සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Friend Request ඔක්කොම එක පාරින් Confirm කරමු [ Confirm All Friend Request at Once ]

අද නම් ගෙනාපු පොස්ටුව තනිකරම Facebook සම්බන්ද පොස්ට් එකක්.. මාතෘකාවෙන් ම තේරෙන්න ඇතිනේ.. මේක නම් ගොඩක් ම වැදගත් වෙන්නේ , Facebook ඉන්න කෙල්ලොන්ට.. මොකද ඉතින් , friend request බර ගානක් එන්නේ කෙල්ලොන්ටනේ!! ඉතින් මට හිතෙනවා , මේ පොස්ට් එක වැඩිපුරම කෙල්ලෝ කියවාවි කියලා... ඒ නිසා , මම එයාලටත් එක්ක තේරෙන විදියට , උපරිම සරලව මේක කියා දෙන්නම්කො.. මට නම් ඉතින් දවසට request 2ක් වගේ එනවා...එච්චරයි !! කෙල්ලොන්ට එහෙම නෙවෙයිනේ , එක දවසට 50ක් 100ක් විතර request එනවනේ !! ඉතින් එයාලට මේ request ඔක්කොම , එකින් එක confirm කරන්න ගියොත් පැය ගානක් යනවනේ!!  ඒ නිසා එකට විසදුමක් වශයෙන් මගේ ලග පොඩි ක්‍රමයක් තියෙනවා.. මේ ක්‍රමෙන් , friend request 500ක් 1000ක් වුනත් , තත්පර ගානකින් confirm කරන්න පුළුවන්...



හරි දැන් අපි එහෙනම් බලමුකෝ , මේ වැඩේ කරන්නේ කොහොමද කියලා... මෙහෙමයි , මේ වැඩේට Google Chrome කියන Internet Browser එක ඕන වෙනවා... වෙන browser වලින් නම් මම try කරලා බැලුවේ නෑ..

ඔන්න එහෙනම් අපි පියවරෙන් පියවර වැඩේට බහිමුකො... මුලින් ම ඔයාලගේ Facebook account එකට log වෙන්නකෝ.. දැන් Settings වලට යන්න...

ඔතනින් , වම පැත්තේ තියෙන Security කියන එක click කරන්න. දැන් දකුණු පැත්තට වෙන්න උඩම ඇති Secure Browsing Enable කියලා එකක්. ඒක click කරලා , එතන තියෙන tick එක ( හරි ලකුණ ) අයින් කරලා Save කරන්න...



හරි ... දැන් ඔයාලගේ Facebook ගිණුමට log වෙලා , මම මේ දෙන Link එකට යන්නකෝ ( තත්පර 5කට පසු, දකුණුපස ඉහළ කෙළවරේ Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

ඕකට ගියාම , ඔය page එක මැද හරියේ , පොඩි කොටුවක් තියෙනවා.. අන්න ඒකට tick එකක් ( හරි ලකුණක් ) දාන්න. ඔයා කලින් ම tick එකක් දාල නම් , මේ පියවර අත්හරින්න. ඔන්න දැන් තමයි අපි වැඩේට බහින්නේ.. !!

දැන් එහෙනම් හොද ළමයි වගේ , මෙන්න මේ link එකටත් යන්නකෝ ( තත්පර 5කට පසු Skip Ad යන්න Click කරන්න )  »»» Click Here

ඔය link එකට ගියාම , ඔයාලට පෙනේවි , ඔයාලට ආපු friend request ටික... ඊළගට , ඔයාල ඔය friend request ටික පෙන්නන  page එකේ පහලට ම යන්න. එතකොට ඔයාලට පෙනේවි Show more කියලා වචනයක්. ( friend request පොඩ්ඩක් නම් ඇවිත් තියෙන්නේ , Show more කියලා වචනයක් නැතුව ඇති ) අන්න ඒ Show more වචනේ click කරන්න.

මේ විදියට page එකේ පහලටම ගිහින්, Show more කියන වචනේ නැති වෙනකම්, ඒ කිව්වේ ඔයාලට ආපු request ඔක්කොම ඔතන පෙන්නනකම් , ඔය වචන click කර කර page එකේ පහලට ම යන්න. request ඔක්කොම ඔතන පෙන්නනවා නම්, තවදුරටත් Show more වචනේ ඔතන නෑ...
දැන් එහෙනම් , ඔයාලගේ keyboard එකේ තියෙන F12 button එක press කරන්නකෝ.. දැන් ඔයාලට පෙනේවි යටින් පොඩි window එක එනවා.. ඕකේ Console කියන tab එක click කරන්නකෝ...

