සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress. [ Real Adventure Game With Real Time GPS Technology - Ingress. ] ( Part - 1 )


ඔන්න අපි අවුරුද්දකට විතර පස්සේ තමයි , මේ පොස්ට් එක දාන්නේ. මේ අවුරුද්ද ඇතුලත් අපි කිසිදු පොස්ට් එකක් නොදැම්මත් , පාඨක ඔබේ පැමිණිම නම් නැවති තිබුනේ නැ. ඉතින් , එලෙස අප සමග සිටි පාඨක සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි !! :D

මෙතැන් සිට ඉදිරියටත් , ඔබ සියලු දෙනාගේම සහයෝගය පෙර සේම අපට ලබා දෙන්න. ඔබට අවශ‍ය , ඕනැම වෙලාවක අපි ඉන්නවා.

අපි Ingress වලට අදාල 02 කොටසත් පළ කරා. ඒ Ingress 02 කොටසත් , මෙතනින් ලින්ක් එකේන් ගිහින් බලන්න.

මේ පොස්ට් එකේ මාතෘකාවෙන් කියවෙන්නේ ටිකක් නෙමේ ගොඩක් අමුතු ක්‍රිඩාවක් ගැනයි. මේ ජංගම දුරකතන ක්‍රිඩාවේ නම තමයි Ingress. ඔබ Android හෝ Apple ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් භාවිත කරනව නම් , මේ සුපිරි ක්‍රිඩාවේ කොටස්කරුවෙක් වෙන්න , ඔබටත් පුලුවන්.

Ingress ක්‍රිඩාව නිපදවනු ලැබුවෙ Niantic නම් Google ආයතනය යටතේ ඉන්න ආයතනයක්. නමුත් , Niantic එක 2015 සැප්තැම්බර් මසයේ සිට Google ආයතනයේන් වෙන් වි , ස්වාධිනව තම කටයුතු කරගෙන යාමට තිරණය කර තිබෙනවා. මේ වන විට Ingress Play Store එකේන් මිලියන 10කට වැඩිය ඩවුන්ලෝඩ් කර තිබෙනවා. මිට අමතරව Niantic එක මගින් Field Trip නම් තවත් Android App එකක් නිර්මාණය කර ඇත. 

මේ පහල ලින්ක් වලින් , ඔබට Ingress ගැන තව බොහෝ දේවල් දැන ගන්න පුලුවන්.








Ingress කියල කියන්නේ , Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඒනම් , ඔබ මේ දැන් ඉන්න තැන අනුව ඔබට ක්‍රිඩා කිරිමට අවස්ථාව ලැබෙන ක්‍රිඩාවක්.

මේ ක්‍රිඩාවේ කියවෙන්නේ , පිටසක්වල ජිවින් පෘතුවිය ආක්‍රමණය කරන්න ඒන විට , පෘතුවියේ ඉන්න මිනිස්සු කොටස් 2ට බෙදෙනවා. එයින් , එක් කොටසක් Resistance ලෙස හදුන්වනවා. මේ Resistanceලා , අර කිව්ව පිටසක්වල ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන් කරමින් , ඔවුන්ව පරාද කිරිමට උත්සහ කරනවා.
අනිත් , කොටස Enlightened ලෙස හදුන්වනවා. මේ Enlightenedලා , අර කිව්ව පිටසක්වල ජිවින්ට සහය වෙමින් , පෘතුවිය ආක්‍රමණය කරන්න , ඔවුන්ට සහය ලබා දෙනවා.

* ඔබ Ingress Install කරාට පසු , ඔබ Resistance හෝ Enlightened යන කොටස් 2න් එක කොටසක් තේරිය යුතු වෙනවා. අපි කලින් කිව්ව දේවල් සලකා බලා , ඔබට කැමති කොටසක් තෝරන්න පුලුවන්. 
ඒ වගේම , මෙහිදි ඔබට Ingress Agent කෙනෙකු ලෙස භාවිත කල යුතු නමකුත් ලබා දෙන්න ඕන. ඔබේ ඇත්ත නමේන් කොටසක් හෝ මොකකක් හරි නමක් දෙන්න. ඒ නම නම් පස්සේ වුනත් වෙනස් කරන්න පුලුවන්. 
ඒ වගේම , ක්‍රිඩාව ආරම්භයේදි , ඔබ තෝරා ගන්න පැත්ත ක්‍රිඩාවේ අතරමගදි , කොහේත්වම වෙනස් කරන්න නම් බැ. ඒ නිසා , ඔබ කරන තෝරා ගැනිම හොදට හිතල , හරියටම කරන්න.

