සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ලේසියේන්ම ඔබේ පරිගණකයේන්ම ක්‍රියාත්මක කරන ආකාරය. ( BlueStacks මෘදුකාංගය භාවිතා නොකර. ) [ How Easily Run Or Play Android Apps And Games In Your Computer. ]

9 Comments

අපි කවුරුත් අලුත් අලුත් Apps හා Games භාවිතා කරන්න කැමතියිනේ. ඉතින් , දැනට බහුලව දිනෙන් දින අලුත් Apps හා Games නිකුත් වෙන ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක් තමයි ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ. 

මේ ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , ඔබේ ජංගම දුරකතනයේන් හෝ ටැබ් එකේන් ක්‍රියාත්මක කරන්න නම් , ගොඩක් ඒවට Mobile Data ඕන වෙනවා. උදාහරනයක් විධියට Ingress , Clash Of Clans වගේ ක්‍රිඩා වලදි. ඉතින් , මේවා කරද්දි ඔබේ Data සැලකිය යුතු ලෙස වැය වෙනවා. 
නමුත් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේන් හා ටැබ් එකේන් ක්‍රියාත්මක කරපු , ඒ සියලුම Apps හා Games , ඔබේ පරිගණකයේන් ක්‍රියාත්මක කරන්න , දැන් ඔබට පුලුවන්. 

මේ සදහා ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ BlueStack කියන මෘදුකාංගයයි. නමුත් , BlueStacks සමග කටයුතු කිරිම අපහසුයි. ඇන්ඩ්‍රොයිඩ් Apps හා Games , BlueStacks එක භාවිතා කරල , පරිගණකයේ ක්‍රියාත්මක කරන්න සැලකිය යුතු වැඩ කොටසක් කරන්න ඕන. 

ඒ නිසා , අපි මෙයට ඊට වඩා ඉතාමත්ම පහසු මෘදුකාංගයක් භවිතා කරනව. මේ මෘදුකාංගයේ නම තමයි Nox App Player කියන්නේ. 

අපිට ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , අපේ පරිගණකයේ සම්පුර්ණයේන්ම හදන්න ඕන නම් කරන්න තියේන්නේ , මේ Nox App Player කියන මෘදුකාංගය , ඔබේ පරිගණකයට Install කිරිම විතරමයි. 

* මුලින්ම මේ පහල ලින්ක් එකේන් , Nox App Player මෘදුකාංගය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.

* මෙය ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.



* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

මේ පහල ලින්ක් එක ක්ලික් කල පසු යන සයිට් එකේ මැදින් තියෙන Download කියන එක ක්ලික් කල විගස , ඔබට Nox App Player කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





* ඩවුන්ලෝඩ් වෙල ඉවර වුනාට පස්සේ , ඒ Setup එක ක්ලික් කරන්න. එවිට මේ පහල රුපයේ විධියට එන Box එකේ තියේන Install කියන එක ඔබන්න. එවිට , මෙය Install විමට පටන් ගනිවි. 
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





* මෙය Install වෙන අතර මැද්දි , මෙහි Drivers Install කරන්නද කියල අහනව. මෙහිදි මේ පහල රුපයේ විධියට Install කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* Install වෙල ඉවර වුනාට පස්සේ , මේ පහල රුපයේ විධියට පෙන්නාවි. මෙහිදි , ඔබට දැන්මම ඇන්ඩ්‍රොයිඩ් මෙහයුම් පද්ධතියට යන්න ඕන නම් Start කියන එක ඔබන්න. පසුව යන්න ඕන නම් Finish එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


* ඊට පස්සේ , ඔබ අලුත් ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් මිළට ගත්තාම කරනව වගේ , ඔබේ දැනට තියේන හෝ අලුත් , Google Email හා Password ලබා දෙන්න. ඊට පස්සේ , ඔබ ලග තියේන ඇත්ත ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයකින් හෝ ටැබ් එකකින් කරනව වගේ සියලුම දේවල් , මේකේනුත් කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]





ඔබ කැමති Ingress , Clash Of Clans වැනි ඕනැම Game එකක් , පරිගණකයේන්ම ක්‍රිඩා කරන්න පුලුවන්. 
WhatsApp , Viber , Tango , පරිගණකයේන්ම භාවිතා කරන්න පුලුවන්. 
Play Store ගිහින් , ඕන ඕනම දේයක් ගන්නත් පුලුවන්. එකි මෙකි නොකි  සියලුම දේවල් කරන්න පුලුවන්. :
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



දැන් හිතන්න , 1GB වගේ ලොකු Game එකක් Play Store එකේ තියේනව. ඒක ඔබේ ජංගම දුරකතනයට ගන්න නම් , ඔබ භාවිතා කරන දුරකතන ජාලයට අනුව ගොඩාක් ලොකු මුදලක් වැය කරන්න වෙනව. 
ඒත් , මේ වන විට ගොඩක් අය SLT ADSL , VDSL , Dialog 4G , Lanka Bel 4G වගේ Data Packages භාවිතා කරනව. SLT එකේ නම් දැනට රු 1500යකට , 40GBක් දෙනව. ඉතින් , අර ජංගම දුරකතනයේන් ක්‍රිඩා කරන්න හිතන් හිටපු , ඒ Game එකම , මේ Nox App Player කියන මෘදුකාංගය භාවිතා කරල , ඔබේ පරිගණකයට පහසුවෙන්ම Install කරගෙන ක්‍රිඩා කරන්නත් පුලුවන්. Game එකටම කියල වෙනම මුදල් යන්නේත් නැ. වැය වෙන්නේත් , අර පරිගණකයට භාවිතා කරන Data Package එකේන්මයි. ඒ නිසා කිසිම අමතර වියදමකුත් නැ. මට නම් , මේ ක්‍රමය ගොඩාක් හොදයි. 

ඉතින් , මේ එක උදාහරණයක් විතරයි. ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් , ඔබේ පරිගණකය තුල තියේද්දි කරන්න , කරගන ඕන දෙවල් ගැන අයේ අපි කියන්න ඕන නැනේ. :D

මේ ගැන තව හොදට දැනේන්න බලන්න ඕන නම් , මේ පහල Video එකත් බලන්නකෝ.




Read More »

වාහන දුම් පරික්ෂාවට අදාල සියලුම තොරතුරු , ඔබත් දැන්ම දැන ගන්න. [ Learn About Vehicle Emission Test Certificate - Drive Green And Laugfs Eco Sri. ]

3 Comments

මුලින්ම කියන්න ඕන , අපිත් මේ සියලුම තොරතුරු දැන ගත්තේ Zoom.lk සයිට් එකේ S.T.A.L.K.E.R. අයියගේන්. ඒ නිසා S.T.A.L.K.E.R. අයියටත් ස්තුතිවන්ත වන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

* මේ පහලින් තියේන්නේ Drive Green එකේ හා Laugfs Eco Sri එකේ Official Web Sites.
#. Drive Green - Official Web Site. 

#. Laugfs Eco Sri - Official Web Site.

* මේ පහල ලින්ක් එකේන් ගිහින් , Drive Green ආයතනයේදි ඔබේ වාහනයේ දුම් පරික්ෂාවට වැයවන මුදල් ප්‍රමාණය ගැන දැන ගන්න පුලුවන්.
#. Drive Green - Emission Test Price List.

* මේ තියේන්නේ Drive Green ආයතනයේ දුරකතන අංකය - 0117 444 444
Drive Green ආයතනය ගැන තවත් විස්තර දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

* මේ තියේන්නේ Laugfs Eco Sri ආයතනයේ දුරකතන අංකය - 094 11 7770 770
Laugfs Eco Sri ආයතනය ගැන තවත් විස්තර දැන ගන්න ඕන නම් , මෙතනින් යන්න. 

ඔයාලා දන්නවනේ කාර් එකක ආදායම් බලපත්‍රය ගන්න නම් වාහනේ පොත , ඉන්ෂුවරන්ස් එක වගේම අපි දුම් සහතිකය කියල හදුන්වන Vehicle Emission Test Certificate එක ගෙනියන්න ඕනේ කියලා. 

එයාලගේ රිපෝට් එකේ තියන විශේෂ දෙයක් තමයි ඉන්ධන ලීටරයකට කොච්චර මුදලක් නාස්ති වෙනවද කියන එක පෙන්වන එක. 

