සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


මෙන්න අලුත්ම හා පට්ටම සුපිරි Torrent Downloder එක TIXATI නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Latest & Super Torrent Download Manager - TIXATI. ]

0 Comments

හා යාලුවනේ මම හිතනව මගෙ PHP pdf එක හැමොම බලල එති කියල. ඉතින් මෙන්න තව වැඩ කැල්ලක් අරන් අවා. ඔයාල හැමොම Torrent Download කරනවනේ. ඉතින් ඔයාල Use කරන්නේ Utorrent නැත්නම් Bit Torrent වගේ එවනේ. මෙන්න මම ගෙනාව අලුත් Torrent Downloder එකක්. ඒකෙ නම තමයි TIXATI. මේක ගැන කියනවම් මේක හොද මෘදුකාංගයක්. ඔන්න ඔය පහල තියෙන Featuers තමයි තියෙන්නෙ. 

ඒ වගේම , අද දිනයේදි ( 2015 / 10 / 06 ) , අපේ සෙවන් නෙට් සයිට් එකට තවත් අලුත් සාමාජිකයන් 2ක් එකතු වුනා. ඒ තමයි Sandamal Wijeweera හා Speedy Ace කියන සහෝදරවරුන්. 

ඔබ දෙදෙනාම , සෙවන් නෙට් එකට සාදරයේන් පිළිගන්නවා !! :D


Tixati is far better than the rest:

Simple and easy to use
Ultra-fast downloading algorithms
DHT, PEX, and Magnet Link support
Easy and quick install - no java, no .net
Super-efficient peer selection and choking
RC4 connection encryption for added security
Detailed bandwidth management and charting
UDP Peer Connections and NAT router hole-punching
Advanced features such as RSS, IP Filtering, Event Scheduler
NO Spyware   NO Ads    NO Nonsens

* මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

ඔබ භාවිත කරන්නේ Windows 8 , Windows 7 , Windowds Vista හා Windows XP වල 32 Bit Version නම් , මේ පහල ලින්ක් එකේන් Tixati නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. 
( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. ) 



ඔබ භාවිත කරන්නේ Linux මෙහයුම් පද්ධති නම් , මේ පහල ලින්ක් එකේන් Tixati නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. 
( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. )

* මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න. 

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.


ඒ වගේම , මේ ඉහලින් දිල තියේන්නේ Tixati මෘදුකාංගයේ Setup File එක. මේක ඩවුන්ලෝඩ් කරන් , ඊට පස්සේ පරිගණකයට Install කරන්න ඕන. නමුත් , මේ පහල ලින්ක් එකේන් Tixati මෘදුකාංගයේ Portable Version එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


මේ පහල Video එකේන් Tixati Torrent Download Manager එක භාවිතා කරල , Torrent ඩවුන්ලෝඩ් කරන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.


මේ පහල Video එකේන් Tixati ගැන හොදට පැහැදිලි කරල තියේනව.


Read More »

ඔබ විසින් Ingress ක්‍රිඩා කල යුතු ආකාරය ( උපදෙස් ) හා Ingress වලදි ලැබෙන සියලුම දේවල් ගැන දැන ගන්න. ( Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress. ) [ Real Adventure Game With Real Time GPS Technology - Ingress. ] ( Part - 2 )

0 Comments


ඔන්න , අපි කිව්ව විධියටම Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress , 02 කොටස අද අරන් ආවා. 

ඔබ තවමත් Ingress 01 කොටස කියේවුවේ නැත්නම් , මෙතනින් ලින්ක් එකේන් ගිහින් අනිවාරේන්ම බලන්න.

මේ පොස්ට් එකේදි , ඔබ විසින් Ingress ක්‍රිඩා කල යුතු ආකාරය හා ඔබට මේ Ingress වලදි ලැබෙන Resonators , Weapons , Portal Keys , Power Cubes හා Mods යනාදි දේවල් වල රුපත් සමගම විස්තර කර තිබෙනවා. 

සැලකිය යුතුයි - මේ පොස්ට් එක තව දුරටත් සංස්කරණය කිරිමේ කටයුතු වල පවති.

1. ) Portal Keys.

Ingress වලදි වැඩිපුර ලකුණු ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි Links , Fields , Onions නිර්මාණය කිරිම. ඔබට එක Link එකකින් , එක් වරම සම්බන්ධ කරන්න පුලුවන් Portals 2ක් විතරයි. Portals 2 ගානේ , ඕන තරම් Portals ගනණක් සම්බන්ධ කරන්න පුලුවන්. ඉතින් , මෙසේ $අ හා $බ් ලෙස $පොර්ටල් 2ක් ඇති විට , ඔබට $අ සිට $බ් ට ලින්ක් කල යුතු නම් , ඔබ ලග $බ් Portal එකේ එහමත් නැත්නම් ඔබ ඉලක්ක කරන Portal එකේ Key එක , ඔබ සතුව තිබිය යුතුයි. 
Portal එකක් , කුමන කොටසකින් Capture කරන් හිටියත් කාලයක් යද්දි , Portal එකේ බලය අඩු වෙනව. නැවත බලය වැඩි කරන්න නම් , ඒ Portal එක Capture කරන්න ඉන්න කොටසට අදාල කවුරුන් හෝ Agent කෙනෙකු විසින් Portal එක Recharge කරන්න ඕන. Recharge කිරිම , ඒ Portal එකේ Key එකක් නැතුව , ඒ Portal එක ලගම ඉදන් කරන්නත් පුලුවන්.
ඒ වගේම , ඔබට ඒ Portal එකේ Key එක තිබේ නම් , ඒ Portal එක ඔබ ඉන්න තැනට කිලෝමිටර් සිය ගානක් ඇති තිබුනත් , ඒක Recharge කරන්න පුලුවන්. මේවා තමයි , Portal Key එකේන් කරන්න පුලුවන් වැඩ.

Link එකක් නිර්මාණය කරාම ලකුණු එහමත් නැත්න්ම් Ingress වලින්ම කියනව නම් AP 313ක් ද , Portal 3ක් ත්රිකෝණාකාරව Link කිරිමේන් නිර්මාණය කරන Field එකකට ලකුණු හෙවත් AP 1500ක් ලැබෙනවා. සමහර ක්රිඩකයන් නිසි සැලස්මක් නැතුව Links හා Fields නිර්මාණය කරල 313 හා 1500ක් පමණක් ලබාගෙන , ලකුණු හෙවත් AP 30,000 / 50,000 වගේ විශාල ලකුණු ප්‍රමාණයන් නැති කර ගන්න අවස්ථා තියේනවා. සමහර විට 50,000ට වැඩියේන් නැති කරගන්න අවස්ථාවනුත් තියේනවා. ඉතින් ඔයාලත් හිතල බලන්න , නිසි සැලස්මක් නැතුව ක්‍රිඩා කරල , AP 313ක් , 1500ක් විතරක් ගන්නවද , එහම නැත්නම් සුපිරි සැලස්මක් ඇතුව ක්‍රිඩා කරල , AP 30,000 / 50,000 හො ඊට වැඩියෙන් ගන්නවද කියල. 

2. ) Resonators.

කලින් කියු පරිදි Resonators කියල කියන්නේ , Portal එකක් ආරක්ෂා කිරිමට ඉන්න සෙබලුන්ට. Resonators Level 1 ( L1 ) සිට Level 8 ( L8 ) දක්වා වර්ග තියේනවා. L1 සිට L8 දක්වා , Level එක වැඩි වෙන්න වෙන්න , Resonatorsලගේ ප්‍රභලතාවය වැඩි වෙනවා. අපි හිතමු , ඔබ දැනට Level 6 කියල , ඒ නිසා ඔබට L1 සිට L6 දක්වා Resonators භාවිතා කරන්න පුලුවන්. නමුත් , L7 හා L8 Resonators භාවිතා කරන්න නම් බැ. L7 හා L8 ඒවා භාවිත කරන්න නම් , Level 7 හෝ Level 8 වෙල ඉන්න ඕන.

