සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ජීවිත කාලයටම Activate කරපු අලුත්ම Internet Download Manager එක සමග සුපිරිම Download Speed එකක් ලබාදෙන IDM Optimizer එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Download Full Activated Internet Download Manager With High Speed IDM Optimizer. ]

This post was Updated 18 December 2013 by V-shwa PraBhaThiya

හලෝ.... යාලුවනේ.... කොහොමද ඉතිං? මේ දවස් ටිකේ මම free නිසා, අපේ blog එකට post ටිකක් දාන්න හිතුනා....එහෙනම් වැඩේ පටන් ගමුකො...ඔන්න මම අද ඔයාලට දෙන්නේ  වැදගත් Soft එකක් ... නම දැක්කම දන්නවා ඇතිනේ !! ( ඔබට දැනගැනීමට අවශ්‍ය , fake serial error message එකෙන් වැළකෙන ආකාරය නම් , කරුණාකර මෙම පොස්ටුවේ යට ම බලන්න )


ඒ තමයි Internet Download Manager කියන Download Manager එක. දැනට මේකේ ගොඩක් version නිකුත් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් IDM එකෙන් සති 3 කට සැරයක් වගේ අලුත් build version එකක් නිකුත් කරනවා. ඉතිං , අපේ යාලුවන්ට IDM අලුත්ම version එක දෙන්න ඕන නිසා,  මම කල්පනා කරලා ඕනෑම IDM version එකකට හරි යන විදියේ patch file එකක් හොයාගත්තා. මේකෙන් ඔයාලට ඕනෑම IDM version එකක් සදාකාලිකව ම activate කරගන්න පුළුවන්.

මේක ගැන නොදන්නා අයටත් එක්කම, මම IDM එක ගැන පොඩි හැදින්වීමක් කරන්නම්... ඔයාලට ඕනකරන ඕන දෙයක් හිතේ හැටියට Download කරගන්න මේකෙන් පුළුවන්........ මම හිතන විදියට දැනට තියෙන වේගවත්ම download manager එක මේ Internet Download Manager එක කිව්වොත් නිවැරදියි. ඒ වගේම මම අද ඔයාලට IDM එකත් එක්ක IDM Optimizer එකත් දෙනවා. IDM Optimizer කිව්වේ, මේකෙන් පුළුවන් ඔයාලගේ IDM Speed එක තව තවත් වැඩි කරගන්න.

3GP / 7Z  / AAC / ACE / AIF / ARJ / ASF / AVI / BIN / BZ2 / EXE / GZ
GZIP / IMG / ISO / LZH / M4A / M4V / MKV / MOV / MP3 / MP4 / MPA
MPE / MPEG / MPG / MSI / MSU / OGG / OGV / PDF / PLJ / PPS / PPT
QT / R0* / R1* / RA / RAR / RM / RMVB / SEA / SIT / SITX / TAR
TIF / TIFF / WAV / WMA / WMV / ZIP

ඔන්න ඔය දාලා තියෙන Format ඔක්කොටම IDM එක Support කරනවා. ඒ කිව්වේ, ඔතන තියෙන ඕනෑම format එකකින් තියෙන ඕනෑම file එකක් download කරගන්න ඔයාලට පුළුවන්. දැන් ඔයාලට තේරෙනවනේ,මේක සුපිරි බාන්ඩයක් කියල..... හැබැයි පොඩි අව්ලක් තියෙනවා. ඒ තමයි, මේකේ තියෙන හොදකමටම මේක Free දෙන්නේ නෑ. අපි ඉතිං සල්ලි දීලා තමයි මේක ගන්න ඕන. හැබැයි, එකට තමයි ඔය Crack, patch කියන ඒවා තියෙන්නේ. ඉතිං මම අද ඔයාලට මේ IDM එක  patch එකත් එක්ක දෙනවා. 

හරි දැන් අපි බලමු, IDM එක install කරගන්නේ කොහොමද කියලා සහ IDM Optimizer එක දාගන්නේ කොහොමද කියලා...මෙහෙමයි....

01 ) මුලින්ම අපි Internet Download Manager එක Download කරගන්න , මේ පහල ලින්ක් එක ක්ලික් කරන්න.

#. Free Download Internet Download Manager.


02 ) දැන්, අපි download කරගත්ත IDM setup එක install කරගන්න ඕන. සාමන්‍යය setup එකක් install 
කරන ආකාරයටම ඕකත් install කරන්න. ඔන්න දැන් සමහර විට ඔයාලට කියාවි, මෙන්න මේ වගේ එකක් ඇවිල්ලා  IDM එක activate කරන්න කියලා....


ඕක close කරලා දාන්න. ඊට පස්සේ බලන්න taskbar එකේ IDM එක minimize වෙලා තියෙනවද කියලා. 
minimize වෙලා තියෙනවා නම් එක එතනින් exit කරන්න.

03 ) දැන් මෙතනින් Patch එක සහ IDM Optimizer එක Download කරගන්න. (  630 KB )

දැන් ඔයාලා IDM එක install කරපු තැනට patch එක copy කරන්න. ඒ කිව්වේ C:\Program Files\Internet Download Manager කියන තැනට ඔය patch file එක copy කරන්න. ( IDM Optimizer එකට මොකුත් නොකර ඒක පොඩ්ඩක් ඔහොම තියාගන්න )

04 ) ඊළගට ඔය patch එක open කරලා, යට තියෙන patch කියන button එක ඔබන්න. එතකොට ඔයාලගෙන් අහවි, First Name එක. ඒකට ඔයාල කැමති නමක් type කරන්න. ඊළගට අහවි, Last Name එක. ඒකටත් ඔයාල කැමති නමක් type කරන්න.

