සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ සියලුම දෝෂ ගැන දැන ගෙනම , ඒවා පහසුවෙන් විසදා ගන්නා ආකාරය. [ What Are VGA Card / Video Card Errors & How To Fix VGA / Video Card Errors. ]


VGA කාඩ් එක හෙවත් විඩියෝ කාඩ් එකේ මතුවන සියලු දෝෂ කෙළින්ම පෙන්වන්නේ පරිගණකයේ මොනිටරය මගිනුයි. ඒම නිසා , දෝෂ සොයා ගැනිම ආරම්භ කරන්න ඕන මොනිටරය හොද තත්වයේන් තියේනවද කියල බලලයි. මොකද , මොනිටරය වැඩ කරන්නේ නැත්නම් , මොනිටරය මගින් පෙන්වන විඩියෝ කාඩ් එකේ දෝෂ ගැන දැන ගන්නේ කොහමද ??

ඒ වගේම VGA කාඩ් එක කිව්වත් , විඩියෝ කාඩ් එක කිව්වත් , කිසිම ප්‍රශ්ණයක් නැ. නම් 2ම කියන්නේ , එකම දෙයකටයි. VGA කියන එකේ තේරුම තමයි Video Graphics Array කියන්නේ.

* මොනිටරයට විදුලි බලය ලැබෙනවද ??

මොනිටරය වෙත විදුලි බලය ලබා දෙන Power Cable එක නිසි පරිදි සවි වි ඇත්දැයි බලන්න. එසේ සවි වි ඇතත් , ඇතම් විට එය ඇතුලතින් කැඩි තිබිය හැකි බැවින් System Unit එකට බලය ලබා දෙන කේබල් එක තාවකාලිකව මොනිටරයට සවි කර බලන්න. එහිදි මොනිටරයට විදුලිය ලැබේ නම් දෝෂය ඇත්තේ කේබල් එකේ වේ. ඒම නිසා , ඒම කේබල් එක මාරු කරන්න. එමෙන්ම මොනිටරය වෙත සිග්නල් ලබා දෙන , VGA කේබල් එකද හොදින් සවි වී ඇත්දැයි බලන්න. ( නමුත් , සමහර වෙලාවට දැන් එන මොනිටර වලට නම් , - එකේ කේබල් එක සවි කරන්න බැ. ඉතින් එහම වුනෝඅත් නම් කරන්න දේයක් නැ. )

* මොනිටරයේ දිප්තිය ඕනැවට වඩා අඩු කර තිබේද ??

Analog මොනිටරයකදි නම් මොනිටරයේ පහලින් ඇති කුඩා රෝද වැනි කොටස් කරකවා , මොනිටරයක් ක්‍රියා විරහිත කර ඇති විටදි පවා , Brightness හා Contrast වෙනස් කල හැක. Analog වර්ගයේ මොනිටරයක් නම් මෙසේ Brightness හා Contrast වල වෙනස්කම් සිදුවි ඇත්දැයි බලන්න. ඇතම් විට නවින මොනිටරයක වුවද Brightness හා Contrast සැකසුම් වෙනස් විමේන් මෙවැනි දෝෂ ඇති විය හැක. මේ නිසා අදාල සැකසුම් නිවැරදිව අත්දැයි බලන්න.

* පරිගණයක මොනිටරයේ " Power " ලෙස පණිවිඩයක් පෙන්වනවද ??

