සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබේ වෙබ් හා බ්ලෝග් සයිට් වලට - ඔබත් , ThemeForest වගේ සයිට් වලින් , උස්සපු Template එකක් පාවිච්චි කරන කෙනෙක් නම් , මේ ලිපිය අනිවාරේන්ම කියවන්න. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 04 ) [ Are You Get Premium Templates Like ThemeForest From Normal Free Sites - You Must Read This. ]


අපිට ගොඩාක් කාලේකින් වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව ලිපි දාන්නත් බැරි වුනා.
ඔන්න , ඉතින් අද වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව, මේ පොස්ට් එක දාන්න හිතුවා.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් 1 , 2 තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.


මුලින්ම කියන්න ඕන , මම , මේ පොස්ට් එකට අදාල ගොඩාක් දේවල් දැන ගත්තේ SinhalaHelp එකේ Ron කියන අයියගේන්. ඒ නිසා , එයාට මුලින්ම ස්තුතිවන්ත වෙන්න ඕන.

මේ පොස්ට් එක Blogger , WordPress.com බ්ලෝග් කරන අයට විතරක් නෙමේ , මේක වෙබ් හා බ්ලෝග් සයිට් කරන හැමෝටම අයිතියි , අදාලයි.

හරි මෙහෙම පටන් ගමු. 
මේකේ ඉන්න බොහෝ දෙනාට තමන්ගේම කියා Blog අඩවියක් හෝ වෙබ් අඩවියක් තියෙනවා.
දැන් බ්ලොග් එකක් තියෙනවා කියන එකත් හරියට ID එක තියෙනවා වගේ , කොමන් දෙයක්.

අපිට යම් කිසි අඩවියක් හදන්න ඕනි ඕනි උනා කියමු. 
සාමාන්‍යයෙන් Web Design කරන කෙනෙක් නම් , ඔහු ඔහුගේම ආකාරයකට තමන්ගේ අඩවිය හදාගන්නවා. හැබැයි දැන් ඉන්න ගොඩක් අය WordPress.org , Joomla , Blogger , etc වගේ CMS එකකට කොහෙන්හරි උස්සපු Template එකක් දාලා , Doc එක බලාගෙන Template එහෙට මෙහෙට කරලා , එක ප්‍රසිද්ධ කරනවා. 
සමහර වෙලාවට හදපු කෙනාගේ URL එක දාල තියේනවා නම් Code අස්සේ හොයලා එකත් අයින් කරනවා. හැබැයි ඉතින් උස්සපු ඒවායේ නම් ඔය හදපු කෙනාගේ ලින්ක් නැහැ Footer එකේ එහෙම මොකද ඒවා Premium (සල්ලි ගෙවලා) ගන්න ඕන ඒවා.

වෙන අය මේ වගේ ප්‍රිමියම් ටෙම්ප්ලේට් අරගෙන , ඒවා නොමිලේ දෙන සයිට් ගොඩක් තියෙනවා. සල්ලි දීල ගන්න ඕනි තැනින් නම අරගෙන එකත් එක්ක Free Download කියලා ගුගලේ සර්ච් කරපු ගමන් සට සට ගාලා ලිස්ට් එකක් එනවා ඕවා බාගන්න පුළුවන්.

මේකයි සිද්දිය , දැන් ඔබ දාගෙන ඉන්නේ එහෙම කොහෙන් හරි උස්සපු Template එකක් කියල හිතමු. ඒ කිව්වේ , සල්ලි දිල ගන්න තියේන ටෙම්ප්ලේට් එකක් , වෙන තැනකින් නොමිලේ අරන් භාවිතා කරනවා නම් ,

* පලවෙනි කාරණය. 
හිතනවද ඔය Template එක උස්සලා දෙන්නේ ඔබට තියෙන ආදරේකට කියලා.. නැහැ ඔවුන් ගොඩක් වෙලාවට. Ad Fly වගේ ලින්ක් දීලා Download කිරීම ලබා දෙන එක තමයි කරන්නේ. එකත් කමක් නැහැ , එයාට කියක්හරි හම්බුවෙනවා කියමුකෝ. Web Developing සහ සයිබර් Security වගේ දේවල් අද්‍යනය කරන කෙනෙක් නම් මේ ගැන දන්නවා. අපේ වචනයෙන් කියනවනං " හෑෂ් බස්සනවා " කියන දේ. ( ඒ ගැන ලිපියක් වෙනමම දාන්නම් )

* මොකද අපි ගොඩක් වෙලාවට ගන්නේ PHP කේතයන් අඩංගු ටෙම්ප්ලේට්ස්. අපිනන් අවුලක් නැහැ HTML ඒවා උස්සන්නේ කියලා හිතුවත් , Java Script / JQuary වැඩර් කෙනෙකුට ඔබව නොමග යැවීම ඉතාමත් පහසු දෙයක්. ඔබේ DataBase Access කරන්න , ඔබේ සයිට් එකට එන පිරිස - වෙන සයිට් එකකට හරවලා යවන්න , අවශ්‍ය වෙලාවට පමණක් සක්‍රිය කරන්න පුළුවන් පිෂින් පේජස්. 
හම්මේ , කියනවනං පෝලිමක් කියන්න පුළුවන්. 
මේක සංශිප්ත කරල කිවුවොත් , " ඔබගේ අඩවිය Hack වීම , අඩවියේ තොරතුරු පිටට යාම සිදු විය හැකියි. "



* ඊලඟ දේ DMCA - Digital Millennium Copyright Act. 