මේ Ingress ක්‍රිඩා කරන විට , ඔබට Level Up වෙන්න වෙනවා. ඒනම් , මුලින්ම Ingress ක්‍රිඩා කරන්න පටන් ගනිද්දිම , ඔබ ඉන්නේ Level 1. ඒතැන් සිට ඔබට Level 2 , Level 3 යනාදි ලෙස Level 8 හා Level 16 දක්වා Level Up වෙන්න ඕන. Level Up වෙන තරමට , ඔබේ ප්‍රභලතාවය වැඩි වෙනවා.
මෙහිදි , Level 8 ( L8 ) වෙනව කියන්නේ , ඔබ Ingress වල ස්ථිරභාවයක් ලබා ගෙන , මෙහි ප්රභල Agent කෙනෙක් බවට පත් වු බවයි. මේ Ingress වල ලබා දෙන Resonators , Weapons යනාදි සියලුම දේවල් , L8 Agent කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. L8 වෙන්න නම් , ඔබට AP 1,200,000 ඕන වෙනවා.
නමුත් , මේ සියල්ල භාවිතා කරන්න පුලුවන් වුන නමුත් , ඔබට L16 දක්වාම Level Up වෙන්න පුලුවන්. ඔබට L16 වෙන්න ඕන නම් , ඔබට AP 40,000,000 ඕන වෙනවා. L16 වලින් පස්සේ නම් , අයේ Level Up වෙන්න දේයක් නැ.
L1 සිට L8 දක්වා , ඒ ඒ Level එකට අදාලව ඔබට Resonators , Weapons යනාදි දේවල් ලැබෙනවා. නමුත් , ඔබ L9 වුනාම , අයේ L9 Resonators , Weapons ලැබෙන්නේ නැ. ලැබෙන්නේ L8 Resonators , Weapons තමයි. මේ සියලු දේවල් ගැන ඔබට Ingress ක්රිඩා කරද්දි දැන ගන්න , තේරුම් ගන්න පුලුවන්.

3. ) Weapons.

කලින් පොස්ට් එකේ කියු පරිදි Neutral Portals , Resistance මගින් Capture කරා නම් , Enlightened , ඒ Portals තමන්ගේ පාලනයට ගන්න ආපහු උත්සහ කරනව. ඒ සදහා ඔවුන් ආයුධ යොදා ගන්නවා. මේ ක්‍රිඩාවේදි , අපට ආයුධ වර්ග කිපයක් ලැබෙන්වා. ඒවා , XMP Bursters හා Ultra Strike ලෙස හදුන්වනවා.
Enlightenedලා , Portal එකක් Capture කරාම , Resistanceලා කරන්නේත් Fire කරන එක තමයි. මේ ආයුධ යොදා ගෙන පහර දෙනවට , මේ ක්‍රිඩාවේදි කියන්නේ Fire කරනව කියලයි.

ඒ වගේම , ඔබ Portal එකක් Capture කර ගැනිමට Fire කරන විට පුලුවන් තරම් ඒ ඉතල හිස , පදුරක් ලෙස පෙන්වන Portal එක උඩටම එහමත් නැත්නම් මැදටම ගිහින් Fire කරන්න. එවිට අඩු කාලයක් හා Weapons ප්‍රමාණයක් වැය කරමින් Portal එක Destroy කර , ඒය Capture කර ගන්න පුලුවන්.

මෙහිදිත් , ඔබ දැනට ඉන්නේ L6 නම් , ඔබට භාවිත කරන්න පුලුවන් වෙන්නේ L1 සිට L6 දක්වා Weapons විතරයි. L7 හා L8 Weapons භාවිත කරන්න පුලුවන් වෙන්නේ , ඔබ L7 හා L8 වු පසුවයි.

ඒ වගේම , ADA Reflector හා Jarvice කියල ඉතාමත් කලාතුරකින් ලැබෙන Weapons 2කුත් තියේනවා. මේවා හැම තිස්සේම භාවිතා කරන්නේ නැ. ඒ නිසා ඔබත් , මේවා Missions 2වලඩ්ගි වැනි අවස්ථා වලශි තමයි ගොඩාක් භවිතා කරන්නේ.
ADA Reflector මගින් , Englightenලට අයිති Portal එකක් , ක්ෂණිකව Resistanceලට අයිති කර ගන්න භාවිත කරන්න පුලුවන්.
Jarvice මගින් , Resistanceලට අයිති Portal එකක් , ක්ෂණිකව Englightenලට අයිති කර ගන්න භාවිත කරන්න පුලුවන්.

4. ) Mods.

Mods කියල කියන්නේ , ඔබේ වර්ගයට ( Resistance හෝ Englighten ) අයිති Portals ආරක්ෂා කර ගැනිමට හා විවිධ හේතු වලට භාවිත කරන්න පුලුවන් උපාන්ග කිපයක්. අපි එකින් එක , ඒවා ගැන බලමු.
මේ සැම උපාන්ගයක්ම Common , Rare හා Very Rare ලෙස වර්ග 3ක් තියේනවා. මෙහිදි අදහස් වන්නේ , ඔබේ Hack කිරිම් වලදි Common ගොඩක් අවස්ථා වලදිත් , Rare ඒයට වඩා අඩු වෙනුත් , Very Rare අනිත් 2ටම වඩා අඩුවෙනුත් ලැබිමයි. ඒ වගේම , Common , Rare හා Very Rare වන විට , ඒම Mods වලට අදාල කර්යන් වල ප්‍රභලතාවය වැඩි වෙනවා.
මේ Mods දාන්න පුලුවන් වෙන්නේ , ඔබේ වර්ගයට අයිති Portals වලට විතරයි.

* Portal Shield - එක්තරා කොටසකට අයිති Portal එකක් , අනිත් කොටසින් අයිති කර ගැනිමට Fire කරන විට , ඒවායින් Portal එක යම්තාක් දුරකට හරි ආරක්ෂා කර ගන්න යොදන්න පුලුවන්.
ඒ වගේම , එක්තරා කොටසකට අයිති Portal එකක් , අනිත් 2කොටාඉන් Hack කරන විටත් , ඒ Portal එකේ බලය ( Life එක ) පොඩ්ඩක් විතර අඩු වෙනවා. මෙවැනි හානි වලිනුත් Portal එක ආරක්ෂා කරගන්න පුලුවන්.
ඒ වගේම , AXA Shield කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන Mod එකක්.

* Link AMP - ඔබ Portals Link කරන විට , ඒම Link වල දුර ප්‍රමාණය වැඩි කර ගැනිමට භාවිත කරන්න පුලුවන්.
ඒනම් , ඔබ ගාල්ල හා යාපනය වගේ විශාල දුර ප්‍රමාණයක් තියේන Portals 2ක් Link කරන විට , Link AMP භාවිත කරන්න පුලුවන්.
මෙහිදිත් , SoftBank Link AMP  කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන Mod එකක්. SoftBank Link AMP දාන්නේ රටවල් 2ක වගේ Portals Link කරන විටයි.

* Heat Sink - ඔබ Portals එකක් , එක පාරක් Hack කරාට පසුව 2නුව Hack කරන්න පුලුවන් වෙන්නේ , පළමු Hack එකේන් විනාඩි 5කට පසුවයි. ඒ නිසා , මෙවැනි Hack කිරිම් අතර තියේන විනාඩි 5ක , කාල පරතරය අඩු කරගන්න , මේ Heat Sink භාවිත කරන්න පුලුවන්.

