සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Showing posts with label Computer Tips & Tricks. ( Windows 7 ). Show all posts

Virus හා AntiVirus යනු මොනවද කියල මුල ඉදන් දැනගෙනම , මේවායින් පහසුවෙන්ම ආරක්ෂා වන ආකාරයන් ගැන දැන ගන්න. [ What Are Virus and AntiVirus And How To Protect Your Computer From Viruses. ]

5 Comments

ඔන්න අපි ආපහු අලුත් පොස්ට් එකක් අරන් ආවා. මේ දවස් වල අපේ සයිට් එකේ සියලුම Authorsලට වැඩ වැඩියි. ඒ නිසයි සයිට් එක Update කරන්න බැරි වෙන්නේ. මෙතැන් සිට ඉදිරියට , අපි පුලුවන් විදියට සයිට් එක Update කරන්න තමයි හිතා ගෙන ඉන්නේ.

අද කතාව වයිරස් ( Virus ) හා ඇන්ටිවයිරස් ( Antivirus ). ඔව් ඔව් ඉතිං මේකත් මුල ඉදං A To Z කියල දෙනවා.

මුලින්ම කියන්න ඕන , මේ පොස්ට් කට අදාල සියල්ලම අපට කියල දුන්නේ Elakiri.com එකේ Naradapathum අයියයි. ඒ නිසා , Naradapathum අයියට ගොඩක් ස්තුතියි කියන ගමන්ම , මේ පොස්ට් එක කියවන්න පටන් ගමු.

වයිරස් , ඇන්ටිවයිරස් කියන්නේ ඔය දෙකම Programs කියන එක ඔලුවේ තියාගන්න.
ඉස්සෙල්ලාම වයිරස් එකකුයි , ඇන්ටිවයිරස් එකකුයි වැඩකරන හැටි තේරුම් අරන් ඉමු.

හරි අපි මෙහෙම හිතමුකෝ X කියලා වයිරස් එකක් තියනවා. මේක අපේ කොම්පූටරේ අදුරන්නේ 000 කියන කෝඩ් එකෙන්.
ඉතිං ඔන්න ඉන්ටනෙට් එකෙන් මේක දන්නෙම නැතුව අපේ කොම්පූටරේ පැළපදියන් උනා කියලා හිතමුකෝ.
දැන් ඉතිං ඔයාගේ කොම්පූටරේ ලෙඩ දෙනවා. ඉතිං ඔයා දානවා කොම්පූටරේට A කියල ඇන්ටිවයිරස් එකක්. මේකේ කාර්ය තමයි ඔය කලින් කිව්ව X කියන වයිරස් එක හොයාගන්න එක. ඔයා ස්කෑන් කොරන්න පටන්ගත්තා. දැන් ඉතිං A එයාගේ Search වලට කියනවා 000 දැක්ක වහාම User ට Alert කරන්න කියලා. ඉතිං ඔහොම Search කරාම 000 අහුවෙලා ඔයාගෙන් අහනවා මොකක්ද කරන්නේ කියලා. 
බෝලාලට මේක තෙරුන්ගන්න කියපු උදාහරණයක්ම විතරයි. ඔයිට සමාන ක්‍රියාකාරීත්වයක් තමයි ඇන්ටිවයිරස් එකක තියෙන්නේ.

දැන් බලමු මොකක්ද මේ ෆයර්වෝල් ( Firewall ) කියන්නේ කියලා.

* එකත් ලස්සන උදාහරණකින් තේරුම් ගනිමු.

මේකයි කතාව මචං ඔයාගේ ගෙදරට අල්ලපු ගෙදර ඉන්නවා සෝයි කෙලි පොඩිත්තක්( ෆයිල් එක ). ඔයාටත් ඉතිං තියෙන්නේ එසේමෙසේ කුලප්පුවක්යැ ( ඔයා තමයි වයිරස් එක ) අල්ල්පුගෙදරට යන්නමයි හිත ඒ උනාට ගෙදර වටේටම තාප්පක් බැදලා තියෙන්නේ ( ෆයර්වෝල් ). ඔයත් ගේම අතෑරියේ නෑලු ඉතිං දවසක්දා තාප්පේ වටේ හොද සර්ච් පාරක් දාල බැලුව. වැඩේ ගොඩ! අල්ලපු ගෙදරට රිංගන්න පුළුවන් සයිස් එකේ හිලක් හොයාගත්ත( ෆයර්වෝල් එක හරියට Config කරගෙන් නෑ ). ආයේ පස්සගහන්නේ මොකටද කියලා ඔයත් පැනපි අල්ලපු ගෙදරට ගෑනු ළමය එක්ක වචන දෙකක් කතාකරන්න උනේ නෑ ඉතින් අප්පච්චියට මාට්ටු කියංකෝ ( User ). වැඩි අලාභ හානියක් නැතිව ආපහු තාප්පෙනුත් එලියට පැනගත්ත කොල්ල.
වැඩි දවසක් ගියේ නෑ කෙල්ලගේ තාත්තා අර හිල් ටික වහල දැම්ම ( Firewall එක Update කරල ) දැන් ඉතිං කොල්ලට සොරි.com තමා.

ඕක තමයි ෆයර්වෝල් එකේ කතාව. දැන් හැමෝටම වෙන දේ ගැන අවබෝධයක් තියනවනේ.

මේ දේවල් නම් කොහේත්වම කරන්න එපා !!

01. ) කවදාවත් වයිරස් එකක් ඇවිල්ල කියලා තේරුණාට පස්සේ වයිරස් ගාඩ් එකක් ඉන්ස්ටෝල් කරන්න යන්න එපා එහෙම කියන්න හේතුව තමයි වයිරස් ව්කක් Infect උනාට පස්සේ එක Unmount කරන්න ට්කක් අමාරුයි. ගොඩක් වයිරස් ඉස්සෙල්ලාම Attack කරන්නේ වයිරස් ගාඩ් එකේ Search Directories වලට.( වයිරස් ගාඩ් එකේ හදවත ) ඒවායේ Setting වෙනස් කලාම කොච්චර Search කරත් Virus අහුවෙන්නේ නෑ. 

02. ) කවුරු කොහොම මොන විදියට කිව්වත් කවදාවත් ඔය Crack කරපු වයිරස් ගාඩ් නං දාන්න එපා. උබලා කොරගන්න ලොකුම කොඩිවිනේ තමයි ඒක. සමහර එවුන්ට පුදුම අමාරුවක් තියෙන්නේ Pro Version දාගන්න. ඕන ප්‍රෝ එකක් දාගනින් වයිරස් ගාඩ් එක ඇරෙන්න. එහෙම එපා කියන්න හේතුව මේකයි. වයිරස් ගාඩ් එකේ වෙනසක් කරලා Pro Version එකක් විදියට හදද්දී ඕක ඇතුලට මොන මොන ජරාව රින්ගවනවද කියලා අපි දන්නේ නැනේ. මොකද ලේසියෙන් ඔය සෙල්ලම දාන්න බෑ. ගොඩක් මහන්සි වෙලා තමයි Crack කරන්න ඕනේ, මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවේනේ , ඒ හින්ද පරිස්සං වෙන එක කෝකටත් හොදයි.

03. ) ඉන්ටර්නෙට් යනවනං ෆයර්වෝල් එකක් දාගන්න. ගොඩක් අය ඕක ගැන සැලකිලිමත් නෑ. මොකද කිව්වොත් වයිරස් ගාඩ් එක Pro එකකට Crack කරලා දානවා එතකොට එකේ Internet Security කියලා එකක් එන හින්ද හිතං ඉන්නව මං Safe කියලා.  ඔය වැඩේ නං කරන්න එපා. ඔය Free දෙන හොද ෆයර්වෝල් තියනවා එයින් එකක් දාගන්න.

