සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Virtual Private Network ( VPN ) ගැන සරලව සිංහලෙන්. [ What Is VPN And How To Use Free VPN. ]


සාමාන්‍ය අන්තර්ජාල භාවිතයකදී අප විසින් අපගේ සේවා සැපයුම්කරැ හරහා සෘජුව අදාල වෙබ් සේවාව වෙත සම්බන්ධ වුවත් VPN භාවිතයේදී අපගේ දත්ත පළමුව යොමුවන්නේ අප විසින් තෝරාගත් VPN Server එකක් වෙතයි. ඉන් අනතුරැව අපගේ අන්තර්ජාල භාවිතය සිදුවන්නේ ඒ හරහා අදාල VPN Server එක තුළින් අන්තර්ජාලයට පිවිසෙන ආකාරයටයි. ඒ හේතුව නිසායි එවන් අවස්ථාවක අපගේ රට ලෙසින් අදාල VPN සේවාව ලබාදෙන රට පෙන්වනු ලබන්නේ.

VPN සේවාව විශ්වාසය තැබියහැකි එකක් නම් මෙහිදී ගැටළුවක් මතුවන්නේ නැහැ. එවන් සේවාවන් සියල්ලක්ම යම්කිසි මුදලක් අය කරනවා මාසික පදනමක් මත. එයට හේතුව වන්නේ එම සේවාව පවත්වාගෙන යාමට ඔවුන්ට පිරිවැයක් දැරීමට සිදුවීමයි. එහෙත් අප විසින් සැළකිය යුත්තේ free VPN සේවාවක් කෙතරම් ආරක්ෂිතද යන්නයි. මෙම සේවාව නොමිලයේ ලබාදෙන්නේ කුමන පරමාර්ථයක් මතද යන්න සැළකිය යුතුයි. ඔවුන් වියදමක් දරමින් එම සේවාව නොමිලයේ ලබා දෙන්නේ කිසියම් පරමාර්ථයක් මතයි. බොහෝවිට  ඔවුන් අපගේ දත්ත එකතු කරනු ලබනවා. ඒ යම්කිසි අයුරකින් ලාභ ඉපයීම සදහා. 
එම දත්ත අතර අපගේ location data, username and passwords, video and audio data, browsing logs, conversation logs, credit card numbers ආදී බොහෝ දේ තිබිය හැකියි. මෙම දත්ත අප විසින් අන්තර්ජාලය හරහා හුවමාරැ කරන ඒවා සේම අපගේ පරිගණකයේ හෝ smartphone තුළ තිබෙන ඒවා විය හැකියි. මෙහිදී බොහෝ දෙනෙක්ගේ පිළිතුර වන්නේ අපේ දත්ත ඔවුන්ට මොකටද, අපේ දත්ත ඔවුන්ට වටිනවාද, අපි ජාවාරම් කරනවාද යන්නයි. එසේ සිතමින් හිත හදා ගැනීමක් සිදු කරනවා. එහෙත් අවදානම පවතින්නේ එතන නොවෙයි. ඔවුන්ට හැකියි අපගේ අනන්‍යතාවය භාවිතයෙන් යම්කිසි බරපතල නීතිවිරෝධී කාර්යයක් සිදුකිරීමට. ඔවුන් විසින් සිදුකරනු ලබන දෙය සදහා වගකීම සෘජුවම අප වෙත යොමු විය හැකියි.

දැන් කළයුත්තේ කුමක්ද ?

සන්සන්දනාත්මකව free VPN එකකට වඩා Tor browser ආරක්ෂිතයැයි සිතිය හැකියි. VPN එකක් භාවිතා කළ යුතු අවස්ථාවක premium VPN එකක් භාවිතා කළ හැකිනම් හොදයි. තාවකාලික අවස්ථාවක නම් එවන් වර්තමාන තත්වය වැනි අවස්ථාවකදී premium VPN සේවාවක trial period එකක් භාවිතය තරමක් ආරක්ෂාකාරී පියවරක්. VPN එකක් භාවිතයේදී හැකිතාක් ආරක්ෂාකාරී encrypted, HTTPS සේවාවන් භාවිතා කරන්න. පිටස්තර VPN සේවාවකදී online payments කිසිසේත්ම නොකිරීමයි ආරක්ෂිත. මෙසේ සිදු නොකරනවා නම්, ඔවුන් විසින් පවත්වාගෙන යනු ලබන VPN සේවාවේ වියදම මුදල් ලෙසින් නොවුණත් කුමන හෝ ලෙසකින් අපට ගෙවීමට සිදුවේවි.

මේ අතර X - VPN premium VPN සේවාවද දවස් 30ක කාලයක් ලංකාවට ලාබාදීමට එම ආයතනය කටයුතු කර ඇත...

