සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ ජංගම දුරකතනය , වතුරට වැටුන විට කල යුතු හොදම දේවල් පිළිබදව , හරියටම දැන ගන්න. [ How To Save Or Recover Mobile Phone Or Mobile Smart Phone After Fallen To Water. ]

28 Comments

අද වන විට ජංගම දුරකතන භාවිතා කිරිම , බෙහෙවින් වැඩි වෙල තියේනවා. මේ ජංගම දුරකතන වලිනුත් වැඩි හරියක් තියේන්නේ ස්මාට් ජංගම දුරකතන.

කොමහරි , සාමාන්‍ය ජංගම දුරකතනයක් තිබුනත් , ස්මාට් ජංගම දුරකතනයක් තිබුනත් , ඒක හදිස්සියේම වතුරකට වැටුනෝත් මොකද කරන්නේ ??

අන්න , ඒ විධියට ඔබේ ජංගම දුරකතනය වතුරකට වැටුනෝත් , කරන්න ඕන හොදම දේවල් ටික තමයි , මේ පහලින් කියල තියේන්නේ.

මේ පහලින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

1 ) ජංගම දුරකතනය Off වෙලානම් On කරන්න එපා.

2 ) තාමත්  ජංගම දුරකතනය On නම් , හොලවන්නේ නැතිව Off කරන්න.

3 ) ජංගම දුරකතනය ගොඩක් හොලවන් නැතිව බැටරිය ගලවන්න.





4 ) තුවායක් අරන් හොදින් වතුර පිහිදාන්න. ගලවන්න පුළුවන් පොඩි කොටස් ගලවලා වතුර පිහිදාන්න. 
( එහම කියල ජංගම දුරකතනයේ ඇතුලේ තියේන Circuit එක වගේ බරපතල කොටස් ගලවල පිහි දාන්න එපා. ) 
[ Battery එක , Sim එක , Memory Card එක වගේ පොඩි කොටස් විතරක් ගලවලා වතුර පිහිදාන්න. ]



5 ) වතුර ඉවත් කරන්න කියලා , ජංගම දුරකතනය වේගෙන් හොලවන්න එපා. හුලන් පිබින්න එපා. එහම කරෝත් වතුර ජංගම දුරකතනය පුරාම යනවා. 
ඒ වගේම වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 
ඒ කිව්ව වගේ දේවල් කරාම , වතුර වාෂ්ප වුනාට , ඊට කලින් Display එක, Speaker, Keypad උණුවෙලා ජංගම දුරකතනයට ගොඩාක් හානි සිදු වෙනවා. ( ඒ දේවල් වලින් Speaker , Keyboard වගේ ඒවට හානි සිදු වෙනව කිව්වාම තේරේනවනේ. මේවට හානි සිදු වුනාම , අයේත් ඒවා අලුතින් දාන්න වෙනවා. ඒ අර වතුරට වැටුන පසු නොකල යුතු වැඩක් කල නිසයි. ඒ නිසා වතුර වෙලන්න කියලා Heater , Hairdryer අල්ලන්න එපා. 

6 ) දැන්ම , ජංගම දුරකතනය On කරන්න එපා. 
වතුර පුළුවන් තරම් පිහිදලා ඉවර වෙලා , පොඩි භාජනයක් අර ගෙන , ඒකට ගෙදරින් හෝ වෙනත් තැනකින් හාල් ටිකක් අර ගෙන දාන්න.

7 ) දැන් , ඒ දාපු හාල් ටිකට උඩින් ඔබේ ජංගම දුරකතනය තියල , නැවතත් හාල් ටිකක් අරන් ඔබේ ජංගම දුරකතනය වැහේන විධියටම දාන්න.
මේ විධියටම ජංගම දුරකතනය , පැය කිපයක් හාල් වලින් වහලා තියන්න. ( පැය 4ත් - 5ත් අතර කාලයක් නම් ගොඩාක් හොදයි. ) 
[ මේ විධියට කරාම හාල් වලින් වතුර ගොඩක් උරා ගන්නවා. ]

මේ පහලින් තියේන පින්තුර වල ජංගම දුරකතනය , හාල් වලින් භාගේට වගේ වහල තියේන්නේ , පින්තුරය ටිකක් විතර , ඔබට පැහැදිලිව පෙනිය යුතු නිසයි.

ඒ නිසා , මේ පින්තුර වල වගේ ජංගම දුරකතනය , හාල් වලින් භාගේට නම් වහන්න එපා.
එම නිසා , ඔබේ ජංගම දුරකතනය , හාල් වලින් වැහේන විධියටම දාන්න.


8 )  පැය කිපයකින් පස්සේ ජංගම දුරකතනය On කරලා බලන්න.
දැන් , ඔබේ සාමාන්‍ය ජංගම දුරකතනය හෝ ස්මාට් ජංගම දුරකතනය පෙර පරිදිම හොදට සුපිරියටම වැඩ කරයි.

සැ.යු. - මේ උඩින් කියල තියේන දේවල් , ඔබේ  ජංගම දුරකතනය  වතුරට වැටුන ගමන්ම වගේ , හරියටම කරෝත් ජංගම දුරකතනය බේර ගන්න පුලුවන් වෙවි.

සැ.යු. - ඒ වගේම , අනිවාරේන්ම , ඔබේ ජංගම දුරකතනයේ මුකුත් අවුලක් නැද්ද කියල හරියට තහවුරු කරගන්න , දැන ගන්න , ලගම තියේන ජංගම දුරකතන හදන තැනකට අරන් යන එකත් ගොඩක් හොදයි.

සැ.යු. - ඒ වගේම , ජංගම දුරකතනය වහල තියන්න භාවිතා කරපු ඒ හාල් ටික භාවිතා කරන්නේ නැති නම් ගොඩක් හොදයි කියලයි , අපි හිතන්නේ. මොකද , ඒ හාල් ගනුදෙනු කරේ ඉලේක්ට්‍රෝනික උපාන්ගයක් එක්කනේ. ඒ නිසා භාවිතා නොකරන එක , හැමෝටම හොදයි.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.


#. අපේ Seven Net සයිට් එකේ අලුත්ම සුපිරිම පොස්ට් සැණින් එසැනින් දැන ගැනිමට , අපේ Seven Net Extension එක දා ගන්න.
Ref_banner 928x90

Read More »

Softwares මොකුත් නැතුව , Notepad එකෙන් Folders Lock කරමු...!! [ How To Lock Folders Without Using Any Softwares. ]

12 Comments
කලින් පෝස්ටුව දාලා වැඩි දවසක් යන්නත් කලින්, තවත් අලුත් වැඩක් අරගෙන ඔන්න මම ආවා....අද ගෙනාපු trick එක ඕන කෙනෙක්ට වැදගත් වෙන විදියේ එකක්...මොකද කියනවා නම් , හැම කෙනාටම වගේ පුද්ගලික දේවල් තියෙනවනේ....මෙතන පුද්ගලික දේවල් කියලා මම අදහස් කළේ, තමන්ගේ වැදගත්
පුද්ගලික files, videos, data වගේ දේවල්....මේ වගේ දේවල්, අපි සාමාන්‍යයෙන් හංගලා තමයි තියෙන්නේ.... සමහර අය නම් hidden කරනවා..... කස්ටියට මතක ඇතිනේ, මම දවසක් පින්තුරයක් ඇතුලේ ඕනෑම file එකක් හංගන විදිය කියලා දුන්නා.... ඒ විදියටත් පුළුවන් ඕනම දෙයක් හංගලා තියාගන්න. තවත් සමහරක් අය, මොකක් හරි මෘදුකාංගයක් භාවිතා කරලා, පුද්ගලික දේවල් අනිත් අයට ගන්න බැරි වෙන්නේ lock කරනවා....



