සැලකිය යුතුයි !! / Considerable !!


යම් කිසි ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ
දකුණු පස , උඩ තිබේන 'Skip Ad' ක්ලික් කල පසු , ඔබට අවශ්‍ය දේ ඩවුන්ලෝඩ් කර ගත හැක.

After You Click Download Button , Click 'Skip Ad' In Top Of Right Side.
Yup !! Now U Can Free Download It !!


Google එකෙන් Fun ගමු.. ( ආතල් වැඩ 14 ක් ) [ How To Change The Google Search Engine Logo. ]

මම හැමදාම කට්ටියට එකේක විදියේ Tricks දෙන නිසා අද හිතුවා වෙනසකටත් එක්ක පොඩි ආතල් වැඩක් කරන්න. ඇත්තම කියනවා නම් මේ ආතල් වැඩේ අපිට කරන්න උදවු වෙන්නේ Google එකයි. මෙහෙමයි, මේවා ගූගල් ආයතනයෙන් අපිට ලබාදෙන Funny වැඩ ටිකක්. ඉස්සරත් මේ විදියේ Funny වැඩ ගූගල් එකෙන් දුන්නා. ඒත් මම අද කියන්නේ, Google එකෙන් අලුතින්ම හදුන්වා දීපු ආතල් වැඩ 14 ක් ගැනයි....

1) Google Gravity



මේකෙන් අපේ Google Page එක බර වැඩි නිසා කඩාගෙන වැටෙනවා වගේ දෙයක් වෙනවා. තේරුනේ නැද්ද? අවුලක් කරගන්න එපා. ඔයාලා දැන් Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Gravity කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. එතකොට ඔයාලට වැඩේ තේරේවි. දැන් වෙච්ච දේ තේරුනාද? ඕකේ දැන් කඩාගෙන වැටුන ඕනෑම කෑල්ලක් click කරලා, ඇදගෙන යන්න වුනත් පුළුවන්. ඒකත් කරලම බලන්නකෝ.....

2) elgooG



මේකේ නම elgooG. නම දැක්කම අමුත්තක් දැනුනේ නැද්ද? Google කියන නම ම, අනිත් පැත්තට ලිව්වම තමයි  elgooG කියන නම හැදෙන්නේ.මේ වැඩේ කරාම, ඔයාලගේ මුළු Google Page එකම අනිත් පැත්තට හැරෙනවා. එහෙනම් ඔන්න කරලම බලන්නකෝ. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, elgooG කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. දැන් ඔයාලාට මුළු Google Page එකම අනිත් පැත්තට පේනවා නේද?

3) Tilt



මේකත් කරලා බලන්න. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Tilt කියලා type කරලා I’m feeling
lucky කියන එක click කරන්නකෝ. මොකද වුනේ? search result එක ඇද වෙලා වගේ නේද? Tilt කියන
එකෙන් වෙන්නේ ඕකයි.

4) Google Sphere



මේක ඇවිල්ල අර වගේ තව ආතල් වැඩක්. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Sphere කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න. දැන් ඔයාලට පේනවා ඇති, මුළු page එකම
නිකන් ගෝලයක් වගේ වෙලා කියලා. ඔයාලගේ mouse point එක, වමට, දකුණට, උඩට හා යටට ගෙනිහින් බලන්න මොකද වෙන්නේ කියලා......

5) Google Loco



Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Loco කියලා type කරලා I’m feeling
lucky කියන එක click කරන්න. මේකෙන් වෙන්නේ, අපේ Google Page එක නටනවා වගේ ඔයාලට පෙනේවි. කරලම බලන්නකෝ...

6) Google PACMAN



මේක නම් සුපිරිම වැඩක්.. Google Page එකේ ඉදගෙන PACMAN game එක play කරන විදියයි දැන් මම කියන්නේ. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google PACMAN කියලා type කරලා I’m feeling
lucky කියන එක click කරන්නකෝ. දැන් ඔයාලට පෙනේවි PACMAN game එක. Game එක play කරන්න
නම් Insert Coin කියන එක click කරන්න. දැන් ඉතින් තියෙන්නේ play කරන එක තමයි.....

7) Google Custom Logo



මේකත් සුපිරිම වැඩක්. වෙනදා Google Page එකේ ලොකුවට තිබුනේ Google කියන නමනේ. එත් අද ඔයාලට ඒ නම වෙනස් කරලා තමන්ට කැමති නමක් දාගන්න පුළුවන්. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google Custom Logo කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න. search box එකේ, තමන්ට ඕන නම type කරලා Create My Search Engine කියන එක click කලාම වැඩේ හරි....