දැන් මම මේ පහලින් දීලා තියෙන code එක සම්පූර්ණයෙන් ම copy කරගන්න...



දැන් අර Console කියන tab එකේ , මේ code එක paste කරන්න.. මේ code එක paste කිරීමට , keyboard එකේ තියෙන Ctrl + v භාවිතා කරන්න...



දැන් keyboard එකේ තියෙන Enter button එක press කරන්න... දැන් ඉතින් පොඩි වෙලාවක් ඉවසගෙන ඉන්නකෝ... ඔයාලට පෙනේවි , request ඔක්කොම එකින් එක Confirm වෙන විදිය.. ඉක්මනට ම ඔයාගේ friend request ඔක්කොම confirm වේවි ඉබේටම.... ඔක්කොම confirm වෙලා ඉවර උනාම , ඔයාලගේ page එක සමහරවිට refresh වේවි.. refresh නොවුනත් , request ඔක්කොම confirm වුනාම ඔයාලට පේනවනේ. එතකොට ඔය tab එක close කරලා දාන්න.

ඔන්න එහෙනම් වැඩේ ඉවරයි !! පොඩි දෙයක් කරන්න තියෙන්නේ...
ඕං එහෙනම් මම ගියා... මේ වගේ තව Trick එකක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... !!



Ref_banner 928x90

6 Comments:

මුලු සම්පුර්ණ Camelot TV Series එකම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Full Complete - Camelot TV Series. ]


හරි , අද මම කියන්නේ Camelot TV Series කියන පට්ටම සුපිරි TV Series එකක් ගැනයි.
ඔය කට්ටිය හැමෝම හොදටම දන්නවනේ Merlin TV Series එක.
මේ Camelot TV Series එකත් හදල තියේන්නේ Merlin TV Series එකේ කියේවෙන කතා පුවතව අනුවමයි.

ඒනම් , Merlin හා මෙම Camelot 2ටම මුලික වි තිබෙන්නේ එංගලන්තයේ රජ කල ආතර් රජු හා එතුමාගේ හොදම යාලුවෙකු වන මර්ලින් වටා වේ. ( ඔබ තවමත් Merlin TV Series එක බැලුවේ නැද්ද ?? නැත්නම් , අයේත් බලන්න කැමතිද ?? එහනම් මෙතනින් ගිහින් බලන්න. )
ඒ වගේම තවත් ගොඩාක් පුද්ගලයන් වටා , මේ කතා මාලා 2ම ගෙති තිබෙනවා.

හරි , දැන් අපි අයේත් බලමු , මේ Camelot TV Series එක ගැන.

මේ Camelot TV Series එක මුලින්ම පෙන්වන්න පටන් ගත්තේ 2011 වර්ෂයේදියි.
ඒ වගේම , මේ Camelot TV Series එකේ විශේෂත්වය වෙන්නේ , දැනට මේක Season 1 එකකට හා කොටස් 10කට පමණක් සිමා විමයි.
ඒ නිසා , ඩවුන්ලෝඩ් කරන අයට , මේකේ Gb ගණන ගැන කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න දෙයක් නැ.

මේ Camelot TV Series එක IMDb එකේ 6.6 වගේ විශාල අගයක් ලබා ගත්තා කියනකොටම , මේක පට්ට් සුපිරි TV Seriesඑකක් කියලා තේරේනවා ඇතිනේ. 

මේ තියේන්නේ Camelot TV Series එකේ Official Web සයිට් එක.

කැමති ඕනම කෙනෙක්ට මුලු සම්පුර්ණ Camelot TV Series එකම බලන්න නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්නත් පුලුවන් , එහෙම නැත්නම් , තමන් විශේෂයේන් කැමති කොටසක්  හෝ කොටස් කිපයක් විතරක් හරි තියේනවා නම් , ඒවා , විතරක් හරි නොමිලේ ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන්.

