සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


ඔබ විසින් Ingress ක්‍රිඩා කල යුතු ආකාරය ( උපදෙස් ) හා Ingress වලදි ලැබෙන සියලුම දේවල් ගැන දැන ගන්න. ( Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress. ) [ Real Adventure Game With Real Time GPS Technology - Ingress. ] ( Part - 2 )



ඔන්න , අපි කිව්ව විධියටම Real Time GPS තාක්ෂණය භාවිත කරමින් , ඔබ , මේ මොහතේ ඉන්න ස්ථානය අනුව , ක්‍රිඩා කිරිමට අවස්ථාව ලබා දෙන , ලොව පළමු හා එකම Android හා Apple ක්‍රිඩාව - Ingress , 02 කොටස අද අරන් ආවා. 

ඔබ තවමත් Ingress 01 කොටස කියේවුවේ නැත්නම් , මෙතනින් ලින්ක් එකේන් ගිහින් අනිවාරේන්ම බලන්න.

මේ පොස්ට් එකේදි , ඔබ විසින් Ingress ක්‍රිඩා කල යුතු ආකාරය හා ඔබට මේ Ingress වලදි ලැබෙන Resonators , Weapons , Portal Keys , Power Cubes හා Mods යනාදි දේවල් වල රුපත් සමගම විස්තර කර තිබෙනවා. 

සැලකිය යුතුයි - මේ පොස්ට් එක තව දුරටත් සංස්කරණය කිරිමේ කටයුතු වල පවති.

1. ) Portal Keys.

Ingress වලදි වැඩිපුර ලකුණු ලබා ගන්න පුලුවන් ක්‍රමයක් තමයි Links , Fields , Onions නිර්මාණය කිරිම. ඔබට එක Link එකකින් , එක් වරම සම්බන්ධ කරන්න පුලුවන් Portals 2ක් විතරයි. Portals 2 ගානේ , ඕන තරම් Portals ගනණක් සම්බන්ධ කරන්න පුලුවන්. ඉතින් , මෙසේ $අ හා $බ් ලෙස $පොර්ටල් 2ක් ඇති විට , ඔබට $අ සිට $බ් ට ලින්ක් කල යුතු නම් , ඔබ ලග $බ් Portal එකේ එහමත් නැත්නම් ඔබ ඉලක්ක කරන Portal එකේ Key එක , ඔබ සතුව තිබිය යුතුයි. 
Portal එකක් , කුමන කොටසකින් Capture කරන් හිටියත් කාලයක් යද්දි , Portal එකේ බලය අඩු වෙනව. නැවත බලය වැඩි කරන්න නම් , ඒ Portal එක Capture කරන්න ඉන්න කොටසට අදාල කවුරුන් හෝ Agent කෙනෙකු විසින් Portal එක Recharge කරන්න ඕන. Recharge කිරිම , ඒ Portal එකේ Key එකක් නැතුව , ඒ Portal එක ලගම ඉදන් කරන්නත් පුලුවන්.
ඒ වගේම , ඔබට ඒ Portal එකේ Key එක තිබේ නම් , ඒ Portal එක ඔබ ඉන්න තැනට කිලෝමිටර් සිය ගානක් ඇති තිබුනත් , ඒක Recharge කරන්න පුලුවන්. මේවා තමයි , Portal Key එකේන් කරන්න පුලුවන් වැඩ.

