සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Comment වලට Reply කරන්න පුළුවන් විදියේ Status දාමු... [ How To Enable Comment Reply Option In Your Facebook Profile ]

මෙන්න අලුත් අවුරුද්දේ , විශ්වගේ පළමු පොස්ටුව !!දැන් නම් ඉතින් අලුත් අවුරුද්ද පහුවෙලත් ඉවරයිනේ.. ඒත් ඉතින් මට පොස්ටුවක් දාන්න ඉඩකඩ ලැබුනේ අද.. මොකද ඉතිං කලින් වාර විභාගේ ලකුණු එහෙමත් මේ අවුරුද්ද පටන්ගත්ත ගමන් ම දුන්න නිසා , මට ගෙදරින් පොඩි පොඩි නීති ටිකක් වැටුනනේ :( ඒ නීති ළිහිල් වෙනකල් මට පොස්ටුවක් වත් දාන්න ලැබුනේ නෑ ඕං.. ඒ වගේම තමයි අද වැලන්ටයින්ලුනේ.. මට මොන වැලන්ටයින් ද ඉතිංමම මේ අවුරුද්දේ මගේ පළමු පොස්ටුව විදියට fb එක ගැන මට කියන්න හිතුනා.. ඒකයි මේ පොස්ටුව දාන්නේ



දැන් ඉතින් බයිලා ගහන එක නවත්වලා පොස්ටුව කියවමුකො.. !! මෙන්න මේකයි කාරණේ... fb ඉන්න හැම කෙනාම දන්නවනේ තමන්ට කැමති විදියට status දාන්නපුළුවන් කියලා. ඒ වගේම ඔයාලා හැමකෙනෙක්ම status දාල ඇතිනේ !! අපි මේ විදියට දාන status වලට කස්ටිය comment කරනකොට එයාලගේ comment
එක , අපේ status එකට යටින් වැටෙනවා. ඔයාල සමහරවිට දැකලා ඇති , සමහර fb page වල මොකක් හරි post එකකට අපි comment එකක් දැම්ම ම , ඒ comment එකටයටින් LIKE , REPLY කියන වචන 2 තියෙනවා. ඒත් අපි අපේ profile එකෙන් මොකක් හරි status එකක් දාලා , කව්රු හරි ඒකට comment කලොත් , ඒ comment එකට යටින් LIKE කියන වචනේ විතරයි තියෙන්නේ. REPLY කියන වචනේ නෑ.. එකෙන් කියවෙන්නේ , ඒ comment එකට REPLY කරන්න බෑ කියන එකයි. මම මේ දැන් කියපු දේ තව ටිකක් හොදට තේරුම් ගන්න ඕන නම්
මෙතන CLICK කරන්න.  


මේ link එකට ගියාම ඔයාලට පෙනේවි , මම REPLY කරන්න පුළුවන් විදියට දාපු status එකක්. ( ඉහත පින්තුරයෙන්ද , ඔබට එය වටහා ගත හැක ) ඉතින් අද මම මේ කියන්න යන්නේ , මේ විදියට REPLY කරන්න පුළුවන් status දාන විදියයි.. මේ ක්‍රමේට ඔයාලට පුළුවන් , ඔයාල fb එකේ දාන ඕනෑම status එකකට REPLY කියන වචනේ add කරගන්න...

හැම ලාභ බඩුවකම හිලක් තියෙනව කියනවා වගේ , මේකෙත් පොඩි අවුලක් තියෙනවා.. :D ඒ තමයි , මේ වැඩේ කරන්න පුළුවන් Google Chrome browser එකේ පරණ version වලින් විතරයි.. ඔයාලා ලග තියෙන්නේ අලුත් ම version එක නම් , මෙතනින් Google Chrome 28 version එක download කරගෙන install කරගන්න. ඔයාල ලග තියෙන්නේ 28 version එකටත් වඩා පරණ එකක් නම් අවුලක් වෙන්නේ නෑ... ඒ අය මේ 28 version එක download කරගන්න ඕන නෑ... ( 32.13 MB )


මම එහෙනම් දැන්, මේ [REPLY] කියන වචනේ add කරගන්න විදිය කියන්නම් !! මේකට ක්‍රම 2ක් තියෙනවා... මම මුලින් ම එකක් ගැන කියන්නම්, ඊළගට අනිත් එක ගැන...

මෙහෙමයි , ඔයාලගේ පරණ Google Chrome version එක open කරගෙන, fb log in වෙලා, fb එකට අදාළ හැම tab එකක්ම close කරලා මේ link එකට යන්නකෝ... »»» https://touch.facebook.com/
හරි දැන් , දැන් ඔය link එකට ගියාට පස්සේ , ඔය කැමති තැනක Right Click කරලා Inspect Element කියන එක click කරන්න.. දැන් browser එකේ යටින් මේ පහල පින්තූරේ විදියට එකක් ඒවි..