ඒ වගේම , ඔබ තෝරන පැත්ත අනුව , ඔබව පිළිගන්න , ලංකාවේන් Agentsලා විශාල ප්‍රමානයක් බලන් ඉන්නවා. ඒ නිසා , ඔබ මොන පැත්තක් තේරුවත් , අයේ යන්න නම් හිතන්නේ නැ. මොකද , ඔබට මෙහිදි ඔබේ අතේ දුරින් ඉන්න ඇත්තම යාලුවෝ තමයි ලැබෙන්නේ. මේ තමයි , මේ ක්‍රිඩාවේ තියේන එක විශේෂත්වයක්.

* ඔබ යම් පාර්ශවයක් තෝරා , Ingress ක්‍රිඩාවට ඇතුළු වු පසු , ඔබේ Ingress ගිණුම Verify කල යුතුයි. ඒයට , Ingress App එකේ දකුණු පස උඩ තියේන OPS කියන එක ඔබන්න.  එවිට , Inventory කියන Tab එක තමයි Open වෙන්නේ. ඒ Open වුන Tab එකේම උඩින් List එකක් තියේනව. අන්න ඒ List එක අතින් වම් පසට යවන්න. එවිට , අවසානයට ඇති Device කියල එකක් පෙනේවි. ඒ Device කියන එක ඔබන්න. 

දැන් එන Options වල Verify කියල එකක් ඇති. අන්න ඒ Verify කියන එක ඔබල , ඊට පස්සේ එකේ කියන විධියට ඔබේ Ingress ගිණුම Verify කරගන්න.

Ingress ක්‍රිඩා කරද්දි , ඔබට ශ්‍රී‍ ලංකාවේ වගේම ලොව පුරා ඉන්න Resistance හා Enlightened Agentලාව හමු වෙන්න පුලුවන්. ඒ වගේම , කාලයකට සැරයක් , Ingress ක්‍රිඩා කරන සියලුම දෙනා එකතු වි සුහද හමුවන් පවත්වනව , විවිධ උත්සව පවත්වනවා. Ingress කියන්නේ ජංගම දුරකතනකින් , ටැබ් එකකින් ක්‍රිඩා කරමින් , තමන් සිටින සාමාජය තුල ඇත්ත යාලුවන් අදුර ගන්න පුලුවන් , ඇති කරගන්න පුලුවන් , විශිෂ්ට ක්‍රිඩාවක්. වෙනත් , Android හෝ Apple ක්‍රිඩාවකින් , මෙවන් අවස්ථාවන් ඔබලාට ලැබෙනවාද ?? අපි දන්න තරමින් නම් , Ingress තමයි එකම ක්‍රිඩාව.

මෙවන් සුහද හමුවන් , උත්සව පවත්වන්න නම් , මේ Ingressලා සංවිධානාත්මකව ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා , Resistanceලට හා Enlightenedලට අදාලව වෙන වෙනම සංවිධාන තියේනවා. මෙවැනි සංවිධාන වලට , ඔබත් එකතු වුනෝත් තමයි , ඔබටත් සුහද හමුවන් වලට , උත්සව වලට සහභාගි වෙන්න පුලුවන් වෙන්නේ. මේ සංවිධාන ලෙස හදුන් වන්නේ ගොඩනැගිල්ලක් තුල පවත්වා ගෙන යන එකක් නෙමේ. Google+ හා Hangout කියන 2කත් එක්ක තමයි , මේ සංවිධාන පැවතේන්නේ. දවසේ , ඕනම වෙලාවක , Resistanceලට හෝ Enlightenedලට අදාල Google+ හෝ Hangout වලට ලංකාවේ ඉන්න සියලුම Agentsලා ඇවිත් , කතා ඉදිරි වැඩ ගැන කතා කරනව , වෙන වෙන දේවල් කතා කරනව. මේක , වෙනමම සාමාජයක්. ඔබට , මේ Google+ හෝ Hangout වලින් Ingress වලට අදාල එන ඕනැම ගැටලුවකට වගේම , ඔබේ වෙනත් ඕනැම ගැටලුවකට සහයෝගය ලබා ගන්න පුලුවන්.