05 ) ඔන්න දැන් ඔක්කොම ඉවරයි.....දැන් බලමු IDM Optimizer එක දාගන්නේ කොහොමද කියලා.  IDM Optimizer කියන එක open කරන්නකෝ. දැන් Maximize Now! කියන එක click කරන්න. මතක තියාගන්න , අපි මේ ඔක්කොම කලේ IDM එක exit කරලයි. Maximize Now! කියන එක click කළාම , IDM එක restart කරන්න කියලා පොඩි message එකක් ඒවි. ඒක OK කරන්න.


07) දැන් Internet Download Manager එක open කරලා බලන්න. සම්පුර්ණයෙන් ම 
activate වෙලයි තියෙන්නේ.... ඒ වගේම උපරිම speed එකත් දීලයි තියෙන්නේ.


විශ්ෂයෙන් ම කියන්න ඕන, IDM එක update කළා කියලා කිසිම අවුලක් නෑ......ඔයාලට ඕනෑම වෙලාවක IDM එක update කරන්න පුළුවන්. හදිස්සියෙන් වත් ආයෙත් activate කරන්න කියලා කිව්වොත්, අර කලින් patch එක දාල activate කරපු විදියටම activate කරන්න. කිසිම අවුලක් වෙන්නේ නෑ....

ඔන්න මම දැන් මේ කියන්න හදන්නේ ගොඩක් වැදගත් දෙයක්... ඒ තමයි , මේ දවස් වල තියෙන අලුත් ම IDM එක අපි activate කළාට , සමහර වෙලාවට fake serial කියලා error එකක් එනවා... මේ error එක විනාඩි 5න් 5ට වගේ එනවා... ඇත්තම කියනවා නම් එපා වෙනවා... හැබැයි IDM එක full activate කරලයි තියෙන්නේ... මේ ප්‍රශ්නේ දැනට ගොඩක් දෙනෙක් ට ඇතිවුන ප්‍රශ්නයක්. මේකට මගේ ළඟ 100%ක් සාර්ථක විසදුමක් තියෙනවා.... ඔයාලත් IDM activate කලාට පස්සේ, මේ විදියට fake serial කියලා error එකක් එනවා නම් මෙහෙම කරන්න.

  1. මුලින් ම RUN එක open කරගන්න. ( windows key + r )
  2. දැන් regedit කියලා type කරලා OK කරන්න.
  3. දැන් registry editor window එක open වේවි. දැන් ඔතන වම් අත පැත්තේ ඇති HKEY_CURRENT_USER කියලා එකක්. ඒක double click කරන්න.
  4. ඊළගට ඔතනම ඇති Software කියලා එකක්. ඒකත් double click කරන්න. ඊළගට ඇති DownloadManager කියලා එකක්. ඒකත් double click කරන්නකෝ...
  5. අන්තිම පියවර , දැන් දකුණු පැත්තේ පොඩ්ඩක් බලන්න මෙහෙම එකක් ඇති. CheckUpdtVM කියලා එකක්. ඒක double click කරලා open කරන්න. දැන් ඔයාලට පෙනේවි Value Data කියන තැන 10 කියලා තියෙනවා... අන්න ඒක 0 කරලා OK කරන්න. දැන් ඉතින් ඕවා ටික close කරලා දාන්න. ( ඔබට fake serial කියලා error message එකක් ආවා නම් පමණක් CheckUpdtVM file එක දැකගත හැකිය )
වගකීමෙන් කියනවා ආයෙත් නම් අර error එක එන්නේ නෑ කියලා.... තවත් දෙයක් කියන්න ඕන , මේ ක්‍රමය කිසිදු වෙබ් අඩවියකින් උපුටා ගත්තක් නොවන බවත්, මෙය මා විසින් තනිව ම සොයා ගන්නා ලද්දක් බවත් සතුටින් ප්‍රකාශ කරමි. මෙය කවුරුන් හෝ උපුටා ගන්නේ නම් , අප බ්ලොග් අඩවියෙන් උපුටා ගත්තක් බව සදහන් කිරීමට කටයුතු කරන්න.

ඔන්න හරිනේ... අවුලක් හරි, මොකක් හරි ප්‍රශ්නයක් හරි තියෙනවා නම් පහලින් comment කරන්න.
මම එහෙනම් කැපුනා, පස්සෙ දවසක අයෙත් හමුවෙමු..........සුබ දවසක් කස්ටියටම !!


Ref_banner 928x90


103 Comments:

2013 වසරේ නොමිලේ ලබා දෙන හොදම මෘදුකාංග 10 ගැන දැන ගෙනම , ඒවා නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Top 10 Open Source PC Software In 2013 ] ( Bossie Awards 2013 )


අපි පරිගණකයක් මුළින්ම මිළදි ගන්න විට , පරිගණකයත් සමග අපට , ලැබෙන්නේ මෘදුකාංග කිපයයි. ඒ නිසා , අපේ අවශ්‍යතාවයට අනුව , අපට ඕන කරන මෘදුකාංග වෙළදපලේන් හෝ අන්තර්ජාලයේන් ලබා ගෙන , පරිගණකයේ Install කරගත යුතු වෙනවා.

ඒත් , මේ විධියට ගන්න තියේන ගොඩාක් මෘදුකාංග සල්ලි වලට තමයි ගන්න ඕන.
ඒ නිසා , ඒකට විකල්පයක් විධියට Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග ලෝකයට හදුන්වා දුන්නා.
මේවැනි මෘදුකාංග අපට අන්තර්ජාලයේන්ම නොමිලේ කෙළින්ම ලබා ගන්නත් පුලුවන්.