8) Zerg rush



මේකත් ඇවිල්ලා පුංචි game එකක්. ඔයාලට කරන්න තියෙන්නේ, Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Zerg rush කියලා type කරලා Enter කරන එක විතරයි. දැන් ඔයාලට පෙනේවි රතු පාට සහ කහ පාට රවුම් වගයක්. ඒවා උඩ click කලාම ඔයාලට ලකුණු ලැබෙනවා. වම් අත පැත්තේ කොටුවක් ඇතුලේ, ඔයාලගේ ලකුණු පෙන්නනවා. ඕකත් එහෙනම් කරලම බලන්නකෝ...

9) Barrel Roll



Google එකට ගිහින්, ඒකෙ search box එකේ, do a barrel roll කියලා type කරලා Enter කරන්නකෝ.
මේ විදියට කලාම, search result එක, අංශක 360කින් කරකැවෙනවා....තේරුනේ නැත්තම් කරලා බලන්න. එතකොට වැටහේවි..

10) Epic Google



මේකත් කරලම බලන්නකෝ.. ඔයාලගේ Google Page එක ටිකෙන් ටික විශාල වේවි.. කරන්න මෙහෙමයි, Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Epic Google කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න....

11) Weenie Google



Weenie Google කියන්නේ Epic Google එකේ විරුද්ද ක්‍රියාවයි. මේකෙන් ඔයාලගේ Google Page එක ටිකෙන් ටික කුඩා වෙනවා... Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Weenie Google කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න....

12) AnNoyINg gOoGle



මේක ඇවිල්ලා තවත් ආතල් වැඩක්. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, AnNoyINg gOoGle කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්නකෝ. දැන් search box එකේ ඔයාලට කැමති දෙයක් type කරලා බලන්න. මොකද වුනේ? සමහර අකුරු Capital වෙලා..සමහර අකුරු simple වෙලා නේද?

13) Rainbow Google



මේක සුපිරිම වැඩක්. මේක කරාම, Google Page එක දේදුන්නේ පාට වලින් ලස්සනට ඔයාලට පෙනේවි. ඔයාලා search box එකේ type කරන වචන පවා දේදුන්නේ පාට වලට වෙනස් වෙනවා. කරලා බලන්න.. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Google rainbow කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න.......

14) Lmgtfu



මේක තමයි අන්තිම funny වැඩේ. ඇත්තටම මේක ගොඩක් ම වැදගත් වෙන්නේ කම්මැලි අයටයි. මොකද, සමහර අය search කරන්නේ මෝඩ ප්‍රශ්නයකට උත්තරයක් හෝ වෙන වැඩකට නැති දෙයක්. කොටින්ම කියනවා නම්, තමන් දන්නේ නෑ, තමන් search කරන්නේ මොකක්ද කියලා වත්. ඒ වගේ අයට තමයි මේක තියෙන්නේ. තමන් search කරන දේ ගැන තමන්ට වැටහීමක් නැත්තම්, මේකට ගිහින් තමන්ට පිළිතුරක් ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රශ්නය type කරලා Enter කරන එක විතරයි. එතකොට ඊට අදාලව link එකක් පහලින් වැටෙනවා. ඒකට ගියාම තමන්ගේ ප්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලැබේවි.  Lmgtfu කියන්නේ Let me Google that for you කියන එකයි. වැඩේ කරන්නේ මෙහෙමයි.. Google එකට ගිහින්, ඒකෙ search box එකේ, Lmgtfu කියලා type කරලා I’m feeling lucky කියන එක click කරන්න.......

ඔන්න එහෙනම් Google එකෙන් ගන්න පුළුවන් Fun ටික ඉවරයි....
ආයෙත් දවසක තවත් අලුත් දෙයක් අරගෙන මම එන්නම්...ගිහින් එන්නම් !!!

Ref_banner 928x90

2 comments:

  1. machan... apita ape name eka dapu e page eka digatama use karanna barida?

    ReplyDelete
    Replies
    1. eknam mama hariytama dnne naa. oyta ehma krnna ona nm, e page eke link 1 homepage 1 widiyta dagna blnna wada krnawda kiyla....

      Delete

Tweet Now !!