සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Blogger බ්ලෝග් වල අලුත් පොස්ට් එකක් දාන විට , ඒම පොස්ට් සදහා භාවිතා කල හැකි සියලුම විශේෂාංග ගැන හා බ්ලෝග් පොස්ට් ගැන තවත් බෝහෝ දේවල් ගැන දැන ගන්න. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 03 ) [ How To Add a New Blogger Blog Post With Using a All Features. ]


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ අලුත් ලිපි දාන්න කොච්චර හිතන් හිටියත් , මොකක් හරි නිසා දාන්න බැරි වෙනවා.
ඔන්න , අද , වෙබ් හා බ්ලෝග් පාඩම් වල අලුත් හෙවත් 3 වන ලිපිය අරන් ආවා.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් 1 , 2 තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.

#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.
මේ වෙබ් හා බ්ලෝග් පාඩම් 3 වන ලිපියේන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Blogger බ්ලෝග් වල අලුත් පොස්ට් එකක් දාන විට , ඒ අලුත් පොස්ට් එකට භාවිතා කරන්න පුලුවන් , දාන්න පුලුවන් සියලුම විශේෂාංග ගැනයි.

හරි , එහනම් කෙළින්ම පොස්ට් එක බලමු.

අලුත් පොස්ට් එකක් දාන්න ක්‍රම 2ක් තියේනවා.

එකක් තමයි , පිටත Dashboard ( Outside Dashboard ) එකේ 4 වෙනියට තියේන Create New Post කියන Option එක භාවිතා කරල , අලුත් පොස්ට් එකක් දාන එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



අනිත් එක තමයි , පිටත Dashboard ( Outside Dashboard ) එකේ , 6 වෙනියට තියේන කුඩා ඊතල හිස ක්ලික් කරම එන ලිස්ට් එකේන් Posts හෝ තමන් කැමති මොකක් හරි ක්ලික් කරල , ඇතුලු Dashboard ( Inside Dashboard )එකට ගොස් , එහි ඉහලින්ම තිබේන New Post එක භාවිතා කරල , අලුත් පොස්ට් එකක් දාන එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ ක්‍රම 2න් , මොකක් හරි ක්‍රමයක් භාවිතා කරල , අලුත් පොස්ට් එකක් දාන්න හැදුවත් , මේ පහල පින්තුරයේ පරිදි තමයි අපට දැක ගන්න පුලුවන් වෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ උඩ තියේන පින්තුරයේ 1 සිට 21 දක්වා තිබේන සියලුම විශේෂාංග , මේ පහලින් පැහැදිලි කරල තියේනවා.

1 - ඔබේ පොස්ට් එක සදහා භාවිතා කල හැකි Font එක තේරිමට හැක.

2 - ඔබේ පොස්ට් එකේ අකුරු වල , වචන වල ප්‍රමාණය තිරණය කිරිමට හැක.

3 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන තියේන්න ඕන මොන විධියේන්ද කියල තිරණය කරන්න පුලුවන්. ( මෙහිදි Default තේරි තිබේන්නේ Normal ලෙසයි. ඒ Normal එකම , වෙනස් නොකර ඒ විධියටම තියේන්න දෙන්න. )

4 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන Bold කිරිමට හැක. ( අකුරු , වචන මහත් කිරිමට හැක. )

5 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන Italic කිරිමට හැක. ( අකුරු , වචන ඇදේට තිබේන ලෙස සැකසිමට හැක. )

6 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන Underline කිරිමට හැක. ( අකුරු , වචන වලට යටින් ඉරක් ඇදිමට හැක. )

7 - පොස්ට් එකේ අකුරු , වචන වල මැදින් ඉරක් ඇදිමට හැක. ( මෙය Strike Through ලෙස හදුන්වයි. )

8 - පොස්ට් එකේ අකුරු , වචන වල පාට තිරණය කල හැක. ( තමන්ට ඕන එක අකුරකට , එක වචනයට වුවත් එක එක පාට භාවිතා කල හැක. )

9 - පොස්ට් එකේ තිබේන යම් කිසි විශේෂ අකුරක් හෝ වචනයක් හෝ කිපයක් Highlight කිරිමට හැක.