පරිගණක මොනිටරයට විදුලිය ලැබෙන්නේ නම් " Power " යන වචනය ඇතුලත් පණිවිඩයක් මොනිටරයේ පෙන්වයි. මෙය , Attach Graphic Card Power හෝ No Power To Video Adapter ආදි ලෙසද පෙන්විය හැක. ඒනම් පරිගණකයේ PCI Express කාඩ් එකට හෝ AGA VGA කාඩ් එකට නිසි පරිදි විදුලිය නොලැබෙන බවයි. මේ කාඩ් සදහා විදුලිය ලබා දිමට වෙනමම කනෙක්ටරයක් ( Connector ) ඇත්නම් , එහි බුරුල් විමක් හෝ Power කනෙක්ටරයේ දෝෂයක් පැවතිය හැක. VGA Card එක සවි කරේ අලුතින් නම් , කේබල් එක සවි නොකර තිබෙන්නට පුලුවන. ඒ නිසා , එය සොයා සවි කරන්න.
එසේත් නැත්නම් Power Supply Unit එකේන් ලබා දෙන විදුලිය පරික්ෂා කරන්න. ඇතැම් අලුත් VGA Card , Power Supply Unit එකේන් වැඩි විදුලි බලයක් ගන්නවා. එවිට තුඩු 4ක Power Cable එක නොව , තුඩු 6ක විශේෂිත කේබල් එකක් ඇති Power Supply Unit එකක් ලබා ගත යුතුයි. එසේ නොමැති වුනෝත් , මේ පහල කියල තියේන වගේ දෝෂ මතු වෙන පුලුවන්.

* No Signal Displayed ? පණිවිඩය දිස්වේද ??

බොහෝ අලුත් මොනිටර වලට සිග්නල් නොලැබෙන අවස්ථා වලදි , No Signal Source හෝ Attach Video Signal වැනි දෝෂ පණිවිඩයක් ලබා දෙයි. මොනිටරය ON කර , System Unit එක ක්‍රියාත්මක කිරිමට කලින් , මෙවැනි පණිවිඩයක් දිස්විම සාමාන්‍ය දෙයකි. System Unit එක ක්‍රියාත්මක කල පසු , එය ඉවත් වේ. System Unit එක ක්‍රියාත්මක කිරිමේන් පසුවද , මෙම පණිවිඩය දිස්වේ නම් , VGA කේබල් එක බුරුල් වි තිබිය හැක. ඒය හොදින් සවි කර බලන්න.

* විඩියෝ කේබල් ( VGA Cable ) එක හරියටම සම්බන්ධ වි තිබෙනවාද ??

VGA කාඩ් එකේන් සිග්නල් ලබා දෙන කේබල් එක සුළු ලෙස හෝ බුරුල් විමේන් , මොනිටරය වෙත සිග්නල් නොලැබේ. එම VGA කේබල් එක හොදින් තද කර බලන්න. VGA කේබල් එකේ System Unit එක සමග සම්බන්ධ වෙන කෙළවර , කරකවා තද කල හැකි ඇණ 2ක් තියේනවා. සමහර පිරිස් තමන්ගේ පහසුවට ඇණ 2ක නියම ආකාරයට කරකවා සවි කිරිම නොකලද , පේළි 3ක ඇති තුඩු 15ක VGA Cable එක හරියට හොදින් සම්බන්ධ විමට නම් , ඒම ඇණ 2ක අනිවාරේන්ම හොදින් තද කරන්න ඕන.
සමහර විට , VGA Cable එකේ තුඩු කැඩි හෝ නැමි තිබිම නිසාද මොනිටරයට සිග්නල් නොලැබිමට හැක. ඒම නිසා , VGA Cable එක හොදින් පරික්ෂා කර බලන්න. තුඩු කැඩි හෝ නැමි ඇත්නම් , අලුත් VGA Cable එකක් ගන්න වෙනවා.




* මොනිටරය පරික්ෂා කරන්න.

VGA කේබල් එක නිසියාකාරව සම්බන්ධ කර තිබේ නම් , මොනිටරය වෙනත් System Unit එකකට සම්බන්ධ කර බලන්න. මෙහිදි , මොනිටරය හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය පවතින්නේ මොනිටරයේ නොවන බව නිගමනය කල හැක. මොනිටරය , වෙනත් System Unit එකකට සම්බන්ධ කල විට , හොදින් ක්‍රියාත්මක වේ නම් , දෝෂය තිබේන්නේ ඔබේ System Unit එකේ වේ. ඒම නිසා , ඔබේ System Unit එකේ දෝෂය පරිගණක අලුත්වැඩියා කරන ආයතනයකට ලබා දි , සාදා ගත යුතු වේ.