මේ පහලින් තියේන්නේ 2015 සැප්තැම්බර් මස 26 වන දින නිදහස් චතුරත්‍රයේදි පැවති Mission Day නම් Event එකේදි ගත් Resistance හා Enlightened දෙපාර්ශවයම සිටින සමුහ ජායාරුපයකි.

[ මෙම පහල පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


තවත් ජායාරුප බැලිමට අවශ‍ය නම් , මෙතනින් යන්න. 


Ingress ශ්‍රී ලංකාව තුල මෙතරම් පැතිරෙන්න , ප්‍රසිද්ධ වෙන්න සේම , Ingress තුල ශ්‍රී ලාංකිය මුල් පුරුක තමයි Thilanka Niroshana (thinir) කියන්නේ. Papa Smurf කියල තමයි , ශ්‍රී ලංකාවේ සියලුම Agentsලා , Thilanka Niroshana (thinir) අයියව හදුන්වන්නේ. 

ඉතින් ඔබත් , මේ Google+ හා Hangout වලට සම්බන්ධ වි , අලුත් යාලුවන් ඇති කර ගැනීමට  කැමති නම් , මේ පහලින් තියේන Email To Ingress කියන එක ක්ලික් කල විට එන බොක්ස් එකේ ආසා තිබෙන දේවල් නිවැරදිව පුරවා එවන්න.

* ඔබ , මේ පහල තියේන ඩවුන්ලෝඩ් ලින්ක් වලින් Ingress ඩවුන්ලෝඩ් කර ගන්න කලින් , මේ ඉහල ලින්ක් එක භාවිතා කරල , Email එකක් යවල ඉන්න. මොකද එවිට , ඔබ ඉන්න ප්‍රදේශයට අදාලව , ඔබේ විස්තර එකතු කර ගැනිම හා අදාල සංවිධාන වලට ඔබව එකතු කර ගැනිම පහසු වෙනවා.
* ඔයාල විසින් එවපු Email එකට , නැවත ප්‍රතිචාර ලැබුනට පසු පමණක් , මේ පහල ඩවුන්ලෝඩ් ලින්ක් වලින් Ingress නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. 
* ඔයාල , අපට Email එක එව්වට පස්සේ , ඔබ මේ Form එක පිරවිමේදි භාවිත කල Email එකට , ඉතාමත්ම ඉක්මණින් Reply කරනු ලැබේ. ඒම නිසා , මෙහිදි ඔබ දුන්න Email එක නිරන්තරයේන්ම Check කරන්න.


මේ පොස්ට් එක කියවන හැමෝම Ingress ක්‍රිඩා නොකරන්න පුලුවන්. නමුත් , ඔයාල Ingress ක්‍රිඩා කරන්න කැමති ඇති. ඒ නිසා , Ingress ක්‍රිඩා කරන්න කැමති ඔබලාට , Ingress ඩවුන්ලෝඩ් කරන්න කලින් , ලබා දිය යුතු තවත් බොහෝ උපදෙස් තියේනවා.
ඒ සියලුම උපදෙස් , මේ එක පොස්ට් එකකින් කියන්න ආමාරුයි.

* ඒ නිසා , අනිවාරේන්ම ඔබ විසින් මේ පහල ලින්ක් වලින් Ingress ඩවුන්ලෝඩ් කරන්න කලින් , මේ ඉහල ලින්ක් එකේන් , අනිවාරේන්ම Email එකක් එවන්න. එවිට , ඔයාල Ingress ක්‍රිඩකයේකු විධියට , Ingress Agent කෙනෙක් විධියට දැන ගත යුතු සියල්ලම කියන්නම්.

ඔබ භාවිතා කරන්නේ Android නම් , මෙතනින් ගිහින් , Ingress ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබ භාවිතා කරන්නේ Apple නම් , මෙතනින් ගිහින් , Ingress ඩවුන්ලෝඩ් කරගන්න.

