සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබත් වෙබ් හා බ්ලෝග් සයිට් එකක් කරනව නම් හෝ පාඨකයේක් නම් , අනිවාරේන්ම කියවා දැන ගත යුතු ලෝකයේ හා ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් කලාවේ ඉතිහාසය හා වර්තමානය. [ History & Present Situation Of World And Sri Lankan Webs And Blogs. ]


අපි , වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවට අදාලව පාඩමක් කියල දෙන්නේ නම් ගොඩක් කාලේකට පසුවයි. ඉතින් , මේ පාඩමේදි අපි කතා කරන්න හිතුව බ්ලෝග් කලාවේ ඉතිහාසය හා වර්තමාන තත්වය පිළිබදව. මොකද , මේ වන විට බ්ලෝග් එකක් සැලකිය යුතු පුද්ගලයන් පිරිසක් අතර ප්‍රචලිතව , ප්‍රසිද්ධව පවතිනව. ඒ වගේම , අපි හිතන විධියට ඕනැම දේයක පාදම වෙන්නේ ඉතිහාසය හෙවත් අතිත කතාවයි. ඒ නිස , ඒ ගැන අනිවාරේන්ම දැන ගෙන ඉන්න ඕන. නිකන් ලාවට හරි මතකයේ තියේන්නවත් ඕන. එවිට , ඕන වෙලාවට , ඕන දේ මතක් කර ගන්න පුලුවන්.

මිට කලින් අපි දාපු වෙබ් හා බ්ලෝග් පාඩම් තාමත් බැලුවේ නැත්නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් බලන්න.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 01.
#. වෙබ් හා බ්ලෝග් පාඩම් - 05.


හරි , මෙහම කතාව පටන් ගමු.

අන්තර්ජාලය නිසා තමයි , ලොව සැම දේයක්ම අපේ අතේ දුරකට ඇවිත් තියේන්නේ. කවුරු කොහම කිව්වත් අන්තර්ජාලය නැතුව නම් , ඉන්න කියන එක පහසු වැඩක් නෙමේයි.


1960 දි ARPANET ( The Advanced Research Projects Agency Network ) කියන ඇමරිකානු රජයට අයිති ආයතනයක් මගින් දත්ත කිපයක් , වෙනත් ස්ථානයක තිබුන පරිගණකයක කිපයක් සමග හුවමාරු කර ගැනිම තමයි , අන්තර්ජාලයේ ආරම්භය ලෙස ඉතිහාසයේ සනිටුහන් වෙන්නේ.

නමුත් , 1960 දි අන්තර්ජාලය උපත ලැබුවත් , පොදුවේ ජනයා අතරට එන්න නම් සැලකිය යුතු කාලයක් ගත්තා. ඒ අනුව 1991 අගෝස්තු මස 6 වෙනිදා World Wide Web ( WWW - ලෝක ව්‍යාප්ත වියමන / ලෝක ව්‍යාප්ත පැතුරුම ) කියන , අපි මේ අදටත් භාවිත කරන අන්තර්ජාල සිද්ධාන්තය එළි දකිමින් , අන්තර්ජාලය සාමාන්‍ය ජනයාටත් විවෘත වුනා. මිට කලිනුත් අන්තර්ජාලය වැදගත් පියවරවල් පසු කරා. 
ඒ වගේම , WWW කියන එකේ පියා , එහමත් නැත්නම් අපි මේ නොමිලේ භාවිතා කරන අන්තර්ජාලයේ පියා තමයි Tim Berners-Lee කියන්නේ. මොහු තමන් සොයා ගත්ත දේයට පේටන්ට් බලපත්‍රයක් ගන්න උනන්දු වුනේ නැති නිසා තමයි , අපිට අන්තර්ජාලය නොමිලේ භාවිතා කරන්න පුලුවන් වුනේ. නමුත් , අන්තර්ජාලය සොයා ගත්ත පුද්ගලයා , ඒය නොමිලේම ලබා දෙද්දි , ඔහු සොයා ගත්ත අන්තර්ජාලයේ කටයුතු කරන්න අපි අන්තර්ජාල සේවා සපයන ආයතන වලට මුදල් ගෙවිය යුතුයි.