* Multi Hack - ඔබට Portal එකක් , විනාඩි 5 කාල පරතර තියන් ( මම දන්න විධියට ) , 4 වතාවක් සාමාන්යය පරිදි Hack කරන්න පුලුවන්. නමුත් , ඔබට 4 වතාවට වැඩිය Portal එකක් Hack කරන්න ඕන නම් , මේ Multi Hack දාන්න ඕන. නමුත් , මේවායින් Hack කිරිම් අතර තියේන කාල පරතරය අඩු වෙන්නේ නැ.

* Force AMP - ඔබේ වර්ගයට අයිති Portal එකකට , අනිත් කොටසින් Hack හෝ Fire කරන විට , Portal එකේ බලය ( Life එක ) ඉබේටම වැඩි වේ.

* Turret. 

Mods  වර්ග නම් , අපි දැනට දන්න තරමින් තියේන්නේ මෙපමණයි.

5. ) Power Cubes.

Ingress වලදි තමන්ට ජිවයක් ( Life එකක් ) තියේනව. මෙහිදි , ජිවය ( Life එක ) හදුන් වන්නේ XM ලෙසයි. අපි Portal Hack කරාම , Link කරාම , Fields නිර්මාණය කරාම යනාදි අවස්ථා වලදි , ඒ ඒ කාර්යට අදාලව , XM යම් කිසි ප්රමාණයක් අඩු වෙනවා.
නමුත් , අපි Ingress ක්රිඩා කරන්න තැනින් තැනින් තැනට යන විට මහමග හා Portals අසල තියේන XM එකතු වි , අපේ XM ප්රමාණය වැඩි වෙනවා.
ඒ වගේම , ඔබ මහමග හෝ Portals අසල නැති වෙලාවටත් , ඔබේ XM ප්රමාණය වැඩි කර ගැනිමට භාවිත කරන්න පුලුවන් දේයක් තමයි , Power Cubes කියන්නේ.

ඔබේ කොටසට අයිති Portal එකක් , අනිත් කොටසින් අයිති කර ගැනිමට Fire කරන විට , ඒම Portal එකේ බලය අඩු වෙනවා. අන්න ඒවන් වෙලාවක , ඔබ ලග ඒ Portal එකේ Key එකත් තියේනව නම් ගෙදර ඉදන්ම එක Recharge කරන්න පුලුවන්. Key එක නැතුව Recharge කරන්න නම් , ඔබ Portal එක ඔබේ Range එක ඇතුලේ තිබිය යුතුයි.
ඔබ Level Up වෙන්න වෙන්න , ඔබට එකතු කර ගන්න පුලුවන් XM ප්රමාණයත් වැඩි වෙනවා. ඕනම විටක ජිවය ( Life එක ) වැඩියේන් එකතු කර ගන්න පුලුවන් එක ගොඩක්ම ලොකු වාසියක්නේ.
මේ පහලින් තියේන රුපයේ , Ingress Level වලට අදාලව එකතු කර ගන්න පුලුවන් XM ප්රමාණයන් දක්වා ඇත.

6. ) Capsule.

Capsule වල ඔබේ Portal Keys , Resonators , Weapons යනාදි දේවල් ගබඩා කර තබන්න පුලුවන්. අපි අර මුලින් කිව්ව වගේ ඔබට Links , Fields , Onions ගහන්න Keys ගොඩක් සමහර වෙලාවට ඕන වෙනවා. එවිට , ඔබ ලග ඒ අදාල Portals වල Keys තිබේ නම් , ඒවා Capsule එකට දමා , Portal එක Hack කරන්න. Capsule එක තැන රැදි නොසිට වාහනයක , බයික් එකක එහම යන ගමන් Hack කරන අයට ඉතාමත් වැදගත් වෙනවා.

 ඒ වගේම , MUFG Capsule කියල Capsule එකකුත් තියේනවා. මේ Capsule එකට දාන දේවල් , යම්කිසි කාලයක් යද්දි වැඩි වෙනවා. ඒනම් , එකක් දැම්ම නම් කාලයක් ගියට පස්සේ ඒවා 2,3ක්ම ගන්න පුලුවන්.

7. ) Media.

ඔබ Portals Hack කරද්දි , ඔබට Ingress Videos ලැබෙනවා. මේවා තමයි Media කියන්නේ.

Ingress වල Passcode කියල දේයක් තියේනවා. Passcode කියන්නේ ඉලක්කම් හෝ අංක පේලියකටයි. Passcode වලින් ඔබට Hack කිරිමකින් තෝරව Resonators , Weapons , Power Cubes යනාදි ශේවල් ගන්න පුලුවන්. මේ Passcode තියේන්නේ , අපි Portals Hack කරාම ලැබෙන Videos වලයි. ඒ ලැබෙන Videos බලා , හරියටම ඉලක්කම් හෝ අංක පේලිය හෙවත් Passcode හදුනා ගත යුතුයි. ඒසේ හදුනා ගන්න Passcode , Ingress App එකේ තියේන Passcode කියන කොටසට ගොස් ටයිප් කර , OK කල විට , ඔබට ඒ Passcode එකට අදාල දේවල් ලැබෙනවා.

* මේ දේවල් තමයි , Ingress වලට අදාලව කියන්න තියේන්නේ. මේ පොස්ට් එකේ තියේන දේවල් හරියටම තේරුම් අරන් කියවලාම , Ingress ක්‍රිඩා කරන්න පටන් ගත්ත නම් , අනිවාරේන්ම ඔබ Ingress පට්ටම සුපිරිම සුපිරි Agent කෙනෙක් වෙනවා.

* Ingress ගැන තව මොනව හරි දැන ගන්න තියේනව නම් හෝ Ingress කියන එලියට බැහල , පරිසරය එක්ක කරන්න තියේන , මේ ක්‍රිඩාව ගැන ඔබලාට හිතේන දේවලුත් , මේ පහලින් Comment කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------

මේ පහලින් තියේන්නේ Ingress ක්‍රිඩාවට අදාලව පළ වුන පොස්ට් 2ම Links. 


Read More »

ඔබත් PHP පරිගණක භාෂාව ඉගෙන ගන්න කැමතිද ?? එසේ නම් PHP පරිගණක භාෂාව , සිංහලේන් ඉගෙන ගන්න දැන්ම එන්න. ( PHP සිංහලේන් - 01 ) [ Come Here To Learn PHP Computer Language In Sinhala. ]

8 Comments


එහෙනම් යලුවනේ ඔන්න අපි අයෙ Seven Net Site එක පටන් ගත්තා. හරි ඔන්න මම Post එකකුත් අරගෙන අවා. 

ඔන්න , මම PHP සිංහලේන් - 02 කොටසත් දැම්ම. ඒකත් මෙතනින් ගිහින් අනිවා බලන්න.

ඉතින් අපි කෙලින්ම වැඩෙට බහිමු. 

මම මේ Post එකෙන් ඔයලට දෙන්නෙ PHP Tutorial එකක්. මේ Tutorial ඔක්කොම සිංහලේන් තියෙන්නෙ. දැනට මම ඔයාලට Part 1 එක දෙන්නම්. අනික කියන්න ඔන මේ Tutorial ඔක්කම මම තනියමයි හදන්නේ. ඉතින් පොඩි වැරදීම් තියෙන්න පුලුවන්. ඔයාලා කවුරු හරි PHP දන්නව නම් , වැරදි දැක්කොත් Comment කරන්න. හරි ඊලග කාරනේ තමයි මේ Tutorial හදන්න වෙලාව යනවා. ඉතින් මම සතියකට එකක් වෙන්න දාන්න Try කරන්නම්. සමහර විට පරක්කු වෙයි. 

