සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ලොව හොදම බ්ලැක් හැට් හැකර්වරු 10දෙනා. [ Top 10 Best Black Hat Hackers. ]

ඔන්න මේ විශ්ව ෆට්ට වැදගත් පොස්ටුවක් අරගෙන අදත් ආවා... අදත් ආව කිව්වට අද නම් ආවේ අවුරුදු ගානකට පස්සේ. සමහරවිට මාව කට්ටියට මතකත් නැතුව ඇති. අපි ඉතින් කාලයක් මේ site එක නවත්වලානේ තිබ්බේ. ඔන්න ඉතින් ආයෙත් අපි මේක පටන් ගත්තා.. ඉස්සර හැමදාම වගේ අනංමනං වැඩ කෑලි කියා දීලා , වෙනසකටත් එක්ක අද මම කට්ටියට කියන්නේ Hackersලා  ගැනයි !! අපි කවුරුත් facebook , gmail වගේ ඒවා hack කරන්න try කරනවනේ... අපි ඉතින් ඔය මොකක් හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් හරි , වෙන කාගේ හරි පිහිටකින් වගේ තමයි hack කලොත් hack කරන්නේ... ඒකට ඉතින් ඇත්තටම hack කියන්නත් බෑ.. අපි නොදන්නවා උනාට ලංකාවෙත් සුපිරි hackersලා ඉන්නවා. ඒ වුනාට , ලෝකයේ වෙනත් රටවල නම් ගොඩක් හැකර්ලා ඉන්නවා... ඇත්තම කියනවා නම් හැකර්ලා වර්ග 3ක් ඉන්නවා... ඒ White Hat Hackers, Black Hat Hackers සහ Grey Hat Hackers.



Black Hat Hackers කියන්නේ සරලව කිව්වොත් නරකම hackersලා... ටිකක් සංකිර්ණව කිව්වොත්, Black Hat Hacker කෙනෙක් කියන්නේ, අන්තර්ජාල ආරක්ෂක විධිවිධාන මගහරින හෝ ඒවා කඩකරන , ඉතාමත් පුළුල් පරිගණක දැනුමක් තියෙන තනි පුද්ගලයෙකුට... ඒ වගේම එයාලව crackers හෝ dark-side hackers කියලත් හදුන්වනවා.. මොකද, hacker කෙනෙක් කරන්නේ යම් දෙයක් හදන එක සහ cracker කෙනෙක් කරන්නේ ඒ දේවල් කඩන එකයි..

 ඉතින් මම අද මේ පොස්ටුවෙන් බලාපොරොත්තු වෙන්නේ , අන්න ඒ වගේ වැඩ කරන Black Hat Hackers ගැන ඔයාලට කියාදෙන්නයි !! මම අද ඔයාලට , ලෝකයේ මේ වෙනකොට ඉන්න හොදම Black Hat Hackers 10 දෙනා ගැන තමයි කියන්නේ....

 ( 01 ) Jonathan James



 මොහු ගැන කියනවා නම් ඉතින් සුප්පා වැඩ්ඩේක්.. මොහු අවුරුදු 16දී අන්තරජාල අපරාධ හේතුවෙන් සිරගත කරනු ලබනවා.. ඒ අන්තරජාල අපරාධ හේතුවෙන් සිරගත කරනු ලැබූ පළමු බාලකයා වශයෙනි. කොහොමද... දැන් තේරෙනවනේ කොල්ලගේ වැඩ.. මොහු මොහුගේ මෙවැනි අපකීර්තිමත් වැඩ පටන් ගන්නේ, විවිධ පද්ධතීන් වලට අනවසරෙන් ඇතුළු වීමෙනි. මොහු රහසිගත PBS සම්මුඛ සාකච්චාවකදී මෙසේ කියා තිබේ, " I was just looking around, playing around. What was fun for me was a challenge to see what I could pull off. " තවද, මොහුගේ ප්‍රධානම ඉලක්කයන් වූයේ ඉතාමත් ප්‍රබල ගනයේ සංවිධානයයි.. ඒ කිව්වේ, NASA එක, ආරක්ෂක දෙපාර්තමේන්තුව වගේ ඒවා..  ඔහු NASA එකේ පරිගණක crack කරලා  $1.7 million පමණ මෘදුකාංග සොරාගෙන තිබෙනවා. ඒ වගේම ඔහු Defense Threat Reduction Agencyය hack කොට එහි සේවය කරන සේවකයන්ගේ බොහෝ usernames සහ  passwords සොරාගනිමින් 3,000 කට අධික රහසිගත පණිවිඩ හොරෙන් බලා ඇත.. තව කියනවා නම්, මොහු වයස 25දි, එනම් 2008 මැයි 28 වෙනිදා තුවක්කුවකින් සියදිවි නසා ගැනීමට උත්සාහ කරයි. ඊට හේතුව ලෙස ඔහු සදහන් කර තිබුනේ, ඔහු නොකළ වැරදි වලට ඔහුව හසු කර ඇත යන්නයි..