( තමන් ඩවුන්ලෝඩ් කර ගන්න දේවල් ඉදිරියේන් , පොඩි කොටුවක තියේන Tic එකට පිටුපසින් , කුඩා + ලකුණක් තිබේ. මෙම කුඩා + ලකුණ ක්ලික් කිරිම මගින් , එම Season වලට අදාල කොටස් ටික දැක ගත හැක. මේවාට ද ඉදිරියේන් Tic එකක් ඇති අතර තමන්ට ඩවුන්ලෝඩ් කර ගැනිමට අවශ්‍ය නැති කොටස් ඉදිරියේන් , එම තියේන Tic එක අයින් කරන්න. )

( කොටසක් හෝ කොටස් කිපයක්  හරි ඩවුන්ලෝඩ් වුනත් , පෙන්වන්නේ ඒ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක , ඒ වගේ මුලු සම්පුර්ණ TV Series එකේම ෆයිල් Size එක පෙන්නුවට ඩවුන්ලෝඩ් වෙන්නේ , Tic එක දමා තිබු කොටස හෝ කොටස් කිපය විතරයි. ඒ නිසා පොඩ්ඩක්වත් බය වෙන්න එපා මුලු සම්පුර්ණ Camelot TV Series එකම ඩවුන්ලෝඩ් වෙනව කියලා. )


If You Want To Download Camelot TV Series Full Complete TV Series , You Can Do It. But , If You Want To Download One Episode Or Some Episodes , You Can Do It Too. ( If You Want To Download One Episode Or Some Episodes , Please , Remove ' Tic ' Which You Don't Want Or Episodes. Your Torrent Download Manager Will See You Full Complete TV Series Size , But , Don't Worry , If You Remove ' Tic ' From Some Seasons Or Episodes , They Will Not Download. )

හොදයි , කැමති ඕනම කෙනෙක් Camelot TV Series එකේ නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , පහල තියේන ලින්ක්  ක්ලික් කරන්න. ( කොටසක් හෝ කොටස් කිපයක් පමණක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න , මේ උඩ තියෙන විදියට කරන්න. )

ඔබට පහත ලින්ක් එක ක්ලික් කිරිම මගින් මෙම Camelot TV Series ටොරන්ට් ෆයිල් ( Torrent File ) එක ඩවුන්ලෝඩ් කරගත හැක.
This Is A Torrent File Of Camelot TV Series.
Camelot TV Series Size - )


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.


* ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන විදිය , තේරේන්නේ නැත්නම්,
මේ පහල තියේන ලින්ක් එක ක්ලික් කරන්න.
* If You Don't Understand How To Download Files By Using Torrent , Please , Click This Below Link.
' How To Download Torrent '

මේ පහලින් තියේන්නේ Camelot TV Series එකේ Official Trailer එක.




1 Comments:

නොමිලේ දුරකතන ඇමතුම් , පණිවිඩ , පින්තුර හා තමන් සිටින ස්ථාන ඇතුලුව තවත් බොහෝ දේ යාලුවන් සමග බෙදා ගැනිමට හැකි , පට්ටම සුපිරිම මෘදුකාංගය - Viber. [ Free Calls , Free Text Messages , Photos And Location Sharing Software - Viber. ]


කොහොමද යාලුවනේ මම Seven Net Web වලට අලුතින් අපු Blogger කෙනෙක්. 
මම හසන්ත අද මම කියන්න යන්නේ වයිබර් ගැන.වයිබර් එක ගැන ආයෙත් කියන්න දෙයක් නැ ඕනෙතරම් මොබයිල් ෆෝන් එකෙන් යාලුවොත් එක්ක Chat කරන්න තියෙන හොදම මෘදුකාංගයක්.

අපි අද ඔයාලට දෙන්නේ මෙම සොෆ්ට්වෙයා එක පරිගණකයට දාගන්න සෙටප් ෆයිල් එක සහ මොබයිල් ෆෝන් එකට දාගන්න App එක .
පරිගණකයට දෙන්නේ නිකන්ම සෙටප් ෆයිල් එක නෙවෙයි Offline සෙටප් ෆයිල් එක.
ඒ කිව්වේ මේක  ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ  ඉන්ටර්නෙට් සබදතාවයක් නොමැතිව ඉන්ස්ට්‍රෝල් කරගන්න පුළුවන් !
ඔය කොරියාවේ , කුවේට් වගේ ඉන්න අයට වගේම ඕනෙම රටක ඉන්න කෙනෙක්ට අන්තර්ජාල සබදතාවයක් තියෙනවා නම් නොමිලේම
කතා කරන්න ,වීඩියෝ සංවාද , මැසේජ් කරන්න වගේ ඕනෙම දෙකට මේ මෘදුකාංගය බාවිතා කරන්න පුළුවන් ,

විශේෂත්වය තමයි මොබයිල් ෆෝන් එකෙන් පරිගණකයටත්,පරිගණකයෙන් ෆෝන් එකටත් මේ සන්නිවේදනය යොදා ගන්න පුළුවන් .