මේ Part 1 හොඳට කියවන්න. මොකක් හරි අව්ලක් නම් Comment එකක් දාන්න.

* මේ පහල Download Button එක ක්ලික් කරල , PHP in Sinhala - Part 01 ඕන නම් ඩවුන්ලෝඩ් කරගන්නත් පුලුවන්. එහම නැත්නම් ඩවුන්ලෝඩ් කරන් නැතුව බලන්නත් පුලුවන්.


* Google Drive එකේ තියේන පොඩි ගැටලුවක් නිසා , සමහර විට සම්පුර්ණ Pdf එකම පෙන්වන්නේ නැති වුනෝත් , මේ පහල ලින්ක් එකේන් PHP pdf එක ඩවුන්ලෝඩ් කරගන්න.
PHP සිංහලේන් පාඩම් මාලාවට අදාල සියලුම ලින්ක්.


Read More »

Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress. [ Real Adventure Game With Real Time GPS Technology - Ingress. ] ( Part - 1 )

2 Comments

ඔන්න අපි අවුරුද්දකට විතර පස්සේ තමයි , මේ පොස්ට් එක දාන්නේ. මේ අවුරුද්ද ඇතුලත් අපි කිසිදු පොස්ට් එකක් නොදැම්මත් , පාඨක ඔබේ පැමිණිම නම් නැවති තිබුනේ නැ. ඉතින් , එලෙස අප සමග සිටි පාඨක සියලු දෙනාටම බොහෝමත්ම ස්තුතියි !! :D

මෙතැන් සිට ඉදිරියටත් , ඔබ සියලු දෙනාගේම සහයෝගය පෙර සේම අපට ලබා දෙන්න. ඔබට අවශ‍ය , ඕනැම වෙලාවක අපි ඉන්නවා.

අපි Ingress වලට අදාල 02 කොටසත් පළ කරා. ඒ Ingress 02 කොටසත් , මෙතනින් ලින්ක් එකේන් ගිහින් බලන්න.

මේ පොස්ට් එකේ මාතෘකාවෙන් කියවෙන්නේ ටිකක් නෙමේ ගොඩක් අමුතු ක්‍රිඩාවක් ගැනයි. මේ ජංගම දුරකතන ක්‍රිඩාවේ නම තමයි Ingress. ඔබ Android හෝ Apple ජංගම දුරකතනයක් හෝ ටැබ් එකක් භාවිත කරනව නම් , මේ සුපිරි ක්‍රිඩාවේ කොටස්කරුවෙක් වෙන්න , ඔබටත් පුලුවන්.

Ingress ක්‍රිඩාව නිපදවනු ලැබුවෙ Niantic නම් Google ආයතනය යටතේ ඉන්න ආයතනයක්. නමුත් , Niantic එක 2015 සැප්තැම්බර් මසයේ සිට Google ආයතනයේන් වෙන් වි , ස්වාධිනව තම කටයුතු කරගෙන යාමට තිරණය කර තිබෙනවා. මේ වන විට Ingress Play Store එකේන් මිලියන 10කට වැඩිය ඩවුන්ලෝඩ් කර තිබෙනවා. මිට අමතරව Niantic එක මගින් Field Trip නම් තවත් Android App එකක් නිර්මාණය කර ඇත. 

මේ පහල ලින්ක් වලින් , ඔබට Ingress ගැන තව බොහෝ දේවල් දැන ගන්න පුලුවන්.








Ingress කියල කියන්නේ , Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඒනම් , ඔබ මේ දැන් ඉන්න තැන අනුව ඔබට ක්‍රිඩා කිරිමට අවස්ථාව ලැබෙන ක්‍රිඩාවක්.

මේ ක්‍රිඩාවේ කියවෙන්නේ , පිටසක්වල ජිවින් පෘතුවිය ආක්‍රමණය කරන්න ඒන විට , පෘතුවියේ ඉන්න මිනිස්සු කොටස් 2ට බෙදෙනවා. එයින් , එක් කොටසක් Resistance ලෙස හදුන්වනවා. මේ Resistanceලා , අර කිව්ව පිටසක්වල ආක්‍රමණිකයන්ට විරුද්ධව සටන් කරමින් , ඔවුන්ව පරාද කිරිමට උත්සහ කරනවා.
අනිත් , කොටස Enlightened ලෙස හදුන්වනවා. මේ Enlightenedලා , අර කිව්ව පිටසක්වල ජිවින්ට සහය වෙමින් , පෘතුවිය ආක්‍රමණය කරන්න , ඔවුන්ට සහය ලබා දෙනවා.

* ඔබ Ingress Install කරාට පසු , ඔබ Resistance හෝ Enlightened යන කොටස් 2න් එක කොටසක් තේරිය යුතු වෙනවා. අපි කලින් කිව්ව දේවල් සලකා බලා , ඔබට කැමති කොටසක් තෝරන්න පුලුවන්. 
ඒ වගේම , මෙහිදි ඔබට Ingress Agent කෙනෙකු ලෙස භාවිත කල යුතු නමකුත් ලබා දෙන්න ඕන. ඔබේ ඇත්ත නමේන් කොටසක් හෝ මොකකක් හරි නමක් දෙන්න. ඒ නම නම් පස්සේ වුනත් වෙනස් කරන්න පුලුවන්. 
ඒ වගේම , ක්‍රිඩාව ආරම්භයේදි , ඔබ තෝරා ගන්න පැත්ත ක්‍රිඩාවේ අතරමගදි , කොහේත්වම වෙනස් කරන්න නම් බැ. ඒ නිසා , ඔබ කරන තෝරා ගැනිම හොදට හිතල , හරියටම කරන්න.

ඒ වගේම , ඔබ තෝරන පැත්ත අනුව , ඔබව පිළිගන්න , ලංකාවේන් Agentsලා විශාල ප්‍රමානයක් බලන් ඉන්නවා. ඒ නිසා , ඔබ මොන පැත්තක් තේරුවත් , අයේ යන්න නම් හිතන්නේ නැ. මොකද , ඔබට මෙහිදි ඔබේ අතේ දුරින් ඉන්න ඇත්තම යාලුවෝ තමයි ලැබෙන්නේ. මේ තමයි , මේ ක්‍රිඩාවේ තියේන එක විශේෂත්වයක්.

* ඔබ යම් පාර්ශවයක් තෝරා , Ingress ක්‍රිඩාවට ඇතුළු වු පසු , ඔබේ Ingress ගිණුම Verify කල යුතුයි. ඒයට , Ingress App එකේ දකුණු පස උඩ තියේන OPS කියන එක ඔබන්න.  එවිට , Inventory කියන Tab එක තමයි Open වෙන්නේ. ඒ Open වුන Tab එකේම උඩින් List එකක් තියේනව. අන්න ඒ List එක අතින් වම් පසට යවන්න. එවිට , අවසානයට ඇති Device කියල එකක් පෙනේවි. ඒ Device කියන එක ඔබන්න. 

දැන් එන Options වල Verify කියල එකක් ඇති. අන්න ඒ Verify කියන එක ඔබල , ඊට පස්සේ එකේ කියන විධියට ඔබේ Ingress ගිණුම Verify කරගන්න.