ඉතින් අද මම කියන්න හදන්නෙත්, අන්න ඒ වගේ අපේම දේවල් කාටවත් ගන්න බැරි වෙන විදියට folder lock කරන හැටි.....මේකේ තියෙන විශේෂත්වය නම්, කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර තමයි, අපි මේක කරන්නේ.... හරි එහෙනම් බලමුකෝ මේක කරන විදිය......
හරි මුලින් ම ඔයාලා, මම මේ දෙන code එක සම්පුර්ණයෙන් ම copy කරගන්න....කිසිම අකුරක් මගහරින්න එපා....ඒ වගේම මේ code එක වෙනස් කරන්නත් එපා හොදද.....මෙන්න code එක...මේක copy කරගන්නකො.....


cls
:End
@ECHO OFF
title Folder Locker by AllSevenNet.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo ...::: V-shwa PraBhaThiya :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Are You Sure , You Want to Lock the Folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Enter Password to Unlock the Folder...
set/p "pass=>"
if NOT %pass%==SevenNet goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End


දැන් notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )


if NOT %pass%==SevenNet goto FAIL

දැන් ඔය පේලියේ ඇති SevenNet කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....


if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි lock කරන folder එකේ password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා password එකක් දුන්නට පස්සේ, ඔය notepad එකේ තියෙන code එක save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් window එකක් open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ save කරගන්න code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....



දැන් ඔය locker.bat කියන එක open කරන්නකෝ...open කළාම මෙන්න මේ වගේ...



කස්ටියට පේනවද මෙහෙම එකක් තියෙනවා... Enter Password to Unlock the Folder... අන්න ඔතන අර ඔයාලා කලින් දීපු password එක type කරලා Enter කරන්න. මම කලින් type කලේ 12345 නිසා, මම ඒක type කරලා Enter කරනවා...



ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර
locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)
ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......

ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ...මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක, ඕනෑම කෙනෙක්ගේ දුර්වලතාවයක් තියෙනවා.... මේකෙත් ඒ වගේ දුර්වලතා ගොඩක් තියෙනවා....අපි ඒ දුර්වලතා පුළුවන් තරම් දැන් අඩු කරගන්න බලමු....ඊට කලින් දුර්වලතා ටික මොනවද කියල ඔයාලා දැනගන්න ඕනනේ....ඔන්න එහෙනම් අහගන්නකෝ....

ඔයාල මේ විදියට folder එක lock කරලා තියෙනකොට, password එක දන්නේ නැතුව ඕක open කරන්න බෑනේ..... නෑ පුළුවන්....අන්න ඒක තමයි මේකේ තියෙන එක දුර්වල කමක්.... ඒ කොහොමද දන්නවද? මෙහෙමයි....
locker.bat කියන එක උඩ right click කරලා Edit කියන එකට යන්නකෝ....අන්න දැක්ක නේද?? අපි අර කලින් notepad එකට දාගෙන හිටපු code එක නේද මේ open වුනේ....දැන් ඉතින් ඔය code එකේ තියෙන if NOT %pass%==SevenNet goto FAIL කියන පේලියේ SevenNet කියන වචනෙට කැමති password එකක් ගහලා, ඕක ආයෙත් save කළාම , වැඩේ ඉවරයි...එතකොට locker.bat කියන එක open කළාම අපෙන් අහන්නේ, අපි අර කලින් දීපු password එක නෙවෙයි...ඒකෙන් අහන්නේ අලුත් password එක... ඉතින් මේ විදියට ඕන කෙනෙක්ට පුළුවන්, ඔයා lock කරපු file ටික ලස්සනට බලන්න.....

දැන් බලමු මේ දුර්වලතාවය හදාගන්නේ කොහොමද කියලා.....ඒකට නම් පොඩි software එකක් ඕන වෙනවා....මෙතනින් download කරගන්නකො... 300 KB විතරයි.
මෙහෙමයි, මේ මෘදුකාංගයෙන් කරන්නේ, අපි අර හදාගත්තු locker.bat කියන bat file එක, exe file එකකට convert කරන එකයි. exe file එකකට convert කරගත්තම, අර විදියට එක උඩ right click කරලා edit කරලා, අපි හංගපු දේවල් කාටවත් බලාගන්න බෑ...එහෙනම් දැන් අපි බලමු මේ software එකෙන් කොහොමද අපිට ඕන වැඩේ කරගන්නේ කියලා....මුලින්ම ඔයා දැනගන්න ඕන, ඔයාගේ computer එක 32 bit ද , 64 bit ද කියලා... ඒක බලන විදිය දන්නේ නැත්තම් මෙහෙමයි... My Computer උඩ right click කරලා properties වලට යන්න. දැන් ඔතනින් ඒක බලාගන්න....හරි දැන් එහෙනම් ඔයාල download කරපු Bat_To_Exe_Converter.rar කියන එක open කරගන්නකො. දැන් ඔයාලගේ computer එක 32 bit නම්, ඔතනින් Windows (32 bit) කියන folder එක open කරන්න. 32 bit නෙවෙයි නම් අනිත් එක open කරන්න. දැන් Bat_To_Exe_Converter.exe කියන file එක open කරගන්න. ඒක මේ වගේ....



Batch file: කියන එක ඉස්සරහා තියෙන බට්න් එක click කරලා, locker.bat කියන file එක තියෙන තැන දීලා open කියන එක click කරන්න. දැන් ඉතින් Compile කියන එක click කළාම වැඩේ ඉවරයි.... වැඩි ආරක්ෂාවට ඕන නම්, මේ exe file එකටත් password එකක් දෙන්න පුළුවන්. එක කරන්නේ, ඔතන ඔය තියෙන Encrypt the program කියන එකට tick එකක් දාලා password කියන තැනට කැමති password එකක් දෙන්න. තව ඕන නම්, ඔතන ඔය උඩ තියෙන Versioninformations කියන tab එකට ගිහින් කැමති icon එකක්, මේ exe file එකට දෙන්නත් පුළුවන්... ඔය හැමදේම කරලා Compile කියන එක click කළාම වැඩේ හරි.... locker.bat කියන file එක තිබුණු තැනම locker.exe කියලා file එකක් ඇති...දැන් locker.bat
කියන එක delete කරලා දාන්න.



 දැන් ඉතින් ඔයාලට ඕනෑම වෙලාවක Locker කියන folder එක ගන්න ඕන නම්, locker.exe කියන file එක open කරලා, password එක type කරලා Enter කරපු ගමන් ම Locker කියන folder එක පෙනේවි..... ඔන්න එහෙනම්, ඔයා සම්පුර්ණ පොස්ට් එක ම කියවලා ඉවරයි....මේ විදියට එහෙනම් හංගන්න තියෙන දේවල් හංග ගන්නකො.....

මොකක් හරි අවුලක් වුනොත් comment එකක් දාන්නකෝ..... !!!
ඕං මං ගියා ඈ....කස්ටියට ම බුදු සරණයි !! දෙවි පිහිටයි !!




Ref_banner 928x90

Read More »

HD , BleuRay වගේ ලොකු සයිස් තියේන චිත්‍රපටි වල Quality එක පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැතුව , චිත්‍රපටි වල සයිස් එක අඩු කරගන්න ආකාරය. [ How To Convert Size Of HD , BlueRay Movies To Normal Size Without Minimize a Quality. ]

12 Comments

අපිට , දැන් නම් සයිට් එකට , නිතරම අලුත් පොස්ට් දාන්න වෙන්නේ නම් නැ. ඒත් , ඔයාලගේ Comments හා Email වලට නම් , අපි වෙලාවක් බලන්නේ නැතුව පුලුවන් ඉක්මණටම Reply කරනවා. 

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් එකට අදාල සියලුම තොරතුරු ලබා ගත්තේ Zoom.lk එකේ JK Perera සහෝගේන්. ඒ නිසා , JK Perera සහෝටත් ගොඩක් ස්තුතියි !! :D


ඔන්න සහෝ අදත් තියනවා පට්ට සොෆ්ට්වෙයා කෑල්ලක්. මේක ගැනත් ගොඩ දෙනෙක් දන්නවත් ඇති.
ඒත් නොදන්න කට්ටියත් ඉන්න නිසයි දාන්නේ.
මේක ගැන කියනවනම් මේකේ නම " HandBrake " මේක Open Source Video Transcoder සොෆ්ට්වෙයා කෑල්ලක්.
ඒ කියන්නේ මේකෙන් පුලුවන් අපි ගාව තියන ලොකු ලොකු සයිස් වල DVD චිත්‍රපට හා Hard Disk එකේ තියන චිත්‍රපටි එහෙම පොඩි සයිස් එකකට Rip කරගන්න. මේකේ තියන තවත් විශේශත්වයක් තමයි චිත්‍රපටියේ ගුණාත්මකබාවයට ලොකු හානියක් වෙන්නැතුව පොඩි සයිස් එකකට Rip කරගන්න පුලුවන් වීම. මේකේදි Output Container Format එක නම් mp4 , mkv වලින් එකකටතමයි තමයි ගන්න වෙන්නේ.
හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

HandBrake මෘදුකාංගය මෙතනින් Download කරගන්න.


* මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

* ඔබ භාවිතා කරන්නේ Windows XP, Vista, 7 , 8 and 8.1 නම් , මේ පහල එක ඩවුන්ලෝඩ් කරගන්න. ( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. )







ඔබ භාවිතා කරන්නේ Mac OS නම් , මේ පහල එක ඩවුන්ලෝඩ් කරගන්න.





1 ) Handbreak මෘදුකාංගය Install කරලා Open කරගන්න.



2 ) දැන් ඔයාලට අඩු සයිස් එකකට Rip කරගන්න ඕණ DvD Disk එක , එහෙම නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකට කොපි කරගත්තු DvD Disk එකේ " VIDEO_TS Folder එක " හරි එහෙමත් නැත්නම් හාර්ඩ් ඩිස්ක් එකේ තියන .mkv , .mp4 ලොකු සයිස් මූවී එක HandBrake Main Window එකේ " Source " ක්ලික් කරලා තෝරලා දෙන්න.



3 ) හරි දැන් පිලිවෙලින් " Destination " එකට ෆිල්ම් එක Rip වෙලා Save වන ස්තානයද . OutPut Setting Container එක ලෙස.mkv හෝ .mp4 Format වලින් එකක්ද තෝරන්න. ඊට පස්සෙ " Size " එක විදිහට ( Width & Height ) මූවී එකේ Origional එක හරි එහෙම නැත්නම් අපි කැමති විදිහට Custom Size එකක් දෙන්න. ( 720 Bluray Rip 1280 * 536 pixels ) ( DvD Rip 640*256 ) ආසන්න ලෙසට.





4 ) ඔයාලට ෆිල්ම් එක 500 MB සයිස් එකට වගේ හදාගන්න ඕණනම් HandBrake Main Window එකේ " Video " Tab එක ක්ලික් කරලා " Avg Bitrate ( Kbps ) එකට " 500 " වගේ අගයක් දෙන්න.



5 ) ඊට පස්සෙ තවත් Setting එහෙම තියනවනම් ඒවත් හදාගෙන් " Start " ක්ලික් කරන්න.



6 ) මේ තියෙන්නේ 800 Mb මුවීයක් 500 Mb වලට Rip කරලා.





7 ) මේ තියෙන්නේ 900 Mb මුවීයක් 600 Mb වලට Rip කරලා.




කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

Read More »

KMPlayer එකේ Videos , Play වෙද්දි , එන Ads අයින් කරන ආකාරය. [ How To Remove Ads In KMPlayer When Videos Playing. ]

12 Comments
ශ්‍රී ලංකාවේ ගොඩක් දෙනෙක් , Videos බලන්න පාවිච්චි කරන්නේ KMPlayer එකයි.
ඒ , මේ KMPlayer එක භාවිතයට ගොඩක් පහසු විමත් , KMPlayer එකට සිංහල සබ් සහය දැක්විමත් යන කරුණු ප්‍රධාන ලෙස බලපානවා.

ඉතින් , මේ KMPlayer එකේ අලුත්ම Version එක දැනට ටික කාලේකට කලින් නිකුත් වුනා.
මේ අලුත්ම Version එකේදි , Videos Play වෙද්දි දැන්විම් පෙන්වනවා. ඒක , අපිට නම් ගොඩක් ලොකු කරදරයක්.

ඒත් , ඒ විධියට KMPlayer එකේ Videos Play වෙද්දි , දැන්විම් පෙන්වන එක නම් , අපට තවදුරටත් කරදරයක් කරගන්න ඕන නැ. ඒ මොකද , අපි දැන් ඔයාලට , ඒ දැන්විම් අයින් කරන විධිය කියල දෙනවා.

මේ පහල පියවරවල් අනුගමනය කරාම හරි.

1 ) මුලින්ම Control Panel එකේ , Network and Internet එක ක්ලික් කර ගිහින් , Internet Option එකට යන්න.



2 ) එවිට , එන Box එකේ Security Tab කියන එකට ගිහින් , එකේ මුල් හරියේ පොඩි කොටුවක , අන්තිමට තියේන Ristricted Site කියන එක Select කරලා , ඊට යටින් තියේන Sites කියන එක ක්ලික් කරන්න.


3 ) ඊට පස්සේ , එන Box එකේ , මේ පහල URL එක ටයිප් කරන්න. ( මේ පහල URL එක Copy කරන් ගිහින් , එතනදි Paste කරන්න. )

player.kmpmedia.net

URL එක දාල ඉවර වෙලා , ඊට එහා පැත්තේන් තියේන Add කියන එක ක්ලික් කරන්න.
එවිට , ඒ URL එක , එතන පහල තියේන Web Sites කියන එකට එකතු වෙනවා.


4 ) දැන් , එකේ පහල තියේන Close කියන එක ක්ලික් කරන්න.

5 ) ඊට පස්සේ , Open වෙල තියේන අනිත් Box එකේත් OK එක ක්ලික් කරන්න.

ඔන්න , දැන් ආපහු KMPlayer එක Open කරල බලන්න.
දැන් නම් අයේත් KMPlayer එකේ දැන්විම් එන්නේ නැ.

හරිනේ , එහනම් මේ පොස්ට් එකට කැමති නම් Comment එකකුත් දාන්න.

Read More »

අපේම රටෙන් , අපේම ක්‍රමයට සල්ලි හොයමු... !!

5 Comments
අද ගෙනාවේ නම් trick එකක් නෙවෙයි.. ඒත් මේක අපි ඕන කෙනෙක්ට වැදගත් වෙන post එකක්.. මොකද කියනවා නම් , අපිත් නිකං ඉදලා බෑනේ.. කීයක් හරි හොයාගන්නත් එපැයි !! මේක ඇවිල්ලා E-money වලට සම්බන්ධ පොස්ටුවක් !! හ්ම් දැන් එහෙනම් පොස්ටුව පැත්තට යන්කෝ...



E-money ගැන කතා කරනකොට ගොඩක් වෙබ් අඩවි තියෙනවා... AdFly කියන්නේ අන්න ඒ වගේ අපි කව්රුත් අහලා තියෙන එක වෙබ් අඩවියක්.. ඒත් මම අද  මේ කියන්න යන්නේ AdBla කියලා වෙබ් අඩවියක් ගැන.. අපි කව්රුත් මේ පුංචි ලංකාවේ මිනිස්සුනේ.. අපේ සල්ලි පිට රටට නොදී , ලංකාවේම ආයෝජනය කරනවා නම් කොච්චර දෙයක් ද.. අන්න ඒ නිසයි , ලංකාවේ කොල්ලෙක් , මෙන්න මේ AdBla කියන එක පටන් ගෙන තියෙන්නේ. මේකත් E-money කරන්න පුළුවන් වෙබ් අඩවියක්. මේකේ විශේෂත්ව කිහිපයක් තියෙනවා.. ප්‍රධාන ම දේ තමයි , මේක අපේම රටේ එකක් වීම. අන්න ඒක නිසා ඔය පිට රට ඒවා වලට වැඩිය, අපිට අපේ දේ විශ්වාසයි !! හදවතින් ම ශ්‍රී ලාංකිකයි !! දැන් එහෙනම් බලමුකෝ , මේ කියන AdBla වලින් සල්ලි හොයන්නේ කොහොමද කියලා...