10 - ඔබේ පොස්ට් එකට , වෙන වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක හෝ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හෝ වෙන ඕනැම ලින්ක් එකක් , තමන්ගේ පොස්ට් එකට දැමිමට භාවිතා කල හැක. ( ලින්ක් දැමිමේදි , තමන්ට 100% කටත් වඩා විශ්වාස ලින්ක් පමණක් දමන්න. එහම නැති වුනෝත් Google , Yahoo වැනි Search Engine වලින් ඔබේ සයිට් එකට ලැබෙන පහසුකම් අඩු වෙවි. )

11 - ඔබේ පොස්ට් එකට පින්තුර දැමිමට , මෙය භාවිතා කරයි.

12 - ඔබේ පොස්ට් එකට Video දැමිමට , මෙය භාවිතා කරයි.

13 - ඔබේ පොස්ට් එකේ යම් කිසි ජේද 2ක් වෙන් කර දැක්විමට මෙය භාවිතා කරයි. ( ඒත් , මේක භාවිතා කරා කියල මුකුත්ම වෙන්නේ නැ , මට තේරේන විදියට නම්. ඒ නිසා භාවිතා නොකරාට කමක් නැ. )

14 - පොස්ට් එකේ අකුරු , වචන , පොස්ට් එකේ තියේන්න ඕන කොතනින්ද කියල තිරණය කල හැක. ( ඒනම් , දකුණු පසින්ද , වම් පසින්ද හෝ මැදින් ද යන ආදි ලෙසයි. )

15 - පොස්ට් එකට කිසියම් දෙයක් ගැන ලිස්ට් එකක් ලියන විට , ඒ ලිස්ට් එකේ තිබේන කරුණු වලට ඉදිරියේන් 1 , 2 , 3 යන ආදි ලෙස ඉලක්කම් දැමිමට භාවිතා කරයි.

16 - පොස්ට් එකට කිසියම් දෙයක් ගැන ලිස්ට් එකක් ලියන විට , ඒ ලිස්ට් එකේ තිබේන කරුණු වලට ඉදිරියේන් , කුඩා තිත් දැක්විමට , මෙය භාවිතා කරයි.

17 - යම් කිසි වචන කිපයක් හෝ ජේදයක් විශේෂ කර දැක්විමට භාවිතා කරයි. ( බෝහෝ විට පොස්ට් එකේ HTML , Java Script වැනි Codes ලබා දෙන විට ඒම Codes පොස්ට් එකේ දාල , ඊට පස්සේ ඒ සියලුම Code ටික විතරක් Select කරල , මේ 17 වෙනියට පෙන්වා තිබේන එක ඔබයි. මෙය Quote ලෙස හදුන්වයි. )

18 - මේ ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැ.

19 - ඔබ දාන පොස්ට් එක වර්ග කරන්න පුලුවන් වෙන වර්ගය හෝ වර්ග කිපයක් මෙහි ටයිප් කිරිමට හැක.
( උදා - ඔබේ පොස්ට් එකේ යම් කිසි මෘදුකාංගයක් භාවිතා කරල , මොකක් හරි විශේෂ දෙයක් කරන්න පුලුවන් නම් , ඒ පොස්ට් එක PC Softwares හා PC Softwares Tips & Tricks ලෙස වර්ග කිරිමට පුලුවන්. මෙම වර්ග කිරිම වෙන වෙනම සිදු කරන්න ඕන. )

20 - ඔබ පොස්ට් එක දාන වේලාව හා දිනය ගැන විස්තර පෙන්වයි. ( මෙහිදි Default තිබේන Automatic ලෙසම තිබෙන එක හොදයි. ඔබට පොස්ට් එක දාන වේලාව හා දිනය නැතුව ඊට කලින් දවසක් පොස්ට් එක දැම්ම කියල පෙන්වන්න ඕන නම් Set date and time කියන එක ක්ලික් කරල , තමන්ට ඕන වේලාවක් හා දිනයක් දාලා , ඊට පහලින් තියේන Done කියන එක ක්ලික් කරන්න. )

21 - ඔබේ පොස්ට් එකේ ලින්ක් එක ගැන පෙන්වයි.
( මෙහිදි Autoම ලින්ක් එක විදියට එන්නේ , ඔබේ පොස්ට් එකේ මාතෘකාවේ තියේන ඉංග්‍රීසි වචනයි. මාතෘකාවේ ඉංග්‍රීසි වචන නැත්නම් Blog Post 1 , 2 වගේ තමයි ලින්ක් එක හැදේන්නේ.