මුලින්ම කියන්න ඕන මේ විධියට Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග වලින් 2013 වසරේදි හොදම මෘදුකාංග 10 තෝරල තියේන්නේ Bossie Awards 2013 තරගයේන්. ඒ වගේම , මේ සියලු විස්තර ගත්තේ Bossie Awards 2013 තරගයේන්.

ඉතින් , මේවැනි Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග වලින් 2013 වසරේදි හොදම මෘදුකාංග 10 ලෙස තේරි පත් වුන මෘදුකාංග 10 ගැන තමයි , අපි අද කතා කරන්නේ.

* මේ Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 10 සමගම දිලා තියේන්නේ , මේ මෘදුකාංග වල අලුත්ම Version එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් වේ.

හරි , මේ තියේන්නේ 2013 වසරේ නොමිලේ ලබා දෙන හොදම මෘදුකාංග 10 යයි.

මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

1. ) Google Chrome. ( වෙබ් බ්‍රව්සර් )

#. Free Download Google Chrome.

Google Chrome කියන්නේ ලොකු කුඩා සියලුම දෙනා , ඉතාමත්ම හොදින් දන්නා Web Browser එකක්.

මේ Google Chrome - Web Browser එකත් , 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි තිබෙනවා.

2. ) Mozilla Firefox. ( වෙබ් බ්‍රව්සර් )

#. Free Download Mozilla Firefox.

Mozilla Firefox කියන්නේ ඔබ අප කවුරුත් , ඉතාමත්ම හොදින් දන්නා Web Browser එකක්.

මේ Mozilla Firefox - Web Browser එකත් , 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි තිබෙනවා.

3. ) Apache Open Office. ( Office මෘදුකාංගය )

#. Free Download Apache Open Office 2013.

Apache Open Office කියන්නේ MS Office වගේම ලියකිවිලි කටයුතු කරන්න පුලුවන් Office Package එකක්. 

මේ Apache Open Office ගැන තවත් තොරතුරු දැන ගන්න ඕන නම් අපේ සයිට් එකේම Apache Open Office පොස්ට් එක මෙතනින් ගිහින් බලන්න.
මේ Office Package එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි තිබෙනවා. 

4. ) Libre Office. ( Office මෘදුකාංගය )

#. Free Download Libre Office 2013.

Libre Office කියන්නේ MS Office වගේම ලියකිවිලි කටයුතු කරන්න පුලුවන් Office Package එකක්. 

මේ Office Package එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි තිබෙනවා. 

5. ) Pidgin. ( Chat කල හැකි මෘදුකාංගය )

#. Free Download Pidgin Chat Client.

Pidgin කියන්නේ Chat කිරිම සදහා යොදා ගත හැකි මෘදුකාංගයක්.

ඔබට Yahoo , MySpace වැනි සයිට් වල ගිණුම් තිබේ නම් , ඒම ගිණුම් වල Email හා Password භාවිතා කර Pidgin මෘදුකාංගයට ඇතුලු වි , ඉන්පසුව , ඔබේ ඒ සයිට් එකේ ඉන්න යාලුවෝත් එක්ක Chat කරන්න පුලුවන්.
මේ Pidgin එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි තිබෙනවා. 

මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

6. ) Kee Pass. ( Password සැදිමට හැකි මෘදුකාංගය )

#. Free Download Key Pass. ( Latest Version )

Kee Pass කියන්නේ හොද ශක්තිමත් Password සැදිමට යොදා ගත හැකි මෘදුකාංගයක්.

ඔබට කිසියම් සයිට් එකකට හෝ වෙනත් දේයකට හොද ශක්තිමත් Password එකක් සදා ගැනිමට ඕන නම් , ඒ සදහා , මෙය භාවිතා කරන්න.
මේ Kee Pass එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි පත් වි තිබෙනවා.

7. ) PDF Creator. ( PDF ෆයිල්ස් සැදිමට හැකි මෘදුකාංගය )

#. Free Download PDF Creator. 

මෙම PDF Creator මෘදුකාංගය යොදා ගෙන PDF ෆයිල්ස් පහසුවෙන් හදන්න පුලුවන්.

PDF ෆයිල්ස් ගැන දැන ගන්න ඕන නම් මෙතනින් ගිහින් බලන්න.
මේ PDF Creator එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි පත් වි තිබෙනවා. 

8. ) Pea Zip. ( ෆයිල්ස් වල ප්‍රමාණය කුඩා කල හැකි මෘදුකාංගය )

#. Free Download Pea Zip. ( Latest Vesion )

මේ Pea Zip මගින් විශාල ධාරිතාවක් තියේන ෆයිල්ස් , සැලකිය යුතු තරමකින් කුඩා කරන්න පුලුවන්.

මේකත් Win Rar හා 7Zip වගේම මෘදුකාංගයක්. ඒවා වගේම , මේකත් භාවිතයට ඉතාමත්ම පහසුයි.
මේ Pea Zip එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි පත් වි තිබෙනවා.

9. ) VLC. ( MP3 , Video වැනි දේවල් බැලිය හැකි මෘදුකාංගය )

#. Free Download VLC Player. ( Latest Version ) 

මේකත් ලොකු කුඩා කවුරුත් දන්න මෘදුකාංගයක්.

මේක භාවිතා කරල MP3 , Video වැනි දේවල් අපට , බලන්න පුලුවන් කියල හැමෝම දන්නවනේ.
මේ VLC - Media Player එකත් 2013 වසරේ හොදම Open Source මෘදුකාංග 10 අතරට තේරි පත් වි තියේනවා.

