සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


අතුරුදහන් වු මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස ගැන සියලුම විස්තර , තොරතුරු හරියටම දැනගන්න. [ MH370 - Get Informations About Missing Malaysia MH370 Airlines Flight. ]


මේ පොස්ට් එක දාන්න හිතුවේ පසුගිය මාර්තු මස 8 වන දින , මැලේසියානු MH370 ගුවන් යානය අතුරුදහන් වුන නිසයි. මේ දවස් වල ලෝකේම පවා කතාබහට ලක් වි තියේන්නේ , මේ මැලේසියානු MH370 ගුවන් යානය  ගැනයි.

මේ මැලේයිසියානු MH370 ගුවන් යානය අතුරුදහන් වි තියේන්නේ මේ 2014ම මාර්තු මස 8 වන දින මධ්‍යම රාත්‍රි 12.21ට පමණ වේ.
මැලේසියානු MH370 ගුවන් යානය , මැලේසියාවේ ක්වාලාම්පුර් ගුවන් තොටුපලේ සිට චිනයේ බිජින් ගුවන් තොටුපලට පියාසර කරන අතරවාරයේදි චින මුහුදේදි තමයි , මේ ආකාරයට අභිරහස් ලෙස අතුරුදහන් වි තිබේන්නේ.



මෙසේ 2014 මාර්තු මස 8 වන දින මධ්‍යම රාත්‍රි 12.11 පසුව පටන් ගත් සෝදිසි මෙහයුම් තවමත් අවසන් කර නැත. ඒ වගේම , අද වෙනකම්ම සෝදිසි මෙහයුම් කලද , සැලකිය යුතු මට්ටමේ කිසිදු ආකාරයක හෝඩුවාවක් , කාටවත්ම තවමත් ලැබි නැත.
දැනට , ගුවන් යානා 47ක් හා නැව් 53ක් , මේ MH370 ගුවන් යානය සෙවිමට දායක වි තිබේනවා.

දැනට , මෙම ගුවන් යානය සෙවිමට මැලේසියාව , චිනය , ඇමරිකාව , ඕස්ට්‍රේලියාව , නවසිලන්තය , සින්ගප්පුරුව , ඉන්දුනිසියාව , පිලිපිනය , ජපානය ,  ඇතුලු රටවල් 25ක්ම දායක වි තිබේනවා. 
ඉන්දියාව , වියට්නාමය , තායිලන්තය යන රටවල් සෙවිම් මෙහයුම් වලින් ඉවත් වි ඇත. )

මේ මැලේසියානු MH370 ගුවන් යානයේන් ලැබුනු අවසාන පණිවිඩය තමයි " සියල්ලම හරි , සුභ රාත්‍රියක් ( All Right , Good Night ) " කියන වචන 2ක. ඒ වගේ ඉතාමත්ම හොද අවසන් පණිවිඩයක් ලැබුනු , මේ MH370 ගුවන් යානය එතනින් එහා කිසිදු සම්බන්දතාවයක් නැති විය. 
මධ්‍යම රාත්‍රි 12.11ට මේ ගුවන් යානය සමග සම්බන්දතාවය නැති වුනත් , සිට තව පැය 4ක් පමණ මෙම ගුවන් යානය , ඉන්දිය - පකිස්තාන දේශ සිමාව දෙසට ගුවනේ පියාසැරි බවට ගුවන්තොටුපල බලධාරින් විශ්වාස කරනවා. ඒත් , ඒම ප්‍රකාශනය 100%ක්ම ඇත්ත කියලම කියන්නත් බැ. මොකද ඒකට අදාල සාක්ෂි නැති නිසා.

ඒ වගේම 2014 මාර්තු 15 වන දින සොයා ගත් කරුණු අනුව , මෙම ගුවන් යානය සමග සම්බන්දතාවය නැති විමට , සැලකිය යුතු කාලයකට පෙරම , ගුවන් යානයේ සන්නිවේදන පද්ධතිය අක්‍රිය කර තිබේ. මේ බව 2014 මාර්තු 15 වන  දින මැලේසියානු අගමැතිතුමා ප්‍රකාශ කලේය.



දැනට , MH370 ගුවන් යානයේ සොරකම් කල පාස්පෝට් 2ක් භාවිතා කරමින් ගමන් කල මගීන් 2කු ගැනත් සොයා ගෙන තියේනවා. ඒ වගේම , එම පාස්පෝට් වල සැබැ අයිතිකරුවන් , මේ වනවිටත් සොයා ගෙන තිබෙනවා.