 ( 02 ) Gary McKinnon


 වර්ෂ 2002 දී US හමුදා පරිගණක තිර මත අමුතු අපවාදාත්මක පණිවිඩයක් තිබුණි.. ඒ ,  “Your security system is crap, I am Solo. I will continue to disrupt at the highest levels.” ලෙසයි. පසු කාලයේදී මෙය සිදුකලේ ස්කොට් ජාතික system administrator වරෙයෙක් වන Gary McKinnon බව හදුනාගනී. ඒ වගේම මොහු, මෙතෙක් සිදුවූ විශාලතම යුධ හමුදාමය පරිගණක hack කිරීමට වරකරු වූ අයෙකි. ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ හමුදාවේ සහ NASA පරිගණක 97ක්, මාස 13ක් කාලයක් ඇතුළතදී " සොලෝ " නම් නම භාවිතා කරමින් hack කිරීම සම්බන්දයෙන්ද වරකරු වී ඇත.

 ( 03 ) Adrian Lamo


  මොහු තම hacking කටයුතු සදහා  coffee shops, libraries සහ internet cafes යොදාගනී. මොහුද ඉතාමත් ප්‍රබල පරිගණක ජාල බිද හෙලීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත්වූ අයෙකි. එනම් The New York Times, Microsoft, Yahoo!, සහ MCI WorldCom වැනි ඒවාය.. ඒ වගේම මොහුට අණ කරනු ලැබුවා $65,000 ක් ගෙවන ලෙසට ඔහු The New York Times වෙනුවෙන් සිදුකල අලාභ වලට සහ ප්‍රකාශ  කරලා තියෙනවා මාස 6 ක් ඔහුගේ දෙමව්පියන්ගේ නිවාස අඩස්සියේ තැබීමටත්.. තවද, ඔහු 2010 ජුනි මාසයේදී , 2007 ජුලි 12 සිදු වූ  Baghdad airstrike සම්බන්ධයෙන් Wikileaks වලට නිදහස් වූ video එකක මුලාශ්‍රය වූ  Bradley Manningගේ නම , U.S. හමුදා බලධාරීන් හට අනාවරණය කරන ලදි. එමෙන්ම මේ වනවිට ඔහු, ලාභ අරමුණු නොකරගත් Sacramento නම් සංවිධානයට තම සේවය සපයයි.

 ( 04 ) George Hotz


 George Francis Hotz යනු  iPhone unlock කිරීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ඇමරිකානු hacker කෙනෙකි. අපි ගොඩක් අය iPhone වල carrier  unlock කරගන්න කඩවල් වලට යනවනේ. ඉතින් මෙන්න මේ carrier  unlock එක මුලින්ම හොයාගත්තේ මොහු 2007දි. ඒ වගේම මොහු ඔහුගේ බ්ලොග් අඩවියේ සදහන් කරලා තියෙනවා, ඔහු විසින් unlock කළ දෙවන 8 GB iPhone එක, Certicell හි නිර්මාතෘ Terry Daidone විකුණා ඇති බව. ඒ Nissan 350Z රථයකට සහ තවත් 8 GB iPhones තුනකට.. දැන් පේනවනේ මේ unlock කරපු 8 GB iPhone එකේ වටිනාකම කොච්චර වෙන්න ඇත්ද කියල ඒ දවස් වල.. ඒ වගේම  මොහු   Sony PlayStation 3, jailbreak කළ ප්‍රථම  hackersලාගෙන් කෙනෙක්ද වෙනවා..

 ( 05 ) Kevin Mitnick


  මොහු මොහු විසින්ම hacker poster boy ලෙස හදුන්වනු ලබනවා. ඒ වගේම The Department of Justice ප්‍රකාශ කරලා තියෙනවා මොහුව ,  “the most wanted computer criminal in United States history.” ලෙස.. ඔහුගේ දක්ෂතාවයන්  Freedom Downtime සහ Takedown යන චිත්‍රපට වලද විස්තර කර ඇත. මොහු ඔහුගේ ප්‍රථම අනවසර පරිගණක ඇතුළුවීම සිදුකරනුයේ 1979දි. එනම් ඔහුට වයස 16දිය.. එනම්  Digital Equipment Corporation (DEC) හි පරිගණක පද්ධතියට ඇතුළු වී එහි මෘදුකාංග සොරාගැනීමයි. ඒ වගේම මොහු ජංගම දුරකථන ක්ලෝනීකරණය කරමින් ඔහු සිටින ස්ථානය සගවන ලදි.

 ( 06 ) Michael Calce


  මොහු MafiaBoy ලෙස හදුන්වයි. මොහු ඉතාමත් විශාල වානිජමය වෙබ් අඩවි වලට ප්‍රහාර එල්ල කරනලදී. එනම්, Yahoo!, Amazon.com, Dell, eBay, and CNN වැනි ඒවාය.. ඔහු Yahoo! search engine එක hack කිරීම මගින් පැය භාගයකට ආසන්න කාලයක් එය වසා දැමීමට සිදු විය. මොහු මීට අමතර නොයෙකුත් වෙබ් අඩවි hack කරන ලද්දේ ඔහුගේ අභිමානය පෙන්වීමටත් , ඔහුගේ ආධිපත්‍ය පැතිරිමටත්ය...

