සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක සොරකම් කරෝත් හෝ නැති වුනෝත් , නැවත පහසුවෙන්ම සොයා ගන්නා ආකාරය. [ How To Find Your Stolen Or Lost Mobile Phone Or Tab. ]


අද වන විට ජංගම දුරකතන හා ටැබ්ස් ලොකු කුඩා සියල්ලන් ලගම තියේන උපාංගයක්. ඒ වගේම තමයි අද සාමාජ ක්‍රමය අනුව හා මිනිසුන්ගේ කාර්ය බහුලත්වයත් එක්ක ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මිනිස්සු ලග තිබිය යුතුම තත්වයකට පත් වෙල තියේනවා.

* ඉතින් , තමන් ලග තියේන ජංගම දුරකතනය හෝ ටැබ් එක සොරකම් කරෝත් හෝ නැති වුනෝත් , තමාගේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තියේන Pictures , Videos හා Documents යනාදි වැදගත් වටින දේවල් ඒ සොරකම් කරපු කෙනාට ලැබෙනව. සමහර විට , ඒ සොරකම් කරපු කෙනා , ඔබේ උපාන්ගයේ තියේන දේවල් වෙනත් වැරදි වැඩ වලට යොදා ගන්නත් පුලුවන්. එහම නැතුව ඒවා ටික අයින් කරල දාල ජංගම දුරකතනය හෝ ටැබ් එක විතරක් නිකන් පාවිච්චි කරන්නත් පුලුවන්.

* අපිට සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත හොයා ගන්න පුලුවන් වුනත් , ඒක හොයා ගන්නකම් , ඒය සොරකම් කරපු පුද්ගලයා , ඒ උපාන්ගයේ තියේන Pictures , Videos , Documents යනාදි දේවල් බලන්නේ නැතුව ඉදිවි කියල නම් හිතන්න බැ. 
ඒ නිසා කරන්න තියේන හොදම දේ , ඔබේ ඒ අදාල ජංගම දුරකතනය හෝ ටැබ් එක Lock කරන්න , නැත්නම් සියලුම Data ( Pictures , Videos , Documents ) Delete කරල දාන්න. ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක , ඇන්ඩ්‍රෝයිඩ් එකක් නම් මෙතනින් Android Device Manager එකට ගිහින් , ඒ දේවල් කරන්න පුලුවන්.

ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් නැති වෙලා , නැවත සොයා ගන්න යම් කිසි කාලයක් යනවා. එතකම් කරන්න ඕන දේවල් කිපයකුත් තියේනවා. ඒ ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්. දැනට , මේ උඩින් කිව්ව දේ කරන්න.

* අපේ සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක සොයා ගන්න , අපට උදව් කරන්නේ , නැත්නම් අපට සහය ගන්න වෙන්නේ විදුලි සංදේශ නියාම කොමිෂන් සභාව ( Sri lanka Telecommunications Regulatory Commission - TRC ) හා ශ්‍රී ලංකා පොලිසිය මගිනුයි.

* හරි , දැන් බලමු ඔබේ සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත පහසුවෙන්ම සොයා ගන්නේ කොහමද කියල.

1. ) ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක සොරකම් කරල හෝ නැති වෙල කියල දැන ගත්තු ගමන්ම , ලගම තියේන පොලිස් ස්ථානයට ගිහින් , ඒ පිළිබදව පැමිණිල්ලක් දාන්න.

2. ) ඊට පස්සේ පොලිස් ස්ථානයේ දාපු පැමිණිල්ලේ කොපියක් අරන් , විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව ( Sri lanka Telecommunications Regulatory Commission - TRC ) එකට යන්න.

TRC එකට යන්න අපහසු නම් , පැමිණිල්ලේ කොපියක් හා සොරකම් කරපු හෝ නැති වුන ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ වර්ගය , අදාල IMEI අංකය හා ඔබේ ජාතික හැදුනුම්පතේ කොපියක් සමග TRC එකට තැපැල් කරන්න.

මෙන්න - එකේ ලිපිනය -
Telecommunications Regulatory Commission ,
No 276,
Elvitigala Mawatha ,
Colombo 08,
WP, Sri Lanka.