ඒවගේම සුහදශීලී සේවාවක් තියනවා. අනිත් හැම තැනමත් එහ්ම වෙන්න ඇති කියල හිතනව. :D
මේ පොස්ට් එකේ කියල තියේන්නේ Petrol කාර් එකකට අදාල විස්තර කිරිම්.

දැන් බලමු මොනවද මේකෙ මේ තියන දේවල් කියලා. ඔයාලට පේනවනේ මේකේ මම රතු පාටින් අංක දාලා තියනවා කියලා. මේ අංක වලට අදාල සියලුම විස්තර කිරිම් , මේ පහලින් තියේනව.



මෙන්න මෙහෙමයි කතන්දරේ දුම් පරීක්ෂාව වේග දෙකක් යටතේ කරනවා. එකක් තමයි IDLE ටෙස්ට් එක. එකෙන් කරන්නේ එන්ජිම IDLE තියද්දී මිනිත්තුවකට වට කීයක් කැරකෙනවද කියල බලන එක. 
අනිත් එක තමයි 2500 RMP ටෙස්ට් එක. ඒ කිව්වේ එංජිමේ වේගය මිනිත්තුවට වට 2500 දී ලැබෙන ක්‍රියා කාරීත්වය. මේවා බලන්නේ එන්ජිම වැඩ කරන සාමාන්‍ය උෂ්නත්වයේදී ඒ වගේම තත්පර 30 ක් විතර එන්ජිම ඒ වේගයේ තියාගෙන ඉදලා. ඔයාලා දැකල ඇති නේ රේස් කරගෙන කම්පියුටර් ස්ක්‍රීන් එක දිහා බලාගෙන ඉන්නවා. ඉතිං හරස් අතට තියන IDLE හා 2500 RMP කියන තීරු දෙක ඉස්සරහින් තමයි මේ පරීක්ෂා දෙකේ විස්තර දාලා තියන්නේ. 

ඉහලින් තියේන රුපයේ අංක වලට අදාල තොරතුරු , මේ පහලින් විස්තර කරල තියේනව.

1. ) HC - පිටාර වායුවේ ඇති නොදැවුනු පෙට්‍රොල්. ( හයිඩ්‍රොකාබන් )
මේක බලන්නේ පරිමාව අනුව කොටස් මිලියනයකට නොදැවුනු කොටස් කීයක් තියනවද කියලා. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 1200 ට අඩු වෙන්න ඕනි කියලා. ඔයාලට තේරෙනවනේ එංජිමට ලැබුන පෙට්‍රල් වලින් කොච්චර ප්‍රමාණයක් පිච්චෙන්නෙ නැතුව අපතෙ යනවද කියලා මෙතනින් පෙන්නව කියන එක ඉතිං ඒ අගය වැඩි වෙනව කියන්නේ දුම් සහතිකේ ෆේල් වෙනව කියන එක විතරක් නෙවෙයි. අපේ පොකට් එකට තට්ටු වෙනව කියන එකයි.

2. ) C0 - පිටාර වායුවේ ඇති කාබන් මොනොක්සිඩ්. 
මේක බලන්නේ පිටාර වායුවේ පරිමාව අනුව ප්‍රතිශතයක් විදිහටයි. මේකත් එංජිමේ පෙට්‍රොල් බාගෙට පිච්චෙනව කියල පෙන්වන දෙයක් තමයි. කැටලිටික් කන්වර්ටර් එක හරියට නැත්තං පෙට්‍රොල් වැඩිපුර සිලින්ඩරය ලැබෙනව නම් වගේම එයා ෆිල්ටර් එක බ්ලොක් වෙලා නම්, ප්ලග් හරියට වැඩ න්ත්තං මේ අගය වැඩි වෙන්න පුලුවන්. මෝටර් රථවාහන ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් කියන්නේ මේ අගය 4.5ට අඩු වෙන්න ඕනි කියලා. කාබන් පරමාණුවක් හා ඔක්සිජන් පරමාණුවක් එකට බැදිලා CO හැදෙනව කියලා ඔයාලා දන්නවනේ. මේ CO කියන්නේ අධික විෂ සහිත වායුවක් කියල අමුතුවෙන්න කියන් ඕනි නෑනේ. ඉතිං CO පුලුවන් තරම් අඩුවෙන් පරිසරයට මුදා හරින එක තමයි අපේ යුතුකම. 

3. ) LAMBDA - මේ මොහොතේ වාහනයේ වායු ඉන්ධන අනුපාතය.
මේ අගය ගන්නේ HC, CO, CO2, O2 යන අගයන් වලට අදාළව කරන ගණනය කිරීමකින් තමයි. මේ අගය 1.00 ට ආසන්නව තියෙන්න ඕනි. මේ අගය 1.00 වැඩි කියන්නේ පෙට්‍රල් වායු මිශ්‍රනයේ වායුව වැඩී කියන එකයි 1 අඩු නම් මිස්‍රනයේ පෙට්‍රල් වැඩී කියන එක තමයි කියන්නේ. 

4. ) O2 - පිටාර වායුවේ ඉතුරු වෙලා තියන ඔක්සිජන් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. මේ අගය 2 කට කිට්ටු නම් වඩාත් හොදයි.

5. ) CO2 - පිටාර වායුවේ තියන කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය තමයි මේකෙන් පෙන්නන්නේ. ප්ලග් එහෙම සව්ත්තු වෙලා පැට්‍රල් හරියට පිච්චෙන්නෙ නැත්තං පිටාර වායුවේ කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය අඩුයි.

6. ) OVERALL RESULT - මේ පරික්ෂණයේන් , ඔබේ වාහනය සමත්ද නැද්ද කියන එක.

7. ) Estimated Fuel Wastage - මේකෙන් එංජිම ඇතුලට ආපු පෙට්‍රල් වලින් කොච්චර නිකරුනේ පිච්චෙන්නේ නැතුව අපතේ යනවද කියලා ප්‍රතිශතයක් විදිහට වගේම රුපියල් සත වලිනුත් බලාගන්න පුලුවන්. හිතන්නකෝ පෙට්‍රල් ලීටරයකින් 20.81% විතර, වැඩක් ගන්නේ නැතුව සයිලන්සරයෙන් එලියට යන වනම් ඒක හැම ලීටරයටම රුපියල් 24.34 විසි කලා වගේ. ඊට වැඩිය හොදයි ඒ සල්ලි වලින් බලු කපුටු දානයක් දෙනවාඅඩුම තරමේ පිනක් වත් වෙනවනේ.ඒ නිසා වාහනේ තායන ලෙඩ වහගන්නේ නැතුව ඒවා නිවැරදි කරගෙන දුම් සහතිකේ ගන්නව නම් තමන් වියදම් කරන 1100 නිකරුනේ අපතෙ යන්නෙ නෑ. 

මම මෙතනදි දැම්මේ පැට්‍රල් කාර් එකක තත්වය ගැන විතරයි. බයික් එකක නම් මේ අගයන් වෙනස් වෙනවා. ඒ වගේම ඩීසල් වාහනයක නම් දුම් සහතිකය වෙනස්. 

Read More »

ලෝකයේ ඕනැම ස්ථානයක ඇති ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , පරිගණකයකින් සම්පුර්ණයේන්ම පාලනය කරන ආකාරය. [ How Fully Control a Android Phone Or Tab By Using a Computer. ]

14 Comments

හරි , මේ වන විට ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ දැනට ලෝකයේ වැඩි ප්‍රතිශතයක් භාවිතා කරන දුරකතන මෙහයුම් පද්ධතියක්. 2014 වන විට 81.5 % පමණ වන තත්වයක් තියේනව.
ඉතින් මේ ප්‍රතිශතය ඇතුලත අනිවාරේන්ම ඔබත් ඉන්න පුලුවන්. ඒ නිසාම තමයි , අද දිනයේදි ඔබේ හෝ වෙන ඕනැම කෙනෙකුගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් , ලෝකයේ කොහේ කොතැනක තිබුනත් , ඒයට පරිගණයකින් ඇතුලු වන විධිය කියල දෙන්නේ.

මේ සදහා , අපිට Team Viewer කියන App එක භාවිතා කරන්න වෙනව. අපි හිතන විධියට ඔබ Team Viewer ගැන දන්නව ඇති. නමුත් , මෙලෙස ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ ටැබ් එක , සම්පුර්ණයේන්ම පරිගණකයකින් පාලනය කල හැකි Team Viewer App එක නිකුත් කරේ දැනට පොඩි කාලේකට කලිනුයි.

