සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


IDM Download Speed එක දෙගුණයකින් වැඩි කරගමු !! [ How To Double IDM Download Speed. ]

ඔන්න ෆට්ට කාලෙකට පස්සේ මමත් බ්ලොග් එක පැත්තේ ආවා... Internet Download Manager (IDM) එක ගැන දැන් ඕන පොඩි එකෙක් දන්නවනේ.. ඉතින් මං අද මේ කියන්න යන්නේ IDM එකේ download speed එක දෙගුණයකින් වැඩි කරගන්න ආකාරයයි!
මෙහෙමයි, IDM අලුත්ම version එක තවම දාගත්තේ නැති කෙනෙක් ඉන්නවා නම් මෙතනින් ගිහින් full activated latest IDM එක install කරගන්නකො...



වැඩි කතාබහ නැතුව මම කෙලින්ම පොස්ට් එක ගැන කතා කරන්නම්..මොකද මටත් මේ දවස් වල වැඩි වෙලාවක් ඉතුරු වෙලා නෑ...

IDM එකේ speed එක වැඩි කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක්ම තියෙනවා.. එකක් තමයි IDM Optimizer එක.. මේකෙන් IDM speed එක වැඩි කරගන්න විදිය, මම කලින් පොස්ට් එකකින් කියලා දුන්නා... එතකොට මේ අද කියන්න හදන්නේ වෙන ක්‍රමයකට වෙනත් කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර IDM Speed එක වැඩි කරගන්න විදියයි..!!

හරි මුලින්ම එහෙනම් ඔයාලගේ Internet Download Manager (IDM) එක open කරගෙන, එකේ තියෙන Downloads කියන tab එක click කරලා, Speed Limiter කියන එක click කරන්නකෝ.. අනිවා එතන ඇත්තේ, Speed Limiter කියන එක Turn off වෙලා... ඉතින් දැන් ඔයාල ඒ Speed Limiter කියන එක Turn on කරන්න.



ඊට පස්සේ, ඔය Speed Limiter කියන එකේ තියෙන Settings කියන එකට යන්න. එතකොට පොඩි pop-up box එකක් open වේවි.. එකේ Maximun download speed for one file 100 Kbytes/sec කියලා ඇති...



ඔන්න ඔය 100 කියන එක 1000 කියලා type කරලා, ඊට පල්ලෙහා තියෙන box එකටත් ටික් එකක් දාලා OK කරන්න... දැන් මෙහෙමයි, ඔයාට සාමාන්‍යයෙන් තියෙන download speed එක 500Kbytes/sec වගේ නම් ඔතන 1000 කියල හෝ ඊට වැඩියෙන් දාල OK කරන්න.. 1000Kbytes/sec කිව්වේ 1MB කියන එකයි.. ඔයාට සාමාන්‍යයෙන් තියෙන download speed එක 2 or 3Mbytes/sec වගේ නම් ඔතන 4000 කියල හෝ ඊට වැඩියෙන් දාල OK කරන්න.. 4000Kbytes/sec කිව්වේ 4MB කියන එකයි.. ඒ වගේ, තමන්ගේ download speed එකට අදාලව ඕක වෙනස් කරගන්න හොදේ...

එහෙනම් දැන් ඔන්න ඒකත් හරි... ඊළඟට ආයෙත් IDM එකේ Downloads කියන tab එක click කරලා එකේ option වලට යන්න.. දැන් පොඩි pop-up box එකක් open වේවි.. ඒකෙ Connection කියන tab එකට යන්න. දැන් ඕකේ Connection Type/Speed කියන තැනට ඔයාගේ Internet Connection එක අනුව Low Speed ද, Medium speed ද, High speed ද කියලා තෝරලා OK කරන්න...



ඔන්න වැඩේ හරි... දැන් ඉතින් මොකක් හරි file එකක් download කරලා බලන්නකෝ , කලින් වගේමද නැත්තම් ඇත්තටම IDM එක speed වෙලාද කියලා... මේ trick එක windows 7 සහ 8 වල එළකිරි වගේ වැඩ කරනවා..10 වල නම් කොහොමද කියලා දන්නේ නෑ.. එහෙනම් ඔන්න try කරලා බලන්න හොදේ.... !!

මේ වගේ තවත් පෝස්ටුවකින් නැවත හමුවීමේ බලාපොරොත්තුව ඇතුව, මම එහෙනම් තාවකාලිකව සමුගනිමි..!!



1 comment:

Tweet Now !!