සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඕනෑම පොස්ටුවක් තත්පර 2කින් හැම Facebook Group එකකම Share කරමු !! [ How To Share Any Post To All Facebook Groups At Once. ]

හායි හායි ඉතින් කොහොමද යාලුවනේ..? ඔන්න ආයෙත් මං ගොඩ කාලෙකට පස්සේ පොස්ටුවක් අරන් ආවා... අද නම් ගෙනාවේ ෆට්ට පොස්ටුවක්..! මට හොදටම විශ්වාසයි මේ පොස්ටුව නම් ගොඩාක් අයට වැදගත් එකක් වෙයි කියලා..



මොකද ඉතින්, Facebook එකේ තමන් ඉන්න  group හැම එකකම තමන්ගේ පොස්ටුවක් තප්පර 2, 3කින් share කරගන්න පුළුවන් කියන්නේ කොච්චර දෙයක්ද නේ..? ඔය web site කරන කට්ටියට තමන්ගේ post share කරන්න, තව e-money එහෙම කරන අයගේ referral link එහෙම share කරන්න වගේ ගොඩක් දේවල් වලට මේ පොස්ට් එක අනිවා අත්‍යාවශ්‍ය පොස්ටුවක් වන බව මට නොඅනුමානයි!!

මෙහෙමයි, තමන් ඉන්න  group හැම එකකම තමන්ගේ පොස්ටුවක් තප්පර 2, 3කින් share කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා..

එකක් තමයි, මේ ඕන කෙනෙක් දන්න script එහෙම නැත්තම් අපි අර codes කියල කිව්වේ.. දැන් ටික කාලෙකට කලින් මේ codes, Facebook එකේ ගොඩක් ජනප්‍රිය වුනා.. කොච්චර ජනප්‍රිය උනාද කිව්වොත් අන්තිමේදී Facebook එකෙන්ම, අපි F12 press කරලා Console එකේ code paste කරනකොට ඒවා scam විදියට පේන්න සැලැස්සුව... ඇත්තම කියනවා නම්, Facebook එකෙන් කරපු ඒ වැඩේට මාත් එකඟයි..මොකද කියනවනම්, මේ code එක ලියන අය, තම අයුතු ප්‍රයෝජනද මේ හරහා ඉටු කරගත් බැවිනි. ඔයාලත් ඒ විදියේ code එකක් use කරලා activity log එකට ගිහින් බැලුව නම් ඔයාලටත් තේරේවි.. ගොඩක් වෙලාවට අපි, මේ code හදපු කෙනාගේ photo වලට එහෙමත් like කරලා අපි දන්නෙවත් නැතුව.. ඉතින් ඒ වගේ code use කරන එක ගොඩක් භයානක වැඩක්!
ඒ නිසා තමයි මං මේ, අලුත් ක්‍රමයක් ඔයාලට හදුන්වා දෙන්න හදන්නේ..

අපි අපේ පොස්ටුවක්, Facebook එකේ හැම group එකකම share කිරීමට මෙහිදී භාවිතා කරන්නේ අපේ Facebook login email එක.. මේ ක්‍රමය Facebook එකේ අවසරය ඇති දෙයක්.. හැබැයි ඉතින් ඕනෑම දෙයක් ඕනවට වඩා එපා කියනවනේ.. ඒ වගේ මේ ක්‍රමයත් ඔයාල ඕනවට වඩා පාවිච්චි කරන්න ගියොත් block වෙයි හොදද... අනිත් කාරණය තමයි, මේ ක්‍රමයට photos එහෙම share කරන්න බෑ.. type කරපු පොස්ට් එකක් සහ link පමණයි මේ ක්‍රමෙන් share වෙන්නේ!

හරි අපි එහෙනම් වැඩේ පටන් ගමු! මේ වැඩේ පටන් ගන්න කලින් මේකත් කියන්න ඕනි, අපි මේ වැඩේ කරන්න කලින් මම මේ පහළ කියල තියෙන දේවල් ඔක්කොම කරන්න ඕනි.. හැබැයි ඒ හැමදේම එක පාරක් විතරයි කරන්න ඕනි.. මොකද මේ කියල තියෙන ටික කරන්න පැය භාගයක් වත් ඔයාලට යයි! ඊට පස්සේ, ඔයාලට ඕන තරම වාර ගානක් Facebook එකේ post share කරන්න පුළුවන් තප්පර 2 , 3කින්..