10. ) Audacity. ( ගීත Edit කල හැකි මෘදුකාංගය )

#. Free Download Audacity. ( Latest Version )

මෙම මෘදුකාංගය භාවිතා කරල ගීත Edit කර ගැනිමට හැකියි.

ගීත වල තිබේන සංගීතය පමණක් වෙනම ලබා ගැනිමට , විවිධ ගීත කොටස් එකත් කිරිමට , අවශ්‍ය ගීත කොටස් පමණක් ලබ ගැනිමට , යනාදි වැඩ වලට ඇතුලුව සංගීතයට සම්බන්ද බෝහෝ Editing වැඩ වලට , මේක යොදා ගන්නවා.

මෙන්න , මේවා තමයි 2013 වසරේ Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග හොදම මෘදුකාංග 10. 

මම හිතනවා දැනට , මේ Open Source මෘදුකාංග සියල්ලම හෝ මේ Open Source මෘදුකාංග වලින් කිපයක් හරි ඔබ භාවිතා කරනව ඇති කියලා.

තාමත් , 2013 වසරේ හොදම Open Source මෘදුකාංග වලින් එකක් හෝ ඔබ භාවිතා කරල නැත්නම් , මේ දැන්ම , මේ භාවිතා කරන්න පටන් ගන්න. 

මේ Open Source හෙවත් නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග 10 ගැන ඔබට හිතේන දේත් , ඒ වගේම මේවා , හොදම මෘදුකාංග 10 විධියට තේරි පත් වුන එක ගැන ඔබට හිතේන දේවල් Comment එකකින් කියන්න.

12 Comments:

කැමති Softwares යන යන තැන අරන් යන්න - Portable Apps. ( Part 01 ) [ How To Get & Use Portable Apps. ]

       


            කොහොමද යාළුවනේ? මම මාස දෙකකට විතර පස්සෙ තමයි post එකක් දාන්න කියලා ආවේ.ඕගොල්ලෝ මම කලින් දාපු Virus Guard එක 100% ක් වැඩ කරනවද ? කියල බලාගන්න හැටි කියලදීපු post එක බැලුවා නේද?
   
       අද මම කියලා දෙන්න යන්නේ අපි machine එකේ install කරලා භාවිතා කරන softwares , install නොකර ඒ කියන්නේ portable app එකක් විදියට පාවිච්චි කරන විදිය ගැනයි.  

මොනව‍ද මේ portable apps කියන්නේ ?
     
        ඕන‍ම සොෆ්ට්වෙයාර් එකක් ගත්තම ඒක මැෂින් එකේ ඉන්ස්ටෝල් කරන එක 99% ක්ම අනිවාර්යයි.ඒත් ලෝකයේ ජීවත් වන මිනිස්සු ගොඩක් කාර්යබහුල වෙන්න පටන් ගත්ත නිසා එක තැනකට වෙලා එකම computer එකක වැඩ කරන එක අඩු වෙන්න පටන් ගත්තා.මොකද මිනිස්සුන්ට සිද්දවුනා එදිනෙදා වැඩ කරනකොට එකඑක තැන්වලට යනගමන් වෙන machine වලත් වැඩ කරන්න.
          ඉතින් මේකට පිලියමක් හොයන්න කියලා John T.Haller ඇතුළු 100ක විතර software designers, developers හා translators  කට්ටියක් එකතු වෙලා තමයි මේ කියන portable apps සංකල්පය බිහි කලේ.ඒගොල්ලෝ මුලින්ම හදපු පෝර්ටබල් ඇප් එක තමයි Mozilla Firefox(2004March) බ්‍රව්සරය.ඊටපස්සේ Mozilla Thunderbird, OpenOffice යන දෙකේත් portable versions නිර්මාණය කිරීමට සමත් වුනා.
         මේකියන portable apps වල තියෙන වාසිය ත‍මයි මේවා machine එකේ හෝ pen drive එකක copy කරල තියාගෙන පාවිච්චි කරන්න පුළුවන් වීම.ඒ වගේම මේවා delete කරන කොට Windows Registry එක modify කරන්න ඕන වෙන්නෙත් නෑ.
         
     එහෙනම් ඉතින් වැඩි කතා මොකුත් නැතුව වැඩේට බහිමුකෝ!
   
       දැන් අපි මේ portable apps පාවිච්චි කරනකොට ඒක Platform’ එකක ඉන්ස්ටෝල් කරලා පාවිච්චි කරන එක ගොඩක් ලේසියි.මොකද? නැත්තම් app එකේ files, launcher එක හොයාගන්න ටිකක් වෙලා යයි.
       ඒහින්දා මුලින්ම Portable Apps  site එකෙන් නොමිලේ දෙන PortableApps.com_Platform_Setup එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න!

* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.

       
     මේක ඩවුන්ලෝඩ් කරගත්තයින් පස්සේ සාමාන්‍ය විදියට ඉන්ස්ටෝල් කරගන්න.ඒවගේම මේකෙ Destination folder(ඉන්ස්ටෝල් කරන තැන) එක දෙන කොට ඉන්ස්ටෝල් කරන්නෙ pen එකක නම් pen එකේ නම දෙන්න !
     
    
     දැන් උඩ පෙන්නලා තියෙන විදියෙ window එකක් ඕගොල්ලන්ට පේනවා ඇති.(එහෙම window එකක් එන්නැත්තම් Portable Apps Software එක Install කරපු තැනට ගිහිල්ල Start කියන එක ඩබල් ක්ලික් කරන්න.)හැබැයි අපිට සිද්ද වෙනවා apps  install කරගන්න.ඒකට Apps කියන tab එක click කරලා Get more apps’ කියන එකට ගියාම Portable Apps Store එකේ තියෙන ඕනෑම app එකක් click කරල machine එකේ install කරගන්න පුළුවන්.හැබැයි මතක තියාගන්න ඒකට අපි internet connect කරල තියෙන්න ඕන.    
        