Link එකක් නිර්මාණය කරාම ලකුණු එහමත් නැත්න්ම් Ingress වලින්ම කියනව නම් AP 313ක් ද , Portal 3ක් ත්රිකෝණාකාරව Link කිරිමේන් නිර්මාණය කරන Field එකකට ලකුණු හෙවත් AP 1500ක් ලැබෙනවා. සමහර ක්රිඩකයන් නිසි සැලස්මක් නැතුව Links හා Fields නිර්මාණය කරල 313 හා 1500ක් පමණක් ලබාගෙන , ලකුණු හෙවත් AP 30,000 / 50,000 වගේ විශාල ලකුණු ප්‍රමාණයන් නැති කර ගන්න අවස්ථා තියේනවා. සමහර විට 50,000ට වැඩියේන් නැති කරගන්න අවස්ථාවනුත් තියේනවා. ඉතින් ඔයාලත් හිතල බලන්න , නිසි සැලස්මක් නැතුව ක්‍රිඩා කරල , AP 313ක් , 1500ක් විතරක් ගන්නවද , එහම නැත්නම් සුපිරි සැලස්මක් ඇතුව ක්‍රිඩා කරල , AP 30,000 / 50,000 හො ඊට වැඩියෙන් ගන්නවද කියල. 

2. ) Resonators.

කලින් කියු පරිදි Resonators කියල කියන්නේ , Portal එකක් ආරක්ෂා කිරිමට ඉන්න සෙබලුන්ට. Resonators Level 1 ( L1 ) සිට Level 8 ( L8 ) දක්වා වර්ග තියේනවා. L1 සිට L8 දක්වා , Level එක වැඩි වෙන්න වෙන්න , Resonatorsලගේ ප්‍රභලතාවය වැඩි වෙනවා. අපි හිතමු , ඔබ දැනට Level 6 කියල , ඒ නිසා ඔබට L1 සිට L6 දක්වා Resonators භාවිතා කරන්න පුලුවන්. නමුත් , L7 හා L8 Resonators භාවිතා කරන්න නම් බැ. L7 හා L8 ඒවා භාවිත කරන්න නම් , Level 7 හෝ Level 8 වෙල ඉන්න ඕන.

මේ Ingress ක්‍රිඩා කරන විට , ඔබට Level Up වෙන්න වෙනවා. ඒනම් , මුලින්ම Ingress ක්‍රිඩා කරන්න පටන් ගනිද්දිම , ඔබ ඉන්නේ Level 1. ඒතැන් සිට ඔබට Level 2 , Level 3 යනාදි ලෙස Level 8 හා Level 16 දක්වා Level Up වෙන්න ඕන. Level Up වෙන තරමට , ඔබේ ප්‍රභලතාවය වැඩි වෙනවා.
මෙහිදි , Level 8 ( L8 ) වෙනව කියන්නේ , ඔබ Ingress වල ස්ථිරභාවයක් ලබා ගෙන , මෙහි ප්රභල Agent කෙනෙක් බවට පත් වු බවයි. මේ Ingress වල ලබා දෙන Resonators , Weapons යනාදි සියලුම දේවල් , L8 Agent කෙනෙක්ට භාවිතා කරන්න පුලුවන්. L8 වෙන්න නම් , ඔබට AP 1,200,000 ඕන වෙනවා.
නමුත් , මේ සියල්ල භාවිතා කරන්න පුලුවන් වුන නමුත් , ඔබට L16 දක්වාම Level Up වෙන්න පුලුවන්. ඔබට L16 වෙන්න ඕන නම් , ඔබට AP 40,000,000 ඕන වෙනවා. L16 වලින් පස්සේ නම් , අයේ Level Up වෙන්න දේයක් නැ.
L1 සිට L8 දක්වා , ඒ ඒ Level එකට අදාලව ඔබට Resonators , Weapons යනාදි දේවල් ලැබෙනවා. නමුත් , ඔබ L9 වුනාම , අයේ L9 Resonators , Weapons ලැබෙන්නේ නැ. ලැබෙන්නේ L8 Resonators , Weapons තමයි. මේ සියලු දේවල් ගැන ඔබට Ingress ක්රිඩා කරද්දි දැන ගන්න , තේරුම් ගන්න පුලුවන්.

3. ) Weapons.