ඔබේ පොස්ට් එකට , ඔබ කැමති ලින්ක් එකක් දා ගන්න ඕන නම් Custom Permalink කියන එක ක්ලික් කරල , තමන්ට ඕන ලින්ක් එක Simple ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරල , ඊට පහලින් තියේන Done එක ක්ලික් කරන්න. )

22 - පොස්ට් එක දාද්දි , ඔබ ඉන්න තැනත් දැමිමට ඕන නම් , මෙය භාවිතා කල හැක.
( උදා - පොස්ට් එක දාද්දි , ඔබ ඉන්නේ හික්කඩුවේ නම් Search එකට ඉස්සරහින් Hikkaduwa කියල ටයිප් කරල , Enter එක ඔබන්න. ඊට පස්සේ , ඊට පහලින් Hikkaduwa , Sri Lanka ලෙස එවි. එහම ආවට පස්සේ , ඊට පහලින් තියේන Done එක ක්ලික් කරන්න. )

23 - ඔබේ පොස්ට් එකට අදාලව විවිධ වෙනස්කම් කල හැක.

* මේකේ මුලින්ම තියේන Reader Comments කියන්නේ , ඔබේ පොස්ට් එක කියවන අය ගැනයි.

* Allow - පොස්ට් එක කියවන අයට Comments දැමිමට හැක.
* Don't allow, show existing - පොස්ට් එක කියවන අයට Comments දැමිමට නොහැක.
* Don't allow, hide existing - පොස්ට් එක කියවන අයට Comments දැමිමට නොහැක.

* 2යට තියේන Compose mode කියන්නේ , පොස්ට් එකේ HTML Codes සම්බන්ධව වේ.

* 3යට තියේන Line breaks කියන්නේ , පොස්ට් එකේ තියේන පේලි ගැනයි.

* Use <br> tag - පේලි එකිනෙකින් ඇත් කිරිමට <br> නැමැති HTML Code එක භාවිතා කරයි.
* Press "Enter" for line breaks - පේලි එකිනෙකින් ඇත් කිරිමට Enter , Button එක භාවිතා කරයි.

( මේ Settings වල මුකුත්ම වෙනස් කරන්න එපා.
මෙහිදි , Autoම , තේරි තිබේන Settings , අනිවාරේන්ම ඒ විදියටම තියේන්න දෙන්න. )

24 - Compose කියන්නේ පොස්ට් එක සාමාන්‍ය පරිදි අපි දන්න කියන අකුරු , වචන භාවිතා කරමින් ලිවිමට තිබේන තැනයි.

25 - HTML කියන්නේ , ඔබේ පොස්ට් එකට යම් කිසි HTML Codes එකක් ඇතුලත් කිරිමට ඕන නම් , එය සිදු කිරිමට ඇති තැනයි.
( උදා - අපි හිතමු , ඔබේ පොස්ට් එකේ පහලින් , මොකක් හරි ඇඩ් Codes එකක් දාන්න ඕන කියල.
ඒ නිසා , මේ HTML කියන එක ක්ලික් කරල , එකේ පහලටම ගිහින් , තමන්ට ඕන කරන ඇඩ් Codes එක දාලා , අයේත් උඩට ඇවිත් , වම් පසින් තිබේන Compose කියන එක ක්ලික් කරල සාමාන්‍ය තැනට එනවා. මේ විධියට , ඔබේ පොස්ට් එකේ මුල , මැද , අග වගේ ඕනැම තැනකින් ඇඩ් Codes දාන්න පුලුවන්. )

26 - පොස්ට් එකේ මාතෘකාව දාන තැන.

27 - Publish , කියන්නේ සියල්ලම හරියටම ටයිප් කරල , ඕන කරන පින්තුර , ලින්ක් හා අනෙකුත් දේවල් හරියටම දාල , සම්පුර්ණ වුන පොස්ට් එක , අනිත් අයට බලන්න ප්‍රසිද්ධ ( Publish ) කිරිමයි.

28 - Save - පොස්ට් එක ලියන අතරේදි , ජේදයක් වගේ ටයිප් කරාට පස්සේ Save කිරිමට මෙය යොදා ගනියි.
පොස්ට් එකක් ටයිප් කරන විට , යම් කිසි කාලයක් ඇතුලත Save වෙනවා. ඒත් , ඉතින් අපිත් , කොකටත් වගේ Save කරාටත් කමක් නැ.