ඔයාලට වෙබ් අඩවියක් තියේද? අන්න එහෙනම් මේ වැඩේ තවත් ලේසියි.. වෙබ් අඩවියක් නැති උනා කියලා දුක් වෙන්න එපා.. ඔයාලටත් කිසිම අවුලක් නැතුව AdBla වලින් සල්ලි හොයන්න පුළුවන්. මෙහෙමයි... ඔයාලට පුළුවන් මේ වෙබ් අඩවියේ Ads පළ කරලා එකෙන් මුදල් උපයන්න සහ එකේක Link Shorten කරලා මුදල් උපන්න. ඔයාල කැමති Link Shorten කරලා මුදල් උපන්න නම් , ඔයාල කෙටි කරන link එක , ඔයාලට පුළුවන් තරම් Facebook , Google Plus වගේ වෙබ් අඩවි වල share කරන්න ඕන. මොකද , ඔයාල ඒ share කරන link එක click කරලා , 1000ක් අවොත් . ඔයාට රුපියල් 100ක් ලැබෙනවා.. ඒ කිව්වේ , කට්ටිය 1000ක් , ඔයාලගේ link එකට ආවොත් ඔයාට Rs.100.00 ලැබෙනවා.. ඔයාට කැමති තරම් මේ විදියට link shorten කරලා share කරන්න පුළුවන්. ඔයාල share කරන link වලට , කට්ටිය 1000ක් හොයාගන්න එක මහ ලොකු වැඩක් නෙවෙයිනේ.. එක ටිකක් අමාරුයි නම් , link ගොඩක් මේ විදියට shorten කරලා share කරන්න. එතකොට ඉතින් ඔයාලගේ link හැම එකකටම එන පිරිස අනිවා 1000ට වැඩි වෙනවනේ.. ඔයා Advertiser කෙනෙක් වුනොත් , ඔයාගේ Ad එකට කට්ටිය 1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... ඉතින් මේ විදියට ඔයාලට ලැබෙන සල්ලි , ඔයාලට පුළුවන් තමන්ගේ Mobile phone එකටම
Ez Cash හෝ M Cash මගින් මේ සල්ලි ගෙන්න ගන්න.. මුලින් ම එහෙනම් මේ AdBla වෙබ් අඩවියේ  register වෙන්නකෝ..

ඔය උඩ තියෙන link එකෙන් ගිහින් Sign In/Up කියන එක click කරලා තමන්ගේ විස්තර ටික දීලා register වෙන්න. ඔයාලා register වෙනකොට ඔයාලගෙන් අහනවා , ඔය Advertiser කෙනෙක් විදියටද account එක හදන්නේ , නැත්තම් Publisher කෙනෙක් විදියටද කියලා.. ඔයා මේ AdBla වෙබ් අඩවියෙන් සල්ලි උපයන්න බලාපොරොත්තු වෙන්නේ , මේ වෙබ් අඩවියේ Ads පළ කරලා නම් , ඔතනින් Advertiser කියන එක තෝරන්න. එහෙම නැත්තම් ඔයා සල්ලි උපයන්න කැමති , එකේක Link shorten කරලා නම් Publisher කියන එක තෝරලා register වෙන්න. දැන් ඔයාල දීපු email එකට ගිහින් එකේ spam folder එකේ email එකක් ඇති AdBla එකෙන් එවපු. අන්න ඒකෙ තියෙන code එක , ඔයාලගේ AdBla account එකට log වෙනකොට අහවි. එතකොට ඒ code එක paste කරලා , ඔයාලගේ AdBla account එක activate කරගන්න.

ඔන්න එහෙනම් ඒ වැඩේ හරි.. දැන් ඔයාලගේ AdBla account එකට log වෙන්න..
දැන් ඔය උඩ තියෙන tab වලින් Account කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න. දැන් එහෙනම් අපි සල්ලි හොයන වැඩේට බහිමුකො.. මුලින් ම ඔයාල මොකක් හරි හොද link එකක් හොයාගන්න. දැන් Home tab එකට ගිහින් , ඒ link එක paste කරලා shorten කරගන්න. දැන් ඕක හැමතැනම share කරලා බලන්නකෝ.. ඔයාට ටිකෙන් ටික සතෙන් සතේ සල්ලි එකතු වේවි.. මම දැන් මේ කිව්වේ publisher අයට කරන්න ඕන ටික.. දැන් බලමු Advertiser අයමොකද කරන්න ඕන කියලා...

Advertiser කෙනෙක් වුනා නම් , ඔයා මොකක් හරි දෙයක් ගැන Ad එකක් පලකරන්න ඕන. උදාහරණයක් විදියට ඔයාට තියෙන වෙබ් අඩවිය ගැන වුනත් Ad එකක් පළ කරන්න පුළුවන්. ඔයාගේ Ad එකට කට්ටිය
1000ක් ආවොත් , ඔයාට රුපියල් 150ක් ලැබෙනවා... තමන්ට කැමති නම් ඒ මුදලින් තව Ad එකක් උනත් පළ කරන්න පුළුවන්.. මේ විදියට Advertiser කෙනෙක්ට වුනත් ලේසියෙන් ම සල්ලි හොයන්න පුළුවන්.

දැන් එහනම් බලමු, 100ක් හොයාගත්තට පස්සේ ඒ සල්ලි ගෙන්න ගන්න විදිය...

ඔයාලගේ AdBla account එකට log වෙලා , උඩ තියෙන tab වලින් Withdraw කියන ටැබ් එකට යන්නකෝ.. දැන් ඔය තියෙන විස්තර ටික පුරවන්න.



ඊළගට Send Request කියන එක click කලාම මෙහෙම එයි!



ඕකට අනුව, අපි හිතමු ඔයා සල්ලි ඉල්ලපු දවස බදාදා කියල.. එහෙම වුනොත්, ඔයාට සල්ලි ලැබෙන්නේ ඒ සතියේ ඉරිදා... මොකද ගෙවීම් සිදුකරන්නේ ඉරිදට විතරයි... කොහොමහරි, ඉරිදා වෙනකොට අනිවාරෙන් ඔයාලට ez cash එක එනවා.. තවදුරටත් ඒක තහවුරු කරගන්න ඕන නම්, adbla එකෙන් ez cash එක එවුවට පස්සේ, මේ ස්ථානයේ ඒ පිළිබඳව සඳහන් කරනවා...ඔතනට ගියාම පෙනේවි, මේ වෙනකොට ගෙවීම් සිදු කරපු අයගේ නම් සහ ගෙවපු මුදල.. එතන ඔයාලගෙ නමත් තියෙනවා නම්, ඒ කියන්නේ ඔයාලට ඒ ez cash එක එවලා කියන එකයි...

ඔන්න ඔය විදියටයි එහෙනම් මේකෙන් සල්ලි උපයන්නේ.. මේ දැන් ටිකක් පරණයි..මේ ගැන පොස්ට් එකක් දාන්න වෙලාවක් තිබුනේ නෑ..ඒකයි ටිකක් පරක්කු වුනේ... දැන් ඉතින් පුළුවන් තරම් Link Shorten කරලා,
පුළුවන් තරම share කරලා..සල්ලි උපයන්න !! මම ගියා..............

Read More »

ඔබත් Facebook භාවිතා කරනවද ?? එසේ නම් ඔබත් Facebook ගැන සියලුම දේවල් හරියට දැන ගෙනම , Facebook භාවිතා කරන්න. [ Get All The Information About Facebook.com Web Site. ]

18 Comments

අද , අපි කතා කරන්න හිතුවේ ලොකු කුඩා කවුරුත් දන්න Facebook වෙබ් සයිට් එක ගැනයි. මේ Facebook සයිට් එක ගැන පහු ගිය දිනවල වැඩි වශයේන් කතා වුන නිසාත් තමයි , මේ පොස්ට් එක දාන්න හිතුවේ.

හරි , අපි Facebook ගැන වර්ග කිපයක් යටතේ කතා කරමු.

පළමු වර්ගය - Facebook ඉතිහාසය.

Facebook වෙබ් සයිට් එක මුලින්ම හැදුවේ 2004 පෙබරවාරි 04 වන දිනයි.
මේ වෙබ් සයිට් එක මුලින්ම හැදුවේ එක්තරා විශ්වවිද්‍යාලයක ඉන්න යාලුවන් අතර අදහස් , පින්තුර වගේ දෙවල් බෙදා ගැනිමට පමණයි. ඒත් , මේ Facebook එක විශ්වවිද්‍යාලයට විතරක් අදාල නොවි , අද වන විට මේ මුලු ලෝකයේම පැතිරි තිබේනවා.
Facebook එක 2004 පෙබර්වාරි 04 වන දින සිට විවෘත වුනේ ඇමරිකානු වැසියන්ට විතරයි.
2005 අවුරුද්දේ ටික කාලයක් යද්දි තමයි Facebook එක මුලු ලෝකයටම එක හා සමානව විවෘත වුනේ.