කලින් පොස්ට් එකේ කියු පරිදි Neutral Portals , Resistance මගින් Capture කරා නම් , Enlightened , ඒ Portals තමන්ගේ පාලනයට ගන්න ආපහු උත්සහ කරනව. ඒ සදහා ඔවුන් ආයුධ යොදා ගන්නවා. මේ ක්‍රිඩාවේදි , අපට ආයුධ වර්ග කිපයක් ලැබෙන්වා. ඒවා , XMP Bursters හා Ultra Strike ලෙස හදුන්වනවා.
Enlightenedලා , Portal එකක් Capture කරාම , Resistanceලා කරන්නේත් Fire කරන එක තමයි. මේ ආයුධ යොදා ගෙන පහර දෙනවට , මේ ක්‍රිඩාවේදි කියන්නේ Fire කරනව කියලයි.

ඒ වගේම , ඔබ Portal එකක් Capture කර ගැනිමට Fire කරන විට පුලුවන් තරම් ඒ ඉතල හිස , පදුරක් ලෙස පෙන්වන Portal එක උඩටම එහමත් නැත්නම් මැදටම ගිහින් Fire කරන්න. එවිට අඩු කාලයක් හා Weapons ප්‍රමාණයක් වැය කරමින් Portal එක Destroy කර , ඒය Capture කර ගන්න පුලුවන්.

මෙහිදිත් , ඔබ දැනට ඉන්නේ L6 නම් , ඔබට භාවිත කරන්න පුලුවන් වෙන්නේ L1 සිට L6 දක්වා Weapons විතරයි. L7 හා L8 Weapons භාවිත කරන්න පුලුවන් වෙන්නේ , ඔබ L7 හා L8 වු පසුවයි.

ඒ වගේම , ADA Reflector හා Jarvice කියල ඉතාමත් කලාතුරකින් ලැබෙන Weapons 2කුත් තියේනවා. මේවා හැම තිස්සේම භාවිතා කරන්නේ නැ. ඒ නිසා ඔබත් , මේවා Missions 2වලඩ්ගි වැනි අවස්ථා වලශි තමයි ගොඩාක් භවිතා කරන්නේ.
ADA Reflector මගින් , Englightenලට අයිති Portal එකක් , ක්ෂණිකව Resistanceලට අයිති කර ගන්න භාවිත කරන්න පුලුවන්.
Jarvice මගින් , Resistanceලට අයිති Portal එකක් , ක්ෂණිකව Englightenලට අයිති කර ගන්න භාවිත කරන්න පුලුවන්.

4. ) Mods.

Mods කියල කියන්නේ , ඔබේ වර්ගයට ( Resistance හෝ Englighten ) අයිති Portals ආරක්ෂා කර ගැනිමට හා විවිධ හේතු වලට භාවිත කරන්න පුලුවන් උපාන්ග කිපයක්. අපි එකින් එක , ඒවා ගැන බලමු.
මේ සැම උපාන්ගයක්ම Common , Rare හා Very Rare ලෙස වර්ග 3ක් තියේනවා. මෙහිදි අදහස් වන්නේ , ඔබේ Hack කිරිම් වලදි Common ගොඩක් අවස්ථා වලදිත් , Rare ඒයට වඩා අඩු වෙනුත් , Very Rare අනිත් 2ටම වඩා අඩුවෙනුත් ලැබිමයි. ඒ වගේම , Common , Rare හා Very Rare වන විට , ඒම Mods වලට අදාල කර්යන් වල ප්‍රභලතාවය වැඩි වෙනවා.
මේ Mods දාන්න පුලුවන් වෙන්නේ , ඔබේ වර්ගයට අයිති Portals වලට විතරයි.

