සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ , Pattern Lock එක අමතක වු විට , Reset කරන්නේ නැතුවම , Pattern Lock එක ඉවත් කරන ආකාරය. [ How To Remove Pattern Lock In Android Phone Or Tab Without Data Reset. ]


ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මේ වන විට ලොව පුරා ව්‍යාප්තව පවතින ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක්. ඒ නිසා , මේවාට සොර සතුරන්ගෙන් වන කරදරද වැඩි වෙමින් පවතිනවා. ඒ නිසාම , තමන් ලග තියේන ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනත් ඕනැම වර්ගයක ජංගම දුරකතන වලට හා Tab වලට විවිධ ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න , අපි පුරුදු වෙලයි ඉන්නේ. මෙයින් ප්‍රධාන ආරක්ෂක ක්‍රම තමයි Pin , Password හා Pattern Lock කියන්නේ.

නමුත් හදිස්සියේවත් , අපේ ආරක්ෂාවට යොදපු ඒ ආරක්ෂක ක්‍රමය අමතක වුනෝත් මොකද කරන්නේ ??
එහම නැත්නම් , ඔබේ ජංගම දුරකතනයට හෝ Tab එකට , වෙන කවුරුන් හෝ විසින් මොකක් හරි ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරලා , ඒ අදාල පුද්ගලයව සොයා ගන්නවත් නැත්නම් මොකද කරන්නේ ??

මෙන්න , මෙවැනි අවස්ථාවක හෝ මොනකම් හෝ අවස්ථාවක යොදන ලද ආරක්ෂක ක්‍රමය ඉවත් කරගන්න ඕන වුනෝත් , ඒය කරන ආකාරය තමයි අද කියල දෙන්නේ.

ඒත් , අද අපි මේ කියල දෙන ක්‍රමයේන් ඉවත් කරගන්න පුලුවන් වෙන්නේ යොදා තියේන Pattern Lock එකක් විතරයි. මේ ක්‍රමයට Pin හා Password නම් ඉවත් කරන්න දැනට බැ.

Pattern Lock එක ඉවත් කරගන්න , ආකාර කිපයක් තියේනව. නමුත් , ඒවායින් බොහෝ ක්‍රම වලදි , ඔබේ ජංගම දුරකතනය හෝ Tab එක , Reset කරන්න වෙනව. ඒනම් , ඔබ සතු පින්තුර , ෆයිල්ස් , විඩියෝ , සින්දු යනාදි සියලුම දේවල් නැති වෙනව.

නමුත් , දැන් අපි මේ කියල දෙන ක්‍රමයේදි , කිසිසේත්ම ඔබේ ජංගම දුරකතනය හෝ Tab එක , කිසිසේත්ම Reset කරන්න ඕන නැ. ඒ නිසා ඔබේ සියලුම දේවලුත් ආරක්ෂා වෙනව. අනිවා , මේ ක්‍රමය බොහෝ දෙනේක් දන්නව ඇති , ඒත් කොකටත් කියල හැමෝටම දැන ගන්නත් එක්කම කියල දෙන්නම්.

* නමුත්  , මේ ආකාරයට යොදා තියේන Pattern Lock එක ඉවත් කරන්න නම් , අනිවාරේන්ම ඒම ජංගම දුරකතනය හෝ Tab එක , අන්තර්ජාලයට සම්බන්ධව තිබිය යුතුයි. ඒනම් , Data On වෙලාම තියේන්නේ ඕන. මේක තමයි ලොකුම ප්‍රශ්නයකට තියේන්නේ. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ හැම විටම Data On කරල තියන්නේ නැ තමයි. නමුත් කරන්න දෙයක් නැ.
මේ ක්‍රමයේන් , ඒ යොදා තියේන ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න නම් , අනිවාරේන්ම Screen එක Lock වෙන්න කලින් ඉදන්ම Data On වෙල තියේන්න ඕන. Data On වෙලා නැත්නම් කරන්න දෙයක් නැ.

* අපි අනිවාරේන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ගත්තාම , ඒකට Email හා Password එකක් ලබා දිල Google Account එකක් හදා ගන්නව. එහම නැත්නම් දැනටමත් තියේන Google ගිණුමක තොරතුරු ලබා දි , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට , අපේ ගිණුම Add කරනව.
මෙන්න , මේ විධියට Add කරන Email එක හා Password එකත් , මේ ක්‍රමයේදි අපට ඕන වෙනව. මොකද , ඒවා ලබා දුනට පස්සේ තමයි , අපිට ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න අවසර ලැබෙන්නේ.
මේ නිසාම , මේ ක්‍රමය භාවිතා කරල , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ හෝ Tab එකේ ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න , ඒ අදාල අයිතිකරුට හැර වෙන කාටවත්ම බැ.

හරි , මේක කරන්නේ මෙහමයි.

1. ) මුලින්ම , Pattern Lock එක යොදපු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ Tab එක අර ගෙන , එහි තමන්ට හිතේන හිතේන විධියට Pattern Lock එක 5 වතාවක් අදින්න.
මෙසේ , 5 වෙනි වතාවේ Pattern Lock එක ඇදල ඉවර වෙනවත් සමගම , ඔබට මේ පහල රුපයේ තියේන පණිවිඩය පෙනේවි.
දැන් , එහි ඇති OK එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. ) දැන් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Screen එකේ දකුණු පස පහලින් තියේන Forgotten Pattern කියන එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) දැන් , අපි අර කලින් කියු පරිදි , දැනටමත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට යොදා තියේන Email එක හා Password එක හරියටම ටයිප් කරන්න. නිවැරදිව ටයිප් කල පසුව , එහිම ඇති Sign In කියන එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) හරි , එවිට විවෘත වෙනව Unlock Selection කියන කොටස.

මෙතනදි , අපේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ආරක්ෂක ක්‍රමයක් නැවතත් දානවද , නැද්ද කියන එක තිරණය කල යුතුයි.

* ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට කිසිදු ආරක්ෂක ක්‍රමයක් අවශ්‍ය නැත්නම් , None කියන එක ඔබන්න.

* ඔබට Pin , Password , Pattern Lock වැනි ටයිප් කරමින් , අදිමින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඇතුලු විය යුතු ආරක්ෂක ක්‍රම කරදරකාරි නම් , Swipe එක ඔබන්න. ( මෙහිදි උපාංගයේ Power Button එක එබුවා , Screen එක Touch කරගෙන කොයි පැත්තකට හරි නිකන්ම ඇද්දා , උපාංගයට ඇතුලු වුනා. ) 

* නමුත් , ඔබේ උපාංගයට තව දුරටත් ආරක්ෂක ක්‍රමයක් ඕනම නම් , Pin , Password , Pattern Lock වැනි ක්‍රම වලින් එකක් ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. ) හරි , මෙච්චරයි කරන්න තියේන්නේ.
දැන් , නැවතත් සාමාන්‍ය පරිදි , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයා හා Tab එක භාවිතා කරන්න.

* ඒ වගේම , ඔබ නැවතත් කිසියම් ආරක්ෂක ක්‍රමයක් යෙදුව නම් , ඒ ක්‍රමයට අදාල වචන හෝ ඉලක්කම් හෝ රටාව , අනිවාරේන්ම ඉතාමත්ම හොදින් මතක තබා ගන්න.

මේ පොස්ට් එකේන් , අලුත් දේයක් දැන ගත්ත නම් , මේ පහලින් Comment එකකුත් දා ගෙනම යන්න.

2 comments:

Tweet Now !!