Ingress ක්‍රිඩා කරද්දි , ඔබට ශ්‍රී‍ ලංකාවේ වගේම ලොව පුරා ඉන්න Resistance හා Enlightened Agentලාව හමු වෙන්න පුලුවන්. ඒ වගේම , කාලයකට සැරයක් , Ingress ක්‍රිඩා කරන සියලුම දෙනා එකතු වි සුහද හමුවන් පවත්වනව , විවිධ උත්සව පවත්වනවා. Ingress කියන්නේ ජංගම දුරකතනකින් , ටැබ් එකකින් ක්‍රිඩා කරමින් , තමන් සිටින සාමාජය තුල ඇත්ත යාලුවන් අදුර ගන්න පුලුවන් , ඇති කරගන්න පුලුවන් , විශිෂ්ට ක්‍රිඩාවක්. වෙනත් , Android හෝ Apple ක්‍රිඩාවකින් , මෙවන් අවස්ථාවන් ඔබලාට ලැබෙනවාද ?? අපි දන්න තරමින් නම් , Ingress තමයි එකම ක්‍රිඩාව.

මෙවන් සුහද හමුවන් , උත්සව පවත්වන්න නම් , මේ Ingressලා සංවිධානාත්මකව ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා , Resistanceලට හා Enlightenedලට අදාලව වෙන වෙනම සංවිධාන තියේනවා. මෙවැනි සංවිධාන වලට , ඔබත් එකතු වුනෝත් තමයි , ඔබටත් සුහද හමුවන් වලට , උත්සව වලට සහභාගි වෙන්න පුලුවන් වෙන්නේ. මේ සංවිධාන ලෙස හදුන් වන්නේ ගොඩනැගිල්ලක් තුල පවත්වා ගෙන යන එකක් නෙමේ. Google+ හා Hangout කියන 2කත් එක්ක තමයි , මේ සංවිධාන පැවතේන්නේ. දවසේ , ඕනම වෙලාවක , Resistanceලට හෝ Enlightenedලට අදාල Google+ හෝ Hangout වලට ලංකාවේ ඉන්න සියලුම Agentsලා ඇවිත් , කතා ඉදිරි වැඩ ගැන කතා කරනව , වෙන වෙන දේවල් කතා කරනව. මේක , වෙනමම සාමාජයක්. ඔබට , මේ Google+ හෝ Hangout වලින් Ingress වලට අදාල එන ඕනැම ගැටලුවකට වගේම , ඔබේ වෙනත් ඕනැම ගැටලුවකට සහයෝගය ලබා ගන්න පුලුවන්.

මේ පහලින් තියේන්නේ 2015 සැප්තැම්බර් මස 26 වන දින නිදහස් චතුරත්‍රයේදි පැවති Mission Day නම් Event එකේදි ගත් Resistance හා Enlightened දෙපාර්ශවයම සිටින සමුහ ජායාරුපයකි.

[ මෙම පහල පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]


තවත් ජායාරුප බැලිමට අවශ‍ය නම් , මෙතනින් යන්න. 


Ingress ශ්‍රී ලංකාව තුල මෙතරම් පැතිරෙන්න , ප්‍රසිද්ධ වෙන්න සේම , Ingress තුල ශ්‍රී ලාංකිය මුල් පුරුක තමයි Thilanka Niroshana (thinir) කියන්නේ. Papa Smurf කියල තමයි , ශ්‍රී ලංකාවේ සියලුම Agentsලා , Thilanka Niroshana (thinir) අයියව හදුන්වන්නේ. 

ඉතින් ඔබත් , මේ Google+ හා Hangout වලට සම්බන්ධ වි , අලුත් යාලුවන් ඇති කර ගැනීමට  කැමති නම් , මේ පහලින් තියේන Email To Ingress කියන එක ක්ලික් කල විට එන බොක්ස් එකේ ආසා තිබෙන දේවල් නිවැරදිව පුරවා එවන්න.

* ඔබ , මේ පහල තියේන ඩවුන්ලෝඩ් ලින්ක් වලින් Ingress ඩවුන්ලෝඩ් කර ගන්න කලින් , මේ ඉහල ලින්ක් එක භාවිතා කරල , Email එකක් යවල ඉන්න. මොකද එවිට , ඔබ ඉන්න ප්‍රදේශයට අදාලව , ඔබේ විස්තර එකතු කර ගැනිම හා අදාල සංවිධාන වලට ඔබව එකතු කර ගැනිම පහසු වෙනවා.
* ඔයාල විසින් එවපු Email එකට , නැවත ප්‍රතිචාර ලැබුනට පසු පමණක් , මේ පහල ඩවුන්ලෝඩ් ලින්ක් වලින් Ingress නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. 
* ඔයාල , අපට Email එක එව්වට පස්සේ , ඔබ මේ Form එක පිරවිමේදි භාවිත කල Email එකට , ඉතාමත්ම ඉක්මණින් Reply කරනු ලැබේ. ඒම නිසා , මෙහිදි ඔබ දුන්න Email එක නිරන්තරයේන්ම Check කරන්න.


මේ පොස්ට් එක කියවන හැමෝම Ingress ක්‍රිඩා නොකරන්න පුලුවන්. නමුත් , ඔයාල Ingress ක්‍රිඩා කරන්න කැමති ඇති. ඒ නිසා , Ingress ක්‍රිඩා කරන්න කැමති ඔබලාට , Ingress ඩවුන්ලෝඩ් කරන්න කලින් , ලබා දිය යුතු තවත් බොහෝ උපදෙස් තියේනවා.
ඒ සියලුම උපදෙස් , මේ එක පොස්ට් එකකින් කියන්න ආමාරුයි.

* ඒ නිසා , අනිවාරේන්ම ඔබ විසින් මේ පහල ලින්ක් වලින් Ingress ඩවුන්ලෝඩ් කරන්න කලින් , මේ ඉහල ලින්ක් එකේන් , අනිවාරේන්ම Email එකක් එවන්න. එවිට , ඔයාල Ingress ක්‍රිඩකයේකු විධියට , Ingress Agent කෙනෙක් විධියට දැන ගත යුතු සියල්ලම කියන්නම්.

ඔබ භාවිතා කරන්නේ Android නම් , මෙතනින් ගිහින් , Ingress ඩවුන්ලෝඩ් කරගන්න.

ඔබ භාවිතා කරන්නේ Apple නම් , මෙතනින් ගිහින් , Ingress ඩවුන්ලෝඩ් කරගන්න.

* Ingress ඩවුන්ලෝඩ් කරන් , නිකන්ම යන්නේ නැතුව , Ingress ගැන විස්තර හා Ingress ක්‍රිඩා කරන්නේ කොහමද යනාදි දේවල් , මේ පොස්ට් එක කියවල , දැන ගෙනම යන්න. මොකද , මේක වෙන ක්‍රිඩා වගේ නෙමේයි කොහේත්වම.

* මෙහිදි මුලික වෙන්නේ Portals කියන දේයක්. මෙවැනි , Portal එකක් නිර්මාණය වෙන්නේ , ඒ ඒ ප්‍රදේශ වල තියේන වටිනා හා වැදගත් ස්ථාන , ස්මාරක , ප්‍රතිමා , කැටයම් , කලාත්මක දේවල් හා විවිධ පුවරු යනාදි දේවල් , දැනට ඉන්න Ingress Agentsලා මගින් , Niantic එකට ලබා දුන් විට , Niantic Lab එක මගින් ඒවා අනුමත කල පසු , ඒවා Portal එකක් ලෙස හදුන්වනවා.

