සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Virus හා AntiVirus යනු මොනවද කියල මුල ඉදන් දැනගෙනම , මේවායින් පහසුවෙන්ම ආරක්ෂා වන ආකාරයන් ගැන දැන ගන්න. [ What Are Virus and AntiVirus And How To Protect Your Computer From Viruses. ]


ඔන්න අපි ආපහු අලුත් පොස්ට් එකක් අරන් ආවා. මේ දවස් වල අපේ සයිට් එකේ සියලුම Authorsලට වැඩ වැඩියි. ඒ නිසයි සයිට් එක Update කරන්න බැරි වෙන්නේ. මෙතැන් සිට ඉදිරියට , අපි පුලුවන් විදියට සයිට් එක Update කරන්න තමයි හිතා ගෙන ඉන්නේ.

අද කතාව වයිරස් ( Virus ) හා ඇන්ටිවයිරස් ( Antivirus ). ඔව් ඔව් ඉතිං මේකත් මුල ඉදං A To Z කියල දෙනවා.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් කට අදාල සියල්ලම අපට කියල දුන්නේ Elakiri.com එකේ Naradapathum අයියයි. ඒ නිසා , Naradapathum අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

වයිරස් , ඇන්ටිවයිරස් කියන්නේ ඔය දෙකම Programs කියන එක ඔලුවේ තියාගන්න.
ඉස්සෙල්ලාම වයිරස් එකකුයි , ඇන්ටිවයිරස් එකකුයි වැඩකරන හැටි තේරුම් අරන් ඉමු.

හරි අපි මෙහෙම හිතමුකෝ X කියලා වයිරස් එකක් තියනවා. මේක අපේ කොම්පූටරේ අදුරන්නේ 000 කියන කෝඩ් එකෙන්.
ඉතිං ඔන්න ඉන්ටනෙට් එකෙන් මේක දන්නෙම නැතුව අපේ කොම්පූටරේ පැළපදියන් උනා කියලා හිතමුකෝ.
දැන් ඉතිං ඔයාගේ කොම්පූටරේ ලෙඩ දෙනවා. ඉතිං ඔයා දානවා කොම්පූටරේට A කියල ඇන්ටිවයිරස් එකක්. මේකේ කාර්ය තමයි ඔය කලින් කිව්ව X කියන වයිරස් එක හොයාගන්න එක. ඔයා ස්කෑන් කොරන්න පටන්ගත්තා. දැන් ඉතිං A එයාගේ Search වලට කියනවා 000 දැක්ක වහාම User ට Alert කරන්න කියලා. ඉතිං ඔහොම Search කරාම 000 අහුවෙලා ඔයාගෙන් අහනවා මොකක්ද කරන්නේ කියලා. 
බෝලාලට මේක තෙරුන්ගන්න කියපු උදාහරණයක්ම විතරයි. ඔයිට සමාන ක්‍රියාකාරීත්වයක් තමයි ඇන්ටිවයිරස් එකක තියෙන්නේ.

දැන් බලමු මොකක්ද මේ ෆයර්වෝල් ( Firewall ) කියන්නේ කියලා.

* එකත් ලස්සන උදාහරණකින් තේරුම් ගනිමු.

මේකයි කතාව මචං ඔයාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා සෝයි කෙලි පොඩිත්තක්( ෆයිල් එක ). ඔයාටත් ඉතිං තියෙන්නේ එසේමෙසේ කුලප්පුවක්යැ ( ඔයා තමයි වයිරස් එක ) අල්ල්පුගෙදරට යන්නමයි හිත ඒ උනාට ගෙදර වටේටම තාප්පක් බැදලා තියෙන්නේ ( ෆයර්වෝල් ). ඔයත් ගේම අතෑරියේ නෑලු ඉතිං දවසක්දා තාප්පේ වටේ හොද සර්ච් පාරක් දාල බැලුව. වැඩේ ගොඩ! අල්ලපු ගෙදරට රිංගන්න පුළුවන් සයිස් එකේ හිලක් හොයාගත්ත( ෆයර්වෝල් එක හරියට Config කරගෙන් නෑ ). ආයේ පස්සගහන්නේ මොකටද කියලා ඔයත් පැනපි අල්ලපු ගෙදරට ගෑනු ළමය එක්ක වචන දෙකක් කතාකරන්න උනේ නෑ ඉතින් අප්පච්චියට මාට්ටු කියංකෝ ( User ). වැඩි අලාභ හානියක් නැතිව ආපහු තාප්පෙනුත් එලියට පැනගත්ත කොල්ල.
වැඩි දවසක් ගියේ නෑ කෙල්ලගේ තාත්තා අර හිල් ටික වහල දැම්ම ( Firewall එක Update කරල ) දැන් ඉතිං කොල්ලට සොරි.com තමා.