Facebook හදන්න , ඒ කිව්වේ C++ හා PHP Codes භාවිතා කරල , මුලින්ම Facebook හැදුවේ Mark Zuckerberg , Eduardo Saverin , Andrew McCollum , Dustin Moskovitz හා Chris Hughes යන කණ්ඩායම එකතු වෙලයි.
නමුත් , අද වන විට , විවිධ දේවල් නිසා , මේ මුල් Facebook නිර්මාපකයන්ගේන් ඉන්නේ Mark Zuckerberg ( CEO - Chief Executive Officer ) හා Sheryl Sandberg ( COO - Chief Operating Officer ) හා තව කිප දෙනෙක් විතරයි. අනිත් අය , වෙනම Facebook වගේ වෙන සයිට් එකක් හදන් , Facebook එකේන් අයින් වුනා.

Facebook එක කලින් පිහිටා තිබුනේ ඇමරිකාවේ කැලිෆෝනියා වල ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ ප්‍රදේශයේයි.
ඒත් , මේ Facebook කාර්යාලයේ තිබුන දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසා Facebook එක අලුත් තැනකට ගියා.
දැනට , Facebook එකේ අපි දාන පින්තුර ඇතුලු සියලුම දේවල් ඇතුලු සියලුම දත්ත ගබඩාවම ඇතුලු Facebook කාර්යාලය පිහිටා තිබේන්නේ ඇමරිකාවේ කැලිෆෝනිය වල මෙන්ලෝ පාක් ප්‍රදේශයේයි.

Facebook එක ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ වල ඉදන් මෙන්ලෝ පාක් වලට එන්නේ වුනේ දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසයි.
ඒත් , තව අවස්ථාවකදි Facebook එකේ දත්ත ගබඩාවේ ඉඩ මදි වෙල වෙන තැනකට ගියා කියල හිතමු. ඒත් , ඉඩ මදි වෙන්න , මදි වෙන්න , කොච්චර වෙන වෙන තැන් වලට ගියත් , මේ ලෝකයේ දැනට ගන්න පුලුවන් උපරිමම උපරිම දත්ත ගබඩා ඉඩ ප්‍රමාණයක් තියේනවා.

ඉතින් , අන්න ඒ ප්‍රමාණය අවසන් වුනෝත් මොකද වෙන්නේ ??
සමහර විට , එදායින් පසු නැවතත් Facebook එකක් නැති වෙන්නත් පුලුවන්. ඒකේ තියේන බයානක කම අයේත් වෙනම කියන්න ඕන නැනේ.

ඒ නිසා , Facebook එකේ නිකරුනේ , වැඩක් නැති , ඔය එක එක විහිලු තියේන , ඒ වගේම වෙන වෙන පින්තුර හැමතිස්සේම දාන්න එපා. ඔය , එක එක ෆයිල්ස් Facebook එකට Upload කරන්නත් එපා.
Facebook එක ඉදිරියටත් පවත්ව ගන්න ඕන නම් , මේ කිව්ව දේවල් ගැන හොදට හිතල , ඒ විධියටම වැඩ කරන්න උත්සහ කරන්න.

මේ පහලින් තියේන්නේ 2004දි තිබුන Facebook එකේ පින්තුරයක් වේ.

මේ පහලින් තියේන්නේ ඇමරිකාවේ කැලිෆෝනිය වල මෙන්ලෝ පාක් වල පිහිටි කාර්යාලය වේ.

දෙවන වර්ගය - Facebook එකේ අද තත්වය.

Facebook එකේ මුල සිට අද දක්වාම මුල් පුටුව මෙහය වන්නේ Mark Zuckerberg ( මාක් ෂුකර්බර්ග් )  විසිනුයි. මොකද මොහු විසින් Facebook හදන්නත් , ඒක මේ අද තියේන සුපිරි තත්වයට ගන්නත් ගොඩාක් මහන්සි වුනු නිසයි.
ඒ වගේම , මේ 2014 පෙබරවාරි මස 04 වන දිනට Facebook එක තම 10 වන උපන් දිනය සැමරුවා.

අද වන විට Facebook එකේ බිලියන 1.23ක් සිටිනවා. ( 2013 දෙසැම්බර් මස වාර්තා වලට අනුව. දැන් , 2014 පෙබරවරි. )

මේ Facebook සයිට් එකේන් දැනට වසරකදි ඇමරිකානු ඩෝලර් බිලියන 17.895 යි. ( ශ්‍රී ලංකා රුපියල් වලින් නම් රුපියල් ට්‍රිලියන 2 236 875 000 000 [ USD 1 = Rs 125 ] )

ඒ වගේම , මේකේ දැනට 6337ක් රැකියා කරනවා. ( 2013 දෙසැම්බර් මස වන විට. )

ඒ වගේම , මේ Facebook යටතේ තමයි Instagram කියන ජායාරුප Upload කර යාලුවන් අතර බෙදා ගැනිමට හැකි වෙබ් සයිට් එක තිබේන්නේ.
ඒ වගේම , මේ ලගදි Facebook විසින් Whats App එකත් ඇමරිකානු ඩෝලර් කට මිළදි ගත්තා. ( Whats App කියන්නේ ඇන්ඩ්‍රෝයිඩ් වල නොමිලේ Chat , Message කිරිමට භාවිතා කල හැකි Android App එකකි. )

මේ පහලින් තියේන්නේ 2004 සිට 2013 දක්වා Facebook එකේ මුලු සාමාජික ගණන වැඩි විමයි.

තුන් වන වර්ගය - ඔබ විසින් Facebook භාවිතා කරන්නේ කෙසේද ?? ඒ භාවිතා කරන විධිය හරිද ?? 
ඔබ විසින් Facebook භාවිතා කල යුතු වන්නේ කෙසේද ??

* Facebook එකේදි සැලකිලිමත් විය යුතු ප්‍රධාන දෙයක් තමයි Facebook එකේ යාලුවත් ඇති කර ගැනිමයි.

Facebook එකේ යාලුවන් ඇති කර ගනිද්දි , අපි දන්න යාලුවන්ව විතරක් එකතු කරගන්න එක කරන්න අමාරු වැඩක්. මොකද , අපි ඇත්ත සාමාජයේත් දන්න , Facebook එකේත් ඉන්න පිරිස අඩුයි. ඒත් , දැන් නම් ඒක ගොඩක් වෙනස් වෙලා. දැන් , ඇත්ත සාමාජයේ ඉන්න බහුතරයක් දෙනා Facebook එකේත් ඉන්නවා.

හරි , ඒ කොහම වුනත් Facebook එකේදි , මේ පහලින් කියල තියේන දේවල් පිළිපදින්න උත්සහ කරන්න.

1 ) දකින දකින හැම කෙනෙකුටම Friend Request යවන්න නම් එපා. ඔබේ වයසට හා ඔබට ගැලපේන යාලුවන්ට විතරක් Friend Request යවන්න.
2 ) දකින දකින හැම කෙනෙක්ගේම Friend Request කරන්නත් එපා. ඔබේ වයසට හා ඔබට ගැලපේන යාලුවන්ගේන් ආපු Friend Request විතරක් Confirm කරන්න.
3 ) ඔබ Friend Request එකක් යවද්දි හා Friend Request එකක් Confirm කරද්දි , ඒ අදාල කෙනාගේ Profile එකට ගිහින් ඔහුගේ හෝ ඇයගේ විස්තර සොයා බලන්න. ඒ විස්තර අනුව , ඔවුන් ඔබේ යාලුවන් විමට ගැලපේනවාද කියල තිරණය කරන්න. ( මෙය තමයි 1 හා 2හි ගැලපේන යනුවෙන් අදහස් කරේ. )
ඔහුගේ හෝ ඇයගේ Profile එකට ගිහින් ඕනේ නැති දේවල් නම් කොහේත්වම කරන්න එපා.

* ලෝකයේ වගේම , ශ්‍රී ලංකාවේත් ගොඩාක් දෙනේක් Facebook භාවිතා කරන්නේ විවිධ යාඅලුවන් ඇති කරගෙන , ඔවුන් සමග Chat / Message කිරිමටයි.
Chat / Message කරන එක හොදයි. එකේ අවුලක් නැ. 
ඒත් , Chat / Message ආදිය කරද්දි , අපි Chat / Message කරන්නේ කාත් එක්කද ?? ඒ කෙනාව , ඔබ විසින් ඇත්තටම අදුරනවද ?? අදුරන්නේ නැත්නම් , ඒ කෙනා මොන වගේ කෙනෙක්ද ?? යනාදි දෙවල් පිළිබදව සොයා බලලා , ඉන් පසුව , ඒ ඒ සොයා ගත් දේවල් ගැනත් ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම , ඒ අදාල කෙනත් එක්ක Chat හෝ Message කරන එක ඔයාටත් , ඒ අනිත් Chat / Message කරන කෙනාටත් ඇතුලුව කාට කාටත් ගොඩාක් හොදයි.