* Ingress ඩවුන්ලෝඩ් කරන් , නිකන්ම යන්නේ නැතුව , Ingress ගැන විස්තර හා Ingress ක්‍රිඩා කරන්නේ කොහමද යනාදි දේවල් , මේ පොස්ට් එක කියවල , දැන ගෙනම යන්න. මොකද , මේක වෙන ක්‍රිඩා වගේ නෙමේයි කොහේත්වම.

* මෙහිදි මුලික වෙන්නේ Portals කියන දේයක්. මෙවැනි , Portal එකක් නිර්මාණය වෙන්නේ , ඒ ඒ ප්‍රදේශ වල තියේන වටිනා හා වැදගත් ස්ථාන , ස්මාරක , ප්‍රතිමා , කැටයම් , කලාත්මක දේවල් හා විවිධ පුවරු යනාදි දේවල් , දැනට ඉන්න Ingress Agentsලා මගින් , Niantic එකට ලබා දුන් විට , Niantic Lab එක මගින් ඒවා අනුමත කල පසු , ඒවා Portal එකක් ලෙස හදුන්වනවා.

මේ විධියට Ingress මගින් අනුමත කරපු Portals , මේ ක්‍රිඩාවේ අළු පාට පදුරක් වගේ සලකුණකින් පෙන්වනවා. මෙවැනි අළු පාට Portals , Neutral ලෙස හදුන්වනවා. මේ Neutral , අපි අර කලින් කිව්ව Resistance හෝ Enlightened කියන කොටස් 2න් , එක කොටසකින් Capture කරන්න ඕන. Capture කරන නම් තමන් ලග ඉන්න සෙබළු , මේ Neutral Portals වලට දාන්න ඕන. මේ ක්‍රිඩාවේදි සෙබළුන්ව හදුන්වන්නෙ Resonator ලෙස හා මේ Resonatorsලා , Neutral Portal එකකට Add කරන එකට Deploy කරනව කියනව. Neutral Portals , Resistance මගින් Capture කරෝත් , ඒවා නිල් පාටින් පෙන්වන අතර Enlightened මගින් Capture කරෝත් , ඒවා කොළ පාටින් පෙන්වනවා.
කවුරුන් හෝ Capture කරන ලද Portals වලටත් Level 1 ( L1 ) සිට Level 8 ( L8 ) දක්වා Levels තියේනවා. L1 සිට L8 දක්වා යන විට , ඒවායේ ප්‍රභලතාවය වැඩි වෙනව.

* Ingress වලදි රතු පාට රවුමකින් පෙන්වන Range එකක් තියේනවා. ඔබට Portal එකක් Hack කරන්න , Capture කරන්න ඕන නම් , Resonators හා Mods දාන්න ඕන නම් , Portal එකේ Key එකක් නැති විට ඒය Charge කරන්න ඕන නම් , අදාල Portal එක ඒ රතු පාට රවුමින් පෙන්වන Range එක ඇතුලේ තියේන්න ඕන.
Ingress වලදි , ඔබ ඉන්න තැන ඔබේ ජංගම දුරකතන හෝ Tab එකේ Screen එකේ පෙන්වන්නේ ඊතල හිසකින්. මේ ඊතල හිස තියේන්නේ , අර කිව්ව රතු පාටින් පෙන්වන Range එක ඇතුලේමයි.

             

* ඒ වගේම කවුරු , මේ Neutral Portals , Resistance මගින් Capture කරා නම් , Enlightened , ඒ Portals තමන්ගේ පාලනයට ගන්න ආපහු උත්සහ කරනව. ඒ සදහා ඔවුන් ආයුධ යොදා ගන්නවා. මේ ක්‍රිඩාවේදි , අපට ආයුධ වර්ග කිපයක් ලැබෙන්වා. ඒවා , XMP Bursters හා Ultra Strike ලෙස හදුන්වනවා. අපි කලින් කිව්ව Resonators , ආයුධ වැනි දේ ලබා ගන්න , අපි Neutral Portals , Resistance Portals හා Enlightened Portals ලෙස ඕනැම වර්ගයකට අයිති , සියලුම Portals Hack කල යුතුයි. ඒ වගේම , ඕනැම වර්ගයක Portals Hack කරන විට , ඒ ඒ Portals වල Key ලැබෙනවා. නමුත් , කරන හැම Hack  කිරිමකදිම , Resonators , Weapons ඒ ඒ Portals වල Key ලැබෙනව කියල කියන්න බැ. Hack එකේන් Hack එකට ලැබෙන දේවල් වෙනස්.