* Windows මෙහයුම් පද්ධතිය ගැලපෙන Setup එක , මේ පහල ලින්ක් එක ක්ලික් කරල ඩවුන්ලෝඩ් කරගන්න.


* ජංගම දුරකථන සදහා පහතින් අදාළ වර්ගය තෝරා ඩවුන්ලෝඩ් කරගන්න.






වයිබර් ගැන දන්නේ නැති අය පහත විඩියෝව බලන්නකෝ.


කැමති නම් , මේ පොස්ට් එක Comment එකක් දා ගෙනම යන්න.

අපේ Post වලට Subscribe කරන්න.

14 Comments:

Comment වලට Reply කරන්න පුළුවන් විදියේ Status දාමු... [ How To Enable Comment Reply Option In Your Facebook Profile ]

මෙන්න අලුත් අවුරුද්දේ , විශ්වගේ පළමු පොස්ටුව !!දැන් නම් ඉතින් අලුත් අවුරුද්ද පහුවෙලත් ඉවරයිනේ.. ඒත් ඉතින් මට පොස්ටුවක් දාන්න ඉඩකඩ ලැබුනේ අද.. මොකද ඉතිං කලින් වාර විභාගේ ලකුණු එහෙමත් මේ අවුරුද්ද පටන්ගත්ත ගමන් ම දුන්න නිසා , මට ගෙදරින් පොඩි පොඩි නීති ටිකක් වැටුනනේ :( ඒ නීති ළිහිල් වෙනකල් මට පොස්ටුවක් වත් දාන්න ලැබුනේ නෑ ඕං.. ඒ වගේම තමයි අද වැලන්ටයින්ලුනේ.. මට මොන වැලන්ටයින් ද ඉතිංමම මේ අවුරුද්දේ මගේ පළමු පොස්ටුව විදියට fb එක ගැන මට කියන්න හිතුනා.. ඒකයි මේ පොස්ටුව දාන්නේ



දැන් ඉතින් බයිලා ගහන එක නවත්වලා පොස්ටුව කියවමුකො.. !! මෙන්න මේකයි කාරණේ... fb ඉන්න හැම කෙනාම දන්නවනේ තමන්ට කැමති විදියට status දාන්නපුළුවන් කියලා. ඒ වගේම ඔයාලා හැමකෙනෙක්ම status දාල ඇතිනේ !! අපි මේ විදියට දාන status වලට කස්ටිය comment කරනකොට එයාලගේ comment
එක , අපේ status එකට යටින් වැටෙනවා. ඔයාල සමහරවිට දැකලා ඇති , සමහර fb page වල මොකක් හරි post එකකට අපි comment එකක් දැම්ම ම , ඒ comment එකටයටින් LIKE , REPLY කියන වචන 2 තියෙනවා. ඒත් අපි අපේ profile එකෙන් මොකක් හරි status එකක් දාලා , කව්රු හරි ඒකට comment කලොත් , ඒ comment එකට යටින් LIKE කියන වචනේ විතරයි තියෙන්නේ. REPLY කියන වචනේ නෑ.. එකෙන් කියවෙන්නේ , ඒ comment එකට REPLY කරන්න බෑ කියන එකයි. මම මේ දැන් කියපු දේ තව ටිකක් හොදට තේරුම් ගන්න ඕන නම්
මෙතන CLICK කරන්න.  


මේ link එකට ගියාම ඔයාලට පෙනේවි , මම REPLY කරන්න පුළුවන් විදියට දාපු status එකක්. ( ඉහත පින්තුරයෙන්ද , ඔබට එය වටහා ගත හැක ) ඉතින් අද මම මේ කියන්න යන්නේ , මේ විදියට REPLY කරන්න පුළුවන් status දාන විදියයි.. මේ ක්‍රමේට ඔයාලට පුළුවන් , ඔයාල fb එකේ දාන ඕනෑම status එකකට REPLY කියන වචනේ add කරගන්න...