* VGA කේබල් එකේ දෝෂ සහිත තුඩු තිබේද ??

VGA Cable එකේ කැඩි ඇති හෝ නැමි ඇති තුඩු ඇත්නම් , ඒවා මගින් මොනිටරය වෙත ලබා දෙන සිග්නල් වල විවිධ දෝෂ ඇති කරයි. කේබලය ඇතුලතින් රැහැන් කැඩි යාම නිසාද , මෙවැනි දෝෂ මතු විය හැක. එවැනි වෙලාවක තිබේන VGA කේබල් එක වෙනුවට , වෙනත් කේබල් එකක් යොදා පරික්ෂා කරන්න.

ඇතැම් මොනිටර වල , එම VGA කේබල් එක මොනිටරය වෙත සවි වි ඇති පැත්තද ගලවා , වෙනමම කේබල් එකක් සවි කල හැකි ආකාරයට සකස් කර ඇත. එහෙත් , බොහෝ මොනිටර් වල අදාල VGA කේබල් එකේ මොනිටරයට සවි වන කෙළවර , සවි වෙන්නේ ඇතුළතිනි. එවිට අදාල කේබල් එක සම්බන්ධ කර ඇති ඊයම් කොටස් , රත් කල බවුත් එකක් යොදා ගෙන ප්‍රවේසමේන් ගලවා , වෙනත් කේබල් එකක් යොදා බලන්න.
මෙම කාර්ය අපහසු නම් හෝ අදාල උපකරණ නොමැති නම් , ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් එය කර ගත යුතුයි. 
මේ කරන්න තියේන්නේ පොඩි දේයක් කියල , ඔබ විසින් ඊයම් කොටස් ගලවන විට , කේබල් එකට හානි වුනෝත් මොකද කරන්නේ.. ඒ නිසා , හොදම දේ ඉලේක්ට්‍රෝනික කාර්මිකයේකු මගින් , මෙය අනිවාරේන්ම කරගන්න.

* බීප් හඩක් ඇසේද ??

බයෝස් ( BIOS - Basic Input Output System ) නිෂ්පාදකයින් , දෝෂ හදුනා ගැනිමට එක් කරනු ලබන " බීප් " නාද , එක් එක් මවුපුවරුවෙන් මවුපුරුවට වෙනස් වුවත් , සාමාන්‍යයේන් VGA කාඩ් එකේ දෝෂයක් නම් " බීප් " නාද / හඩවල් 3ක් හෝ 9ක් එක දිගටම ඇසේනවා.

* VGA කාඩ් එක නිසි පරිදි සවි කර තිබෙනවාද ??

මොනිටරයට වෙත සංඥා ලබා දෙන VGA කාඩ් එක , එම ඇඩැප්ටරයට නිසි පරිදි සවි වි ඇත්දැයි බලා , එය නිවැරදි නොවේ නම් හොදින් සවි කරන්න. එය සවි ඇත්නම්ද , ගලවා අදාල කාඩ් එකේ සම්බන්ධකය හා ස්ලෝට් එක පිරිසිදු කර නැවත සවි කර බලන්න.

* RAM එක නිසි පරිදි සවි කර තිබේද ??

RAM මොඩියුල්ස් නිසි පරිදි සවි ඇත්දැයි බලන්න. ඒ කිව්වේ , RAM එක සම්බන්න්ධ කරන ස්ලෝට් එකට , ඒය හරියට සම්බන්ධ වෙල තියේනවද කියල බලන්න. RAM එක සවි කරගන්න , අර පොඩි කොටස් 2ක් දෙපැත්තේන් තියේනවනේ. අන්න , ඒ කොටස් 2යි , RAM එක සවි කරන ඒ කොටස හෙවත් ස්ලෝට් එකයි සෙමින් පිරිසිදු කර , නැවත RAM එක සවි කර බලන්න. එවිටද , දෝෂ සමනය විය හැක.