කොහම හරි , දැනට ,ඒ මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස් අතුරුදහන් විමට අදාලව ප්‍රධාන මතයන් 2ක් තියේනවා.

1 ) ගුවන් යානයේ කුමන හෝ දෝශයක් නිසා ඒය කොහේට හරි , කඩා වැටෙන්නට ඇතැයි සිතනවා.

2 ) සොරකම් කල පාස්පෝට් වලින් ගමන් කල මගින් 2නා , ගුවන් යානය පැහැර ගෙන ගොස් ඇතැයි කියලත් හිතනවා.

මේ මත 2න් , අපි නම් පිළිගන්නේ 1 මතයයි. මොකද , ගුවන් යානයක් පැහැර ගන්නව කියන්නේ ලේසි වැඩක් නෙමේ. ඒ නිසා , කවුරු හරි ගුවන් යානය පැහැර ගත්ත නම් 2014 මාර්තු 8 සිට දැන් වෙනකම්ම ඒ ගැන දැනුම් නොදි ඉන්නේ නැ. අනිවාරේන්ම , ඔවුන් ගුවන් යානයක් පැහැර ගෙන ගොස් ඇති බවත් , ඒය මුදා හැරිමට නම් තමන්ට මෙන්න මේ මේ දේවල් ඕන කියල කියනවා.
ඒත් , මේ වෙනකම්ම කාගේන්වත් කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් , කාටවත්ම ලැබිල නැ.
මේ ගුවන් යානය , වෙන රටකට අරන් ගියත් ඒ රටවල් වල කිසිම ආකාරයක රේඩාර් වලට අහු වෙන්නේ නැතුව ගියේ කොහමද ??

ඉතින් , ඒ අනුව හිතන්න වෙන්නේ , මේ ගුවන් යානය කිසියම් දෝශයක් නිසා කොහේට හරි කඩාගෙන වැටෙන්න ඇති කියලයි. ඒත් , ඒකටවත් කිසිම සාක්ෂි තවම ලැබි නැත.


* මෙහම දේයකුත් තියේනව , ඒ තමයි පැහැරගෙන ගිහින් , එකේ හිටපු මිනිසුන්ගේ අවයව ගන්න මොකක් හරි වැඩක් කරනවද දන්නේත් නැ. 
එහම නැත්නම් මොකක් හරි තහනම් පරික්ෂණයකට එහම , ඒ මිනුස්සු යොදා ගන්නවද දන්නේත් නැ. 
එහමත්ම නැත්නම් එකේ හිටපු මිනිසුන්ව මොකක් හරි වැඩක් කරගන්න බලහත්කාරේන් තියන් ඉන්නවද දන්නේත් නැ.

* ඒ වගේම යානයේ සිටි කිහිප දෙනෙකුගේ ජංගම දුරකතන නාද වෙනවා. ඉතින් , මේ ඔස්සේ වැඩිදුර පරික්ෂණ කර , යානය තිබේන ස්ථානය සොයා ගැනිමට තමයි සියලුම බලධාරින් උත්සහා කරන්නේ. ඒත් , මෙච්චර තාක්ෂණය දියුණු ලෝකයේ ජංගම දුරකතන නාද වෙන තැන් සොයා ගැනිමට , මේ තරම් කාලයක් ගත වෙන එක නම් , ගොඩාක්ම ලොකු ප්‍රශ්නයක්.

ඒ වගේම වියට්නාම් නාවික හමුදාව මගින් මහ මුහුද මැද සැතපුම් 12ක් දිග තෙල් පැල්ලමක් සොයා ගත්තා. එහෙත් , ඒම තෙල් , MH370 ගුවන් යානයේ නොවන බවට මැලේසියානු නිලධාරින් ප්‍රකාශ කරා.

යානයක් ගිනිගෙන අහසින් කඩන් වැටෙනව තෙල් කැණිම් අට්ටාලයක සේවකයේකු දැක තිබේනවා. 
ඒ වගේම , චීන චන්ද්‍රිකාවක් මගින් ගත් චන්ද්‍රිකා ඡායාරූපයක මුහුදේ පාවෙන කැබලි තුනක් පෙනිමට තියේනවා. ( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
* කොහම වුනත් , මේ උඩ කියල තියේන සිද්ධි වලට අදාලව , ඒ ප්‍රදේශ වලට ගිහින් කොච්චර හෙවුවත් කිසිදු දේයක් සොයා ගැනිමට හැකි වි නැ.


