සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් ආරම්භ කිරිම හා එය දියුණු කරමින් , ප්‍රසිද්ධ කරමින් පවත්වා ගෙන යන ආකාරය සහ බ්ලෝග් සයිට් එකේ ජාත්‍යන්තර හා ශ්‍රී ලාංකික Rank එක වැඩි කරගන්න ආකාරය. ( වෙබ් හා බ්ලෝග් පාඩම් - 02 ) [ How To Create Or Start Web Or Blog Site , How To Get Visitors & Traffic To Web Or Blog , How To Increase International & Sri Lankan , Rank Of Web Or Blog Site. ]


හරි , ඔන්න අද අපි වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 2 වන කොටස අරගෙන ආවා.
මට මේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 2වන කොටස දාන්න , හිතුවට වඩා කාලයක් ගියා. ඒ නිසා , මේ 2වන කොටස එනකම් බලන් හිටපු සියලුම දෙනාගේන් , ඒ සදහා සමාව ඉල්ල සිටිනවා.

ඊට කලින් , වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ 1 වන කොටස බැලුවේ නැත්නම් , මෙතනින් ගිහින් ඒක අනිවාරේන්ම බලන්න.


හරි , අපි එදා " පිටත Dashboard ( Outside Dashboard ) " එකේන් , " ඇතුලු Dashboard ( Inside Dashboard ) " එකට ඇවිත් තමයි පොස්ට් එක නැවැත්තුවේ.


ඒ නිසා අපි මෙතැන් සිට ඉදිරියට Blogger බ්ලෝග් වල " ඇතුලු Dashboard ( Inside Dashboard ) " එක ගැන කතා කරමු.


මේ පහලින් දාල තියේන්නේ Blogger බ්ලෝග් වල ඇතුලු Dashboard ( Inside Dashboard ) එකක පින්තුරයක්.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]



මේ උඩ පින්තුරේ තියේන 1 සිට 10 දක්වා සියලු දේවල් ගැන අපි මේ පොස්ට් එකේන් කතා කරමු.

මෙතන 1 සිට 10 දක්වා විතරක් තිබුනට , එක කොටසක් ඇතුලේ තව අනු කොටස් කිපයක්ම තියේනවා. ඒ නිසා ඒ සියල්ල ගැනමත් කතා කරනවා.

ඔන්න අපි මේවා ගැන එකින් එක හොයල බලමු.


1 - Overview.


Overview කියන්නේ බ්ලෝග් සයිට් එක ගැන යම් තරමක විස්තර ගන්න පුලුවන් කොටසක්.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

ඒ කියන්නේ මෙතන උඩ , වම් පැත්තේ Updates කියල තියේනවා.

එකත් එක්කම පහලින් , මෙන්න මේවා තියේනවා.

* Comments awaiting moderation - ඔයාගේ සයිට් එකේ කවුරු හරි Comment එකක් දැම්මට පස්සේ එක බ්ලෝග් පෙන්වන්න නම් ඔයාගේ අනුමැතිය ඕන වෙනවා. අන්න ඒ වගේ , අනුමැතිය දිල නැති Comment කියක් තියේනවද කියලයි එතනින් පෙන්වන්නේ.

( මේ Comments moderation කියන එක බ්ලෝග් එකට දාන්නේ නැත්නම් ගොඩක් හොදයි. මොකද මේකේන් ඔයාගේ සයිට් එක බලන , කියවන අයට Comment එකක් දාන කොට කරදරයක් වෙන්න පුලුවන්. )

* Published comments - දැනට බ්ලෝග් එකේ සියලුම පොස්ට් වල පෙන්න තියේන Comment ගණන.


* Pageviews today - අද දවසට ඔයාගේ බ්ලෝග් සයිට් එකේ තියේන සියලු පිටු - කරල තියේන ගණන.


* Posts - දැනට බ්ලෝග් එකේ දාල තියේන සියලුම පොස්ට් ගණන.


* Followers - ඔයාගේ බ්ලෝග් සයිට් එක - කරන අය ගණන. ( මේක ගැන අපි ඉදිරියේදි කතා කරනවා. )

-------------------------------------------------------------------------------------------------------------------------

2 - Posts.


Post කියන්නේ ඔයාගේ බ්ලෝග් එකේ දැනට දාල තියේන සියලුම පොස්ට් , මෙතනින් බලා ගන්න පුලුවන්.


ඒ වගේම , එක එක පොස්ට් Open කරල තියේන ගණන , එක එක පොස්ට් වලට දාල තියේන Comment ගණන හා ඒ ඒ පොස්ට් එක Google+ කරල තියේන ගණන වෙන වෙනම බලා ගන්න පුලුවන්.

( Google+ කරල තියේනව කිව්වේ , අර පොස්ට් වලට උඩින් හෝ පහලින් G+ කියල ලකුණක් තියේන්නේ , අන්න එක ක්ලික් කරල තියේන ගානට. )

* All - දැනට සයිට් එකේ ලියමින් පවතින හා ප්‍රසිද්ධ කරල තියේන ඇතුලු සියලුම පොස්ට් ගණන හා ඒ පොස්ට් පෙන්වන තැන. )

* Draft - කියන්නේ දැනට ලියමින් පවතින පොස්ට් ගණන හා ඒ පොස්ට් පෙන්වන තැන.
* Published - ඔයා දැනට ප්‍රසිද්ධ කරල තියේන පොස්ට් ගණන හා ඒ පොස්ට් පෙන්වන තැන.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------

3 - Pages.


සයිට් එකේ දැනට තියේන හදල තියේන Page බලා ගන්න පුලුවන්.

ඒ වගේම තව අලුත් Page හදන්නත් පුලුවන්.

මේ Pages කියන කොටසේ උඩ , දකුණු පැත්තේ තියේන New page කියන එක ක්ලික් කරාට පස්සේ , Menu එකක් පහලට එවි.

ඒකේන් Blank page හෝ Web address යන 2න් තමන්ට කැමති එකක් ක්ලික් කරන්න.

* Blank Page - මේ වගේ Page එකක් හැදුවම , ඒ Page වල මුකුත්ම නැ.