ඒ වගේම Chat / Message කරද්දි තමන්ගේ වයසට හා තමන්ට පොඩ්ඩක් හරි ගැලපේන පුද්ගලයන් සමග පමණක් Chat / Message කිරිමට උත්සහ කරන්න. 
( මේ විධියට වයසට හා තමන්ට ගැලපෙන්නේ නැති අය තමන් එක්ක බලේන් වගේ Chat / Message කිරිමට එනව නම් ඒ අයව Unfriend හෝ Block කරන්න. 
ඒ වගේම ඉදිරියේදි , ඒ වගේ වයසට හා තමන්ට ගැලපේන්නේ නැති අයව කොහේත්වම යාලුවන් කරගන්න එපා. )

ඒ වගේම එක සැරයක් , දෙසැරයක් Chat / Message කරාට පස්සේත් , ඒ කෙනා ඔබට මොනයම් විධියකින්වත් Reply එකක් කරන්නේ නැති නම් , තව දුරටත් එයාට Chat / Message කරන්න එපා. එයාව , ඉදිරියටත් යාලුවෙක් විධියටම තියා ගෙනම , Chat / Message කරන්නේත් නැතුව , එයාට තව දුරටත් කරදර කරන්නේ නැතුව , තමන්ගේ පාඩුවෙ ඉන්න. 
ඒ වගේම ඒ අයට එක එක පින්තුර , Status හෝ වෙනත් දේවල් Tag / Mention කරන්නත් එපා.

Facebook එකේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ගොඩාක් දෙනේක් වැරදි විධියට යොදා ගන්නවා.
ඒනම් , Chat / Message කරද්දි ගොඩක් දෙනේක් තමන් කවුද කියන එක අමතක කරනවා. ඒ කියන්නේ තමන් තවමත් අවුරුදු 18ට අඩු ළමයේක්ද !! , එසේ නැත්නම් අවුරුදු 18ට වැඩි කෙනෙක්ද !! , තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතේක් ඉන්නවද !! , තමන් විවාහ විමට සුදානමින් ඉන්නවද !! , තමන් දැනටමත් විවාහ වෙලාද ඉන්නේ !! යනාදි දේවල් පිළිබදව ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම Chat / Message කරනවා නම් , ඒක ඔබ අප ඇතුලු සියලුම දේනාටම ගොඩාක් ගොඩාක් හොදයි.

නමුත් , මේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ඔබ විසින් වැරදි භාවිතා කරලා , ඒ ගැන අනිත් කෙනා විසින් Facebook එකට Report කරන්න පූලුවන්. එවිට , ඔබට යම් කිසි කාලේකට Block කිරිම කරනවා. මේ විධියට දිගින් දිගින් ඔබ ගැන , වෙනත් අය විසින් Report කරෝත් , ඔබේ Facebook ගිණුම , Facebook එක විසින් Delete කරන්න පුලුවන්. එහම නැතනම් , ඔබට Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව සම්පුර්ණයේන්ම නැති කරන්නත් පුලුවන්. 
ඔබ හිතයි , එතකොට වෙන Facebook ගිණුමක් හදනවා කියල. ඒත් , දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඔබ වෙන ගිණුමක් හදල Facebook ආවත් , Facebook එක දන්නවා , මේ එන්නේ කලින් Facebook ගිණුම Delete හෝ Chat / Message බ්ලෝක් කරපු පරිගණකයේන්ම තමයි කියල. ඒ නිසා , ඒ අලුතේන් හදන ගිණුමේදිවත් අනිවාරේන්ම ඉතාමත්ම හොදින් ඉන්න. එහම නැති වුනෝත් , ඔබේ පරිගණකයේන් Facebook එකක් පැත්තකටවත් එන්න බැරි වෙන්න , ඔබව Block කරයි.

* තවත් ගොඩක් දෙනෙක් , පැය 24ම Facebook එකට විවිධ ආකාරයේ පින්තුර , ෆයිල්ස් හා වෙන වෙන දේවල් එකතු කරමින් ඉන්නවා.
මේ වගේ පින්තුර , ෆයිල්ස් හා වෙනත් දේවල් එකතු කරන එක සමහර අයට ප්‍රශ්නයක් නම් නැ. ඒත් , සමහර අයට නම් මේක ප්‍රශ්නයක්.
මේ විධියට තමන්ගේ ගිණුමට විවිධ පින්තුර ඇතුලු තවත් දේවල් එකතු කරන එක , ඔබට ප්‍රශ්නයක් නම් ඒ දේවල් ඔබේ Wall එකේ තියේද්දිම , ඒ ඒ පින්තුරයේ හෝ ඒ අදාල දේ එකේ , දකුණු පැත්තේ උඩ කොනේ පහලට තියේන ඊතලය ක්ලික් කරාම පහලට එන ලිස්ට් එකේන් Hide from Timeline කියන එක ක්ලික් කරන්න. එවිට , ඒ දේ ඔබේ Wall එකේ පෙන්වන්නේ නැ.

කාට ප්‍රශ්නයක් තිබුනත් , නැතත් , මේ විධියට හිතු මානාපේට Facebook එකට පින්තුර , ෆයිල්ස් හා වෙනත් දේවල් එකතු කරන එක නම් Facebook ආයතනයට ගොඩාක්ම ගොඩාක් ලොකු ප්‍රශ්නයක්.

අපි මේ ගැන මුලදිත් කිව්වනේ. ඕන්න , ඒ ටිකම අයේත් කියන්නම්.
Facebook එක ස්ටැන්ෆෝඩ් රිසච් පාක් , පැලෝ ඇල්ටෝ වල ඉදන් මෙන්ලෝ පාක් වලට එන්නේ වුනේ දත්ත ගබඩාවේ ඉඩ මදි වුන නිසයි.
ඒත් , තව අවස්ථාවකදි Facebook එකේ දත්ත ගබඩාවේ ඉඩ මදි වෙල වෙන තැනකට ගියා කියල හිතමු. ඒත් , ඉඩ මදි වෙන්න , මදි වෙන්න , කොච්චර වෙන වෙන තැන් වලට ගියත් , මේ ලෝකයේ දැනට ගන්න පුලුවන් උපරිමම උපරිම දත්ත ගබඩා ඉඩ ප්‍රමාණයක් තියේනවා.

ඉතින් , අන්න ඒ ප්‍රමාණය අවසන් වුනෝත් මොකද වෙන්නේ ??
සමහර විට , එදායින් පසු නැවතත් Facebook එකක් නැති වෙන්නත් පුලුවන්. ඒකේ තියේන බයානක කම අයේත් වෙනම කියන්න ඕන නැනේ.

ඒ නිසා , Facebook එකේ නිකරුනේ , වැඩක් නැති , ඔය එක එක විහිලු තියේන , ඒ වගේම වෙන වෙන පින්තුර හැමතිස්සේම දාන්න එපා. ඔය , එක එක ෆයිල්ස් Facebook එකට Upload කරන්නත් එපා.
Facebook එක ඉදිරියටත් පවත්ව ගන්න ඕන නම් , මේ කිව්ව දේවල් ගැන හොදට හිතල , ඒ විධියටම වැඩ කරන්න උත්සහ කරන්න.

* ඒ වගේම තවත් අය , තම තමන්ගේ යාලුවන්ම විවිධ Facebook Groups වලට දානවා. මේක නම් ඉතින් එච්චර ප්‍රශ්නයක් කරගන්න දෙයක් නෙමේ. මොකද තමන්ට කොයි මොහතක හෝ ඒ Facebook Groups ඕන වෙන්න පුලුවන්. ඒ ඒ Facebook Groups වල දාන ලිපි , වෙබ් සයිට් ලින්ක් ඔබට වැදගත් වෙන්න පුලුවන්.
ඒ නිසා , විවිධ Facebook Groups වලට , ඔබව දැම්මට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න.