                 අපි ගාව [*.paf.exe] එක්ස්ටෙන්ෂන් එකෙන් portable apps තියෙනවනම්  Apps කියන tab එක click කරල install a new app කියන එකට ගිහින් app එක select කරලා open දුන්නාම app එක install කරගන්න පුළුවන්.
      
                   මම යාළුවන්ට එක software එකක් ඉන්ස්ටෝල් කරන හැටි පෙන්නන්නම්.දැන් මම ඉන්ස්ටෝල් කරන්න හදන්නෙ Photoshop CS5 Extended, software එකේ Portable version එක.මෙතනින් ගිහිල්ල app එක ඩවුන්ලෝඩ් කරගන්න.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.
  
  
76.1 MB ]
  
       මේක ඩවුන්ලෝඩ් කරල ඉවර වුනයින් පස්සේ උඩ* කියපු විදියට ඉන්ස්ටෝල් කරන්න.මතක තියාගන්න මේක ඉන්ස්ටෝල් කරද්දි Destination folder(ඉන්ස්ටෝල් කරන තැන) වෙනස් කරන්න යන්න එපා! මොකද ඒක ඔටෝ සෙට් වෙන නිසා.මම සපෝට් එකට පල්ලෙහයින් පින්තූර ටිකකුත් දැම්මා.(පින්තුර අපැහැදිලි නම් පින්තුර මත ක්ලික් කරන්න.)




















වැඩේ හරි නේද ?
දැන් ඕගොල්ලන්ට ඕකෙන් ඕන image එකක් ඕන විදියකට එඩිට් කරගන්න පුළුවන්.

හරි අපි ආයෙත් Portable Apps Platform එක දිහාවට පොඩ්ඩක් ගිහින් බලමු !

     දැන් System Tray එකේ තියෙන portable apps , icon එක ක්ලික් කරලා Portable Apps Platform එක ඕපන් කරල බලන්න.වම් පැත්තෙන් පෙන්නල තියෙන්නෙ අපි දැනට ඉන්ස්ටෝල් කරල තියෙන softwares.දකුණු පැත්තෙන් තියෙන options ටැබ් එක ක්ලික් කරල මේකෙ settings හදන්න පුළුවන්.තව අපිට අපේ Documents, music/video/picture files වුනත් save කරල තියාගන්න පුළුවන්.ඒ වගේම exit වෙන්න ඕන නම් වම් පැත්තෙ පහලින් තියෙන X ලකුණ ඔබන්න.Pen එක eject කරන්න ඕන නම් X ලකුණට එහයින් තියෙන eject ලකුණ එබුවොත් හරි.


         ඔන්න එහෙනං අදට ගෙනාපු ටික ඉවරයි ! මම ඉස්සරහටත් Portable Apps ගැන අළුත්ම Updates හා තොරතුරු ගෙ‍්න්න බලාපොරොත්තු වෙනවා.ඒවගේම ඉස්සරහට අපේ යාළුවන්ට ගෙදරදීම Portable  App [ Virtual Packager ] එකක් ගොඩක් සිම්පල් විදියට හදාගන්න හැටි කියල දෙන්නත් බලාපොරොත්තු වෙනවා.යන ගමන් comment පාරකුත් දාගෙනම යමුකෝ.හැමෝටම  ජයෙන් ජයම පිරි ජීවිතයක් වේවා ! සුබ අනාගතයක් !

8 Comments:

SevenNet Games සඳහා වෙන්වූ Android App එකක්.

SevenNet එකේ ප්‍රදාන app එක Realease වුන ගමන් මම හිතුවා අපේ Game site එකෙත් app එක එලියට දාන්න.ඉතින් වැඩේ බලමුකො .මේ app එකෙන් ඔයාලට SevenNet Games එකේ  තියෙන updates දැන ගන්න පුලුවන්.ඔයාලට මේකෙන් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්.
මේකෙන් කෙලින් ම, ලේසියෙන් ම සහ ඉක්මනින් ම අපේ blog එකට ඔයාලට එන්න පුළුවන්....





 මෙන්න එහෙනම් බාගන්න කෝ..... =D>


https://www.dropbox.com/s/w67fklh4udkayhc/Sevennet%2BGames.apk




1 Comments:

Blogger බ්ලෝග් වල අලුත් පොස්ට් එකක් දාන විට , ඒම පොස්ට් සදහා භාවිතා කල හැකි සියලුම විශේෂාංග ගැන හා බ්ලෝග් පොස්ට් ගැන තවත් බෝහෝ දේවල් ගැන දැන ගන්න. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 03 ) [ How To Add a New Blogger Blog Post With Using a All Features. ]


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ අලුත් ලිපි දාන්න කොච්චර හිතන් හිටියත් , මොකක් හරි නිසා දාන්න බැරි වෙනවා.
ඔන්න , අද , වෙබ් හා බ්ලෝග් පාඩම් වල අලුත් හෙවත් 3 වන ලිපිය අරන් ආවා.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් 1 , 2 තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.

#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.
මේ වෙබ් හා බ්ලෝග් පාඩම් 3 වන ලිපියේන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Blogger බ්ලෝග් වල අලුත් පොස්ට් එකක් දාන විට , ඒ අලුත් පොස්ට් එකට භාවිතා කරන්න පුලුවන් , දාන්න පුලුවන් සියලුම විශේෂාංග ගැනයි.

හරි , එහනම් කෙළින්ම පොස්ට් එක බලමු.