ඕක තමයි ෆයර්වෝල් එකේ කතාව. දැන් හැමෝටම වෙන දේ ගැන අවබෝධයක් තියනවනේ.

මේ දේවල් නම් කොහේත්වම කරන්න එපා !!

01. ) කවදාවත් වයිරස් එකක් ඇවිල්ල කියලා තේරුණාට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න යන්න එපා එහෙම කියන්න හේතුව තමයි වයිරස් ව්කක් Infect උනාට පස්සේ එක Unmount කරන්න ට්කක් අමාරුයි. ගොඩක් වයිරස් ඉස්සෙල්ලාම Attack කරන්නේ වයිරස් ගාඩ් එකේ Search Directories වලට.( වයිරස් ගාඩ් එකේ හදවත ) ඒවායේ Setting වෙනස් කලාම කොච්චර Search කරත් Virus අහුවෙන්නේ නෑ. 

02. ) කවුරු කොහොම මොන විදියට කිව්වත් කවදාවත් ඔය Crack කරපු වයිරස් ගාඩ් නං දාන්න එපා. උබලා කොරගන්න ලොකුම කොඩිවිනේ තමයි ඒක. සමහර එවුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ Pro Version දාගන්න. ඕන ප්‍රෝ එකක් දාගනින් වයිරස් ගාඩ් එක ඇරෙන්න. එහෙම එපා කියන්න හේතුව මේකයි. වයිරස් ගාඩ් එකේ වෙනසක් කරලා Pro Version එකක් විදියට හදද්දී ඕක ඇතුලට මොන මොන ජරාව රින්ගවනවද කියලා අපි දන්නේ නැනේ. මොකද ලේසියෙන් ඔය සෙල්ලම දාන්න බෑ. ගොඩක් මහන්සි වෙලා තමයි Crack කරන්න ඕනේ, මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේනේ , ඒ හින්ද පරිස්සං වෙන එක කෝකටත් හොදයි.

03. ) ඉන්ටර්නෙට් යනවනං ෆයර්වෝල් එකක් දාගන්න. ගොඩක් අය ඕක ගැන සැලකිලිමත් නෑ. මොකද කිව්වොත් වයිරස් ගාඩ් එක Pro එකකට Crack කරලා දානවා එතකොට එකේ Internet Security කියලා එකක් එන හින්ද හිතං ඉන්නව මං Safe කියලා.  ඔය වැඩේ නං කරන්න එපා. ඔය Free දෙන හොද ෆයර්වෝල් තියනවා එයින් එකක් දාගන්න.

දැනට තියේන හොද නොමිලේ ලබා ගන්න ෆයර්වෝල් තමයි Comodo හා ZoneAlarm කියන්නේ. මේ පහල ලින්ක් වලින් ඔබ කැමති ෆයර්වෝල් එකක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.




04. ) කවදාවත් වින්ඩෝස් දානවනං Hard Disk එක ෆුල් ෆෝමැට් නොකර දාන්න එපා. සමහර අය අවුරුදු ගානක් ෆෝමැට් කරලා තියන්නේ c එක විතරයි. කවදාවත් ඒ වැඩේ නං කරන්න පුරුදුවෙන්න එපා. එහෙම කියන්න හේතුව තමයි වින්ඩෝස් මාරු කළා කියලා වයිරස් නවතන්න බෑ. වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල සතියක් දෙකක් හොදට වැඩ කරාවි. ආපහු අර වයිරස් එක Active වෙලා , කරදර කරාවි. වැඩිය ඕනේ නෑ මයික්‍රොසොෆ්ට් එකෙන්ම කියලා තියෙන්නේ වයිරස් එකක් Attack කරනවා නං Format කරලා අලුතින් වින්ඩෝස් දාන්න කියලා.
ඉස්සෙල්ල වයිරස් අයින්කරගෙන වින්ඩෝස් දාන්න. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ කියලා මතක තියා ගන්න.

ඔය කිව්වේ ගොඩක් අය කරන කියන ටිකක්. 

දැන් එහෙනම් අපි බලමු , කොහොමද වයිරස් වලින් පරිස්සම් වෙලා ඉන්නේ කියලා. මේක තමයි අපේ මගපෙන්වීම.

01. ) අලුතින් වින්ඩෝස් දානවා නම්.