අපිට ඕන දෙයක් , ඕන විධියට දාන්න පුලුවන්. ( Blank Page හදන එක හොදයි. ) [ මේ Blank Page හදන්න තියේන්නේත් New Post එකක් දනවා වගේමයි. ඒ නිසා අපි New Post දාන විධිය ගැන කතා කරද්දි , Blank Page හදන විධිය ගැනත් කියන්නම්. )

* Web address - මේ Web Address කියන Page එකක් හැදුවම , ඒ Page එක ක්ලික් කරාට පස්සේ , වෙන සයිට් එකකට හෝ පොස්ට් එකකට යන්න පුලුවන් විධියට හදන්න පුලුවන්.

( Web Address කියන ක්ලික් කරාට පස්සේ පොඩි Box එකක් එනවා. එකේ , මුලින්ම තියේන Page Tittle කියන එකට Page එකට දාන්න ඕන නමක් ටයිප් කරන්න.
ඊට පස්සේ , පහල Web Address ( URL ) කියන එකට , ඒ Page එකට ගියාට පස්සේ , යන්න ඕන වෙන සයිට් එකක් හෝ පොස්ට් එකක ලින්ක් එක දෙන්න. )


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------


මේකේදි දැනට සයිට් එකේ සියලුම පොස්ට් වලට දාල තියේන Comments සියල්ලම වෙන වෙනම බලන්න හා කියවන්න පුලුවන්.

ඒ වගේම Spam වුන Comments මොනවද කියල බලලා , ඒවා Spam නෙමේ නම් , ඒ කියන්නේ හොද ඒවා නම් , ඒ Publish කරන්නත් පුලුවන්.

* Published - මේකේදි දැනට සයිට් එකේ සියලුම පොස්ට් වල දාල තියේන Comments සියල්ලම වෙන වෙනම බලන්න හා කියවන්න පුලුවන්.

* Spam - මෙතනදි සයිට් එකේ දැම්මත් , Blogger එක විසින්ම Spam කියල නම් කරපු Comments සියල්ලම වෙන වෙනම බලන්න හා කියවන්න පුලුවන්.

ඒවා කියෙවුවට පස්සේ , ඒ Comments , Spam නෙමේ නම් , ඒවා Publish කරන්නත් පුලුවන්. ( ඒ සදහා , ඒ ,  කියන Comment එක Select කරල , ඊට පස්සේ , උඩින් තියේන Not Spam කියන එක ක්ලික් කරන්න. )

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------


මේ Google+ කියන කොටස භාවිතා කරන්න කලින් ඔයාට Google+ ගිණුමක් ඕන වෙනවා.

Google+ කියන්නේත් Facebook වගේම සයිට් එකක්. බ්ලෝග් කරන ගොඩාක් දෙනෙක් අතරේ Facebook තරම්ම Google+ ප්‍රසිද්ධයි.

Gmail ගිණුමක් හදද්දිම ඔබට Google+ ගිණුමකුත් හැදේනවා. ඒ නිසා අයේ අමුතුවෙන් Google+ ගිණුමක් හදන්න ඕන නැ.

මෙතනින් ගිහින් Google+ එකට ගිහින් , එකේ අහල තියේන දේවල් සම්පුර්ණ කරල , තව වෙන මොනව හරි තිබුනෝත් , ඒවත් සම්පුර්ණ කරාම , හරි.

දැන් , දැනටමත් ඔයාට තියේන Google+ ගිණුම හෝ අලුතේන් හදපු Google+ ගිණුම භාවිතයේන් , මේ Google+ කොටසේදි ප්‍රධාන Settings 3ක් හදන්න පුලුවන්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ i , ii , iii කියල තියේන දේවල් ගැන , මේ පහලින් පැහදිලි කර ඇත.


i - Automatically share after posting - ඔයා පොස්ට් එකක් දාල , ඒක Publish කරාට පස්සේ , ඒ පොස්ට් එක ඔයාගේ Google+ ගිණුමේ හා ඔයාගේ සයිට් එකේ Google+ Page එකට Autoම Share වෙනවා.


ii - Prompt to share after posting - ඔයා , පොස්ට් එකක් දාල , Publish කරද්දි , එක , ඔයාගේ Google+ එකට හා සයිට් එකේ Google+ Page එකට අපිටම Share කරන්න පුලුවන්. ( Publish කරද්දි , පොඩි කොටුවක් එනවා. එකේ පහලින් Public කියන එක තෝරල , ඊටත් පහලින් තියේන Share කියන එක ක්ලික් කරල , ඒ පොස්ට් එක Share කරන්න පුලුවන්.


iii - Use Google+ Comments on this blog - ඔයාගේ සයිට් එකට Google+ එකේ තියේන Google+ Comment Box එක භාවිතා කරන්න පුලුවන්. ( ඒත් , Google+ Comment Box භාවිතා කරන්නේ නැතුව , බ්ලෝග් සයිට් එක හදද්දිම ලබා දෙන Blogger Comment Box එක දිගටම තියා ගෙන ඉන්න එක හොදයි. මොකද තාමත් Google+ Comment Box එක කට්ටියට පුරුදු නැ. ඒ නිසා පුරුදු Blogger Comment Box එකම දිගටම තියා ගෙන , වැඩියේන් Comments ලබා ගන්න. )


මේ Settings 3න් Active කරන්න ඕන Setting එක ඉස්සරහ තියේන පොඩි කොටුවේ Tic එකක් දැම්මේන් , ඒක Active කරගන්න පුලුවන්.

( 1 හා 2 පමණක් Active කරාම ඇති. ) 
-------------------------------------------------------------------------------------------------------------------------

6 - Stats.


මේ කොටසින් , බ්ලෝග් එකට එන කට්ටිය විවිධ විධියට වර්ග කරලා , බලන්න පුලුවන්.


මේ කොටසේ දකුණු පැත්තේ , උඩ ඔයාගේ සයිට් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.


* Pageviews today - අද දවසට බ්ලෝග් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.

* Pageviews yesterday - ඊයේ දිනයේදි , ඔයාගේ සයිට් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.
* Pageviews last month - ගිය මාසයේ ඔයාගේ සයිට් එකේ සියලුම පිටු , Open කරල තියේන ගාන බලා ගන්න පුලුවන්.
* Pageviews all time history - ඔයාගේ සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් , Open කරල තියේන සියලුම පිටු ගාන බලා ගන්න පුලුවන්.

