සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඕනැම ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් ඔරිජිනල් එකක්ද , ව්‍යාජ එකක්ද කියල පහසුවෙන්ම හදුනා ගන්නා ආකාරය. [ How To Identify Original And Fake Mobile Phones And Tabs. ]


අද වන විට ජංගම දුරකතන හා ටැබ්ස් ලොකු කුඩා සියල්ලන් ලගම තියේන උපාංගයක්. ඒ වගේම තමයි අද සාමාජ ක්‍රමය අනුව හා මිනිසුන්ගේ කාර්ය බහුලත්වයත් එක්ක ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මිනිස්සු ලග තිබිය යුතුම තත්වයකට පත් වෙල තියේනවා.

දැන් වන විට වෙළදපොලේ නොයේකුත් වර්ගයේ ජංගම දුරකතන හා ටැබ්ස් තියේනවා. ඉතින් , ඒ අතරින් ඔරිජිනල් හා ව්‍යාජ ජංගම දුරකතන හා ටැබ්ස් හදුනා ගන්නේ කොහමද කියලයි , අපි මේ පොස්ට් එකේන් කියල දෙන්නේ. 

යම් කිසි දේයක් ප්‍රසිද්ධ වෙද්දි , ඒවා අනුකරනය කරමින් ව්‍යාජ නිර්මාණයන් වෙළදපොළට නිකුත් වෙනවා. මේවා ව්‍යාජ වුනත් , අර ඔරිජිනල් එකේම මිළ යටතේම හෝ ඊට වඩා පොඩ්ඩක් අඩුවෙන් තමයි , මේව වුනත් මිළදි ගන්න වෙන්නේ. ඉතින් ඇයි , ඔරිජිනල් එකක්ම ගන්න පුලුවන් මුදල් ප්‍රමාණයම හෝ ඊට වඩා සුළු මුදලක් හරි අඩුවෙන් දිලා , ව්‍යාජ එකක් ගන්නේ.

සුළු මුදල් ප්‍රමාණයක ලාභය බලන්න එපා.. ඒ සුළු මුදල් ප්‍රමාණයක ලාභය ඔබව තවත් කරදර ගොඩක් පටලවන්න පුලුවන්.. ඒ නිසා , සැම විටම ඔබ විසින් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මිළදි ගන්නා විට , එහි මිළ පිළිබදව සැලකිලිමත් වෙන්න.. සැක සහිත ලෙස හෝ ඕනවට වඩා මිළ අඩු කරනවා නම් , ඒය ව්‍යාජ ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් වෙන්න පුලුවන්.

* ව්‍යාජ ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මිළදි ගන්න හොද නැත්තේ ඇයි ??

1. ) අදාල ඔරිජිනල් ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තියේන Features , ව්‍යාජ ඒවායේ නැති වෙන්න පුලුවන්.
* ඔරිජිනල් එකේ 2GB RAM එකක් තියේනවා. ඒ වගේම ව්‍යාජ එකේත් 2GB RAM එකක් තියේනවා කියල කියාවි , නමුත් එහි ඇත්තටම තියේන්නේ 1GB RAM වගේ හෝ ඊට වඩා අඩු RAM එකක්. Camera හා Storage එකේ තත්වයත් මේකම තමයි.

2. ) ව්‍යාජ ඒවායේ ජායාරුප වල ගුණාත්මකභාවය හොදමට අවුල්. හරියට හොද ලස්සනට ජායාරුපයක් ගන්න බැරි ස්මාට් ජංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් තියේන වැඩේ මොකක්ද..

3. ) ඕනැම Phone ආයතනය අවුරුදු ගානක් විවිධ පරික්ෂණ හා සමික්ෂණ කරල තමයි , තමන්ගේ ජංගම දුරකතන හා ටැබ්ස් වෙළදපොළට එලි දක්වන්නේ , මහජනයාට මිලදි ගන්න අවස්ථාව ලබා දෙන්නේ..
ඉතින් , ආයතනය මෙවැනි පරික්ෂණ හා සමික්ෂණ වලින් කරන්නේ තමන්ගේ ජංගම දුරකතන හා ටැබ්ස් වලින් නිකුත් වන කිරණ ගැන පරික්ෂා කරලා , ඒවායේ බලපැම උපරිමයේන්ම අඩු වෙන විධියට තමයි නිර්මාණය කරන්නේ.