* බයෝස් තිරය ( BIOS Screen ) දිස් වේද ??

සාමාන්‍යයේන් පරිගණකයක් ක්‍රියාත්මක කල විගස , මුලින්ම දිස් වෙන්නේ බයෝස් වෙතින් ලබා දෙන තිරයයි. එසේ දිස් වෙන්නේ නම් බොහෝ විට , VGA Card කාඩ් එක නිසි පරිදි සවි වි ඇති බවත් , එය මුලික ක්‍රියාකාරකම් වලට ඕන ආකාරයේන් ක්‍රියාත්මක වන බවත් , ස්ථිර / තහවුරු කරගන්න පුලුවන්.
එම අවස්ථාවේ පරිගණකය ක්‍රියා නොකරයි නම් , වෙනත් කාඩ් එකක ක්‍රියාකාරිත්වය නිසි පරිදි නොතිබෙන්නට පුලුවන්.

* මොනිටරය මාරු කර බැලුවද ??

මොනිටර් එකේ දෝෂයක් ඇතැයි සිතේ නම් , ඒ වෙනුවට වෙනත් මොනිටරයක් යොදා බලන්න. එසේත් , නැත්නම් අදාල මොනිටරය වෙනත් System Unit එකකට සවි කර බලන්න. එහිදිද , මොනිටරය නිසි ආකාරව ක්‍රියා නොකරයි නම් , දෝෂය ඇත්තේ මොනිටර් එකේහිය. මෙහිදි , පරිගණක කාර්මික ශිල්පියේකු මගින්න් මොනිටරය අලුත්වැඩියා කරගන්න.

සමහර විට මොනිටරය අලුත්වැඩියා කරනවාට වඩා , අලුතින් මොනිටරයක් මිළදි ගැනිම ලාභදායක විය හැක. මොනිටරය පරණ එකක් නම් , නවින පන්නයේ මොනිටරයක් අලුතින් මිළදි ගැනිම වඩාත් සුදුසු වේ. වෙනත් System Unit එකකදි , මොනිටරය ක්‍රියාත්මක වේ නම් , දෝෂය ඇත්තේ VGA කාඩ් එකේ විය හැක. එවිට , VGA කාඩ් එක පමණක් එහි ඉතිරි කර , එය ක්‍රියාත්මක නොවේ දැයි බලන්න.

* කුමන හෝ උපාංගයක් අලුතින් සවි කරාද ??

පරිගණකයේ පෙන්වන දෝෂය හටගත්තේ , යම් ඇඩැප්ටරයක් / උපාංගයක් අලුතින් සවි කිරිමේන් අනතුරුව නම් , දෝෂය ඇත්තේ අදාල ඇඩැප්ටරයේ / උපාංගයේ විය හැක.
මෙහිදි දිය හැකි හොදම විසදුම වෙන්නේ , එය ගලවා , නැවත උත්සහ කර බලන්න කියලයි. මෙයද , අසාර්ථක නම් Motherboard එකට සවි කර ඇති Processor , RAM එක හා VGA කාඩ් එක පමණක් ඉතිරි කර අනෙකුත් කාඩ් හා Hard Disk වැනි උපාංග ගලවා , පරිගණකය ක්‍රියත්මක කර බලන්න.

* VGA කාඩ් එක පමණක් පරික්ෂා කරාද ??