හැම ලාභ බඩුවකම හිලක් තියෙනව කියනවා වගේ , මේකෙත් පොඩි අවුලක් තියෙනවා.. :D ඒ තමයි , මේ වැඩේ කරන්න පුළුවන් Google Chrome browser එකේ පරණ version වලින් විතරයි.. ඔයාලා ලග තියෙන්නේ අලුත් ම version එක නම් , මෙතනින් Google Chrome 28 version එක download කරගෙන install කරගන්න. ඔයාල ලග තියෙන්නේ 28 version එකටත් වඩා පරණ එකක් නම් අවුලක් වෙන්නේ නෑ... ඒ අය මේ 28 version එක download කරගන්න ඕන නෑ... ( 32.13 MB )


මම එහෙනම් දැන්, මේ [REPLY] කියන වචනේ add කරගන්න විදිය කියන්නම් !! මේකට ක්‍රම 2ක් තියෙනවා... මම මුලින් ම එකක් ගැන කියන්නම්, ඊළගට අනිත් එක ගැන...

මෙහෙමයි , ඔයාලගේ පරණ Google Chrome version එක open කරගෙන, fb log in වෙලා, fb එකට අදාළ හැම tab එකක්ම close කරලා මේ link එකට යන්නකෝ... »»» https://touch.facebook.com/
හරි දැන් , දැන් ඔය link එකට ගියාට පස්සේ , ඔය කැමති තැනක Right Click කරලා Inspect Element කියන එක click කරන්න.. දැන් browser එකේ යටින් මේ පහල පින්තූරේ විදියට එකක් ඒවි..



ඊළගට , ඔය යටම දකුණු පැත්තේ කොනේම තියෙන Settings Icon එක click කරන්න.



දැන් Settings window එක open වේවි. ඔතන Overrides කියන එක click කරලා , දකුණු පැත්තේ තියෙන Override Geolocation කියන එකට tick එකක් දාන්න. දැන්
Lat = -41.289996 
Lon = 174.781555 කියන ඒවා ටික ඔතන type කරන්නකෝ..



දැන් ඔය Settings window එක close කරන්න... අනිත් window එක close කරන්න එපා... දැන් ඔය tab එක ඔහොමම තියාගෙන, අලුතින් tab එකක් open කරලා https://www.facebook.com/ කියන Facebook Welcome Page එකට යන්න..දැන් ඔයාල කැමති status එකක් දාන්න.. පොඩි comment එකකුත් දාලම බලන්න , ලස්සනට REPLY කියන වචනේ comment එකේ යටින් add වෙලා ඇති :D

ඕක එක ක්‍රමයක් !! තව ක්‍රමයක් තියෙනවා.. මම දැන් කියන්න අන්න ඒක...
මේකට පොඩි extension එකක් තියෙනවා.. ඔයාලා මුලින් ම මේ extension එක ඔයාලගේ Chrome පරණ version එකට add කරගන්න...
දැන් ඔයාලාගේ facebook ගිණුමට log වෙලා , facebook සම්බන්ද හැම tab එකක්ම close කරන්න. ඒ කිව්වේ, දැන් ඔයාල fb log වෙලා හිටියට , fb එක ගැන කිසිම tab එකක් දැන් open කරලා නෑ... ඔන්න දැන් මේ link එකට යන්න »»» https://touch.facebook.com/ දැන් ඔය link එකට ගියාට පස්සේ , ඔය කැමති තැනක Right Click කරලා Inspect Element කියන එක click කරන්න.. ඊළගට , ඔය යටම දකුණු පැත්තේ කොනේම තියෙන Settings Icon එක click කරන්න.

දැන් Settings window එක open වේවි. ඔතන Overrides කියන එක click කරලා , දකුණු පැත්තේ තියෙන Override Geolocation කියන එකට tick එකක් දාන්න. දැන් ඔය Settings window එක close කරන්න... අනිත් window එක close කරන්න එපා...



දැන් අර ඔයාලා add කරගත්ත extension එක click කරන්න.. ඒක ඔයාලගේ browser එකේ උඩම ඇති.. ඒක click කරලා , Enable කියන එක උඩ click කරලා Enable කරන්න. Enable වුනාම , එතන Disable කියලා පෙන්නනවා. ඊළගට යට තියෙන search box එකේ New Zealand කියලා type කරලා search කරන්න. එතකොට ඔයාල ඉන්න තැන New Zealand කියලා , ඔය map එකේ පෙන්නාවි..