මේ විධියට Ingress මගින් අනුමත කරපු Portals , මේ ක්‍රිඩාවේ අළු පාට පදුරක් වගේ සලකුණකින් පෙන්වනවා. මෙවැනි අළු පාට Portals , Neutral ලෙස හදුන්වනවා. මේ Neutral , අපි අර කලින් කිව්ව Resistance හෝ Enlightened කියන කොටස් 2න් , එක කොටසකින් Capture කරන්න ඕන. Capture කරන නම් තමන් ලග ඉන්න සෙබළු , මේ Neutral Portals වලට දාන්න ඕන. මේ ක්‍රිඩාවේදි සෙබළුන්ව හදුන්වන්නෙ Resonator ලෙස හා මේ Resonatorsලා , Neutral Portal එකකට Add කරන එකට Deploy කරනව කියනව. Neutral Portals , Resistance මගින් Capture කරෝත් , ඒවා නිල් පාටින් පෙන්වන අතර Enlightened මගින් Capture කරෝත් , ඒවා කොළ පාටින් පෙන්වනවා.
කවුරුන් හෝ Capture කරන ලද Portals වලටත් Level 1 ( L1 ) සිට Level 8 ( L8 ) දක්වා Levels තියේනවා. L1 සිට L8 දක්වා යන විට , ඒවායේ ප්‍රභලතාවය වැඩි වෙනව.

* Ingress වලදි රතු පාට රවුමකින් පෙන්වන Range එකක් තියේනවා. ඔබට Portal එකක් Hack කරන්න , Capture කරන්න ඕන නම් , Resonators හා Mods දාන්න ඕන නම් , Portal එකේ Key එකක් නැති විට ඒය Charge කරන්න ඕන නම් , අදාල Portal එක ඒ රතු පාට රවුමින් පෙන්වන Range එක ඇතුලේ තියේන්න ඕන.
Ingress වලදි , ඔබ ඉන්න තැන ඔබේ ජංගම දුරකතන හෝ Tab එකේ Screen එකේ පෙන්වන්නේ ඊතල හිසකින්. මේ ඊතල හිස තියේන්නේ , අර කිව්ව රතු පාටින් පෙන්වන Range එක ඇතුලේමයි.

             

* ඒ වගේම කවුරු , මේ Neutral Portals , Resistance මගින් Capture කරා නම් , Enlightened , ඒ Portals තමන්ගේ පාලනයට ගන්න ආපහු උත්සහ කරනව. ඒ සදහා ඔවුන් ආයුධ යොදා ගන්නවා. මේ ක්‍රිඩාවේදි , අපට ආයුධ වර්ග කිපයක් ලැබෙන්වා. ඒවා , XMP Bursters හා Ultra Strike ලෙස හදුන්වනවා. අපි කලින් කිව්ව Resonators , ආයුධ වැනි දේ ලබා ගන්න , අපි Neutral Portals , Resistance Portals හා Enlightened Portals ලෙස ඕනැම වර්ගයකට අයිති , සියලුම Portals Hack කල යුතුයි. ඒ වගේම , ඕනැම වර්ගයක Portals Hack කරන විට , ඒ ඒ Portals වල Key ලැබෙනවා. නමුත් , කරන හැම Hack  කිරිමකදිම , Resonators , Weapons ඒ ඒ Portals වල Key ලැබෙනව කියල කියන්න බැ. Hack එකේන් Hack එකට ලැබෙන දේවල් වෙනස්.

Enlightenedලා , Portal එකක් Capture කරාම , Resistanceලා කරන්නේත් Fire කරන එක තමයි. මේ ආයුධ යොදා ගෙන පහර දෙනවට , මේ ක්‍රිඩාවේදි කියන්නේ Fire කරනව කියලයි. ඒ වගේම , ඔබ කොයි තරම් Hack කරත් , ඉතාමත් කලාතුරකින් ලැබෙන දේවල් තමයි Capsules , MUFG Capsules , ADA Refactor , Jarvis , AXA Shields හා SoftBank Ultra Link කියල කියන්නේ. මෙහිදි තව Mods වර්ග කිපයකුත් , විවිධ හේතු මත භාවිත කරන්වා. 

* මේ Ingress ක්‍රිඩා කරන විට , ඔබට Level Up වෙන්න වෙනවා. ඒනම් , මුලින්ම Ingress ක්‍රිඩා කරන්න පටන් ගනිද්දිම , ඔබ ඉන්නේ Level 1. ඒතැන් සිට ඔබට Level 2 , Level 3 යනාදි ලෙස Level 8 හා Level 16 දක්වා Level Up වෙන්න ඕන. Level Up වෙන තරමට , ඔබේ ප්‍රභලතාවය වැඩි වෙනවා.

මෙහිදි , Level 8 ( L8 ) වෙනව කියන්නේ , ඔබ Ingress වල ස්ථිරභාවයක් ලබා ගෙන , මෙහි ප්‍රභල Agent කෙනෙක් බවට පත් වු බවයි. මේ Ingress වල ලබා දෙන Resonators , Weapons යනාදි සියලුම දේවල් , L8 Agent කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. L8 වෙන්න නම් , ඔබට AP 1,200,000 ඕන වෙනවා.
නමුත් , මේ සියල්ල භාවිතා කරන්න පුලුවන් වුන නමුත් , ඔබට L16 දක්වාම Level Up වෙන්න පුලුවන්. ඔබට L16 වෙන්න ඕන නම් , ඔබට AP 40,000,000 ඕන වෙනවා. L16 වලින් පස්සේ නම් , අයේ Level Up වෙන්න දේයක් නැ.

L1 සිට L8 දක්වා , ඒ ඒ Level එකට අදාලව ඔබට Resonators , Weapons යනාදි දේවල් ලැබෙනවා. නමුත් , ඔබ L9 වුනාම , අයේ L9 Resonators , Weapons ලැබෙන්නේ නැ. ලැබෙන්නේ L8 Resonators , Weapons තමයි. මේ සියලු දේවල් ගැන ඔබට Ingress ක්‍රිඩා කරද්දි දැන ගන්න , තේරුම් ගන්න පුලුවන්. 

           

* අපි ඊළඟ පොස්ට් එකේන් , ඔබට මේ Ingress වලදි ලැබෙන Resonators , Weapons , Portal Keys , Power Cubes හා Mods යනාදි දේවල් වල රුපත් සමගම විස්තර කර තිබෙනවා. 

ඒ පොස්ට් එක හෙට ( 2015/10/04 ) , අපි පළ කරන්නම්. එහනම් හෙට හමුවෙමු.

මේ පහල තියේන Ingress Videos බලන්න. 



Ingress ගැන තව මොනව හරි දැන ගන්න තියේනව නම් හෝ Ingress කියන එලියට බැහල , පරිසරය එක්ක කරන්න තියේන , මේ ක්‍රිඩාව ගැන ඔබලාට හිතේන දේවලුත් , මේ පහලින් Comment කරන්න.

----------------------------------------------------------------------------------------------------------------------

මේ පහලින් තියේන්නේ Ingress ක්‍රිඩාවට අදාලව පළ වුන පොස්ට් 2ම Links. 



Read More »

ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ මෙහමයි. [ How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User. ]

87 Comments


ඔන්න , අපි අවුරුද්දකට විතර පස්සේ තමයි , අයේත් අපේ Seven Net එකේ පොස්ට් එකක් දාන්නේ. 

මේ පොස්ට් එකේ තිබුන දේවල් අලුත් කරල තමයි , නැවතත් 2015 දැම්මේ.

මේ දවස් වල නම් අපේ සයිට් එකට එන කට්ටිය ටිකක් අඩු වෙලයි තියේන්නේ. ඒකට , හේතුව නම් ටිකක් හිතා ගන්න අමාරුයි.

ඒ කොහම වුනත් , මේ 2014 දෙසැම්බර් මස 6 වැනිදා නැවතත් ලොවක් හඩවපු දෙයක් සිදු වුනා.
ඒ තමයි , මේ ලෝකයට අති විශිෂ්ට සේවයක් ඉටු කරපු නෙල්සන් මැන්ඩෙලා මහතා අභාවප්‍රප්ත විමයි.