මේකෙදි අපි යොදාගන්න දේවල් තමයි : chrome browser, notepad++ , ඔයාගේ Facebook login email එක සහ chrome extension එකක්.

මුලින්ම ඔයාල chrome browser එකට මම මේ දෙන extension එක install කරගන්න! chrome නැතුව UC browser වුනත් අව්ලක් නෑ.. Firefox වලට නම් මේ extension එක එනවද කියල කියන්න නම් දන්නේ නෑ.. මේ extension එක ඇවිල්ලා Link Klipper.. මේකෙන් කරන්නේ, යම්කිසි page එකක් තියෙන සියලුම link ක්ෂණිකව copy කරගැනීමයි.
එහෙනම් මෙන්න install කරගන්නකො.. CLICK HERE




ඕක install කරගත්තම ඔය උඩ පින්තූරේ වගේ icon එකක් ඇවිත් තියේවි browser එකේ..
දැන්, ඔයාලා ඉන්න group ටික බලාගන්න ඕනි.. ඒකට fb log වෙලා, මේ link එකෙන් එන්න.. CLICK HERE
ඔය link එකට ගියාම මේ වගේ page එකකට ඔයාලා ඒවි..



දැන් ඔතන ඔය Your Groups කියල තියෙන්නේ, දැනට ඔයා join වෙලා ඉන්න group ටික. හරි එහෙනම් දැන් හැමෝම, ඔය page එකේ පහළට පහළට scroll කරගෙන යන්නකෝ... ඔය page එකේ පහළට ගිහින් page එක ඉවර වෙන තැනක් ඒවි..එතකම්ම පහළට යන්න.. දැන් අර Link Klipper කියන extension එක click කරලා, Options වලට යන්න..එතකොට අලුත් tab එකක් open වෙයි.
ඕකේ,
Export the file as (Extension) කියන තැන TXT කියලා දෙන්න..
Regex කියන තැන https://www.facebook.com/groups කියලා දෙන්න..
Multiple Extensions කියන තැන මොකුත් නැතුව හිස්ව තියලා Save කරලා ඒ tab එක close කරන්න...

ඊට පස්සේ ආයෙත් Link Klipper කියන extension එක click කරලා, Extract All Links කියන එක click කරන්න...එතකොට ඔන්න text file එකක් download වේවි..ඒ file එක open කලාම නිකං මේ වගේ ඇත්තේ..



ඔන්න දැන් තමයි අපි මේකේ වැදගත් ටික පටන් ගන්නේ.. මේකට අපිට notepad++ ඕනි වෙනවා.. කෙටියෙන්ම කිව්වොත්, notepad++  කියන්නේ notepad එක වගේම හැබැයි ඊට වඩා ගොඩක් advance text editor එකක් කියල කියන්න පුළුවන්. මේක මෙතනින් download කරගන්න.. CLICK HERE

දැන් එහෙනම් අපි අර download කරගත්ත text file එක notepad++ එකෙන් open කරගන්න.. ඕකේ සමහරවිට මෙන්න මේ පින්තූරේ තියෙන link වගේ ඒවත් ඇති..



අපිට ඒ link වැඩක් නෑ.. ඒ නිසා ඒවා select කරලා delete කරලා දාන්න.. මේ වගේ අනවශ්‍ය link ඔයාගේ text file එකේ තියෙනවා නම් ඒවා අනිවා තියෙන්නේ, text file එකේ උඩම හෝ යටම..ඒ නිසා text file එකේ උඩම සහ යටම පොඩ්ඩක් check කරලා බලලා  අනවශ්‍ය link select කරලා delete කරලා දාන්න..  මෙන්න මේ වගේ අනවශ්‍ය ලින්ක් delete කරන්න..
https://www.facebook.com/groups/?category=membership&ref=bookmark_header#newsFeedHeading
https://www.facebook.com/groups/?category=membership&ref=bookmark_header#
https://www.facebook.com/groups/546554668833380/562126460609534/?ref=notif&notif_t=group_activity
https://www.facebook.com/groups/?category=top
https://www.facebook.com/groups/?category=friends
https://www.facebook.com/groups/?category=local
https://www.facebook.com/groups/?category=invited

අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ තියෙන link විතරයි..
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/?ref=browser
https://www.facebook.com/groups/920871764597865/
https://www.facebook.com/groups/920871764597865/?ref=browser