මේ ක්‍රමය මගින් විවිධාකාරයේ දේවල් කරන්න පුලුවන්. ඒවා ගැන හිතල බලල , මෙය භාවිතා කරන්න ඔබට පුලුවන්.

අපි හිතමු , කාගේ හරි ඇන්ඩ්‍රොයිඩ් උපාංගයක් කැඩිල නම් , ඒය ඔබට Team Viewer හරහා සම්බන්ධ වි හදන්න පුලුවන්.
ඒ වගේම ටිකක් ලොකු ප්‍රමාණයේ ෆයිල් එකක් පරිගණයකින් , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයකට යවන්න ඕන වුනාම , ඒයට Data Cable , Bluetooth යනාදි එකක්වත් නැත්නම් , මේ ක්‍රමය මගින් පහසුවෙන් හා ඉක්මණින් ෆයිල්ස් හුවමාරු කරගන්න පුලුවන්.

මේ Team Viewer කියන App එක , ඔබට පාලනය කරන්න ඕන ජංගම දුරකතනයට හෝ ටැබ් එකට සේම , පාලනය කිරිමට යොදා ගන්න පරිගණකයටත් Install කරල තියේන්න ඕන.

* මෙය ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

1. ) ඒ නිසා , මේ පහල Play Store ලින්ක් එකේන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට Team Viewer App එක Install කරගන්න.



2. ) මේ පහල ලින්ක් එකේන් , ඔබේ පරිගණකයට නොමිලේ කෙලින්ම Team Viewer මෘදුකාංගය ඩවුන්ලෝඩ් කරගන්න. ( මෙය Win XP , 7 , 8 , 8.1 හා 10 වල ක්‍රියාත්මක වේ. )
ඩවුන්ලෝඩ් කරගත් පසු , ඔබ කැමති තැනකට Install කරගන්න.



3. ) හරි , දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ තියේන Team Viewer App එක Open කරන්න හෝ වෙනත් තැනක නම් උපාංගය තියේන්නේ , එතන ඉන්න කෙනාට ඒක Open කරන්න කියන්න. එවිට , මේ පහල රුපයේ ලෙස Your ID කියල එකක් දකින්නට ලැබෙවි.
අන්න , ඒ Ypur ID එක පරිගණකයේන් ඔබේ උපාංගයට පැමිනිමට අවශ්‍ය කෙනාට ලබා දෙන්න. ඒ වගේම , පරිගණකයේන් , ඔබේ උපාංගයට Connect වෙනකම් , Team Viewer App එක නම් Close කරන්න එපා. එ Open කරලම තියන්න. Connect වුනාට පස්සේ නම් , ඕන දේයක් කරගන්න. :D
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , ඔබේ පරිගණකයේ ඇති Team Viewer App මෘදුකාංගය Open කරන්න.
මෙහි වම් පසින් ඇති Control Remote Computer කියන එක යටතේ Partner ID කියල එකක් තියේනව. ඒ Partner ID එකට  , ඔබට අර කලින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේන් ලබා දුන්න ID එක ටයිප් කර , පහලින් ඇති Connect to partner කියන එක ක්ලික් කරන්න. ( Remote control කියන එක ඉදිරියේන් ඇති Tic එක , ඒ විධියටම තියන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒ වගේම , ඔබ ඒ අදාල උපාංගයට Connect වන විට , ඒ බව අදාල උපාංගයට පෙන්වනව. එහිදි Message එකේන් අහනව , දැන් කෙනෙක් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට සම්බන්ධ වෙන්න උත්සහ කරනව , ඒයට කැමති නම් ඒය ස්ථිර කරන්න කියල. මේ සදහා , සැම විටම Allow කියන එක ඔබන්න.

ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේන් Allow කියන එක ඔබල , ඒය ස්ථිර කරපු ගමන් , ඔබට ඒ අදාල ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම පාලනය කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ඒනම්, පරිගණකයේ ඇති Team Viewer මෘදුකාංගය , අදාල උපාංගයේ සම්පුර්ණ රුපයක් , ඔබේ පරිගණකයේ නිර්මාණය කරනව. ඊට පස්සේ ඉතින් , ඒ උපාංගය වෙනදට අතේ තියන් වැඩ කරනව වගේම , ඕන වැඩ ටික කරගන්නයි තියේන්නේ. ඒත් , මෙහිදි අත වෙනුවට භාවිතා වෙන්නේ Mouse Cursor එක තමයි. මොකද ඉතින් අත පාවිච්චි කරන්න බැනේ පරිගණකයකදි.. :D
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඔබට ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සමග පණිවිඩ හුවමාරු කර ගැනිමට ඕන නම් , මේ පහල රුපයේ පෙන්වා තියේන තැන අදාල් දේ ටයිප් කර , Send කරන්න.
එවිට , ඒය ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Notification Bar එකේ පෙන්වනව.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




* පරිගණකය හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගය අතර Apps , Videos , MP3 , Documents යනාදි දේවල් Share කරගන්නා ආකාරය.

i. ) පරිගණකය හා ඇන්ඩ්‍රොයිඩ් උපාංගය සම්බන්ධ වුනාට පසුව , ඒම Box එකේම වම් පස ඉහලින් File Transfer ලෙස එකක් තියේනව. අන්න , එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



ii. ) එවිට File Transfer Box එක විවෘත වෙයි.
මෙම Box එකේ වම් පස , ඔබේ පරිගණකයේ ඇති ෆයිල්ස් පෙන්වන අතර , දකුණු පසින් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති ෆයිල්ස් පෙන්වනවා.
ඔබට ඕන ෆයිල් එක පරිගණකයේන් ඇදල , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ෆයිල්ස් තියේන පැත්තට දාන්න. ( තමන් කැමති ඕනැම තැනකට දාන්න. )
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



iii. ) දැන් , පොඩි Load විමකින් පසුව , ඒම ෆයිල් එක ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ දැක ගත හැක.

* ඒ වගේම , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති ඕනැම App එකක් , පරිගණකයේන්ම Uninstall කරන්නටද පුලුවන්. 
ඒ සදහා , පරිගණකයේ විවෘත වෙල තියේන Team Viewer මෘදුකාංගයේ 3යට තියේන Apps කියන එකට යන්න. එවිට , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ ඇති සියලුම Apps දැක ගන්න පුලුවන්. දැන් , ඕන App එකක් Uninstall කරන්න පුලුවන්.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




* ඔබට , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේන් ඉවත් විමට අවශ්‍ය නම් , විවෘත වි ඇති Window එකේ , සුපුරුදු පරිදි දකුණු පස ඉහල ඇති රතු පාට කතිරය ක්ලික් කර , ඉවත් වෙන්න.

Read More »

ඔබත් වෙබ් හා බ්ලෝග් සයිට් එකක් කරනව නම් හෝ පාඨකයේක් නම් , අනිවාරේන්ම කියවා දැන ගත යුතු ලෝකයේ හා ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් කලාවේ ඉතිහාසය හා වර්තමානය. [ History & Present Situation Of World And Sri Lankan Webs And Blogs. ]

0 Comments

අපි , වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව පාඩමක් කියල දෙන්නේ නම් ගොඩක් කාලේකට පසුවයි. ඉතින් , මේ පාඩමේදි අපි කතා කරන්න හිතුව බ්ලෝග් කලාවේ ඉතිහාසය හා වර්තමාන තත්වය පිළිබදව. මොකද , මේ වන විට බ්ලෝග් එකක් සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් අතර ප්‍රචලිතව , ප්‍රසිද්ධව පවතිනව. ඒ වගේම , අපි හිතන විධියට ඕනැම දේයක පාදම වෙන්නේ ඉතිහාසය හෙවත් අතිත කතාවයි. ඒ නිස , ඒ ගැන අනිවාරේන්ම දැන ගෙන ඉන්න ඕන. නිකන් ලාවට හරි මතකයේ තියේන්නවත් ඕන. එවිට , ඕන වෙලාවට , ඕන දේ මතක් කර ගන්න පුලුවන්.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 05.


හරි , මෙහම කතාව පටන් ගමු.