* Posts - වම් පැත්තේ , පහලින් , මේ සතියේ වැඩිපුරම කියවල තියේන පොස්ට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

( මේ Posts වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Posts එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 2යට තියේන Posts කියන එක ක්ලික් කරන්න. )


* මේ Posts වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Posts එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 2යට තියේන Posts කියන එක ක්ලික් කරන්න.

මෙතනදි , ඔයාගේ සයිට් එකේ වැඩිපුරම බලලා තියේන පොස්ට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

උඩින් තියේන Now , Day , Week , Month , All Time කියන ඒවා ක්ලික් කිරිම මගින් , ඒ විස්තර මේ දැනට , අදට , මේ සතියට , මේ මාසේ දැනට හා සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් , ඔයාගේ සයිට් එකේ වැඩිපුරම බලලා තියේන පොස්ට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.


* Traffic Sources - දකුණු පැත්තේ , පහලින් , ඔයාගේ සයිට් එකට මේ සතියේ වැඩිපුරම කට්ටිය එන සයිට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

( මේ Traffic Sources වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Traffic Sources එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 3ට තියේන Traffic Sources කියන එක ක්ලික් කරන්න. )


* මේ Traffic Sources වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Traffic Sources එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 3ට තියේන Traffic Sources කියන එක ක්ලික් කරන්න.

මෙතනදි , ඔයාගේ සයිට් එකට වැඩිපුරම කට්ටිය එන සයිට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

උඩින් තියේන Now , Day , Week , Month , All Time කියන ඒවා ක්ලික් කිරිම මගින් , ඒ විස්තර මේ දැනට , අදට , මේ සතියට , මේ මාසේ දැනට හා සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් , ඔයාගේ සයිට් එකට වැඩිපුරම කට්ටිය එන සයිට් එකේ ඉදන් පිළිවෙලට බලා ගන්න පුලුවන්.

Traffic Sources / Traffic කියන්නේ ඔයාගේ සයිට් එකට එන කට්ටිය ප්‍රමාණයටයි.

Traffic Source / Traffic එක හෙවත් සයිට් එකට එන කට්ටිය ගණන වැඩි නම් ගොඩාක් හොදයි.

* අපි , ඔයාගේ සයිට් එකට Traffic Source / Traffic හෙවත් වැඩියේන් කට්ටිය ගෙන්න ගන්න විධියත් , මේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේදිම කියල දෙන්නම්.
ඒ නිසා ඉදිරි , පාඩම් මාලාත් අනිවා බලන්න.


* Audience - දකුණු පැත්තේ Traffic Sources වලට පහලින් , ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්ධති වලින්ද කියල බලා ගන්න පුලුවන් කොටසටයි.

( මේ Audience වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Audience එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 4ට තියේන Audience කියන එක ක්ලික් කරන්න. )

* Audience කියන්නේ ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්දති වලින්ද කියල බලා ගන්න පුලුවන් කොටසටයි.

මේ Audience වල සියලු බැලිම් හා කියවිම් ගැන හරියටම , සම්පුර්ණව දැන ගන්න , ඒ Audience එකට පැත්තකින් තියේන More එක ක්ලික් කරන්න හෝ Stats යටතේ 4ට තියේන Audience කියන එක ක්ලික් කරන්න.


මෙතනදි , ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්දති වලින්ද කියල බලා ගන්න පුලුවන්

උඩින් තියේන Now , Day , Week , Month , All Time කියන ඒවා ක්ලික් කිරිම මගින් , ඒ විස්තර මේ දැනට , අදට , මේ සතියට , මේ මාසේ දැනට හා සයිට් එක පටන් ගත්තු වෙලාවේ ඉදන් , මේ දැන් වෙනකම් ,ඔයාගේ සයිට් එකට ඇවිත් තියේන්නේ මොන මොන රටවල් වලින්ද , මොන මොන Web Browsers වලින්ද , මොන මොන පරිගණක මෙහයුම් පද්ධති වලින්ද කියල බලා ගන්න පුලුවන්. 
-------------------------------------------------------------------------------------------------------------------------

7 - Earnings.


Earnings කියන්නේ ඔබට , බේ බ්ලෝග් සයිට් එකේ Google AdSense ඇඩ්ස් දාලා , සල්ලි හොයන්න පුලුවන් විධියක්.


මේ කොටස යටතේ තියේන්නේ AdSense ම විතරයි.


AdSense කියන්නේ Google ආයතනයේන් ලබා දෙන ඇඩ්ස් වලටයි.

ඔබ Google AdSense වල Register වෙල , ඊට පස්සේ AdSense ඇඩ්ස් , ඔයාගේ සයිට් එකේ දැම්මට පස්සේ , ඒ ඇඩ්ස් ඔයාගේ පරිගණකයේන් හැර වෙනත් පරිගණක වල ඉදන් ක්ලික් කරද්දි , යම් කිසි මුදලක් ඔබට ලැබෙනවා.

මේ AdSense ඇඩ්ස් දැනට , සිංහල සයිට් වලට ලබා දෙන්නේ නැ.

මේ AdSense ඇඩ්ස් ඉංග්‍රීසි සයිට් වලට නම් ගන්න පුලුවන්.
AdSense , සිංහල සයිට් වලට ගන්න , දැනට උපායන් 3ක් තියේනවා.
ඒත් , AdSense ඇඩ්ස් , ඒ උපායන් දාල ගන්නවට වැඩිය හොදයි , ඉංග්‍රීසි සයිට් එකකටම ගන්න එක.

කොහම හරි , AdSense ගැන දැන ගන්න ඕන නම් , මේ පහල ලින්ක් වලින් ගිහින් , ඒ ගැන ඉගෙන ගන්න.


#. Vimasuma Blog - Adsense Posts.


#. AdSense Sinhalen.
-------------------------------------------------------------------------------------------------------------------------

8 - Layout.


මේ කොටසේදි , ඔයාගේ සයිට් එකට , එක එක Gadgets හා Widgets එකතු කරගන්න පුලුවන්.


ඔයාගේ සයිට් එකට Facebook Pop Up Like Box එක වගේ විවිධ Gadgets හා Widgets එකතු කරන්න පුලුවන්.