29 - Preview - සියල්ලම හරියටම ටයිප් කරල , ඕන කරන පින්තුර , ලින්ක් හා අනෙකුත් දේවල් හරියටම දාල , සම්පුර්ණ වුන පොස්ට් එක , අනිත් අයට බලන්න ප්‍රසිද්ධ කරන්න කලින් , මේක හරියට , ලස්සනට තියේනවද කියල , ඊට කලින් නිකන් බලන්න , මෙය යොදා ගන්නවා.

30 - Close - පොස්ට් එක Close කරන්න , මෙය යොදා ගන්නවා. ( පොස්ට් එක Close කරන්න කලින් හරියටම Publish වෙලාද කියල හෝ Save වෙලාද කියල , අනිවාරේන්ම බලන්න. )

31 - Check Spelling - පොස්ට් එකක් ටයිප් කරන විට , සිදුවන Spelling වැරදි බලා ගැනිමට භාවිතා කරයි. ( වැරදි බලා ගන්න ඕන නම් , ඒක එක පාරක් ක්ලික් කරල , පොස්ට් එක ටයිප් කරන්න. )

* පොස්ට් එකක් දාද්දි , ඒ පොස්ට් එකේ මාතෘකාව සිංහලේන් දැම්මත් , ඒකට ඉංග්‍රීසි මාතෘකාවකුත් දන්න.
අපේ සයිට් එකේ පොස්ට් වලටත් , අපි සිංහල හා ඉංග්‍රීසි මාතෘකා 2ම දානවා.
( එවිට , ඔබේ සයිට් එකට එන පිරිස යම් කිසි විධියකට වැඩි කරගන්න පුලුවන්. )

* හරි , මේවා තමයි Blogger බ්ලෝග් පොස්ට් එකක් දාද්දි භාවිතා කරන්න පුලුවන් සියලුම විශේෂාංග.

මේ විශේෂාංග වලින් , තමන්ගේ පොස්ට් එකට ගැලපෙන , ඒවා විතරක් භාවිතා කරමින් , හොද ලස්සන , සම්පුර්ණ , හරි පොස්ට් එකක් දාන්න.

* පොස්ට් එක කියවන අයට , ඒක ලේසියේන්ම තේරුම් ගන්න පුලුවන් වෙන විධියට සරල වචන භාවිතා කරමින් , රසවත්ව ගලා යන පොස්ට් එකක් ලියන්න.

* මේ විධියට ලියන පොස්ට් වලට ගැලපේන හොද පින්තුර හදල , ඒවා , Facebook , Twitter වැනි සයිට් වල වැඩි වැඩියේන් දාන්න.
Facebook එකේ තියේන සියලුම Group වල පුලුවන් තරම් වැඩිම ප්‍රමාණයක් දාන්න.

මේ විධියට Facebook , Twitter වැනි සයිට් වල , ඔබේ පොස්ට් දාන විට , ඔබේ ඒ පොස්ට් බලන්න , ඔබේ සයිට් එකට වැඩි වැඩියේන් පාඨකයන් එවි.

සයිට් එකට වැඩියේන් පාඨකයන් එන විට Google , Yahoo වැනි Search Engine වලින් ඔබේ සයිට් එකට ලැබෙන පහසුකම් හා ස්ථානය වැඩි වෙනවා. ඒ වගේම සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි වෙනවා.

අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න.

-------------------------------------------------------------------------------------------------------------------

වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.


16 comments:

  1. Replies
    1. Pawan - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  2. තමන්ගේ බ්ලොග් එකට වෙනත් අයව සම්බන්ද කරගන්නේ කොහොමද ලියන්න ,ඇඩ්මින් හා එයාල අතර වෙනස මොකක්ද?වෙනත් අයෙක් තමන්ගේ බලෝග් එකට ලියන දේවල් පබ්ලිස් කරන්නේ කෙහොමද?උත්තරයක් දෙන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies

    1. Laxman -

      1. ) අලුතේන් , කවුරු හරි ගන්න ඕන නම් , මුලින්ම සයිට් එකේ Inside Dashboard එකේ Settings වල Basic කියන එකට යන්න. එවි , ඔයාගේ නම හා Email එක පෙනේවි.
      එතන පහල තියේන Add authors කියන එක ක්ලික් කරල , ඊට පස්සේ , එන කොටුවේ , අලුතේන් එකතු කරගන්න ඕන කෙනාගේ Email එක ටයිප් කරල , Invite Authors කියන එක ක්ලික් කරන්න.