* නමුත් , ව්‍යාජ ඒවායේ මේ මුකුත් පරික්ෂණ හෝ සමික්ෂණ නැ. තමන්ට හිතේන විධියට නිර්මාණය කරල , නියමිත ප්‍රමතියකින් තොරව වෙළදපොළට දානව. මෙවැනි ව්‍යාජ ජංගම දුරකතන හා ටැබ්ස් භාවිතා කිරිමේදි , ඔබට විවිධ ලෙඩ රෝග වලටත් මුහුණ දෙන්න සිදු වෙන්න පුලුවන්.. ඇයි පොඩි ලාභයක් බලන් වැඩ කරලා , ලෙඩ රෝග හදා ගන්නේ..

හරි , ඒ අපි කතා කරේ ව්‍යාජ එකක් ගන්න එපා කියන්නේ ඇයි කියල. දැන් අපි බලමු ඔරිජිනල් හා ව්‍යාජ ජංගම දුරකතන හා ටැබ්ස් හදුනා ගන්නේ කොහමද කියල.

* ඔරිජිනල් හා ව්‍යාජ ජංගම දුරකතන හා ටැබ්ස් පහසුවෙන්ම හදුනා ගන්නා ආකාරය.

1. ) ජංගම දුරකතනය හෝ ටැබ් එක තියේන , ඒ Box එකේනුත් සමහර වෙලාවට වෙනසක් දකින්න පුලුවන්. උදාහරනයක් විධියට Samsung Box එකේ තියේන Samsung Font එක ගැන හිතන්න. ඔරිජිනල් Samsung Font එක අපිට ටිකක් විතර හුරු පුරුදුයි. නමුත් , ව්‍යාජ එකේ ඔරිජිනල් Samsung Font එක නැ.
නමුත් , හැම තිස්සේම Box එකේන් වෙනසක් හොයා ගන්න ආමාරුයි.

2. ) ව්‍යාජ ඒවායේ Box වල IMEI අංකය බෝහෝ වෙලාවට දැක ගන්න බැ. තිබුනත් , තියේන්නේ ව්‍යාජ IMEI අංකයක්. IMEI අංකය ඔරිජිනල් ද , ව්‍යාජ ද කියල බලා ගන්න විධිය මේ පහල 7 වන කරුණ යටතේ තියේනවා.

3. ) ඔරිජිනල් ජංගම දුරකතනයේ හා ටැබ් එකේ Screen එක සැම විටම කලු පාටයි. නමුත් , ව්‍යාජ ඒවායේ Screen එක බොහෝ වෙලාවට අලු පැහැති හෝ ලා සුදු පැහැයක් වගේ තියේන්නේ.

4. ) ඔරිජිනල් බැටරියට වඩා ව්‍යාජ එකේ බැටරිය බොහෝ විට ප්‍රමාණයේන් කුඩායි.

5. ) ඉහලින් තිබුන , ව්‍යාජ ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මිළදි ගන්න හොද නැත්තේ ඇයි කියන කොටසේ , 1 වන කරුණ විධියට තිබුනේ ඔරිජිනල් එකේ තියේන Features , ව්‍යාජ එකේ නැ කියලයි. ව්‍යාජ එකේ ඒවා , ඒ විධියටම තියේනව කියල තිබුනත් , ඒවා නැ කියල බලා ගන්න පුලුවන් හොද විදියක් තමයි මේක.

* මුලින් Settings වල තියේන About device කියන කොටසට යන්න. එහි මදක් පහලට වෙන්න තියේන Android version කියන එක බලන්න. 
( පහල පින්තුර වල පෙන්වා ඇත. ) [ මෙම පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුර මත ක්ලික් කරන්න. ]




( මේ පහල ජායාරුපයේ Android Version එකට අදාල නම ලබා දිලා තියේනවා. මෙමගින් , ඔබේ Android Version එකට අදාල නම මොකක්ද කියල බලා ගන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* දැන් , ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ Android version කියන එක දිගටම Touch කරන්න. එවිට , ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ ඇත්තටම තියේන Android Version එක පෙන්වනවා. ( නමක් පෙන්නුවේ නැති වුනෝත් , නමක් පෙන්වනකම්ම Touch කරන්න. ) අපි , මේ ඉහල තිබුන Android Version ජායාරුපයේන් බලා ගත්ත නමම , ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ පෙන්වනවා නම් , ඔබේ උපාංගය ඔරිජිනල් එකක් තමයි. නමුත් , පෙන්නුවේ වෙනත් නමක් නම් ඔබේ උපාංගය ව්‍යාජ එකක්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6. ) Phone Dial Pad එකේ *#0*# කියල ටයිප් කරන්න. එවිට , ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තියේන විශේෂාංග ( Features ) බලා ගන්න පුලුවන්.
මෙයිනුත් , ව්‍යාජ එකක් හදුනා ගන්න පුලුවන් වෙන්නේ මැද හරියේ තියේන Sensors කියන කොටස මගිනුයි. Sensors කියන කොටස Touch කරන්න. එවිට , ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තියේන සියලුම Sensors වර්ග බලා ගන්න පුලුවන්. මෙහි තියේන Sensors වලින් එකක් වගේ හැරුනාම , අනිත් සියල්ලේම ඉලක්කම් සැම විටම වෙනස් වෙනව නම් , ඒම Sensors ඉතා හොදින් ක්‍රියාත්මක වෙනවා. Sensors ක්‍රියාත්මක වෙනව කියන්නේ , ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක ඔරිජිනල් එකක්. ( එකක් වගේ ක්‍රියාත්මක නොවුනට අවුලක් නැ. මොකද සියලුම Sensors , සැම මොහතකම ක්‍රියාත්මක වෙන්නේ නැති නිසා. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