දැනට තියේන හොද නොමිලේ ලබා ගන්න ෆයර්වෝල් තමයි Comodo හා ZoneAlarm කියන්නේ. මේ පහල ලින්ක් වලින් ඔබ කැමති ෆයර්වෝල් එකක් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.




04. ) කවදාවත් වින්ඩෝස් දානවනං Hard Disk එක ෆුල් ෆෝමැට් නොකර දාන්න එපා. සමහර අය අවුරුදු ගානක් ෆෝමැට් කරලා තියන්නේ c එක විතරයි. කවදාවත් ඒ වැඩේ නං කරන්න පුරුදුවෙන්න එපා. එහෙම කියන්න හේතුව තමයි වින්ඩෝස් මාරු කළා කියලා වයිරස් නවතන්න බෑ. වින්ඩෝස් ඉන්ස්ටෝල් කරල සතියක් දෙකක් හොදට වැඩ කරාවි. ආපහු අර වයිරස් එක Active වෙලා , කරදර කරාවි. වැඩිය ඕනේ නෑ මයික්‍රොසොෆ්ට් එකෙන්ම කියලා තියෙන්නේ වයිරස් එකක් Attack කරනවා නං Format කරලා අලුතින් වින්ඩෝස් දාන්න කියලා.
ඉස්සෙල්ල වයිරස් අයින්කරගෙන වින්ඩෝස් දාන්න. කැලේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නෑ කියලා මතක තියා ගන්න.

ඔය කිව්වේ ගොඩක් අය කරන කියන ටිකක්. 

දැන් එහෙනම් අපි බලමු , කොහොමද වයිරස් වලින් පරිස්සම් වෙලා ඉන්නේ කියලා. මේක තමයි අපේ මගපෙන්වීම.

01. ) අලුතින් වින්ඩෝස් දානවා නම්.

ඔයා අලුතින් වින්ඩෝස් දාන්න හිතං ඉන්නවා නං මෙහෙම කරන්න.
ඉස්සෙල්ල Hard Disk එකේ ඕන ටික වෙන එකකට Copy කරගන්න.
දන් Hard Disk එක Full Format කරන්න. ඊට පස්සේ අලුතින් Partition හදල Fresh Installation එකක් කරන්න.
හරි දැන් වින්ඩෝස් දැම්මනේ. ඊලගට කරන්න ඕන වයිරස් ගාඩ් එක දාන එක. දැන්ම කොම්පූටරේ ලගට පෙන් එක එහෙම කිට්ටුකරනවා නෙවේ. ෆයර්වෝල් ඕන කරලා ( ඔරිජිනල් වින්ඩෝස් නම් Update එහෙම කොරගෙන ) හොද වයිරස් ගාඩ් එකක් උන්ගේම සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න. ඊට පස්සේ ඩ්‍රයිවස් අනංමනං ටික ඉන්ස්ටෝල් කරගන්න.

02. ) දැනට කොම්පූටරේ ෆෝමැට් කරන්න බැරි නම්.

ගොඩක් අයට තියෙන්නේ මේ කෙස් එක. හැමෝටම වගේ බැකප් කරගන්න Hard Disk නෑ. යාලුවොන්ගෙන් එහම ඉල්ලගත්තොත් මිසක්. ඉතිං එකටත් , එක ක්‍රමයක් තියනවා. ඇත්තටම මේක හොද ක්‍රමයක්. ක්‍රමයක් කිව්වට ක්‍රම කිහිපයක් තියනවා.

* එක ක්‍රමයක් තමයි Rescue Disk එකක් බවිත කිරීම. Kaspresky , Avast වගේ ඒවායින් නිකන්ම හදාගන්න ඈකි. USB Rescue එකක් හදන්න එපා. Disk එකකම හදන්න. මොකද එක ගොඩක් සේෆ් Disk Read Only නිසා. එහෙම හදල එකෙන්ම බූට් කරලා Online Update කරලා ෆුල් ස්කෑන් එකක් දාන්න. සෑහෙන්න හොද ප්‍රතිපලයක් ගන්න ඈකි.

* අනිත් කරමේ තමයි ඔය ලිනක්ස් වල තියනවා වින්ඩෝස් වයිරස් අල්ලන Software එකක්(මේ වෙලාවේ නම මතක් වෙන්නේ නෑ ). Google කරලා හොයාගන්න පුළුවන්. එයින් එකකින් ස්කෑන් කරන්න පුළුවන් නං ගොඩම තමයි. 

* තව ක්‍රමයක් තිබුනත් එච්චර ප්‍රයෝගික නෑ. ඒ කිව්වේ ඔයාගේ Hard Disk එක වෙන හොද ඇන්ටි වයිරස් ගාඩ් එකක් දාල තියන කොම්පූටරෙකට USB වලින් Connect කරල සර්ච් කරන එක. මේක ප්‍රයෝගික නෑ කිව්වේ අපිට කොම්පූටර දෙක තුන නෑනේ බං. අනික සෑහෙන වෙලාවකුත් යනවා, ඊටත් වඩා පිට කෙනෙක් නම් එච්චර කැමති වෙන එකක් නෑ ඔය වැඩේට. කොහොම උනත් මේක වෛරස් එකක්නේ.

03. ) ලිනකස් ( Linux ) එකකට මාරු වෙන්න. 

අද කාලේ වින්ඩෝස් වලට වැඩිය ලස්සන ලිනක්ස් තියනවනේ. ඔයා ඉන්ටනෙට් යන්න සින්දු අහන්න ෆිල්ම් බලන්න විතරනං කොම්පූටරේ පාවිච්චි කරන්නේ , ලිනක්ස් දාගන්න , ගොඩම තමයි ඉතින්.

ඔය ටික කරනව නම් ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් ඉතින්.

අපි හිතනවා , මේ පොස්ට් එකේන් වයිරස් හා ඇන්ටිවයිරස් ගැන , ඔබ සියලු දෙනාටම හොද අවබෝධයක් එන්න ඇති කියලා. 
එහනම් අපි තවත් පොස්ට් එකකින් සෙට් වෙමු.

Read More »

IDM Download Speed එක දෙගුණයකින් වැඩි කරගමු !! [ How To Double IDM Download Speed. ]

1 Comments
ඔන්න ෆට්ට කාලෙකට පස්සේ මමත් බ්ලොග් එක පැත්තේ ආවා... Internet Download Manager (IDM) එක ගැන දැන් ඕන පොඩි එකෙක් දන්නවනේ.. ඉතින් මං අද මේ කියන්න යන්නේ IDM එකේ download speed එක දෙගුණයකින් වැඩි කරගන්න ආකාරයයි!
මෙහෙමයි, IDM අලුත්ම version එක තවම දාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් full activated latest IDM එක install කරගන්නකො...



වැඩි කතාබහ නැතුව මම කෙලින්ම පොස්ට් එක ගැන කතා කරන්නම්..මොකද මටත් මේ දවස් වල වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ...

IDM එකේ speed එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.. එකක් තමයි IDM Optimizer එක.. මේකෙන් IDM speed එක වැඩි කරගන්න විදිය, මම කලින් පොස්ට් එකකින් කියලා දුන්නා... එතකොට මේ අද කියන්න හදන්නේ වෙන ක්‍රමයකට වෙනත් කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර IDM Speed එක වැඩි කරගන්න විදියයි..!!