* Portal Shield - එක්තරා කොටසකට අයිති Portal එකක් , අනිත් කොටසින් අයිති කර ගැනිමට Fire කරන විට , ඒවායින් Portal එක යම්තාක් දුරකට හරි ආරක්ෂා කර ගන්න යොදන්න පුලුවන්.
ඒ වගේම , එක්තරා කොටසකට අයිති Portal එකක් , අනිත් 2කොටාඉන් Hack කරන විටත් , ඒ Portal එකේ බලය ( Life එක ) පොඩ්ඩක් විතර අඩු වෙනවා. මෙවැනි හානි වලිනුත් Portal එක ආරක්ෂා කරගන්න පුලුවන්.
ඒ වගේම , AXA Shield කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන Mod එකක්.

* Link AMP - ඔබ Portals Link කරන විට , ඒම Link වල දුර ප්‍රමාණය වැඩි කර ගැනිමට භාවිත කරන්න පුලුවන්.
ඒනම් , ඔබ ගාල්ල හා යාපනය වගේ විශාල දුර ප්‍රමාණයක් තියේන Portals 2ක් Link කරන විට , Link AMP භාවිත කරන්න පුලුවන්.
මෙහිදිත් , SoftBank Link AMP  කියන්නේ ඉතාමත් කලාතුරකින් ලැබෙන Mod එකක්. SoftBank Link AMP දාන්නේ රටවල් 2ක වගේ Portals Link කරන විටයි.

* Heat Sink - ඔබ Portals එකක් , එක පාරක් Hack කරාට පසුව 2නුව Hack කරන්න පුලුවන් වෙන්නේ , පළමු Hack එකේන් විනාඩි 5කට පසුවයි. ඒ නිසා , මෙවැනි Hack කිරිම් අතර තියේන විනාඩි 5ක , කාල පරතරය අඩු කරගන්න , මේ Heat Sink භාවිත කරන්න පුලුවන්.

* Multi Hack - ඔබට Portal එකක් , විනාඩි 5 කාල පරතර තියන් ( මම දන්න විධියට ) , 4 වතාවක් සාමාන්යය පරිදි Hack කරන්න පුලුවන්. නමුත් , ඔබට 4 වතාවට වැඩිය Portal එකක් Hack කරන්න ඕන නම් , මේ Multi Hack දාන්න ඕන. නමුත් , මේවායින් Hack කිරිම් අතර තියේන කාල පරතරය අඩු වෙන්නේ නැ.

* Force AMP - ඔබේ වර්ගයට අයිති Portal එකකට , අනිත් කොටසින් Hack හෝ Fire කරන විට , Portal එකේ බලය ( Life එක ) ඉබේටම වැඩි වේ.

* Turret. 

Mods  වර්ග නම් , අපි දැනට දන්න තරමින් තියේන්නේ මෙපමණයි.

5. ) Power Cubes.

Ingress වලදි තමන්ට ජිවයක් ( Life එකක් ) තියේනව. මෙහිදි , ජිවය ( Life එක ) හදුන් වන්නේ XM ලෙසයි. අපි Portal Hack කරාම , Link කරාම , Fields නිර්මාණය කරාම යනාදි අවස්ථා වලදි , ඒ ඒ කාර්යට අදාලව , XM යම් කිසි ප්රමාණයක් අඩු වෙනවා.
නමුත් , අපි Ingress ක්රිඩා කරන්න තැනින් තැනින් තැනට යන විට මහමග හා Portals අසල තියේන XM එකතු වි , අපේ XM ප්රමාණය වැඩි වෙනවා.
ඒ වගේම , ඔබ මහමග හෝ Portals අසල නැති වෙලාවටත් , ඔබේ XM ප්රමාණය වැඩි කර ගැනිමට භාවිත කරන්න පුලුවන් දේයක් තමයි , Power Cubes කියන්නේ.