අලුත් පොස්ට් එකක් දාන්න ක්‍රම 2ක් තියේනවා.

එකක් තමයි , පිටත Dashboard ( Outside Dashboard ) එකේ 4 වෙනියට තියේන Create New Post කියන Option එක භාවිතා කරල , අලුත් පොස්ට් එකක් දාන එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



අනිත් එක තමයි , පිටත Dashboard ( Outside Dashboard ) එකේ , 6 වෙනියට තියේන කුඩා ඊතල හිස ක්ලික් කරම එන ලිස්ට් එකේන් Posts හෝ තමන් කැමති මොකක් හරි ක්ලික් කරල , ඇතුලු Dashboard ( Inside Dashboard )එකට ගොස් , එහි ඉහලින්ම තිබේන New Post එක භාවිතා කරල , අලුත් පොස්ට් එකක් දාන එක.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ ක්‍රම 2න් , මොකක් හරි ක්‍රමයක් භාවිතා කරල , අලුත් පොස්ට් එකක් දාන්න හැදුවත් , මේ පහල පින්තුරයේ පරිදි තමයි අපට දැක ගන්න පුලුවන් වෙන්නේ.
[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ උඩ තියේන පින්තුරයේ 1 සිට 21 දක්වා තිබේන සියලුම විශේෂාංග , මේ පහලින් පැහැදිලි කරල තියේනවා.

1 - ඔබේ පොස්ට් එක සදහා භාවිතා කල හැකි Font එක තේරිමට හැක.

2 - ඔබේ පොස්ට් එකේ අකුරු වල , වචන වල ප්‍රමාණය තිරණය කිරිමට හැක.

3 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන තියේන්න ඕන මොන විධියේන්ද කියල තිරණය කරන්න පුලුවන්. ( මෙහිදි Default තේරි තිබේන්නේ Normal ලෙසයි. ඒ Normal එකම , වෙනස් නොකර ඒ විධියටම තියේන්න දෙන්න. )

4 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන Bold කිරිමට හැක. ( අකුරු , වචන මහත් කිරිමට හැක. )

5 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන Italic කිරිමට හැක. ( අකුරු , වචන ඇදේට තිබේන ලෙස සැකසිමට හැක. )

6 - ඔබේ පොස්ට් එකේ අකුරු , වචන Underline කිරිමට හැක. ( අකුරු , වචන වලට යටින් ඉරක් ඇදිමට හැක. )

7 - පොස්ට් එකේ අකුරු , වචන වල මැදින් ඉරක් ඇදිමට හැක. ( මෙය Strike Through ලෙස හදුන්වයි. )

8 - පොස්ට් එකේ අකුරු , වචන වල පාට තිරණය කල හැක. ( තමන්ට ඕන එක අකුරකට , එක වචනයට වුවත් එක එක පාට භාවිතා කල හැක. )

9 - පොස්ට් එකේ තිබේන යම් කිසි විශේෂ අකුරක් හෝ වචනයක් හෝ කිපයක් Highlight කිරිමට හැක.

10 - ඔබේ පොස්ට් එකට , වෙන වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක හෝ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් හෝ වෙන ඕනැම ලින්ක් එකක් , තමන්ගේ පොස්ට් එකට දැමිමට භාවිතා කල හැක. ( ලින්ක් දැමිමේදි , තමන්ට 100% කටත් වඩා විශ්වාස ලින්ක් පමණක් දමන්න. එහම නැති වුනෝත් Google , Yahoo වැනි Search Engine වලින් ඔබේ සයිට් එකට ලැබෙන පහසුකම් අඩු වෙවි. )

11 - ඔබේ පොස්ට් එකට පින්තුර දැමිමට , මෙය භාවිතා කරයි.

12 - ඔබේ පොස්ට් එකට Video දැමිමට , මෙය භාවිතා කරයි.

13 - ඔබේ පොස්ට් එකේ යම් කිසි ජේද 2ක් වෙන් කර දැක්විමට මෙය භාවිතා කරයි. ( ඒත් , මේක භාවිතා කරා කියල මුකුත්ම වෙන්නේ නැ , මට තේරේන විදියට නම්. ඒ නිසා භාවිතා නොකරාට කමක් නැ. )

14 - පොස්ට් එකේ අකුරු , වචන , පොස්ට් එකේ තියේන්න ඕන කොතනින්ද කියල තිරණය කල හැක. ( ඒනම් , දකුණු පසින්ද , වම් පසින්ද හෝ මැදින් ද යන ආදි ලෙසයි. )

15 - පොස්ට් එකට කිසියම් දෙයක් ගැන ලිස්ට් එකක් ලියන විට , ඒ ලිස්ට් එකේ තිබේන කරුණු වලට ඉදිරියේන් 1 , 2 , 3 යන ආදි ලෙස ඉලක්කම් දැමිමට භාවිතා කරයි.

16 - පොස්ට් එකට කිසියම් දෙයක් ගැන ලිස්ට් එකක් ලියන විට , ඒ ලිස්ට් එකේ තිබේන කරුණු වලට ඉදිරියේන් , කුඩා තිත් දැක්විමට , මෙය භාවිතා කරයි.

17 - යම් කිසි වචන කිපයක් හෝ ජේදයක් විශේෂ කර දැක්විමට භාවිතා කරයි. ( බෝහෝ විට පොස්ට් එකේ HTML , Java Script වැනි Codes ලබා දෙන විට ඒම Codes පොස්ට් එකේ දාල , ඊට පස්සේ ඒ සියලුම Code ටික විතරක් Select කරල , මේ 17 වෙනියට පෙන්වා තිබේන එක ඔබයි. මෙය Quote ලෙස හදුන්වයි. )

18 - මේ ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැ.