 ( 07 ) Robert Tappan Morris


  මොහු ඇමරිකාවේ පරිගණක විද්‍යාඥයා වන අතර මොහු ප්‍රසිද්ධ වූයේ 1988 දී පැතිරුණු  Morris Worm එක සෑදීම සම්බන්ධයෙන්ය.. මෙය අන්තර්ජාලයේ තිබූ ප්‍රථම computer worm එක ලෙස සලකනු ලබනවා. මොහු මෙම worm එක සාදනු ලැබුවේ ඔහු  Cornell University එකෙහි උපාධියක් හදාරමින් සිටින විටදීය.. විශේෂත්වය නම් මොහු මෙම worm එක සාදන බව මාස ගණනකට පෙර සිටම අනිත් අයට කියන ලදි. ඔහු මෙය කිසිදු හානියක් කිරීමේ අරමුණින් නොසැදුවත්, එක අන්තර්ජාලයට එක් වීමෙන් පසු $15 million වටිනාකමක පාඩුවක් සිදුකර ඇත. මේ නිසාම  Computer Fraud සහ Abuse Act යන පනත් යටත් වරදකරු වූ පළමු පුද්ගලයාද වේ..

 ( 08 ) Kevin Poulsen


 Dark Dante යන නමින් හදුන්වන මොහු 80 දශකයේ black hat hacker කෙනෙකි. මොහුගේ විශේෂත්වය නම්, මොහුගේ සියලුම hacking සිදු වූයේ දුරකථන වටාය... මොහු වඩාත්ම ප්‍රසිද්ධ වුයේ  LA radio’s KIIS-FM phone lines hack කිරීමෙනි. කෙසේ හෝ පසුව මොහුව මේ වැරදි වලට හසු කරගනී. එවිට ඔහුට, එතෙක් hack කිරීමක් සම්බන්ධයෙන් ලබා දුන් දීර්ඝම දඩුවම ලෙස සලකන අවුරුදු 5ක සිරදඩුවමක් ලබා දුනි. පසුව මොහු Wired News හි journalist කෙනෙක් ලෙසද , මේ වන විට එහි senior editor කෙනෙක් ලෙසද සේවය කරයි.
 

 ( 09 ) Albert Gonzalez

 
 මොහු පරිගණක hacker කෙනක් මෙන්ම පරිගණක අපරාධකරුවෙකි.  වර්ෂ 2005 සිට 2007 දක්වා කාලවකවානුවේදී credit card සහ ATM numbers මිලියන 170කට අධික ප්‍රමාණයක් සොරාගැනීම් සහ නැවත විකිණීම් සම්බන්ධයෙන් මොහු වරදකරුවෙකි. එය එතෙක් ඉතිහාසයේ සිදුවූ විශාලම අපරාධය ලෙස සැලකේ. ඔහු මෙහිදී SQL injection තාක්ෂනය යොදාගනිමින් මැල්වෙයා නිර්මාණය කර, ඒවා අධාරයෙන් අභ්‍යන්තර ඒකාබද්ධ ජාල වලින් පරිගණක දත්ත සොරාගෙන ඇත. මොහු අත්අඩංගුවට පත්වනවිට මොහු ලග තිබී $1.6 million මුදල් සහ ඉන්  $1.1 million මුදලක් ප්ලාස්ටික් කවර වල දමා තම දෙමව්පියන්ගේ නිවසේ පිටුපස වළ දමා තිබියදී හමු වී ඇත.

 ( 10 ) Vladimir Levin


 මොහු රුසියානු ජාතිකයෙක් වන අතර US$10.7 million ක මුදලක්  Citibank හි පරිගණක මගින් transfer කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත. මොහු ඉතාමත් කෙටි කාලීන hacker කෙනෙකි. මොහු ඉතාමත් ඉක්මනින් හසු කරගැනීමට ආරක්ෂක අංශ වලට හැකිවිය.

 ඔන්න එහෙනම් Black Hat Hackers 10 දෙනා ගැන කිව්වා... ඉතින් මොකද හිතෙන්නේ දැන් කට්ටියට?? ෆට්ට වැඩ්ඩො නේද..  හරි හරි එහෙනම් කට්ටියට හිතෙන දේ පහලින් comment පාරක් දාගෙනම යන්නකෝ.. එහෙනම් මාත් කැපෙනවා.. තවත් දවසක ආයෙත් හමුවෙමු මේ වගේ අලුත් දෙයක් එක්ක.. !!




5 comments:

  1. Salut voici un site qui va vous permettre de pirater un compte Facebook a l'aide d'un panel en ligne le serveur il garantie une efficaciter de 80% le site ====►
    pirate facebook

    ReplyDelete
  2. Hyy mata fb hack karanne kohomada kiyala kiyanna puluvandha? ???????

    ReplyDelete
  3. Submit your website or blog now for appearing in Google and 300+ search engines!

    Over 200,000 websites indexed!

    Submit NOW via I NEED HITS!!!

    ReplyDelete

Tweet Now !!