ඒත් , මම එක දෙයක් කියනවා.
ඒ තමයි , අපි අතරින් ඒ වෙන්වුන නෙල්සන් මැන්ඩෙලා මහතා , නැවතත් , මේ ලෝකයටම එන්න කියලයි.
ඒ අලුතින් එන අලුත් නෙල්සන් මැන්ඩෙලා මහතා , අපි අතර හිපටු නෙල්සන් මැන්ඩෙලා මහතා වගේම , එයාගේ කාපාපු පලුවක් වගේම කෙනෙක් වෙනවා නම් අති විශිෂ්ටයි.
ඒ කොහම වුනත් , මම කියන්නේ , අනිවාරේන්ම ඒ අපි අතර හිටපු නෙල්සන් මැන්ඩෙලා මහතා , නැවතත් අලුත් නෙල්සන් මැන්ඩෙලා මහතා විධියට , මේ ලෝකයටම එන්න කියලයි.

මම හිතනවා , මේ පොස්ට් එක කියවන , බලන හැමෝමත් , මේ විධියට වෙනව නම් අනිවාරේන්ම කැමති ඇති කියලයි. ඒ නිසා , ඔයාලත් මේ විධියටම කියන්න.

* ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුවත් , ඔබේ Android ජංගම දුරකතනයේන් හා Tab එකේන් , කිසිදු App එකක් භාවිතා නොකර , ඇත්තටම ඇමරිකාවේන් හෝ එන්ගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වු පුද්ගලයේකු ලෙස ip adress එක වෙනස් කරගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් වලට දැන ගන්න මෙතනින් යන්න.

හරි , අපි අද කතා කරන්න යන්නේ ගොඩක් ලොකු මාතෘකාවක්.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් කට අදාල සියල්ලම අපට කියල දුන්නේ Geek.lk එකේ Minura Anuruth ( Korn) අයියයි. ඒ නිසා , Minura Anuruth ( Korn) අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

* ඒ වගේම , මේ පොස්ට් එකේ ප්‍රධානම වචන 3ක් තමයි IP , DNS හා VPN කියන්නේ. ඒ නිසා , ඒවා ගැන මුලින්ම දැන ගෙන ඉන්නවා නම් ගොඩාක් හොදයි. ඒවා ගැන දැන ගන්න මෙතනින් යන්න.

ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්ණයක් තමයි Block කරල තියේන සයිට් වලට යන්නේ කොහමද කියන එක. මේකට ගොඩක් දෙනෙක් තමන්ගේ IP එක වෙනස් කරගන්න Hotspot Shield කියන මෘදුකාංග භාවිතා කරනවා.
නමුත් , මේ මෘදුකාංග භාවිත කිරිම තරමක් කරදරකාරියි.
ඒ නිසා , අපි කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඔබේ IP එක වෙනස් කරන විධිය කියල දෙන්න හිතුවා.

* හොදයි , ඔබ මේ උඩ ලින්ක් එකේන්  ගිහින් , ඒක කියේව්වා නම් දැන දන්නව ඇති IP , DNS හා VPN කියන්නේ මොනවද කියල.
මේවයින් VPN කියන කොටස තමයි අපේ IP එක වෙනස් කිරිමට යොදා ගන්නේ.
Hotspot Shield ඇතුලුව ලෝකේ තියේන හැම IP වෙනස් කරන මෘදුකාංගයකින්ම කරන්නේ , ඔබේ පරිගණකයට වෙනත් විශේෂිත රටකට අදාල VPN එකක් ලබා දිමයි. එවිට , ඔබේ IP එක වෙනස් වෙලා , ඔබ ඒ VPN එක අයිති රටින් අන්තර්ජාලයට සම්බන්ධ වුනා කියලයි පෙන්වන්නේ.

* මේ විධියට , VPN යොදා ගෙන ඔබ අන්තර්ජාලය පිවිසුණු පසු , ඔබට අන්තර්ජාල සේවාව සපයන් ඒ ඒ අදාල අයතනය දන්නේ නැ , ඔබ දැන් අන්තර්ජාලයේ මොනවද කරන්නේ කියල. නමුත් , ඔබ ඒ භාවිතා කරපු VPN එක අයිති රට දන්නව , ඔබ ඒ වෙලාවට කරන්නේ මොකක්ද කියල.
එයාල , එක දැන ගත්තට අපට මුකුත් කරදරයක් , හිරිහැරයක් නම් කරන්නේ නැ. ඒත් , ඒ VPN එක භාවිතා කරල අන්තර්ජාලයට පිවිසේන විටම , ඔබ ඒ VPN එක යොදා ගෙන අන්තර්ජාලයේ කිසිදු නිතිවිරෝධි වැඩක් නොකරන බවට එකග කරගන්නව. ඒ නිසා , ඔබ ඒ විදියට එකග වුනාට පස්සේ කොයිම විධියකටවත් , නිතිවිරෝධි වැඩක් කරන්න එපා. මොකද , ඔබ භාවිතා කරන්නේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය නෙමේ , වෙනත් විශේෂිය රටක අන්තර්ජාලයයි. විශේෂිය රටවල , අන්තර්ජාල නිතිරිති ගොඩාක් තද වැඩියි.

* මේ වගේ VPN යොදා ගෙන අන්තර්ජාලයට පිවිසිමේන් ,  පුද්ගලයන් විවිධ වැඩ කර ගන්නවා.
මම , ඒ වැඩ මොනවද කියල හරියටම කියන්නේ නම් නැ. ඒත් , පොඩි ඉගි වගේ ඒවා කිපයක් දෙන්නම්.

1. ) ශ්‍රී ලංකාවේ බලන්න බැරි YouTube Video වගේ ඒවා බලන්න ඕන වුනාම , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
2. ) තමන්ගේ රාජකාරි ආයතන වල Block කරල තියේන වෙබ් හා බ්ලෝග් සයිට් වලට යාමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( උදා - ඔබේ රාජකාරි ආයතනයේ Facebook එක Block කරල තියේනවා නම් , මේ විධියට VPN යොදා ගෙන Facebook එකට යන්න පුලුවන්. )
3. ) E-Money කරන අය විවිධ වෙබ් සයිට් වල ගිණුම් සැදිමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( මේක නම් ඇත්තටම නිතිවිරෝධියි වැඩක් , ඒ නිසා මෙහම කරන්න කලින් ලක්ෂ වාරයක්වත් හිතල බලන්න. නොකර ඉන්න උත්සහා කරන්න. ඒක , අපි හැමෝටම ගොඩාක් හොදයි. )

මේ වගේ දේවල් තමයි කර ගන්න පුලුවන් වෙන්නේ.

* දැන් , අපි බලමු ඔබේ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඔබේ IP Address එක , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන , Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ කොහමද කියල.
ඒ සදහා , මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

සැලකිය යුතුයි - මේ දේ කරන්න කලින් , ඔබ අන්තර්ජාලයට සම්බන්ද විමට භාවිතා කරන ඕනැම ක්‍රමයකින් , මුලින්ම අන්තර්ජාලයට සම්බන්ද වෙලා , ඊට පසුව මේ පහලින් කියල තියේන පියවරවල් කරන්න.

මුලින්ම , මෙතනින් ගිහින් , ඔබේ දැන් තියේන IP එකට අදාල විස්තර එහම බලා ගන්න. මොකද , මේක ඇත්තටම සිදු වෙනව කියල ඔබත් දැන ගන්න ඕන.

* ඔබ භාවිතා කරන්නේ Windows 7 නම් , මේ විධියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) ඒ ආපු Option වල මුලින්ම තියේන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) දැන් , ඒ ආපු එකේ පහලින් තියේන Change your networking settings කියන එක යටතේ , 1ට තියේන Set up a new connection or network කියන එක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , Open වුන Dialog Box එකේ 3යට තියේන Connect to a workplace කියන එක Double ක්ලික් කරන්න.
එහමත් , නැත්නම් 2යට තියේන Connect to a workplace කියන එක Select කරල , Next එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



6. ) දැන් , ආපු Option වල මුලින්ම තියේන No, create a new connection කියන එකට Tic එකක් දාලා , Next එක ක්ලික් කරන්න.