අන්තර්ජාලයේ පියා ලෙස ඔහු හැදින් විමට තවත් හේතුවක් වන්නේ , ඔහු තමයි ලෝකයේ පළමු වෙබ් සයිට් එක නිර්මාණය කරන්නේ. මේ සදහා අධාර කරන්නේ යුරෝපා සන්විධානයට අයිති - කියන ආයතනයයි. මේ සදහා භාවිත කර තිබෙන්නේ NeXT ලෙස හදුන්වන පරිගණකයයි.

මේක තමයි , ලොව පළමු වෙබ් සයිට් එකේ වෙබ් ලිපිනය ( Web Address ) - http://info.cern.ch/hypertext/WWW/TheProject.html

මෙතනින් ගිහින් ලොව පළමු වෙබ් සයිට් එක ගැන තවත් දේවල් බලන්න පුලුවන්.

ඒ වගේම , 2000 වගේ වෙද්දි අන්තර්ජාලයේ වෙබ් හා බ්ලෝග් සයිට් තිබුනේ 17,087,182ක් පමණයි. නමුත් , 2015 ඔක්තෝබර් මස 20 වන දින රාත්‍රි 8.47 වන විටත් වෙබ් හා බ්ලෝග් සයිට් 943,295,100ක් තිබුනා හා අති සිඝ්‍රගාමිව අලුත් සයිට් අන්තර්ජාලයට එකතු වෙමින් පැවතේනවා. මෙතනින් ගිහින් දැන් වෙද්දි තියේන හා ඇති වෙමින් පවතින සයිට් ගණන බලන්න පුලුවන්.


මේ ඉහලින් කතා කරේ අන්තර්ජාලයේ ඉතිහාසයේන් කොටසක් පමණයි. තවත් බොහෝ දේ කියන්න නම් ඕන. නමුත් , මේ ගැන සියලු කරුණු , අපි වෙනම පොස්ට් එකකින් බලමු.


අන්තර්ජාලය ඔස්සේ වෙබ් සයිට් වලටත් , ඉන් පසුව දැන් අපි එන්න හදන්නේ වෙබ් සයිට් ඔස්සේ බ්ලෝග් සයිට් වලටයි.


බ්ලෝග් සයිට් ගැන කතා කරද්දි ගොඩක් දෙනේක් බ්ලෝග් සයිට් හදුන්වන්නේ තමන්ගේ හෝ කිසියම් ආයතනයක පුද්ගලික විස්තර  , අනිත් අයත් සමග බෙදා ගැනිමට කරගෙන යන සයිට් එකක් විධියටයි. ඒ වගේම , බ්ලෝග් සයිට් නොමිලේ ලබා දෙන ආයතන වලිනුත් , මේ ලබා දෙන්නේ මේ අරමුණ බොහෝ දුරට මුලික කරගෙනම තමයි. නමුත් , බ්ලෝග් කියන දේ ආරම්භ වුන මුල් කාලේම ඒවා වානිජමය තත්වයට පත් වුනා.

ඒයට හොදම නිදසුන තමයි ලොව මුල්ම වතාවට බ්ලෝග් සයිට් වලින් මුදල් ඉපයු  පුද්ගලයින් දෙදෙනා වන Darren Rowse හා John Chow කියන්නේ. මේ Problogger.net , Digital-Photography-School.net හා John Chow.com කියන්නේ මුල්ම වතාවට මුදල් ඉපයිමට භාවිත කල බ්ලෝග් සයිට් 3යි.

ලෝකයේ මුල්ම බ්ලොග් සයිට් එක ලෙස Links.net කියන බ්ලෝග් එක 1994 දි Swarthmore විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදි Justin Hall කියන පුද්ගලයා විසින් ආරම්භ කරා. ඒ කාලයේ නම් බ්ලෝග් කියන නම තිබුනේ නැ.  ඒ වෙනුවට , ඔහු කිව්වේ මේක මගේ පුද්ගලික තොරතුරු ඇති පිටුවක් කියලයි.

