සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Friend Request ඔක්කොම එක පාරින් Confirm කරමු [ Confirm All Friend Request at Once ]

අද නම් ගෙනාපු පොස්ටුව තනිකරම Facebook සම්බන්ද පොස්ට් එකක්.. මාතෘකාවෙන් ම තේරෙන්න ඇතිනේ.. මේක නම් ගොඩක් ම වැදගත් වෙන්නේ , Facebook ඉන්න කෙල්ලොන්ට.. මොකද ඉතින් , friend request බර ගානක් එන්නේ කෙල්ලොන්ටනේ!! ඉතින් මට හිතෙනවා , මේ පොස්ට් එක වැඩිපුරම කෙල්ලෝ කියවාවි කියලා... ඒ නිසා , මම එයාලටත් එක්ක තේරෙන විදියට , උපරිම සරලව මේක කියා දෙන්නම්කො.. මට නම් ඉතින් දවසට request 2ක් වගේ එනවා...එච්චරයි !! කෙල්ලොන්ට එහෙම නෙවෙයිනේ , එක දවසට 50ක් 100ක් විතර request එනවනේ !! ඉතින් එයාලට මේ request ඔක්කොම , එකින් එක confirm කරන්න ගියොත් පැය ගානක් යනවනේ!!  ඒ නිසා එකට විසදුමක් වශයෙන් මගේ ලග පොඩි ක්‍රමයක් තියෙනවා.. මේ ක්‍රමෙන් , friend request 500ක් 1000ක් වුනත් , තත්පර ගානකින් confirm කරන්න පුළුවන්...



හරි දැන් අපි එහෙනම් බලමුකෝ , මේ වැඩේ කරන්නේ කොහොමද කියලා... මෙහෙමයි , මේ වැඩේට Google Chrome කියන Internet Browser එක ඕන වෙනවා... වෙන browser වලින් නම් මම try කරලා බැලුවේ නෑ..

ඔන්න එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේට බහිමුකො... මුලින් ම ඔයාලගේ Facebook account එකට log වෙන්නකෝ.. දැන් Settings වලට යන්න...

ඔතනින් , වම පැත්තේ තියෙන Security කියන එක click කරන්න. දැන් දකුණු පැත්තට වෙන්න උඩම ඇති Secure Browsing Enable කියලා එකක්. ඒක click කරලා , එතන තියෙන tick එක ( හරි ලකුණ ) අයින් කරලා Save කරන්න...



හරි ... දැන් ඔයාලගේ Facebook ගිණුමට log වෙලා , මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

ඕකට ගියාම , ඔය page එක මැද හරියේ , පොඩි කොටුවක් තියෙනවා.. අන්න ඒකට tick එකක් ( හරි ලකුණක් ) දාන්න. ඔයා කලින් ම tick එකක් දාල නම් , මේ පියවර අත්හරින්න. ඔන්න දැන් තමයි අපි වැඩේට බහින්නේ.. !!

දැන් එහෙනම් හොද ළමයි වගේ , මෙන්න මේ link එකටත් යන්නකෝ ( තත්පර 5කට පසු Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

ඔය link එකට ගියාම , ඔයාලට පෙනේවි , ඔයාලට ආපු friend request ටික... ඊළගට , ඔයාල ඔය friend request ටික පෙන්නන  page එකේ පහලට ම යන්න. එතකොට ඔයාලට පෙනේවි Show more කියලා වචනයක්. ( friend request පොඩ්ඩක් නම් ඇවිත් තියෙන්නේ , Show more කියලා වචනයක් නැතුව ඇති ) අන්න ඒ Show more වචනේ click කරන්න.

මේ විදියට page එකේ පහලටම ගිහින්, Show more කියන වචනේ නැති වෙනකම්, ඒ කිව්වේ ඔයාලට ආපු request ඔක්කොම ඔතන පෙන්නනකම් , ඔය වචන click කර කර page එකේ පහලට ම යන්න. request ඔක්කොම ඔතන පෙන්නනවා නම්, තවදුරටත් Show more වචනේ ඔතන නෑ...
දැන් එහෙනම් , ඔයාලගේ keyboard එකේ තියෙන F12 button එක press කරන්නකෝ.. දැන් ඔයාලට පෙනේවි යටින් පොඩි window එක එනවා.. ඕකේ Console කියන tab එක click කරන්නකෝ...

දැන් මම මේ පහලින් දීලා තියෙන code එක සම්පූර්ණයෙන් ම copy කරගන්න...



දැන් අර Console කියන tab එකේ , මේ code එක paste කරන්න.. මේ code එක paste කිරීමට , keyboard එකේ තියෙන Ctrl + v භාවිතා කරන්න...



දැන් keyboard එකේ තියෙන Enter button එක press කරන්න... දැන් ඉතින් පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නකෝ... ඔයාලට පෙනේවි , request ඔක්කොම එකින් එක Confirm වෙන විදිය.. ඉක්මනට ම ඔයාගේ friend request ඔක්කොම confirm වේවි ඉබේටම.... ඔක්කොම confirm වෙලා ඉවර උනාම , ඔයාලගේ page එක සමහරවිට refresh වේවි.. refresh නොවුනත් , request ඔක්කොම confirm වුනාම ඔයාලට පේනවනේ. එතකොට ඔය tab එක close කරලා දාන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි !! පොඩි දෙයක් කරන්න තියෙන්නේ...
ඕං එහෙනම් මම ගියා... මේ වගේ තව Trick එකක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... !!



Ref_banner 928x90

6 comments:

  1. Fake Profile භාවිතයේදී ඉතා යෝග්‍යයි..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් සහතික ඇත්ත මචෝ (o)

      Delete
  2. elakiri machan fake account eke okkoma accepet karaghaththa :D

    ReplyDelete
    Replies
    1. ela ela... kohomath meka watinne kellontai , fake account karana ayatai thamaa :D

      Delete

Tweet Now !!