සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Softwares මොකුත් නැතුව Image එකක් ඇතුලෙ ඕනැම File එකක් හංගමු... [ How To Hide A File Inside The Picture. ]

ඔන්න ඉතින් මම කස්ටියට තවත් සුපිරි post එකක් අරගෙන ආවා. අද නම් වැඩි කතා කිය කියා ඉන්න වෙලාවක් නෑ....ගොඩක් busy වෙලාවක තමයි මම මේ post එක දාන්නේ. සමහර අයට මගේ post එකක් නැතුව සාංකාව වගේ කියලත් අහන්න ලැබුනා..හි හි හි :D හරි හරි කොහොම හරි.... මේ post එක ගැන කියනවා නම් මේක ගොඩක් වැදගත් වෙන්නේ, ඔය හැංගි හොරා සෙල්ලං කරන කස්ටියට තමයි ඉතිං... අද මම කියන්න යන්නෙ Image ( JPEG image ) එකක් ඇතුලෙ File ( ඕනෑම file ) එකක් හංගන්නෙ කොහොමද කියලා..



දැන් ඉතින් කට ඇරන් බලන් හිටියට හරියන්නෙ නෑ මෙන්න මේ පහල තියෙන විදියට තමා කරන්න ඕනි. මොකක් හරි අවුලක් ආවොත් comment එකක් දාන්න ඈ..
මේ වැඩේට ඕන කරන දේවල් 3ක් තියෙනවා.

1. ඔයාලා කැමති ඕනෑම JPEG/JPG format එකෙන් තියෙන පින්තුරයක්....
2. ඕනෑම file එකක්.... ( mp3 , vedios වගේ ඕන එකක් )
3. Winrar software එක..... එක නැත්තම් මෙතනින් Download කරගෙන install කරගන්න.

මුලින්ම වැඩේට Image එක ඕනි වෙනවා. දැන් ඔයාල හොයා ගත්ත image එක, මොකක් හරි එක වචනයකින් rename කරන්න.
උදා :- Vishwa.jpg
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඊටපස්සෙ දැන් ඔය Image එක අස්සෙ හංගන්න යන File එක තියෙනවනෙ. අන්න ඒක Winrar වලින්  .rar format එකට compress කරගන්න. එක කරන්නේ මෙහෙමයි. දැන් ඔයාලා හොයාත්ත file එක උඩ right click කරල add to archive කියන එක click කරන්න. ඊටපස්සෙ ok කරන්න. දැන් ඔයාලට ලැබුණු  .rar format එකෙන් තියෙන file එකත් මොකක් හරි එක වචනයකින් rename කරන්න.
උදා :- Postal.rar
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් ඉතින් ඔය Image එකයි .rar format එකට හදාගත්තු File එකයි, ඔයාලා කැමති Local Disk එකකට copy කරන්න. මම file දෙකම Local Disk F: එකට copy කරනවා.

දැන් windows key+ r ඔබන්න. windows key කිව්වේ මොකක්ද කියලා දන්නේ නැත්තම් මේ පින්තුරෙන් බලාගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



අපි windows key+ r එබුවේ, Run එක open කරගන්න. දැන් ඔතන cmd කියලා type කරලා OK කරන්න. දැන් මේ Image එකේ තියෙන විදියට Command prompt එකක් ලැබේවි.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



එකෙන් ඔයාලා Image එකයි .rar format එකට හදාගත්තු File එකයි copy කරපු Local Disk එක, ඔතන type කරලා මෙන්න මෙහෙම තිත් දෙකකුත් තියලා : Enter කරන්න. මම copy කරලා තියෙන්නෙ F: එකට නිසා මට තියෙන්නෙ F: කියලා type කරලා Enter කලා.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් මෙන්න මෙහෙම type කරන්න. නැත්තම් මේක copy කරලා ඔතන paste කරන්න.

Copy /b imagename.jpg + filename.rar last.jpg

imagename කියන තැනට ඔයාගෙ image එකේ නමත්, filename කියන තැනට ඔයාගෙ .rar format එකට හදාගත්තු File එකේ නමත්, last කියන තැනට කැමති  නමකුත් දෙන්න. ඔයාලා image එකට ගත්තේ JPEG එකක් නම්, imagename.jpeg කියලා type කරලා imagename කියන තැනට ඔයාගෙ image එකේ නම දෙන්න.

මගේ imagename එක Vishwa සහ filename එක Postal කියලා නිසා මම මෙහෙම type කරනවා.

Copy /b Vishwa.jpg + Postal.rar last.jpg

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් Enter කරන්න. වැඩේ හරිගියානම් මෙහෙම එයි. 1 file<s> copied.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් last.jpg කියන එක ක්ලික් කලොත් open වෙන්නෙ image එකක්. ඔන්න එහෙනම් දැන් වැ‍ඩේ හරි.

ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ. ඇයි අනේ image එක ඇතුලෙ තියෙන file එක Open කරන හැටි දැනගන්න ඕනි නැද්ද??  ඒක කරන්නෙ මෙහෙමයි.

Winrar එක open කරන්න. දැන් ‍File > Open Archive කියන එකට යන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් දකුණු පැත්තෙ යටම All Archives කියන තැනට  All Files දීලා, ඔයාලගේ අර last.jpg කියන image තියෙන තැන ඔතනින් තෝරලා ඒක open කරන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



වැඩේ හරි ගියානම් මෙහෙම එයි. මම හැංගුවේ postal කියන file එක නිසා, එක මේ විදියට එනවා. ඕක උඩ double click කරලා ඔයාලා හංගපු file එක open කරගන්න.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඔන්න මම දැන් අමතර දෙයක් කියන්නයි හදන්නේ. ඔයාලා මේකට ගත්ත image එකේ size එකයි, .rar file එකේ size එකයි, එකතු වෙලා තමයි last.jpg කියන file එකේ size එක හැදෙන්නේ. මම ගත්ත image එකේ size එක 131 KB සහ .rar file එකේ size එක 102 KB වෙනවා. එතකොට මගේ last.jpg කියන file එකේ size එක 232 KB වෙනවා. අන්න දැන් කස්ටියට තේරෙනවා නේද, image එකෙයි .rar file එකෙයි size වල එකතුවට ආසන්න size එකක් තමයි last.jpg එකට ඇවිත් තියෙන්නේ................

දැන් ඉතින් වැඩේ ගොඩනෙ. කස්ටිය එහෙනම් යන ගමන් comment එහෙම දාගෙනම යන්න ඈ...
ඕං මම ගියා......................


Ref_banner 928x90

4 comments:

Tweet Now !!