ඔයා අලුතින් වින්ඩෝස් දාන්න හිතං ඉන්නවා නං මෙහෙම කරන්න.
ඉස්සෙල්ල Hard Disk එකේ ඕන ටික වෙන එකකට Copy කරගන්න.
දන් Hard Disk එක Full Format කරන්න. ඊට පස්සේ අලුතින් Partition හදල Fresh Installation එකක් කරන්න.
හරි දැන් වින්ඩෝස් දැම්මනේ. ඊලගට කරන්න ඕන වයිරස් ගාඩ් එක දාන එක. දැන්ම කොම්පූටරේ ලගට පෙන් එක එහෙම කිට්ටුකරනවා නෙවේ. ෆයර්වෝල් ඕන කරලා ( ඔරිජිනල් වින්ඩෝස් නම් Update එහෙම කොරගෙන ) හොද වයිරස් ගාඩ් එකක් උන්ගේම සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ඩ්‍රයිවස් අනංමනං ටික ඉන්ස්ටෝල් කරගන්න.

02. ) දැනට කොම්පූටරේ ෆෝමැට් කරන්න බැරි නම්.

ගොඩක් අයට තියෙන්නේ මේ කෙස් එක. හැමෝටම වගේ බැකප් කරගන්න Hard Disk නෑ. යාලුවොන්ගෙන් එහම ඉල්ලගත්තොත් මිසක්. ඉතිං එකටත් , එක ක්‍රමයක් තියනවා. ඇත්තටම මේක හොද ක්‍රමයක්. ක්‍රමයක් කිව්වට ක්‍රම කිහිපයක් තියනවා.

* එක ක්‍රමයක් තමයි Rescue Disk එකක් බවිත කිරීම. Kaspresky , Avast වගේ ඒවායින් නිකන්ම හදාගන්න ඈකි. USB Rescue එකක් හදන්න එපා. Disk එකකම හදන්න. මොකද එක ගොඩක් සේෆ් Disk Read Only නිසා. එහෙම හදල එකෙන්ම බූට් කරලා Online Update කරලා ෆුල් ස්කෑන් එකක් දාන්න. සෑහෙන්න හොද ප්‍රතිපලයක් ගන්න ඈකි.

* අනිත් කරමේ තමයි ඔය ලිනක්ස් වල තියනවා වින්ඩෝස් වයිරස් අල්ලන Software එකක්(මේ වෙලාවේ නම මතක් වෙන්නේ නෑ ). Google කරලා හොයාගන්න පුළුවන්. එයින් එකකින් ස්කෑන් කරන්න පුළුවන් නං ගොඩම තමයි. 

* තව ක්‍රමයක් තිබුනත් එච්චර ප්‍රයෝගික නෑ. ඒ කිව්වේ ඔයාගේ Hard Disk එක වෙන හොද ඇන්ටි වයිරස් ගාඩ් එකක් දාල තියන කොම්පූටරෙකට USB වලින් Connect කරල සර්ච් කරන එක. මේක ප්‍රයෝගික නෑ කිව්වේ අපිට කොම්පූටර දෙක තුන නෑනේ බං. අනික සෑහෙන වෙලාවකුත් යනවා, ඊටත් වඩා පිට කෙනෙක් නම් එච්චර කැමති වෙන එකක් නෑ ඔය වැඩේට. කොහොම උනත් මේක වෛරස් එකක්නේ.

03. ) ලිනකස් ( Linux ) එකකට මාරු වෙන්න. 

අද කාලේ වින්ඩෝස් වලට වැඩිය ලස්සන ලිනක්ස් තියනවනේ. ඔයා ඉන්ටනෙට් යන්න සින්දු අහන්න ෆිල්ම් බලන්න විතරනං කොම්පූටරේ පාවිච්චි කරන්නේ , ලිනක්ස් දාගන්න , ගොඩම තමයි ඉතින්.

ඔය ටික කරනව නම් ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඉතින්.

අපි හිතනවා , මේ පොස්ට් එකේන් වයිරස් හා ඇන්ටිවයිරස් ගැන , ඔබ සියලු දෙනාටම හොද අවබෝධයක් එන්න ඇති කියලා. 
එහනම් අපි තවත් පොස්ට් එකකින් සෙට් වෙමු.

5 comments:

  1. Murali - Thank U Very Much For Your Comment Bro !! :D

    Yup , Your Site Is Very Good Bro !! :D

    ReplyDelete
  2. ela ela. check this out bro http://www.blackhatforum.co

    ReplyDelete
    Replies
    1. Santhusha - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Oyage Site ekath Godak Hodai !! :D

      Delete
  3. ela ela. check this out bro http://www.blackhatforum.co

    ReplyDelete
    Replies
    1. Santhusha - Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Oyage Site ekath Godak Hodai !! :D

      Delete

Tweet Now !!