1997 දි , Web Log කියන නම භාවිත වෙන්න ගත්ත. 1999 දි , Web Log කියන එක කෙටි කරමින් Blog කියන එක භාවිතා වෙන්න ගත්ත. Blog කියන වචනය හදුන්වා දුන්නේ පරිගණක භාෂා ශිල්පියේක් වන Peter Merholz විසිනුයි.

දැනට ලෝකයේ සේම ලංකාවෙත් වැඩිපුර පවතින බ්ලෝග් වර්ගය වන Blogger Platform එක 1999දි , Evan Williams හා Meg Hourihan කියන පුද්ගලයන් 2නා විසින් ආරම්භ කරමින්, බ්ලෝග් කලාවේ විප්ලයව ආරම්භ කරනවා. ඉතින් , එදා ආරම්භ වුන විප්ලවයේ අද පවතින තැන අයේත් කියන්න දේයක් නැනේ. බලන බලන පැත්තේම ගොඩාක් දුරට තියේන්නේ Blogger බ්ලෝග් සයිට්. මොවුන් 2නා දැනටත් , Google ආයතනයට අයිති 1999දිම පටන් ගත්ත Pyra Labs කියන ආයතනයේ තමයි රැකියාව කරන්නේ.

ඒ වගේම , දැනට Blogger සමග කරට කර සටනක් දියත් කර තියේන WordPress එක 2003දි තමයි ආරම්භ වුනේ. කොහම නමුත් , ඉතා කෙටි කාලයක් තුල තමයි WordPress මේ තරම් ප්‍රචලිත වුනේ.

ඉතින් , මේව තමයි අන්තර්ජාල්යේ , වෙබ් සයිට් වල , බ්ලෝග් සයිට් වල ඉතිහාසය. මේ කිව්ව විධියට ආරම්භ වුන දේවල් තමයි , අද වන විට ලෝකයම ආක්‍රමණය කරල තියේන්නේ.


දැන් අපි , මේ විධියට ලෝක ඉතිහාසයේන් ඔස්සේ ආපු ගමනින්ම ශ්‍රී ලංකාවේ වෙබ් හා බ්ලෝග් ඉතිහාසය ගැන බලමු.


මම ලංකාවේ පුද්ගලයේකු විසින්ම නිර්මාණය කරපු මුල්ම වෙබ් හෝ බ්ලෝග් සයිට් එක හෙව්වත් , මට ඒ ගැන නම් හොයා ගන්න බැරි වුනා. ඒ නිසා , ලාංකික පුද්ගලයේකු විසින්ම නිර්මාණය කරන ලද පළමු වෙබ් හෝ බ්ලෝග් සයිට් එක ගැන දන්නව නම් , ඒ ගැන අනිවාරේන්ම මේ පහලින් Comment එකකින් කියන්න.


ලංකාවේ වෙබ් සයිට් ඉතිහාසය ගැනත් ඒතරම් දේයක් හොයා ගන්න බැරි වුනා. නමුත් , දැකපු විධියට 2007 , 2008 වෙද්දි ලංකාවේ බ්ලෝග් කලාව නම් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නව. සමහරට විට මිට කලින් වෙන්නත් පුලුවන්. නමුත් සැලකිය යුතු ලෙස ව්‍යාප්ත වෙන්නේ , මේ කාල වකවානුවේ තමයි.