දැන්  අලුත් tab එකක් open කරලා , https://www.facebook.com/ කියන Facebook Welcome Page එකට යන්න.. දැන් ඔයාල කැමති status එකක් දාන්න.. පොඩි comment එකකුත් දාලම බලන්න , ලස්සනට REPLY කියන වචනේ comment එකේ යටින් add වෙලා ඇති ඔන්න එහෙනම් මේ වැඩේ කරන ක්‍රම 2ම කියලා දුන්නා !!!

දැන් ඉතින් ඔයාලට ඇති තරම් reply කරන්න පුළුවන් status දාන්න පුළුවන්. ඔයාල මේ විදියට එක සැරේට status 2ක් 3ක් දානවා නම් , අර touch.facebook.com කියන tab එකේ යට තියෙන window එක close නොකර status දාන්න.. ඒක close කලාට පස්සේ දාන status වල reply නෑ...

ඔන්න තවත් Facebook Trick එකක් මේ විදියට මතු සම්බන්ධ වෙනවා... තව මේ වගේ වැඩ කෑල්ලක් අරගෙන මම ආයෙත් එන්නම්කෝ... කස්ටියටම සුභ දවසක් !!




Ref_banner 928x90

2 Comments:

අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය - Cylon Linux !! [ Free Direct Download Cylon Linux - First Computer OS In Sri Lanka. ]


අද 2014 පෙබරවරි මස 04 වන දිනයි. අදට , අපේ වට නිදහස ලැබිලා අවුරුදු 66 ක් වෙනවා.
අද , අපේ නිදහස් උත්සවය කැගල්ල නගරයේදි අති උත්කර්ශවත් ලෙස පැවතු වුනා. ඒ ගැන අපි ශ්‍රී ලාංකියන් විධියට සතුටු විය යුතුයි.

අනිවාරේන්ම , මතක තියා ගන්න අපි ශ්‍රී ලාංකිය සිංහන් !!

ඉතින් , අද වගේ දවසක , අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් නිර්මාණය කරපු ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබව දැනුවත් කරන එක හොදයි කියල හිතුනා.

ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය හදුන්වන්නේ Cylon Linux යන නමින් වේ.
මෙම Cylon Linux මෙහයුම් පද්ධතිය සැදිමට මුලික කරගෙන තිබේන්නේ , Open Source එකක් වන Linux එකයි.

මේ Cylon Linux මෙහයුම් පද්ධතිය නිර්මාණය කර තිබේන්නේ තරුණයන් 15 දෙනෙකු එකතු වෙලයි.
ඒ 15 දෙනා ගැන දැන ගන්න ඕන නම් , මෙතනින් ගිහින් බලන්න.

* මේ වගේ Linux භාවිතා කරල හදන පරිගණක මෙහයුම් පද්ධති , Windows OS වලට සාපේක්ශව Virus වලට ගොදුරු විමේ අවදානම බෙහෙවින් අඩුයි.
මේ Cylon Linux එකත් , Linux භවිතා කරලම හදල තියේන නිසා , Cylon Linux මෙහයුම් පද්ධතිය Virus වලට ගොදුරු විමේ අවධානමක් නැ.

* ඒ වගේම , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය හදල තියේන්නේ 1.7GHz Intel Atom processor එකක් යටතේ නිසා , ඕනැම පරිගණකයක , මේ Cylon Linux මෙහයුම් පද්ධතිය Install කර ගෙන අති සාර්ථකව වැඩ කරන්න පුලුවන්.

Cylon Linux වල තියේන වාසි හා තව තවත් දේවල් දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් එකේන් Cylon Linux මෙහයුම් පද්ධතියේ Official Site එකට යන්න.

මේ පහල තියේන්නේ Cylon Linux එකේ Facebook Page ලින්ක් එකයි.

* මේකේ 64 Bit කියල එකක් නැ.
කෙළින්ම තියේන්නේ එක 32 Bit එකක් විතරයි.

* මේ Cylon Linux ඔබේ පරිගණකයේ Install කර , ඉතාමත්ම හොදින් වැඩ කිරිමට තිබිය යුතු අවම සුදුකම්.