හරි , ඔබට ඒ විධියට Facebook Groups වලට ඔබව දාන එක ප්‍රශ්නයක් නම් , ඒ Facebook Groups වල මොකක් හරි පොස්ට් කරද්දි ඔබට Notifications එන එක නවත්වන්න.
( ඒ සදහා , ඒ අදාල Facebook Group එකට ගිහින් , ඒකේ Cover Photo එකට යටින් , දකුණු පස පහලින් Notifications කියන එක ක්ලික් කරන්න. ඉන් පසු එන ලිස්ට් එකේන් Off කියන එක ක්ලික් කරාම හරි. )

ඒ Facebook Group එක , ඔබට ගැලපේන්නේ නැති එකක් නම් , ඒකේන් අයින් වෙන්න ඕනම නම් , මේ විධියට කරන්න.
( ඒ අදාල Facebook Group එකට ගිහින් , ඒකේ Cover Photo එකට පහලින් , දකුණු පස තියේන රවුම් Icon එක ක්ලික් කරන්න. එවිට එන ලිස්ට් එකේන් අන්තිමට තියේන Leave Group කියන එක ක්ලික් කරන්න. ඉන් පසු එන Message එකේන් Leave Group කියන එකත් ක්ලික් කරාම හරි. )

ඒත් , මතක තියා ගන්න ඒ Facebook Groups වල දාන ලිපි , වෙබ් සයිට් ලින්ක් ඔබට වැදගත් වෙන්න පුලුවන්.
ඒ නිසා , විවිධ Facebook Groups වලට , ඔබව දැම්මට ඒක ප්‍රශ්නයක් කරගන්නේ නැතුව ඉන්න.

හතර වන වර්ගය - Facebook එකේ ඇති ප්‍රයෝජන.

මේ වගේ Facebook වල වාසි තවත් ගොඩාක් කියන්න පුලුවන්. ඒ සියලුම දේවල් මෙතන කියල ඉවර කරන්න අමාරුයි. ඒ අනුව , Facebook එකේ ප්‍රධාන වාසි කිපයක් කියන්නම්.

1 ) Facebook එකේ විවිධ වටිනා , වැදගත් , හොද , හරි Facebook Pages වලට Like කිරිමේන් , ඒම Facebook Pages වල දාන වටින වැදගත් ලිපි ඔබට සැණින් එසැණින් කියවන්න පුලුවන්. ( උදා - ඔබ , අපේ Seven Net Page එකට Like කල විට , අපේ සයිට් එකේ අලුත් පොස්ට් එකක් දැමු විගස , ඔබට ඒ ගැන දැන ගන්නට පුලුව විම. )

2 ) අප සමාජයේ විවිධ කාර්යන් කරද්දි , ඒ පිළිබදව දැන ගැනිමට හැකි විම. ( උදා - ඔබේ පාසලේ මොකක් හරි උත්සවයක් තියේද්දි , ඔබ පාසලේ ආදි ශිෂ්‍යයේක් නම් , ඔබට ඒ උත්සවය ගැන සියලුම විස්තර දැන ගැනිමට හැකි විම. )

3 ) අද වන විට , ලෝකයේ තිබේන වෙබ් හා බ්ලෝග් සයිට් වලින් වැඩි ප්‍රමානයක් , Facebook එකේ තමන්ගේ සයිට් වල ලින්ක් දැමිම මගින් , යම් කිසි පාඨක පිරිසක් ලබ ගැනිම.

4 ) ලෝකයේ සිදුවන අලුත් සිදුවිම් , සොයා ගැනිම් යනාදි දේවල් පිළිබදව දැන ගැනිමට හැකිවිම.

5 ) ලෝකයේ හෝ ශ්‍රී ලංකාවේ සිදුවන ඕනැම සිදුවික් සදහා , ලොකු කුඩා ඕනැම කෙනෙකුට , තමන්ට අවශ්‍ය ඕනැම දේයක් ප්‍රකාශ කිරිමට , අදහස් දැක්විමට හැකි විම.
( උදා - මැතකදි ලසිත් මාලින්ගට මාධ්‍යයන් මගින් විවිධ දේවල් කියද්දි , එක් කොටසක් ඒවා අනුමත කල අතර , තවත් කොටසක් ඒවාට විරුද්ධව ඉතා විශාල බලවේගයක් Facebook මගින් ගොඩ නගා , ඒම සියලු මාධ්‍ය ආයතන වල මාලින්ග ගැන මතය පවා වෙනස් කිරිමට Facebook යොදා ගන්නා ලදි. )
( උදා - ඊජිප්තුවේ පැවති අසාධාරණ රජය වෙනස් කිරිමට පවා , මේ Facebook යොදා ගැනිමට , ඊජිප්තු වැසියන්ට හැකි විය. )

පස්වන වර්ගය - Facebook එකේ අවාසි.

1 ) Facebook එකේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ගොඩාක් දෙනේක් වැරදි විධියට යොදා ගන්නවා.
ඒනම් , Chat / Message කරද්දි ගොඩක් දෙනේක් තමන් කවුද කියන එක අමතක කරනවා. ඒ කියන්නේ තමන් තවමත් අවුරුදු 18ට අඩු ළමයේක්ද !! , එසේ නැත්නම් අවුරුදු 18ට වැඩි කෙනෙක්ද !! , තමන්ට පෙම්වතියක් හෝ පෙම්වතේක් ඉන්නවද !! , තමන් විවාහ විමට සුදානමින් ඉන්නවද !! , තමන් දැනටමත් විවාහ වෙලාද ඉන්නේ !! යනාදි දේවල් පිළිබදව ඉතාමත්ම හොදින් මතක තියා ගෙනම Chat / Message කරනවා නම් , ඒක ඔබ අප ඇතුලු සියලුම දේනාටම ගොඩාක් ගොඩාක් හොදයි.

නමුත් , මේ Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව , ඔබ විසින් වැරදි භාවිතා කරලා , ඒ ගැන අනිත් කෙනා විසින් Facebook එකට Report කරන්න පූලුවන්. එවිට , ඔබට යම් කිසි කාලේකට Block කිරිම කරනවා. මේ විධියට දිගින් දිගින් ඔබ ගැන , වෙනත් අය විසින් Report කරෝත් , ඔබේ Facebook ගිණුම , Facebook එක විසින් Delete කරන්න පුලුවන්. එහම නැතනම් , ඔබට Chat / Message කිරිමට ලබා දි තිබේන අවස්ථාව සම්පුර්ණයේන්ම නැති කරන්නත් පුලුවන්. 
ඔබ හිතයි , එතකොට වෙන Facebook ගිණුමක් හදනවා කියල. ඒත් , දැන් තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඔබ වෙන ගිණුමක් හදල Facebook ආවත් , Facebook එක දන්නවා , මේ එන්නේ කලින් Facebook ගිණුම Delete හෝ Chat / Message බ්ලෝක් කරපු පරිගණකයේන්ම තමයි කියල. ඒ නිසා , ඒ අලුතේන් හදන ගිණුමේදිවත් අනිවාරේන්ම ඉතාමත්ම හොදින් ඉන්න. එහම නැති වුනෝත් , ඔබේ පරිගණකයේන් Facebook එකක් පැත්තකටවත් එන්න බැරි වෙන්න , ඔබව Block කරයි.

හයවන වර්ගය - ඔබට කරදරයක් වෙමින් , ඔබ සමග Chat / Message කරනව නම් හෝ ඔබේ ගිණුමට පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දේවල් දානව නම් , ඔබ විසින් කල යුතු දේවල්.

තමන්ගේ කරනවා නම් හෝ පැය 24ම පින්තුර , ෆයිල්ස් , Status දානව නම් යනාදි දේවල් කරනව නම් , කරන්න තියේන්නේ පොඩි දේවල් 3යි.