අන්තර්ජාලය නිසා තමයි , ලොව සැම දේයක්ම අපේ අතේ දුරකට ඇවිත් තියේන්නේ. කවුරු කොහම කිව්වත් අන්තර්ජාලය නැතුව නම් , ඉන්න කියන එක පහසු වැඩක් නෙමේයි.


1960 දි ARPANET ( The Advanced Research Projects Agency Network ) කියන ඇමරිකානු රජයට අයිති ආයතනයක් මගින් දත්ත කිපයක් , වෙනත් ස්ථානයක තිබුන පරිගණකයක කිපයක් සමග හුවමාරු කර ගැනිම තමයි , අන්තර්ජාලයේ ආරම්භය ලෙස ඉතිහාසයේ සනිටුහන් වෙන්නේ.

නමුත් , 1960 දි අන්තර්ජාලය උපත ලැබුවත් , පොදුවේ ජනයා අතරට එන්න නම් සැලකිය යුතු කාලයක් ගත්තා. ඒ අනුව 1991 අගෝස්තු මස 6 වෙනිදා World Wide Web ( WWW - ලෝක ව්‍යාප්ත වියමන / ලෝක ව්‍යාප්ත පැතුරුම ) කියන , අපි මේ අදටත් භාවිත කරන අන්තර්ජාල සිද්ධාන්තය එළි දකිමින් , අන්තර්ජාලය සාමාන්‍ය ජනයාටත් විවෘත වුනා. මිට කලිනුත් අන්තර්ජාලය වැදගත් පියවරවල් පසු කරා. 
ඒ වගේම , WWW කියන එකේ පියා , එහමත් නැත්නම් අපි මේ නොමිලේ භාවිතා කරන අන්තර්ජාලයේ පියා තමයි Tim Berners-Lee කියන්නේ. මොහු තමන් සොයා ගත්ත දේයට පේටන්ට් බලපත්‍රයක් ගන්න උනන්දු වුනේ නැති නිසා තමයි , අපිට අන්තර්ජාලය නොමිලේ භාවිතා කරන්න පුලුවන් වුනේ. නමුත් , අන්තර්ජාලය සොයා ගත්ත පුද්ගලයා , ඒය නොමිලේම ලබා දෙද්දි , ඔහු සොයා ගත්ත අන්තර්ජාලයේ කටයුතු කරන්න අපි අන්තර්ජාල සේවා සපයන ආයතන වලට මුදල් ගෙවිය යුතුයි.

අන්තර්ජාලයේ පියා ලෙස ඔහු හැදින් විමට තවත් හේතුවක් වන්නේ , ඔහු තමයි ලෝකයේ පළමු වෙබ් සයිට් එක නිර්මාණය කරන්නේ. මේ සදහා අධාර කරන්නේ යුරෝපා සන්විධානයට අයිති - කියන ආයතනයයි. මේ සදහා භාවිත කර තිබෙන්නේ NeXT ලෙස හදුන්වන පරිගණකයයි.

මේක තමයි , ලොව පළමු වෙබ් සයිට් එකේ වෙබ් ලිපිනය ( Web Address ) - http://info.cern.ch/hypertext/WWW/TheProject.html

මෙතනින් ගිහින් ලොව පළමු වෙබ් සයිට් එක ගැන තවත් දේවල් බලන්න පුලුවන්.

ඒ වගේම , 2000 වගේ වෙද්දි අන්තර්ජාලයේ වෙබ් හා බ්ලෝග් සයිට් තිබුනේ 17,087,182ක් පමණයි. නමුත් , 2015 ඔක්තෝබර් මස 20 වන දින රාත්‍රි 8.47 වන විටත් වෙබ් හා බ්ලෝග් සයිට් 943,295,100ක් තිබුනා හා අති සිඝ්‍රගාමිව අලුත් සයිට් අන්තර්ජාලයට එකතු වෙමින් පැවතේනවා. මෙතනින් ගිහින් දැන් වෙද්දි තියේන හා ඇති වෙමින් පවතින සයිට් ගණන බලන්න පුලුවන්.


මේ ඉහලින් කතා කරේ අන්තර්ජාලයේ ඉතිහාසයේන් කොටසක් පමණයි. තවත් බොහෝ දේ කියන්න නම් ඕන. නමුත් , මේ ගැන සියලු කරුණු , අපි වෙනම පොස්ට් එකකින් බලමු.


අන්තර්ජාලය ඔස්සේ වෙබ් සයිට් වලටත් , ඉන් පසුව දැන් අපි එන්න හදන්නේ වෙබ් සයිට් ඔස්සේ බ්ලෝග් සයිට් වලටයි.


බ්ලෝග් සයිට් ගැන කතා කරද්දි ගොඩක් දෙනේක් බ්ලෝග් සයිට් හදුන්වන්නේ තමන්ගේ හෝ කිසියම් ආයතනයක පුද්ගලික විස්තර  , අනිත් අයත් සමග බෙදා ගැනිමට කරගෙන යන සයිට් එකක් විධියටයි. ඒ වගේම , බ්ලෝග් සයිට් නොමිලේ ලබා දෙන ආයතන වලිනුත් , මේ ලබා දෙන්නේ මේ අරමුණ බොහෝ දුරට මුලික කරගෙනම තමයි. නමුත් , බ්ලෝග් කියන දේ ආරම්භ වුන මුල් කාලේම ඒවා වානිජමය තත්වයට පත් වුනා.

ඒයට හොදම නිදසුන තමයි ලොව මුල්ම වතාවට බ්ලෝග් සයිට් වලින් මුදල් ඉපයු  පුද්ගලයින් දෙදෙනා වන Darren Rowse හා John Chow කියන්නේ. මේ Problogger.net , Digital-Photography-School.net හා John Chow.com කියන්නේ මුල්ම වතාවට මුදල් ඉපයිමට භාවිත කල බ්ලෝග් සයිට් 3යි.

ලෝකයේ මුල්ම බ්ලොග් සයිට් එක ලෙස Links.net කියන බ්ලෝග් එක 1994 දි Swarthmore විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදි Justin Hall කියන පුද්ගලයා විසින් ආරම්භ කරා. ඒ කාලයේ නම් බ්ලෝග් කියන නම තිබුනේ නැ.  ඒ වෙනුවට , ඔහු කිව්වේ මේක මගේ පුද්ගලික තොරතුරු ඇති පිටුවක් කියලයි.

1997 දි , Web Log කියන නම භාවිත වෙන්න ගත්ත. 1999 දි , Web Log කියන එක කෙටි කරමින් Blog කියන එක භාවිතා වෙන්න ගත්ත. Blog කියන වචනය හදුන්වා දුන්නේ පරිගණක භාෂා ශිල්පියේක් වන Peter Merholz විසිනුයි.

දැනට ලෝකයේ සේම ලංකාවෙත් වැඩිපුර පවතින බ්ලෝග් වර්ගය වන Blogger Platform එක 1999දි , Evan Williams හා Meg Hourihan කියන පුද්ගලයන් 2නා විසින් ආරම්භ කරමින්, බ්ලෝග් කලාවේ විප්ලයව ආරම්භ කරනවා. ඉතින් , එදා ආරම්භ වුන විප්ලවයේ අද පවතින තැන අයේත් කියන්න දේයක් නැනේ. බලන බලන පැත්තේම ගොඩාක් දුරට තියේන්නේ Blogger බ්ලෝග් සයිට්. මොවුන් 2නා දැනටත් , Google ආයතනයට අයිති 1999දිම පටන් ගත්ත Pyra Labs කියන ආයතනයේ තමයි රැකියාව කරන්නේ.

ඒ වගේම , දැනට Blogger සමග කරට කර සටනක් දියත් කර තියේන WordPress එක 2003දි තමයි ආරම්භ වුනේ. කොහම නමුත් , ඉතා කෙටි කාලයක් තුල තමයි WordPress මේ තරම් ප්‍රචලිත වුනේ.

ඉතින් , මේව තමයි අන්තර්ජාල්යේ , වෙබ් සයිට් වල , බ්ලෝග් සයිට් වල ඉතිහාසය. මේ කිව්ව විධියට ආරම්භ වුන දේවල් තමයි , අද වන විට ලෝකයම ආක්‍රමණය කරල තියේන්නේ.