හරි මුලින්ම එහෙනම් ඔයාලගේ Internet Download Manager (IDM) එක open කරගෙන, එකේ තියෙන Downloads කියන tab එක click කරලා, Speed Limiter කියන එක click කරන්නකෝ.. අනිවා එතන ඇත්තේ, Speed Limiter කියන එක Turn off වෙලා... ඉතින් දැන් ඔයාල ඒ Speed Limiter කියන එක Turn on කරන්න.



ඊට පස්සේ, ඔය Speed Limiter කියන එකේ තියෙන Settings කියන එකට යන්න. එතකොට පොඩි pop-up box එකක් open වේවි.. එකේ Maximun download speed for one file 100 Kbytes/sec කියලා ඇති...



ඔන්න ඔය 100 කියන එක 1000 කියලා type කරලා, ඊට පල්ලෙහා තියෙන box එකටත් ටික් එකක් දාලා OK කරන්න... දැන් මෙහෙමයි, ඔයාට සාමාන්‍යයෙන් තියෙන download speed එක 500Kbytes/sec වගේ නම් ඔතන 1000 කියල හෝ ඊට වැඩියෙන් දාල OK කරන්න.. 1000Kbytes/sec කිව්වේ 1MB කියන එකයි.. ඔයාට සාමාන්‍යයෙන් තියෙන download speed එක 2 or 3Mbytes/sec වගේ නම් ඔතන 4000 කියල හෝ ඊට වැඩියෙන් දාල OK කරන්න.. 4000Kbytes/sec කිව්වේ 4MB කියන එකයි.. ඒ වගේ, තමන්ගේ download speed එකට අදාලව ඕක වෙනස් කරගන්න හොදේ...

එහෙනම් දැන් ඔන්න ඒකත් හරි... ඊළඟට ආයෙත් IDM එකේ Downloads කියන tab එක click කරලා එකේ option වලට යන්න.. දැන් පොඩි pop-up box එකක් open වේවි.. ඒකෙ Connection කියන tab එකට යන්න. දැන් ඕකේ Connection Type/Speed කියන තැනට ඔයාගේ Internet Connection එක අනුව Low Speed ද, Medium speed ද, High speed ද කියලා තෝරලා OK කරන්න...



ඔන්න වැඩේ හරි... දැන් ඉතින් මොකක් හරි file එකක් download කරලා බලන්නකෝ , කලින් වගේමද නැත්තම් ඇත්තටම IDM එක speed වෙලාද කියලා... මේ trick එක windows 7 සහ 8 වල එළකිරි වගේ වැඩ කරනවා..10 වල නම් කොහොමද කියලා දන්නේ නෑ.. එහෙනම් ඔන්න try කරලා බලන්න හොදේ.... !!

මේ වගේ තවත් පෝස්ටුවකින් නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතුව, මම එහෙනම් තාවකාලිකව සමුගනිමි..!!



Read More »

Internet Download Manager ( IDM ) එකට වඩා High Speed , ඕනැම දේයක් Download කරන ආකාරය - DownThemAll Add-On. [ How To Download Anything High Speedy - DownThemAll Add-On. ]

4 Comments



මේක තමා මමත්  Use කරන්නෙ Download කරන්න ඕන දෙයක්. ඉතින් මේකෙන් ලේසියෙන් අපිට ඕන වැඩේ කරගන්න පුලුවන්.

මේක Firefox ADD ON එකක්. දන්නව ඇතිනෙ ගොඩක්ම ADD ON තියෙන්නෙ Firefox Web Browser එකට කියල. 

මෙන්න මේකයි වැඩේ , DownThemAll 4X දක්වා වේගවත් සහ එය ඔබ ඕනෑම අවස්ථාවක බාගත කිරීම් තාවකාලිකව නවත්වලා නැවත ආරම්භ කිරීමට ඉඩ දෙන එකක්. සම්පූර්නයෙන්ම FREE දෙන්නෙ.

කැමති නම් Web Page වල තියෙන Videos , Pictures වගේ ඒව හැම එකක්ම Download කරගන්න පුලුවන්. නැත්නම් අපිට ඕන කරන ටික විතරක් උනත් කිසි අව්ලක් නැතුව Downlaod කරගන්න පුලුවන්.

මේ පහල ලින්ක් එකේන් , DownThemAll Add-On එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.


* මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.


* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.



මේ පහලින් තියේන්නේ DownThemAll Add-On එකට අදාල Screen Shot කිපයකි.


[ මෙම පහල පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




 

මේ පහල Video එකේන් DownThemAll Add-On එක , ඔබේ පරිගණකයට Install කරගන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.


මේ පහල Video එකේන් DownThemAll Add-On එක , භාවිතා කරන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.



Read More »

මෙන්න අලුත්ම හා පට්ටම සුපිරි Torrent Downloder එක TIXATI නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. [ Free Direct Download Latest & Super Torrent Download Manager - TIXATI. ]

0 Comments

හා යාලුවනේ මම හිතනව මගෙ PHP pdf එක හැමොම බලල එති කියල. ඉතින් මෙන්න තව වැඩ කැල්ලක් අරන් අවා. ඔයාල හැමොම Torrent Download කරනවනේ. ඉතින් ඔයාල Use කරන්නේ Utorrent නැත්නම් Bit Torrent වගේ එවනේ. මෙන්න මම ගෙනාව අලුත් Torrent Downloder එකක්. ඒකෙ නම තමයි TIXATI. මේක ගැන කියනවම් මේක හොද මෘදුකාංගයක්. ඔන්න ඔය පහල තියෙන Featuers තමයි තියෙන්නෙ. 

ඒ වගේම , අද දිනයේදි ( 2015 / 10 / 06 ) , අපේ සෙවන් නෙට් සයිට් එකට තවත් අලුත් සාමාජිකයන් 2ක් එකතු වුනා. ඒ තමයි Sandamal Wijeweera හා Speedy Ace කියන සහෝදරවරුන්. 

ඔබ දෙදෙනාම , සෙවන් නෙට් එකට සාදරයේන් පිළිගන්නවා !! :D


Tixati is far better than the rest:

Simple and easy to use
Ultra-fast downloading algorithms
DHT, PEX, and Magnet Link support
Easy and quick install - no java, no .net
Super-efficient peer selection and choking
RC4 connection encryption for added security
Detailed bandwidth management and charting
UDP Peer Connections and NAT router hole-punching
Advanced features such as RSS, IP Filtering, Event Scheduler
NO Spyware   NO Ads    NO Nonsens

මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.

ඔබ භාවිත කරන්නේ Windows 8 , Windows 7 , Windowds Vista හා Windows XP වල 32 Bit Version නම් , මේ පහල ලින්ක් එකේන් Tixati නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. 
( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. ) 



ඔබ භාවිත කරන්නේ Linux මෙහයුම් පද්ධති නම් , මේ පහල ලින්ක් එකේන් Tixati නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න. 
( ඔබේ පරිගණකයේ Bit Version එකට අදාල එක ඩවුන්ලෝඩ් කරගන්න. )

මේවා ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න. 

* Before You Download These , Please Read That Considerable Note In Top Of This Page.


ඒ වගේම , මේ ඉහලින් දිල තියේන්නේ Tixati මෘදුකාංගයේ Setup File එක. මේක ඩවුන්ලෝඩ් කරන් , ඊට පස්සේ පරිගණකයට Install කරන්න ඕන. නමුත් , මේ පහල ලින්ක් එකේන් Tixati මෘදුකාංගයේ Portable Version එක නොමිලේ කෙළින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 


මේ පහල Video එකේන් Tixati Torrent Download Manager එක භාවිතා කරල , Torrent ඩවුන්ලෝඩ් කරන්නේ කොහමද කියල දැන ගන්න පුලුවන්.