7. ) දැන් , ආපු එකේ මුලින්ම තියේන Use my Internet connection (VPN) කියන එක Double ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



8. ) දැන් , ආපු එකේ මුලින්ම තියේන Internet address කියන එක ඉස්සරහ තියේන හිස් කොටුවට VPN Address එක දෙන්න.

ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - uspptp.hotfreevpn.com

ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - ukvpn.ufreevpn.com

( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



9. ) දැන් , අපු එකේ මුලින්ම තියේන කොටු 2ට ඔබ භාවිතා කරපු රටට අදාල VPN එකේ User name හා Password එක දෙන්න.

ඔබ , ඇමරිකන් VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - free
Password - 1234 ( මේ පහල තියේන සැලකිය යුතුයි සටහන අනිවාරේන්ම බලන්න. )

ඔබ , එංගලන්තය VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - ufreevpn.com
Password - free ( මේ පහල තියේන සැලකිය යුතුයි සටහන අනිවාරේන්ම බලන්න. )

සැලකිය යුතුයි - ඔබ ඇමරිකාවේන් අන්තර්ජාලයට පිවිසුන කෙනෙක් විධියට අන්තර්ජාලයට සම්බන්ධ විමට ගන්න VPN වල User Name නම් දැනට නිරන්තරව වෙනස් වෙන්නේ නැ.
ඒත් , American VPN වලට අදාල Password නම් නිරන්තරව වෙනස් වෙනව. ඒ නිසා , ඔබේ පරිගණකය Off , Restart කරාට පසු , VPN එක Auto Disable වෙනවා. එවිට අපි කියු පරිදි නැවත Connect කරගන්න ඕන. ඒ වගේම , ඔබ විසින්ම Disable කරාට පසුත් නැවත Connect කරන්න ඕන.
නමුත් , මෙවැනි නැවත Connect කරන අවස්ථාවකදි , ඔබට Connect කරගන්න බැරි වුනෝත් බය වෙන්න එපා.
එහම වෙන්නේ , ඔබේ VPN එකට අදාල Password එක වෙනස් වුන නිසයි. ඒ නිසා , මෙවන් දේයක් වුනාම , ටයිප් කරන්න ඕන අලුත් Password එක දැන ගැනිමට , අපේ මේ පොස්ට් එකට එන්න , එවිට අලුත් Server Address , User Name , Password දැන ගන්න , මේ පහල Link එකේන් යන්න. මේ Link එකට ගියාම , Open වෙන පිටුවේ වම් පස පහලට වෙන්න , ඔබේ අලුත් Password එක දැක ගන්න පුලුවන්. අන්න ඒ අලුත් Password එක දිල Connect වෙන්න. එතකොට හරි.



* මම දැනට සැලකිය යුතු කාලයක ඉදන් England VPN එක භාවිතා කරනව. නමුත් , තමව නම් Server Address , User Name , Password එකේ වෙනස් වෙලා නැ. නමුත් , කොයි මොහතක හරි England VPN එකට Connect වෙන්න බැරි වුනෝත් , අපේ මේ පොස්ට් එකට එන්න , එවිට අලුත් Server Address , User Name , Password දැන ගන්න , 
මේ පහල Link එකේන් යන්න. මේ Link එකට ගියාම , Open වෙන පිටුවේ පොඩ්ඩක් පහලට වෙන්න , දකුණු පස , ඔබේ අලුත් Password එක දැක ගන්න පුලුවන්. අන්න ඒ අලුත් Password එක දිල Connect වෙන්න. එතකොට හරි.



( පහල පින්තුරේ User Name , Password ටයිප් කරන තැන පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



10. ) දැන් , ඔබ මුලින්ම අන්තර්ජාලය පිවිසේන විටම , අර මුලින් කිව්ව වගේ , ඔබ ඒ VPN එක භාවිතා කරල , කිසිදු ආකාරයක නිතිවිරෝධි ක්‍රියාවක් නොකරන බවට එකග විමට සිදු වෙනවා. එකග වෙන්නේ නැතුව නම් ඔබට ඒ VPN එක භාවිතා කරන්න බැ.

එකග විමට I Agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ , ඔයාව කෙළින්ම ඒ VPN එක අයිති රටට අදාල වෙබ් සයිට් එකට යාවි.
ඒක , ගනන් ගන්නේ නැතුව , ඊට පස්සේ , ඔබ සුපුරුදු පරිදි , ඔබේ අන්තර්ජාල වැඩ කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* ඒ වගේම , අර මුලින් වගේ What Is My IP සයිට් එකට මෙතනින් ගිහින් , ඔබේ IP එක ඇත්තටම ඇමරිකන් හෝ එංගලන්ත එකක් ලෙස වෙනස් වෙල තියේනවද කියලත් බලන්න.
දැන් , ඔබටම තේරේන්න ඇති කලින් , What Is My IP , Site එකේන් පෙන්නුවේ ශ්‍රී ලංකාවේ විස්තර , ඒත් දැන් පෙන්වන්නේ ඔබ භවිතා කරපු VPN එකට අදාල රටේ විස්තර.

* ඒ වගේම , ඒ VPN එක භාවිතා කිරිම නවතා , නැවත ශ්‍රී ලංකීය අන්තර්ජාලයට පිවිසිමට අවශ්‍ය නම් , මේ පහල කියල තියේන විදියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3. ) ඒ ආපු Option වල මුලින්ම තියේන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



4. ) ඒ ආපු එකේ මැද හරියේ තියේන View your active networks කියන එක එක යටතේ 2යට තියේන VPN Connection 12 කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



5. ) දැන් , ආපු Dialog Box එකේ Disconnect කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* මෙතනින් , එහාට ඔබ ඒ VPN එක භාවිතා කරන්නේ නැ.
අයේත් , ඔබට ඇමරිකන් හෝ එංගලන්ත VPN එකක් භාවිතා කිරිමට අවශ්‍ය නම් , මේ උඩින් කියල තියන විධියටම කරන්න.

* අනිවරේන්ම , මේ පොස්ට් එකේ කියල නැති මුකුත්ම කරන්න නම් එපා.

* ඒ වගේම , ඔබේ පරිගණකය Restart කරන විට හෝ Shutdown කරන විට , මේ VPN , Autoම Disconnect වෙනවා.
ඔබේ පරිගණකය Restart කිරිමට හෝ Shutdown කිරිමට කලින්ම , මේ VPN අනිවාරේන්ම , මේ උඩින් කියල තියේන විධියට , ඔබ විසින්ම Disconnect කරල , ඊට පස්සේ කරන දෙයක් කරන්න.

* ඔබ SLT , WiFi , Dongle හෝ වෙන මොන ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , මේ පොස්ට් එකේ කියල තියේන විධියට VPN එකක් භාවිතා කරලා , ඔබේ IP Address එක ඇමරිකන් හෝ එංගලන්ත එකක් විධියට වෙනස් කරගන්න පුලුවන්.

හරි , මේ විධියට ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ පෙන්වන්නේ තමයි මෙහම තමයි.

ඔන්න , දැන් ඉතින් ඒ වැඩෙත් හරි.
ඕන්න , ඔහම තමයි ඇමරිකන් හෝ එංගලන්ත විධියට අන්තර්ජාලයට පිවිසිල , තමන්ගේ වැඩ කරගන්නේ.

කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.



Read More »

Tweet Now !!