අනෙකුත් සියලුම ඇඩැප්ටර ගලවා තැබු පසු බයෝස් ස්ක්‍රින් ( BIOS Screen ) එක වෙත පිවිස එහි සැකසුම් කරන මෙන් දක්වයි. මෙහිදි , අදාල බයෝස් සැකසුම් කල පසු , Hard Disk එකද ගලවා ඇති බැවින් , System Disk එකක් ඇතුලත් කරන ලෙස පණිවිඩයක් ලබා දෙයි. මෙහිදි , Hard Disk එක පමණක් සවි කර උත්සහ කර බැලිය හැක. පරිගණකය ක්‍රියා කරයි නම් , දෝෂය ඇත්තේ වෙනත් ඇඩැප්ටරයේය.

* අලුතින් VGA කාඩ් එකක් සවි කර බැලුවද ??

පරිගණකයේ දැනට ඇති VGA කාඩ් එක් ගලවා , වෙනත් VGA කාඩ් එකක් යොදා බැලිමෙන් දෝෂය තිබෙන්නේ කුමන VGA කාඩ් එකේද යන්න දැන ගත හැක.
මෙසේ කරන විටද , නිසි ක්‍රියාකාරිත්වය ලැබෙන්නේ නැත්නම් බොහෝ විට දෝෂය ඇත්තේ අදාල ස්ලෝට් එකේ විය හැක. මෙහිදි , වයින්ස්ප්‍රීට් හෝ ඇල්කොහොල් වැනි ද්‍රාවකයක් , සිනිදු කෙදි සහිත බුරුසුවකට යොදා , අදාල ස්ලෝට් එක පිරිසිදු කරන්න. එම උත්සහයද අසාර්ථක වේ නම් , PCI Express ස්ලෝට් එකකට , සවි වන වෙනත් VGA කාඩ් එකක් සවි කර බලන්න. එවිට AGP VGA ස්ලෝට් එක හෝ PCI Express ස්ලෝට් එක දෝෂ සහගත නම් , PCI VGA කාඩ් එක භාවිතා කල හැක.

මේ පහල රුපයේන් PCI Express හා AGP VGA පැහැදිලිව පෙන්වා තියේනවා.




මේ පහල රුපයේ තියේන්නේ , අපි කවුරුත් දන්න VGA Cable එක තමයි.




මෙහිදි System Unit එක ගැන කතා කල නිසා , System Unit එක ඇතුලේ තියේන උපාංග වල පිහිටිම පෙන්වන රුපයකුත් , මේ පහලින් දැම්මා.



මේ කරුණු තමයි , VGA හෙවත් විඩියෝ කාඩ් එකට , VGA කේබල් එකට , මොනිටර් එකට අදාලව කියන්න තියේන්නේ.
කාට හරි , මේ පොස්ට් එකත් ප්‍රයෝජනවත් වුනා නම් , එච්චරයි. :D

6 comments:

  1. Mage Pc Eke Me lagadi indala bios thiraya pennan ne on wenakota...Eth pc Eka on wenawa hodata wada karanawa...Pc eka restart karala aye on wenakota bios thiraya pennanawa.mehema wenne ai.

    ReplyDelete
    Replies
    1. Kasun - Mata nm e gana hriyatama kiyanna amarui..
      Hoda Computer Hardware Knowledge ekak thiyena kenekta pennala balanna..

      Delete
  2. Printer eka ganath sinhalen hardware lesson eke danna....

    ReplyDelete
    Replies
    1. Thusitha - Hari , Idiriyedi welawa thiyena widiyata Post eka danna Uparima Uthsaha karannam. :D

      Delete
  3. මගේ PC එකට VGA එකක් සෙට් කරා
    VGA එක වැඩ එත් තිරයට මොනවත් පෙන්නේ නැ entering power save mode කියල වැටෙනවා

    ReplyDelete
    Replies
    1. VGA එක වැඩ කරනවා එක හොදට තේරෙනවා මොකද බීප් සද්දයක් ඇවිල්ල මම F1 එබපුවම සාමාන්‍ය පරිදි වැඩ කරන බව පැහැදිලි තිරයේ මොනවත් පෙන්නන්නේ නැ Etering power save mode කියල එනවා එච්චරයි

      Delete

Tweet Now !!