මේ පහල Video එකේන් Tixati ගැන හොදට පැහැදිලි කරල තියේනව.


Read More »

වීඩියෝ Editing කරන්න්න නියම බඩුවක්.ලේසියි , පහසුයි !! [ Easily Edit Your Videos By Using Sony Vegas Pro 13 Software. ]

4 Comments

Sony Vegas Pro 13.


මේක නියම Software කෑල්ලක් ඒ මොකොද  කිව්වොත්මේ Software එකෙන් පට්ට Graphic වැඩ ටිකක් කරන්න පුලුවන්. 
විශේශයෙන් intro වගේ ඒවා හදන කොට මාර Kick එකක් තියෙන්නෙ. 
අනික මේකට හරියන Template එහෙම හොයාගන්න එකට ගේමක් දෙන්න ඕන නැ. 
ලේසියෙන්ම ගන්න පුලුවන්.

මෙන්න , මේ පල්ලෙහ තියෙන වීඩීයෝ එක හැදුවෙ මේ Sony Vegas Pro කියන Software එකෙන්.  


මෙන්න එහෙනම් පහලින් බාගන්න !!


මේක ඩවුන්ලෝඩ් කරගන්න කලින් , මේ පිටුවේම උඩ තියේන අර සැලකිය යුතුයි සටහන හරියටම කියවලා ඉන්න.

* Before You Download This , Please Read That Considerable Note In Top Of This Page.





Read More »

Softwares මොකුත් නැතුව , Notepad එකෙන් Folders Lock කරමු...!! [ How To Lock Folders Without Using Any Softwares. ]

12 Comments
කලින් පෝස්ටුව දාලා වැඩි දවසක් යන්නත් කලින්, තවත් අලුත් වැඩක් අරගෙන ඔන්න මම ආවා....අද ගෙනාපු trick එක ඕන කෙනෙක්ට වැදගත් වෙන විදියේ එකක්...මොකද කියනවා නම් , හැම කෙනාටම වගේ පුද්ගලික දේවල් තියෙනවනේ....මෙතන පුද්ගලික දේවල් කියලා මම අදහස් කළේ, තමන්ගේ වැදගත්
පුද්ගලික files, videos, data වගේ දේවල්....මේ වගේ දේවල්, අපි සාමාන්‍යයෙන් හංගලා තමයි තියෙන්නේ.... සමහර අය නම් hidden කරනවා..... කස්ටියට මතක ඇතිනේ, මම දවසක් පින්තුරයක් ඇතුලේ ඕනෑම file එකක් හංගන විදිය කියලා දුන්නා.... ඒ විදියටත් පුළුවන් ඕනම දෙයක් හංගලා තියාගන්න. තවත් සමහරක් අය, මොකක් හරි මෘදුකාංගයක් භාවිතා කරලා, පුද්ගලික දේවල් අනිත් අයට ගන්න බැරි වෙන්නේ lock කරනවා....



ඉතින් අද මම කියන්න හදන්නෙත්, අන්න ඒ වගේ අපේම දේවල් කාටවත් ගන්න බැරි වෙන විදියට folder lock කරන හැටි.....මේකේ තියෙන විශේෂත්වය නම්, කිසිම මෘදුකාංගයක් භාවිතා නොකර තමයි, අපි මේක කරන්නේ.... හරි එහෙනම් බලමුකෝ මේක කරන විදිය......
හරි මුලින් ම ඔයාලා, මම මේ දෙන code එක සම්පුර්ණයෙන් ම copy කරගන්න....කිසිම අකුරක් මගහරින්න එපා....ඒ වගේම මේ code එක වෙනස් කරන්නත් එපා හොදද.....මෙන්න code එක...මේක copy කරගන්නකො.....


cls
:End
@ECHO OFF
title Folder Locker by AllSevenNet.blogspot.com
if EXIST "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" goto UNLOCK
if NOT EXIST Locker goto MDLOCKER
:CONFIRM
echo ...::: V-shwa PraBhaThiya :::...
echo `
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Are You Sure , You Want to Lock the Folder (Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Locker "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
attrib +h +s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
echo Folder locked
goto End
:UNLOCK
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Enter Password to Unlock the Folder...
set/p "pass=>"
if NOT %pass%==SevenNet goto FAIL
attrib -h -s "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}"
ren "Control Panel.{21EC2020-3AEA-1069-A2DD-08002B30309D}" Locker
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo ...::: V-shwa PraBhaThiya :::...
echo .
echo :------------------------------:
echo :     Please Visit Us At:      :
echo :                              :
echo : www.AllSevenNet.blogspot.com :
echo :------------------------------:
echo .
echo Invalid password
goto end
:MDLOCKER
md Locker
echo Locker created successfully
goto End
:End


දැන් notepad එක open කරගෙන, අපි දැන් copy කරගත්තු code එක paste කරන්න. දැන් ඔය code එක ඇතුලේ මෙන්න මෙහෙම පේලියක් ඇති. ( උඩ තියෙන code එකේ, මේ පේලිය තියෙන තැන පෙන්වා ඇත )


if NOT %pass%==SevenNet goto FAIL

දැන් ඔය පේලියේ ඇති SevenNet කියලා වචනයක්.....ඔන්න ඔය වචනය අයින් කරලා, එතනට ඔයාලා කැමති වචනයක් හෝ ඉලක්කම් හෝ type කරන්න. අපි හිතමු, ඔයාලා 12345 කියලා ඔතන type කළා කියලා....ඒ කිව්වේ මෙන්න මෙහෙම....


if NOT %pass%==12345 goto FAIL

දැන් ඔය 12345 කියන එක තමයි, අපි lock කරන folder එකේ password එක.... ඒක නිසා ඕක අමතක කරගන්න නම් එපා ඔන්න....හරි...දැන් ඒ විදියට ඔයාලා password එකක් දුන්නට පස්සේ, ඔය notepad එකේ තියෙන code එක save කරගන්න ඕන. Ctrl + s ඔබන්නකෝ....එතකොට save වෙනවා...අපි දැන් ඔය code එක save කරගන්න ඕන මෙන්න මේ විදියට. Ctrl + s ගැහුවට පස්සේ අලුතින් window එකක් open වෙනවා...ඔතනින් අපිට පුළුවන් මේ save කරගන්න code එකට නමක් දෙන්න. " locker.bat " කියලා
ඕක save කරගන්න. ( කැමති තැනක save කරගන්න ) අපි save කරගත්ත code එක, දැන් තියෙන්නේ මෙන්න මෙහෙමයි....



දැන් ඔය locker.bat කියන එක open කරන්නකෝ...open කළාම මෙන්න මේ වගේ...



කස්ටියට පේනවද මෙහෙම එකක් තියෙනවා... Enter Password to Unlock the Folder... අන්න ඔතන අර ඔයාලා කලින් දීපු password එක type කරලා Enter කරන්න. මම කලින් type කලේ 12345 නිසා, මම ඒක type කරලා Enter කරනවා...



ඔන්න දැන් Locker කියලා අලුතින් folder එකක් ඔතනම හැදේවි.... දැන් ඉතින් 50%ක් විතර වැඩ ඉවරයි.... දැන් ඔයාලට හංගන්න ඕන, ඕනෑම file එකක් ඔය Locker කියන folder එක ඇතුලට දාලා, ආයෙත් අර
locker.bat කියන එක open කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් ඇති.... Are You Sure , You Want to Lock the Folder (Y/N)
ඔයාලට දැන් folder එක lock කරන්න ඕන නම් " y " කියලා type කරලා Enter කරන්න. එතකොට අර Locker කියන folder පෙන්නේ නැතුව යනවා..... දැන් ආයෙත් Locker කියන folder එක ගන්න ඕන නම්, locker.bat කියන එක open කරලා, password එක හරියට type කරලා Enter කළාම Locker කියන folder එක එනවා..... දැන් එහෙනම් වැඩේ හරිනේ.....ඔය විදියට ඔයාලට පුළුවන්,ඔය Locker කියන folder එක ඇතුලට ඕනෑම file එකක් දාලා හංගන්න........හරි එහෙනම් මගේ වැඩ ඉවරයි......