අන්න , ඒ වගේ එක Gadget හෝ Widget එකකට Layout එකක් කියල කියනවා.

Layout පිහිටන විධිය Template එකේන් Template එකට වෙනස් වෙනවා.


* මේ Layout කොටසේ ගොඩක් දේවල් එකතු කරන්න ඕන නම් කරන්න තියේන්නේ , වම් හෝ දකුණු පැත්තේ , උඩින්ම තියේන Add a Gadget කියන එක්ල ක්ලික් කරාම එන Menu එකේන් තමන්ට අවශ්‍ය දේවල් විතරක් තෝරලා , සයිට් එකට දා ගන්න එකයි. 

( වම් හෝ දකුණු පැත්තේ , උඩම වෙන්න ඕන නැ. Add a Gadget කියන එක තියේන ඕන තැනකින් , මේ වැඩේ කරගන්න පුලුවන්. )

මේ Layout වල තියේනව Favicon කියල කොටසක්.

Favicon කියන්නේ ඔයාගේ සයිට් එක Web Browser එකකින් Open කරද්දි , Web Browser එකේ , ඔයාගේ සයිට් එක Open වෙල තියේන Tab එකේ මුල හරියේ පෙන්වන පින්තුරයට.
අපේ සෙවන් නෙට් සයිට් එකේත් , ඒ Tab එකේ මුල SN කියල පින්තුරයක් තියේනවා.

අන්න , ඒ වගේ Favicon එකක් තාමත් දාල නැත්නම් , අනිවා ඔයාලගේ සයිට් එකට දැන්ම දාන්න ඕන.


ඒ සදහා Layout කොටසේ වම් පැත්තේ , උඩ තියේන Favicon කියන එකේ Edit කියන එක ක්ලික් කරන්න. ( වම් පැත්තේ , උඩ Favicon කියල එකක් හොයා ගන්න නැත්නම් Layout කොටසේ හැම තැනම පොඩ්ඩක් හොයල බලන්න Favicon කියල එකක්. එතකොට හොයා ගන්න පුලුවන්. )

දැන් , Box එකක් එවි. අන්න , එකේ Choose File කියන එක ක්ලික් කරන්න.
ඊට පස්සේ 100KB ට වඩා අඩු , හරි හතරැස් පින්තුරයක් තෝරල එක Double ක්ලික් කරන්න.
ඊටත් පස්සේ Save කියන එක ක්ලික් කරලා , ඒක Save වුනාට පස්සේ ඒ Box එක Close කරන්න.

* හරි , මමත් , මේ පහලින් , ඔයාලගේ සයිට් වලට දා ගන්න Gadget ටිකක් දෙන්නම්.

මේ පහල Gadget වලට ඔයා කැමති නම් , ඔයාගේ සයිට් එකටත් දා ගන්න.
මේ පහලින් දිල තියේන Gadgets වල මොකක් හරි , ප්‍රශ්නයක් තියේනව නම් Comment එකකින් ඒ ගැන අහන්න.

#. Add Facebook Comment Box.

( Facebook Comment Box එකක් දැම්මෝත් , ඉතාමත්ම ඉක්මණින් Comments දාන්න පුලුවන්. ඒ නිසා Blogger Comment Box එක වගේ Facebook Comment Box එකකුත් සයිට් එකට දාන එක හොදයි. )

#. Add Facebook Pop Up Like Box With Or Without A Timer.

( Facebook Pop Up Like Box එකක් දැම්මෝත් , ඔයාගේ සයිට් එකේ FB Page එකට සැලකිය යුතු Likes ප්‍රමාණයක් අනිවා ලබා ගන්න පුලුවන්. )

#. Add Rainbow 7 Colours To Your Every Links.

( මෙමගින් , ඔබේ සයිට් එකේ සියලුම ලින්ක් වලට දේදුන්නේ වර්ණ 7ම ලබා දෙන්න පුලුවන්. )


සැ.යු. - මේ Layout තියේන තැනුත් අපට වෙනස් කරන්න පුලුවන්.
කොටසේ මොකක් හරි වෙනස්කමක් කරාට පස්සේ , වම් පැත්තේ , උඩ තියේන Save arrangement කියන ක්ලික් කරන්න.
ඊට පස්සේ වෙනස්කම් ටික Save වුනා නම් Your changes has been saved කියල පෙන්නවි. එහම , Your changes has been saved කියල පෙන්නුවේ නැති වුනෝත් Your changes has been saved කියන එක පෙන්වනකම්ම Save arrangement කියන එක ක්ලික් කරන්න ඕන.


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]
-------------------------------------------------------------------------------------------------------------------------

9 - Template.


මේ කොටසේදි ඔයාගේ සයිට් එකේ පිටත පෙනුම සම්පුර්ණයේන්ම වෙනස් කරන්න පුලුවන්.


ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්නයක් තමයි , කොහමද බ්ලෝග් සයිට් එකේ Template එක වෙනස් කර ගන්නේ කියන එක.


හරි , ඔයාගේ බ්ලෝග් එකේ Template එක වෙනස් කර ගන්නේ මෙහමයි.


1 - Template කියන කොටසේ වම් පැත්තේ , උඩින් තියේන Backup / Restore කියන එක ක්ලික් කරන්න.

දැන් , පොඩි Box එකක් එවි. අන්න එකේ මුලින්ම තියේනවා Download full template කියල එකක්.
ඔයාගේ සයිට් එකේ Template එක වෙනස් කරන්න කලින් , දැනට තියේන Template එක Download කරගන්න , ඕන නම් එක ක්ලික් කරන්න. 
( Template එකක් මාරු කරද්දි , මේ විදියට දැනට තියේන Template එක Download කර ගෙන , ඊට පස්සේ අලුත් Template එකක් සයිට් එකට දාන එක ගොඩාක් හොදයි. ) 
[ ඒත් , සයිට් එකේ තිබුන පරණ Template එක ඩවුන්ලෝඩ් කරද්දි , ඒ සයිට් එකේ තියේන පොස්ට් ඩවුන්ලෝඩ් වෙන්නෙ නැ. ඩවුන්ලෝඩ් වෙන්නෙ , ඒ සයිට් එකේ දාල තිබුන Gadgets , Widgets හා Template විතරයි. ]


[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

* දැන් , ඒ Box එකේම 2යට තියේන Choose File කියන එක ක්ලික් කරන්න. 
( මේ පහල රුපයේ පරිදි. )

ඊට පස්සේ , තව Box එකක් එවි. දැන් , Template තියේන සයිට් එකකින් , කලින් ඩවුන්ලෝඩ් කර ගත්තු , Template එක තෝරල , එක Double ක්ලික් කරන්න.
ඊට පස්සේ , පහලින් තියේන Upload කියන එක ක්ලික් කරන්න.
දැන් , ඒ දපු Template එක Upload වෙල ඉවර වුනාට පස්සේ , ඒ Open වෙල තිබුන Box එක Autoම Close වෙනවා.
දැන් , ඔයාගේ සයිට් එක Open කරල බලන්න , ඔයා දාපු ඒ පට්ටම සුපිරි Template එක තියේනවා.