2010 වෙද්දි ලංකාවේ බ්ලෝග් කලාව ඉතාමත් හොදින් මුල් බැසගෙන ව්‍යාප්ත වුනා.
කාලයත් සමග ලබා ගන්න සියලු අත්දැකිම් එක්ක , අද වන විට ලංකාවේ බ්ලෝග් සයිට් කියන දේ පුදුමාකර ලෙස ප්‍රසිද්ධයි. ලංකාවේ ඉතාමත්ම හොද වෙබ් හා බ්ලෝග් සයිට් පවා ක්‍රියාත්මක වෙනව. බ්ලෝග් සයිට් වර්ගිකරන පවා ඉතාමත් පුළුල් පරාසයක විහිදි පවතිනව.
තාක්ෂණිකද , ජිවිත කතාද , ඉතිහාසය ගැනද , විහිළු ද , විචාරද යනාදි ලෙස එකි මෙකි නොකි සියලුම වර්ග වලට අයිති වෙබ් හා බ්ලෝග් සයිට් තියේනව.

අපි මේ වෙද්දි ලාංකිකයන් විසින් මෙහෙයවන බ්ලෝග් සයිට් විතරක් 185ක් දත්ත සහිතව දැකල තියේනවා. නමුත් , අනිවාරේන්ම 1000කට ( මිට වඩා වැඩි වෙන්නත් පුලුවන් ) වැඩි බ්ලෝග් සයිට් ප්‍රමාණයකටවත් අපි උරුමකම් කියන්න පුලුවන්. නමුත් , මේ ගැන ස්ථිර පිළිතුරක් නම් දැනට කොහේන්වත් හොයා ගන්න බැ.


ලංකාව තුල දැනට දත්ත සහිතව වෙබ් හා බ්ලෝග් සයිට් 131,308කට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙනව. නමුත් , මේ ගණන මිට වඩා වැඩි වෙන්නත් පුලුවන්. නමුත් , ඒ ගැන කොහේවත් ලිඛිත දත්ත නම් නැ. ඒ වගේම , මේ ක්‍රියාත්මක වන සයිට් 131,308ම ලාංකිකයේකු විසින් කරන ඒවත් නෙමේ. දේශිය හා විදේශිය සයිට් සියල්ලම මෙහි අන්තර්ගතයි. මේ ගැන Alexa එකේන් හා SimilarWeb කියන සයිට් වලින් බලා ගන්න පුලුවන්.


ලංකාවේ මිනිසුන් අතර ඉතාමත්ම හොදින් වෙබ් හා බ්ලෝග් කලාව පැතිරි පවතිනව. වෙබ් හා බ්ලෝග් සයිට් පවත්වන් යන පිරිස් සේම , ඒවාට පැමිණේන පාඨකයන්ද ඉතාමත්ම හොද තත්වයක තියේනව. මෙහමයි , තමන් ලබා දෙන දේ අනුව තමයි පාඨකයන් ඔබලා වටා එක් රැස් වෙන්නේ. ඒනම් , සැම විටම නැවුම් , වැදගත් , වටින , හිතට වදින දේවල් පළ කරන සයිට් වලට තමයි පාඨකයන් ඇදිල එන්නේ.


දැන් වන විට ලංකාවේ බ්ලෝග් කියන එක්තරා විධියක විද්‍යුත් මාධ්‍යය ඉලක්ක කරගෙන , පාදක කරගෙන , ඉතාමත්ම හොද ශ්‍රී ලාංකික බ්ලෝග් සාමාජයක් නිර්මාණය වෙල තියේනව. මේ බ්ලෝග් සමාජයේ බ්ලෝග් සයිට් කරන අය සේම , පාඨකයන්ද සිටිනව.

මේ අපි කතා කරන්නේ පරිගණකය මුලික කරන් ක්‍රියාත්මක වන සාමාජයක් ගැන නෙමේ. මේ බ්ලෝග් සමාජයේ ඉන්න සියලුම දේන තමන්ගේ එදිනෙදා ජිවිතයේදි හමු වෙනව , උදව් කර ගන්නව , ඒනම් සාමාජය තුලම ඇත්තටම ක්‍රියාත්මක එකක්.