ඉවරයි කියලා හිතුවට තාම ඉවර නෑ...මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක, ඕනෑම කෙනෙක්ගේ දුර්වලතාවයක් තියෙනවා.... මේකෙත් ඒ වගේ දුර්වලතා ගොඩක් තියෙනවා....අපි ඒ දුර්වලතා පුළුවන් තරම් දැන් අඩු කරගන්න බලමු....ඊට කලින් දුර්වලතා ටික මොනවද කියල ඔයාලා දැනගන්න ඕනනේ....ඔන්න එහෙනම් අහගන්නකෝ....

ඔයාල මේ විදියට folder එක lock කරලා තියෙනකොට, password එක දන්නේ නැතුව ඕක open කරන්න බෑනේ..... නෑ පුළුවන්....අන්න ඒක තමයි මේකේ තියෙන එක දුර්වල කමක්.... ඒ කොහොමද දන්නවද? මෙහෙමයි....
locker.bat කියන එක උඩ right click කරලා Edit කියන එකට යන්නකෝ....අන්න දැක්ක නේද?? අපි අර කලින් notepad එකට දාගෙන හිටපු code එක නේද මේ open වුනේ....දැන් ඉතින් ඔය code එකේ තියෙන if NOT %pass%==SevenNet goto FAIL කියන පේලියේ SevenNet කියන වචනෙට කැමති password එකක් ගහලා, ඕක ආයෙත් save කළාම , වැඩේ ඉවරයි...එතකොට locker.bat කියන එක open කළාම අපෙන් අහන්නේ, අපි අර කලින් දීපු password එක නෙවෙයි...ඒකෙන් අහන්නේ අලුත් password එක... ඉතින් මේ විදියට ඕන කෙනෙක්ට පුළුවන්, ඔයා lock කරපු file ටික ලස්සනට බලන්න.....

දැන් බලමු මේ දුර්වලතාවය හදාගන්නේ කොහොමද කියලා.....ඒකට නම් පොඩි software එකක් ඕන වෙනවා....මෙතනින් download කරගන්නකො... 300 KB විතරයි.
මෙහෙමයි, මේ මෘදුකාංගයෙන් කරන්නේ, අපි අර හදාගත්තු locker.bat කියන bat file එක, exe file එකකට convert කරන එකයි. exe file එකකට convert කරගත්තම, අර විදියට එක උඩ right click කරලා edit කරලා, අපි හංගපු දේවල් කාටවත් බලාගන්න බෑ...එහෙනම් දැන් අපි බලමු මේ software එකෙන් කොහොමද අපිට ඕන වැඩේ කරගන්නේ කියලා....මුලින්ම ඔයා දැනගන්න ඕන, ඔයාගේ computer එක 32 bit ද , 64 bit ද කියලා... ඒක බලන විදිය දන්නේ නැත්තම් මෙහෙමයි... My Computer උඩ right click කරලා properties වලට යන්න. දැන් ඔතනින් ඒක බලාගන්න....හරි දැන් එහෙනම් ඔයාල download කරපු Bat_To_Exe_Converter.rar කියන එක open කරගන්නකො. දැන් ඔයාලගේ computer එක 32 bit නම්, ඔතනින් Windows (32 bit) කියන folder එක open කරන්න. 32 bit නෙවෙයි නම් අනිත් එක open කරන්න. දැන් Bat_To_Exe_Converter.exe කියන file එක open කරගන්න. ඒක මේ වගේ....



Batch file: කියන එක ඉස්සරහා තියෙන බට්න් එක click කරලා, locker.bat කියන file එක තියෙන තැන දීලා open කියන එක click කරන්න. දැන් ඉතින් Compile කියන එක click කළාම වැඩේ ඉවරයි.... වැඩි ආරක්ෂාවට ඕන නම්, මේ exe file එකටත් password එකක් දෙන්න පුළුවන්. එක කරන්නේ, ඔතන ඔය තියෙන Encrypt the program කියන එකට tick එකක් දාලා password කියන තැනට කැමති password එකක් දෙන්න. තව ඕන නම්, ඔතන ඔය උඩ තියෙන Versioninformations කියන tab එකට ගිහින් කැමති icon එකක්, මේ exe file එකට දෙන්නත් පුළුවන්... ඔය හැමදේම කරලා Compile කියන එක click කළාම වැඩේ හරි.... locker.bat කියන file එක තිබුණු තැනම locker.exe කියලා file එකක් ඇති...දැන් locker.bat
කියන එක delete කරලා දාන්න.



 දැන් ඉතින් ඔයාලට ඕනෑම වෙලාවක Locker කියන folder එක ගන්න ඕන නම්, locker.exe කියන file එක open කරලා, password එක type කරලා Enter කරපු ගමන් ම Locker කියන folder එක පෙනේවි..... ඔන්න එහෙනම්, ඔයා සම්පුර්ණ පොස්ට් එක ම කියවලා ඉවරයි....මේ විදියට එහෙනම් හංගන්න තියෙන දේවල් හංග ගන්නකො.....

මොකක් හරි අවුලක් වුනොත් comment එකක් දාන්නකෝ..... !!!
ඕං මං ගියා ඈ....කස්ටියට ම බුදු සරණයි !! දෙවි පිහිටයි !!




Ref_banner 928x90

Read More »

Google Chrome Web Browser එකේන් PDF ෆයිල්ස් කියවන , බලන ආකාරය. [ How To Read PDF Files By Using Google Chrome Web Browser. ]

6 Comments

අපි අයේත් අලුත් පොස්ට් එකක් අරන් ආවා.
පහුගිය දවස් වල අපි අලුත් සයිට් එකක් හැදුව නිසා ටිකක් , Seven Net එකට අලුත් පොස්ට් දාන්නත් බැරි වුනා. අනිවාරේන්ම , මෙතනින් ගිහින් අපි හදපු අලුත් www.MalindaNet.com සයිට් එක බලන්න.
ඔයාලටත් , මේ www.MalindaNet.com වගේ සයිට් එකක් ඕන නම් , අපිට අනිවා කියන්න.

හරි , අපි දැන් පොස්ට් එක ගැන බලමු.


PDF කියන්නේ Portable Document Format කියන වචනය කෙටි කරලයි. PDF කියන ෆයිල් වර්ගය යොදා ගන්නේ පොත් , සගරා , පත්තර යනාදි දෙවල් පරිගණකයේන් බැලිම සදහායි.


මේ PDF ෆයිල්ස් , අපිට අන්තර්ජායේන් හා සමහර පරිගණක කඩ වලිනුත් ලබා ගන්න පුලුවන්.


මෙවැනි PDF ෆයිල්ස් හෙවත් පරිගණක පොත් ලබා ගැනිමට වෙබ් සයිට් කිපයක්ම , මේ පහල තියේනවා. 