දැන් අපි , මේ විධියට ලෝක ඉතිහාසයේන් ඔස්සේ ආපු ගමනින්ම ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ඉතිහාසය ගැන බලමු.


මම ලංකාවේ පුද්ගලයේකු විසින්ම නිර්මාණය කරපු මුල්ම වෙබ් හෝ බ්ලෝග් සයිට් එක හෙව්වත් , මට ඒ ගැන නම් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා , ලාංකික පුද්ගලයේකු විසින්ම නිර්මාණය කරන ලද පළමු වෙබ් හෝ බ්ලෝග් සයිට් එක ගැන දන්නව නම් , ඒ ගැන අනිවාරේන්ම මේ පහලින් Comment එකකින් කියන්න.


ලංකාවේ වෙබ් සයිට් ඉතිහාසය ගැනත් ඒතරම් දේයක් හොයා ගන්න බැරි වුනා. නමුත් , දැකපු විධියට 2007 , 2008 වෙද්දි ලංකාවේ බ්ලෝග් කලාව නම් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නව. සමහරට විට මිට කලින් වෙන්නත් පුලුවන්. නමුත් සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙන්නේ , මේ කාල වකවානුවේ තමයි.

2010 වෙද්දි ලංකාවේ බ්ලෝග් කලාව ඉතාමත් හොදින් මුල් බැසගෙන ව්‍යාප්ත වුනා.
කාලයත් සමග ලබා ගන්න සියලු අත්දැකිම් එක්ක , අද වන විට ලංකාවේ බ්ලෝග් සයිට් කියන දේ පුදුමාකර ලෙස ප්‍රසිද්ධයි. ලංකාවේ ඉතාමත්ම හොද වෙබ් හා බ්ලෝග් සයිට් පවා ක්‍රියාත්මක වෙනව. බ්ලෝග් සයිට් වර්ගිකරන පවා ඉතාමත් පුළුල් පරාසයක විහිදි පවතිනව.
තාක්ෂණිකද , ජිවිත කතාද , ඉතිහාසය ගැනද , විහිළු ද , විචාරද යනාදි ලෙස එකි මෙකි නොකි සියලුම වර්ග වලට අයිති වෙබ් හා බ්ලෝග් සයිට් තියේනව.

අපි මේ වෙද්දි ලාංකිකයන් විසින් මෙහෙයවන බ්ලෝග් සයිට් විතරක් 185ක් දත්ත සහිතව දැකල තියේනවා. නමුත් , අනිවාරේන්ම 1000කට ( මිට වඩා වැඩි වෙන්නත් පුලුවන් ) වැඩි බ්ලෝග් සයිට් ප්‍රමාණයකටවත් අපි උරුමකම් කියන්න පුලුවන්. නමුත් , මේ ගැන ස්ථිර පිළිතුරක් නම් දැනට කොහේන්වත් හොයා ගන්න බැ.


ලංකාව තුල දැනට දත්ත සහිතව වෙබ් හා බ්ලෝග් සයිට් 131,308කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනව. නමුත් , මේ ගණන මිට වඩා වැඩි වෙන්නත් පුලුවන්. නමුත් , ඒ ගැන කොහේවත් ලිඛිත දත්ත නම් නැ. ඒ වගේම , මේ ක්‍රියාත්මක වන සයිට් 131,308ම ලාංකිකයේකු විසින් කරන ඒවත් නෙමේ. දේශිය හා විදේශිය සයිට් සියල්ලම මෙහි අන්තර්ගතයි. මේ ගැන Alexa එකේන් හා SimilarWeb කියන සයිට් වලින් බලා ගන්න පුලුවන්.


ලංකාවේ මිනිසුන් අතර ඉතාමත්ම හොදින් වෙබ් හා බ්ලෝග් කලාව පැතිරි පවතිනව. වෙබ් හා බ්ලෝග් සයිට් පවත්වන් යන පිරිස් සේම , ඒවාට පැමිණේන පාඨකයන්ද ඉතාමත්ම හොද තත්වයක තියේනව. මෙහමයි , තමන් ලබා දෙන දේ අනුව තමයි පාඨකයන් ඔබලා වටා එක් රැස් වෙන්නේ. ඒනම් , සැම විටම නැවුම් , වැදගත් , වටින , හිතට වදින දේවල් පළ කරන සයිට් වලට තමයි පාඨකයන් ඇදිල එන්නේ.


දැන් වන විට ලංකාවේ බ්ලෝග් කියන එක්තරා විධියක විද්‍යුත් මාධ්‍යය ඉලක්ක කරගෙන , පාදක කරගෙන , ඉතාමත්ම හොද ශ්‍රී ලාංකික බ්ලෝග් සාමාජයක් නිර්මාණය වෙල තියේනව. මේ බ්ලෝග් සමාජයේ බ්ලෝග් සයිට් කරන අය සේම , පාඨකයන්ද සිටිනව.

මේ අපි කතා කරන්නේ පරිගණකය මුලික කරන් ක්‍රියාත්මක වන සාමාජයක් ගැන නෙමේ. මේ බ්ලෝග් සමාජයේ ඉන්න සියලුම දේන තමන්ගේ එදිනෙදා ජිවිතයේදි හමු වෙනව , උදව් කර ගන්නව , ඒනම් සාමාජය තුලම ඇත්තටම ක්‍රියාත්මක එකක්.

මේ ශ්‍රී ලාංකික බ්ලෝග් සාමාජය 2011 වසරේ තමයි ආරම්භ කරේ. ( මම සොයා ගත්ත දත්ත අනුව. වැරදි නම් , ඒ ගැන කියන්න. )

2011 සිට 2015 දක්වා ආපු කෙටි ගමන් මග තුල සැලකිය යුතු ක්‍රියාකාරකම් කරන්න , මේ බ්ලෝග් සාමාජයට පුලුවන් වුනා.
2011 සිට 2015 දක්වා සයිබර් අවුරුදු සැණකෙලියක් ද , 2014 දි ගාලු සාවාරියක්ද , 2013 දි Mega Beach Party එකක්ද , 2012 දි බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනද යනාදි ලෙස විවිධාකරයේ වැඩසටහන් පවත්වා තියේනව. ( මිට අමතරව තවත් දේවල් කරල තියේනව. ඒ හැම දේම මෙතන කියන්න ආමාරුයි. ) 
දැන් , තේරේනව ඇති නේද ලංකාවේ බ්ලෝග් කලාව , බ්ලෝග්කරුවන් හා පාඨකයන් කොයි තරම් සුපිරි මිනිසුන්ද කියල. මම මේ බ්ලෝග් සාමාජය ගැන 2013 දි තමයි දැන ගත්තේ. ඒත් , මේ වෙන සියලුම දේවල් බැලුව / කියේව්ව ඇරේන්න , අපිට ආසාවටවත් එකකටවත් සහභාගි වෙන්න බැරි වුනා. ඒ ගැන නම් අපිටත් දුකයි. :/

ඒ වගේම , අලුතින් හා සමහර බ්ලෝග්කරුවන් මේ සාමාජය ගැන දන්නේ නැ. ඉතින් ඒ නිසා තමයි , නොදන්න අයට දැන ගන්න මේ ගැන කිව්වේ.


ඒ වගේම , මෙවැනි සාමාජයක ඉන්න නිසා , තමන් පොස්ට් එකක් පළ කරන වාරයක් වාරයක් ගානේ , ඒවට ඒ ඒ සාමාජිකයන් Comments දානවා. ඉතින් , මේ නිසාම ඔබේ සැලකිය යුතු පොස්ට් ප්‍රමානයකට හොද Comments ප්‍රමානයකුත් ගන්න පුලුවන්.


අපේ මේ ලංකාවේ ක්‍රියාත්මක බ්ලෝග් සාමාජය ගැන සියලුම තොරතුරු මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඒ වගේම , මෙහි සාමාජිකත්වය ලබා ගන්න ඕන නම් මෙතනින් යන්න. 


මේ පහලින් තියේන්නේ සයිබර් අවුරුදු සැණකෙලියකදි ලබා ගත් බ්ලෝග් සාමාජයේ සමුහ ජායාරුපයකි.