අමාරුවෙන් පට්ට ගේමක් දීලා , ඔය විදියට සයිටඑකක් පටන් අරන් ලංකාවේ / ලෝකයේ හොඳ තැනකට ගේනවා. ඕක කොයි විදියකින් හරි , Template එකේ නිර්මාණකරු දැනගන්නවා. එයාට කරන්න තියෙන්නේ බොහොම සුළු දෙයයි DMCA රිපෝර්ට් එකක් ගහන එක ඔහුගේ හිමිකම ගැන සඳහන් කරලා. සමහර විට ඔබගේ Hosting ආයතනයෙන් පළමුවෙනි Warning එකක් ඒවි. Warnings දෙක තුනක් නම් බලාපොරොත්තු වෙන්න එපා. 


* Bloggerලගේත් එහෙමයි. පලවෙනි පාරක් විතරක් බලාපොරොත්තු වන්න. දෙවනි පාර වෙනකොට ඔබේ අඩවිය හොස්ටින් සේවාවෙන් අයින් කරලා තියේවි කිසිම හේතු දැක්විමක් නැතුව. ඊට පස්සේ ඉතින් , තමන්ට දැනේන දේ අයේ කියන්න ඕන නැනේ. ( වැඩි විස්තර - www.DMCA.com )

තව කාරණාවක්. ඔය තරහ කාරයෝ ඉන්නවනං එයාලට ගේමක් දෙන්නත් මේක හොඳ කාරනාවක්. 

* නමුත් , ඒ විධියට Delete කරාට පස්සේ , තමන්ගේ කිසිම වැරද්දක් නැත්නම් Pro Account එකක් අරගෙන DMCA Report එකක් ගහන්න , " Nulled Contain Or Copyright " කියලා. 
ඔයා නිවැරදි නම් ඔයාට ආපහු , ඔයාගේ සයිට් එක ගන්න පුලුවන්.

* හැබැයි මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැති Hostings ජාතියකුත් තියෙනවා. 
ඒවාට අපි පොදුවේ කියන්නේ Black host කියලා. ( Offshore) ඔය කිසිම නිතියක් නැහැ. ඕනම වැඩක් කරන්න පුලුවන්. ඒත් , ඉතින් ගෙවල් දොරවල් උගස් තියන්න වෙනවා ඒ වගේ තැනක හොස්ට් කරන්න.

* තව කාරණාවක් , වැඩිය ඕනි නැහැ. ඇයි , එයාලා , ඕවා දවස් ගණන් මහන්සි වෙලා Null කරලා ෆුල් ස්ටේබල් කරලා ඔයාලට දෙන්නේ. එක විතරක් හිතන්න !!

Premium Templates හෙවත් මුදල් වලට ටෙම්ප්ලේට්ස් ගන්න තියේන සයිට්.

1 ) www.ThemeForest.net
2 ) www.Mojo-Themes.com
3 ) www.TemplateMonster.com

නොමිලේ ලබා ගත හැකි ටෙම්ප්ලේට්ස් තියේන සයිට්.

#. Blogger බ්ලෝග් සදහා. - 

1 ) www.SoraTemplates.com
2 ) www.Btemplates.com 
3 ) www.DeluxeTemplates.net 
4 ) www.PremiumBloggerTemplates.com 
5 ) www.PremiumBlogTemplates.com 
6 ) www.MyBloggerThemes.com 

#. WordPress වෙබ් හා බ්ලෝග් සදහා. - 

1 ) www.WordPress.org/Themes 
2 ) www.WebDesignRazzi.com 
3 ) www.WpExplorer.com 
4 ) www.HongKiat.com 
5 ) www.FabThemes.com 

#. Joomla වෙබ් සදහා. - 

1 ) www.Joomla24.com 
2 ) www.GlobbersThemes.com 
3 ) www.FreshJoomlaTemplates.com 
4 ) www.JoomlaTemplates.me 
5 ) www.Joomlart.com 


* ඒ නිසා , දැන්ම , ඔය උස්සපු ටෙම්ප්ලේට් , ඒ කිව්වේ , සල්ලි දිල ගන්න තියේන ටෙම්ප්ලේට් එකක් , වෙන තැනකින් නොමිලේ අරන් භාවිතා කරන්නේ නැතුව , තමන්ම හදා ගත්තු ටෙම්ප්ලේට් එකක් හෝ නොමිලේ ලබා දෙන ටෙම්ප්ලේට් එකක් භාවිතා කරන්න.
ඒක , ඔබට වගේම අපි කාටත් ඉතාමත්ම හොදයි.

ඔයාලත් මේ පොස්ට් එකට කැමති නම් Comment එකක් දාන්න.

-------------------------------------------------------------------------------------------------------------------

වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.


11 comments:

  1. Replies
    1. ලහිරු දර්ශන - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  2. Replies
    1. Heshan - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete
  3. Replies
    1. Ravinath - Ela , Niyamai !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete
  4. මේ අපි blogger එකෙන් දෙන එව්වා පාවිච්ච් කලාට කම නෑ නෙද?

    ReplyDelete
    Replies
    1. Chathuranga - ඔව් , Blogger එකෙන් දෙන ඒවා පාවිච්ච් කලාට කිසිම ප්‍රශ්නයක් නැ.

      Delete
  5. Replies
    1. Lasantha - Ela Ela !! :D

      Oyage Comment ekata Bohomathma Sthuthi Saho !! :D

      Delete
  6. pattai. free templates wala footer eke credit 1k thiyanna one bn epa weno.

    ReplyDelete

Tweet Now !!