එකක් තමයි , ඒ අදාල කෙනාව Unfriend කරන එක.
( මේ සදහා , ඒ අදාල කෙනාගේ - එකට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේ අන්තිමට තියේන Unfriend කියන එක ක්ලික් කරාම , එයාව Unfriend වෙනවා. )

අනිත් එක තමයි , ඒ අදාල කෙනාව Block කරන එක.
මෙහිදි , ඒ අදාල කෙනා Autoම Unfriend වන අතර , Block කරාට පස්සේ , ඔබට - ඔහුගේ ගිණුමවත් , ඔහුට - ඔබේ ගිණුමවත් කොහේත්වම බලන්න බෑ.
[ මේක කරන්න ක්‍රම 2ක් තියේනවා. ඒකේන් 1ක් ගැන බලමු. ]
( මේ සදහා , ඒ අදාල කෙනාගේ Facebook ගිණුමට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Report / Block කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේන් 3 වෙනියට තියේන Block { His/Her Name } කියන එකට Tic එකක් දලා , Confirm කියන එක ක්ලික් කරන්න. එවිටත් එන Box එකේ OK එක ක්ලික් කරන්න. ) 

3 වන විධිය තමයි , ඒ අදාල කෙනාව , යම් කිසි හේතුවකට Report කරන එක.
මෙහිදි , අපි කියන හේතුවට අදාලව , ඒ අදාල කෙනා වැරදිකරු වුනෝත් , ඒ කෙනාට අදාලව Facebook එක මගින් යම් කිසි පියවරක් ගන්නවා.
( මේ සදහා , ඒ අදාල කෙනාගේ Facebook ගිණුමට ගිහින් , එකේ Cover Photo එකට යටින් , දකුණු පස තියේන Friend කියන එක ක්ලික් කරාම එන ලිස්ට් එකේන් Report / Block කියන එක ක්ලික් කරන්න. එවිට එන Box එකේන් , 4 වෙනියට තියේන Submit a Report කියන එක ක්ලික් කරන්න. ඉන් පසු , ඊට යටින් තියේන Report content shared by { His/Her Name } කියන එකට Tic එකක් දලා , Confirm කියන එක ක්ලික් කරන්න.
එවිටත් , එන Box එකේන් , ඒ අදාල දේ තෝරල Confirm එක ක්ලික් කරන්න. ඉන් පසු , එන Box එකේන් OK එක ක්ලික් කරන්න. දැන් හරි. )

හත්වන වර්ගය - ඇයි , Facebook එක මේ තරම් ප්‍රමාණයක් භාවිතා කරන්නේ ?? 
ඇයි , Facebook මේ තරම් ජනප්‍රිය , ප්‍රසිද්ධ ??

අපිට හිතේන විධියට නම් Facebook , මේ තරම් ප්‍රසිද්ධ වෙන්න , ජනප්‍රිය වෙන්න හේතු කිපයක්ම තියේනවා.

1 ) Facebook භාවිතා කරන අය , යන යන තැන Facebook පිළිබදව විවිධ දේවල් ප්‍රකාශ කිරිම.

2 ) ඕනැම පුද්ගලයේකුට පහසුවෙන්ම භාවිතා කිරිමට හැකි විම.

3 ) Facebook එකේ Chat / Message කිරිමට , පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දේවල් දැමිමට හැකි විම.

4 ) තමන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරිමට හැකි විම.

5 ) එකවර ඉතා විශාල ප්‍රමාණයක් , යම් කිසි දේයක් පිළිබදව දැනුවත් කිරිමට හැකි විම.

ඒ වගේම , උඩින් කියපු වාසිත් , Facebook මේ තරම් ජනප්‍රිය , ප්‍රසිද්ධ විමට හේතු කාරණා වෙල තියේනවා.

* Facebook ගැන මැත කාලයේදි , බොහෝ දෙනේක් කතාබහා කරා. Facebook තහනම් කරන්න ඕන කියල පවා කිව්වා. 
ඒත් , Facebook තහනම් කිරිම ගැන මට මුකුත් හිතා ගන්න බෑ. 

සැ.යු. - ඒ කොහම වුනත් , අපි , අපේ පාඩුවේ Facebook එක භාවිතා කරගෙන ඉන්නව නම් , අපිට කරදරයකුත් නැ. අනිත් අයට කරදරයකුත් නැ.

ඒත් , ඔබ , ඔබේ පාඩුවේ ඉන්නකොට , කවුරු හරි , ඔබට කරදර කරනව නම් , එයාව හිමින් හිමින් ඇත් කරගන්න. ඊට පස්සේ , යම් කිසි කාලයකින් , එයාව , Unfriend හෝ Block කරන්න.
ඒත් , ඔබට කරදර කරන ඒ කෙනාව Unfriend / Block කරන්නේ නැතුව ගොඩින් බේර ගන්න පුලුවන් නම් , ඒක හොදයි. එහම කරගන්න විධිය තමයි , මේ පහලින් කියල තියේන්නේ.

සැ.යු. - මේක තමයි , කරන්න තියේන හොදම දේ. 
( ඒ , ඔබට කරදර කරන කෙනාව හිමින් හිමින් ඇත් කරන්න කිව්වෙ. එයාව එක සැරේම Unfriend හෝ Block කරෝත් , ඒ ගැන ඔයත් එක්ක තරහක් ඇති කරගනියි. අද කාලේ අහන දකින දෙවල් වල හැටියට , ඒ තරහ නිසා , එයා මොනව කරයිද , කරගනිද කියන්න බෑනේ. 
ඒ නිසා හොදම දේ තමයි , ඔබට කරදර කරන කෙනාව හිමින් හිමින් ඇත් කරන්න. ඔබව , ඔහුට අමතක වෙනකම්ම ඇත් කරන්න. 

* ඒ කිව්වේ , එයා Chat / Message 20 / 30 ක් එවනව නම් , ඔයා ගානට ශේප් එකේ එක Chat / Message එකක් විතරක්ම යවන්න. කොච්චර ඇත් කරත් , එයාත් එක්ක , ඔයා තවමත් යාලු බව ඇගවෙන විධියට වැඩ කරන්න. ඒ වගේම , එයා දාන පින්තුර , ෆයිල්ස් , Status හා වෙනත් දෙවල් වලට Like , Comment , Share කරන්න එපා. ඒවට Like , Comment , Share කරන්න කියල කරදර කරෝත් , මොකක් හරි කියල ශේප් කරගන්න. මේ විධියට ටික කාලයක් ගියාම , එයාව Unfriend හෝ Block කරන්නවත් ඕන නැති වෙයි.
එයාටම , ඔයාව එපා වෙයි. එතකොට , එයා , ඔයාට Chat / Message කරන්නේ නැති වෙයි. 
එතකොට ඉතින් Unfriend / Block කරන්නත් ඕනේත් නැනේ. ඒ විධියටම දිගටම ඉන්න.


සැ.යු. - දැනට , ගොඩාක් දේනෙක් Facebook ගැන හිතන් ඉන්නේ , Facebook එකේ ඇති වෙනකම් යාලුවෝ ඇති කරන් Chat / Message කර කර ඉන්න විතරයි තියේන්නේ කියලයි.
ඒත් , ඔබ හැමෝම , මේ පොස්ට් එකේ Facebook එකේ වාසි ගැන දැක්කනේ.
ඒ නිසා , Facebook එක තමන්ට වගේම , අනිත් හැමෝටමත් වටින , වැදගත් , හරි , හොද , ප්‍රයෝජනවත් තැනක් විධියට භාවිතා කරන්න.
ඒ වගේම , Facebook ගැන වැරදි අදහස් , ආකල්ප තියන් ඉන්න අයට , මේ පොස්ට් එක කියවන්න , බලන්න දෙන්න.

සැ.යු. - අපි හිතනවා , මේ මුලු පොස්ට් එකම හරියම , හොදට කියවන්න ඇති කියල හිතනවා.
මේ මුලු පොස්ට් එකම කෙසේ වෙතත් , මේ පොස්ට් එකේ " තුන්වන වර්ගය වන , ඔබ විසින් Facebook භාවිතා කරන්නේ කෙසේද ?? ඒ භාවිතා කරන විධිය හරිද ?? 
ඔබ විසින් Facebook භාවිතා කල යුතු වන්නේ කෙසේද ?? " කියන මාතෘකාව හා සැ.යු. ( සැලකිය යුතුයි ) ලෙස තිබේන දේවල් ඉතාමත්ම හොදින් හරියටම කියවන්න කියල ඉල්ලා සිටිනවා.

මේ පොස්ට් එක සැලකිය යුතු ගානක් බලලත් තියේනවා.
ඒත් , Blogger Comments හා Facebook Comments නම් හොදටම අඩුයි.

මේ මුලු පොස්ට් එකට අදාලව , ඔබට හිතේන අදහස් හා සියල්ලම , මෙහි Comment එකක් ලෙස අනිවාරේන්ම , දාන්න. 
Ref_banner 928x90

Read More »

Tweet Now !!