අපි දැනට විද්‍යුත් මාධ්‍යයක් මුලික කරගෙන නිර්මාණය වුන දැවැන්ත සාමාජ 2ක් දැක්කා. එකක් තමයි , මේ බ්ලෝග් සාමාජය හා Ingress කියන ඇන්ඩ්‍රොයිඩ් හා Apple OS ක්‍රිඩාව මුලික කරගෙන හැදුන සාමාජය. මේ සාමාජ 2ම , තමන්ට සේම අන් අයටත් පුලුවන් උපරිමයේන් සේවය කරන කොට්ඨාස 2ක්. Ingress සාමාජය ගැන දැන ගන්න ඕන නම් මෙතනින් යන්න. 

මේ පහලින් තියේන InfoGraphic වලිනුත් බ්ලෝග් ගැන පැහැදිලි කිරිමක් කරගන්න පුලුවන්.





එදිනෙදා ජිවිතයේදි මේවා තමන්ගේ සාමාන්‍ය දැනිමට පවා අවශ්‍ය වෙනවා. :D

මේ පොස්ට් එකේ කිසියම් හෝ දේයක් නිවැරදි වෙන්න ඕන නම් හෝ අලුතින් දේයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැනත් අනිවාරේන්ම කියන්න.


-------------------------------------------------------------------------------------------------------------------


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.



Read More »

ඔයාලගේ Facebook Post වලට , ගින්දර වගේ Like පෝලිමක්... !! 2015 [ How to get more Likes on your Facebook Posts 2015 ]

66 Comments

This post was updated in 19th October 2015 by Vishwa Prabhathiya

හායි යාලුවනේ.. !! මම කවුද කියල කියන්න ඕන නෑනේ..කවුරුත් දන්නවනේ ඉතින් මේ වගේ ට්‍රික්ස් දෙන්නේ විශ්ව විතරයි කියලා.. !! හි හී... ඔන්න අද මං ගෙනාවේ එසේ මෙසේ ට්‍රික් එකක් නම් නෙවෙයි ඕං. මේක ඇවිල්ලා ගින්දර වගේ වැඩක්.. ඒ කිව්වේ පෙනුමෙන් ලස්සනට තිබුනට ටිකක් විතර භයානකයි !! බය වෙන්න එපා.. මම හෙමීට හැමදේම ගැන කියන්නම්කො.. හරි එහෙනම් අපි පොස්ටුව පැත්තට යොමු වෙමු !!



මං අද මේ කියන්නේ මොකක්ද කියලා සමහරවිට ඔයාලට තේරුනේ නැතුව ඇති. මේකයි , ඔයාල fb එකේ ; එකේක status , photoes වගේඒවා upload හෝ share කරනවා... ඉතින් මේ විදියට ඔයාල fb එකේ දාන ඒවට
LIKE එහෙම නෑනේ ගොඩක් අයට.. සමහර අයගේ post වලට තියෙන්නේ  LIKE 1ක් හෝ 2ක් වගේ පොඩි ගානක්. තවත් සමහරක් අයට LIKE 200ක් 300ක් හෝ ඊටත් වැඩියෙන් තියෙනවා ඔයාල දැකලා ඇති. ඉතින් මම අදමේ කියන්නේ යන්නේ , අන්න ඒ විදියට එක සැරේට LIKE පෝලිමක් ගන්න විදියයි.. ඒ කිව්වේ විනාඩි 2, 3කින් LIKE 500ක් 1000ක් වුනත් අරගන්න විදියයි !!

මේ පොස්ටුව කියවනකොට , ඔයාලට අලුතින් අහන්න ලැබෙන වචන 2ක් තියෙනවා.. ඉස්සරවෙලාම මම , ඒ වචන 2 පැහැදිලි කරන්නම්.

Access token = Access token කියන්නේ , එක් එක් fb account එකට වෙන වෙන ම තියෙන පොඩි code එකක්. ඔයාල මේක අහල නැති වුනාට, මේක අපේ account එකට ගොඩක් වැදගත් දෙයක්. මොකද , මේ Access token එකෙන් තමයි, ඔයාල LIKE හෝ COMMENT කරන ඒවා රඳා පවතින්නේ. අපි මෙහෙම හිතමුකෝ , නිකමට වත් මම ඔයාලගෙන් කෙනෙක්ගේ Access token එක දන්නවා නම් , මට පුළුවන් ; මේ fb එකේ ඔයා වගේ පෙනී සිටින්න. ඒ කිව්වේ, ඔයා fb ආවේ නැතත්, මට පුළුවන් ඔයා විදියට fb ඇවිත් ඕන දෙයකට LIKE හෝ COMMENT කරන්න.. හැබැයි මට ඔයාලගේ password වෙනස් කරන්න නම් බෑ.. මට පුළුවන් ඔයා වගේ පෙනී සිටින්න විතරයි. දැන් තේරෙනවා නේද මේ Access token කියන එක කොච්චර වැදගත් දෙයක් ද කියලා.. අන්න ඒ නිසා, ඔයාලගේ Access token එක වෙන කිසිම කෙනෙක්ට දෙන්න එපා.. ඔයාගේ Access token එක මොකක්ද කියලා දැනගන්න විදිය මම තව ටිකකින් කියන්නම්.....

Post ID = මේකත් ටිකක් විතර වැදගත් එකක්... ඔයාල fb එකේ දාන status හෝ photo වලට ආවේනික වූ Post ID එකක් තියෙනවා.. ඒ කිව්වේ, අපි හිතමු මම දැන් status එකක් දැම්ම කියලා.. අන්න ඒ status එකටම වෙන් වුනු පොඩි අංකයක් තියෙනවා.. අන්න ඒකට තමයි Post ID කියන්නේ... Post ID එක බලන්නේ මෙහෙමයි.... ඔයාලගේ ඕනෑම fb post එකක උඩම, වෙලාවක් වැටිලා තියෙනවා දැකල ඇතිනේ... හරියට මේ වගේ..
February 25
1 hour ago
a few seconds ago

දැන් අන්න ඒ වෙලාව උඩ Right Click කරලා Open Link in New Tab කියන එක click කරන්න. එතකොට අලුත් tab එකකින් ඔයාගේ ඒ post එක open වේවි. දැන් address bar එකේ මෙන්න මෙහෙම තියෙද බලන්න....
https://www.facebook.com/photo.php?fbid=448899025237842
ඔය රතු පාටින් තියෙන්නේ Post ID එක. අන්න ඒ වගේ ඔයාගේ ඕනෑම post එකක Post ID එක හොයාගන්න පුළුවන්..

විශේෂයෙන් කියන්න ඕන , ඔයා මේ විදියට LIKE අර ගන්න හදන post එක , Public කරපු එකක් විය යුතුයි. ඒ කිව්වේ, ඔයාගේ ඒ post එක ඕන කෙනෙක්ට පේන විදියට හදලා තියෙන්න ඕන.. නැත්තම් මේ විදියට ඔයාලට LIKE ගන්න බෑ.. ඒ නිසා,  Public කරපු  post වලට විතරක් , LIKE ගන්න උත්සාහ කරන්න !!

ඔන්න දැන් අපි ආයෙත් පොස්ටුව පැත්තට එනවා... දැන් තමයි ඔන්න වැඩ පටන් ගන්නේ !!

මුලින්ම ඔයාල, facebook වල Followers කියන එක ON කරගන්න ඕන. ඒක කරන්නේ මෙහෙමයි ,  https://www.facebook.com/settings?tab=followers කියන LINK එකට ගිහින්, Who Can Follow Me කියන එක Everybody කරන්න..දැන් හරි !!

දැන් එහෙනම් ඔයාල මෙන්න මේ link එකට යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Official-Liker

දැන් ඔය open වුන tab එක ඔහොමම තියාගෙන, මේ link එකටත් යන්නකෝ... ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න ) »»» Access Token

ඔය ලින්ක් එකට ගියාම, ඒ page එකේ තියෙන First Click Here To Allow Permissions! කියන එක click කරන්න.



එතකොට අලුතින් tab එකකින් ඔයාලව HTC Sense කියන Facebook app එක සමඟ සම්බන්ධ කරනවා. ඔයාල FB log වෙලා ඉන්න නිසා, කෙලින් ම ඔයාලව  app page එකට අරගෙන යාවි. ඔතනදි ඔයාලගෙන් අහවි, මේ app එකට ඉඩ දෙනවද නැද්ද කියලා.. ඒවා හැම එකක්ම OK කරලා app එකට ඉඩදෙන්න. ඊළඟට ඔයාලව මෙන්න මේ වගේ page එකකට ගෙනයාවි...