1 ) www.SinhalaeLibrary.com

2 ) www.ElegantTalks.com/p/sinhala-novels.html

3 ) www.E-Pusthakalaya.blogspot.com

4 ) www.sinhalabooks.lk

මේ PDF ෆයිල්ස් , අපි කොහේන් ගත්තත් PDF ෆයිල්ස් නිකන්ම පරිගණකයේන් Open කරන් , ඒ PDF ෆයිල් එක ඇතුලේ තියේන දේවල් කියවන්න , බලන්න බැ. මේවා කියවන්න , බලන්න නම් අපිට වෙනම මෘදුකාංගයක් ඕන වෙනවා. මේ මෘදුකාංග හදුන්වන්නේ PDF Viewer Software ලෙසයි.
ගොඩාක් දෙනෙක් PDF Viewer මෘදුකාංගයක් ලෙස භාවිතා කරන්නේ Adobe Reader මෘදුකාංගයයි. මිට අමතරව තවත් බොහෝ PDF Viewer මෘදුකාංග තිබේනවා.

හරි , අපි දැන් කියන්නේ ඔය කිසිම PDF Viewer මෘදුකාංගයක් භාවිතා නොකර , කිසිම මහන්සියක් නැතුව , ඔබේ පරිගණකයේ තියේන Google Chrome Web Browser එක මගින් PDF ෆයිල්ස් කියවන ආකාරයයි.

* මෙය කරන ආකාරය දැන ගැනිමට , මේ පහල පියවර කිපය බලන්න.

1 ) මුලින්ම කියවිමට , බැලිමට අවශ්‍ය PDF එක උඩට , Mouse එකේ Cursor එක අරන් ගිහින් Right ක්ලික් කරාම , එන Menu එකේන් අන්තිමට තියේන Properties කියන එක ක්ලික් කරන්න.

2 ) දැන් එන Properties Box එකේ General Tab එකේ 3 වෙනියට තියේන Open With කියන එකේ ඉස්සරහින් තියේන Change කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



3 ) දැන් එන Open With Box එකේන් උඩින්ම Recommended Programs යටතේ තියේන Google Chrome Web Browser එක Double ක්ලික් කරන්න. එවිට , ඒ Open With Box එක Close වෙවි.
( පහල පින්තුරේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



* Recommended Programs යටතේ Google Chrome එක නැත්නම් , මේ Open With Box එකේ වම් පස පහල තියේන Browse කියන එක ක්ලික් කරාම එන Box එකේන් , ඔබේ පරිගණකයේ Google Chrome එක තියේන තැනින් , එක Double ක්ලික් කරන්න.

එවිට , Google Chrome එක Recommended Programs හෝ Other Programs යටතේ තියේවි. ඒ තියේන තැනින් Google Chrome එක Double ක්ලික් කරන්න. එවිට , ඒ Open With Box එක Close වෙවි.

( පහල පින්තුර 2කේ පෙන්වා ඇත. ) [ මෙම පින්තුර අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]




4 ) දැන් ඉතින් Properties Box එකේ පහල තියේන OK එක ක්ලික් කරන්න.

දැන් , අපි ඒ Settings හදපු PDF ෆයිල් එක විතරක් නෙමේ , ඔබේ පරිගණකයේ තියේන සියලුම PDF ෆයිල්ස් ඕනැම වෙලාවක , Open කරන් කියවන්න , බලන්න පුලුවන්.


කැමති නම් , අපේ මේ පොස්ට් එකට Comment එකක් දා ගෙනම යන්න.

Ref_banner 928x90

Read More »

මධුර ඩික්ෂනරියට සමුදෙමු... !! නාමල් ඩික්ෂනරිය සමග එක්වෙමු... !! 2014 [ Free Download & Get Ready To Use New Kind Of Dictionary - Namal Dictionary 2014 ]

34 Comments

This post was Updated 15 January 2014 by V-shwa PraBhaThiya

ඔන්න මේ විශ්ව තවත් පොස්ට් එකක් අරගෙන ඔයාලා බලලා යන්න ආවා....ගොඩක් කාලෙකින් මේ පැත්තේ එන්නත් බැරි උනානේ...අද මම හිතුවා, කස්ටියට අලුත්ම අත්දැකීමක් දෙන්න....මම ඉතින් මෙච්චර කාලයක් ඔයාලට දුන්නේ එකෙක tricks , hacking වගේ ඒවා විතරනේ. ඉතින් අද මම දෙනවා ඩික්ෂනරි එකක්.....මම දන්නවා, ඔයාලා කවුරුත් පාවිච්චි කරනනේ, මධුර ඩික්ෂනරි එක කියලා....ඒත් මම අද දෙන ඩික්ෂනරි එක ඔයාල දැක්කොත්, මට අනිවා කියන්න පුළුවන් ඔයාල ඒකට කැමති වෙනවා කියලා....මොකද කියනවා නම්, මම අද මේ දෙන්න හදන ඩික්ෂනරි එක, එසේ මෙසේ ඩික්ෂනරි එකක් නෙවෙයි...මේක ඇවිල්ල, මධුර ඩික්ෂනරි එක වගේ සිය දහස් ගුණයක් පහසුකම් වැඩි, භාවිතයට ඉතා පහසු සහ තවත් ගොඩක් විශේෂාංග සහිත ඩික්ෂනරි එකක්...



එහෙනම් දැන් අපි පොස්ට් එක ගැන කතා කරමුකෝ...මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ අපේ ලංකාවේ පොරක්... නාමල් ජයතුංග කියලා කොල්ලෙක් තමයි මේ ඩික්ෂනරි එක හදල තියෙන්නේ...
දැන් ඩික්ෂනරි එක ගැන කතා කරමුකෝ !!! මේ ඩික්ෂනරි එකේ නම තමයි නාමල් ඩික්ෂනරිය දැන් බලමු මේකේ තියෙන විශේෂත්වය මොකක්ද කියලා....නාමල් ඩික්ෂනරියේ තියෙන විශේෂාංග එකින් එක මම විස්තර කරන්නම්. මේ ටිකට අමතරව තව තියෙනවා හොදේ..... 

කට්ටියට මතක ඇතිනේ මේකේ කලින් version එක. ඒ කිව්වේ 2013 දී ආපු version එක. මෙන්න මම අද අලුත් ම version එක අරගෙන ආවා. මේක 2014 දී En Dictionary ලෙස හඳුන්වනවා.


En Dictionary යනු English Document කියවීමේදී පහසුම ක්‍රම සපයන සහ English ඉගෙන ගන්න උනන්දුවක් ඇති අයට English Learning Method රාශියක් සපයන, නව අත්හදා බැලීම් ඔස්සේ විශ්මිත පහසුකම් එකතු කරමින් ඉදිරියට ගමන් කරන ක්‍රමවත් අධ්‍යාපනික මෘදුකාංගයකි.

Features of the En Dictionary  ( NEW )

පහත සඳහන් Features බාවිතා කරන ආකාරය පිළිබඳව වැඩි විස්තර En Dictionary යෙහි Main Menu වේ ඇති Help (view --> help) ඔස්සේ බලාගත හැක.


1) Web Browser & PDF Readers Support  ( NEW )

New :-  Chrome, Firefox, Adobe PDF Reader වැනි මෘදුකාංග වලින් විවෘත කරගත් File එකක ඇති වචනයක් මත Double Click කල සැනින් එහි තේරුම ගෙන හැර දැක්වීමට En Dictionary වලට දැන් පුලුවන්.


2) Singlish Keyboard for Windows  ( NEW )

New :-  Windows මතදී බාවිතා කරන ඕනෑම මෘදුකංගයක් මත සිංහලෙන් Type කිරීමට පහසුම ක්‍රමයක් ලබාදේ. Facebook වැනි වෙබ් අඩවි මත සිංහලෙන් Comment කිරීමට පසුවෙන් බාවිතා කල හැක.