ඊළගට , ඔය යටම දකුණු පැත්තේ කොනේම තියෙන Settings Icon එක click කරන්න.



දැන් Settings window එක open වේවි. ඔතන Overrides කියන එක click කරලා , දකුණු පැත්තේ තියෙන Override Geolocation කියන එකට tick එකක් දාන්න. දැන්
Lat = -41.289996 
Lon = 174.781555 කියන ඒවා ටික ඔතන type කරන්නකෝ..



දැන් ඔය Settings window එක close කරන්න... අනිත් window එක close කරන්න එපා... දැන් ඔය tab එක ඔහොමම තියාගෙන, අලුතින් tab එකක් open කරලා https://www.facebook.com/ කියන Facebook Welcome Page එකට යන්න..දැන් ඔයාල කැමති status එකක් දාන්න.. පොඩි comment එකකුත් දාලම බලන්න , ලස්සනට REPLY කියන වචනේ comment එකේ යටින් add වෙලා ඇති :D

ඕක එක ක්‍රමයක් !! තව ක්‍රමයක් තියෙනවා.. මම දැන් කියන්න අන්න ඒක...
මේකට පොඩි extension එකක් තියෙනවා.. ඔයාලා මුලින් ම මේ extension එක ඔයාලගේ Chrome පරණ version එකට add කරගන්න...
දැන් ඔයාලාගේ facebook ගිණුමට log වෙලා , facebook සම්බන්ද හැම tab එකක්ම close කරන්න. ඒ කිව්වේ, දැන් ඔයාල fb log වෙලා හිටියට , fb එක ගැන කිසිම tab එකක් දැන් open කරලා නෑ... ඔන්න දැන් මේ link එකට යන්න »»» https://touch.facebook.com/ දැන් ඔය link එකට ගියාට පස්සේ , ඔය කැමති තැනක Right Click කරලා Inspect Element කියන එක click කරන්න.. ඊළගට , ඔය යටම දකුණු පැත්තේ කොනේම තියෙන Settings Icon එක click කරන්න.

දැන් Settings window එක open වේවි. ඔතන Overrides කියන එක click කරලා , දකුණු පැත්තේ තියෙන Override Geolocation කියන එකට tick එකක් දාන්න. දැන් ඔය Settings window එක close කරන්න... අනිත් window එක close කරන්න එපා...



දැන් අර ඔයාලා add කරගත්ත extension එක click කරන්න.. ඒක ඔයාලගේ browser එකේ උඩම ඇති.. ඒක click කරලා , Enable කියන එක උඩ click කරලා Enable කරන්න. Enable වුනාම , එතන Disable කියලා පෙන්නනවා. ඊළගට යට තියෙන search box එකේ New Zealand කියලා type කරලා search කරන්න. එතකොට ඔයාල ඉන්න තැන New Zealand කියලා , ඔය map එකේ පෙන්නාවි..




දැන්  අලුත් tab එකක් open කරලා , https://www.facebook.com/ කියන Facebook Welcome Page එකට යන්න.. දැන් ඔයාල කැමති status එකක් දාන්න.. පොඩි comment එකකුත් දාලම බලන්න , ලස්සනට REPLY කියන වචනේ comment එකේ යටින් add වෙලා ඇති ඔන්න එහෙනම් මේ වැඩේ කරන ක්‍රම 2ම කියලා දුන්නා !!!

දැන් ඉතින් ඔයාලට ඇති තරම් reply කරන්න පුළුවන් status දාන්න පුළුවන්. ඔයාල මේ විදියට එක සැරේට status 2ක් 3ක් දානවා නම් , අර touch.facebook.com කියන tab එකේ යට තියෙන window එක close නොකර status දාන්න.. ඒක close කලාට පස්සේ දාන status වල reply නෑ...

ඔන්න තවත් Facebook Trick එකක් මේ විදියට මතු සම්බන්ධ වෙනවා... තව මේ වගේ වැඩ කෑල්ලක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... කස්ටියටම සුභ දවසක් !!




Ref_banner 928x90

2 comments:

  1. Google Chrome 28 version eka dawunlod karanakota idm eken 99% de hirawenawa.idm eke awulakda.pelak welawata softweya dawunlod karanakota mehema wenawa.ai a..............

    ReplyDelete
    Replies
    1. ow mchn IDM eke awulak.. oya IDM update krnna..ethakota hari !!

      Delete

Tweet Now !!