ඔබේ කොටසට අයිති Portal එකක් , අනිත් කොටසින් අයිති කර ගැනිමට Fire කරන විට , ඒම Portal එකේ බලය අඩු වෙනවා. අන්න ඒවන් වෙලාවක , ඔබ ලග ඒ Portal එකේ Key එකත් තියේනව නම් ගෙදර ඉදන්ම එක Recharge කරන්න පුලුවන්. Key එක නැතුව Recharge කරන්න නම් , ඔබ Portal එක ඔබේ Range එක ඇතුලේ තිබිය යුතුයි.
ඔබ Level Up වෙන්න වෙන්න , ඔබට එකතු කර ගන්න පුලුවන් XM ප්රමාණයත් වැඩි වෙනවා. ඕනම විටක ජිවය ( Life එක ) වැඩියේන් එකතු කර ගන්න පුලුවන් එක ගොඩක්ම ලොකු වාසියක්නේ.
මේ පහලින් තියේන රුපයේ , Ingress Level වලට අදාලව එකතු කර ගන්න පුලුවන් XM ප්රමාණයන් දක්වා ඇත.

6. ) Capsule.

Capsule වල ඔබේ Portal Keys , Resonators , Weapons යනාදි දේවල් ගබඩා කර තබන්න පුලුවන්. අපි අර මුලින් කිව්ව වගේ ඔබට Links , Fields , Onions ගහන්න Keys ගොඩක් සමහර වෙලාවට ඕන වෙනවා. එවිට , ඔබ ලග ඒ අදාල Portals වල Keys තිබේ නම් , ඒවා Capsule එකට දමා , Portal එක Hack කරන්න. Capsule එක තැන රැදි නොසිට වාහනයක , බයික් එකක එහම යන ගමන් Hack කරන අයට ඉතාමත් වැදගත් වෙනවා.

 ඒ වගේම , MUFG Capsule කියල Capsule එකකුත් තියේනවා. මේ Capsule එකට දාන දේවල් , යම්කිසි කාලයක් යද්දි වැඩි වෙනවා. ඒනම් , එකක් දැම්ම නම් කාලයක් ගියට පස්සේ ඒවා 2,3ක්ම ගන්න පුලුවන්.

7. ) Media.

ඔබ Portals Hack කරද්දි , ඔබට Ingress Videos ලැබෙනවා. මේවා තමයි Media කියන්නේ.

Ingress වල Passcode කියල දේයක් තියේනවා. Passcode කියන්නේ ඉලක්කම් හෝ අංක පේලියකටයි. Passcode වලින් ඔබට Hack කිරිමකින් තෝරව Resonators , Weapons , Power Cubes යනාදි ශේවල් ගන්න පුලුවන්. මේ Passcode තියේන්නේ , අපි Portals Hack කරාම ලැබෙන Videos වලයි. ඒ ලැබෙන Videos බලා , හරියටම ඉලක්කම් හෝ අංක පේලිය හෙවත් Passcode හදුනා ගත යුතුයි. ඒසේ හදුනා ගන්න Passcode , Ingress App එකේ තියේන Passcode කියන කොටසට ගොස් ටයිප් කර , OK කල විට , ඔබට ඒ Passcode එකට අදාල දේවල් ලැබෙනවා.

* මේ දේවල් තමයි , Ingress වලට අදාලව කියන්න තියේන්නේ. මේ පොස්ට් එකේ තියේන දේවල් හරියටම තේරුම් අරන් කියවලාම , Ingress ක්‍රිඩා කරන්න පටන් ගත්ත නම් , අනිවාරේන්ම ඔබ Ingress පට්ටම සුපිරිම සුපිරි Agent කෙනෙක් වෙනවා.

* Ingress ගැන තව මොනව හරි දැන ගන්න තියේනව නම් හෝ Ingress කියන එලියට බැහල , පරිසරය එක්ක කරන්න තියේන , මේ ක්‍රිඩාව ගැන ඔබලාට හිතේන දේවලුත් , මේ පහලින් Comment කරන්න.

-------------------------------------------------------------------------------------------------------------------

මේ පහලින් තියේන්නේ Ingress ක්‍රිඩාවට අදාලව පළ වුන පොස්ට් 2ම Links. 


0 Comments:

Tweet Now !!