19 - ඔබ දාන පොස්ට් එක වර්ග කරන්න පුලුවන් වෙන වර්ගය හෝ වර්ග කිපයක් මෙහි ටයිප් කිරිමට හැක.
( උදා - ඔබේ පොස්ට් එකේ යම් කිසි මෘදුකාංගයක් භාවිතා කරල , මොකක් හරි විශේෂ දෙයක් කරන්න පුලුවන් නම් , ඒ පොස්ට් එක PC Softwares හා PC Softwares Tips & Tricks ලෙස වර්ග කිරිමට පුලුවන්. මෙම වර්ග කිරිම වෙන වෙනම සිදු කරන්න ඕන. )

20 - ඔබ පොස්ට් එක දාන වේලාව හා දිනය ගැන විස්තර පෙන්වයි. ( මෙහිදි Default තිබේන Automatic ලෙසම තිබෙන එක හොදයි. ඔබට පොස්ට් එක දාන වේලාව හා දිනය නැතුව ඊට කලින් දවසක් පොස්ට් එක දැම්ම කියල පෙන්වන්න ඕන නම් Set date and time කියන එක ක්ලික් කරල , තමන්ට ඕන වේලාවක් හා දිනයක් දාලා , ඊට පහලින් තියේන Done කියන එක ක්ලික් කරන්න. )

21 - ඔබේ පොස්ට් එකේ ලින්ක් එක ගැන පෙන්වයි.
( මෙහිදි Autoම ලින්ක් එක විදියට එන්නේ , ඔබේ පොස්ට් එකේ මාතෘකාවේ තියේන ඉංග්‍රීසි වචනයි. මාතෘකාවේ ඉංග්‍රීසි වචන නැත්නම් Blog Post 1 , 2 වගේ තමයි ලින්ක් එක හැදේන්නේ.

ඔබේ පොස්ට් එකට , ඔබ කැමති ලින්ක් එකක් දා ගන්න ඕන නම් Custom Permalink කියන එක ක්ලික් කරල , තමන්ට ඕන ලින්ක් එක Simple ඉංග්‍රීසි අකුරු වලින් ටයිප් කරල , ඊට පහලින් තියේන Done එක ක්ලික් කරන්න. )

22 - පොස්ට් එක දාද්දි , ඔබ ඉන්න තැනත් දැමිමට ඕන නම් , මෙය භාවිතා කල හැක.
( උදා - පොස්ට් එක දාද්දි , ඔබ ඉන්නේ හික්කඩුවේ නම් Search එකට ඉස්සරහින් Hikkaduwa කියල ටයිප් කරල , Enter එක ඔබන්න. ඊට පස්සේ , ඊට පහලින් Hikkaduwa , Sri Lanka ලෙස එවි. එහම ආවට පස්සේ , ඊට පහලින් තියේන Done එක ක්ලික් කරන්න. )

23 - ඔබේ පොස්ට් එකට අදාලව විවිධ වෙනස්කම් කල හැක.

* මේකේ මුලින්ම තියේන Reader Comments කියන්නේ , ඔබේ පොස්ට් එක කියවන අය ගැනයි.

* Allow - පොස්ට් එක කියවන අයට Comments දැමිමට හැක.
* Don't allow, show existing - පොස්ට් එක කියවන අයට Comments දැමිමට නොහැක.
* Don't allow, hide existing - පොස්ට් එක කියවන අයට Comments දැමිමට නොහැක.

* 2යට තියේන Compose mode කියන්නේ , පොස්ට් එකේ HTML Codes සම්බන්ධව වේ.

* 3යට තියේන Line breaks කියන්නේ , පොස්ට් එකේ තියේන පේලි ගැනයි.

* Use <br> tag - පේලි එකිනෙකින් ඇත් කිරිමට <br> නැමැති HTML Code එක භාවිතා කරයි.
* Press "Enter" for line breaks - පේලි එකිනෙකින් ඇත් කිරිමට Enter , Button එක භාවිතා කරයි.

( මේ Settings වල මුකුත්ම වෙනස් කරන්න එපා.
මෙහිදි , Autoම , තේරි තිබේන Settings , අනිවාරේන්ම ඒ විදියටම තියේන්න දෙන්න. )

24 - Compose කියන්නේ පොස්ට් එක සාමාන්‍ය පරිදි අපි දන්න කියන අකුරු , වචන භාවිතා කරමින් ලිවිමට තිබේන තැනයි.

25 - HTML කියන්නේ , ඔබේ පොස්ට් එකට යම් කිසි HTML Codes එකක් ඇතුලත් කිරිමට ඕන නම් , එය සිදු කිරිමට ඇති තැනයි.
( උදා - අපි හිතමු , ඔබේ පොස්ට් එකේ පහලින් , මොකක් හරි ඇඩ් Codes එකක් දාන්න ඕන කියල.
ඒ නිසා , මේ HTML කියන එක ක්ලික් කරල , එකේ පහලටම ගිහින් , තමන්ට ඕන කරන ඇඩ් Codes එක දාලා , අයේත් උඩට ඇවිත් , වම් පසින් තිබේන Compose කියන එක ක්ලික් කරල සාමාන්‍ය තැනට එනවා. මේ විධියට , ඔබේ පොස්ට් එකේ මුල , මැද , අග වගේ ඕනැම තැනකින් ඇඩ් Codes දාන්න පුලුවන්. )

26 - පොස්ට් එකේ මාතෘකාව දාන තැන.