ඇත්තම කිව්වොත් මගේ මේ වගේ lines 783 තියෙනවා..ඒක notepad++ එකේ යටම තියෙන bar එකේ පෙන්නනවා.. දැන් ඔය links ටික දිහා පොඩ්ඩක් බලන්න.. එක වගේ ලින්ක් තියෙනවා නේද? මෙන්න මේ වගේ,
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/
https://www.facebook.com/groups/BestPcGamesAndSoftwares/?ref=browser

මේ ලින්ක් 2ම එකයි..ඉතින් ඔයාලගෙත් මේ වගේ ඇති..දැන් අපි අන්න ඒ duplicate ලින්ක් එක delete කරන්න ඕනි.. ඒක කරන්නේ මෙහෙමයි.. notepad++ එකේ මෙහෙම icon එකක් ඇති..ඒක click කරන්න..



දැන් අලුතින් ආපු window එකේ Mark කියන tab එක click කරලා , Find what : කියන තැනට ?ref=browser කියලා දෙන්න. ඊට ටිකක් පහලින් තියෙන Bookmark line කියන එකට tik එකක් දාලා Mark All කියන එක click කරන්න..



ඊළගට එන popup window එක OK කරන්න.. දැන් බලන්න ඔයාලගේ text file එක මේ වගේ නිල් පාට රවුම් එක්ක ඇති..



දැන් උඩ තියෙන menu bar එකේ Search කියන එකට ගිහින්, Bookmark වලින් Remove bookmarked lines කියන එක click කරන්න..දැන් අර  නිල් පාට රවුම් තිබුණු lines ඔක්කොම remove වෙලා ඇත්තේ..දැන් බලන්න මුළු file එකේම lines කීයක් තියේද කියලා.. මගේ 392ක් තියෙනවා මේ වෙනකොට..ඒ කියන්නේ මම දැනට Facebook එකේ group 392කට join වෙලයි ඉන්නේ.. ඔයාලත් ඒ විදියට බලාගන්න ඔයාල join වෙලා ඉන්න group ගාන..

මං අර කලින් කිව්වේ notepad++ එකේ icon එකක් click කරන්න කියලා..හරි දැන් එහෙනම් ආයෙත් ඒක click කරලා Replace කියන tab එකට ගිහින්, එකේ Find what : කියන තැනට https://www.facebook.com/groups/ කියලා දෙන්න. Replace with: කියන එක හිස්ව තියලා Replace All කියන එක click කරන්න..

දැන් ඊට පස්සේ ආයෙත් අර icon එකම click කරලා Replace කියන tab එකට ගිහින්, එකේ Find what : කියන තැනට  /  කියලා දෙන්න. Replace with: කියන තැනට @groups.facebook.com, කියල දීලා, Replace All කියන එක click කරන්න..

දැන් ඔය file එකේ යටටම ගිහින් අන්තිමට තියෙන ******@groups.facebook.com, කියන එකේ  ,  එක ඉවත් කරලා ඕක text file එකක් විදියට save කරගන්න.. දැන් ඔය notepad++  ඒකත් close කරලා දාන්න. ඔන්න අමාරුම වැඩ කොටස ඉවරයි.. 90%ක් complete !!

ඊළඟට, ඔයාලා ඔයාලගේ Facebook log වෙන email එකට යන්න..ඒක gmail, yahoo mail වගේ මොකක් උනත් කමක් නෑ..හැබැයි ඔයා Facebook log වෙන email එක වෙන්න ඕනි හොදේ.. email එකට ගිහින් sign in වෙලා, Compose හෝ Compose mail කියන එකට යන්න..ඒ කිව්වේ දැන් අපි ඔන්න mail එකක් යවන්නයි හදන්නේ... ඊට පස්සේ ඕකේ දැන් තියෙනවනේ To: , CC: , BCC: කියලා වගේ ඒවා..
ඒවායින් BCC: කියන එකේ ඔයා අර save කරපු file එකේ තියෙන ඔක්කොම ටික copy paste පාරක් දාන්න..
ඒ කිව්වේ, අර text file එක open කරලා Ctrl+a  press කරලා, Ctrl+c  press කරලා BCC කියන එකේ හිස් කොටුව ඇතුලේ cursor එක තියලා Ctrl+v  press කරන්න..එතකොට අර save කරපු file එකේ තියෙන ඔක්කොම ටික ඔතනට paste වේවි.. Subject කියන තැනට මොකුත් type කරන්න අවශ්‍ය නෑ.. දැන් ඉතින් සාමාන්‍ය විදියට ඔයාට group වල share කෙරෙන්න ඕන post එක, ඔය mail එකේ body එකේ type කරන්න..
ඊට පස්සේ Send කියන එක click කරපු ගමන් Facebook එකේ ඔයා join වෙලා ඉන්න හැම group එකකම ඒ පොස්ටුව share වේවි තප්පර කිහිපයකින්...