ඊළගට, ආයෙත් අර කලින් open වුනු tab එකේ Then Click Here To Get Access Token! කියන එක click කරන්න.


ඊට පස්සේ මෙහෙම page එකක් ඒවි.



දැන් ඔය උඩ address bar එකේ තියෙන link එක සම්පුර්ණයෙන් copy කරගන්න.. ඊළගට ඔය window එක close කරලා... දැන් අර මම මුලින්ම යන්න කියපු link එක තියෙන tab එකට යන්න.. ඒ කිව්වේ Official Liker කියලා තියෙන tab එකට. දැන් ඔය page එකේ ටිකක් පහළට යනකොට පේන්න තියෙන search box
එකේ copy කරගත්ත link එක paste කරලා  Submit කියන එක click කරන්න... දැන් අපි ඔය copy කරගත්ත link එකේ , Access token = xxxxxxxxxxxxxxxxxx
මෙන්න මෙහෙම අංක වගයක් තියෙනවා... අන්න ඒ අංක ටික තමයි, ඔයාගේ account එකේ Access token එක... හරි, ඔයාල  Submit කියන එක click කළාම අලුත් page එකකට යනවා..


ඔන්න ඔය කියපු තැන click කරලා , captcha එක හරියට type කරලා Continue කරන්න. එතකොට එන page එක skip ad කරන්න.. ඊට පස්සේ එන page එකෙන් USE OFFICIAL LIKER කියන එක click කරලා, එතකොට එන page එකේ Set Number Of Likes: කියන එක උපරිම වැඩි කරලා Apply කරන්න.
ඒ page එකේ ටිකක් පහළට ආවම, Use Official Liker කියලා button එකක් තියෙනවා. අන්න ඒක click කරන්න.
දැන් ඔයාලට පෙනේවි, ඔයාලගේ account එකේ ඔයාලා දාපු status ඔතන තියෙනවා.. දැන් ඔය Navigation tab වගයක් තියෙනව ඔයාලට පේනවා ඇතිනේ..



තමන්ට ඕන ;      photo එකකට LIKE ගන්න නම්, photo කියන tab එකට ගිහින් අදාළ photo එක තෝරන්න.. ඒ විදියට තමන්ට ඕන දේ තෝරන්න. එහෙම නැත්තම් Custom id කියන එකට ගිහින් කෙලින් ම, අර මම කලින් කියපු විදියට post id එක හොයාගෙන, ඒක ඔතන තියෙන පොඩි box එකේ paste කරලා submit button එක click කරන්න...

දැන් ඉතින් ටික වෙලාවක් ඉන්න.... ටික වෙලාවකින් success කියලා වැටේවි... අන්න එතකොට බලන්න ඔයාගේ ඒ post එකට LIKE කීයක් ලැබිල ද කියලා.....

දැන් ඔයාලට මේ වෙබ් සයිට් එකෙන් logout වෙන්න ඕන නම් , App Center කියන එකට ගිහින් HTC sense කියන app එක Remove කරන්න... එතකොට හරි !!

ඔන්න ඔහොමයි ගින්දර වගේ LIKE ගන්නේ... මේ විදියට පුළුවන්, ඔයාලට comments අරගන්න සහ ඔයාලගේ followers ලා ප්‍රමාණය වැඩි කරගන්නත්..

පොස්ටුව ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ... දැන් කට්ටියද දන්නවද මේ විදියට එක පාරට LIKE ලැබුනේ කොහොමද කියලා?? මැජික් එකක්ද?? මර්ලින්ගේ වැඩක්ද?? නෑ නෑ එහෙම එකක් නෙවෙයි... මෙතන වෙන්නේ පොඩි හුවමාරුවක්... ඉන්නකෝ තේරුම් කරලා දෙනකම් !!

Access token කියන්නේ මොකක්ද කියල මම කලින් කිව්වනේ.. මම මේක කාටවත් දෙන්න එපා කියලත් කිව්වා මතක ඇතිනේ. ඉතින් ඔය දැන්, මේ web site එකට ඔයාගේ Access token එක දීලනේ !!! ඔන්න දැන් සමහරවිට කට්ටියට තේරෙන්න ඇති.. ඉන්නකෝ තව පැහැදිලි කරනකම්...

මෙහෙමයි , ඔයා දැන් ඔයාගේ Access token එක,මේ servers වලට දුන්නම, එයාල එයාලගේ web site එකට ඔයාල වගේ log වෙලා ඉන්න අනිත් අයගේ post වලට LIKE දානවා.. ඒ කිව්වේ , ඔයා වගේම තව අය මේ web site එකට ඇවිත් Post ID එක දීල, ඒකට LIKE ගන්න අය ඉන්නවනේ.. අන්න එයාලට LIKE දෙන්නේ ඔයාලා.. ඔයාලා දන්නේ නැති වුනාට , Access token එක මේ servers වලට දුන්නම, ඒවායින් කරන්නේ ඔයාට හොරෙන් අනිත් අයගේ ඒවට LIKE දාන එක...

තවත් හොදට මේක තේරෙන්න නම් , ඔයාලගේ Activity log එකට ගිහින් බලන්න... ( FB එකේ දකුණු පැත්තේ උඩම තියෙන settings icon එක click කරලා , Activity log කියන එක click කරන්න ) ඒකට ගියාම ඔයාලට පෙනේවි, ඔයාල නොදැනුවත් ව , කිදෙනේක්ගේ post වලට LIKE , COMMENT වැටිලද කියලා... අන්න එකයි මම මේ පොස්ට් එකේ මුලින් කිව්වේ, මේක ටිකක් භයානකයි කියලා... එකයි ගින්දර වගේ කිව්වේ... හොද පැත්ත සහ නරක පැත්ත යන දෙකම තියෙනවා... ඉතින් ඔයාලා කැමති නම්, මේක දිගට ම try කරලා මේ විදියට LIKE පෝලිමක් ම අරගන්න... අකමැති අයට නම් ඉතින් කරන්න දෙයක් නෑ.... ගොඩක් වෙබ් අඩවි වල මේ වගේ LIKE ගන්න ක්‍රම තිබුනට, ඒකෙ අයහපත් පැත්ත ගැන එයාලා කියලා නෑ... ඉතින්
ඔන්න මම දෙපැත්ත ගැන ම කිව්වා...ඉතුරු ටික ඉතින් ඔයාලගේ අතේ... ඔන්න දැන් පොස්ටුව ඉවරයි !!

මං එහෙනම් යනවා... සුභ දවසක් කස්ටියට ම.... මේ වගේ වැඩ කෑල්ලක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... එතෙක් , මතු සම්බන්ධයි !!




Read More »

ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ හෝ ටැබ් එකේ , Pattern Lock එක අමතක වු විට , Reset කරන්නේ නැතුවම , Pattern Lock එක ඉවත් කරන ආකාරය. [ How To Remove Pattern Lock In Android Phone Or Tab Without Data Reset. ]

2 Comments

ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ මේ වන විට ලොව පුරා ව්‍යාප්තව පවතින ජංගම දුරකතන මෙහයුම් පද්ධතියක්. ඒ නිසා , මේවාට සොර සතුරන්ගෙන් වන කරදරද වැඩි වෙමින් පවතිනවා. ඒ නිසාම , තමන් ලග තියේන ඇන්ඩ්‍රොයිඩ් හෝ වෙනත් ඕනැම වර්ගයක ජංගම දුරකතන වලට හා Tab වලට විවිධ ආරක්ෂක ක්‍රම භාවිතා කරන්න , අපි පුරුදු වෙලයි ඉන්නේ. මෙයින් ප්‍රධාන ආරක්ෂක ක්‍රම තමයි Pin , Password හා Pattern Lock කියන්නේ.

නමුත් හදිස්සියේවත් , අපේ ආරක්ෂාවට යොදපු ඒ ආරක්ෂක ක්‍රමය අමතක වුනෝත් මොකද කරන්නේ ??
එහම නැත්නම් , ඔබේ ජංගම දුරකතනයට හෝ Tab එකට , වෙන කවුරුන් හෝ විසින් මොකක් හරි ආරක්ෂක ක්‍රමයක් භාවිතා කරලා , ඒ අදාල පුද්ගලයව සොයා ගන්නවත් නැත්නම් මොකද කරන්නේ ??