      * ඒ වගේම ඔයාගේ Email Contact එකේ ඉන්න අයටත් Invite කරන්න පුලුවන්.
      ඒකටත් , ඔය පැත්තකින් තියේන Add authors කියන එක ක්ලික් කරලා , 2යට තියේන Choose from Contacts කියන එක ක්ලික් කරාම එන Box එකේ වම් පැත්තේ , උඩ තියේනව පොඩි Menu එකක් වගේ එකක්. අන්න , ඒක ක්ලික් කරාම එන All Contacts කියන එක ක්ලික් කරාම ඔයාගේ Email Contacts ටික බලන්න පුලුවන්.
      දැන් , ඒ පෙන්වන අයගේන් , සයිට් එකට එකතු කරගන්න ඕන අය ඉන්නව නම් , ඒ අයව Select කරල , ඊට පස්සේ , යටින් තියේන Select කියන එක ක්ලික් කරන්න. දැන් , සුපුරුදු පරිදි Invite authors කියන එක ක්ලික් කරාම , හරි. [ දන්න , හොද අයව විතරක් බ්ලෝග් සයිට් එකට ගන්න. ] )

      2. ) ඒ විධියට අලුතේන් සයිට් එකට ගන්න අයව හදුන්වන්නේ Author කියලයි.
      ඇඩ්මින්ට සයිට් එකේ ඔනැම දේයක් වෙනස් කරන්න , දාන්න , Delete කරන්න පුලුවන්. ඒත් , කෙනෙකුට වෙනස් කරන්න පුලුවන් වෙන්නේ , එයා සයිට් එකට දාපු පොස්ට් විතරයි. ඊට වඩා මුකුත් වෙනස් කරන්න බැ.

      වෙනත් අය කියන්නේ , ඔයාට හැර , බ්ලෝග් එකට පොස්ට් දන්න පුලුවන් වෙන්නේ Authorට විතරයි. Authorටත් , පොස්ට් Publish කරන්නේත් , සාමාන්‍ය පොස්ට් එකක් Publish කරන විධියටම තමයි.

      Author කෙනෙක්ව , ඕන නම් සයිට් එකේ ඇඩ්මින් කරන්නත් පුලුවන්. ඒකට , අර මම මුලින් කියපු විධියට සයිට් එකට මුලින්ම Author කෙනෙක්ව අරන් , පස්සේ එයා සයිට් එකට ආවට පස්සේ , ඒයාගේ නමට ඉස්සරහින් තියේන Author කියන එක Admin කරල Save කරාම හරි.

      දැන් හරි නේ !! :D
      තව උදව් ඕන නම් කියන්න !! :>)

      Delete
  3. post ekaka ithuru kotasa page ekkata countinue wena widiyata hadanne kohomada?

    ReplyDelete
    Replies
    1. Sameera - Mata Oyage Prashnaya pahadili madi.

      Oya Ahanne Post ekaka ithuru tika balanna ona nam , e Link eka Click karama Aluth Page ekakata yana eka nam , Me Post eke 10 weniyata Kiyaa thiyena eka balanna.
      E vidiyata thamai , Mama me Post eke Anthimata Web Ha Blog Padam kiyala Link tika dala thiyenne.

      Prashneta , Uththaraya labunada ??

      Delete
  4. Blogger වල විතරක් තියෙන එව දාල ලස්සන හදන්න බෑනේ....Site එක මේ වගෙ ලස්සන කරගන්න විදිය කියල දෙනවද....??? එක එක Gadgets දාන හැටි වගේ....

    ReplyDelete
    Replies
    1. Vinod - මේ විධියට සයිට් එක හදන්න නම් Widgets , Gadgets වලට වඩා හොද ලස්සන , ගොඩාක් ඉක්මණට Load වෙන ටෙම්ප්ලේට් එකක් දාන්න ඕන.