මේ පොස්ට් එක ලියන විටත් , මේ ගුවන් යානය ගැන කිසිම තොරතුරක් නැහැ. මේ ගුවන් යානයට මොනව වෙලා ඇත්ද කියල හිතා ගන්නවත් බැ.
මෙච්චර තාක්ෂණය දියුණු ලෝකයේ , මේ ගුවන් යානය හොයා ගන්න බැරි නම් තව වෙන මොන කතාද.

* කොහම හරි , මේ මැලේසියානු MH370 ගුවන් යානයේ ගිය 239මට , නැවත්ත තම තමන්ගේ දෙමාපියන් , නැදැයන් , හිතවතුන් , යාලුවන් හමුවිමට එන්න පුලුවන් වෙන්න කියලයි , අපි කියන්නේ.

* දැන් , ඔබටත් මේ මැලේසියානු MH370 ගුවන් යානය සෙවිමට දායක විමට හැක.  මෙහිදි , චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ දර්ශන ඔබට බැලිමට හැකි අතර මුහුදේ ඔබට බැලිය හැකි සියලුම පැති වල බලල , අමුතු දේයක් තිබුනෝත් , ඒ ගැන දැනුම් දෙන එක තමයි කරන්න තියේන්නේ. ඒ සදහා මෙතනින් යන්න. 

* ඒ වගේම , මොහතින් මොහත අලුත් වන මැලේසියානු MH370 ගුවන් යානයේ අලුත්ම ප්‍රවෘත්ති , තොරතුරු ලබා ගැනිමට මෙතනින් හා මෙතනින් හා මෙතනින් සහ මෙතනිනුත් යන්න.

* මෙවැනි අභිරහස් ලෙස අතුරුදහන් වු වෙනත් ගුවන් යානා ගැන දැන ගැනිමට මෙතනින් හා මෙතනින් යන්න.


අතුරුදහන් වු මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස ගැන ඔබ විසින් හිතන සියලුම දේවල් , අපිටත් , අනිත් අයටත් දැන ගන්න , මේ පහලින් Comment කරන්න.

මේ වගේ පොස්ට් එකකදි , අනිවාරේන්ම ඔබේ සියලුම අදහස් අවශ්‍යයයි.
ඒ නිසා , අනිවාරේන්ම ඔබට හිතේන දේ Comment එකකින් කියන්න.



මැලේසියානු MH370 ගුවන් යානයට අදාල පින්තුර.


 [ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුර මත ක්ලික් කරන්න. ]


ගුවන් යානය අතුරුදහන් වු චින මුහුදේ ගැඹුර.


මැලේසියානු MH370 ගුවන් යානයට අදාලව මැලේසියානු මාධ්‍ය හමුව.


මැලේසියානු MH370 ගුවන් යානයට අදාලව මැලේසියානු මාධ්‍ය හමුව.

මැලේසියානු MH370 ගුවන් යානයට අදාලව වියට්නාම් මාධය හමුව.

මැලේසියානු MH370 ගුවන් යානයේ ගිය මගීයේකුගේ හිතවතේක්. ( චිනයේ , බිජින් වල හෝටලයක. )

මැලේසියානු MH370 ගුවන් යානයේ ගිය මගීයේකුගේ හිතවතේක්. ( චිනයේ , බිජින් වල හෝටලයක. )

ගුවන් යානය සෙවිමට දායක වුන චින හමුදාව.

 ගුවන් යානය සෙවිමට දායක වුන වියට්නාම් හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන ඉන්දුනිසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන පිලිපින හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන ඇමරිකානු හමුදාව.

ගුවන් යානය සෙවිමට දායක වුන මැලේසියානු හමුදාව.






මේ පොස්ට් එක සැලකිය යුතු පිරිසක් බලලත් තියේනවා. ඒත් , තවම එක Comment එකක්වත් නැ.

අතුරුදහන් වු මැලේසියානු MH370 ගුවන් යානයේ අභිරහස ගැන ඔබ විසින් හිතන සියලුම දේවල් , අපිටත් , අනිත් අයටත් දැන ගන්න , මේ පහලින් Comment කරන්න.

මේ වගේ පොස්ට් එකකදි , අනිවාරේන්ම ඔබේ සියලුම අදහස් අවශ්‍යයයි.
ඒ නිසා , අනිවාරේන්ම ඔබට හිතේන දේ Comment එකකින් කියන්න.

Ref_banner 928x90

0 Comments:

Tweet Now !!