[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ Template එකේ Navigation Bar වලට Links දාන ආකාරය ඇතුලු තවත් බොහෝ දේවල් , අපි ඊලග වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේදි බලමු.


2 - Edit HTML කියන එකට , ගිහින් බැලුවට කමක් න්. ඒත් , දන්නේ නැතුව මුකුත්ම වෙනස් කරන්න එපා.

පොඩ්ඩක් වෙනස් කරල , අත්හදා බලන්න ඕනම නම් මෙහම කරන්න. ( එකත් එක්ක සම්බන්ද , සැම වැඩක් කරද්දිම , මේ පහල කියල තියේන විධියට කරන්න. )

* මුලින්ම පරිගණකයේන් NotePad එක Open කරගන්න.

ඊට පස්සේ Edit HTML ක්ලික් කරන්න. දැන් එන HTML Codes තියේන කොටුව ඇතුලේ , කොහේ හරි ක්ලික් කරලා , ඊට පස්සේ Ctrl + A ඔබන්න.
දැන් , ඒ HTML Codes සියල්ලම Select වුනාට පස්සේ Mouse එකේන් Right ක්ලික් කරල හෝ Ctrl + C ඔබලා , ඒ HTML Codes සියල්ලම Copy කරගන්න.

දැන් , අර කලින් Open කරගත්ත NotePad එකට , මේ Copy කරගත්ත HTML Codes සියල්ලම Mouse එකේ Right ක්ලික් කරලා හෝ Ctrl + V ඔබලා Paste කරන්න.

( දැන් , මේ NotePad එක Template එකට ආදාල වැඩ කරල ඉවර වෙනකම්ම , අනිවාරේන්ම Close කරන්නේ නැතුව ඉන්න.
ඒ වගේම ඒ HTML Codes තියේන Notepad එක Save කරන්නේත් නැතුව ඉන්න.
මේ NotePad එකට ගත්ත HTML Codes , Save කරාම , ටිකක් විතර වෙනස්කම් වලට ලක් වෙනවා. ඒ නිසා , මේ NotePad එකට ගත්තු HTML Codes , Save කරල වැඩක් නැ.
ඒ නිසා , අනිවාරේන්ම Template එකට අදාල වැඩක් කරද්දි , මේ කියල තියේන විදියට කරන්න. )
දැන් , ඉතින් පොඩි පොඩි දේවල් ගැන අත්හදා බලන්න.

* ඒ වගේ අත්හදා බැලිම් වලදි , මොකක් හරි වැරද්දක් වෙලා Template එක අවුල් වුනෝත් , ඒ අවුල් වුන Template එකේ HTML Codes එක ඇතුලේ කොහේ හරි ක්ලික් කරල , ඊට පස්සේ Ctrl + A ඔබලා , ඒ HTML Codes සම්පුර්ණයේන්ම Select වුනාම , Delete කරන්න.

ඊට පස්සේ , ඉක්මනට , අර NotePad එක අර ගෙන , එක ඇතුලේ කොහේ හරි ක්ලික් කරල Ctrl + A ඔබලා , ඊට පස්සේ , Mouse එකේ Right ක්ලික් කරල හෝ Ctrl + C ඔබලා Copy කරන් , ඊට පස්සේ Template එකේ HTML Codes කොටසට ඇවිත් , Mouse එකේ Right ක්ලික් කරල හෝ Ctrl + V ඔබලා ඒ HTML Codes සියල්ලම Paste කරන්න.
දැන් , ඉක්මනටම , උඩ තියේන Save Template කියන එක ක්ලික් කරල Template එක Save කරන්න. :D
-------------------------------------------------------------------------------------------------------------------------

10 - Settings.


මේක තමයි අවසන් කොටස.


Settings වලදි ඔයාගේ බ්ලෝග් සයිට් එකට අදාල ගොඩක් දේවල් වෙනස් කරන්න හා හදා ගන්න පුලුවන්.


Settings කියන කොටස යටතේ තව අනු කොටස් 6ක් තියේනවා.


* ඒවායින් , මුලින්ම තියේන්නේ Basic කියන එක.


මේ පහලින් තියේන්නේ Basic එකට අදාල පින්තුරයක්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ 1 සිට 6 දක්වා ඇති දේවල් , මේ පහලින් කියල තියේනවා.


1 - ඔයාගේ සයිට් එකට දාල තියේන නම වෙනස් කරන්න පුලුවන්.

2 - ඔයාගේ සයිට් එක ගැන පුන්චි විස්තරයක් දාන්න පුලුවන්.
3 - ඔයාගේ සයිට් එක Google , Yahoo වැනි Search Engine වල Search කල විට පෙන්වන්න ඕනද , නැද්ද කියන එක තේරිය හැක. ( අනිවාරේන්ම , මේ Settings එක නම් Blogger Blog එකේන් හදලා එවන විධියටම තියන්න. ඒ කිව්වේ මේකේ Settings 2ටම Yes යන්න ලබා දි තියන්න. )
4 - ඔයාගේ සයිට් එකේ Address එක වෙනස් කරන්න ඕන නම් , ඒය කල හැක. ( නමුත් , වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් ප්‍රසිද්ධ කිරිමේන් පසු Address එක වෙනස් කරන්න එපා. මුලින් දාපු Address එකම , දිගටම භාවිතා කරන්න. )
5 - මෙතනදි , ඔයාගේ සයිට් එකට තව පොස්ට් ලියන්න කට්ටිය හෝ තව Adminලව එකතු කර ගන්න පුලුවන්. ( අලුතේන් , කවුරු හරි ගන්න ඕන නම් , ඔය පැත්තකින් තියේන Add authors කියන එක ක්ලික් කරල , ඊට පස්සේ , එන කොටුවේ , අලුතේන් එකතු කරගන්න ඕන කෙනාගේ Email එක ටයිප් කරල , Invite Authors කියන එක ක්ලික් කරන්න.