මේ පහලින් , - එකේ තව විස්තර දිල තියේනව. ඔබට ඕන නම් , මේ එක මාධ්‍යයකින් , - එක සම්බන්ධ කරගන්න පුලුවන්.

TRC එකේ දුරකතන අංකය - +94 11 2689345

TRC එකේ ලිපිනය  - dgtsl@trc.gov.lk

TRC වෙබ් සයිට් එක - www.trc.gov.lk

* ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ IMEI අංකය සොයා ගන්නා ආකාරය.

මේ පහලින් කියල තියේන්නේ ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක නැති වෙන්න කලින් සොයා ගන්න ආකාරයන් ගැනයි.

මොනයම් හෝ දේයක් නිසා , ඔබේ IMEI අංකය දන්නේ නැත්නම් ඒ ගැන කරදර වෙන්න එපා. TRC එකට කිව්වාම , ඔබ IMEI අංකය දන්නේ නැ කියල , TRC එක විසින්ම නැති වෙන අවස්ථාවේ ඔබේ ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ තිබුන Sim එකට අදාල සේවා සපයන ආයතනය සම්බන්ධ කරන් , ඒ නැති වුන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට අදාල IMEI අංකය හොයා ගන්නව.

අපි විසින් නිවැරදි IMEI අංකය ලබා දුන්නෝතින් , සොයා ගන්න වැඩ කටයුතු ඉක්මන් කරගන්න පුලුවන් නිසා තමයි , TRC එකට IMEI අංකය ලබා දෙන්නේ.

* ඔබේ දුරකතනයට හා ටැබ් එකට අදාල IMEI අංකය බලා ගන්න පුලුවන් ක්‍රම 2ක් තියේනව.

i. ] ඔබේ  ජංගම දුරකතනය හෝ ටැබ් එක අන්ඩ්‍රෝයිඩ් නම් , දුරකතනයේ හෝ ටැබ් එකේ Settings වල අන්තිම හරියේ තියේන About device කියන එකට යන. එහිත් , මුල් හරියේ තියෙන Status කියන එකට යන්න. දැන් , අදාල පිටුවේ මදක් පහලට යන විට IMEI කියල එකක් දැක ගන පුලුවන්. අන්න , ඒක තමයි ඔබේ දුරකතනයට හෝ  ටැබ් එකට අදාල IMEI අංකය.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ii. ] ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක ඇන්ඩ්‍රෝයිඩ් වුනත් , නොවුනත් , මේ ක්‍රමය මගින් , ඔබේ අදාල IMEI අංකය හොයා ගන්න පුලුවන්. ඒ සදහා , Phone Dial Pad එකට ගිහින් , එහි *#06# කියල ටයිප් කරන්න. එවිට , අදාල IMEI අංකය දැක ගන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) මේ වන විට , අපේන් වෙන්න ඕන දේවල් සිදු වෙලයි තියේන්නේ.
මෙතන ඉදන් ඉස්සරහට තියේන්නේ TRC එක මගින් කල යුතු වැඩ කටයුතුයි.

TRC එක මගින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක Sim සපයන සේවා ආයතන 5 වන Dialog , Hutch , Mobitel , Airtel , Etisalat කියන ආයතන 5ටම කියනවා , මෙන්න මේ IMEI අංකය තියේන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , ඔබේ ආයතනයේන් ගත්තු Sim එකක් දැම්ම ගමන් , TRC එකට ඒ පිළිබදව කියන්න කියනව.

ඊට පස්සේ , ඒ Sim ආයතන 5 විසින්ම සෙවිල්ලේන් ඉන්නව , TRC එක විසින් දුන්න IMEI අංකය තියේන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , තමන්ගේ ආයතනයට අදාල Sim එකක් දානවද කියල. ඉන් පසු , තමන්ගේ ආයතනයට අදාල Sim එකක් දැම්ම ගමන් , ඒ අදාල ආයතනය විසින් TRC එකට කියනව , මෙන්න ඔයාල කිව්ව IMEI අංකය තියේන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , මේ අංකය තියේන Sim එකක් දැම්ම කියල. ඒත් එක්කම ඒ Sim එකට අදාල සියලුම විස්තර හා මේ වන විට එම අදාල ජංගම දුරකතනය හෝ ටැබ් එක තියේන ස්ථානය පවා TRC එකට ලබා දෙනව.