Processor                 : 1.7 GHz
R. A. Memory          : 1GB
V.G.A. Memory       : Doesn't matter how much you got, but will be awesome if it supports 3D acceleration.


* මේ පහල ලින්ක් එක ක්ලික් කරල , අපේ ශ්‍රී ලාංකිය Cylon Linux මෙහයුම් පද්ධතිය නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.




Cylon Linux වල Screenshots කිපයක්.








Cylon Linux එකට අදාල Videos කිපයක්.




මේ පහල Video එකේ තියේන්නේ Cylon Linux ගැන අදහස් ප්‍රකාශ කරන විදේශිකයේක්.
මේකේන් තේරේන්නේ , අපේ මේ Cylon Linux OS එක විදේශිකයන් පවා භාවිතා කරන බවයි.


මේ , අපේම ශ්‍රී ලාංකිය තරුණයන් පිරිසක් විසින් හදපු , ශ්‍රී ලංකාවේ පළමු පරිගණක මෙහයුම් පද්ධතිය වන Cylon Linux ගැන ඔබට හිතේන දේ , අනිවාරේන්ම Comment එකකින් කියන්න. :D

Ref_banner 928x90

10 Comments:

2013 වසරේ නිකුත් වු හොදම Android Games 10 ගැන දැන ගෙනම , ඒවා නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Best Android Games In 2013. ]

අද වන විට ලෝකයේ ගොඩක් දෙනෙක් ස්මාට් ෆෝන්ස් භාවිතයට පුරුදු වෙලා තියේනවා. මොකද ඒ ස්මාට් ෆෝන්ස් වල තියේන මෙහයුම් පද්ධතිය හා වෙනත් හේතු නිසා. ඉතින් ඒ ඇන්ඩ්‍රොයිඩ් , වින්ඩෝස් , ඇපල් කියන්නේ ඒ වගේ ස්මාට් ෆෝන්ස් වල මෙහයුම් පද්ධති කිපයක්.

ඒ නිසා , අපි හිතුවා 2013 අවුරුද්දේ පට්ටම සුපිරි Android Games 10ක් ගැන ඔයාලට කියන්න ඕන කියල.


ඉතින් , ඒ අනුව තමයි මේ පොස්ට් එක දැම්මේ.

මේක ඕනැම ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් හෝ ටැබ් එකකින් හෝ ඕනැම පරිගණකයකින් ඩවුන්ලෝඩ් කරගත හැක.

මෙය ඕනැම ඇන්ඩ්‍රොයිඩ් උපාන්ගයක් සමග වැඩ කරයි.

* ඔබට ඩවුන්ලෝඩ් කර ගැනිමට ඕන , එක Android Game ලග තියේන Play Store කියන එක ක්ලික් කරල , ඒම Android Game එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න.


මේක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ , ඔබේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරල , සුපිරියට සෙල්ලම් කරන්න.



මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.


1. ) Fast & Furious 6 The Game.
#. Play Store Link. ( 33.45 MB )




2. ) GT Racing 2 The Real Car Exp.
#. Play Store Link. ( 19.11 MB )



3. ) EA FIFA 2014.
#. Play Store Link. ( 13.43 MB )




4. ) Monsters University.
#. Play Store Link. ( 49.18 MB )



5. ) Airport 3D Airplane Parking.
#. Play Store Link. ( 44.38 MB )



6. ) Heroes of Dragon Age.
#. Play Store Link. ( 38.14 MB )



7. ) Drag Racing.
#. Play Store Link. ( 24.66 MB )



8. ) CSR Racing.
#. Play Store Link. ( 44.53 MB )



9. ) Real Racing 3.
#. Play Store Link. ( 12.2 MB )



10. ) Sniper Shooting Free.
#. Play Store Link. ( 1.67 MB )



ඒ වගේම , මේ දවස් වල අපේ පොස්ට් වලට Comments ලැබේනවා පට්ට අඩුයි. මේ වගේ Comments අඩු වුනාම පට්ටම දුකයි. අනේ මන්දා , ඉතින් මොනව කරන්නද..


ඒ නිසා ඔයාලවත් , මේ පොස්ට් එකේන් වැඩක් ගත්ත නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දාන්න.







4 Comments:

Tweet Now !!