Enlightenedලා , Portal එකක් Capture කරාම , Resistanceලා කරන්නේත් Fire කරන එක තමයි. මේ ආයුධ යොදා ගෙන පහර දෙනවට , මේ ක්‍රිඩාවේදි කියන්නේ Fire කරනව කියලයි. ඒ වගේම , ඔබ කොයි තරම් Hack කරත් , ඉතාමත් කලාතුරකින් ලැබෙන දේවල් තමයි Capsules , MUFG Capsules , ADA Refactor , Jarvis , AXA Shields හා SoftBank Ultra Link කියල කියන්නේ. මෙහිදි තව Mods වර්ග කිපයකුත් , විවිධ හේතු මත භාවිත කරන්වා. 

* මේ Ingress ක්‍රිඩා කරන විට , ඔබට Level Up වෙන්න වෙනවා. ඒනම් , මුලින්ම Ingress ක්‍රිඩා කරන්න පටන් ගනිද්දිම , ඔබ ඉන්නේ Level 1. ඒතැන් සිට ඔබට Level 2 , Level 3 යනාදි ලෙස Level 8 හා Level 16 දක්වා Level Up වෙන්න ඕන. Level Up වෙන තරමට , ඔබේ ප්‍රභලතාවය වැඩි වෙනවා.

මෙහිදි , Level 8 ( L8 ) වෙනව කියන්නේ , ඔබ Ingress වල ස්ථිරභාවයක් ලබා ගෙන , මෙහි ප්‍රභල Agent කෙනෙක් බවට පත් වු බවයි. මේ Ingress වල ලබා දෙන Resonators , Weapons යනාදි සියලුම දේවල් , L8 Agent කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. L8 වෙන්න නම් , ඔබට AP 1,200,000 ඕන වෙනවා.
නමුත් , මේ සියල්ල භාවිතා කරන්න පුලුවන් වුන නමුත් , ඔබට L16 දක්වාම Level Up වෙන්න පුලුවන්. ඔබට L16 වෙන්න ඕන නම් , ඔබට AP 40,000,000 ඕන වෙනවා. L16 වලින් පස්සේ නම් , අයේ Level Up වෙන්න දේයක් නැ.

L1 සිට L8 දක්වා , ඒ ඒ Level එකට අදාලව ඔබට Resonators , Weapons යනාදි දේවල් ලැබෙනවා. නමුත් , ඔබ L9 වුනාම , අයේ L9 Resonators , Weapons ලැබෙන්නේ නැ. ලැබෙන්නේ L8 Resonators , Weapons තමයි. මේ සියලු දේවල් ගැන ඔබට Ingress ක්‍රිඩා කරද්දි දැන ගන්න , තේරුම් ගන්න පුලුවන්. 

           

* අපි ඊළඟ පොස්ට් එකේන් , ඔබට මේ Ingress වලදි ලැබෙන Resonators , Weapons , Portal Keys , Power Cubes හා Mods යනාදි දේවල් වල රුපත් සමගම විස්තර කර තිබෙනවා. 

ඒ පොස්ට් එක හෙට ( 2015/10/04 ) , අපි පළ කරන්නම්. එහනම් හෙට හමුවෙමු.

මේ පහල තියේන Ingress Videos බලන්න. 



Ingress ගැන තව මොනව හරි දැන ගන්න තියේනව නම් හෝ Ingress කියන එලියට බැහල , පරිසරය එක්ක කරන්න තියේන , මේ ක්‍රිඩාව ගැන ඔබලාට හිතේන දේවලුත් , මේ පහලින් Comment කරන්න.

----------------------------------------------------------------------------------------------------------------------

මේ පහලින් තියේන්නේ Ingress ක්‍රිඩාවට අදාලව පළ වුන පොස්ට් 2ම Links. 



2 comments:

Tweet Now !!