4. ) දැන් , TRC එකේන් පොලිසියට දන්නවා , මේ නැති වුන ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත සොයා ගත්තා කියල හා ඒය දැනට තියේන ස්ථානය හා අනෙකුත් විස්තර ලබා දෙනව. මෙතනින් එහාට මේ ජංගම දුරකතනය හෝ ටැබ් එක තියේන තැනට පොලිසිය ගිහින් , ඒය නැවත ලබා ගන්නවා.

5. ) මේ අතරේදි , TRC එක මගින් , අපිට ලිපියක් මගින් දැනුම් දෙනව , ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත සොයා ගත්ත , මෙන්න මේ පොලිස් ස්ථානයට ගිහින් , ඔබේ අනන්‍යතාවය හෙලි කරල , ඒය නැවත ලබා ගන්න කියල.

* ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක හොයා ගන්න යන්න පුලුවන් කාලය ගැන හරියටම කියන්න ආමාරුයි. මොකද , ඒ සොරකම් කරපු කෙනා , එම ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , අලුතින් Sim එකක් දාල ක්‍රියාත්මක කරාට පස්සේ තමයි , ඒ අදාල Sim සේවා සපයන ආයතන වලට , ඒ ගැන හසු වෙන්නේ. ඊට පස්සෙ තමයි , අපි අදාල ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත හොයා ගත්ත කියල TRC එකට කියන්නේ.

ඉතින් , ඔබේ නැති වුන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට , නැවත අලුතින් Sim එකක් දාල ක්‍රියාතමක කරන්න , ඒ සොරකම් කරපු කෙනා ගන්න කාලය අනුව තමයි , ඔබේ ජංගම දුරකතනය හෝ ටැබ් එක නැවත සොයා ගන්න කාලය තිරණය වෙන්නෙත්.

* කලින් භාවිතා කරපු ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මිළදි ගැනිමේදි , මේ ගැනත් සැලකිලිමත් වන්න.

ඔබ විසින් කලින් භාවිතා කරපු ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් මිළදි ගන්න යනව නම් , ඔබ ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද ඒ විධියට විකුණන්නේ , කාගේන් හරි සොරකම් කරපු එකක් වෙන්න පුලුවන්.

ඒ නිසා , කලින් භාවිතා කරපු ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , ඔබ විසින් මිළදි ගන්නවා නම් , ඒය විකුණන පුද්ගලාගේ ජාතික හැදුනුම්පතේ කොපියක් හා එම පුද්ගලයාගේන් ඒ සම්බන්ධව ලියුමක් ලබා ගන්න.
ඒ ලියුමට , මේ Brand එකට අයිති ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , මෙන්න මේ මිළට , මම විසින් , මෙම කමල් ( විකුණන පුද්ගලයාගේ නම ) නමැති පුද්ගලයගේන් , මෙන්න මේ දිනයේදි මිළට ගන්නව කියල ලියුම ලියලා , ලියුමේ ඇති සියලුම දේවල් සහතික කරමින් , ජංගම දුරකතනය හෝ ටැබ් එක විකුණන පුද්ගලයගේ අත්සනද එම ලියුමටම ලබා ගන්න.
එතකොට , මොකක් හරි ප්‍රශ්නයක් ආවෝත් , ඔබට බේරේන්න පුලුවන්.

අපි හිතනව , මේ පොස්ට් එකේන් ඔබලාට මොනයම් හෝ විධියකින් ප්‍රයෝජනයක් වෙන්න ඇති කියල.
හරි , එහනම් තවත් පොස්ට් එකකින් හමුවෙමු !! :D

4 comments:

  1. Replies
    1. Nazeel - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete
  2. thank you..watina upades tikak..

    ReplyDelete
    Replies
    1. Vishwa - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete

Tweet Now !!