3) Easy Search in Web  ( NEW )

New :-  දැනගැනීමට අවශ්‍ය වචනයේ තේරුම හෝ වැඩිදුර විස්තර Google, Wikipedia වැනි Site වලින් One Click එකකින් දැන ගැනීමට පහසුකම ඇත.

4) Various Searching Options  ( NEW )

New :-  විවිධාකාරයේ Searching සඳහා Searching Option කීපයක් හදුන්වා දී ඇත.




5) Auto Search  ( NEW )

වචනයක් හෝ වාක්‍යයක් Copy කරන විටම එහි තේරුම දැන ගැනීමට පුලුවන්. ඔබට අවශ්‍ය ආකාරයට එහි Settings Manage කරගැනීමටද පුලුවනි.

New :-  Copy කරගෙන සිටින වචනයේ තේරුම රහිතව En Dictionary Open විය යුතුනම් Middle Mouse Button එක මගින් En Dictionary Open කිරීමෙන් එය කරගත හැක.

6) Searching Window

ඩික්ෂනරිය Run කල පසු එය System Tray එකෙහි "N" අකුරක ආකාරයේ Icon එකකින් Dictionary Application එක දක්නට ලැබේ. ඒ මත ක්ලික් කල විගස ස(ර්)චින් වින්ඩෝ එක ලෝඩ්වේ. ඒවන විට ඔබ යම් වචනයක් කොපි කරගෙන සිටීනම් ඒ වචනයට අදාලව තේරුම දැක ගන්නට පුලුවන්. ඔබට යම් වචනයක් ඉංග්‍රීසි වලින් මෙන්ම සිංහලෙන්ද ස(ර්)ච් කිරීමට පුලුවන්. ඒ සඳහා යුනිකෝඩ් සිංහල කීබෝඩ් එක මෙන්ම සින්ග්ලිෂ් කී බෝඩ් (Like SMS Typing System) එකද බාවිතා කල හැක. View --> About NDictionary වින්ඩෝවේ "Singlish Key Board Layout" Button එක click කිරීම මගින් Singlish Scheme එක බලාගන්න පුලුවන්. දිග වාක්‍යයක වුවද එහි ඇති වචන සියල්ලගේම තේරුම් වෙන වෙනම බලාගත හැක.



System Tray Icon එක මත Right Click කල විට ඩික්ෂනරියට අදාලව ඉදිරිපත් කල සියලුම ටූල් හා අනෙකුත් විධාන සහිත මෙනු එක දැකගන්නට පුලුවන්.



Searching Window එක Show වෙලා තිබෙන අතරතුර යම් වචනයක් Copy කල විගස තේරුම ගෙනහැර දක්වයි. ඉහත ඉදිරිපත් කල මෙනු එකෙහි දක්නට ලැබෙන Enable Auto Search විදානය Tick කිරීම මගින් යම් තැනකින් වචනයක් කොපි කල විගස එම කොපි කරගත් වචනයට අදාලව තේරුම Search Window එක ගෙන නොතිබුනත්, තේරුම ඉදිරිපත් කරයි.

7) Get Word From Image (Text Capture - Optica Character Recognize)

Web Page එකක, Data Protected e-book, Google Book, Error Massage එකක, Image එකක, වචනයක තේරුම දැනගන්න ඕන උනොත් කරන්න තියෙන්නෙ ඩික්ෂනරියක ටයිප් කරල හොයාගන්න එක. ඒත් ප්‍රශ්නයක් තියෙනව. වචන ගොඩක් ගොඩ ගැහුනම කම්මැලි වැඩක්. ඒ සඳහා විසඳුම තමයි Screen එක Capture කරල අදාල වචනය ගැනීම. System Tray Icon මත Right Click කරල ලැබෙන Main Menu එකේ "Text Capture" Click කල විගස Screen එක Capture කිරීමට ටූල් එකක් ලැබේ.

මෙම ක්‍රියාවලිය කිරීම සඳහා යොදාගන්නා ටෙක්නොලොජි එක සම්පූර්ණයෙන් භාවිතා කිරීමට අවසර නැහැ. ඒ හින්ද ඔක්කොම පහසුකම් බාවිතාකරන්න බෑ. ඒ දේවල් ටිකත් ඩික්ෂනරියට එකතු කරන්න, ලොකු මුදලක් OCR Technology එක දෙන සමාගමට ගෙවන්න වෙනව.


8) Subtitle Translator for Km Player  ( NEW )

මම නම් වැඩියෙන්ම කැමති මේ ටූල් එකට.මේ ටූල් එක ඉංග්‍රීසි හදාගන්න උණ තියෙන අයට වැදගත්ම ටූල් එකක්. අනිව ඉංග්‍රීසි හදා ගන්න හොඳම ක්‍රමයකට උදව් වන නිර්මාණයක්. මටත් ඔය උණ තියෙන නිසා මම සාමාණ්‍යයෙන් ෆිල්ම් එකක් බලනවනම් පැයේ ෆිල්ම් එකකට පැය තුනක් ගන්නව. ඒකට හේතුව තමා, එකේ තියෙන දේවල් වල තේරුම සොයා ගනිමින් ෆිල්ම් එක බැලීම. වෙලාව යන හේතුව තමා ඉංග්‍රීසි වචන වල තේරුම හොයන්න යන වේලාව. මේ කරදරය හින්ද ෆිල්ම් එකේ රසවත් බාවයත් නැතිවෙලා යනව.
ඒ සඳහා විසදුමක් විදියට Km Player එකට මේ Add-On එක හදලා තියෙන්නේ.

මෙම ටූල් එක English ඉගෙන ගන්න උවමනාව තියෙන අයට වැදගත්ම ටූල් එකකි. English බාවිතය මගින් English ප්‍රගුණ කරන්න ඔබට මෙය පහසුකම් සලසාවි!

New :-  සියළුම Subtitle Open කිරීමේ හැකියාව දැන් ඇත.

New :-  Subtitle Translator එක භාවිතා කරන අවස්තාවක් ගැන හිතන්න. ඔයලට යම් අවස්තාවක වචනවල තේරුම් දැන ගන්න ඕන වුනොත් Space Bar එක Press කරනව. ඒ මොහොතට KMPlayer එකහි පෙන්නුම් කරන Subtitle ට්ක වෙනස් වනව. දැන් ඔයාලට තේරුම ගේන්නෙ ඔයා අපේක්ෂා කල වක්‍යයේ වචනවල තේරුම් නෙවී. ඔන්න ඔය ගැටලුවට විසදුමක් 2014 Version එකෙන් ඔයාලට ලැබෙනව Subtitle Navigation කියල.





ඔයාල බලන්න රෙඩිවන ෆිල්ම් එක තියෙන ෆෝල්ඩර් එකේම English Subtitle File එක තියෙන්න ඕන. ෆිල්ම් එකේ නමින් තියෙන්නම ඕනෙ නෑ. හොදයි දැන් ෆිල්ම් එක Km player එකෙන් ඕපන් කරගන්න. දැන් ඩ්ක්ෂනරියේ Main Menu එකෙන් Subtitle Translator (Km Player) මත ක්ලික් කරන්න.