මෙන්න , මෙවැනි අවස්ථාවක හෝ මොනකම් හෝ අවස්ථාවක යොදන ලද ආරක්ෂක ක්‍රමය ඉවත් කරගන්න ඕන වුනෝත් , ඒය කරන ආකාරය තමයි අද කියල දෙන්නේ.

ඒත් , අද අපි මේ කියල දෙන ක්‍රමයේන් ඉවත් කරගන්න පුලුවන් වෙන්නේ යොදා තියේන Pattern Lock එකක් විතරයි. මේ ක්‍රමයට Pin හා Password නම් ඉවත් කරන්න දැනට බැ.

Pattern Lock එක ඉවත් කරගන්න , ආකාර කිපයක් තියේනව. නමුත් , ඒවායින් බොහෝ ක්‍රම වලදි , ඔබේ ජංගම දුරකතනය හෝ Tab එක , Reset කරන්න වෙනව. ඒනම් , ඔබ සතු පින්තුර , ෆයිල්ස් , විඩියෝ , සින්දු යනාදි සියලුම දේවල් නැති වෙනව.

නමුත් , දැන් අපි මේ කියල දෙන ක්‍රමයේදි , කිසිසේත්ම ඔබේ ජංගම දුරකතනය හෝ Tab එක , කිසිසේත්ම Reset කරන්න ඕන නැ. ඒ නිසා ඔබේ සියලුම දේවලුත් ආරක්ෂා වෙනව. අනිවා , මේ ක්‍රමය බොහෝ දෙනේක් දන්නව ඇති , ඒත් කොකටත් කියල හැමෝටම දැන ගන්නත් එක්කම කියල දෙන්නම්.

* නමුත්  , මේ ආකාරයට යොදා තියේන Pattern Lock එක ඉවත් කරන්න නම් , අනිවාරේන්ම ඒම ජංගම දුරකතනය හෝ Tab එක , අන්තර්ජාලයට සම්බන්ධව තිබිය යුතුයි. ඒනම් , Data On වෙලාම තියේන්නේ ඕන. මේක තමයි ලොකුම ප්‍රශ්නයකට තියේන්නේ. ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ හැම විටම Data On කරල තියන්නේ නැ තමයි. නමුත් කරන්න දෙයක් නැ.
මේ ක්‍රමයේන් , ඒ යොදා තියේන ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න නම් , අනිවාරේන්ම Screen එක Lock වෙන්න කලින් ඉදන්ම Data On වෙල තියේන්න ඕන. Data On වෙලා නැත්නම් කරන්න දෙයක් නැ.

* අපි අනිවාරේන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් ගත්තාම , ඒකට Email හා Password එකක් ලබා දිල Google Account එකක් හදා ගන්නව. එහම නැත්නම් දැනටමත් තියේන Google ගිණුමක තොරතුරු ලබා දි , ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට , අපේ ගිණුම Add කරනව.
මෙන්න , මේ විධියට Add කරන Email එක හා Password එකත් , මේ ක්‍රමයේදි අපට ඕන වෙනව. මොකද , ඒවා ලබා දුනට පස්සේ තමයි , අපිට ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න අවසර ලැබෙන්නේ.
මේ නිසාම , මේ ක්‍රමය භාවිතා කරල , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ හෝ Tab එකේ ආරක්ෂක ක්‍රමය ඉවත් කරන්න , ඒ අදාල අයිතිකරුට හැර වෙන කාටවත්ම බැ.

හරි , මේක කරන්නේ මෙහමයි.

1. ) මුලින්ම , Pattern Lock එක යොදපු ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනය හෝ Tab එක අර ගෙන , එහි තමන්ට හිතේන හිතේන විධියට Pattern Lock එක 5 වතාවක් අදින්න.
මෙසේ , 5 වෙනි වතාවේ Pattern Lock එක ඇදල ඉවර වෙනවත් සමගම , ඔබට මේ පහල රුපයේ තියේන පණිවිඩය පෙනේවි.
දැන් , එහි ඇති OK එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



2. ) දැන් , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ Screen එකේ දකුණු පස පහලින් තියේන Forgotten Pattern කියන එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) දැන් , අපි අර කලින් කියු පරිදි , දැනටමත් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට යොදා තියේන Email එක හා Password එක හරියටම ටයිප් කරන්න. නිවැරදිව ටයිප් කල පසුව , එහිම ඇති Sign In කියන එක ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) හරි , එවිට විවෘත වෙනව Unlock Selection කියන කොටස.

මෙතනදි , අපේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ආරක්ෂක ක්‍රමයක් නැවතත් දානවද , නැද්ද කියන එක තිරණය කල යුතුයි.

* ඔබේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට කිසිදු ආරක්ෂක ක්‍රමයක් අවශ්‍ය නැත්නම් , None කියන එක ඔබන්න.

* ඔබට Pin , Password , Pattern Lock වැනි ටයිප් කරමින් , අදිමින් ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ඇතුලු විය යුතු ආරක්ෂක ක්‍රම කරදරකාරි නම් , Swipe එක ඔබන්න. ( මෙහිදි උපාංගයේ Power Button එක එබුවා , Screen එක Touch කරගෙන කොයි පැත්තකට හරි නිකන්ම ඇද්දා , උපාංගයට ඇතුලු වුනා. ) 

* නමුත් , ඔබේ උපාංගයට තව දුරටත් ආරක්ෂක ක්‍රමයක් ඕනම නම් , Pin , Password , Pattern Lock වැනි ක්‍රම වලින් එකක් ඔබන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




5. ) හරි , මෙච්චරයි කරන්න තියේන්නේ.
දැන් , නැවතත් සාමාන්‍ය පරිදි , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයා හා Tab එක භාවිතා කරන්න.

* ඒ වගේම , ඔබ නැවතත් කිසියම් ආරක්ෂක ක්‍රමයක් යෙදුව නම් , ඒ ක්‍රමයට අදාල වචන හෝ ඉලක්කම් හෝ රටාව , අනිවාරේන්ම ඉතාමත්ම හොදින් මතක තබා ගන්න.

මේ පොස්ට් එකේන් , අලුත් දේයක් දැන ගත්ත නම් , මේ පහලින් Comment එකකුත් දා ගෙනම යන්න.

Read More »

Gmail එකේ Tab එකක තියෙන Emails එක පාර මකලා දාන ආකාරය. [ How To Delete All The Gmails At Once. ]

0 Comments

ඉතින් යාලුවනේ ඔයලට කොහොමද ? කාලෙකින් POST එකක් දන්නත් බැරි වෙච්ච එක ගැන ගොඩක් දුකයි.ඉතින් මම අද ඔයාලට වැදගත් වේවි කියල හිතපු දෙයක් කියන්නයි අවෙ.

ඔයාලට ඔයාගෙ GMAIL එකට එන SOCIAL , PROMOTION Emails නිසා ගොඩක් කරදර ඇතින් නේද INBOX එක පිරිල.DELETE කරන්න ගියාම DELETE වෙන්නෙත් එකපරාට EMAILS 50ක් වගෙ පොඩි ප්‍රමානයක් නේද.?

ඉතින් මම අද ඔයලට කියන්නම් එක පාරට කොහොමද TAB එකක තියෙන EMAILS ටික ඔක්කොම කපාරට මකලා දාන්නෙ කොහොමද කියල.


1. ) ඔයාලගෙ  GMAIL එකට LOG වෙන්නකෝ මුලින්.


2. ) ඊටෙ පස්සෙ මෙන්න මෙහෙම SEARCH කරන්නකො EMAIL ඇතුලෙ තියෙන SEARCH BAR එකේ මේ විදියට.


ඊට පස්සෙ ඒ CATEGORY එකට අදාල Emails ටික ඔක්කොම ඔයාලට පෙන්නවි.

SOCIAL TAB එකේ ඒව මකන්න ඕනනම් CATEGORY:SOCIAL තමයි TYPE කරන්න ඕන.


3. ) දැන් මේ විදියට කරන්න.


EMAILS ටික ඔක්කොම SELECT කරල Select all conversations that match this search කියන එක CLICK කරන්න.

4. ) දැන් DELETE කරන්න. 

වැඩි විස්තර ඕනනම් මෙතනින් යන්න.



Read More »

Tweet Now !!