* ඒ වගේම ඔයාගේ Email Contact එකේ ඉන්න අයටත් Invite කරන්න පුලුවන්.

ඒකටත් , ඔය පැත්තකින් තියේන Add authors කියන එක ක්ලික් කරලා , 2යට තියේන Choose from Contacts කියන එක ක්ලික් කරාම එන Box එකේ වම් පැත්තේ , උඩ තියේනව පොඩි Menu එකක් වගේ එකක්. අන්න , ඒක ක්ලික් කරාම එන All Contacts කියන එක ක්ලික් කරාම ඔයාගේ Email Contacts ටික බලන්න පුලුවන්.
දැන් , ඒ පෙන්වන අයගේන් , සයිට් එකට එකතු කරගන්න ඕන අය ඉන්නව නම් , ඒ අයව Select කරල , ඊට පස්සේ , යටින් තියේන Select කියන එක ක්ලික් කරන්න. දැන් , සුපුරුදු පරිදි Invite authors කියන එක ක්ලික් කරාම , හරි. [ දන්න , හොද අයව විතරක් බ්ලෝග් සයිට් එකට ගන්න. ] )


* ඒ විධියට අලුතේන් සයිට් එකට ගන්න අයව හදුන්වන්නේ Author කියලයි.
ඇඩ්මින්ට සයිට් එකේ ඔනැම දේයක් වෙනස් කරන්න , දාන්න , Delete කරන්න පුලුවන්. ඒත් , කෙනෙකුට වෙනස් කරන්න පුලුවන් වෙන්නේ , එයා සයිට් එකට දාපු පොස්ට් විතරයි. ඊට වඩා මුකුත් වෙනස් කරන්න බැ.

ඔයාට හැර , බ්ලෝග් එකට පොස්ට් දන්න පුලුවන් වෙන්නේ Authorට විතරයි. Authorටත් , පොස්ට් Publish කරන්නේත් , සාමාන්‍ය පොස්ට් එකක් Publish කරන විධියටම තමයි.


Author කෙනෙක්ව , ඕන නම් සයිට් එකේ ඇඩ්මින් කරන්නත් පුලුවන්. ඒකට , අර මම මුලින් කියපු විධියට සයිට් එකට මුලින්ම Author කෙනෙක්ව අරන් , පස්සේ එයා සයිට් එකට ආවට පස්සේ , ඒයාගේ නමට ඉස්සරහින් තියේන Author කියන එක Admin කරල Save කරාම හරි.

6 - ඔයාගේ සයිට් එක හැමෝටම බලන්න පුලුවන් විධියටත් , ඔයාටත් , බ්ලෝග් එකේ පොස්ට් ලියන අනිත් අයට බලන්න පුලුවන් විධියටත් , තෝර ගත්ත පිරිසකට බලන්න ඕන විධියටත් යන ආදි ලෙස හදන්න පුලුවන්. ( Blogger Blog එකේන් හදලා එවන විධියටම තියන්න. ඒ කිව්වේ මේකේ අනිවාරේන්ම Public යන්න ලබා දි තියන්න. )

* මේකේ Settings යටතේ 2යට තියේන්නේ Posts and Comment කියන එක.


මේ පහලින් තියේන්නේ Posts and Comments එකට අදාල පින්තුරයක්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ 1 සිට 9 දක්වා ඇති දේවල් , මේ පහලින් කියල තියේනවා.


1 - සයිට් එකට ආවාම පෙන්වන ප්‍රධාන පිටුවේ පෙන්විය යුතු පොස්ට් ගණන තිරණය කල හැක. ( 7ක් වගේ තිබුනාම ඇති. )

2 - මේක නම් සයිට් එකට එච්චර ඕන වෙන්නේ නැ.
3 - ඔයාගේ සයිට් එකේ තියේන පින්තුර ක්ලික් කල විට , ඒ පින්තුර ලොකු වි පෙනේ. ( මේයට Yes ලබා දි තියන්න. )
4 - පොස්ට් එකක Comment Box එක තියේන්නේ ඕන කොයි විධියටද කියල හා Comment Box එකක් ඕන නැත්නම් ඉවත් කිරිමටද හැක.
Embedded - කියු විට Comment Box එක සැම පොස්ට් එකකම පහලින් ඇත.
Full Page - කියු විට , පොස්ට් එකට පහලින් තියේන Post a Comment කියන එක ක්ලික් කල පසු Comment Box එක වෙනම Page එකකින් Open වේ.
Popup window - කියු විට , පොස්ට් එකට පහලින් තියේන Post a Comment කියන එක ක්ලික් කරාම , Comment Box එක වෙනම Window එකකින් Open වේ.
Hide කියු විට Comment Box එක නොපෙන්විමට හැක.
( Comment Box එකක් අනිවාරේන්ම සයිට් වල ඕන. ඒ නිසා , මෙහිදි අනිවාරේන්ම Comment Box එක Embedded ලෙස ලබා දි තියන්න. එවිට , ඔබේ පොස්ට් වලට Comment ලබා ගැනිම පහසුයි. )
5 - ඔයාගේ සයිට් එකේ පොස්ට් වලට Comment කරන්නට පුලුවන් අය ගැන තිරණය කල හැක.
Anyone - කියු විට , ඕනැම කෙනෙක්ට Comment කල හැක.
Registered User - කියු විට , මොකක් හරි සයිට් එකක Register වෙල තියේන Account එකකින් Comment කල හැක.
User with Google Accounts - කියු විට , Google Accounts තියේන අයට විතරක් Comment කල හැක.
Only members of this Blog - කියු විට , ඔයාගේ සයිට් එකේ Follow This Blog කියන එක භාවිතයේන් Register වෙල ඉන්න අයට පමණක් Comment කල හැක.
( මෙහිදි Registered User කියන එක තෝරා දි තියනවා නම් ගොඩාක් හොදයි. මොකද එතකොට අපට Comment කරන්නේ කවුද කියල පොඩියට හරි දැන ගන්න පුලුවන්. )
6 - කියන්නේ , ඔයාගේ සයිට් එකට කවුරු හරි Comment එකක් දැමු පසු , ඒ Comment එක , ඔබ විසින් අනුමත කරෝත් විතරක් පොස්ට් එකේ පෙන්වන එකටයි. ( මේ වගේ Comment Moderation නම් අපි අනුමත කරන්නේ නැ. ඒ නිසා මේකට Never ලෙස තෝරා දි තියන්න. )
7 - Comment එකක් දාද්දි කුරුටුබලියක් වගේ වචන ටිකක් එන එක තමයි මේ. ( මේක Comment කරද්දි ගොඩාක් කරදකාරි දෙයක්. ඒ නිසා මේකට No ලෙස තෝරා දි තියන්න. )
8 - Comment කරද්දි , ඒ Comment එකක් එක්ක මොකක් හරි සයිට් එකක හෝ පොස්ට් එකක ලින්ක් එකක් දැමු විට පෙන්විමට හෝ නොපේන්විමට සැලස්විය හැක. ( ඔයා අනිත් සයිට් වලට පොඩි හරි උදව්වක් කරන්න කැමති නම් , මේක Show යන්න තෝරා දෙන්න. )
9 - Comment එකක් Message / Email එකක් මගින් කරන්න. ( මේක නම් සයිට් එකට එච්චර වැදගත් නැ. )    