7. ) මේකේන් තමයි , ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක , ඇත්තටම ඔරිජිනල් එකක්ද , ව්‍යාජ එකක්ද කියල සහතික කරගන්න පුලුවන් වෙන්නේ.
ඒ ජංගම දුරකතනයට හා ටැබ් එකට අදාල IMEI අංකය මගිනුයි.

ඔබේ දුරකතනයට හා ටැබ් එකට අදාල IMEI අංකය බලා ගන්න පුලුවන් ක්‍රම 2ක් තියේනව.

i. ] ඔබේ  ජංගම දුරකතනය හෝ ටැබ් එක අන්ඩ්‍රෝයිඩ් නම් , දුරකතනයේ හෝ ටැබ් එකේ Settings වල අන්තිම හරියේ තියේන About device කියන එකට යන. එහිත් , මුල් හරියේ තියෙන Status කියන එකට යන්න. දැන් , අදාල පිටුවේ මදක් පහලට යන විට IMEI කියල එකක් දැක ගන පුලුවන්. අන්න , ඒක තමයි ඔබේ දුරකතනයට හෝ  ටැබ් එකට අදාල IMEI අංකය.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ii. ] ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක ඇන්ඩ්‍රෝයිඩ් වුනත් , නොවුනත් , මේ ක්‍රමය මගින් , ඔබේ අදාල IMEI අංකය හොයා ගන්න පුලුවන්. ඒ සදහා , Phone Dial Pad එකට ගිහින් , එහි *#06# කියල ටයිප් කරන්න. එවිට , අදාල IMEI අංකය දැක ගන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* හරි , දැන් මේ පහලින් තියේන සයිට් එකට ගිහින් , ඔබේ දුරකතනයට හෝ ටැබ් එකට අදාල IMEI අංකය ලබා දිලා , ඊට පහලින් තියේන I'm not a robot කියන එකත් ක්ලික් කරල , CHECK කියන එක ක්ලික් කල විට , පෙන්වන Result එක බලන්න.



* දුරකතනයට හෝ ටැබ් එකට අදාල IMEI අංකය , ඔරිජිනල් එකක් නම් , අපේ අදාල Brand එක මොකක්ද , Phone model එක මොකක්ද කියල නිවැරදිවම පෙන්වනවා. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* නමුත් , ව්‍යාජ ඒවායේ තියේන , ව්‍යාජ IMEI අංකය ලබා දුන් විට Brand එකවත් , Phone model එකවත් අදුර ගන්නේ නැ. ඒ නිසා ඒවා පෙන්වන්නේත් නැ.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම් , මේ පහල තියේන අනිත් සයිට් 2නුත් , ඔරිජිනල් හා ව්‍යාජ ජංගම දුරකතන හා ටැබ්ස් පහසුවෙන්ම වෙන් කර හදුනා ගන්න උදව් වෙනවා.





හරි , අපි හිතනව මේ පොස්ට් එකේන් පස්සේ ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මිළදි ගැනිමේදි , නිවැරදිව ඔරිජිනල් හා ව්‍යාජ ඒවා හදුනා ගෙන නිවැරදිව කටයුතු කරාවි කියල. ඒ වගේම , මොනම හේතුවකටවත් ව්‍යාජ ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් නම් මිළදි ගන්න එපා. ඒ එපා කියන්නේ , ඇයි කියලත් අපි , මේ පොස්ට් එකේම ඉහලින් කියල තියේනව. 

ඕන්න දැන් සියලුම වැඩ හරි !!

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

2 comments:

Tweet Now !!