අවවාදයයි : ඔබ මං වගේ group 300 ගානක් වගේ හෝ ඊටත් වැඩි ප්‍රමාණයකට join වී ඇත්නම්, එකවර ඒ group 300ම පොස්ටුව share නොකර, ඉන් අඩකට පමණ share කර පසුව නැවත ඉතිරි ටික මද වෙලාවකින් share කරන්න.. තවද, ඔබ group 100 ක් හෝ ඊටත් අඩුවෙන් හෝ ඊටත් වැඩියෙන්  ප්‍රමාණයකට join වී ඇත්නම්, දිනකට දෙතුන් සැරයකට වඩා මෙම ක්‍රමය භාවිතයෙන් වළකින්න! මොකද නැත්තම් block වේවි..ඇත්තම කියනවා නම් group 70කට වඩා, එක දවසකදී පොස්ට් share කරන්න එපා.. මම මේ මොහොත වෙනකොටත් block වෙලයි ඉන්නේ !!

ඔන්න ඔහොමයි group වල පොස්ට් share කරන්නේ..දැන් අපි හිතමු ඔයාට හෙටත් පොස්ටුවක් group වල share කරන්න ඕනි කියල, එහෙනම් ඔය මං අර කියපු විදියට mail එකට ගිහින් BCC වල අර ඔක්කොම paste කරලා , අවශ්‍ය පොස්ටුව type කරලා Send කරන්න විතරයි තියෙන්නේ...අපි අර මුලින්ම කරපු අනිත් කිසිම දෙයක් නැවත කිරීමට අවශ්‍ය නැත..!!

ඔන්න එහෙනම් , කවුරුවත් රහසක් විදියට තියාගෙන හිටපු තප්පර 2, 3කින් Group වලට post share කිරිල්ල , මං ඔන්න හෙළි කළා..

අන්තිම වශයෙන් තව දෙයක් කියන්න ඕනි.. ඒ තමයි, මේ extension එකක් දාගෙන notepad++   use කරලා group හැම එකකම link copy කරගෙන, ඒවායේ duplicate link අයින් කරලා, ඒ හැම group එකකම Group Id එකට පිටිපස්සෙන් @groups.facebook.com, කියලා දාන එක වගේ දේවල් හැම එකක්ම කරන විදිය, මේ තරම් ලේසියට මමම තමයි හොයාගත්තෙ.. නැත්තම් නිකං හිතල බලන්න group 300කට 400කට විතර මේ වැඩේ එකින් එක කරන්න ගියොත් කොච්චර වෙලාවක් යයිද කියලා.. ඒකයි මේ වගේ ක්‍රමයක් මං ඔයාලට ඉදිරිපත් කලේ.. මේ වෙනතුරු මේ දැන් කියපු ටික කරන්න, පහසු ක්‍රමයක් මේ ලෝකේ කිසිම වෙබ් අඩවියක තිබුනේ නෑ.. ඉතින් ඊට වඩා ලේසි ක්‍රමයකින් අපි ඒ කරපු දේවල් ටික කරගන්න පුළුවන් වෙන ක්‍රමයක් හෝ අදහසක් ඔයාලා ළඟ තියෙනවා නම්, මාව අනිවා ඒ පිළිබඳව දැනුවත් කරන්න!

දැන් ඉතින් මෙච්චර දෙයක් කියා දීලත් දැක්කේ නෑ වගේ තමන්ගේ අදහස් comment නොකර යන්න තරම කුහක නොවී, තම අදහස් comment කරලා යන්න.. මොකක් හරි අවුලක් තියේ නම් ඒත් comment කරන්න.. නැත්තම් ඉතින් direct facebook එකෙන් මං contact කරගන්න!
හරි එහෙනම් ඔන්න මං ගියා... කස්ටියටම බුදුසරණයි !! ආයෙත් නොබෝ දිනකින් හමුවීමේ බලාපොරොත්තුව ඇතුව, මම තාවකාලිකව සමුගනිමි!!




2 comments:

Tweet Now !!