යම් Position එකක ඇති English Word එකක තේරුම දන්නෙ නැත්නම් කරන්න තියෙන්නෙ කීබෝඩ් එකේ Space Bar එක Press කරල වීඩියෝ එක Pause කරන එක. එවිට අදාල Position එකේ ඇති English Word ඔක්කොමගෙ තේරුම් දර්ශනය කරාවි. තව දෙයක් කියන්න ඕන, ඔය සිංහල subtitles හදන ගොඩක් දෙනෙක් වගේ use කරන්නේ මේ ටූල් එක. මොකද, English Word එකේ තේරුම ලේසියෙන් හොයාගන්න පුළුවන්නේ....මේ විදියට තමයි එයාලා හැම ෆිල්ම් එකකටම වගේ සිංහල subtitles හදන්නේ....ෆිල්ම් එක බලල ඉවර උනාම Main Menu එකේ Subtitle Word Search එකමත ක්ලික් කරල, දාල තියෙන Tick එක ඉවත් කරන්න. එවිට අදාල ක්‍රියාවලිය Close වී යයි. එසේත් නැතිනම් System Tray Icon එක මත Double Click කරන්න.

9) English, Sinhala & Singlish Typing  ( NEW )

English වලින්, සිංහල යුනිකෝඩ් ෆොන්ට් වලින් මෙන්ම Singlish (Like SMS Typing) යන සියලු ආකාරයටම මෙහි වචන සෙවීම කල හැක.


10) Top Word of The Day with Game  ( NEW )

ඉංග්‍රීසි හදාගන්න උනන්දු කට්ටියට දෙන උපදෙසක්නෙ දවසකට වචන 10ක් වත් පාඩම් කරගන්න කියල. අන්න ඒ සඳහා තමා මේ ටූල් එක. එහිදී අලුතින් පාඩම් කල වචන හුරුවීම සඳහා මේ Game එකෙහි යෙදෙන්න පුලුවන්. Games යටතේ තවත් දී ඇති Tool එකක් තමා Question, එමගින් ඔබට පුලුවන් English වල යෙදෙන නිපාත (preposition) පිළිබඳ වැඩි දුරට අධ්‍යනය කරන්න.


11) Top 10 Words of The Day

New :-   English භාෂා පර්යේෂක වරුන්ගේ සොයාගැනීම අනුව English හොඳින් ඉගෙන ගැනීමට වචන 4,000ක් ප්‍රමාණවත්. මෙම Tool එක මගින් ඔබට එම වචන වලින් වචන 10ක් දවසකට ගෙන දේවි. අනිවාර්යයෙන් ඒවා පාඩම් කරගන්න.



මෙයත් Top 10 Words of the Day වගේම එකක් කියන්න පුලුවන්. Game එකක් ලෙසත් Use කරන්න පුලුවන්. සරලවම කියනවනම් දවසකට සිංහල වාක්‍ය 10ක් මෙයින් ගොඩනගා දෙනව. ඔබට තියෙන්නෙ ඒවා English වලට පරිවර්තනය කර නිවැරදිද කියල බලා අවබොද කරගැනීම.

12) English Learning Tools  ( NEW )

English Learning Tools යටතේ ලබා දීල තියෙන දෙයක් තමා English Tip Tool එකක්, එහිදී දවසකට එකක් ලෙස English වල වාක්‍ය ගොඩනැගීමේදී බාවිතා වන Tricks ඔබට නැරඹීමට අවස්තාව ලැබෙනව.


13) Multi Clip Board

ලිපියක් ටයිප් කිරීමෙදී එකම වචනය කීප සැරයක් ටයිප් කරන්න වෙන අවස්තාවකදී ඒ සඳහා යන කාලය අඩු කරගන්න පුලුවන් මේ ඇප් එකෙන්.

14) Auto Text Grab

ලොකු ඩේටා ප්‍රමාණයක් ( Text ) එක් තැනකින් ගෙන තව ෆයිල් එකකට වර්ග කරල (Sorted File) එකක් හදන්න තියෙන වෙලාවකට එම කාර්ය්‍ය ස්වයංක්‍රීයව කරගන්න පහසු කරන ඇප් එකක්...

15) English Sinhala Word Database Community

නාමල් ඩික්ෂනරිය හරහා ඔයාල වචනයක් සර්ච් කිරීමේදී එම වචනය නැත්නම් ඒ වචනය ඩෙටබේස් එකට ඇඩ් කිරීමට බටන් එකක් පෙන්වීම හා ඒ හරහා ඔයාලට වචන එකතු
කිරීමට වින්ඩෝවක් දක්නට ලැබේ. එයට වචන එකතු කල හැක, ඔබ වචන 10ක් පමන එකතු කල පසු ඔබට පුලුවන් එම වචන අප්ලෝඩ් කරන්න. එලෙස ඔබට පුලුවන් Community Base Open Source Database එක ලෙස හදුන්වා දුන් සිංහල-English Word Database එකෙහි Developing කටයුතුවලට සහාභාගි වන්න.

16) English-English Dictionary

විශේෂ වෙනස් කමක් ලෙස කියන්න පුලුවන් English-English Dictionary මෙතඩ් එකක්ද එකතු කරලා තියෙනවා. යම් වචනය සිංහල තේරුම හොයද්දි එම වචනයට අදාලව නිසියාකාර තේරුමක් ඩික්ශනරිය මගින් සිංහලෙන් ලැබුනෙ නැතිනම් ඔබට පුලුවන් English වලින් දී ඇති තේරුම ලබාගන්න, More Button එක Click කර එහි ඇති English Definition යන විධානය Select කරන්න. එහි උදාහරණ පවා දැකගන්නට පුලුවන්.  Default Dictionary එක ලෙස English-English Dictionary එක Use කරන්න ඕනිනම් Settings වලින් පුලුවන් ඔබට මේ Option එක Active කරගන්න.

17) Real Time Search 

ඩික්ශනරියේ Max View එකේ සිට English වලින් හෝ සිංහල වලින් වචනයක් Search කිරීමේදී වචනය Type කරන අතර තුර ඒහා තිබෙන වචන ටික ඉක්මනින් ගෙනහැර දැක්වීම කරනු ලබයි.

18) History & Favorite  ( NEW )

New :-  History මගින් දිනය තුළ කලින් Search කල වචන නැවත බලා ගැනීමට පුලුවන්. Bookmark මගින් ඔබට අමතක වේ යැයි හැගෙන වචනයක් හෝ වාක්‍යයක් Save කර තබා ගැනීමට හා අවශ්‍ය විට View කිරීමටත් පුලුවන්.

19) Speech

Speech මගින් English වචනයක් Pronounce වන ආකාරය ඇසීමට පුලුවන්.

20) More Settings For Your Desire....

වැඩි විස්තර සදහා නාමල් යාය වෙබ් පිටුවට පිවිසෙන්න.

කියන්නත් සතුටුයි , Sri Lanka Inventor Commission එකෙන් පවත්වන ලද සහසක් නිපැයුම් 2012 තරාඟාවලියේදී The NDictionary Software එකට  National Significant Invention Award  එක දිනාගන්න පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම ICTA එක මගින් පවත්වන e-Swabhimani සම්මානයටත් 2013 වසරේදී යෝජනා ලබල තියෙනවා. ඇත්තම කියනවා නම් මේක, සම්මාන ලාභී ඩික්ෂනරියක් !! 

දැන් තේරෙනවද මේක කොච්චර වටිනා ඩික්ෂනරි එකක්ද කියලා...?? එහෙනම් ඉතින් දැන් තීරණය කරන්න, මේ ඩික්ෂනරි එක ඔයාලට ප්‍රයෝජනවත් ද කියලා...ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම්, මෙන්න දැම්ම download කරගන්න.....

( 2014 අලුත් ම Version එක )17 MB


( 2013 පරණ Version එක ) 22 MB


ඔන්න එහෙනම් මම ගියා....තවත් ෆට්ට පොස්ට් එකක් අරගෙන එන්නම් කියන පොරොන්දුවත් සමගමම යනවා...ආයෙත් දවසක හමුවෙමු !!!




Ref_banner 928x90

Read More »

Tweet Now !!