මේ ශ්‍රී ලාංකික බ්ලෝග් සාමාජය 2011 වසරේ තමයි ආරම්භ කරේ. ( මම සොයා ගත්ත දත්ත අනුව. වැරදි නම් , ඒ ගැන කියන්න. )

2011 සිට 2015 දක්වා ආපු කෙටි ගමන් මග තුල සැලකිය යුතු ක්‍රියාකාරකම් කරන්න , මේ බ්ලෝග් සාමාජයට පුලුවන් වුනා.
2011 සිට 2015 දක්වා සයිබර් අවුරුදු සැණකෙලියක් ද , 2014 දි ගාලු සාවාරියක්ද , 2013 දි Mega Beach Party එකක්ද , 2012 දි බ්ලොග් අවකාශයේ මිතුරෝ සමාජ සත්කාර වැඩසටහනද යනාදි ලෙස විවිධාකරයේ වැඩසටහන් පවත්වා තියේනව. ( මිට අමතරව තවත් දේවල් කරල තියේනව. ඒ හැම දේම මෙතන කියන්න ආමාරුයි. ) 
දැන් , තේරේනව ඇති නේද ලංකාවේ බ්ලෝග් කලාව , බ්ලෝග්කරුවන් හා පාඨකයන් කොයි තරම් සුපිරි මිනිසුන්ද කියල. මම මේ බ්ලෝග් සාමාජය ගැන 2013 දි තමයි දැන ගත්තේ. ඒත් , මේ වෙන සියලුම දේවල් බැලුව / කියේව්ව ඇරේන්න , අපිට ආසාවටවත් එකකටවත් සහභාගි වෙන්න බැරි වුනා. ඒ ගැන නම් අපිටත් දුකයි. :/

ඒ වගේම , අලුතින් හා සමහර බ්ලෝග්කරුවන් මේ සාමාජය ගැන දන්නේ නැ. ඉතින් ඒ නිසා තමයි , නොදන්න අයට දැන ගන්න මේ ගැන කිව්වේ.


ඒ වගේම , මෙවැනි සාමාජයක ඉන්න නිසා , තමන් පොස්ට් එකක් පළ කරන වාරයක් වාරයක් ගානේ , ඒවට ඒ ඒ සාමාජිකයන් Comments දානවා. ඉතින් , මේ නිසාම ඔබේ සැලකිය යුතු පොස්ට් ප්‍රමානයකට හොද Comments ප්‍රමානයකුත් ගන්න පුලුවන්.


අපේ මේ ලංකාවේ ක්‍රියාත්මක බ්ලෝග් සාමාජය ගැන සියලුම තොරතුරු මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඒ වගේම , මෙහි සාමාජිකත්වය ලබා ගන්න ඕන නම් මෙතනින් යන්න. 


මේ පහලින් තියේන්නේ සයිබර් අවුරුදු සැණකෙලියකදි ලබා ගත් බ්ලෝග් සාමාජයේ සමුහ ජායාරුපයකි.



අපි දැනට විද්‍යුත් මාධ්‍යයක් මුලික කරගෙන නිර්මාණය වුන දැවැන්ත සාමාජ 2ක් දැක්කා. එකක් තමයි , මේ බ්ලෝග් සාමාජය හා Ingress කියන ඇන්ඩ්‍රොයිඩ් හා Apple OS ක්‍රිඩාව මුලික කරගෙන හැදුන සාමාජය. මේ සාමාජ 2ම , තමන්ට සේම අන් අයටත් පුලුවන් උපරිමයේන් සේවය කරන කොට්ඨාස 2ක්. Ingress සාමාජය ගැන දැන ගන්න ඕන නම් මෙතනින් යන්න. 

මේ පහලින් තියේන InfoGraphic වලිනුත් බ්ලෝග් ගැන පැහැදිලි කිරිමක් කරගන්න පුලුවන්.





එදිනෙදා ජිවිතයේදි මේවා තමන්ගේ සාමාන්‍ය දැනිමට පවා අවශ්‍ය වෙනවා. :D

මේ පොස්ට් එකේ කිසියම් හෝ දේයක් නිවැරදි වෙන්න ඕන නම් හෝ අලුතින් දේයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැනත් අනිවාරේන්ම කියන්න.


-------------------------------------------------------------------------------------------------------------------


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.



0 Comments:

Tweet Now !!