* මේකේ Settings යටතේ 3ට තියේන්නේ Mobile and Email කියන එක.


මේ පහලින් තියේන්නේ Mobile and Email එකට අදාල පින්තුරයක්.



[ මෙම පින්තුරය අපැහැදිලි නම් , මෙම පින්තුරය මත ක්ලික් කරන්න. ]

මේ උඩ පින්තුරයේ 1 සිට 4 දක්වා ඇති දේවල් , මේ පහලින් කියල තියේනවා.


1 - සයිට් එකේ පොස්ට් SMS හා MMS මගින් දැමිය හැක. ( අපි නම් මේ ක්‍රමය භාවිතා කරන්නේ නැ. )

2 - පොස්ට් එකක් Email එකක් භාවිතයේන් දැමිය හැක. ( අපි නම් මේ ක්‍රමයත් භාවිතා කරන්නේ නැ. )
3 - ඔයාගේ සයිට් එකේ Adminලා කිපදෙනෙක් ඉන්නව නම් ඔයාලගේ සයිට් එකේ Comment එකක් දැමු විට , ඒ Adminලා සියලුම දෙනාට එන විධියට සැකසිය හැක. ( ඒ සදහා ඔයාගේ සයිට් එකේ Comment එකක් දැමු විට , ඒ ගැන දැනුවත් කර Email එක යැවිය යුතු Email කිපය , ඒ කොටුවේ ටයිප් කරන්න. Email එකේන් එක කමාවකින් [ , ] වෙන් කරන්න. )
4 - මේක සයිට් එකට එතරම් වැදගත් නැත.

* මේකේ Settings යටතේ 4ට තියේන්නේ Language and formatting කියන එක.


ඔබේ සයිට් එකේ වේලාව හා භාෂාව තිරණය කල හැක. ( මේක නම් වෙනස් කරන්න ඕන නැ. මොකද සියලුම දෙවල් හරියටම තියේනවා. )


* මේකේ Settings යටතේ 5ට තියේන්නේ Search Preferences කියන එක.


මේ කොටසින් වැදගත් වෙන්නේ මුලින්ම තියේන Meta tags කියන කොටස.


Meta Tags කියන එකට පහලින් Disabled කියල එකක් ඇති. අන්න , ඒක ඉස්සරහින් තියේන Edit එක ක්ලික් කරන්න.

දැන් , එන Message එකේ , ඉස්සරහින් තියේන Yes කියන එක ක්ලික් කරන්න.
ඉන් පසු , එන පොඩි කොටුවේ අනිවාරේන්ම , ඔයාගේ සයිට් එකේ තියේන සියලුම දේවල් ගැන හරියටම හරි විස්තරක් ටයිප් කරන්න. ( සයිට් එකේ තියේන සියලුම දේවල් ගැන පොඩි හැදින්විමක් කරන්න. )

මේ තමයි අපේ Seven Net සයිට් එකේ Meta Tag - Description එක.


* මේකේ Settings යටතේ 6ට තියේන්නේ Other කියන එක.


මේ කොටස තියේන මුකුත් වෙනස් කරන්න එපා.

මේකත් සයිට් එකට ගොඩාක්ම වැදගත් නැ.
-------------------------------------------------------------------------------------------------------------------------

අපි මේ 
වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ මුල හරියේ කියපු සියලුම දේවල් ඇතුලව තව ගොඩාක් දෙවල් , වෙබ් හා බ්ලෝග් සයිට් ගැන කතා කරනවා. 

ඒ නිසා දිගටම අපේ වෙබ් හා බ්ලෝග් පාඩම් මාලා ලිපි පෙළම අනිවාරේන්ම හරියටම හොදට කියවන්න.

අපේ මේ පොස්ට් එක කියේව්වට පස්සේ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් හැදුව නම් හෝ දැනටමත් වෙබ් හෝ බ්ලෝග් සයිට් එකක් තියේනවා නම් , ඒ වෙබ් හෝ බ්ලෝග් සයිට් එකේ ලින්ක් එක පහලින් දාන්න කියල මම ඉල්ල සිටිනවා.

මොකද , එතකොට අපට , අපේ මේ පාඩම් මාලාවේන් ප්‍රයෝජනයක් ගත්ත පිරිසක් ඉන්නවා කියල දැන ගන්න පුලුවන්.

අපි මේ පාඩම් මාලාවේන් කරන්න යන දේ ගැන , ඔබට මොනව හරි හිතේනවා නම් හෝ තව මොනව හරි දෙයක් හෝ කිපයක් එකතු කරන්න ඕන නම් , ඒවා ගැන අනිවාරේන්ම කියන්න.