                    

මා ඔබට පහතින් ලබා දෙන IP ඔබේ ජංගම දුරකතනයේ manual VPN එකක් විදිහට Setup කරගත හැකිවේ. පහත සඳහන් කරන IP සමහරක් දින 7ක් සඳහා වලංගු වන අතර, සමහරක් දින 30ක් සඳහා වලංගු වේ ඔබේ ජංගම දුරකථනයේ මාදිලිය අනුව සහ OS එක අනුව VPN setup format එක වෙනස් වේ. මෙහි එන IP සියල්ලම PPTP Protocol සඳහා වලංගු වේ.

Name : Cloud Service Texas
IP: 51.15.151.165
Username : pptp
Password : B5tHqFcCWf

Name : Florida US
IP : IP 69.60.121.29
Username : free
Password : 3680

Name : Illinois 
IP: 216.104.36.238
Username : free
Password : 1885

Name : Cloud UK
IP : 77.92.68.65
Username : free
Password : 9762


එහම නැත්නම් , කිසි කරදරයක් නැතුව Windows 10 වලදි , VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න. 
Windows 7 වලදි , VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න. 
Android ජංගම දුරකතනයේන් VPN භාවිතා කරන ආකාරය දැන ගන්න මෙතනින් යන්න.

රජය ඔබ හා තරුණ පිරිස බිය ගැන්වීමට ෆේස්බුක් පිටු කිපයක් හරහා VPN භාවිතා කරන අයට රු. 25,000 දඩයක් රු. 10,000 දඩයක් අය කරන බවට හොර ඡායාරූප සහිත බොරු කට කතා පතුරුවමින් සිටී. එවැනි දඩයක් හෝ නීතියක් රට තුල නැත. VPN භාවිතා කරන්නන්ට එරෙහිව CID එකට නීතිය ක්‍රියාත්මක කල නොහැක. මන්ද VPN භාවිතා කිරීම නීති විරෝදී ක්‍රියාවක් නොවන නිසාය. එම නිසා එවැනි කට කතාවලට හා ප්‍රෝඩා කරුවන්ට නොරැවටෙන ලෙසත්, ඒ පිලිබඳව අන් අය නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිමි. 
Facebook, Whatsapp, Viber රජයට block කිරීමට හැකිවුනත් ඒවාට සවන්දීමට හෝ ඒවාවල අන්ථර්ගතය නිරීක්ෂණය කිරීමට ලොකේ කිසිම රටක තාක්ෂණයක් නොමැත. WeChat භාවිතා නොකරන්න, මන්ද WeChat චීන රජයට අයිති එකක් නිසා එහි පණිවුවල අන්ථර්ගතය චීන රජය හරහා ශ්‍රීලංකා රජයට ලබා ගත හැක. 

කෙසේ නමුත් රජය මේවන විට Turbo VPN වැනි ප්‍රසිද්ධ VPN සේවා block කරමින් සිටී. මේ නිසා ඉදිරියෙ දී අනෙකුත් VPN සේවා ද block විය හැක. මේ නිසා Android play store වල ඇති Orbot යන VPN ඇප් එකත් ( IOS වල එය Onion Browser ලෙස හැදින්වේ. ) හැකිනම් Signal Private Messenger යන අධි ආරක්ෂිත ඇප් එකත් භාවිතා කිරීමට පුරුදු වන්න. මන්ද Orbot තුල තිබෙනා Bridges හා domain fronting යන තාක්ෂණය භාවිතා කල හැකි නිසා ඒය චීනය වැනි රටවල අධිතාක්ෂණික VPN block කිරීමේ ක්‍රමවලට ද block කර නොහැකිය.....

8 comments:

  1. Tor නම් පට්ට ස්ලෝව්.

    ReplyDelete
    Replies
    1. Tor Eka Ehema wenne Server Ekekin Thawa Ekakata Maruwenawa Oya Mokak Hari Web Ekakata Yanawanam Vpn Wage Neweyi Servers deka thunakin gihin thamayi web page ekata yanne

      Delete
  2. අයියේ පරිගණක තාක්ෂණය පාඩම් මාලාව දිගටම ගේන්නේ නැද්ද? ඒක ගොඩක් වටිනවා ඒක දිගටම කරමුකො........

    ReplyDelete
  3. windows 10 enterprice version eke prashed key aka neee

    ReplyDelete
  4. windows 10 enterprice version eke prashed key aka neee

    ReplyDelete
  5. Delivering the digital experience anywhere on any device requires re-architecting your application delivery infrastructure, as well as adopting innovative SaaS applications for the workforce.

    Know More: https://inknowtech.com/?service=vdi-and-workplace-solutions

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

Tweet Now !!