      අලුත් ටෙම්ප්ලේට් එකක් දාන්න ඕන නම් Blogger Inside Dashboard එකේ Template එකට ගිහින් , ඒ පිටුවේ වම් පැත්තේ උඩින් තියේන Backup / Restore කියන එක ක්ලික් කරන්න.
      දැන් , පොඩි Box එකක් එවි. අන්න එකේ මුලින්ම තියේනවා Download full template කියල එකක්.
      ඔයාගේ සයිට් එකේ Template එක වෙනස් කරන්න කලින් , දැනට තියේන Template එක Download කරගන්න , ඕන නම් එක ක්ලික් කරන්න.
      ( Template එකක් මාරු කරද්දි , මේ විදියට දැනට තියේන Template එක Download කර ගෙන , ඊට පස්සේ අලුත් Template එකක් සයිට් එකට දාන එක ගොඩාක් හොදයි. )
      [ ඒත් , සයිට් එකේ තිබුන පරණ Template එක ඩවුන්ලෝඩ් කරද්දි , ඒ සයිට් එකේ තියේන පොස්ට් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැ. ඩවුන්ලෝඩ් වෙන්නෙ Template එක විතරයි. ]

      දැන් , ඒ Box එකේම 2යට තියේන Choose File කියන එක ක්ලික් කරන්න.
      ඊට පස්සේ , තව Box එකක් එවි. දැන් , Template තියේන සයිට් එකකින් , කලින් ඩවුන්ලෝඩ් කර ගත්තු , Template එක තෝරල , එක Double ක්ලික් කරන්න.
      ඊට පස්සේ , පහලින් තියේන Upload කියන එක ක්ලික් කරන්න.
      දැන් , ඒ දපු Template එක Upload වෙල ඉවර වුනාට පස්සේ , ඒ Open වෙල තිබුන Box එක Autoම Close වෙනවා.
      දැන් , ඔයාගේ සයිට් එක Open කරල බලන්න , ඔයා දාපු ඒ පට්ටම සුපිරි Template එක තියේනවා. :D

      වෙබ් හා බ්ලෝග් පාඩම් 2 පොස්ට් එකේ , මැද හරියේ 9 වෙනියට තියේන Template කියන එක කියවල බලන්න.
      එවිට , ඔයගේ සයිට් එකට අලුත් Widgets , Gadgets දා ගන්න පුලුවන් ආකාරයන් ගැන දැන ගන්න පුලුවන්. :>)

      මෙන්න වෙබ් හා බ්ලෝග් පාඩම් 2 ලින්ක් එක - http://allsevennet.blogspot.com/2013/10/Web-And-Blog-Lessons-02-How-To-Make-A-Web-Or-Blog-Site-InSinhala.html

      Delete
  5. Podi awulak have post 1 kanda gatha karala danne kohomada

    ReplyDelete
    Replies
    1. Pubudu - Eka karana vidiya gana Mama , Pinthurayath ekkama Web Ha Blog Padam 3 kiyala thiyenawa.
      e Post eka balala , Oyage Wade Hariyatama kara ganna Puluwan.

      Web Ha Blog Padam 3 Link - http://allsevennet.blogspot.com/2013/12/how-to-add-a-new-blogger-blog-post-with-using-a-all-features-web-and-blog-lessons-3.html

      Delete
  6. Post 1 page 1 witarak wena wenama danne kohomada wen karala

    ReplyDelete
    Replies
    1. Pubudu - Mata , Oyage prashnaya Hariyatama pahadili madi.
      Oyata Puluwan nam Me Site eke uda thiyena " Email Us Now " kiyana eka Use karala , Apata , Oyage prashne Pahadili karala ewanna Saho.

      Delete
  7. 1 page 1 post kihipsyak wen karala danne kohomda contiu karala

    ReplyDelete
    Replies
    1. Pubudu - Mata , Oyage me prashnayath Hariyatama pahadili madi Saho.
      Oyata Puluwan nam Me Site eke uda thiyena " Email Us Now " kiyana eka Use karala , Apata , Oyage prashne Pahadili karala ewanna Saho.

      Delete
  8. blog එකට template එකක් Upload කරන්න ගියහම Error එකක් එනවා

    We were unable to save your template.
    Your template could not be parsed as it is not well-formed. Please make sure that all XML elements are closed properly. XML error message:
    Content is not allowed in prolog.

    ReplyDelete
    Replies
    1. Tharindu - ඔව් , මේක මමත් දැක්ක.

      මේ Error එක හැම Template එකකටම එනව. ඒත් , මේ Error එක ආව වුනත් , Template එක සාර්ථකව සයිට් එකට එකතු වෙනව.
      ඒ නිසා , Template එක Upload කරල ඉවර වෙද්දි , මේ Error එක ආවෝත් , ඒ ගැන හිතන්නේ නැතුව ඒක Close කරල , සයිට් එක Open කරල බලන්න.
      ලස්සනට අලුත් Template එක දැක ගන්න පුලුවන්.

      Delete

Tweet Now !!