27 - Publish , කියන්නේ සියල්ලම හරියටම ටයිප් කරල , ඕන කරන පින්තුර , ලින්ක් හා අනෙකුත් දේවල් හරියටම දාල , සම්පුර්ණ වුන පොස්ට් එක , අනිත් අයට බලන්න ප්‍රසිද්ධ ( Publish ) කිරිමයි.

28 - Save - පොස්ට් එක ලියන අතරේදි , ජේදයක් වගේ ටයිප් කරාට පස්සේ Save කිරිමට මෙය යොදා ගනියි.
පොස්ට් එකක් ටයිප් කරන විට , යම් කිසි කාලයක් ඇතුලත Save වෙනවා. ඒත් , ඉතින් අපිත් , කොකටත් වගේ Save කරාටත් කමක් නැ.

29 - Preview - සියල්ලම හරියටම ටයිප් කරල , ඕන කරන පින්තුර , ලින්ක් හා අනෙකුත් දේවල් හරියටම දාල , සම්පුර්ණ වුන පොස්ට් එක , අනිත් අයට බලන්න ප්‍රසිද්ධ කරන්න කලින් , මේක හරියට , ලස්සනට තියේනවද කියල , ඊට කලින් නිකන් බලන්න , මෙය යොදා ගන්නවා.

30 - Close - පොස්ට් එක Close කරන්න , මෙය යොදා ගන්නවා. ( පොස්ට් එක Close කරන්න කලින් හරියටම Publish වෙලාද කියල හෝ Save වෙලාද කියල , අනිවාරේන්ම බලන්න. )

31 - Check Spelling - පොස්ට් එකක් ටයිප් කරන විට , සිදුවන Spelling වැරදි බලා ගැනිමට භාවිතා කරයි. ( වැරදි බලා ගන්න ඕන නම් , ඒක එක පාරක් ක්ලික් කරල , පොස්ට් එක ටයිප් කරන්න. )

* පොස්ට් එකක් දාද්දි , ඒ පොස්ට් එකේ මාතෘකාව සිංහලේන් දැම්මත් , ඒකට ඉංග්‍රීසි මාතෘකාවකුත් දන්න.
අපේ සයිට් එකේ පොස්ට් වලටත් , අපි සිංහල හා ඉංග්‍රීසි මාතෘකා 2ම දානවා.
( එවිට , ඔබේ සයිට් එකට එන පිරිස යම් කිසි විධියකට වැඩි කරගන්න පුලුවන්. )

* හරි , මේවා තමයි Blogger බ්ලෝග් පොස්ට් එකක් දාද්දි භාවිතා කරන්න පුලුවන් සියලුම විශේෂාංග.

මේ විශේෂාංග වලින් , තමන්ගේ පොස්ට් එකට ගැලපෙන , ඒවා විතරක් භාවිතා කරමින් , හොද ලස්සන , සම්පුර්ණ , හරි පොස්ට් එකක් දාන්න.

* පොස්ට් එක කියවන අයට , ඒක ලේසියේන්ම තේරුම් ගන්න පුලුවන් වෙන විධියට සරල වචන භාවිතා කරමින් , රසවත්ව ගලා යන පොස්ට් එකක් ලියන්න.

* මේ විධියට ලියන පොස්ට් වලට ගැලපේන හොද පින්තුර හදල , ඒවා , Facebook , Twitter වැනි සයිට් වල වැඩි වැඩියේන් දාන්න.
Facebook එකේ තියේන සියලුම Group වල පුලුවන් තරම් වැඩිම ප්‍රමාණයක් දාන්න.

මේ විධියට Facebook , Twitter වැනි සයිට් වල , ඔබේ පොස්ට් දාන විට , ඔබේ ඒ පොස්ට් බලන්න , ඔබේ සයිට් එකට වැඩි වැඩියේන් පාඨකයන් එවි.

සයිට් එකට වැඩියේන් පාඨකයන් එන විට Google , Yahoo වැනි Search Engine වලින් ඔබේ සයිට් එකට ලැබෙන පහසුකම් හා ස්ථානය වැඩි වෙනවා. ඒ වගේම සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි වෙනවා.

අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න.

-------------------------------------------------------------------------------------------------------------------

වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.


16 Comments:

Seven Net [ සෙවන් නෙට් ] , Android හා අත්වැල් බැඳ ගනී...

අද නම් ගොඩක් විශේෂිත දෙයක් අරගෙනයි මම ආවේ... වැඩි කතා ඕන නෑ..කෙටියෙන් ම පැහැදිලි ව මම කියන්නම්.... අපේ Seven Net Team එක වෙනුවෙන්, මම App එකක් හැදුවා.... ඇත්තම කියනවා නම් මේ App එක, android phone වලින් අපේ blog එකට එන අයට ගොඩක් වැදගත් වෙනවා....දැන් ඉතින් ඒ අයට , opera-mini , Uc  , Dolphin වගේ විවිධ Internet Browser වලින් අපේ blog එකට එන්න ඕන නෑ.... මේ App එකෙන් කෙලින් ම, ලේසියෙන් ම සහ ඉක්මනින් ම අපේ blog එකට ඔයාලට එන්න පුළුවන්....


මෙන්න එහෙනම්, මෙතනින් Seven Net Android App එක Download කරගන්නකො....


ඔය App එක Install කරගත්තම , ඔයාලට කිසිම කරදරයකින් තොරව ඉක්මනින් අපේ බ්ලොග් අඩවියට පිවිසෙන්න පුළුවන්.....

Install කළාම , මෙන්න මේ වගේ.....



ඔන්න එහෙනම් මම ගියා.... දැන් ඉතින් මේ App එක භාවිතා කරලා , බ්ලොග් එක පැත්තේ ඇවිත් බලන්නකෝ.....

2 Comments:

Tweet Now !!