනෑම app එකක් click කරල machine එකේ install කරගන්න පුළුවන්.හැබැයි මතක තියාගන්න ඒකට අපි internet connect කරල තියෙන්න ඕන.    
        
                 අපි ගාව [*.paf.exe] එක්ස්ටෙන්ෂන් එකෙන් portable apps තියෙනවනම්  Apps කියන tab එක click කරල install a new app කියන එකට ගිහින් app එක select කරලා open දුන්නාම app එක install කරගන්න පුළුවන්.
      
                   මම යාළුවන්ට එක software එකක් ඉන්ස්ටෝල් කරන හැටි පෙන්නන්නම්.දැන් මම ඉන්ස්ටෝල් කරන්න හදන්නෙ Photoshop CS5 Extended, software එකේ Portable version එක.මෙතනින් ගිහිල්ල app එක ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.
  
  
76.1 MB ]
  
       මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනයින් පස්සේ උඩ* කියපු විදියට ඉන්ස්ටෝල් කරන්න.මතක තියාගන්න මේක ඉන්ස්ටෝල් කරද්දි Destination folder(ඉන්ස්ටෝල් කරන තැන) වෙනස් කරන්න යන්න එපා! මොකද ඒක ඔටෝ සෙට් වෙන නිසා.මම සපෝට් එකට පල්ලෙහයින් පින්තූර ටිකකුත් දැම්මා.(පින්තුර අපැහැදිලි නම් පින්තුර මත ක්ලික් කරන්න.)




















වැඩේ හරි නේද ?
දැන් ඕගොල්ලන්ට ඕකෙන් ඕන image එකක් ඕන විදියකට එඩිට් කරගන්න පුළුවන්.

හරි අපි ආයෙත් Portable Apps Platform එක දිහාවට පොඩ්ඩක් ගිහින් බලමු !

     දැන් System Tray එකේ තියෙන portable apps , icon එක ක්ලික් කරලා Portable Apps Platform එක ඕපන් කරල බලන්න.වම් පැත්තෙන් පෙන්නල තියෙන්නෙ අපි දැනට ඉන්ස්ටෝල් කරල තියෙන softwares.දකුණු පැත්තෙන් තියෙන options ටැබ් එක ක්ලික් කරල මේකෙ settings හදන්න පුළුවන්.තව අපිට අපේ Documents, music/video/picture files වුනත් save කරල තියාගන්න පුළුවන්.ඒ වගේම exit වෙන්න ඕන නම් වම් පැත්තෙ පහලින් තියෙන X ලකුණ ඔබන්න.Pen එක eject කරන්න ඕන නම් X ලකුණට එහයින් තියෙන eject ලකුණ එබුවොත් හරි.


         ඔන්න එහෙනං අදට ගෙනාපු ටික ඉවරයි ! මම ඉස්සරහටත් Portable Apps ගැන අළුත්ම Updates හා තොරතුරු ගෙ‍්න්න බලාපොරොත්තු වෙනවා.ඒවගේම ඉස්සරහට අපේ යාළුවන්ට ගෙදරදීම Portable  App [ Virtual Packager ] එකක් ගොඩක් සිම්පල් විදියට හදාගන්න හැටි කියල දෙන්නත් බලාපොරොත්තු වෙනවා.යන ගමන් comment පාරකුත් දාගෙනම යමුකෝ.හැමෝටම  ජයෙන් ජයම පිරි ජීවිතයක් වේවා ! සුබ අනාගතයක් !

8 comments:

  1. Good work Bro....But I had to face some problem when working with this soft...I have downloaded photoshop portable software separately.After installing,try to open CS5 and then indicate below message.... YOU ARE NOT ALLOWED TO WRITE TO THE REGISTRY.CONTINUE ANYWAY....Have you got any solution brother.....

    ReplyDelete
    Replies
    1. No, I can't find that error! because I haven't got any error messages.

      Delete
  2. ගොඩක් වටිනව බ්‍රෝ.. තැන්කූ.......

    ReplyDelete

Tweet Now !!