-------------------------------------------------------------------------------------------------------------------


වෙබ් හා බ්ලෝග් පාඩම් මාලාවේ සියලුම ලින්ක්.



29 comments:

  1. සුපිරියි මචන්...

    ReplyDelete
    Replies
    1. Freeware Hut - ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  2. බ්ලොග් එකක් අලුතින් පටන් අරන් කරන යන කෙනෙක්ට, අලුතින් පටන් ගන්න ඉන්න කෙනෙක්ට ඉතාමත් වැදගත් ලිපියක් මචං. අලුතින් බ්ලොග් ලිවීම සඳහා එකතුවෙන හැමෝම කියවිය යුතුම ලිපියක් මේක. ජය වේවා සහෝ..

    ReplyDelete
    Replies
    1. Ast ComSci - එල එල , නියමයි සහෝ !! :D

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  3. hodai....ape post google eke search wen naththe ai?

    ReplyDelete
    Replies
    1. Madura - Site ekak Hadapu Mul kale Search Engine wala Mul Search Result wala penwanawa adui.
      Eth , Kalayath ekka , Sathiyakata Parakwath , Digatama Post daddi , Search Engine Oyage Site eka gana tikak Unandu wenawa.

      E wagema Ape Site , Search Engine wala Search Result wala Mul Pituwata enna nam Oyage Site eka SEO karala thiyenna ona.

      Oyata me SEO ha Anekuth dhewal gana Wadi dura Dana ganna ona nam , Ape Site eke Uda thiyena " Email Us Now " kiyana eka Use karala , Apata Message ekak Ewanna.

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  4. http://longsvision.blogspot.com/
    tnx godak machan...me padam malawa thawath diunukaranna...

    ReplyDelete
    Replies
    1. Jeewan - Ela Ela , Niyamai !! :D

      Oyage Site eke Thiyena Gewal wala Structures , Supiri !! (h)

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  5. Replies
    1. Madushan - Ela Ela !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  6. ආයේ කියන්න දෙයක් නෑ නියම සුපිරි වැඩක් ස්තුතියි - ජයවේවා

    ReplyDelete
    Replies
    1. Laxman - එල එල , නියමයි සහෝ !! :D

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  7. තවම මගේම කියල බ්ලෝග් එකක් හදල නෑ හැබැයි මමත් දන්න දෙයක් කියල දෙන්න කැමති කෙනෙක් එකට පොඩි උත්සහයක් ගත්තා මගේ උත්සහය හොදයිද කියල බලන්න. මට ඕන මේක වැඩි පිරිසකට දෙන්න ඔයා බලල කියන්න ලින්ක් එක දානවා http://itdanumabedagamu.blogspot.com/2013/12/like_2.html ඔයාගේ පෝස්ට් එකට සුභ පැතුම් නැවතත්

    ReplyDelete
    Replies
    1. Laxman - ඔයාටම කියල සයිට් එකක් නැ කිව්වට , මේ තියේන්නේ හොද සයිට් එකක්.

      මේක ඔයාගේ සයිට් එකක් නේද ??
      හරි හරි, සයිට් එක කාගේ වුනත් , ගොඩාක් වැදගත් පොස්ට් තියේන ගොඩාක් වටින සයිට් එකක්.

      අනිවාරේන්ම , සයිට් එක ඉදිරියට කර ගෙන යන්න !!
      උදව්වක් ඕන වුනෝත් , ඕන වේලාවක අහන්න. :>)

      Delete
  8. ගොඩක් වටිනවා අලුතෙන් බ්ලොග් පටන් ගත්ත අයට ,, ගොඩක් සරලව තියෙනවා ...

    ReplyDelete
    Replies
    1. අපූර්වී - අනිවා අනිවා !! :D

      ඔයාගේ Comment එකට , බොහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  9. කාටත් උදවු කරන්න නොපැකිළිව ඉදිරිපත් වෙන සුපිරි සොයුරෙක්ගේ සුපිරි සයට් එක මෙන්න මල් මිටක් මගෙන්

    ReplyDelete
    Replies
    1. Laxman - එල එල , නියමයි !! :D

      ඔයාට උදව් කරන්න ලැබිම , ගොඩාක් ලොකු සතුටක්.

      ඔයාගේ Comment එකට හා මල් මිටට , බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :>)

      Delete
  10. thank saho thawa apata danaganna ona niyama wadak

    ReplyDelete
    Replies
    1. Shehan - Ela Ela , Niyamai !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :>)

      Delete
  11. niyamai elane............

    helpinghndit.blogspot.com

    ReplyDelete
    Replies
    1. Udan - Ela Ela , Niyamai !! :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  12. niyamai. magee blog ekatath avith yanna. http://djjanithnilan.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Janith - Ela , Oyage Site ekath Godak Hodai. :D

      Oyage Comment ekata , Bohomathma Sthuthi Saho !! :D

      Delete
  13. නියමයි මගෙ බ්ලොග් එකටත් මේ පොස්ට් මාලාවෙන් ලොකු දෙයක් කර ගත්තා.ගොඩක් ස්තුතියි.
    http://sinhalacomtricksnet.blogspot.com/

    ReplyDelete
    Replies
    1. Chathuranga - එල එල , නියමයි !! :D

      ඔයාගේ සයිට් එකත් ගොඩාක් හොදයි.

      ඔයාගේ Comment එකට බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      Delete
  14. සුපිරි වැඩක් නියමයි.. මට කියනවද බ්ලෝග් සයිට් එකේ ටයිප් කරන අකුරු පාට කරන විදිහ

    ReplyDelete
    Replies
    1. Nuwan - ඔයාගේ Comment එකට බෝහෝමත්ම ස්තුතියි සහෝ !! :D

      මේ පහල ලින්ක් එකට යන්න. එහිදි , ඔයාට දැන ගැනිමට ඕන කරන සියලුම දේවල් දැන ගන්න පුලුවන් වෙයි. :D

      Link - www.AllSevenNet.blogspot.com/2013/12/how-to-add-a-new-blogger-blog-post-with-using-a-all-features-web-and-blog-lessons-3.html

      Delete
  15. Blogger - Yup , Your Site Is Very Good Bro !! :D

    ReplyDelete

Tweet Now !!